☘️ Chapter 9️⃣ - ප්‍රහාරයට සූදානම් ☘️

143 35 9
                                    


යාලුවෝ හතර දෙනා සූදානම් උනා ඔවුන්ගේ හීන හැබෑ කරගන්න යන ගමනේ පලමු අවස්ථාවට.

පලමුවෙනියටම අමුත්තාගේ අභියෝග බාරගත්තේ Kai ඔයාලා දැනටමත් දන්නවා එයාගේ සලකුනේ අයිතිකාරයා උනේ Eun Hyuk.

ඉතිං Kai දිගින් දිගටම Eun Hyuk ගැන හෙව්වා. Kai ට හොයාගන්න පුලුවන් උනා Eun Hyuk තනියම ඉන්නේ swimming වලට යනකොට විතරයි කියලා.

"ඔව් එයා swimming කරන්න යන්නේ Winos ලා නැතුව.එයා තනියමයි swim කරන්නේ. එයා pool එකේ ඉන්නකොට කාටවත්ම එන්න බැරි වෙන්න ඇතුලෙන් දොර ලොක් කරගන්නවා." මෙහෙම කිව්වෙ swimming කරන තවත් ළමයෙක්.

Kai තවත් හෙව්වා. එයා ඊට පස්සේ ගියේ හැමපාරම swimming champion කෙනෙක් උන Zi - yan ළඟට.

Zi - yan ගොඩක් දේවල් දැනගෙන හිටියා. එයා පොඩ්ඩක්වත් Eun Hyuk ට කැමති නෑ. ඉතිං එයා දන්න හැමදේම Kai ට කිව්වා.

"මිනිහා swim කරන්න එන්නේ හවස පහට.. ආයේ යන්නේ හතට විතර. එයා එතකං තනියම තමා ඉන්නෙ. වෙන එකෙක්ට පීනන්න දෙන්නෙත් නෑ"

" මම පීනලා ඉවර වෙන්නේ හවස 4.30 ට පස්සේ ඒ ඉතුරැ විනාඩි 30 කවුරුත්ම pool එක පාවිච්චි කරන්නෑ. පස්සේ තමා Eun Hyuk පහට එන්නේ, ඊට පස්සේ ඉතිං ආයේ හත වෙනකම් කවුරුත් නෑ "

"උඹ swimming වලට එන්න නම් හදන්නේ. මාත් එක්ක මගේ වෙලාවට එන්න. කෝච් නැති උනාම මම තමා practice කරවන්නේ "

Kai - "ආ නෑ අයියේ. මම මේ නිකං ඇහුවේ. මට swimming වලට එන්න ආස වුනොත් මම අයියට කියන්නම්.

Kai මෙහෙම Zi - yan ට සමුදුන්නා. Kai හිතාගත්තා තමන්ට Eun Hyuk ට පහර දෙන්න තියන එකම අවස්ථාව වෙන්නේ එයා pool එකේ තනියම ඉන්න වෙලාවට කියලා.

Kai සැලසුමක් හැදුවා. සැලසුම උනේ මේක,

"Zi - yan pool එක පාවිච්චි කරලා ඉවර වෙන්නේ 4.30 ට. පස්සේ එයා ගියාම කවුරුත් නැත්තං ආයේ පහ වෙනකම් තියන ඒ පැය බාගේ කවුරුත් නැහැ.

Pool එක හිස්. එහෙනම් අන්න ඒ පැය බාගේ ඇතුලත කාටවත්ම නොපෙනෙන්න පිටිපස්ස දොරෙන් ගිහින් pool එක ලග කාමරේ හැංගිලා ඉන්නවා මම Hyuk එනකම්.

පස්සේ Hyuk ආවම එයා ඇතුලෙන් ලොක් කරගන්නවා නේ. පස්සේ මට පුලුවන් එයාව මැරැවට පස්සේ ආයෙත් ලොක් කරපු ඉස්සරහා දොර ඇරගෙන එලියට එන්න"

💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed] Kde žijí příběhy. Začni objevovat