❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵...

Oleh Rukshikakalhari

60.4K 15.7K 14.5K

💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎... Lebih Banyak

01.. කොන්ඩයා .... ♟️
02... යූසේ ( Yúzé).... ♟️
03.. ඇබැද්දිය ....♟️
04.... මුහුණට මුහුණ ........♟️
05... අයාලේ යන හිත....♟️
06... වැරදුණත් කමක් නෑ ... ♟️
07.. මමවත් දන්නෙ නෑ.....♟️
08..... හිතන්නට යමක්.... ♟️
09. අනතුරක ඇරඹුමක් ......♟️
10... කබලෙන් ලිපට..... ♟️
11... අලුත් තැනක.....♟️
12... හිතට දැනෙන දේ......♟️
13.. අතැර යන්නට බැරි බවක්...♟️
14... අවසන් දින දෙක...♟️
15..... වෙන් වෙන්න දැන් ලඟයි........♟️
16... බාධක මැදින් .......♟️
17.... මට මේක කරන්න බෑ.......♟️
18..... සැකයේ ආරම්භය......♟️
19... හෝඩුවාවන් ..... ♟️
20... රැවටීම.......♟️
21.. පළවෙනි පියවර.....♟️
23...... චෝපී ...♟️
24... පුංචි සැනසීමක් .......♟️
25... අලුත් සාමාජිකයා.......♟️
26... සැක සහිත බව.....♟️
27.... ඒ ඔහුමද........♟️
28.... කරදර කාරයා.......♟️
29... කියන නාහන ගුරු.......♟️
30.... නොකීවට දැනෙන හිත.....♟️
31... ගැලවුම් කරු ........♟️
32.... වියරුව......♟️
33... නොබිදෙන පොරොන්දුව.......♟️
34... තවත් පියවරක්....♟️
35.... නොදුටු පැතිකඩක්....♟️
36.. හුඟ දවසකට පසුව ......♟️
37...ඒ හිතේ වේදනාව .......♟️
38.... එයා වෙනුවෙන් .......♟️
39.... ලඟින්ම......♟️
40... ඉල්ලගෙන කෑම......♟️
41... අවදානමට පෙර සූදානම....♟️
42... මුරන්ඩුකම්.....♟️
43... කපන්නට බැරි අත.....♟️
44... එයත් එක්ක.......♟️
45... ජනතාව අතරට ...... ♟️
46... එකින් එක......♟️
47...එල්ලෙන්නට වැලක්.......♟️
48. හැරවුම් ලක්ෂය...♟️
49.. අලුත් මුහුණක්......♟️
50... ඇස් පනාපිට......♟️
51.. ගරු රඟපෑම...♟️
52... රූකඩයක් ......♟️
53.. දැනෙන්නට හැරීම....♟️
54.... මවා පෑම.......♟️
55... ප්‍රයෝගය.......♟️

22... රහස් ගුහාව ....♟️

992 276 246
Oleh Rukshikakalhari

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥


GoldenSanu  ඉතින් අදත් ලස්සන තෑග්ගක්......ආදරෙයි නංගෝ.......💚❤💛

.
.
.
.
.

",මේ එක් ලක්ෂ ගාන අස්සෙ ඔයා ෆේක් හරි ඇතිනේ යූසේ............නැත්නම් ඔයාගෙ යාලුවෝ හරි ඇතිනේ...... "

Hardest days.....


ශාන්  ක්ලබ් එකේ සිට නිවසට එද්දී  රාත්‍රී දහයට ආසන්න වී තිබුණු අතර ඔහු එනතුරු ඔහුගේ මව අවදියෙන් ආලින්දයට වී සිටියේය.....ඉතින් පොරොන්දු වූ පරිදිම ඕනෑවට වඩා මත් වෙන්නේ නැතිව තම පුතුන් නිවසට පැමිණ සිටින ආකාරය දුටු යීහාගේ හිතට පුදුමාකාර සතුටක් ඇති වුණේය...

ඇය සමගත් විනාඩි කිහිපයක් කතාබහ කරමින් සිටි ශාන්  කාමරයට ඇවිත් මුලින්ම හරියටම මාස එකහමාරකට පමණ පසුව ඔහුගේ වෙයිබෝ ගිණුමෙහි අලුත් පින්තූරයක් පළ කළේය.......

ඔහුගේ අරමුණ ඉතින් කොහේ හෝ සිට යූසේ මේවා නරඹනු දැකීමයි......පින්තූරයට පසුව ක්ලබ් එකේ සින්දුවත් ඔහු අප්ලෝඩ් කලේය........

" ඇස් ගහලා කෙල්ලන්ව දැලේ දාගන්නවා කිව්වනේ මොට්ට යූසේ......... ඔන්න අදත් ඒකම කරා.......ඉක්මනට ඉක්මනට ආවේ නැත්නම් ඔන්න මං කෙල්ලෙකුට වැටෙයි ...... තවුසෙට හුලං තමා ......."

බලාගෙන සිටියදී ලයික්  සහ කමෙන්ට් වැටුනත් ඒවා ගණං ගන්නේ නැතිව ඔහු දුරකථනය පසෙකින් තැබුවේය ....

දහවල් කාලයේදී කොයි තරම් හිත හදාගෙන මිතුරන් සමඟ සිටියත් රාත්‍රියත් සමඟ එසේත් නැතිනම් නිදියන්නට කාමරයට පැමිණි පසුව හදවතට දැනෙන ඒ තනිකම දරා ගන්නට ඔහුට අවබෝධයක් නැත........

සුපුරුදු පරිදි බැල්කනියට පැමිණි ශාන්  එතැනින් අසුන්ගත්තේය ... මොන ඉරියව්වෙන් සිටියත් , කොතැන සිටියත්  හදවතට දැනෙන හිස් බව නම් නැති කරගන්නට නොහැකිය.......

" ඇත්තටම ඔයා කිව්ව වගේ ආපහු එන්න අවුරුද්දක්වත් යයිද......එහෙමත් නැත්නම් අවුරුදු දෙකක්.......යකෝ මට පිස්සු හැදෙයි යූසේ......."

අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් ගත වේවි යැයි හිතෙද්දි වාඩි වී සිටින්නටත් නොහැකි වූ නිසා ශාන්  අසුනෙන් නැඟිට්ටේය........ එහෙම්මම බැල්කනියේ කෙටි තාප්පය අසලට පැමිණි ඔහු ඊට බරවී නිනව්වක් නැතිව කොහේදෝ බලාගෙන සිටින්නට විය..........

ක්ලබ් එකේ දී ලින් පැවසූ කතාවකුත් ඔහුට ඒ අස්සේ සිහි වුණේ පහළ උද්‍යානයේ තවත් ආරක්ෂකයෙකු සමග කතා කරමින් සිටි තෝමස් දුටු පසුවයි.....

" අපේ එකා .......ඌ කිව්වා එරික්  ඌට කතා කරෙත් නැල්ලු මාසෙකින් විතර ....එරික්ගෙ ගම  නින්ග්බු වල කිව්වා ....... ගෙදරක එඩ්රස් එකක් එහෙම ලොකුවට කියන්න පොර දන්නේ නෑ....... නංගි යන්නෙ නින්ග්බු හයිස්කූල් කිව්වා....... එච්චරයි ........"

ඉතින් ඒ කතාව සිහි වී ශාන්ගේ මුවින් ඔහුටත් නොදැනීම බර හුස්මක් පිට වුණේය...... එරික්ට සිදුවූයේ කුමක්දැයි කියා හිතා ගන්නට තවමත් ශාන්ටත් නොහැකි වී ඇත....

තෝමස් කියනවා ඌ ඇමති තුමා එක්ක යනකොට, ඒ කියන්නේ මාව අතුරුදහන් වෙලා දවස් දෙකකට පස්සේ.....එරික් බංගලාවෙ හිටියලු.......තෝමස් ආපහු ෂියෙන් පපා එක්ක දවස් හතරකින් එනකොට එරික් හිටියෙ නැල්ලු......උගේ පෝන් එක වැඩ කරන්නේ නැති හින්දා කීපදෙනෙක්ගෙන් ඇහුවහම කිව්වේ ඇමතිතුමාගේ වැඩකට දුරකට ගිහිල්ලා ඉන්නවා කියලලු....... හෙට මේ ගැන නොදන්න ගානට ගොනා සේ ෂියෙන් පපා එක්ක  කතා කරන්න ඕන......  එරික්ගෙ ඩීටේල්ස්  හොයාගන්න ක්‍රමයක් නැතිවෙයිද දන්නේ නෑ.........

ශාන්  සෑහෙන වේලාවක් කල්පනා කරමින් සිටියත් ඉතින් විසඳුමක් හොයාගන්නට නොහැකි වෙද්දී හිතට ඇතිවුණු කේන්තියත් සමගින්ම ඔහු බැල්කනියේ දොරත් වසාගෙන කාමරයට වැදුනේය....

" මහ ලොකුවට මමීට  බඩගිනි නෑ කිව්වට චූටියට බඩගින්නක් ලෝඩ් වේගෙන එනවා වගේ...... ඒත් දැන් කාමරෙන් එළියට යන්න කම්මැලි........චොක්ලට් කේක් කෑල්.............."

තනිවම මුමුණමින්ම ඇඳ මත වාඩිවී සිටි ශාන්  චොක්ලට් කේක් පිළිබඳව සිහි කරද්දීම හදිසියේ යමක් සිහිවුණු නිසාවෙන් ඇද මතින්ද නැගිට්ටේය........

",මොකක්ද  හොන්ෂි කියපු ඒ කැෆේ එක..........ආෂ්......... මොකක්ද ෂූයෑන්ග් ගගා වැඩ කරන තැන ඉස්සරහ...........යකෝ මතක් වෙන්නෙ නෑනේ.........."

ශාන් දැන් සිටින්නේ හොඳටම කලබල වී කාමරය පුරා ඇවිදින අතරයි....... දිව අග තිබෙන නම ඔහුගේ සිහියට නැගෙන්නේ නැති හැඩකි.......

" ෂූයෑන්ග් ගගා වැඩ කරන තැන කියන්නේ hospital එක වෙන්න එපැයි.......එතකොට hospital එක ඉස්සරහ තිබුණා කිව්ව කැෆේ එක.........ෂිට්......ෂිට්.......... ඇයි මතක් වෙන්නෙ නැත්තෙ............"

කාමරය පුරා ඇවිද්දාට කිසිවක් මතකයට එන්නේ නැති නිසා අවසානයේ ශාන් හොඳ හුස්මක් පිට කරමින් ඇඳ මත වාඩි වුණේය.....

" මේවා කලබල වෙලා කරන්න බෑනේ......මුලින්ම රිලැක්ස් වෙන්න ඕන...........හ්ම්ම්ම්ම් අර ගොලු හදවත ඇති මිනිසාව පොඩ්ඩක් මතක් කරගෙන රිලැක්ස් වෙමුකෝ........"

ශාන්  ඇඳ මැදට ගොස් එරමිනියා ගොතාගෙන වාඩි වී ඇස් දෙකත් පියාගෙන දැන් මේ සිහිකරන්නේ යූසේගේ මුහුණයි........

" උෂ්........ ඇත්තට මේ මූණට මගේ මයින්ඩ් එක රිලැක්ස් වෙනවා කියන්නේ මට හොදම එකෙන් පිස්සු කියන එක තමයි......මේ මූණ හොදයි කන්න බෑ කියලා අඬන පොඩි එවුන්ව බය කරලා බත් කවා ගන්න .....ඒත් මගේනේ ...... අර slum girl මේ මොට්ටයාගෙ ෆියොන්සෙ කිව්වාම මං බයවුන තරමක්............ආෂ්.........දැන් ඒවද හිතන්නෝනේ........... අපි හිතින් ඇවිද යමු එදා හොන්ෂී මායි කේක් පිළිබදව සාකච්ඡා කල මොහොතට............."

හිත සන්සුන් කරගන්නවා වෙනුවට වෙන වැල්වටාරම් කල්පනා කරන්නට පටන් ගත් නිසාවෙන් ආපසු ඒ සියල්ල අමතක කර දමා කැලෑව මැද තිබුණු  යුචෙන් ගේ  ක්වාටස් එක තුළ  ඔවුන් නිදාගත් කාමරයේ මෙට්ටයක් මත වාඩිවී කාඩ් සෙල්ලම් කරන අවස්ථාවකට ගියේය ..........

ඒ වෙලාවේ ගෙදර හිටිය අපි දෙන්නා විතරයි....අපේ ගොළු හදවත කොහෙදෝ ගිහිල්ලා හිටියේ... කොහොමද කතාව පටන් ගත්තේ........ආ........හරි........

" ඔයාට මතකයිද ගෑරැප්පුවකින් ඔයා දංවැල් ගලවගත්තා......... එදා මාත් බැනුම් ඇහුවා......"

",නැතුව ඉතින් මාව බලහත්කාරයෙන් ගෙනල්ලා දන්වැල් දාලා කාමරයක් ඇතුලෙ හිර කරලා තියාගෙන ඉන්නකොට මට භාවනා කර කර ඉන්න කියලාද කියන්නේ...... "

ඊළඟ කාඩ් එක ඔහු මෙට්ටය මතින් දමන අතර කියද්දී හොන්ෂි සිනාසුනේය .......

" ඇත්තට එදා මොනවා හරි කරලා පැනගත්තනම් අද වෙද්දි ශාන්  අයියෙක් නැතිවෙන්න තිබ්බා....."

ශාන්  එතනින් එහාට කිසිවක් කියන්නට නොගියේ මේ වන විටත් ඒ පිළිබඳව ඔහු දැනගෙන සිටින නිසාවෙනි.......

" ඒ උනාට අර රසම රස කේක් කෑල්ල වීදුරු කටුත් එක්ක ගෙනල්ල ඩස්බින් එකට දානකොට මගේ පපුවට පිහියකින් අනිනවා වගේ හැඟීමක් ඇතිවුණා...... ගෙනත් තිබු කෑලි හතරෙන් දෙකක්ම මං කෑවා තමයි........ අන්තිමට ඔයත් එක්ක පොර බදලා ඇවිල්ලා අනිත් කෑල්ලත් මට කන්න කිව්ව එක වෙනම කතාවක්......"

හොන්ෂි එලෙසින් කියද්දී ශාන්  ඇස් දෙකත් විසල් කරගෙන දැන් ඔහු දෙස බලාගෙන සිටින්නේය......

" යකෝ කේක් කෑලි හතරක් කාලද දැන් ඔය ඩස්බින් එකට දාපු කේක් කෑල්ල ගැන හිත හිත  අඬන්නේ..... උඹට ඉදුල් කටගාන්න ඇත්තෙ සවලකින්........"

ශාන්  කෑගසද්දී හොන්ෂි මූණත් අමුතුකරගෙන ඊලඟ කාඩ් එක මෙට්ටය මතින් දැමුවේය ....

",සවලකින් කියන්නේ ශාන් අයියේ ඔය කේක් ගේන කැෆේ එක තියෙන්නේ ෂූයෑන්ග් ගගා වැඩ කරන තැන ඉස්සරහමයිලු......එයා මාව බලන්න එනකොටත් ********** එකෙන් කේක් ගේනවා......."

ආෂ්........නම මතක නෑනේ ඒත්...... හොන්ෂියාගෙ කටින් කියවෙච්ච නම.........

ඇස් දෙක පියාගෙන ඉතාමත් සංයමයෙන් යුතුව එම මොහොත සිහි කරමින් සිටියත් ඉතින් ඒ නම ඇසෙන්නේ නැතිව අනෙක් සියල්ල ඔහුට හරි අපූරුවට ඇසුණේය.....ඉතින් කේන්තිය වැඩිකමටම ශාන් එහෙම්මම ඇදේ හාන්සිවුනේය .......

" ඇයි අප්පා මතක් වෙන්නෙ නැත්තෙ.......යූසේ මාව කාපිය.......ගල් භූතයා වගේ යන්න ගියා...... චූට්ටං ඉඟියක් වත් දීලා ගියානං මං උඹව හොයාගන්නවනේ ගැඩවිල් පනුවෝ......."

මේ වන විට ශාන්ගේ ඇඳේ පිළිවෙලට තබා තිබුණු කොට්ට සියල්ල කාමරය පුරා සීසීකඩ විසිවී ගොස් තිබුණු අතර බ්ලැන්කට් එකත් ඇඳ පාමුල බිමට වැටී අවසන්ය.....ඇඳට එලා තිබෙන ඇඳ රෙද්ද ගුලියක් ලෙසින් ශාන්ගේ කකුල් දෙක අසලයි.......

මෙතරම් වෙලාවක් පෙරළි කරමින් ඇද මත දිගා වී සිටි ෂාන් යළිත් ඇඳෙන් වාඩි වුණේය..... දිග කොණ්ඩය සම්පූර්ණයෙන්ම අවුල් වී ගොස් භාගයක් මුහුණටත් වැටී තිබෙන ආකාරයෙන් ඔහු සිටින පීඩනය හඳුනා ගන්නට අපහසු වන්නේ නැත......

" හරි ආපහු රිවන් කරමූ........වන් ටූ ත්‍රී......."

ටික වේලාවක් ඇඳ මත වාඩි වී සිටි ඔහු අත් දෙකෙන්ම ඔහුගේ කොන්ඩය පිටුපසට කර හදාගෙන  යළිත් ඇස් දෙක පියාගෙන එදා ඒ සිදුවීම නැවත වතාවක් සිහි කරන්නට පටන් ගත්තේය........

",සවලකින් කියන්නේ ශාන් අයියේ ඔය කේක් ගේන කැෆේ එක තියෙන්නේ ෂූයෑන්ග් ගගා වැඩ කරන තැන ඉස්සරහමයිලු......එයා මාව බලන්න එනකොටත් ********** එකෙන් කේක් ගේනවා......."

" අරින්නෙපා පුතා....... ආයෙ ආයෙත්..........ආයෙත් සිහිකරමු......."

හිතට කොයි තරම් කේන්තියක් දැනුනත් ඔහු දැන් මේ එය පාලනය කරගෙන උත්සාහ කරන්නේ ඒ නම සිහි කරන්නටයි........

" නෑ මං කොහොම හරි මේක මතක් කරනවා.......මම සාමාන්‍ය කොල්ලෙක් නෙවෙයි මං සිංහයෙක්..........I am a lion........ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න .......... ආපහු රිවන් කරන්න......."

",සවලකින් කියන්නේ ශාන් අයියේ ඔය කේක් ගේන කැෆේ එක තියෙන්නේ ෂූයෑන්ග් ගගා වැඩ කරන තැන ඉස්සරහමයිලු......එයා මාව බලන්න එනකොටත්  lian cafee එකෙන් කේක් ගේනවා......."

" yes......yes..... lian cafee......... හරිනේ........මං ලයන් කින්ග් කෙනෙක් තමයි ........ ඕක ඉක්මනින් නෝට් පෑඩ් එකට දාගන්න ඕන........"

පැය දෙකක පමණ වෙහෙසකින් පසුව ශාන්  හරි අපූරුවට කොෆී ෂොප් එකේ නම මතක් කරගත් අතර ඉක්මනින්  දුරකථනය රැගෙන එය නෝට්පෑඩ් එකේ සටහන් කරගත්තේය....

දැන් බලමු lian cafee කීයක් බෙයිජින් වල තියෙනවද කියලා ........

Google  එකෙන් lian cafee සර්ච් කරන්නට පටන්ගත් ශාන්ගේ ඇස් නලලට ගියේ ඉන් හයක් බෙයිජින් නගරය පුරාවට ව්‍යාප්ත වී තිබෙන බව දුටු නිසාවෙනි ...

",දැං ඉතින් මේ හයටම ගිහින් ඉස්සරහා හොස්පිට්ට්ල් එකක් තියෙන්නේ කෝකෙද කියලා බලලා ඒකට ගිහින් ඩොක්ටර් ෂූයෑන්ග් හොයාගනිංකො............යූසේ මාව කාපිය ......මගෙ ගොලු හදවත........."

ශාන්  තනිව මුමුණන අතරම නියෝට ඇමතුමක් අරගත්තේය ...........

" හෙල්..........ලෝ.........."

අනෙක් පසින්  නිදිබර ලෙසින් නියෝගේ හඬ ඇසෙද්දි ශාන්  නිකමට වෙලාව බැලුවේය.....

අප්පට සිරි ..... යකෝ දෙකට පහයි.......

" උඹ නිදිද කොල්ලො......."

" න්......නෑ මං මේ මල් වලට වතුර දානවා......යකෝ .....මේ වෙලාවට කෝල් අරගෙන නිදිද අහන්නේ......තෝ හිතුවද මං වවුලෙක් කියලා ......."

අනෙක් පසින් නියෝගේ කෑගැසීම් හඬ ඇසෙද්දි ශාන් මෝඩ අයුරින් සිනාසුනාට ඉතින් ඒ සිනහව නියෝට පෙනෙන්නේ නැත.......

" සොම්රි වෙයං බොක්ක.........හදිස්සියේම යූසේ ගැන විස්තර හොයාගන්න පොයින්ට් එකක් මතක්වුනා කියහංකො........."

ශාන්  තරමක් පහත් ස්වරයෙන් කියද්දී නිදිමත බේරෙමින් සිටි නියෝ ඉද්ද ගැසුවාක් මෙන් ඇද මතින් වාඩිවුනේය ........

" මොකක්ද බං........"

නියෝ උද්‍යෝගයෙන් අසද්දී  ශාන් බර හුස්මක් පිටකලේය .......

" ඩොක්ටර් ෂූයෑන්ග් හොයාගන්න පොටක් මේ හරිද...... හොන්ෂි ‍තමයි මේක මට කියලා තිබ්බේ............................................................"

ශාන්  lian cafee විස්තරය සවිස්තරාත්මකව නියෝට කීවේය ....

" හැබැයි පොඩි කොස්සක් තියෙනවා බං...."

අවසානයේ ශාන්  තරමක් පහත් හඩින් කියද්දී නියෝ කලබලයෙන් ......

" ඒ මොකක්ද බං......."

යැයි ඇසුවේය ......

" ඔය  lian cafee  හයක් බෙයිජින් වල තියෙනවා ..... අපිට ඒ අතරින් හොටෙල් එකක් ඉදිරියේ ඇති එක හොයාගන්න වෙනවා......"

" හ්ම්ම්ම්.........අපි කොහොම හරි හයටම යමු........එකකට දෙකකට සෙට් එකත් එක්කම යමු.......අපි ඉතින් ඉදහිට කැෆේ යනවනේ........අනික්වට හොරාට පනිමු........."

නියෝ එලෙසින් කියද්දී ශාන්  සිනාසුනේය .......නියෝගේ උනන්දුව ඔහුගේ හිතටත් සැනසීමක් ඇතිකර තිබුනි......

" එහෙනම් එහෙම කරමු මචං....... "

" මේ දැං මට නිදියන්න දීපං බං ....... ඉතුරුවා හිමීට කතාකරමු........අනික උඹ මෙච්චර රෑවෙනකල් ඇහැරගෙන මොන මගුලක් කරනවද.......නිදාගනිංකො........"

එපමණක් පැවසූ නියෝ ඇමතුම අවසන් කලේය ........

" මේ ගොලු හදවත මගෙ නින්ද මට නැතිකරලා තියෙන්නේ .........උඹව හම්බවුන දවසක බලාගන්නම් හරී..........මං උඹට කියනවා මාව උකුලෙ දාලා නිදිකරවන්න කියලා ............ආෂ්.......ඒ මොන කුනුහරපයක් ද...........ඔව් ඔව් වරෙං යූසේ මං කරන කුණුහරපයක් කරන්නෙ උඹත් එක්ක තමයි......."

සියල්ල පසෙකින් තබා නිදාගන්නට ගියත් ඊළඟට කොට්ට ඇද ඇතිරිලි ඇඳ උඩ නැති බව දුටු ශාන්  සුසුමක් පිට කරමින් ඇඳෙන් බිමට බැස්සේය.......මේ මොහොතේ පාවිච්චිය සඳහා එක කොට්ටයක් පමණක් හොයාගත් ඔහු එය ඇදට දමා ඇඳ රෙද්දක්වත් දමන්නේ නැතිව බ්ලැන්කට් එක පමණක් ඔසවාගෙන යළිත් ඇඳට ගොඩ වුණේය.........

" අපි දවස් දාහතරක් ඇදන් වල නිදියෑවෙ නෑ කොල්ලෝ ........ඉතින් මෙට්ට කවර මොකටද......"

බ්ලැන්කට් එක පොරවාගත් ඔහු දෙනෙත් පියාගත්තේ වෙලාව පාන්දර දෙක හමාරටත් ආසන්න වී තිබෙන නිසා කෙසේ හෝ නිදාගන්නට හිතාගෙනයි...

.
.
.
.

තවත් දින දෙකක් කිසිවක් කරගන්නට නොහැකිව ගත වී ගියේය.......දේශන අතරේ පැනගන්නට හැදුවත් ඉතින් ඒවා හිතන තරම් ලෙහෙසි පහසු කාරණා නොවේ.......

" අද නං අරුන් තුන්දෙනාට නිදි පෙති දීලා හරි පැනගන්න ඕනෙ නියෝ......"

තුන්වෙනි දිනයේ උදෑසන අනෙක් තිදෙනා එන්නට පෙර කොලේජ් එකට පැමිණී ෂාන් නියෝට එලෙසින් කියද්දී ඔහුත් එය අනුමත කලේය ......

" ඒත් මට හිතෙනවා දැන් උන් තුන්දෙනත් මේවා දැනගත්තොත් හොඳයි කියල...... මෙහෙම කට්ටි පනින එක ලේසි පාසු වැඩක් නෙමෙයි බං....... "

නියෝ රහසින් මෙන් ශාන් සමඟින් කියද්දී ඔහු නිහඬව ටික වෙලාවක් කල්පනා කරන්නට විය......දැන් මේ ඔවුන් දෙදෙනා සිටින්නේ ආපනශාලාව තුලයි.......උදෑසන දහයට ආරම්භ වන දේශනයට පෙර ඔවුන් මෙතනට වී සිටින්නේ අනෙක් තිදෙනාත් පැමිණි පසු උදෑසන ආහාර රැගෙනම දේශන ශාලාවට යන්නටයි.......

" උඹ හිතනවද අපිට ප්‍රශ්නයක් වෙන්නැති වෙයි කියල......."

ටික වෙලාවක් නිහඬව කල්පනා කරමින් සිටිෂාන් එලෙසින් අසද්දී නියෝ ඔව් යැයි හිස සැලුවේය ......

" මේ වෙලාවේ අපේ පැත්තට කවුරු කවුරු හරි ඉන්න ඕනෙ මචං....... අපි පස්දෙනා එදා ඉදලා එකට හිටපු එවුන්........මං දන්නවා උඹ උන් එක්ක මේවා කියන්නේ නැත්තේ උන්ටත් දරාගන්න අමාරු වෙයි කියලා උනත් ... මම හිතනවා දැන් හැමදේම උන්ට කියන්න වෙලාව ඇවිත් කියලා........"

දැන් දෙදෙනාට ඈතින් තව එකෙක් ඇවිදගෙන එන ආකාරය පෙනෙන අතර දුරකථනය අතට ගත් ශාන් google වෙතට ගොස් එක් lian cafee එකක් .....මේ ළඟ පාතම තිබෙන cafee එක සර්ච් කලේය ....

" එහෙනම් අද හවස තුනට අපි මේ කැපේ එකේදි විස්තරේ කියමු......"

ශාන්  එලෙසින් කියද්දී නියෝ තම්ස් අප් එකක් දුන්නේය ...

" එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි........අපේ උන් තුන්දෙනාට කතාවක් කියනවා , ඒ වටපිටාවේ හොස්පිටල් එකක් තියෙනවද කියලත් බලනවා......."

ඉතින් එලෙසින් සැලසුම් සකස්කර අවසන් වෙද්දී ලින් එතැනට ආවේය .......

" අර බේසාවෝ දෙන්නා තාම නෑ........"

සුපුරුදු පරිදි කේන්තියෙන් ඒ ලෙසින් පවසන අතරම ඔහු ශාන් අසලින් වාඩි වුණේය... ශාන් නියෝ වෙතට බැල්මක් හෙලුවේ දැන් ඉතින් මේ සියල්ල පවසන්නට යන්නේ මේ වගේ මිනිහෙකුට දැයි අසන්නට මෙනි.......

" තව විනාඩි 20ක් එහෙමම තියෙනවා බං......නිකං බොරුවට කෑගහන්නේ නැතුව හිටපන්......."

නියෝ ලින්ගේ හිසට ටොක්කක් අනිද්දී ලින් නිහඩව සිටියේය ........

" අපි නින්ග්බු යන්නෙ කවද්ද .........."

නියෝ ගොස් පස්දෙනාටම ආහාර ඇනවුම්කර පැමිණි පසුව ලින් යලිත් ඇසුවේය ....... නින්ග්බු  යන්නට අවශ්‍යතාව තිබෙන්නේ එරික් ගැන සොයා බැලීමටයි......

" high school එකේ නංගි ඉන්නවා කියලා විතරයි අපි දන්නේ........ඒ මනුස්සයාගේ නමක් ගමක් දන්නෑ ගෙදර ඇඩ්රස් එකක් දන්නේ නෑ......පොඩ්ඩක් හිටපන් මිනිහගේ පර්සනල් ඩීටේල්ස් ටික හොයාගන්නකල්......."

ශාන්  කියද්දී අනෙක් දෙදෙනාත් එතැනට ආවේය ...

" මට උඹලා හතර දෙනාටම කතාවක් කියන්න තියෙනවා......මේ කතාවේ භාගයක් නියෝ දන්නවා.......... අද තුනට අපි මේ ලඟ තියෙන කැෆේ එකකට යමු........"

ටික වෙලාවක් නිහඬව පස්දෙනාම උදෑසන ආහාර ගන්නා අතර ශාන්  තරමක් බරපතල ලෙස එලෙසින් කියද්දී මේ කිසිවක් නොදන්නා මිතුරන් තිදෙනා ටික වේලාවක් ෂාන් දෙස බලාගෙන සිටියේය........

" මට හිතෙන දේ මං කියන්නද......"

යුවාන්  එක්වරම කියද්දී ශාන්  සහ නියෝ මුහුණට මුහුණ බලාගෙන යළිත් යුවාන් දෙස බැලුවේය ......

" උඹලා දෙන්න කපල් වෙලා කියලද අපිට කියන්න යන්නේ?........"

කැහ්.......කැහ්.......කැහ්...........

ශාන්ට කෑමත් ඉස්මොල්ලේ යද්දී ඔහු අසලම වාඩිවී සිටි ලින් ශාන්ගේ පිටට පෙර දින රාත්‍රියේ කාපුවාත්  පිටට එන ලෙසින් පහර කිහිපයක් එල්ල කලේය ...

" ආයි #ත්තො......... කෑම ඩිංගක් බං මට අලියෙක් හිරවුනේ නෑ........."

ශාන්  එලෙසින් කෑ ගැසූ අතර ක්ෂණයකින් ඔහුට කවුරුන්දෝ සිහිවී පපුව මැදින් වේදනාවක් ඇදී ගියේය ....

" මේම බලපන් මේක කවදාවත් නැතුව අමුතු ටෝක් දෙනවා......... "

ඒ අස්සේ ලින් සිනාසෙද්දී නියෝ කලකිරීම පිරුණු සුසුමක් පිට කළේය.......

" හරි දැන් තෝ කියපන් බලන්න අපි දෙන්න කපල් වෙලා කියලා උඹ හිතුවේ ඇයි......."

තත්ත්වය තරමක් සමාදානයට පත් වෙද්දී ෂාන් යළිත් ඇසුවේය........

" ඇයි යකෝ මේ ළඟදි එක දවසක් උඹල දෙන්නම ලෙක්චර්ස් කට් කරලා අතුරුදහන් වුනා......ඊළඟට මේ සඳුදා මූට එසේ කැක්කුම හැදුනා කියලා තෝත් ගිහින් සික් රූම් එකේ හිටියා.......... කවදාවත් ලේක්චර්ස් කට් කරන්නෙ නැති අපේ කණ්ඩායමේ ආදර්ශමත් ම නියෝ බොසා මූ අතුරුදහන් වෙලා ඉදලා ආවට පස්සේ දැන් දෙපාරක් ලෙක්චර්ස් කට් කලා.........ඊලඟට වැදගත්ම දේ තමයි ...... උඹ වෙනදට හැම ප්‍රශ්නෙම කතා කරන්න ක්ලබ් එකට සෙට් වෙමු කිව්වත් අද කැෆේ එකට සෙට්වෙමු කිව්වා........ඒක නිකං රෝමාන්තික ෆීලින් එකක් නෙමෙයිද.........ඒ වගේ වැදගත් දෙයක් කියන්න තමයි ඒ වගේ තැනකට යන්නේ......."

,යුවාන් ඉතාමත් පැහැදිලිව දෙදෙනා කපල් එකක් යනුවෙන් තමන් සැක කළ ආකාරය පවසද්දී එය අනුමත කරන්නට මෙන් ලින් තුන් හතර වතාවක් වේගයෙන් හිස සලා ශාන්ගේ අතකින් අල්ලාගත්තේය .......

" උඹල දෙන්න කපල් එකක් උනා කියලා අපිට කිසීම ප්‍රශ්නයක් නෑ මචන්......ලව් ඊස් ලව්......... ෆීලින්ග්ස් උඹේනං ........ අපිට පුපේ අමාරුව නෑ හිනාවෙන්න.......දෙන්නා  චුට්ටක් ගැලපෙන්නෙ නෑ තමයි ............හරියට කේක් කෑල්ලක් චිලි පේස්ට් එක්ක කනවා වගේ ෆීලින්ග් එකක් එනවා තමයි......ඒත් දෙන්නට දෙන්නා පණ ඇරලනං අපි එකෙන්ම සපෝට්.......මොකෝ කියන්නෙ මල් බාල්දියක් ද්..............."

" යකෝ නියෝ.......උඹ මෙච්චර බරපතල කාරණාවක් මේ වගේ ගොන්නු තුන්දෙනෙක් එක්කද මට කියන්න කියන්නේ?.........."

ලින්ගේ සාධාරණීකරණය අසාගෙන ඉන්නට නොහැකිවූ තැන table එකටත් වේගයෙන් පහරක් එල්ල කරන ගමන් ෂාන් කෑ ගසද්දී වටපිටාවේ ආසනවල වාඩිවී ආහාර ගනිමින් සිටි බොහෝ දෙනෙකුගේ අවධානයත් ඔවුන් වෙතට යොමුවුණේය.......

ශාන්  වටපිටාවේ සිටින අයට හරි අපූරු බැල්මක් හෙළද්දි සියල්ලෝම ඉක්මනින් යළිත් ඔවුන්ගේ කටයුතුවලට අවධානය යොමු කළේය......

" සිද්ධිය මොකක්ද කියපල්ලකෝ......හරි ඔන්න අපි ආයේ විහිළු කරන්නේ නෑ........"

මේ සියල්ල දෙස නිහඬව අවධානය යොමු කරගෙන සිටි රෑන්ග් කියද්දී ශාන්  බර හුස්මක් පිටකලේය ......

" ඒක මෙතන කියන්න බෑනේ. දැන් කාපල්ලාකෝ...... අපි තුනට කියපු තැනට යමු........"

ශාන් කේන්තියෙන් සිටින බව දුටු නියෝ එලෙසින් පවසද්දී අනෙක් තිදෙනාත් ඊට එකඟ වී නිහඬව ආහාර ගත් අතර ඒත් සමගම දේශණය සඳහා වෙලාව පැමිණ තිබුණු නිසා ඔවුන් ඊට සහභාගී වුනේය ........

.
.
.
.
.

" මම ඔයා කියපු විදිහට තමයි ඇස්තමේන්තුව හැදුවේ........මම හිතන්නේ ඒක හින්ද වෙන්න ඇති අපිට මේ පාර ටෙන්ඩර් එක ඕකේ උනේ.......මිස්ටර් කෙවින් කියනවා ශාන් පුතා මේකට ෆුල් ටයිම් එන්ටර් උනොත් එහෙම වැටිලා තියෙන තැනින් ගොඩ යන්න පුළුවන් කියලා....."

වෙලාව සවස හත පසු වෙමින් තිබුණි.......සුපුරුදු පරිදි දැන් හැමදාමත් සවස හයේ සිට රාත්‍රියේ අට පමණ වනතුරු ශාන්  සහ යීහා නිවසේ ඇගේ කාමරයට වී ආයතනයේ වැඩ කටයුතු සාකච්ඡා කරන්නේය.......

" මිස්ටර් කෙවින් කියනවා වගේ අර එකවුන්ටින් සයිඩ් එක බාරව ඉන්න ඉවෝන් ගෑනිව මට සැකයි මමා........"

අද දවසේ තොරතුරු පරීක්ෂා කරන අතර ශාන්  කියද්දී යීහා නිහඩව තම පුතුන් හට ඇහුම්කන් දෙන්නේය ....

" මටත් එහෙම සැකයක් ඇවිල්ල තියෙනව......ඒත් එයා කවුරු වෙනුවෙන් ද ඒ වගේ දේවල් කරන්නේ......ඉවෝන් පපා ඉන්න කාලෙ ඉදන් වැඩකරන්නේ.........."

ටික වේලාවක් නිහඬව සිටි යීහා එලෙසින් කියද්දී ෂාන් බරපතල පෙනුමකින් තම මව දෙස බැලුවේය.......

" අපිට ළඟින්ම ඉන්නවා වගේ පෙන්නන හුඟාක් අය එහෙම නෑ මාම්........ ළඟම ඉන්න මිනිස්සු ගැන තමා අවධානයෙන් ඉන්න වෙලා තියෙන්නේ........ඒක ඔයා කම්පැනිය ඇතුලෙදිත් හොඳට මතක තියාගෙන වැඩ කරන්න......."

කවදාවත් නැතුව ඉතාමත් බරපතල ලෙසින් ෂාන් එලෙසින් කතා කරද්දී යීහා ඇස් දෙකත් අමුතු කරමින් ඔහු දෙස බැලුවේය .... ශාන්  වේදනාව පිරුණු මුහුණක් සමගින් යළිත් ලැප් එක දෙස බැලුවත් මාස එකහමාරක් පමණ පුරාවට හිතේ තිබෙන සැකය වචන වලට හරවන්නට ඇයට සිතුනි.......

" සුදූ.........."

යීහා සෙමින් කතාකරද්දී  ඇය අසන්නට යන්නේ කුමක්දැයි නිකමට හිතුණු නිසාවෙන්දෝ ශාන්  හිස හරවන්නේ වත් නැතිව

" හ්ම්......."

යැයි පවසමින් කරගෙන ගිය රාජකාරිය එලෙසින්ම කරගෙන යන්නට විය......

" ඔයා මොකක්ද මට නොකියා හංගගෙන ඉන්නේ........ඔයාගේ අතුරුදහන් වීමත් එක්ක ඔයා හුඟක් වෙනස් වුනා සුදු......... මමීට ඒ දේවල් කියන්න බැරි තරම් ඈතයිද......."

යීහා වේදනාව පිරුණු කටහඬකින් එලෙසින් අසද්දී ශාන්  ඇගේ අතකින් අල්ලාගත්තේය .....

" එහෙම නෑ මමා.........ඔයාට කියන්න දෙයක් නෑ කියලා මම කියන්නේ නෑ.......කියන්න දෙයක් තියෙනවා.......හැබැයි  තව ටික දවසක් ඉවසන්න.......දැනට මම කියපු විදිහට අපිට ළඟින්ම ඉන්න මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න......හැබැයි හිතේ සැකයක් තියාගෙන ඉන්නවා කියන එක පෙන්නන්න එපා......."

" සුදූ............"

යීහා ශාන්ගේ අත අත් දෙකෙන්ම අල්ලා ගත්තේ හිතට ඇතිවූ තැතිගැන්ම නිසාවෙනි.......ළඟින්ම සිටින මිනිසුන්.........එය වචනය ඇහෙද්දී තැති ගැන්මක් නිරායාසයෙන්ම හදවතට ඇතිවන්නේය........

" මාම්ස්...... ප්ලීස් ........අපි මුලින්ම මේ බිස්නස් ගැටළු ටික නිරාකරණය කරගනිමු...... හ්ම්ම්ම්.......මං ඔයාට හැමදේම කියනවා කියලා පොරොන්දු වුනානේ......"

යීහා යළිත් කිසිවක් කියන්නට ගියේ නැත.....ඇය බර හුස්මක් පිටකරද්දී ශාන්  ඇගේ හිස අතගෑවේය ..... ඉතින් කියන්නට කතාවක් තිබෙන බව ඒ මොහොතේ ඇය ප්‍රත්‍යක්ෂ කරගත් අතර කොයිතරම් කුතුහලයක් තිබුණත් ෂාන් ඒවා පවසන්නට සූදානම් වන තුරු නිහඬ වන්නට ඇය තීරණය කලේය ....

කුමක් හෝ පරිවර්තනයක් සිදුවී තිබුණත් , තමන් අසලම සිටින කවුරුන් හෝ මේ සියල්ල පිටුපස සිටිනවා යැයි සිතුනත් ශාන්ගේ  ධනාත්මක වෙනස්වීම පිළිබඳව ඇය සිටින්නේ සතුටින් ය.... ඉතින් කිසිම විටෙක ඔහු යළිත් අවදානමකට නොවැටේවියයි ඇය ස්තීරව දැනගත්තේය .........

කිසිම වගකීමක් නැතුව ජීවත් වූ නිසා ඔහු අනතුරට වැටුණු බව යීහා ශාන්  අතුරුදහන් වුනු දිනයේම තේරුම් ගත්තේය........නමුත් දැන් මෙතන සිටින්නේ කරුණු කාරණා අවබෝධ කරගත් දරුවෙකි.......ඉතින් ඔහොම සියල්ල පවසන තුරු නිහඬව සිටින්නට ඇය සිතාගත්තේය .....

අද ගියපු කැෆේ එක ලඟ හොස්පිට්ට්ල් එකක් නෑ...... ඒ කියන්නේ තව පහක් ඉතුරුයි.......

යීහා සමඟ  ආයතනයේ වැඩ කටයුතු අවසන් කළ ශාන්  ඇය සමග රාත්‍රී ආහාරත් රැගෙන කාමරයට ආවේය...... දැන් ඉතින් ඊළඟට ඩොක්ටර් ෂූයෑන්ග්  සෙවීමේ මෙහෙයුම පිළිබඳව කල්පනා කරන්නට ඔහුට ඉතිරිවී ඇත........

අතුරුදහන් වන්නට පෙර අධ්‍යාපන කටයුතු පිළිබඳවත් හරියට අවධානය යොමු නොකළ ෂියාඕ ශාන් නැමැති සෙල්ලක්කාර තරුණයා දැන් උදෑසන පටන් සවස තුන හතර වනතුරු අධ්‍යාපන කටයුතුවලටත් ඔහුගේ අවධානය යොමු කරන අතර , ආයතනයේ වැඩ කටයුතු පවා රහසිගතව මව සමගින් සොයා බලන්නේය........ඊළඟට ඔහුගේ රහසිගත මෙහෙයුම , ඔහු ඒ වෙනුවෙන්ද කාලය වැය කරන්නේය.......ඉතින් දැන් ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වගකීම් පිරුණු තරුණයෙක් බවට පත්වී ඇත......

මේ සියල්ල ඒ ආකාරයෙන් සිදු කළත් පිටතට පෙනෙන්නට සෙල්ලක්කාර ශාන්ගේ චරිතයටත් හරි අපූරුවට පණ පොවන්නේය.......

කතාව අහල අරුන් තුන්දෙනා මාව කාපු නැති ටික විතරයි...නියෝට විතරක් මුලින්ම ඒ ගැන කිව්වේ ඇයි උගේ මොකක්ද ලොකු කියලා කැෆේ එක කුඩු කරන්න හැදුවා කඩප්පුලි ලිනා...... දැන් ඔක්කොටම වඩා ඌට තමා උවමනාව තියෙන්නේ මගේ ජීවිතය බේරගත්ත යූසේව හොයාගන්න.......මං හොන්ෂි ගැන කිව්වහම ඌත් කියනවා හොයාගෙන මොනම හරි ක්‍රමයකින් ගෙදරටම ගමු කියල....... දැන් හිතට සැනසීමයි......මාම්ට මේ ගැන කිව්වට පස්සේ මට වෙන මොනවත් ඕනේ නෑ........

ටේබල් එක අසල වාඩිවී සිටි ශාන්  බර හුස්මක් පිටකරමින්  අවශ්‍ය තොරතුරු සටහන් කර අවසානයේ එතැනින් නැගිට බැල්කනියට ආවේය .....

යූසේ දැන් මම පෙනෙන්නට පැමිණෙන්නේ නැති බව ඔහුගේ හිත දන්නා නමුත් ශාන්ගේ  මූලික අරමුණ වන්නේ හොන්ෂිව සොයාගැනීමයි...... ඔහුව තමන් ළඟට අර ගැනීමට ශාන්ගේ  හිතට ඇත්තේ පුදුමාකාර හදිස්සියකි.......මෙතරම් කාලයකට සහෝදරයකුගේ සෙනෙහසක් දැනී නොතිබුණු ශාන්ගේ හිතට හොන්ෂි ගෙවී ගිය දින කිහිපයට ළංවුණු අපූරුව ඔහුටත් හිතාගන්නට නොහැකි වී ඇත.........

එදා අන්තිම වෙලාවේ දොරෙන් එළියට බැහැල යනකොට මගෙ දිහා හැරිලා බලපු විදිහ මට මතක් වෙනකොට පපුව රිදෙනවා........ ඔයාලා  දෙන්නම මට මාව නැති කරලා තියෙන්නේ...

ශාන්  බර හුස්මක් පිටකලේය ......... අදුරේම බැල්කනියේ කෙටි තාප්පයට බර වී  කල්පනා කරමින් සිටින ශාන්  තෝමස් වටපිට බලමින් ස්ටෝරෝම් දෙසට ඇවිදගෙන යන ආකාරය දුටුවේය ..........

මිනිහා එච්චර වටපිට බලන්නේ මොකටද....... ස්ටෝරූම්  පැත්තට හොර ගමනක් වගේ යන්නේ....හ්ම්ම්ම්.........මට තොම් ව සැකයි.....

තෝමස් තවමත් ඒ දෙසට ඇවිද යන අතරයි...... දරාගන්නට බැරි සැකයක් හිතට දැනුණු නිසාම බැල්කනිය අසල තිබෙන ජනේලයේ එල්ලී ඔහු පහලට ආවේ කිසිවෙකුට නොපෙනෙන්නටයි....

මේ හැකියාවන් නම් ඉතින් ශාන් හට ලැබුනේ ඔහු මේවාට පොළඹ වන්නට උත්සාහ කළ මිනිසුන් නිසා යැයි කීවොත් නිවැරදිය ........ සමහර දවස්වලට ක්ලබ් යන්නට එපා යැයි පවසමින් ශාන්ගේ මව ඔහු සමග රණ්ඩු උණු විට ඇය ශාන්ව කාමරයට දමා දොර අගුළුලා යතුර අතට ගන්නේය.........එවන් අවස්ථාවලදී මෙතැනින් පහළට බසින්නට ශාන්  පුරුදුවී සිටියේය ..........

සද්දයක් නෑසෙන ලෙසින් පහළට බැස තෝමස් යන දෙසට සෙමින් සෙමින් ඇවිදගෙන යන්නට පටන් ගත් ශාන්  තෝමස් එක්වරම නතරවෙද්දී  ගසකට මුවා වී නතර වුණේය....

කවුරුන් හෝ තමන් පිටුපස එන බවක් නිකමට හිතුණු නිසාදෝ ඔහු හිටගෙන සිටින තැන සිටම වටයක් කරකැවී දැන් ආපහු ස්ටෝරූම් දෙසට ගමන් කරන්නේය.........

ඔහුගේ එම ක්‍රියාවෙන් ශාන්ගේ  හිතේ තිබුණු සැකය යළිත් වඩා වර්ධනය විය....... මේ වන විට ඔවුන් දෙදෙනාම සිටින්නේ ස්ටෝරූම් එක ආසන්නයේය ......

නිවසට ගබඩා කාමරය කෙලින්ම දර්ශනය වන්නේ නැති අතර නිවසේ සිට මීටර් දෙසීයක් පමණ දුරින් එය පිහිටා ඇත...... ශාන්  මේ දෙසට එන්නෙත් මේ අවුරුදු ගණනාවකට පසුවයි....... නිවසින් වාහන අංගනය අසලට හෝ අනෙක් පස තිබෙන උද්‍යානයට එනවා ඇරෙන්නට මේ පැත්තට ඔහු එන්නෙම නැති තරම්ය........

අප්පට සිරි ගෙදරටත් නැති ගාඩ් එකක්නේ ස්ටෝරූම් එකට  තියෙන්නේ........

තවත් ටිකක් ගබඩා කාමරය අසලට ලංවෙද්දි එතැන සිටි ආරක්ෂක නිලධාරීන් තුන් හතර දෙනා දුටු ශාන්  ගමන නතර කර නොපෙනෙන්නට මුවා වී එලෙසින් සිතූ අතර කුමක් නමුත් ඔහුගේ සිතට බරපතල සැකයක්ද ඇතිවෙන්නට පටන් ගත්තේය......නමුත් දැන් මේ මොහොතේ එතැනට යන්නට නොහැකි බව ඔහු තේරුම් ගත් අතර සිදු වෙන්නේ කුමක්දැයි ටික වේලාවක් මෙතනට වී බලාගෙන සිටින්නට තීරණය කළේය..........

තෝමස් එතැන සිටින ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනා අතරට ඇවිද ගිය අතර දැන් ඔවුන් හතර දෙනා බර සාකච්ඡාවකයි....... තෝමස් අතපය දිගු කරමින් මොනවාදෝ පවසද්දී එක් ආරක්ෂක නිලධාරියෙක් ගබඩා කාමරය පෙන්වමින් තවත් මොනවාදෝ පැවසුවේය......... අවසානයේ තෝමස් සහ තවත් එක් අයෙක් ගබඩා කාමරය විවෘත කරගෙන ඊට ඇතුළු වූ අතර අනෙක් දෙදෙනා දොර අසල හිටගත්තේය ....

මෙතනට ඉස්සර ඉඳලා ගාඩ් එකක් තිබ්බද දන්නේ නෑ.......ඉතින් ස්ටෝරූම් එකට  හොරගල් අහුල අහුල එන්න ඕනෙද........ එරික් ගැන තෝමස් කිසි දෙයක් දන්නෙ නෑ කියලද දැන් මම හිතන්න ඕන.......මිනිහ මට මොනවා හරි හැංගුවා වෙන්න බැරිද....... ස්ටෝරූම් එක ඇතුලේ මොනවද තියෙන්නේ?....... යකෝ මේක රහස් ගුහාවක්නේ....... මේක අස්සේ ජීවත් වෙන්නත් බය හිතෙනවා........

කිසිවෙකුට නොපෙනෙන ලෙසින් මුවාවී  ගබඩා කාමරය දෙස බලාගෙන සිටින අතර ශාන් හට හිතන්නට දේවල් නම් බොහෝමයක් එකතු වී ඇත... හරියටම විනාඩි පහළොවකට පමණ පසුව ගබඩා කාමරය තුළට ගිය දෙදෙනාම යලිත් ඉන් පිටතට පැමිණි අතර මට අසලට වී සිටි දෙදෙනා සමගින් තවත් ටික වේලාවක් කතා කරමින් සිටි තෝමස් එතැනින් යන්නට ගියේය .........

ස්ටෝරූම් එකට  එක්ස්ට්‍රා ඩෝ  එකක් නෑ......... ඒ කියන්නේ වෙන ඇතුල් වෙන්න තැනක් නෑ....... ස්ටෝරූම් එක කිව්වට මේක කොච්චර ලොකුද...... මං මෙහෙට ඇවිත් අවුරුදු අටක්  උනාට එක වතාවක්වත් ඕක ඇතුළට ගිහින් නෑ........ අපේ ගෙදර........... වහල දාලා තියෙන අපේ ගෙවල් පැත්තෙ යන්නත් ඕනේ........හැබැයි අද හෙට ගියොත් එහෙම කට්ටියට තවත් සැක හිතෙනවා.....ඒවා පස්සට කල් දාමුකෝ.......ඔක්කොටම කලින් මේ පැටලිලා තියෙන නූල් බෝලෙ  ලෙහා ගන්න එපැයි..

තෝමස් යලිත් ආරක්ෂකයින්ගේ නිවාස දෙසට නොපෙනී යනතුරුම බලාගෙන සිටි ෂාන් පහත මාලයට බැසගත් තැනින්ම ඔහුගේ කාමරයට ගොඩ වී බැල්කනියේ දොරත් වසාගෙන කාමරයට ගියත් ඉතින් හිතේ බර නම් අවසන් වී නැත.......

" හැමදේම පෙනුනත් හැමදේම ඇහුනත් මම මෙච්චර කාලයක් ඉඳලා තියෙන්නේ  ඇස් කන් ඇරගත්ත මෝඩයෙක් වගේ...... මාව ඒ තත්ත්වයට පත් කළේ මොකාද කියන්න මම දන්නේ නෑ හැබැයි ඌ කවුරු වුණත් ඌට සෑහෙන විඳවන්න වෙනවා....... ඒකම නම් මගේ යූසෙගෙ පවුල විනාශ කරන්නත් හේතුව වුණේ දඬුවමට ඩබල් වෙයි.......  මිනිස්සුන්ට මේ තරම් නපුරු වෙන්න පුළුවන්ද..........  හොන්ෂිගෙ පවුල , යූසේගේ පවුල ........ඇයි මිනිස්සු මේ තරම් තිරිසන් වැඩ කරන්නේ........ එතකොට මගේ පපා......... එයත් .........එයත් මැරුනෙ වෙඩිකාලා...... හ්ම්ම්ම්......... හිතන්න දේවල් ගොඩයි......... යූසේ ඉක්මනින් වරෙං බං......... මට මේවා උඹත් එක්ක කියන්න ඕන.......... ගොලුවෙක් වගේ අහගෙන හිටියත් මට කියන්න ඕන.......... "

සෑහෙන වේලාවක් කල්පනා කරමින් සිටි ශාන් නින්දට වැටුනේය ...........

❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

සමු අරන් නුඹ එදා දුර ගියපු මොහොතේදි..
සිතිවිලිත් සිර වුණා හැර යන්න බැරි වෙද්දි..
නැවත මුණගැහෙන්නේ කවදාද විමසද්දි..
නෙතු සෙව්වෙ ඔය රුවයි තනිවෙනා යාමේදි..

හොරැහින්ම නුඹෙ ළයට තුරුළු කර සැනසෙද්දි..
නුහුරු හැඟුමන් සිතේ ඉපදුණේ උණුහුමෙදි..
මඟ බලා මා ඉන්න වග නුඹට සිහිවෙද්දි..
විගස එනවද පුදා සැනසීම විගසකදි..

ආදරණීය යූසේට... 💚
ශාන්ගෙන්... ❤️•

Shihara_YZ ආදරණීය කවිකාරිගෙන් අදත් කාව්‍යමය සාරාංශයක් .......💚❤💛

**
**
**
**
**

මතුසම්බන්දයි ...............

...................................................................................................

✒️ රහස් ගුහාවෙ රහස් එකින් එක ඇදලා ගමු.........

✒️ ෂූයෑන්ග් ගේ හොස්පිට්ට්ල් එක හොයාගනීද.......

✒️ යූසේව ඉක්මනින් ගේනවා.....ඊට කලින් හොන්ෂි බබාව හොයාගමුකෝ............චුට්ටක් ඉවසන්න ඉතින් ...

✒️ හෙට 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 අරගෙන එන්නම් ........

✒️ හැමෝම පරිස්සමට නිරෝගීව ඉන්න .....💚❤💛

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

125K 28.2K 76
හීන ........ හැමෝගෙම හිත්වල හීන තියෙනවා .... ඒත් විවිධාකාරයි.... සමහර හීන අහසට පොළොව වගේ...... ඒත් කොතනකදි හරි මේ හීන එකට මුණගැහුනොත්...... එහෙම වෙ...
154K 22.1K 16
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
106K 6.3K 44
တကယ်တော့ အချစ်ဆိုတာ စကားလုံးတွေနဲ့ လှပအောင် ပုံဖော်ထားတဲ့ အဆိပ်မီးတောက်လေး တစ်ခုပါဘဲ 🔥
271K 17.6K 75
ជុងគុក"ស្នេហាមួយនេះកើតឡើងដោយការជួបគ្នាដោយចៃដន្យរវាងបងនិងអូនតែប៉ុណ្ណោះ តែវត្តមានរបស់អូនដែលចូលមកក្នុងជីវិតរបស់បង គឺដូចជាពន្លឺដែលរះបំភ្លឺបងអោយចេញពីភាពងង...