🍂 14 Chapter 🍂

277 72 18
                                    


Need a love that will keep me safe
  Pull me from hell, bring me back again
  Play me the classics, something romantic
  Give him my all when I don't even have it
  I just wanna live in this moment forever........

..................................................................

මන් චිමීත් එක්ක ඉර බහිනවා බලන්න  චිමීව මගෙ කකුල් දෙක මැද්දට අරන් අපි බැම්මෙන් වාඩි උනා.. චිමී එහෙම්මම මට හේත්තු වෙලා ඉස්සරහ බලන් ඉන්නවා. මම අත් දෙකෙන්ම එයාව බදාගෙන මාත් ඉස්සරහ බලන් හිටියා..

රතු පාට, තැඹිලි පාට, කහ පාට,දම් පාට, අලුපාට වගේම නිල්පාටත් එක්ක එකතු උන අහස ඇහැට ලස්සනම ලස්සන චිත්‍රයක් මවන කොට ලාවට රත් උන මුහුදු හුලග ඇගේ වැදි වැදී අමුතුම සනීපයක් ඇගට ගෙනාවා. හිතට හරිම සනීපයක් දැනෙන්න ගත්තා. චිමී නම් වශී වෙලා වගෙ ඇස්පිය නොහෙලා බලන් ඉන්නවා.

අපි ගොඩාක් වෙලා කතා නොකරම ඒ දිහා බලන් හිටියා. ඉර බැහැගෙන ගිහින් පාර දිගට බල්ම් පත්තු වෙනකොට මැල්කොන් වෙලර සුරපුරයක් වගේ දිලිසෙන්න ගත්තා.. බැම්ම ලග හිටපු ගොඩක් අය ගිහින් මේ වෙනකොට. දැන් 7ත් පහු වෙලා තිබ්බා. අපි දෙන්නා අතර නිහඩතාවය බිදිමින් ඉස්සෙල්ලාම කතා කරේ චිමී..

🐣 කුකී

🐰ම්ම්ම්ම්ම්

🐣 මන් දෙයක් අහන්නද?

🐰 හ්ම්...

🐣 මට හම්බුන ඩයරිය? මට ඒක ඔයාගෙන් එදාම අහන්න ඕනි උනා. ඔයා මට දුන්න ඩයරිය වගේම එකක් මට ගිය අවුරුද්දේ මගෙ උපන්දිනේ දවසෙ හම්බුනා. ඒත් මන් දැනන් හිටියෙ නෑ ඒක කවුද දුන්නෙ කියල. ඒ ඔයා නේද?

🐰 හ්ම්...

🐣 ඒත් කොහොමද ? ඇයි? ඔයා මාව කලින් ඉදන් දන්නවද?

🐰 ඔයා හිතනවද චිමී ඔයාව දන්නෙ නැති කෙනෙක් එක පාරටම ඔයාට ප්‍රපෝසල් එකක් ගෙනත් ඉක්මනට බදින්න අහයි කියල?

🐣..............

🐰 එහෙනම් අහන්නකො.. මන් කතාවක් කියන්නද?

🐣 හ්ම්ම්...

🐰 ඔන්න එහෙනම් අහගන්නකො..

         
Flash back ,

          මන් හයි ස්කූල් යන කාලෙ අන්තිම අවුරුද්දේ තමා මේක උනේ. මන් කීප දවසක් අසයින්මන්ට් වගේකට විස්තර හොයන්න ස්කූල් එකේ පුස්තකාලෙට ගියා.. එක දවසක් මන් ලයිබ්‍රි එකේ ඉදන් ගොඩක් වෙලා පරක්කු හින්දා ටිකක් දුවගෙන ක්ලාස් එකට යන්න ගියා. ඒත් ටික දුරක් දුවන් එනකොට එක පාරටම කොහෙදෝ ඉදන් ආපු පිරිමි ළමයෙක් මගේ ඇගේ වැදුනා. එයා ගොඩක් පොඩී. බටු ඇටයක් වගෙ..
ඒත් එයාගෙත් පොත් ඔක්කොම වැටුන හින්දා මන් එයාට පොත් ඇහිද ගන්න උදව් කරා. මන් නැගිටලා යන්න යනකොට තමා ඒ ළමයගෙ මූන දැක්කෙ. එයා ඒන්ජල් කෙනෙක් වගේ ගොඩාක් ලස්සනයි . මන් එක පාරටම ගල් වෙලා වගේ බලන් හිටියා. එයා මට කතා කරාම තමා මන් හරි සිහියට ආවෙ.

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now