දෙහදක කඳුලු (Yizhan Short Sto...

נכתב על ידי ShanuDG

71.5K 13.8K 18.6K

ආදරේට විහිලු කරාට විහිලුවට ආදරේ කරොත්..... නෑ උඹට මගෙන් සමාවක් නෑ රාද්.. 💔 עוד

01📖️
02📖️
03📖️
04📖️
05📖️
06📖️
08📖️
09📖️
10📖️
11📖️
12📖️
13📖️
14📖️
15📖️
16📖️
17📖️
18📖️
19📖️

07📖️

3.2K 713 779
נכתב על ידי ShanuDG

සඳේ මා කෙසේ කියන්නේ
හිතේ තියෙනආදරය
මා මන්මත් කෙරුවා කියා
ඔබ දුටුදා
නෙතේ වේදනා නිවෙන්නේ
ඔබෙ රූ නිසා
හිත පාවෙලා
දුර ගියා

පෙම් වර්ෂා වහී මා තෙමා
සිත් සංකා නිවී යයි මෙදා

සංසාරිනී මගේ
නන්නාදුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ......

.

.

.

.

"ඇයි මට එන්න කිව්වෙ.."

යන්දෝ නොයන්දෝ කියලා රෑ නිදිමරාගෙන පැය ගාණක් කල්පනා කරපු මම ආයෙත් රාද්ව මීට් වෙන්න යන්න තීරණය කරේ එහෙම නැති උනෝතින් අනිවාර්යයෙන්ම ඊයෙ රෑ වගේ එයා තව පිස්සුවක් නටනවා කියලා හොඳටම දැනගෙන ඉඳපු නිසා..

ඇත්තමයි මේ දෙදාහෙන් පස්සෙ ඉපදුන පොඩි ඇටකිච්චොන්ගෙ නම් පුදූම මුරණ්ඩුකමක් තියෙන්නේ..

දෙයක් හොඳින් කිව්වාට මුන් අහන්නෙම නෑ..

හොඳින් බැරි නම් නරකින් හරි උන්ට ඕන දේ කරගෙනම තමයි නතර වෙන්නෙ..

"නිදහසේ කතා කරන්න.."

මම අහපු ප්‍රශ්නෙට රාද් උත්තර දුන්නෙ මගේ ඔලුවෙ ඉදන් කකුල් දෙකට යනකම් බැල්මක් දෙන ගමන් වෙද්දී දැනුන අපහසුතාවෙ නිසා මම ඇඟිල්ලෙන් ස්පෙක්ස් දෙක හදාගත්තෙ එයාගෙ ඇස් මග ඇරලා බෝ මලුව දිහා බලන ගමන්..

"මේක පන්සලක් රාද්.."

"මම දන්නවා.."

"එහෙනම් ඇ.........."

"ඔයා මාත් එක්ක දැකපු ඒ කෙල්ල මගේ කසින්.. යොමාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්.."

එකසැරේටම එයා කියපු දේත් එක්ක මං එයා දිහාට හැරුනෙ පුදුමයෙන් ඇස් ලොකු කරගෙන උනාත් තත්පර දෙක තුනක් ඇතුළත උගුර පාදලා ආයෙත් අහක බලාගත්තා..

"මම ඇහුවෙ නෑනෙ.."

"ඒ උනාට මගේ චූටි සර් මූණ එල්ලගෙන ඉන්නෙ ඒ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා හිතාගෙනනේ.."

"එහෙමනේ.."

රාද් මගේ නිකටින් අල්ලලා එයා දිහාට හරවගත්තාම මම එයාගෙ අත එහාට කරේ ඒ කට කොනක් උඩට ඉස්සෙද්දි..

"විකාර.. එයා ඔයාගෙ කවුරු උනාත් මට මොකද.. අනික අපි ඉන්නෙ පන්සලේ.. ඒ නිසා පන්සලට ගැළපෙන විදිහට හැසිරෙන්න.."

"පන්සලට ගැළපෙන විදිහට තමයි හැසිරුනේ.. ඔන්න තමුසෙයි මායි මෙතන ගැරඬි වගේ එතිලා කටවල් කාගත්තා නම් එ.........."

"තිශාක්‍ය.."

මගේ කම්මුල් රතු පාටට හැරෙද්දී මං නොරිස්සුමෙන් එයාගෙ නම කිව්වෙ එයා සද්දෙන් හිනා වෙද්දී..

ඩෙනිමට වැලමිට ලගට අත් නවපු සුදු කමිසයක් ඇඳගෙන ඉදපු කොල්ලාගෙන් මට අද වෙනදාට වැඩිය නිවුන ගතියක් පෙනුනෙ බෙල්ලෙයි කන් වලයි එල්ලගෙන ඉදපු තොරොම්බල් ගලවල තිබුණ නිසාද කොහෙද..

"මොනවාද බලන්නෙ.."

"අද වෙනදාට තියෙන රස්තියාදුකාර පෙනුම නෑ.."

"අහිංසක පොඩි කොල්ලෙක් වගේ.."

එයා දිහා බලාගෙන මම කියද්දී එයා මගේ ළඟට ලං උනේ එයාගෙ අතේ චූටි ඇඟිල්ල මගේ චූටි ඇඟිල්ල එක්ක පටලගන්න අතරේ..

"ඔයා හිතන තරම් මම අහිංසක නම් නෑ චූටි සර්.. පොඩිත් නෑ.. ඒත් ඔයා මේ විදිහට කැමති නම් මං හැමදාම උනාත් මෙහෙම අඳින්නම්.."

"ඒ කියන්නේ මං කිව්වොත් ඔයා වෙනස් වෙනවාද.."

"ඔව්.."

"හේතුව.."

"හේතුව මම ඔයාට කලිනුත් කිව්වානෙ.."

"මට මතක නෑ.."

එහෙම කියපු මම එතනින් යන්න හැදුවාත් එයා අල්ලගෙන ඉදපු මගේ ඇඟිල්ලෙන් ඇදලා ගත්තෙ මං එයාට රවද්දී..

"ආව් මෝඩයෝ.. මට රිදුණා.."

"ම්.. ඉස්සරහට මීට වඩා රිදෙයි.."

"ඔය පෙන්නන තරම්ම තමුසෙ අහිංසක උනා නම් සමහරවිට........"

එතනින් එහා මුකුත් නොකියපු එයා මගේ ඇස් මග ඇරියා..

"රාද් ඔයා කියන්න හදන්නෙ මම අහිංසකයි වගේ රඟපානවා කියලාද.."

කටහඬ බර කරලා රාද් කියද්දී මම එයා දිහා පුදුමයෙන් බැලුවාත් එයා මට හිනාවක් දුන්නෙ මගේ කම්මුලක් මිරිකන ගමන්..

"පිස්සුද ඕයි.. මං ඒක කටට ආවාට කිව්වෙ.. පේන්නෙ නැද්ද ඒ විනාඩියට අඬන්න ලෑස්තියි.. තමුසෙව ගෙදර මිනිස්සු බබා කරලා හදලා තියෙන්නේ.."

"කවුද අඬන්නෙ.. මම අඬන්නෙ නෑ.."

"අඬන්න හදනවා මිසක් අඬනවා කියලා කිව්වෙ නෑ.."

"කියන්න තියෙන දේවල් කිව්වානෙ.. දැන් මට යන්න දෙනවාද.."

"මගෙන් අහන්න ප්‍රශ්න නැද්ද.."

"මම ප්‍රශ්න ඇහුවාත් ඔයා ඇත්ත කියයි කියලා මට විශ්වාස නෑ රාද්.."

"ඇත්ත කියනවාද නැද්ද කියලා දැනගන්න තමුසෙ මුලින් අහලා ඉන්නවාකෝ.."

රාද් මගේ අත තද කරලා අල්ලගන්න ගමන් ඇත්ත කියනවද නැද්ද දැනගන්න එයාගෙන් හිතේ තියෙන ප්‍රශ්න අහන්න කිව්වා..

"හරි එහෙනම්.. එතකොට එදා ඔයා ක්ලාස් යනවා කියලා මට බොරුද කිව්වෙ.."

"නෑ.."

"රිවිෂන් ක්ලාස් එකක් පැයෙන් එකහමාරෙන් ඉවර වෙන්නෙ නෑනෙ රාද්.. ඇයි තවත් බොරු කියන්නේ.."

"මම ක්ලාස් ගියා ඕයි.."

"ක්ලාස් ගියා නම් ඔයා කොහොමද එදා උදේ දහයයි හතලිස් තුනට කීල්ස් එක ඉස්සරහා ඉඳියේ.."

"තමුසෙ වෙලාවත් මතක තියාගත්තද.."

"ඔව් ඇයි ඔයාට ප්‍රශ්නයක් ද.."

"හරි වේසයිනෙ ඕයි.."

"රාද්.."

එයා කටත් ඇද කරන් ඔලුව අතගාද්දි මම එයාගෙ අත් බාහුවකට පාරක් ගැහුවා..

"දැන් මේකනෙ සුදූ උනේ.. අරුන් දෙන්නායි මායි ක්ලාස් ගියා නම් තමයි.. ඒ උනාට හදිසියේම දේශ්ට කලන්තයක් හැදුනානෙ.."

"බොරු බොරු.. තමුසෙ බොරු කියනවා රාද්.."

ඉන්නෙ පන්සලේ කියලා අමතක වෙලා මම එයාගෙ උරේට එකදිගට ගහගෙන ගියේ එයා වේදනාවෙන් අත අල්ලගනිද්දී..

"ආව් බං රිදෙනවා.."

"කවුද බං ආ.. සර් කියලා කතා කරනවා.."

"සුදු මැණික.."

මම එයාට මට සර් කියලා කතා කරන්න කිව්වාම එයා මට සුදු මැණික කිව්වා..

"රාද් විකාර නැතුව සර් කියන්න බැරි නම් අඩුම මට අයියා කියලාවත් කියනවා.."

"අයියා කියන්න තමුසෙ මගේ අයියා නෙමෙයිනෙ පැටියෝ.."

"තිශාක්‍ය.."

"යර්ස් බේබ්.. එනි ප්‍රොබ්ලම්.."

"තමුන් පිස්සෙක්.. මං යනවා යන්න.."

"ඒ ඒ ඔහොම ඉන්නවා.. පොඩ්ඩ එහා මෙහා වෙන්න බෑනෙ මෙයාටත්.. අහිංසකයි වගේ ඉඳියාට මොකද නයි මිරිස් කරලක් වගේ.."

"නයි මිරිස් නෙමෙයි බැටලු මිරිස්.."

"එදා ක්ලාස් ගියාට මං අරුන් දෙන්නා එක්ක වේලාසන ක්ලාස් එකෙන් පැන්නා.. සොරි හැංගුවාට.. අනික හෂී  යොමාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් තමයි චූටි අයියෙ.. ඒ අපේ නැන්දාගෙ දූ.. මට නංගිලා නෑනෙ.. චූටි කාලෙ ඉදන් එයාව මං මගේම නංගි වගේ බලාගත්තේ.."

"මම හේ........."

"ෂ්.. මුලින් මම කතා කරනකම් අහගෙන ඉන්න.."

මම කතා කරන්න හදද්දී එයා මගේ තොල් උඩ ඇඟිල්ලක් තියලා මාව නතර කරා..

"මම තමුසෙට බොරුවක් කරන්නෙ නෑ.. එක වතාවක් මාව විශ්වාස කරන්න.."

"හරි.. මම ඔයාව විශ්වාස කරන්නම්.. ඒත් කවදාහරි දවසක මට තේරුණොත් ඔයා මාව රැවැට්ටුවා කියලා අන්න එදාට මාව ආයෙත් හොයන්න එපා.. මට පරක්කු වෙනවා.. අම්මාටයි තාත්තාටයි බොරුවක් කියලා ආවේ.. මං යන්නම්.."

"මට තව පැයකින් දයාන් සර්ගෙ ක්ලාස්.. ආපු එකේ බුදුන් වැඳලාම යමු.."

"බෑ රාද්.. ඔයා එක්ක ගියොත් තාත්තාට සැක හිතෙයි.. ඊයෙ රෑ උනාත් ඔයා ඩ්‍රින්ක්ස් අරගෙන වගේ කරේ රඟපෑමක් කියලා තාත්තා දන්නවා.."

"ඔහොම බය වෙලා කොහොමද ඕයි ලව් කරන්නෙ.. මම කියන්නම් ඔයාව මගදි හම්බුනෙ කියලා.. එතකොට ප්‍රශ්නයක් නෑනේ.."

"දැන් කවුද කියන්නේ මං ඔයාට ලව් කියලා.."

"ඇයි එහෙම නැද්ද.. නිකන් බොරුව නොදා ඉන්නවා.. ඔය ඇස් තමුසෙගෙ දිවට වැඩිය ඇත්ත කියනවා.."

"විකාර.."

ආයෙත් ඇඟිලි වලින් ස්පෙක්ස් දෙක හදාගත්ත මම රාද්ට රැව්වා..

"මට ගොඩක් දවස් බලාගෙන ඉන්න බෑ.. ඉක්මනට උත්තරයක් දෙනවා.."

එයා එහෙම කිව්වාත් මම එයාට මුකුත්ම කියන්න ගියේ නැහැ..

රාද් ගැන මගේ හිතේ අමුතු හැඟීමක් තිබුණාත් ඒකට නමක් දෙන්න දැන්ම ඉක්මන් වැඩි කියලා මට හිතුණා..

හැමදෙයකටම වැඩිය මම රාද්ට ලං වෙන එක ගැන මගේ යටි හිතට හොඳ හැඟීමක් දැනුනේ නෑ..

එපා කිව්වාට රාද් අහන්නේ නැති නිසාම බුදුන් වැදලා ඉවර වෙලා මං එයා එක්කම ගෙදර ආවාත් අපි යද්දී අම්මා එක්ක සාලෙ වාඩි වෙලා කතා කරන විහඟිව දැකලා මට ඉබේටම රාද් දිහා බැලුනා..

එයාගෙ අතක් මිට මෙලවිලා..

ඒ කියන්නේ එයා කේන්තියෙන්..

ඔක්කොමත් හරි කියමුකෝ ඇයි විහඟි කවදාවත් නැතුව අපේ ගෙදර ආවේ..

"ආ සුදු පුතා ඔයා ආවාද.. මම ඒත් මේ දුව ආවා කියන්න ඔයාට කෝල් එකක් දෙන්න හැදුවා විතරයි.."

මට එහෙම කියපු අම්මා රාද් දිහාට හැරුණා..

"තිශාක්‍ය පුතාට අද ක්ලාස් ද.."

"ඔව් අම්මා.."

වෙනදා අම්මාට ආන්ටි කියලා කතා කරන රාද් අම්මා කියද්දී විහඟි අම්මා වගේම මාත් පුදුම වුණා..

"මං දයාන්ට කතා කරන්නම්කො පුතේ.. මගේ කොල්ලා ගිහින් වාඩි වෙන්නකෝ.."

ඒක යකෝ..

අපේ අම්මාටත් එක වචනයක් කිව්වාම ඇති සෙනෙහස දොරේ ගලන්න..

තාත්තා කෙසේ වෙතත් අර නසරානියා දැන්මම අපෙ අම්මාව නම් රවට්ටගෙන ඉවරයි..

එහෙමයි කියලා මං සැලෙනවාද.. නෑනෙ.. නෑනෙ..

මට ඕනම නෑ ඔය පොලොස් කොට්ටෝරුවා..

ඕකා මහ ගල් ආඳා..

වට බාප්පියා හිතන් ඇති කිට්කැට් කවලා මාව එයාගෙ දැලේ පටලගන්න..

ඒවා හඳේ තමයි..

ඕකාට පේන්නම මං දවසක ලස්සන කෙල්ලෙක් කසාද බඳිනවා..

එදාට ගමේ ලස්සනම ලේලි අපේ අම්මාගෙ තමයි..

මම ඒ තත්පර ගානට හිතින් කෝටියක් දේවල් හිතුවා..

අම්මා රාද්ගෙ ඔලුව අතගාලා මගේ කොල්ලා කිව්වාම එයා මට ඇහැක් ගහලා විහඟිටත් රවාගෙන තාත්තා ක්ලාස් කරන්නම ගේ ඇතුලෙ දාලා තිබුණ මේසෙ ලගට ඇවිදන් ගියේ මම ඇස් දෙකත් ලොකු කරන් බලාගෙන ඉඳිද්දී..

"විනුල්.."

"විහඟි.. ඔයා ඇයි මෙහේ.."

"ඇයි මං ආවාට ඔයා කැමති නැද්ද.."

"අනේ මම එහෙම කිව්වෙ නෑනෙ විහඟි.. ඔයා වැරදියට හිතනවා.."

විහඟි එයා ගෙදර ආවාට මම කැමති නැද්ද කියලා අහද්දී මම ඉක්මනට මගෙන් උන වරද හරිගැස්සුවෙ එයා වරදවා වටහාගනී කියලා හිතුන නිසා..

"එහෙනම් දෙන්නාත් එක්ක වාඩි වෙලා කතා කරන්නකො.. මම බොන්න මොනවාහරි හදාගෙන එන්නම්.."

"අයියෝ කරදර වෙන්න එපා විනුල්ගෙ අම්මෙ.. මම මේ අපේ ආච්චිලාගෙ ගෙදර ආපු ගමන් මෙහෙටත් ආවේ.."

"එහෙමයි කියලා ගෙදරට ආපු අමුත්තෙක් බඩගින්නෙ යවන්න පුලුවන් ද.."

"එහෙනම් ඉතිං මං අමුත්තෙක් කියලා නොහිතා ඉන්නකො.. නේද විනුල්.."

විහඟි හිනා වෙලා කියද්දී මම එයා දිහා බලලා අම්මා දිහාට හැරුනේ ඒත් එක්කම රාද් අම්මාට කතා කරද්දී..

"අම්මා මට බඩගිනියි.. උදේටත් මුකුත් කාලා නෑ.. බොන්න දෙයක් දෙන්නකෝ.."

"අනේ දරුවෝ කලින් කියන්න එපැයි.. ඔහොම ඉන්නකො මම ඉක්මනට තේ එකක් හදන් එන්න.. කේකුයි බිස්කටුයි ඇති.. පුතා කනවානෙ.."

"ඔය සුදු අතින් දෙනවා නම් වහ උනාත් කන්නම්කො මැණික.."

ගෑනුන්ට තියෙන්නේ මායම් හැට හතරයි.. පිරිමියෙක් උන මෙයාට මායම් එකසිය විසි අටක්ම තියෙනවාද කොහෙද..

මම ස්පෙක්ස් ⁣දෙක යටින් ඇස් හීනි කරලා රාද් දිහා බලද්දී එයා මගේ දිහා බලාගෙන දිවෙන් තොල් තෙත් කරේ මගේ ඇඟම හිරි වැටිලා යද්දී..

වලත්තයා..

මාව කෑමක් වගේ පේනවාද දන්නෙ නෑ..

"තිශාක්‍ය.. තමුන් මොන සිහියෙන්ද ඉන්නෙ.."

"සොරි.."

සාලෙ වාඩි වෙලා මායි අම්මායි විහඟයි පහත් හඬින් කතා කරද්දී මට ඇහුනා තාත්තා රාද්ට පාඩමට අවදානෙ දෙන්න කියලා බනිනවා..

"අර බෝයි ප්‍රින්සිපල් මැඩම්ගෙ පුතා නේද විනුල්.."

"ආ ඔව්.."

"මෙයා තාම දයාන් සර්ගෙ ක්ලාස් එනවාද.."

"ඇයි විහඟි දුව එහෙම ඇහුවේ.."

"නෑ මම ඒත් හිතුවා එදා බස් හොල්ට් එකේදි මෙතුල් බබාගෙ අම්.........."

"විහඟි තව බිස්කට් එකක් කන්න.. ඔයා හරියට මුකුත් කෑවෙත් නෑනෙ.."

එදා සිද්ද උන දේවල් විහඟි අම්මාට කියයි කියලා බය හිතුන නිසාම මම අතරමගින් කතාව නතර කරේ විහඟිට ඒ ගැන කියන්න එපා කියලා ලාවට ඔලුව වනලා කියන අතරේ..

"ආ.. මට ඇති විනුල්.. මම උදේට කද්දිත් දහයට කිට්ටුයි.."

"විහඟි දුව මොකක්ද කලින් කියන්න ගියේ.."

අපේ අම්මාටත් ඕන නැති ඕපදූපයක් නෑ..

"නෑ ඇන්ටි මේ මෙතුල් බබාගෙ අම්මා දවසක් මගදි හම්බෙලා විනුල්ට කිව්වා මල්ලිව ක්ලාස් එවාගන්න හරි අමාරුයි කියලා.. ඒ නිසායි මම හිතුවේ කොල්ලා ක්ලාස් එන එක නතර කරලා ඇති කියලා.."

"තිශාක්‍ය පුතා හොඳ දරුවෙක් දුව.. මං නම් කොල්ලාට හරි ආදරෙයි.. මම අපේ දයාන්ටත් කිව්වා සැර කරන්නෙ නැතුව කොල්ලාට උගන්නන්න කියලා.."

මං කිව්වේ බොරුද..

ම⁣ට හුලං..

අපේ අම්මාට දැන්මම වෙන්ඩ බෑනා ලොකු වෙලා..

පොඩ්ඩක් හෝව් විනුල්.. උඹ මොනවාද මේ හිතන්නේ..

පිස්සු හැදීගෙන එනවාද..

මම නොරිස්සුමෙන් මගේ ඔලුවට ටොක්කක් ඇනගත්තා..

අම්මා රාද්ගෙ ගුණ වයද්දි මං බලාගෙන විහඟිගෙ මූණ අප්සට් යනවා..

"ඒක නෙමෙයි ඇන්ටි.. දැන් විනුල්ට මැරි කරන්න වයසත් හරි නේද.."

"කොහෙද ඉතිං මෙයාගෙ ඕවා⁣ට කිසි උනන්දුවක් නෑනෙ දුව.. තාම මගෙ ළග හුරතල් වෙනවා.."

"ඒ උනාට හැමදාම අම්මා ළග හුරතල් වෙලා බෑනෙ.. අපෙ අම්මායි අප්පච්චිත් මට මේ දවස් වල ප්‍රපෝසල් ගේනවා.."

"කොච්චර දෙයක්ද.. දුව කැමති කෙනෙක් ඒ අය අතර ඉඳියාද.."

"මම කැමති වෙන කෙනෙක්ට ඇන්ටි.."

"කවුද ඒ වාසනාවන්ත කොල්ලා.."

"මම කැමති උනාට එයාගෙන් තාම මට හොඳ ප්‍රතිචාරයක් ලැබුනෙ නෑනෙ.."

"ඒ මොකද.. දුව ලස්සනයි.. හොඳ ජොබ් එකක් තියෙනවා.. මොන අඩුවක්ද.."

"අදාල කෙනාට ඒක තේරෙන්නෙ නෑනෙ.."

"කවුද අපි දන්න කෙනෙක්ද.."

"එයා අ............"

විහඟි උත්තරයක් දෙන්න ගියාත් ඒත් එක්කම රාද් පුටුවත් සද්දෙන් පස්සට කරන් නැගිට්ටෙ තාත්තා එයාගෙ නම කියලා කතා කරද්දී..

"තිශාක්‍ය.."

"තිශාක්‍ය ඔහොම නතර වෙනවා.. තාම ක්ලාස් ඉවර නෑ.."

"අද මට මූඩ් නෑ.. ඊලග දවසෙ අද මිස් උන පැය කවර් කරමු.. මම යනවා අම්මා.."

තාත්තාටයි අම්මාටයි එහෙම කියාගෙන මට බැල්මක්වත් නොදී රාද් යන්න ගියාම එහෙම්මම කාමරේට ගිය මම එයාගෙ නම්බර් එක අන්බ්ලොක් කරලා එයාට කෝල් එකක් ගත්තාත් එයා ආන්සර් කරේ නෑ..

Oya koheda inne..



Anee....



Ahannko.. Ai ehema giye dn thaththa ta kenthi yawi..



Radh...



Daruwo...




දවල් ඉදන් රෑ දහයත් පහු වෙනකන් මම එයාට කෝල්ස් කොච්චර ගත්තාද මැසේජස් කීයක් දැම්මා ද කියලාවත් මට මතකයක් තිබුණේ නෑ..

තාත්තාත් රෑ යාලුවෙක්ගෙ මළ ගෙදර ගිහින් එන්නෙ පහුවදා පාන්දර කියපු නිසා මායි අම්මායි වේලාසන කෑම කාලා නිදියන්න ගියාට මොකද නින්ද මගේ අහලකවත් නැති වෙද්දී මම ඇඳේ එහාටයි මෙහාටයි පෙරලුනා..



Mn Vihangi ta kamathi na...


ඇයි මම රාද්ට මෙහෙම හේතු පැහැදිලි කරන්නෙ කියලා මටවත් හිතාගන්න බෑ..

ඒත් එයා මං ගැන වරදවා හිතයි කියලා හිතද්දී මගේ හිතට දැනුනේ දුකක්..


Oya dnma idan mehema mta riddanva nm aphu math ekka ktha kranna epa...


අන්තිම මැසේජ් එකත් රාද්ට යවපු මම ෆෝන් එක ඕෆ් කරලා ඇඳ උඩට විසි කරේ ඇස් අගින් ගලපු කඳුලු බිංදුවක් පිට අල්ලෙන් පිහිදාගෙන කොට්ටෙට මූණ තද කර ගන්න ගමන්..

මට තමුසෙව එපා ඔට්ටපාලුවා..

හිත රිද්දගෙන කොට්ටෙ හපන් අඬපු මට නින්ද යාගෙන එද්දී කවුරුහරි එක දිගට දොරේ බෙල් එක ගහනවා ඇහිලා කලබලෙන් නැගිටපු මම කාමරෙන් එලියට ආවා..

"සුදූ.. තාත්තාද පුතේ.."

"තාත්තා අද එන්නෙ නෑ කිව්විනෙ අම්මා.. දැන් දොළහටත් ළගයි.."

"ඒකනෙ.."

අම්මා හිතේ තිගැස්මෙන් මගෙ අත තද කරලා අල්ලගත්තා..

"අපි දොර ඇරලා බලමුද.."

"ඔයාට පිස්සුද දරුවෝ.. කවුද දන්නෙ හොරෙක්වත්ද කියලා.."

"අ......"

"විනූ... විනූ මේ දොර ඇරපන්.."

රාද්ගෙ කටහඬ එලියෙන් ඇහෙද්දී මට උඩට ගත්ත හුස්ම පහලට දාන්නත් අමතක වුණා..

දෙයියනේ මේ කොල්ලා මොන පිස්සුවක් ද කරන්න හදන්නේ..

අම්මා ඉන්නවා කියලාත් අමතක උන මම ගිහින් ඉස්සරහා දොර ඇරියාම කෙලින් හිට ගන්න බැරි තරමට හොඳටම බීලා වෙරි වෙලා ඉදපු රාද් මගේ ඇඟට කඩන් වැටුනෙ මම ඉක්මනට එයාව අල්ලගනිද්දී..

"මේ දරුවා අදත් බීලා නේද.."

"අනේ ඒකනෙ අම්මා.."

"හොඳ වෙලාවට අප්පච්චි ගෙදර නැත්තෙ.. මෙහෙම ආපහු යවන්නත් බෑනෙ.. බයික් එක කොහේ හරි හප්පගත්තොත් එහෙම.."

"මං කියන්නද ඔයා තිශාක්‍ය පුතාව ඔයාගෙ කාමරේට එක්කගෙන යන්න.. මම ගේට්ටුව වහලා හෙල්මට් එකයි බයික් එකේ යතුරයි අරගෙන එන්නම්.."

මට එහෙම කියපු අම්මා ඉස්සරහා දොර අඩවන් කරලා ගේට්ටුව වහන්න යද්දී මම එයාව අමාරුවෙන් මගේ කාමරේට එක්කගෙන ඇවිත් ඇඳ උඩට දැම්මා..

මේ යකා කෙට්ටුවට ඉඳියාට මොකද අලියෙක් වගේ බරයිනෙ.. මගේ උරේ නෑ වගේ..

වෙරි වෙන්නම ගහලා ඉදපු රාද්ව මම ඇඳට දාපු සැනින් නින්දට වැටුන එයා නින්දෙන්ම මොන මොනවදෝ කුටු කුටු ගාලා කියන්න ගත්තා..

"සුදූ.."

"අම්මා.."

"කොල්ලා නිදිද.."

"හ්ම්.."

කාමරේ ඇතුළට ආපු අම්මා ඇඳේ වැටිලා ඉදපු රාද්ගෙ සපත්තු මේස් ගලවලා දාලා එයාගෙ මූණ අතගෑවා..

"පව්..."

"ඔයාත් මාරයිනෙ අම්මා.. කෙලින් හිටගන්න බැරි වෙනකන් බීලා ආපු කොල්ලාට පව් කියනවාද.."

"මට එහෙම කියන්න හේතුවක් තියෙනවා සුදු පුතා.."

"ඒ කිව්වෙ.. මට තේරුනේ නෑ.."

මං අම්මා දිහා බැලුවේ කුතුහලයෙන්..

"මේ දරුවා ප්‍රශ්න ගොඩක ඉන්නෙ.. එහෙම නැති උනා නම් මේ වයසෙ දරුවෙක් මෙහෙම බීලා නාස්ති වෙයි කියලා ඔයා  හිතනවාද.. ඒ නැතත් තිශාක්‍ය පුතාගෙ අම්මා තාත්තා එයාට දැනෙන්න ආදරේ දෙනවා නම් මෙයාට බොන්න එපා කිව්ව ගමන් බීම නතර කරනවා.. ඒ මුකුත් නෑ.. කොල්ලාට ඉගෙනගන්න උමනාවකුත් නෑ.. අනික...."

"අනික මොකක්ද අම්මා.."

"මුකුත් නෑ.."

එහෙම කියාගෙන අම්මා රාද් ළගින් එහාට වෙද්දී එයා මගෙන් මොනවාහරි හංගනවා කියලා තේරුනාත් මම තවත් ඒ දේවල් ගැන අම්මගෙන් අහන්න ගියේ නෑ..

"ඔයාට මෙයාත් එක්ක එක ඇඳේ ඉන්න පුලුවන් ද නැත්නම් අපේ කාමරේට එනවාද.."

"අ.... මං... මම මේකෙ ඉන්නද.."

මම අහද්දී මුකුත් නොකියා ඔලුව වනපු අම්මා යන්න ගියාම රාද්ගෙ බෙල්ට් එක බුරුල් කරලා එයාගෙ වොච් එකයි වොලට් එකයි ෆෝන් එකයි මං නයිට්ස්ටෑන්ඩ් එක උඩින් තිබ්බා..

"අම්මා කිව්වා වගේ ඔයා ඉන්නෙ ප්‍රශ්නෙක ද රාද්.."

එයා ළගින් ඇඳ උඩ වාඩි උන මම පිට කරේ දිග හුස්මක්..

ඒත් මට එයාගෙන් උත්තරයක් ලැබුනෙ නෑ..

හිතේ දෙගිඩියාවෙන් උනාත් එයාගෙ නළලට හාදුවක් තියපු මම ඒ කම්මුලක් අතගාලා ඇඳෙන් නැගිටින්න හදද්දීම එයා මගේ අතින් ඇදලා ඇඳ උඩ පෙරලගත්තෙ එයාගෙ තොල් මගේ තොල් උඩ නතර වෙද්දී.....................

______________________________________

අපිලා ගියා.. ගුඩ්නයිට්..

Vote & Comment ❤️

המשך קריאה

You'll Also Like

1.2K 160 16
ජිවිතේ රේස් එකක් උන ඒ හදවත නිවන්න ආපු ලා පොද වැස්ස .....
59K 16.8K 46
ඔව්..හැම දේම වෙනස් වේවි....ඇහිපිල්ලමක් ගහන පමාවට.... හැම දේම වෙනස් වේවි.....හුස්මක් අරන් හුස්මක් පිටකරන පමාවට.... ඒත් මේ ආදරෙ......??? ඒක වෙනස් වේවිද...
95.5K 14.3K 19
උඹ කිව්වා වගේම කතාවක චරිත තුනක් ඉන්නවා අගා.. වීරයායි.. කෙල්ලයි.. දුෂ්ටයායි.. ඒත් මේ කතාවට වීරයෙක් නෑ.. ඉන්නෙ දුෂ්ටයොම දෙන්නෙක්......🖤🖤 •ආත්ම බන්ධන...
163K 29.8K 40
නුඹ බාඳුරාවක් අහම්බයෙන් දෑස නැවතුන... 🥀❤️‍🩹 •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)