🍂 34 Chapter 🍂

556 80 39
                                    

Love ... we recreate our love.  No matter how fast time passes, no matter how much the world changes, we love it.  I promise.  I am close to you.......

.........................................................................

🐰 පහුවදා උදේ මට ඇහැරුනේ පරක්කු වෙලා.. චිමී නිදි.. එළියෙ හොදටම වහිනවා.. මන් නැගිටලා ජනේලේ ගාවට ගිහින් කර්ටන් අයින් කරලා එළිය බැලුවා.. වැහි බින්දු අහසින් පොලවට ගලන් වැටෙන දිහා එක දිගට බලන් ඉන්නකොට මට මතක් උනේ චිමීව.  මගෙ චිමීගෙ ඇස් වලින් වැටුනු කදුළුත් මේ වැස්ස වගේ.. එක දිගට ගලන් වැටෙනවා. මේ හැමදේටම මුල මම. මන් කොහොම හරි මගේ මැණිකයි, අපෙ පැටියවයි බේර ගන්නවා.. මන් ඒ දෙන්නට මගෙන් ඈත් වෙන්න දෙන්නෙ නෑ. මන් දන්නවා මට බැරිවෙයි එයාව කලින් හිටියාවගේ තත්වෙට ගේන්න.. ඉතින් මන් උත්සාහ කරනවා එයාට කලින් හිටියට වඩා වටිනාකමක් ලබා දෙන්න.....හොද හුස්මක් අර ගත්ත මන් චිමීව ඩුවට් එකෙන් හොදට වහලා මූනත් සෝදන් ඉක්මනට පල්ලෙහාට ගියේ චිමීට කන්න කෑම හදන්න..එයා තව ටිකකින් නැගිටී ඊට කලින් හදන් එන්න ඕනි. ඒක මන් අතින්ම කරනවා අද ඉදන් මම..එයාගෙ හැමදේම.

🐣 ම්ම්..ම්ම්.. මන් වටේටම නිකන් අමුතු සද්දයක් ඇහෙනවා.. ආහ් වහිනවා වගේ.. වෙන කිසිම සද්දයක් නෑ.. ඇස් දෙක අමාරුවෙන් ඇර ගත්ත මම බෙල්ල හරවලා ජනේලේ දිහා බැලුවා. වැස්ස එක දිගට කඩන් හැලෙනවා..

කුකී නෑ පේන්න..ඊයෙ මාව කන්නාඩියෙන් දැක්ක මාවම මට මතක් වුනා. මට හිනා.. මන් ගැනම . අනන්‍යතාවයක් නැති මනුස්සයෙක් ? හිනා යන්නෙ නැද්ද?

කාමරේ අඩ අදුරේ ගිලිළිලා ගිහින් තිබුනා. ජනේලෙන් එන ලා එළිය කාමරේට අමුතු ගතියක් එකතු කරලා තිබුනා. ඒ මූසලකමක්ද? පාලුවක්ද? දන්නෙ නෑ. මට ඒක දැනුනෙ නෑ.. මට එතනට යන්න ඕනි. මගේ අතපය මට වාරු නෑ. ඇදෙන් කෙලින් වෙලා හිට ගන්න බැලුවත් මට කකුල් දැනුනෙවත් නෑ. එහෙමම ඇදේ බිම වාඩි උන මම වනු ග ගා ටික වෙලාවකින් ජනේලෙ ගාවට ගියා. ජනේල් බැම්ම උඩින් අත් දෙක තියා ගත්තත් මට වැඩි වෙලා එහෙම ඉන්න බැරි උනා. මගෙ ඇග රිදෙනවා. කොන්ද මැදට නිකන් පිහියකින් අනිනවා වගෙ. මන් එතනම වකුටු උනා..

මට වැස්සෙ තෙමෙන්න ඕනි. මාව හේදිලා යන්නම.. මට වැස්සෙන් පොලොව තෙමෙනකොට එන සුවද විදින්න ඕනි,  වැහි බිදු කොලවලට වැටෙනකොට එ කොලේ හෙලවෙන විදිහ, වැහි බිංදු කොලේ දිගේ ගලාන යන විදිහ මට මගේ ඇස් වලින් බලන්න ඕනි. තව චූටි චුටි වැහි බිංදු මූනට වැටෙනකොට දැනෙන සතුට, ඒ හැගීම විදින්න ඕනි....

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now