4 th chapter 💖

228 43 11
                                    

කාස්ල් එකට ආපු නම්ජුන් කෙලින්ම ගියේ එයාගේ කාමරේට. ඒ යනකොටත් මේඩ්ස්ලා කාමරය පිරිසිදු කරමින් හිටියේ නම්ජූන් ආව බවත් නොදැන. කාමරේ ඇතුලට ගිය නම්ජුන් මේඩ්ස්ලව කාමරෙන් එළියට යැව්වෙ එයාට පුළුවන් විදිහට එළියට යන්න කියලා අතින් සංඥා කරන ගමන්. මොකද ඒ මේඩ්ස්ල විදේශික අය උන නිසා.

නම් බිත්තියෙ එල්ලල තිබුන ගිටාර් එක අතට ගත්තෙ canada ආවත් හරි guitar එක play කරන්න චාන්ස් එකක් එයාට නොලැබුන නිසා. guitar එකත් ගානට tune කරගත්ත නම්ජුන් එයාගේ රෝස කුමාරයව හිතේ ඇඳගන්න ගමන් තමන්ට විතරක් ඇහෙන්න හිමින් සින්දුවක් මිමිනුවා.

" සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී............

හද ගැහෙන හැම වේලේ ඔබවමයි මා පැතුවේ
හිම කන්දකින් සඟවා ගන්න බෑ උණුසුමවේ
ඇස් පියන් මත දැවටී යන්න එපා ඔබ වෙන් වී
ඔබ සුවඳ මා දිවියේ හුස්ම සේ ඇත ළං වී

සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී

අම්බරේ රං ඉර සේ මගෙ ලොවේ පෑයූ වේ
මල් සුවද පරදවනා සුවඳ ඔබමයි මාගේ
තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ
ඔබයි මගේ සඳ කිඳුරී දිවිය ඇති තෙක් මාගේ

නෙතුවිලේ පායාල ඉන්න රන් තරුව සේ
සිත් හැගුම් පුබුදාලා ළං වෙමුද මේ යාමේ
දේදුන්න වෙත පියඹාලා පාට තවරා සිහිනේ
ඔබ මගේ මා ඔබගේ ලියමු අපි අම්බරයේ.............."

සෝන්ග් එක ඉවර වෙද්දිම ලාවට වගේ දැණුන සීතල නිසා නම්ජුන් ඇස් ඇරියා. මේ වෙලාවේ ඇස් දෙකත් පියාගෙන නම්ජුන්ගෙ සින්දුවට සම වැදිලා වගේ හිටියේ එයාගේ රෝස කොල්ලා.

" ඒක ඉවර ද ?"

ගිටාර් ශබ්ද නැවතුන නිසාම ද කොහෙද රෝස කොල්ලා ඇස් ඇරියා. ඒ වෙද්දිත් නම්ජුන් හිටියේ එයාට සමවැදිලා.

" හ්ම්ම්ම්.......ඉවරයි "

නම්ජුන් ගිටාර් එකත් අතට අරන් නැගිට්ටා. රෝස කොල්ලා බය වෙලා වගේ නම්ජුන් දිහා බලන් හිටියේ නම්ජුන්ගෙ මූණෙ ලාවට හිනාවක් යද්දි. නම්ජුන් අඩියෙන් අඩිය එයාගේ රෝස කොල්ලගෙ ඉස්සරහට යද්දි එයා අඩියෙන් අඩිය පිටිපස්සට ගදවස කොල්ලා නැවතුනේ නම්ජුනුත් බිත්තියට හේත්තු කරලා තිබුන මේසයත් අතර හිරවෙලා.

Ghost Prince 💖 ✔️Where stories live. Discover now