9 th chapter 💖

198 41 23
                                    

කාලෙ ගොඩක් වේගෙන් ගෙවිලා ගියා. මේ කාලෙ ඇතුලත ජින්, නම්ජුන්ට විතරක් පේන භූතයෙක් වුනත් නම්ජුන් මේ භූත කොල්ලට හිතා ගන්න බැරි විදිහට ලං වෙලා හිටියා.

ඒ වගේ ම මේ කාලෙ සෙක්‍යොන් සෑම්ගෙන් බ්‍රිගේනියර් කාස්ල් එක මිලදී ගෙන ලොකු වැඩකට සැරසෙමින් හිටියා. ඒ කාස්ල් එක නූතනයට ගැලපෙන විදිහට වෙනස් කරන්න.

කාස්ල් එකෙන් පිටත ගාඩ්න් එකේ එහෙට මෙහෙට ඇවිදින ගමන් හිටිය සෙක්‍යොන් ජහ්වාට උපදෙස් දෙමින් හිටියෙ ජහ්වා පෑනකින් පොතක් කුරුටු ගාද්දි.

" ජහ්වා........ අර තියන statues අපි අයින් කරමු. ඒවා ගොඩක් පරණයි නෙ...... "

මාලිගාව ඉස්සරහ සෑම් ආදරෙන් අතක්වත් නොතියා බලාගත්ත Statues සෙක්‍යොන්ට පෙනුනෙ අවලස්සන දෙයක් විදිහට.

" අපරාදෙ නෙ....... ලස්සනයි නෙ......"

ඇගිල්ලකින් තම නිකටට තට්ටු කරන ගමන් ලොකු කල්පනාවක ඉන්න සෙක්‍යොන් දිහා ජහ්වා බැලුවේ ඇඹුල් වුන මූණකින්.

"ඇයි ?"

"නෑ නෑ ......... නූනා කියන දෙයක් තමා........"

ජ්හ්වා කරබාගෙන කාසල් එක ඇතුලට ගියේ සෙක්‍යොන්ගෙ වචනෙට පිටින් යන්න තරම් තමන්ට හයියක් නැති නිසා.

---------------

ජින් නම්ජුන් එක්ක බැල්කනි එකට වෙලා පාට පාටින් හැඩ වුණ අහස දිහා බලන් හිටියේ දැහැනකට සම වැදිලා වගේ. අත් වැටට බර වෙලාම ජින්ගෙ පැත්තට හැරුන නම්ජුන් ඒ දෙන්න අතර තිබුන නිහඬතාවයට තිත තිබ්බා.

" ජිනී...... ඔයා ගොඩක්ම ආස මොනාටද ?"

" ලස්සනට සරසපු ශාලාවක ලස්සන music එහෙකට ම්......මගේ සහක්......කාරයා එක්ක නටන්න....."

නම්ජුන් පැත්ඇත්තටම හැරුන ජින් මුල් ටික නම්ජුන් දිහා බලාගෙන කියලා අන්තිම වචන පෙළ බිම බලාගෙන ගැට ගැහුවෙ තමන්ගේම ඇඳුම එක්ක සෙල්ලම් කරන හීනි දිග ඇඟිලි වල ඉරියව් වලින්, දැනුන ලැජ්ජාව නම්ජුන්ට තේරුම් ගන්න ඉඩ දෙමින්.

" ඔයා ආස දේ ඔයාට ඉක්මන්ට ලැබෙයි ජිනී......"

නම්ජුන් ඔයා එයාගෙ dimple හිනාවෙන්ම මොන සරසගෙන ජින්ගෙ අත් එක්ක තමන්ගේ අත් පටල ගත්තේ ලොකු දෙයක් හිතේ තැන්පත් කර ගන්න ගමන්.






__________________

🌸가위🌸

Ghost Prince 💖 ✔️Where stories live. Discover now