අමතක නොකර ලස්සන කමෙන්ට් එකක් වගේ වෝට් එකක් දාගෙන යන්න🤍🩷
කෝල් එක ඉවර වෙලා දඩේ ඔනේත් නෑ යන්න ගෑවා.....මගේ අතේ වැරැද්ද මමයි මාර්ග නීතී පිලිපැද්දේ නැත්තේ ඉතින් සල්ලී කොච්චර තිබ්බත් බලේ කොච්චර තිබ්බත් වැඩක් නෑ නේ වැරැද්දක් පිලිගන්නේ නැතුව කොන්ද පන නැති පොන්නයෙක් වගේ හිටියොත්... ඒ නිසා මම ගිහින් පොලිස් ජීප් එකෙන් ඉදගත්තා..
"සර්...සර්ට යන්න පුලුවන්.."
"දන්නවා..එත් මගේ මෙතන වැරැද්දක් තියෙනවා නේ..තියෝන් මුතුකුමාරන් මහරත්න ගේ මල්ලී නෙමී මෙතන ඉන්නේ සමාන්‍ය මනුස්සයෙක් කියලා හිතලා...උන්ට දෙන දඩුවමම දෙනවා..අහ්හ් මෙන්න පනස් දාහා.."
මම එහෙම කියලා පොලිස් ජීප් එකට නගින්න යනකොට අර රවනාශ්ත්‍ර පකා මගේ අතින් ඇදලා මාව පිටිපස්සට කලා..අම්මපා අතත් ගැලවුනාද කොහෙද ඌ ඇද්ද පාර..මූ මොකාටද මේ ලෑස්තී වෙන්නේ..
"මාත් නදීශ් කරපු වැරැද්දම කලා මම ගාව කෑශ් නෑ..මොබයිල් පේ හරි කාඩ් පේමන්ට් හරි තියෙනවද?"
"අනේ...නෑ නේ සර්.."
"හරි ඒකට කමක් නෑ මම ඩැඩාගේන් ඉල්ලා දෙන්නම්...මාත් එනවා හිර කූඩුවට යන්න.."
"ඒත්..සර්.."
"මේ අහන්න මන් අතිනුත් වැරැද්දක් වුනා..ඒ වගේම නදීශ් අතිනුත් වැරැද්දක් වුනා.. ඒ නිසා එයා කියපු විදියට අපිට හරියයන දඩුවම දෙන්න "
ඌ එහෙම කියන ගමන් වාහනේට නැග්ගා..මම මෙච්චර වෙලා උගේ පිටිපස්සේ ඉදන් ඒ පිට දිහා බලාගෙන ඉදලා උගේ ශර්ට් එකට එක පැටර්න් හිතෙන් මැව්වා.. හරියට නිකන් මල් මල් තියෙනව ඒවා කොටු කොටු තියෙන ඒවා..අන්න ඒවගේ ඒවා....කොහොමහරී මායි උයී දෙන්නම පොලිස් ජීප් එකේ නාලන්දේ , වෙස්ලී එක පහු කරගෙන බන්දනාගාරෙට ඇතුල් වුනා.. මටත් ඉතින් කොලු කමට පට්ට ආසවක් තිබ්බේ වැලිකඩ මොන වගේද කියලා බලන්න ඒ හින්දා පොලිස් අන්කල්ට මම් කිව්වා වැලිකඩ යමු කියලා..එච්චර බරපතල වැරැද්දක් නැතත් මට ඒක කොයි වගේද කියලා බලන්න හෙන කුතුහලයක් තිබ්බේ..... අපේ තාත්තා දැනගත්තොත් එහෙම මාව මරලා එයා වැලිකඩ එයි...ඒ නිසා මම යාලුවන්ට කිව්වා මායි රව්නාශ්ත්‍රයි උට බෙහෙත් ගන්න ආවා කියලා..සොරි සුදූ උබ අද ඉදන් ලෙඩෙක් වෙයන්..උගෙ පනු අමාරැවට බෙහෙත් ගන්න අපි ආවා
හොස්පිටල් එකට zeeva ...
සමාවෙන්න එහෙට නෙමී
වැලිකඩ බන්දනාගාරෙට..
අපි ඇතුල් වුනා....මාවයි රවනාශ්ත්‍රවයි අරගෙන ආපු පොලිස් අන්කල් අපිව වෙන ලොකු පොලිස් අන්කල් කෙනෙක්ට දුන්නා... එතකොට අර අපිව අරගෙන ආපු පොලිස් අන්කල් අපිව දීපූ පොලිස් අන්කල්ට කතා කලේ "සර් " කියලා වෙනකොට කිසිම ලොකු කමක් නැතුව අනිත් පොලිස් අන්කල් උත් "සර්" කියලා කතා කරා....කෙනෙක්ට සර් මිස් කියලා කතා කරන්න ඕනා ඒ කෙනත් අනිත් පැත්තට එහෙම අපිට කියනවනම් විතරයි..ඔය සර්, මිස් ගාන ඒවා ලන්කාවට ආවේ බ්‍රතානය අපේ රට අල්ලගෙන ඉන්න කාලේ..... ස්කැන්ඩනේවියන් රටවල් වල කාට වුනත් නම කියලා කතා කරන්නේ, එහෙම නැත්තන් අන්තිම නමට හෝ මුල් නමට සර් මිස් කියන කෑල්ල ඇඩ් කරලා... උබ ජනාදිපති බැරි නම ඕන එකෙක් නිකන් කැශුවලි නම කියලා කතා කරන්නේ.. ඉතින් ාර පොලිස් අන්කල් මාවයි රව්නාශහ්ත්‍ර වයි අරගෙන කූඩු වටේ ගෙනිච්චා..
"දන්නවද පුතා මෙහෙ මිනිස්සූ අපා දුක් විදිනවා..අපිත් තිරිසන්නූ වගේ බීගෙන උන්ට ගහනවා..මෙකේ ඉන්න සමහරක් සමහර විට නිකන් වැරැද්දක්වත් නොකර හිරේ ගිය උන් වෙන්නැති..එත් සමහරක් ඉන්නවා මේ හිර ගෙදර ඉන්න තියා මේ මහ පොලවෙවත් ඉන්න වටින්නේ නැති කාලකන්නී.. වැරැද්දක් කරන්න කලින් සිය දහස් වාරයක් හිතන්න පුතා....උබලා එහෙම බරපතල වැරදි කරන්නේ නෑ කියලා දන්නවා....උබලාගේ කොලු කමට පාරේ රේස් පැද්දට නිකන් හිතපන් උබලට මොනා හරි වුනානම්..උබලගේ අම්මලා තාත්තලා බලාගෙන ඉන්නවා නේද..? උබලා මොන දේ කරත් උබලා දෙමාපියන්ට නයයි කියලා මතක තියාගනිල්ලා....උබලා වෙනුවෙන් දෙන්නෙක් බලාගෙන ඉන්නවා මොන ලෝකේ හිටියත්.. "
"හ්ම්ම්.."
"හ්ම්ම්...අන්කල් ගේ නම මොකක්ද?"
"මම.. අජිත් අගාර අබේවාර්දන"
"වාව් අන්කල්...නම් තුනම පටන් ගන්නේ එකම අකුරෙන් නේ.."
"ඒකනේ..උබේ නම මොකක්ද පුතේ?"
"මම නදීශ්"
මම අනවශ්‍ය අවදානයක් ගන්න ඕනේ නැති නිසා මුල් නම විතරක් කිව්වා..
"මම හැමෝටම සලකන්නේ එකම විදියට පුතේ උබේ මුලු නමම කියපන්.. මම දන්නවා අනිවාර්‍යෙන් උබ කව්‍රැහරි බලවතෙක් එක්ක කනෙක්ශන් එකක් තියෙන ඒකෙක් කියලා..නැත්තන් උබ ඉල්ලපු ගමන් අරෑ උබව වැලිකඩ බලන්න එක්කන් එන්නේ නෑ නේ?"
"අපෝ පොලිස් අන්කල්..ඔයාගේ කනෙන් රින්ගනවා කියන්නේ හෙන පචයක් නේ... ෆෙලිස්තේ නදීශ් තරුෂන් මුතුකුමාරන් මහරත්න"
"අහ්හ්හ්..අපේ රෙහාන්ගේ පුතන්ඩියා නේ...උබ නේද පොඩි එකා?"
"ඕඕඕ...
"ඔය අනිත් ලමයගේ නම මොක්ද?...දැක්කම නම් මට හිතෙන්නේ මහේශ් ගේ ලමෙක් කියලා"
"අඩෝඕඕඕ...! අන්කල් ඔයා හරියටම කිව්වනේ..."
"උබේ තාත්තගේ ගාර්ඩ් එකට ට්‍රෙන් කරන උන්ව මම බලන්න ගිහින් තියෙනවා ඒ වෙලාවේ උබේ අම්මයි තාත්තයි දෙන්නම හිටියා..ඒකෙන් තේරැනේ.."
මේ පොලිස් අන්කල් හෙඩා වෙලා තියෙනේ අත උස්සලා නම් නෙමී වගේ..ඔක්කොම ගැන හෙනම මීටරෙන් යකෝ ඉන්නේ..කොහොමද ඒක? එයා ගානට හැමදේටම ට්‍රෙන් වෙලා තියෙනේ...අර රවනාශ්ත්‍ර පකා නම් හෙන කුතුහලෙන් එඅටපිට බලනවා...මට උට වඩා හෙන ඇම්මක් තියෙනවා මට ඒ හිර ගෙදරකට ගිහින් එකේ තියෙන ලොක් එක කඩලා වැරදිකාරයෝ ටික දුවනවා බලන්න ඕනා. මොකක්ද යකෝ ඒ හිතුවේ? මම ඔලුව දෙපැත්තට වනලා දෙපැත්ත බැලුවා... එක පොඩි හිර කූඩුවක් ඇතුලේ සුදු ඇදගත්තූ උන් සීයකින් විතර පිරිලා ගිහින් ඉස්සරහා ඉන්න අය ඒ කූරැ වල එල්ලීගෙන අපි යන දිහා බලාගෙන හිටියා..එත් අගාර පොලිස් අන්කල්ව දැක්ක ගමන් උන් බිම බලාගන්නවා මම දැක්කා.. පොලිස් අන්කල් එලියෙන් නිමිලා හිටියට...හෙන බයානක චරිතයක් වගේ...
උන්ගේ සුදූ හිර ඇදුම් ලා දුබුරැ වෙලා තැනින් තැන..ගන්දස්කාරේ බෑ පැත්තම.. එහෙම ලොකුවට පබ්ලික් ටොයිලට් ගද නෙමී ඒත් ගදයි..කොටින්ම කියනවා නම් මෙ කූඩු කරලා ඉන්න උන් තමා පට්ටම වැරදි කාරයෝ..ඇත්ටහ්ටම කිව්වොත් මේකේ ඉන්න ගොඩ්ක උන් ඇවිත් තියෙන්නේ වැරදි කරලා තමා..නිකන් වැරදි නෙමී අහස නොලව නුහු ගහන අපරාද කරලා.. මන් හිතන්නේ උන්ට රැට විතරයි කන්න දෙන්නේ එකත් බතුයි ලුනුයි..මේකේ ඉන්න උන් ගොඩක් ස්ත්‍රී දූශකයෝ වගේ හරි අමානුශීක උන්... ඒ වගේ උන්ට මරන දන්ඩනය දෙන්න ඕනා..එත් විදවලා..මේ නම් මුන්ගේ මේ කරැම පටිසන් දෙන්නේ.. පොලිස් අන්කල් අපිට හැම දේම ගානට එක්ස්ප්ලේන් කරලා දෙනවා...
"මේක වැලිකඩ බන්දනාගාරේ හැදුනේ 1841 බ්‍රිතාන්‍ය රජයේ කැමර්ල් ආන්ඩු කාර වරයා යටතේ.. මේක මෙහෙම තිබ්බට මේ තමා ලනකවේ උපරිම ආරක්ශාවක් තියෙන බන්දනාගාරේ....එයාලව කාන්ඩ වලට වෙන් කරලා තියෙන්නේ පුතේ... සාමන්‍ය,සැහැල්ලු වැඩ ඇති, බරපතල වැඩ ඇති ,රෝගී,විශේශ,රිමාන්ඩ් කියලා වෙන් කෙරෙනවා.. මෙහෙ කෑම හදන්නේ පිරිමි.... කැම හදන විදිය ගැනවත්, උන් මොනාද හදන්නේ කියලා නම් මම හරියට දන්නේ නෑ ...එත් ඒක එහෙම තමා..මේතන ඉන්න බරපතල වැඩ නියම වෙලා ඉන්න හිර කාරයෝ ටික නම් දැන් ටිකකට කලින් බතුයි ලුනුයි කෑවා.....
උන් උදේ පාන්දර ඉදන් ඇහැරගන්න ඕනා උදේට දවල්ට හැන්දෑවට පෝලිමේ යන්න ඕනා කෑම කන්න....එක පොදියට ලිඳේ නාන්න ඕනා..ගෙදර වගේ කැමති කැමති වෙලාවට ඒවා කරන්න බෑ හැම දේටම තියෙන්නේ විනාඩි හතලිස් පහයි..ඊලගට උන් අනිත් වැඩ කරන්න ඕනා..උන්ට මෙහෙ ඇති පහසු කමක් නෑ..අර පේනවද අතනින් ඈත.. ආන් එතන තියෙනවා කම්මලක්..උබලා හවසට දුම් අල්ලනවා නම්..සමහර විට ඒ යකඩ කෑලී හැදෙන්නේ තැලෙන්නේ මෙතනින් වෙන්නැති... උන් මේව තලකොට කී සැරයක් නම් දෙවියන්ගෙන් වදිවා ඇත්ද උන්ට සමාවෙන්න කියලා..එත් වැඩක් වෙන්නේ නෑ කොල්ලෝ..මෙතනින් ගැල්වීමක් නෑ.. වැරදි කරන්න එපා පුතේ.."
හ්ම්ම්ම්//
මායි රවනාශ්ත්‍රයි ඔලුව වැනුවා....ඇත්තටම ඔව් මෙතන ඉන්න උන් කොහොම ඉන්නවද මන්දා එකට ඇලීගෙන ... මට දකිනකොටත් හිරිකියි.....අපි තව ඉස්සහරට ඉස්සරහට ගියා.. මට දුකයි..ඒත් කරන්න දෙයක් නෑ...වැරදී කලා නම් විදවන්නම වෙනවා.. මේ දුක නම් කොච්චර දුක් වින්දත් විදින්න ඔනේ නැති දුකක්..
"මේ බන්දනාගාරේ ඇතුලේ දෙමාපියන්ගේ වරදින් අපා දුක් විදින පුන්චි ලමයි පවා ඉන්නවා..සමහර වෙලාවට උන් ඉපදෙන්නෙත් මේ වැලිකඩ බන්දනාගාරේ ඇතුලේ..නිකමට හිතපන් උප්පැන්නේ උපත ලද තැනට බන්දනාගාරේ ඇතුලේ කියලා කිව්වොත් කොච්චර දුකක්ද කියල..දන්නවද මේකේ ඉන්න ලමයිට අවරැදු පහ පැන්නම මොන මගුල උඅන්ත් උන්ව ලමා නිවාස වලට දානවා..මෙතන අම්මලා තාත්තලා පොලවේ පස් නොකා අඩන්නේ නැති ටික විතරයි...අම්මෙක් ගෙන් දරෑවෙක් ඈත් කරනවා කියන එක හෙන අමාරැ වැඩක් පුතේ...ඔය අව්රැදු පහේදී උන්ව ලමා නිවාස වලට යනවා දෙමාපියන්ගේන් ඈත් කරලා..නිකමට හිතපන් තමන් හිරේ නිදහස් වෙලා තමන්ගේ ලමයා බලන්න යනකොට ඒකට තමන්ව මතක නෑ කියන වේදනව... එල්ලා මරන්න නිවම වෙලා තිබ්බත් "හෙට නිදහස්" වෙවී කියලා උන්ට අනිවාර්‍යෙන් බලාපොරොත්තූ ඇති.. රත්තරන් හදවත් තියෙන මිනිස්සූ මෙතන ඉන්නවා පුතේ එත් සමහර බල තල යටතේ උන් පොලවට බරක් වෙන්න තීරනය කරලා මෙතන අපා දුක් විදිනවා.. "
එයා කියන කතාව සම්පූර්න ඇත්ත..ඒ ඇත්ත ඇස් පනා පිටම පෙන්න තියෙනවා.. මම වත් රවනාස්ත්‍ර වත් මැද්දෙන් ඇඩ් දාන්න ගියේ නෑ.. අපි ඊලගට ගියේ මරන දන්ඩනේ නියම වෙලා තියෙන තැන බලන්න..
"මරන දන්ඩනේ වෙන්නේ උදේ අටයි දහයට පුතේ"
"ඇයි අන්කල් අටයි දහයට විතරක්?"
"මරන දන්ඩනේ අවලන්ගූ කරන්න පුලුවන් ඔය විනාඩි දහය ඇතුලේ අන්න ඒ නිසා.. "
ඇතුලට යන තැන හදලා තියෙන්නේ ආර්ච් එකක් වගේ...ඒ ඒකාලේ මේ පනිවිඩේ එහෙම නැත්තම් මේ අවලන්ගූ කිරිමේ පන්විඩේ ගෙනාවේ අශ්වයාගේ පිටේ නිසා ලූ...
"මෙතන දෙන්නෙක් එක සැරේ මරන්න පුලුවන්.. මේ තියෙන්නේ උඩ බාල්කේ...අලුගෝසුවා ලීවරේ ක්‍රීයාත්මක කරනකොට දොර ලෑල්ල ඇරෙනවා..ඊටපස්සේ තොන්ඩුව බෙල්ලේ හිර වෙනවා.. මේ එහා පැත්තේ ඉන්න ඩොක්ටර් කෙනෙක් ඉතින් එයාට කරන්න තියෙන්නේ මේ මැරිච්ච කෙනා..එහෙම නැත්තන් මරපු කෙනා මැරැනද කියලා බලන්න තමයි.. ඊටපස්සේ ඒ මිනිය තාව කාලිකව ම්‍රත ශරීරා ගාරයක් තියෙන්නෙ අන්න අර බිල්ඩින් එක.. අන්න ඒකේ තැන්පත් කරනවා.. ඉතින් මේ තමා අප්‍රසන්නම දේ..දේපාරක් නෙමී සිය දහස් වතාවක් හිතපන් වැරැද්දක් කරන්න කලින්"
මරන එක කොච්චර වේදනාවක්ද....අපි ඉපදුනේ දූවිල්ලෙන්නම් අනිවාර්‍යෙන් අපි අපහු දූවිල්ලටම හැරෙනවා..ඒක අපි හැමෝටම පොදු දෙයක්.. ඒත් ඉතින් ඔය ජෙලි ෆිශ් ලා , පොකිරිස්සෝ නම් ස්වාබාවිකව මැරෙන්නේ නැද්ද මන්දා..හරියට ඒක නම් සුවර් නෑ.. ඒත් හැම මිනිහම මැරෙනවා ඉතින්....අමරනීය අය නෑ... නිකන් හිතන්න මැරෙනවා කියලා දැන දැන මරන මන්චකේ හිටගන්න එක..තමන් ආදරේ කරන උන්ව අන්තිම පාරට බලන්න ගිහින් ආයේ තම්නට එයාලව බලන්න වෙන්නේ නෑ කියන හැගීම.. උන් මරන මන්චකේ මැරෙන්න කලින් හිතින් සිය දහස් වාරයක් මැරෙන්නැති...
දන්නවද එහෙම මැරෙනකොට හම හරහා හරි සීතල මීදුමක් මුලු ඇටකටු ටිකම හෙලවිලා යන විදියට ගලනවා... හුස්ම ගන්න එක අමාරැ වෙලා.....ගිනි අදුරැ පාටට වෙනකල් ඇස් බොද වෙනවා..ඒක හරි ගැබුරැ වේදනාවක්..
මම ඉතින් ඕවා ඇන එහෙම දන්නවා හොදට..අහන්න එපා තෝ මැරෙන්න හැදුවද කියලා..නෑ නෑ..මට ඉතින් ඔනේ නැති කුනු ගොඩක් නැති නිසා මම කියපු පොතක තමා මේක තිබ්බේ.... ජෙනී ඩියර්ගේ what does it feel like to die? කියන පොතේ තිබ්බේ...මටත් මැරිලා බලන්න හිතෙනවා..පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කරගන්න ඉතින් ඕවා..දැන් ප්ලේන් එකෙන් වැටෙන එක එක්ස්පීරියන්ස් කරගන්න skydiving තියෙනවා..ඉතින් ඔය වගේ මැරෙන එක එක්පීරියන්ස් කරගන්න පුලුවන් තැනක් දන්නවානම් මට කෝල් එකක් ගහන්න..මගේ ෆෝන් නම්බරේ තමා වන් වන් නයින්..හිකිස්..
අගාර පොලිස් අන්කල් අපි දෙන්නව එකම එක හිර කූඩුවක දැම්මා කියහකෝඕඕඔ! එකට රේස් පැද්දානම් එකටම හිටු තොපිලා කියලා එකම කාමරේට දැම්මා...හනේ සාන්ත එතකොට හෙට උදේ වෙනකල් මම මූත් එක්කද ඉන්න ඕනා..ඒ පකා මට කට කොනින් හිනා වුනත් එක්කයි!!!
දෙන්නා එකතු වෙලා වැලිකඩත් ගියා එහෙනම්...ආපහු තව ටික කාලෙකින් එහෙට ට්‍රිප් එකක් අරගෙන යන්නම්🥹
to be continued🩷