🍂 33 Chapter 🍂

563 82 38
                                    


Please, if I could, take the pain you are inflicting on me, not twice, but I will take the pain into mine ... otherwise I will be in pain with you.

.........................................................................

🐰 හරියටම සතියකට පස්සෙ චිමීව අපේ ගෙදරට එක්කන් ආවා. ගෙදරට එනකොට එයා ටිකක් නොසන්සුන් උනත් හැමෝම ඇවිදින් එයාව පිළිගත්තම ටිකක් සන්සුන් උනා.

මේ මොන දේ උනත් ටේ.......😔 එයා තාමත් කලින් විදිහමයි.
එදා වීඩියො එක බලලා ෂොක් උනාට පස්සෙ තාමත් කාමරෙන් එළියට ආවේ නැ. මට එයාව බලා ගන්න ඕනි උනත් මේ වෙලාවෙ මන් චිමී එක්ක ඉන්න ඕනි. එයා අපෙ බබා එක්ක ලොකු අවදානමක ඉන්නෙ. හොද වෙලාවට මගේම සහෝදරයො වගේ ඉන්න සුගා, හොබී, ජින් හියුන්, ජුන් හියුන් එයාව බලා ගන්නවා. එයාලා මන් ගාව නැති උනා නම් මන් මොනා කරන්නද දන්නෙ නෑ.😔
මේ ටිකේම එයාලත් අපේ ගෙදරම ඉන්නෙ.

මන් චිමීව එක්කන් අපේ කාමරේට ගියා. මේ වෙනකන්ම මන් එයාව වඩාගෙන එක්කන් ආවෙ. එයාට ඇවිදින්න අමාරුයි.

🐣 කුකී මාව එක්කන් ආයෙම ගෙදරට ආවා. ජියෝන් මැන්ෂන් එකට.. මට එහෙ ඉන්න බෑ. හුස්ම හිර වෙනවා වගෙ. ඒත් මන් මොනා කරන්නද? මට යන්න දිහාවක්වත් කුකීට මෙහෙ අතෑරලාවත් යන්න බෑ. ඒත් අනිත් හියුන්ලා ඇවිදින් මට එයාලගෙම සහෝදරයෙක්ට වගේ ආදරෙන් කතා කරද්දි මන් මගේ හිත ටිකක් හදා ගත්තා. ඒත් ටේ ටේ හියුන්..එයා මාත් එක්ක තාම තරහද? 😔

කුකී මාව වඩාගෙනම අපේ රූම් එකට ආවා. මන් මේකට එන්නෙ කොච්චර කාලෙකට පස්සෙද? අපි දෙන්නගෙ මතක බොහොම පොඩ්ඩයි මේ කාමරේ තිබුනත්  මේ ගෙදරින් මන් ආසම තැන තමා මේ.

🐰 අපි දවල් වෙන්න ආව නිසා මන් චිමීට සුප් එකක් හදන් ඇවිත් පෙව්වා. හොබී කීවා ටික කාලයක් යනකන් සුප් වර්ග දෙන්න කියලා. බත්වත් ඇට නොහිටින්න හොදටම බ්ලෙන්ඩ් කරලා වගේ හරියට චූටි ලමයෙක්ට කන්න හදන කෑම එක වගේ චිමීට සුප් එක හැදුවෙ.  බඩගිනි එන්න බෙහෙත් දුන්න නිසා අමාරුවෙන් උනත් චිමී දෙන ඔක්කොම කෑම බීම කෑවා.

හවස් වීගෙන එනනකොට වැස්සක් ලන් උන නිසා මන් චීමීට සීතල දැනෙන්නෙ නැති වෙන්න උණුසුම් ඇදුම් අන්දලා ඩුවට් එකත් පොරවලා එයා නිදියනකන් ඉදලා නැගිටලා ආවෙ මටත් ටිකක් මහන්සි නිසා.

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now