ELORA

By Osi_Yr_

15.7K 2.6K 1.2K

මගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්‍රශ්නේ කියන්නෙ මේ පාර අප... More

00
01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14 B
15
16 (18+)
17
19
20
21 B
22
23
24
25
a/n
26
27
28
29
30
31
32 B 18+
33 18+
34
35
36
37
38
39
40
41
42

18

336 65 14
By Osi_Yr_

සවිද්‍ර pov

කොහොමද පටන් ගන්න ඕනේ .. කොතනින් ද පටන් ගන්න ඕනේ..

මගෙ ජීවිතේ හැමදාමත් පලවෙනි තැන තිබුනේ මගෙ රස්සාව..

යුක්තිය ගරුක පොලිස් නිලදාරියෙන් වෙන්නයි ඕනේ කරේ ..

මට වඩා පහලින් ඉන්න බාල පරම්පරා වට හොද අනාගතයක් වගේම පිරිසිදු රටක් හදලා දෙන්නයි මට ඕනේ කරේ .. ඒ වෙනුවෙන් කරන්න බැරි දෙයක් මේ සවිද්‍රට තිබුනේ නෑ ..

මගේ අප්පච්චි හමුදාවේ ඉහලපෙලේ තනතුරක් දරන මනුස්සයෙක් වෙනකොට හමුදා නීති රිති මැද හැදුන මම අන්තිමට නතර උනේ අප්පච්චිගෙ ම අඩි පාරෙ ගිහින් ..

ඉතින් තමන්ගෙ ගොදුර වෙනුවෙන් ඕනම බිල්ලක් දෙන්න ලෑස්ති පිට හිටපු සවිද්‍ර නානායක්කාර ගෙ එහෙම බිල්ලක් තමයි දීග ආයූ කියන්නේ ..

" අපි මේක කරන්නෙ ලක්ශ ගානක තරුන පරම්පාරව වෙනුවෙන් විද්‍ර .. ලක්ශ ගානක් වෙනුවෙන් එකෙක් .. වැඩිය හිතන්න එපා .. අනික ඉතින් අපි ඌව මරනවා කියලද බන් "

මගේ ටීම් එකේ අනිත් සාමාජිකයන් ගෙන් ලැබුන ප්‍රතිචාරය එහෙම වෙනකොට මම තව දුරටත් ඒ ගැන කරදර නොවීම වැඩෙට බැස්සා ..

දවස් ගානාක් තිස්සෙ අපි හොයලා හොයා අන්‍තිමට අපේ ගොදුර හොයා ගත්තා ..

ඊට පස්සෙ අපිට තවත් ටිකකාලයක් ගත කරන්න උනා ඒවටේ හිටපු චරිත ගැන හදුන ගන්න ..

සහස්න .. ධීවර කටයුතු ඇමති තුමාගෙ ස්ටෝරි එකේ විශේශ අනු චරිතයක් වෙච්ච සහස්නව අපි හයිලයිට් කර ගන්න එහෙම ..

ඌ පස්සෙ දැල එලාගෙන යනකොට තමයි දීග ආයූ කියන චරිතෙට සහස්න අනිත් කාටත් වඩා විශේශත්වයක් දක්වනවා කියලා අපි හැමෝම තේරුම් ගන්නේ ..

අන්න ඒ විදිහට සහස්නටගෙ පැත්තෙන් දෙයක් ගන්න නම් දාන්න පුලුවන් ලේසිම ඇම ආයූ කියලා අපෙ ටීම් එක ඩිසයිඩ් කරනකොට .. ඒ අමුතු හැසීරීමක් තිබුන කොල්ලව හැන්ඩ් කරන වැඩෙත් භාර උනේ මට ..

ඌව ටෝක් කරන්න මාරම කට්ටක් කන්න උනා ..

"අරූ එක පාරම ටිපර් එකට වැදිලා සෙත්තපෝච්චි උනා නම් මට මෙහෙම කට්ටක් කන්න ඕනේ නෑ නේ "

ආයු ගෙ අවදානෙ ගන්න අනම් මනම් කරලම හෙම්බත් වෙලා හිටපු මම සමහර වෙලාවට එහෙමත් හිතුවා ..

ඇත්තටම ඒ කොල්ලට මට විශේශ මොකක් වත් මගුලක් තිබුනේ නෑ .. උගෙ වැඩේට මගෙ පැත්තෙන් තිබුන උවමනාව බිංදුවයි.

ඒකට හේතුවක් ඒ වෙනකොටත් මට ගර්ල් කෙනෙක් හිටියා ..

ඒත් ඌ තරම් ලයින් මට වෙන මොකෙක් වත් දීලා නැති නිසා මට ඌව දාගන්නම ඕනා උනා ..

මට බබා හුකුන් කරලා පුරුද්දක් නැති තැන සමහර වෙලාවල් තිබුනා මන් වෙනුවට මගේ යාලුවො ඌව පෝන් එකෙන් ටෝක් කරපු ..

ඌත් ලේසි පහසු බඩ්ඩක් නෙවේ .. කොහොම හරි අන්තිමට ඌට ගානට බෝලේ බස්ස ගත්තා ..

ගානට වෙලාවටම සහස්නත් ආයුව ඇමතියා ගාවට එක්කරගෙන යන්න පටන් ගත්තේ අපේ ඉහේ මල් පිපෙනකොට .. අපි හිතපු විදිහටම වැඩේ සිද්ද උනා ..

ගානට තිතට අපිට ඕනේ විදිහට වැඩේ සිද්ද වෙනකොට ආයු අපිට ලොකු උදව්වක් උනා .. අන්තිමට අපේ ප්ලෑන් බී එකක සක්සස් .. ඒකියන්නෙ අපිට නීතිය ඉස්සරහට ගේන්න බැරුව ගිය පිලිලයක් අපේ දෙවෙනි උත්සහයෙන් අවසන් ගමන් ගියා ..

හැමදේම ප්ලෑන් එකෙ විදිහටම සිද්ධ උනත් අන්තිම මොහොතෙ මගෙන් ආපහු හරවන්න බැරි විදිහේ වැරද්දක් උනා ..

ආයූ ..

ඒක අත්වැරදීමක් .. තනිකරම අහම්බයක් .... හැරෙන්න බැරි වරදක් මගෙ අතින් සිද්ද උනා ..

වෙච්ච දේ උනා කියලා හිත හදා ගන්නද .. නැත්තන් ආයූගෙන් සමාවගන්න ද..

මන් සමාව ගත්තයි කියලා ඌ මට සමාව දෙයිද ..

එක අතකට මට උගෙ සමාවෙන් ඇති වැඩේ මොකද්ද ..

ඌ නිකන්ම නිකන් කොල්ලෙක් විතරයි .. තාවකාලිකව අපේ වැඩේට යොදා ගත්ත ..

උඹට මේ මොකද්ද උනේ සවිද්‍ර .. කවදාවත් නැතුව පලවෙනි වතාවට් මිශන් එකක් අස්සෙදි උඹ අතින් වැරද්දක් වෙන්න තරන් උබේ සිහිය කොහෙද තිබ්බෙ සවිද්‍ර ..

ලොකු කදුලු බිංදු දෙකක් ඇස් වලින් එලියට පනින්න පොර කනකොටත් තිබුන මුරණ්ඩු කමටම දත්මිටි කාගෙන මගෙ දිහා බලපු බැල්ම මට මැවිලා පේනකොට මෙච්චර වෙලාම සින්ක් එකට අත් දෙක ගහගෙන කල්පනා කර කර උන්න මම මූණට වතුර ගහා ගත්තා ..

ශනායව හම්බේන්න හිතාගෙන හිටියත් ඔක්කොටම කලින් ලෑස්ති වෙලා මම ගියේ ආයුගෙ ගෙදරට .. දවස් හතරක් හරියටම දවස් හතරක් තිස්සෙ මම මේ ලගට ආවාත් ගෙදර කවුරුවත් නැති කොට මම ආයෙම හැරිලා ගියා ..

එයාලා ගෙදර නෑ ..දවස් ගානක් තිස්සෙ ගෙදර නෑ .. අහල පහල මිනිස්සුවත් ගියපු දිහාවක් දන්නෙ නෑ .. ආයූ ඩියුටි ගිහින් වත් හොස්පිටල් එකට ඉන්ෆෝම් කරලාවත් නැති කොට , කොටින්ම පෝන් එක පවා වැඩ නෑ ..

හේතුවක් දන්නෙ නෑ .. මම ඌව හොයනවා .. සමාව අර ගෙන සිද්ධ උන වැරද්ද ආපිට හරවන්න බැරි බව දන්නවා උනත් .. සමාව ඉල්ලන්න ද නැත්තන් මොන වටද කියලා නොදැනිම මම ඌව හොයනව..

සමහරවිට මගෙ හිතට දැනෙන වරද කාරි බව නිසාම ඌ අඩුම තරමින් හොදින් ඉන්නවද කියලා දැන ගන්න තියන වුවමනාව වෙන්න ඇති ..

කර්මය කියන්නෙ තනිකරම බූමරංගයක් වගේ .. මන් අයුව පාවිච්චි කරා වගේම මම ත් පාවිච්චි වෙලා කියලා දැන ගන්නකොට ඇත්තටම මමත් ඌ වගෙම පරක්කු වැඩි .. හොදටම පරක්කු වැඩී ..

කොච්චර පරක්කුද කියනවා නම් මම හිටියේ ෆුල් සූට් ඇදගෙන පෝරුවට නගින්න බලාගෙන ..

"ශනායා මොකද උනේ ඇයි ඔයා තාම ලෑස්ති වෙලා නැත්තේ "

ශනායා වෙඩින් එක දවසේ උදේම මාව හම්බවෙන්න ඕනේ කියලා එවලා තිබුන මැසේජ් එකට මන් එයාව හොයාගෙන එයාගෙ රූම් එකට ගියා ..

" අපි මේක නවත්තමු සවිද්‍ර "

ඒ කියපු කතාවෙන් මට උතුර දෞන මාරු උනා . මොනා ද මේ නවත්තමු ගාන්නේ ..

"මැනිකෙ ඔයා මොනා ගැනද මේ කියන්නෙන්මට තේරෙන්නෙ නෑ " මම එයාගෙ අතකින් අල්ලගෙන ඇහුවා ..

" .. මම කියන්නෙ මේ කසාදෙ ගැන "

එයා හෙන කරදරයක් වගේ කියන්කොට මන් ඇස් ලොකු කරලා එයා දිහා බැලුවා මොනවද මේ කෙල්ල කියවන්නෙ ..

"ඔයා මා එක්ක විහිලුවක් කරනවා ඒහෙම නේ බබී .. "

මම ශනායගෙ උරහිස් වලින් අල්ලලා මූණට එබුනා ..

"ඕහ් කමෝන් සවිද්‍ර මා දිහා ඔහොම බලන්න එපා .. ඔයා කොහොමත් දන්නවනෙ මට මේ තරම් දුරක්වත් එන්න ඕනේ උනේ නෑ කියලා .. "

මන් හිටියෙ ගල් වෙලා වගේ ..

"අනික ඔයාට මේවා මහ ලොකු දේවල් නෙවේනෙ සවිද්‍ර ..ඔයා ඔයාගෙ මිශන් නිසා සම්බන්ද තා කීයක් නම් පට්න් අරගෙන තියෙනවද .. මේකත් ඒ විදිහට ගිතන්න ..ටේක් ඉට් ඊසි.. ඔයා කරපු දේ මයි මාත් කරේ .. "

මෙච්චර් වෙලාම පුදුම වෙලා වගේ ශනායා දිහ බලගෙන හිටපු මම ඇස් රතු කර් ගත්තා ..

"මොකද්ද උබ කිව්වෙ "

"ඇයි තේරුනේ නැද්ද .. මන් තමුසෙ ගාවට වෙලා මෙච්චර කල් හිටියේ තමුසෙගෙ මිශන් elora නිසා .. දැන් ඉතින් ඒකත් කම්ප්ලීට් නිසා මන් තවත් තමුසේ ගාව හුරතල් වෙලා වැඩක් නෑ නේ .. "

මන් කරේ ඒකිගෙ බෙල්ලෙන් අල්ලගෙන බිත්තියට හේත්තු කරපු එක .. ඒත් මගෙ අත ලිහිල් මන් හරියට අත තද කරා නම් ඒකි මේ වෙනකොටත් මැරිලා ..ඒත් මේ ඉන්නෙ මම එක දවසකට හරි ආදරේ කරපු එකී ඉතින් කොහොමද හිත හදාගෙන රිද්දන්නෙ ..

ඒත් ඒ කට කොනින් මට දාගෙම හිටපු සමච්චල් සහගත හිනාව දකින කොට බෙල්ල හිර කරලා මරලා දාන්නමයි හිතෙන්නෙ ..

"හෝව් හෝව් ..මිස්ට නානායක්කාර .. ඔයා දවස් ගානක් තිස්සෙ හොයන දෙයක් මගෙ ලග තියෙනවා . මන් හොදින් ඉන්නකන් ඌත් හොදින් ඉදියි ං

"ඌ?? " මම නලලත් රැලි කරගෙන ඒකිගෙන් ඇහුවා .

"යහ් ....මටත් හම්බ වුනේ අද උදේ .. තමුසේ ඉක්මන් කරන තරමට පණපිටින් දැක ගන්න ලැබෙයි "

වෙනකදුරුත් නෙවෙයි ඒ , මම මාස තුනක් ට්ජිස්සෙ හේතුවක් නැතුවම හෙව්ව රූපේ .. ආයූ ..ඒකි මට පෙන්නුවේ ආයුගෙ දුර ඉදන් ගත්ත පොටෝ එකක් වෙනකොට මම ඒකිව අතඇරියා ..

"පොඩි එකා කොහෙද ඉන්නෙ කොහෙද කියපන් "

මන් දත් මිටි කාගෙන ඇහුවා ..

" දැනට මේ හොටෙල් එක අස්සෙමයි .. හැබැයි තව ටිකකින් මාරයා ලග ඉන්නත් බැරි නෑ .. "

මම තවත් පරක්කු නොවී හොටෙල් රූම් එකෙන් එලියට ආවේ නිශාට කෝල් එකකුත් අරගෙනමයි ..

"සර් එයා මේ දැන් ටිකකට කලින් එලියට ගියා .. "

.
.

"කොල්ලා එලියට ගිහින් යකෝ පුලුවන් තරන් ඉක්මනට ඌව හොයපන් "

.
.
.
.

Hi සොම්බියනේ

ඔන්න අද සවිත්‍ර අයියත් කචාව පටන් ගත්තා .. මොකද හිතෙන්නෙ ..

එයැයිගෙ කෑම්ලත් කැම්‍.රි වැඩේ හැබැයි කරලා තියෙන්නෙ ..

ඉතිම් ඉස්සරහට මොනා වෙයි කියලද හිතන්නෙ ..

මන් පොඩි ගමනක් ගියානේ අද හවස ආවේ .. බෝම අමාරුවෙන් ඇස් දෙක ඇරගෙන ඉන්නෙ .. උරුමක්කාරයා නම් ඉතිම් හෙට තමයි දෙන්න වෙන්නෙ ..

Continue Reading

You'll Also Like

36.8K 4.8K 46
නුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️
24.5K 3.7K 38
අණ වින මායා බන්ධන දවයි ආදරේ ගිනිගෙන
33.9K 5.7K 22
ස්ටේජ් එක මැද්දෙ ගිටාර් එක ප්ලේ කරන ගමන් සිංදුව කියන එයාගෙ ඇස් කෙලින්ම තිබ්බෙ මගෙ දිහාවට....ඒ ඇස් දිළිසෙනවා....එයා ඇස් වලින් හිනා වෙනව....මොකද්දෝ කතා...
21.6K 5.6K 67
I'm missing you Waiting for you My heart is headed toward you Again today, I'm waiting for you I have a lot of worries now All day, I only think abo...