නොනිමි (Yizhan)

By Chimi_Shi_

5.8K 533 81

සමහර බැදිම් ලස්සනයි නමක් නොදෙනතාක් !.. 2024.1.22 More

නොනිමි - හැදින්විම 📚
01 වන දිගහැරුම 📚
02 වන දිගහැරුම 📚
03 වන දිගහැරුම 📚
04 වන දිගහැරුම 📚
05 වන දිගහැරුම 📚
06 වන දිගහැරුම 📚
07 වන දිගහැරුම 📚
08 වන දිගහැරුම 📚
09 වන දිගහැරුම 📚
10 වන දිගහැරුම 📚
11 වන දිගහැරුම 📚
12 වන දිගහැරුම 📚
13 වන දිගහැරුම 📚
14 වන දිගහැරුම 📚
15 වන දිගහැරුම 📚
16 වන දිගහැරුම 📚
17 වන දිගහැරුම 📚
18 වන දිගහැරුම 📚
20 වන දිගහැරුම 📚
21 වන දිගහැරුම 📚
22 වන දිගහැරුම 📚
23 වන දිගහැරුම 📚

19 වන දිගහැරුම 📚

130 16 7
By Chimi_Shi_

" සාදු....සාදු....සාදු..."

උදැසන අට පසු වි විනාඩි තිස් දෙකයි..පාන්දර හතරට අපිත් අවදිවෙලා නලා පිරිසිදු වෙලා ඉයෙ ඉදන් නින්දක් නැතුව වැඩ කරන අයට පොඩි සප් එකක් දුන්නා..හාමුදුරුවෝ වඩින්න ලගයි කියලා ශාවිගෙ අම්මා අයෙ අපිව නාන්න යැව්වා අයෙ නලා හතර දෙනාම එක වගෙ නිල් ඩෙනිමට අත් වැලමිට ලගට නවපු අත් දිග ශර්ට් ඇදලා හිටියෙ..බණ අහලා හමුදුරුවො දානෙත් වලදලා අයෙ පන්සලට වැඩියෙ ඔය පුතලා හතර දෙනා නම් හරිම පින් පාටයි කියලා..අපේ හාමුදුරුවනේ පුතලා තුනයි ඉන්නෙ කියන්න කසුනා කට අරිද්දිම ශාවි ඉක්මන් වෙලා හාමුදුරුවනෙ අපි හවසට ඒ පැත්තට එන්නම් කො කිව්වා..මෙච්චර වෙලා බණ අහලාත් මෙකි මිනිස්සු රවට්ටනවා නෙ උබව නම් යමරජ්ජුරුවො වත් ගන්නෙ නැ..

" පුතලාත් කන්න බඩගිනි ඇති නේ.."

" අනේ සදමිනි.."

බඩට යමක් දාගන්න යන්න හදද්දිම දිග සුදු සායට අත් දිග සුදු බ්ලවුස් එක ඇදලා ස්ට්‍රේට් කරපු කොන්ඩේ කඩලා දලා රතු පාට ලිප්ස්ටික් එකක් ගාපු ඇන්ටි කෙනෙක් කැගහාගෙන ඇවිත් ශාවි ගෙ අම්මාව බදා ගත්තා..අපි හතර දෙනා ශාවි දිහා බැලුවාම ඒකි මුනෙන් අපො මල වාතේ වගේ රියැක්ශන් එකක් දැම්මෙ..

" සොරි කෙල්ල මං එන්න ටිකක් ලේට් උනා..."

සැලොන් එකට ගිය නිසා වෙන්න ඇති මයෙ හිතේ..

" අහ් එකට කමක් නැ.."

එත් එක්කම කොට ගවුමක් ඇදපු කොන්ඩෙ කඩලා ලොකු බෝ කට්ටක් ගහපු කෙල්ලෙක් අපි ලගට ඇවිත් හිට ගත්තා..ශාවිව දැකලා කොන්ඩ කැල්ලකුත් කන පිටි පස්සෙ රදවගෙන මනමාල හිනාවක් දැම්මා.. ඔයට වැරදිලා නංගියා ලොකුවටම වැරදිලා..

" මේ පුතා කවුද දුව බදින්න ඉන්න බොයිද..පුතා නුවර ලමයෙක් ද..මට සදමිනි කියලා තියෙනවා දුව නුවර කැම්පස් එකට යන්නෙ කියලා එහෙදිද ඔයලා හම්බවුනේ..ලැජ්ජ වෙන්න එපා පුතේ කො අපෙ කෙල්ල.."

" හැහ්.."

කෙලියා තාප්පෙට මොකක්ද යකො ඒ වුනේ..පවුඩර් ඇන්ටි ශාවි ව පෙන්නලා ශාවි බදින්න ඉන්න කොල්ලද ඇහුවාම ශාවි විතරක් නෙවෙයි අපිත් කම්පියුස් උනා ශාවි අම්මා නම් හිනාව නවත්ත ගන්න තොල හපාගෙන ඉන්නවා..හැබැයි ලොකු බෝ කට්ටක් ගහපු නංගි ගෙ මුහුන නම් අටපට්ටම වගෙ උනා..

" අයියො මෙහෙම දෙයක් නෙවෙයි නේත්‍රා මේ අපෙ දුව මහාත්තයා නැති උනට පස්සෙ මෙහෙම අදින්නෙ..ඔයා ඉතින් මෙයාව දැක්කෙ අවුරුදු පහකට විතර පස්සෙනේ.."

" අදුර ගන්නත් බැරි උනා නේ දුවට මාව මතකද අර.."

" ඔව් ඇන්ටි නේ ඉස්සරහ මගෙ චොකලට් ඔක්කොම කලා යන්නෙ මට මතකයි ඉස්සර ඔයා ගොඩක් මහතයි නේ දැන් කෙට්ටු වෙලා.."

" දුව කට.."

" අහ්..මේ..මේ ලමයි කවුද.."

" අහ් මේ දුවගෙ කැම්පස් එකේ යලුවෝ..පුතලා මෙ ඉන්නෙ මගෙ ඉස්කොලෙ යලුවෙක් රට ඉදලා ඇවිත් ඉන්නෙ..."

දැක්ක ගමන් මට නම් හිතුනා..අපි දත් සෙට් එකම පෙන්නලා හිනා වුනා..

" යන් යන් කමු.."

ඇන්ටි මොනා හරි අහන්න කට අරින්න යද්දි ශාවි අපිවත් ඇදන් කන්න අවා..බෝ කෙල්ලගෙ බැල්ම අලන්නෙ නැ මට අපි බලමු කො නංගි මොකාට එන්නෙ කියලා..

" අඩො දැක්කද අර නංගි බාබා ශාවි දිහාම බලාන් හිටියෙ පව් බන් උබ කෙල්ලෙක් කියල දැන ගත්තාම මුහුන අටපට්ටම උනා.."

" ඔහොම හිනා වෙන්න එපා යකො.."

" මං කිව්වා කියලා මතක තියා ගනින් ශාවියො උබට කෙල්ලෙක් තමා බදින්න වෙන්නෙ ලියලා තියා ගනින් හොදෙ.."

" කපලා මහාවැලියට දානවා කිව්වාත් කොල්ලෙක් විතරයි යකො බදින්නෙ කොල්ලො නැති උනොත් උබව හරි බදිනවා.."

" දෑවැදි එපා උබව කැන්දන් යන්නම් රන් මැනිකා.."

මගෙ උගුසු මොලේට දැනෙනවා මුන් දෙන්නා මොකක් හරි ඉලව්වක් නටන්න යන්නෙ කියලා..විහිලු කරලා ඇත්තටම මුන් දෙන්නා බදිද දන්නෙ නැ එකත් හොදයි නොදන්න යකාට වඩා දන්න යකා හොදයි කියනවා නෙ..

කසුනාගෙයි ශාවිගේ මැදින් මට පෙනවා බැල්කනි එක පැත්තට රොසපාට ගවුමක් ඇවිදන් එනවා..හුටා මෙකි මොකද මෙතන කරන්නෙ අනික කොල්ලො හත-තුනක් ඉද්දි..

" ශාවි..ම්ම්..'

මම ශාවිට ඇහෙන් පෙන්නුවාම එකි ඒ පැත්තට හැරුනා..

" නංගි මොනාහරි ඔනේද..පහල අම්ම ඉන්නවා ඉල්ල ගන්න.."

" නැ ..මෙ..ඒ.."

" ගොත ගහන්නෙ නැතුව කියන්න.."

" ආ.."

" ගන්න..ඔයාට.."

චොකලට් එකක් නෙද එකත් අශේන්ට දික් කරේ මොකටද..මට හිතුනා මෙකි කන්න වගෙ අශේන් දිහා බලන් ඉද්දි ගොනා හැරෙන්නෙ පොල් පැලෙට බව..

" මට මොකටද..ඒ.."

අශේන් කතා කරද්දි..චොකට් එක අශේන් ගෙ ඇගෙ ගහලා එකි පහලට දුවන් ගියා..යකො කැම්පස් එකෙ උන් මදිවට දැන් මෙහෙත් එකෙක් එනවා චොකලට් දෙන්න මුන් ඔක්කොටම ඉන්නෙ මගෙ එකා විතරද..මාව ගිනි ගන්නවා වගේ මෙහෙම ගියොත් මගෙ කොල්ලව ඔක්කොම එක්ක බෙදා-හොව් හොව් මොකක්ද මං ඒ කිව්වෙ මගෙ කොල්ලා උබට පිස්සුද යශ් ඌ උබෙ යලුවා විතරයි කොල්ලා නෙවෙයි..මම මගෙ ඔලුව ගහා ගෙන හරි කල්පනවට අවා..

" උබ කන්නෙ නැත්තම් දියන්.."

" ඒමොකටද.."

"ඔයා කොහොමත් චොකලට් වැඩිය කන්නෙ නැනෙ ඉතින් දෙන්න ඔක ඇයි බැරිද..අහ්හ්... ලස්සන කෙල්ලෙක් නෙ ඇවිත් දුන්නෙ එක නිසද එහෙනම් ඔක කලා කොලත් කාපන්.."

ලස්සන කෙල්ලෙක් දුන්න නිසා වෙන්න ඇති දෙන්න බැරි චොකලට් ඔනෙ නම් මං අරන් දෙනවා නෙ මොකටද එක එකාගෙ එවා පිස්සු..මූ ලස්සන නිසානෙ මෙ ඔක්කොම ගුලි කරලා සක්කුවෙ දාගන්නවා එ කෙක්ට දෙන්නෙ නැ.. අශේන්ටත් බැනලා මං පහලට එද්දි ශාවි ගෙ අම්මාව මුනුට හම්බුනා..අනෙ සිරා නැන්දා වගෙ..

" කාටද දරුවො බනින්නෙ.."

ඇන්ටි හිනා වෙලා අහද්දි මම හිතපු ඔක්කොම කටින් කිය වෙලා මට තෙරුනේ ඒ වෙලේ..ඔය කොරගත්තෙ උබ..

" අහ්..නැ ඇන්ටි අපි මේ නාන්න යන්න කියලා..හවස් වෙනකල් ඉන්න බැනේ.."

" එක හොදයි කලුවර වැටෙද්දි වතුර වැඩි වෙනවා .. ගිහින් හවස් වෙන්න කලින් එන්න කො මං වත්තෙ කෙනෙක් අතෙ කෑම ටිකක් එවන්නම්.."

" හරි ඇන්ටි.."

පඩිපෙන් දඩිබිඩි ගලා මං අයෙ උඩට ගියා..මං කාමරෙට යද්දි මගෙ ඇදේ මහාඋරග දැවැන්තයා දපලා..මොකටද දන්නෙ නැ මෙක අස්සෙ රින්ගුවේ..යන්න එපැයි අර නංගි ගාවටම..

" මොකද මෙහෙ..මෙක ඔයගෙ කාමරෙ නෙවෙයි.."

"ඔයගෙ එවා මගෙ වගෙ තමයි.."

" යනවා කො..ගිහින් නංගි එක්ක ඉන්නවා එකි ලොකුයි නෙ තමුසෙට එකනේ චොකලට් එකත් ගත්තෙ.."

" ගත්තෙ නැ යශ් එයායි ඇගට දලා ගියෙ.."

" මොකටද බදා ගත්තෙ දෙන්න එපැයි අයෙ.."

" දුන්නා..මං දිලා අවෙ.."

ඇදුම් තොරන ගමන් හිටිය මං එයා දිහා බැලුවා..ඇත්තටම එක එයා දිලාද ඒ කියන්නෙ එයා කෙල්ලව රිජෙක්ට් කරාද..ඇයි මෙ පොඩි දෙට මට සතුටු හිතෙන්නෙ..

" යශ් මොකක්ද වෙලා තියෙන්නෙ ඔයා ඔහොම නැ.."

" මොකක්ද නැත්තෙ.."

" ඔහොම තරහා වෙලා ඉන්න එපා මට දුකයි.."

" තරහා නැ.."

" එහෙනම් ඔහොම ඉන්නෙ කෙන්තිට දුකට ඔයාගෙ නහය රතු වෙනවා..දැන් ඔයා දුකින්ද කෙන්තියෙන්ද.."

" දෙකම.."

එයා හිනා උනා..එකේ හිනා වෙන්න දෙයක් තියෙනවාද පිස්සු..

" එත් ඔයා බැන්දට පස්සෙ ඔයට මාව අමතක වෙයි බදින කෙනා කිව්වොත් මාත් එක්ක කතා කරන්න එපා කියලා එතකොට ඔයා ඔයගෙ හොදම යලුවාව අත අරිනවා අශේන්.."

" මෙකෙයි එකෙයි සම්බන්දෙ මොකක්ද .."

" සම්බන්ධයක් තියෙනවා කියන්න කො අත් අරිනවාද.."

" ඔව්.."

ඒ උත්තරෙත් එක්ක මට ඇහුනා පපුව බිදිලා ගිය සද්දෙ මටම ඇහුනා..

" හැබැයි ඒ ඔයා නෙවෙයි ඔයාව අත් අරින්න කියන කෙනාව එහෙම කෙනෙක් ඔනෙ නැ මට.."

" හහ් ?.."

" මගෙ ජිවිතෙ කවුරු කොහොම අවාත් කවදාවත් මගෙ හිතෙ ඔයට තියෙන ඉඩ ඒ කාටවත් ගන්න බෑ මම දෙන්නෙත් නැ.."

" ඇයි ?.."

" හෙතුව කියන්නම් හැබැයි දැන් නෙවෙයි..හරි කාලේ අවාම මං කියන්නම්.."

" හා..හග් කරන්න මාව.."

" එන්න.."

එයා මාව තොත බදලා බදා ගත්තා..ඒයා ලග සිතලයි එත් හරිම උහුනුමයි මං එකට ආසයි..ගිනි ගොඩක් මැදට වතුර බල්දියක් දැම්මා වගේ එය ලගදි මගෙ හිත හරි ඉක්මනට නිවෙනවා එයා හින්දාම අයෙ එක ඇවිලෙනවා..

යටි හිතයි උඩු හිතයි තරග කරනවා උඩු හිත කියද්දි මං කොල්ලෙක් කෙල්ලෙක් නෙවෙයි මෙහෙම දෙවල් මට හොද නැති දෙවල් කියලා යටි හිත කිව්වෙම එකට විරුද්ද දෙයක් කොල්ලෙක් කෙල්ලෙක් කියලා නැ හැමොම ආදරේ කරන්න ආදරේ ලබන්න සුදුසු අය විතරයි..අපි නවතින්න ඔනේ අපිට දැනෙන තැන සමහර විට මට දැනුනු තැන මෙතන වෙන්න ඇති..මම නවතින්න ඇත්තේ එක වෙන්න ඇති..මගෙ හැගිම් අපෙ යලුකමට හරස් වෙනවට මං කැමති නැ..එ නිසා මම දුරින් ඉදන් ඔයට ආදරෙ කරන්නම්..එකපාර්ශවික ආදරවන්තයෙක් වෙන්නම්...





















* * *

Continue Reading

You'll Also Like

51.5K 1.3K 24
" I want to control you , I want to taste you ,I want to feel you , I want YOU." " pl-please l-leave m-me alone." " you think I'll give you mercy , I...
971 147 13
ඔබ ශුද්ධ වූ දරුවා වේ ! ඔබ ආදරය හිමි ශුද්ධ වූ දරුවා වේ ! ❤️
9.1K 1.2K 29
""අහසක් සේ දරාගනිමී නුඹේ ආදරේ....❤
1.1M 28.9K 41
While moonlighting as a stripper, Emery Jones' mundane life takes a twisted and seductive turn when she finds herself relentlessly pursued by reclusi...