🍂 08 Chapter 🍂

314 87 36
                                    

Next day morning ...

උදෙන්ම හියුන්ලගෙ වාහන වගයක් ආවා මාව එක්කන් යන්න.. උදේ 10ට චාරිත්‍ර පටන් ගන්නවා. ඇදුම් වැඩ නිසා කලින්ම ගියා.. මගේ බොරු අම්ම තාත්තා.. මිස්ටර් පාර්ක් ජීවුන් එයාගෙ වයිෆ් පාර්ක් සේරි. එයාලගෙ රංගනය පටන් ගත්තා. සංවේදි දෙමාපියන් වගේ රගපානව. මාත් ඒකට හවුල් උනා. මට හියුන් ගාවට යනකන්වත් ප්‍රශ්නයක් නොවී ඉන්න ඕනි නිසා. හියුන්ගෙ බොඩිගාර්ඩ්ලා මන් ගාව ඒ නිසා එයාල වැඩිය ලගට ආවෙ නෑ. එයල බිස්නස්මන් ලත් එක්ක කතාවට ගියා. මන් ඊයෙ හියුන් එක්ක ගත්ත ෆුල් සූට් එක ඇන්දම මේකප් ආටිස්ට් කෙනෙක් මාව මේකප් කරල ජුවලරීස් වගේකුත් දැම්ම. මන් බලන් හිටියෙ මන් කලින් මෙහෙම ලෑස්ති වෙලා නැති නිසා.

අද ඉදන් මන් අලුත් ජීවිතයක් පටන් ගන්නව. මගෙ පරන ජීවිතේ මන් අතාරිනවා. තව දුරටත් මන් පාර්ක් ජිමින් නෙමේ ජියොන් ජිමින්. මට දුක නෑ මගෙ නම නැති වෙන එකට. මොකද මේ වෙනකන් මගෙ නම මට විනාසයක් උනා විතරයි. තව දුරටත් ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. අද ඉදන් හියුන් හියුන්ගෙ පවුල මගෙත් පවුල. හියුන් අපායට ගියත් මාත් හියුන් එක්ක යනවා. අවුරුදු ගානක මගේ පලවෙනි ඒක පාර්ශවික ආදරේ මගෙ වෙනවා.

මන් තව දුරටත් අර ගෙදර හිරකාරයෙක් නෙමේ. මන් කුකීගෙ චිමී. අද ඉදන් මන් නිදහස්. මට බයයි..එත් මන් දැන් සතුටු වෙනවා..

ඔම්මා අප්පා..ඔය දෙන්න හිටිය නම් මේ වෙලාවෙ මන් ලග 🥺.. මන් හිතනවා හියුන් මට ඔයාලා වගේම ආදරේ කරයි කියල. මට ඒක දැනෙනවා.. මට මේ දේවල් වලට හුරු වෙන්න කාලයක් යයි ඒත් මන් හෙමින් පුරුදු වෙන්නම් ඔම්මා.. ටික කාලයක් ගියාම මන් හියුන්ට ඔයාල ගැන , මන් ගැන මන් කියන්නම් ඔම්ම අප්පා..

Mr. පාර්ක් ජීවුන් මට රවල මගෙ අත එයාගෙ අත උඩින් දාන් අල්තාරය ගාවට එක්කන් ගියා. කට්ටිය ගොඩක් හිටියා. හැමෝම මන් දිහා බල්න් හිටියෙ. මන් බැලුවෙ හියුන් දිහා.

ඒ වගේම එයත් මන් දිහා බලන් හිටියෙ. ඒ ඇස් දිලිසෙනවා..මන් හියුන්ව මෙහෙම දැක්කමයි.. එයා ගොඩක් හැන්ඩ්සම් .. ඒ වගේම හොට්.. වාහ්. එයගෙ ඇදුමත් කළු සුදු.. අපි දෙන්නම එකම පාටවල්..❤️😊 . පර්ෆෙක්ට්. 😍❤........

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now