🍂 40 Chapter 🍂

470 78 25
                                    


I have a lot of worries now
All day, I only think about you
I’m missing you
Waiting for you
My heart is headed toward you

.........................................................................

🐰 අපේ බබා මේ ලෝකෙට ඇවිදින් දවසක් වෙනවා වගේම මගේ චිමීට සිහිය නැතුව දැන් දවසක් වෙනවා.  මන් එක තප්පරයක් ඒ දෙන්නගෙන් ඈතට ඇස් ගත්තෙ නෑ. වෙන දෙමාපියෝ තමන්ගේ දරුවෙක්  ඉපදුනු ගමන් කොච්චර නම් සතුටු වෙනවද? ඒත් මන්? මට සතුට කියන්නෙම අහිමි දෙයක් වගේ. මට ඕනි මේ දුක සතුට මගේ චිමී එක්ක බෙද ගන්න. ඒත් එයාත් මාව ඇතරලා වගේ..

ඩොක්ටර්ස්ල ඒ දෙන්නටම බෙහෙත් කරනවා. චිමී නම් දැන් ගොඩක් හොද තත්වේ හිටියා උනත් හොබී කීවේ චිමී කෝමා එකක කියලා.එයාට සිහියක් එන දවසක් කියන්න බෑ කීවා. සමහරවිට දවසක් හෝ සමහර විට අවුරුද්දක් දෙකක් වෙන්නත් පුලුවන් කීවා.

එතකොට අපේ පැටියා. අනේහ් මගේ පන..🥺

එයාටත් බෙහෙත් කරනවා. අර වීදුරු පෙට්ටියෙන් එයාව එළියට ගන්නෙම නෑ. එයාට බෙහෙත් කරන්න ඕනි උනත් ඒ චූටි ඇගට අර සැර ඉන්ජෙක්ෂන් කටු ගොඩක් විදින්න්න ගත්තා.ඒ ඇගේ බෙහෙත් විදින්න තැනක්වත් නෑ  බැරිම තැන ඩොක්ටර්ස්ල අපේ බබාගෙ චූටි විලිම්බුවක් ගාවින් බෙහෙත් විද්දා. එතන නිල් වෙලා.. අනෙ. එයාට රිදෙනවා ඇති. එයත් එයාගෙ පපා වගේම තිබ්බ අත තිබ්බ විදිහටම ඉන්නවා. බඩගිනි උනාම අඩනකොට ඒ කටෙන් හරිම සිහින් කෙදිරියක් පිටවෙන්නෙ.. එයා දිහාම බලන් හිටියේ නැත්තන් බඩගිනිද කියලා හොයන්නත් බෑ. අපේ බබාට දෙන්න මව් කිරි නෑනෙ. ඉපදුනු දවසෙ ඉදන්ම  දෙන්න වෙන්නෙ පිටි කිරි.. ඒ හින්දා මන් තියන හොදම වර්ගෙ කිරි වලින් ගෙන්නුවා එයාට දෙන්න.

ජුන් හියුන් නම් අනායාට කිරි දුන්නා. අම්මා කෙනෙක්ගේ වගේ නැති උනත් ජින් හියුන්ටත් අනායා වෙනුවෙන් කිරි එරුනා. ඒත් අපේ චිමී. එයා දුර්වලයි ගොඩක්. අනික සිහියත් නෑනේ.

මට ඕනි අපේ දරුවාව දෝතට ගන්න.. එයාව හුරතල් කර කර නලවන්න. ඒ චූටි මූනට චූටි චූටි හාදු දෙන්න. මගෙ පපුවට තුරුළු කරන් නිදිකර වන්න. ඒත්... ඒ හැම දේම මට අහිමි වෙලා. මට අපේ බබායි චිමී ගැනයි ඇරුනම කිසිම දෙයක සිහියක් තිබුනේ නෑ වගේම වෙන දේවල් මට මතක් උනෙත් නෑ.

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now