- Plot 23 -

Par Bulbz_D

869K 115K 39.8K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... Plus

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

-110 -

7.5K 899 567
Par Bulbz_D

ඉර බැහැගෙන ගියාටත් පස්සෙ වේඝර්ණ මැන්ශන් එකේ තියෙන්නේ භයානක නිහඩතාවයක්...සමහර විට ආර්ය වේඝර්ණාරච්චි මැන්ශන් එකට ආවම ඇවිළිල යන්න නියමිත කුණාටුවට කලින් තියෙන නිශ්ශබ්දතාවය... තවමත් එයා ආයේ මැන්ශන් එකට ආපු හේතුව ගවීෂ්ටම පැහැදිලි කරගන්න බැහැ.. විෂ එයාගෙ මනස තව තවත් දුර්වල කරනවා..

ඔරලෝසුවේ මහත කටුව, ඉලක්කම් කිහිපයක්ම පහු කරන් ගිහින්.. ඒත් එතන මාරාන්තික නිහඩතාවක් විතරයි... අහ් , මියුන්ගේ හාට් එක ගැහෙන සද්දේ ඇර මුළු රූම් එකම නිහඩයි.... ගවීෂ්ගේ බලාපොරොත්තු විරහිත ඇස් තවමත් එල්ලවෙලා තියෙන්නේ ජනේලෙන් එළියට.... මියුන්ගේ හුස්ම බෙල්ලේ පිටිපස්සේ වදිනවායි , එයාගේ අත බඩ වටේ සැරින් සැරේට ආයෙම එති එතීම පුළුවන් තරම් එයාව ඇග අස්සට ගන්නවා ගවීෂ්ට නොදැනුනාම නෙවේ...

මියුන්ගේ බැක් හග් එක අරගෙන එන්නේ ගොඩක් සුවපහසු හැගීමක්.... ඒත් ඒ සුවපහසු හැගීම එක්ක කොච්චරවත් කොල්ලා දැන් ඉන්නේ වේඝර්ණ මැන්ශන් එකේ බවත් ගවීෂ්ට අමතක වෙනවා.... අරවින්ද් දැනගත්තොත් බෙල්ල මිරිකෙන්නේ උගේ බවත් ගවීෂ් දන්නවා... ඒත් , දැන් මියුන්ට යන්න කියන්න තරම් ගවීෂ් ගල් කණුවක් නෙවේ... එයාට මියුන්ව ඕනේ...!! කවදාවත් දැනිලා නැති තරමට ඕනේ.... ඇරත් ගවීෂ්ගේ විශ්වාසය බිදුන ඇස් දැක දැකම මියුන් යයි කියලා හිතන්නේ කොහොමද ? එයා මැන්ශන් එකට ගවීෂ්ට යන්න දුන්නෙත් නැති තරම්... අන්තිමට ගවීෂ් බලාපොරොත්තු නොවුනත් යොවන්දි මියුන්ව පරිස්සමට ඇතුළට අරන් දුන්නේ , ඩියෝන් එනකන් ගවීෂ්ට කාමරෙන් එළියට බහින්නත් තහනම් කරලා....

මියුන් දැනට කොච්චර වෙලා මෙහෙම ගවීෂ්ව බැග් හග් කරන් ඉදියත්, තව ඉස්සරහට ඉන්න හිතන් ඉදියත් ගවීෂ්ගේ ඇස් ආයේ තිබ්බ වගේම විශ්වාසෙන් පුරවන්න එයාට බැරි බව මියුන් තේරුම් අරගෙන ඉවරයි... තවමත් හේතුව නොදන්නවා උනාට , උරුමයන් දෙක දෙපැත්තට උනේ නිකන් නෙවේ කියලා මියුන් හොදටම දන්නවා.... ඒ වගේම ඒ කැඩිලා ගිය විශ්වාසේ තමන්ට දෙන්න බැරි බවත් එයා දන්නවා... තවමත් ගවීෂ් කිසිම පැහැදිලි කිරිමක් නොදුන්නට එයා විටින් විට ඇස් පියාගෙන ගුලි වෙන්නේ හොද මතකවලට නම් නොවෙන බව මියුන්ට විශ්වාසයි... දෙතුන් පාරක්ම ගවීෂ් එයාගේ අත අල්ලන් ඉකි ගැහෙන්න ගිය එක නවත්තගත්ත බව මියුන් දන්නවා.... කලින් දවසේ අඩල අඩල හිත හදාගත්තම තවත් අඩලා පිට කරන්න තරම් කදුළු ගවීෂ්ට නැති බව මියුන් අනුමාන කළා.... ගවීෂ්ගේ බාහුවට මියුන් බෙහෙත් දාලා තිබ්බත් ඒ ගැන ගවීෂ් තාම කිසිම විදියකින් කොල්ලට දැනගන්න දුන්නේ නැහැ... කොහොමද කියන්නේ , එයා තව දුරටත් සාමාන්‍ය වේඝර්ණ කෙනෙක්ගෙන් වෙනස් නොවෙන බව... ගවීෂ්ගේ හිත තාමත් තියෙන්නෙ ඒ ඇත්තෙන් ගොඩක් ඈත.... ගවීෂ් ඇස් තදින් පියාගෙන ගුලි වෙද්දි මියුන් තවත් කොල්ලව අත් දෙක අස්සේ හිර කරගත්තේ ගවීෂ්ගෙන් කිසිම රියැක්ශන් එකක් ලැබෙන්නේ නැති බව හොදටම දැනගෙන ......

" තිමෞර්ය ... "

ගෙවුන හතරවෙනි පැයත් ඉවර වෙද්දි මියුන්ව තවදුරටත් නොසලකා ඉන්න හිතහදාගන්න බැරි තැන ගවීෂ් ඒ අත් දෙක අස්සෙම පෙරලිලා ඒ පැත්තට හැරුනේ සෑහෙන හිමින්.... එයා හැරුන නිසා ටිකක් ලොකු උන කළු ඇස් ආයේ මලානික උනේ, ගවීෂ්ගේ ඇස්වල පැහැදිලිවම තිබ්බ බලාපොරොත්තු බිදිච්ච පෙනුමට.... සමහර විට එයාගේ වේදනාව එයාට මියුන්ගේ ඇස්වලින් කියවගන්න පුළුවන් තරමට ඒ ඇසුත් වේදනාවෙන් පිරිලා....

" ම්... දැන් යන්න... " ගවීෂ් මිමිණුවේ මියුන් ඇහුනෙ නැති ගානට කොල්ලව තවත් ළගට ගනිද්දි....

" යකා අවුස්සන්නැතුව යන්න ළමයො !! " ගවීෂ් ආයේ කිව්වේ , මියුන් බෑ කියන්න ඔලුව වනද්දි.... මුරණ්ඩුකම !!!!! ඒත් ආයෙම වතාවක් යන්න කිව්වොත් මියුන්  ඇත්තටම යයි කියලා බය හිතුන නිසාමදෝ ගවීෂ් ආපස්සට මියුන්ව බදාගත්තේ කොල්ලගෙ උරහිස් වටේ අත්දාලා කොල්ලව ඇග උඩටත් පෙරලලා අරගෙන..... මියුන්ගේ හාට් බීට් එක වෙන් කරලා අදුරගන්න පුළුවන් තරමට පැහැදිලි.... වෙනදා වගේ නෙවේ කිසිම කරදරයක් නැතුව බදාගන්න අතකට හෝය්යා කියලා ඉන්නකොට තවත් ලෝබ හිතෙන්නේ නිකන්මයි.... මියුන්ගේ කම්මුල්වල රස්නේ එයාට හොදටම බෙල්ලට දැනෙනවා.....ගවීෂ් එයාගේ උරහිස අස්සේ තිබ්බ මියුන්ගේ ඔළුව පරිස්සමට අතගෑවේ , තවදුරටත් කල්පනාවක ගිලිලා....

" කෙල්ලව හොදට බලාගනි නේද ? " විනාඩි ගාණක කල්පනාවකට පස්සේ ගවීෂ් මිමිණුව පළවෙනි වචන ටික.... එයාගේ පපුවේ තියෙන ළගම බය..... මියුන් ගවීෂ්ගේ බෙල්ල අස්සෙම තියන් ඔළුව වැනුවේ ඒකට උත්තරය එයා දන්නකමකට නෙවේ... අඩුම මේ වෙලාවේ ගවීෂ් විශ්වාස කරන්න කැමති එකම කෙනාගෙන් එයා බලාපොරොත්තු වෙන උත්තරය විදියට... ගවීෂ් උනත් ඒක නොදන්නවම නෙවෙ... එත් මියුන්ගේ උත්තරය කොල්ලට අරන් ආවේ අමුතු සැනසීමක්....

" දවසක අය්යේ කියලා , ඒ නිව්ස් එක මට කියන දවසක මේ සේරම හරිගස්සලා තියන්න මට ඕන උනේ මියුන් ...... දැන් මම තිබ්බටත් වඩා හැමදේම අවුල් කරන්... සුදු මාමා......-- සුදු මාමා හොදින් ඇති නේද ම් .. අවී මාමගේ මූණ බලන්නේ කොහොමද මියුන් ?? ..... සීයා ආවම මොනවද කියන්නේ..... මට මෙහෙම වැටිල ඉන්න ඕනේ නෑ බං........!!  " ගවීෂ් මිමිණුවේ සෑහෙන කළකිරීමකින්....

" මගේ තිමෞර්ය , රිලැක්ස් වෙන්න ඉස්සෙල්ලම..... ම්ම් ? " මියුන් මිමිණුවේ එච්චරයි .. ඔව්, කන ගාව ඒ ගැඹුරු හඩින් ඒම මිමිණෙනකොට හිත අමුතුම විදියකට කීරි ගැහෙනවා.. ගවීෂ් නිශ්ශබ්ද උනේ මියුන්ගේ කම්මුල්වල රස්නේ එයාගෙ බෙල්ලට දැනෙන විදියට..... ඒ දෙකේ තියෙන සම්බන්ධේ මොකක්ද කියලා ගවීෂ් දන්නෑ තමයි !!! ඒත් ඒ විදියට බෙල්ලට උණුහුම දැනෙද්දි එයා සන්සුන් වෙනවා කියන්න එයාට තේරෙනවා.... ගවීෂ් ලේසියට ඉමෝශනලි වීක් නොවෙන බව දන්න මියුන්ට පවා, තවමත් ඒ ඇස්වලට පොඩි හරි විශ්වාසයක් දෙන එක ගැන තියෙන්නේ නොතේරුම්කමක්.....

" වින්ද් මුකුත්ම කිව්වේ නැද්ද ? "

" තිමෞර්ය ....... "

" හික් උලමා !!! උට අඩුම දැන්වත් මට කතා කරන්න ඕනේ කියලවත් හිතෙන්නෙ නැද්ද ?! "

" තිමෞර්ය... " මියුන් ආයේ මිමිණුවේ ගවීෂ්ගේ බෙල්ල අස්සේ නහය ඔබාගෙන හරි බරි ගැහිලා....

" ඇයි ඌ ඒම කළේ ? මගින් අතාරින්නෑ කිව්ව !!  මට ප්‍රශ්න කරන්න පුළුවන් උගෙන් විතරයි ... මොකක්ද උට තියෙන සාධාරණ හේතුව කියලවත් කියන්න කියපන් මියුන් !!! .... " ගවීෂ් කියන් ගියේ එයා දැන් මොනවා කිව්වත් මියුන් අහන් ඉන්න බව දන්න නිසාමයි.....

" අවුරුදු දහයකට වැඩි ප්‍රැක්ටිස් කරන්න අරන්.... " ඒ සැරේ නම් ගවීෂ්ගේ කටහඩ ලාවට වගේ බිදිලා ගියේ මියුන්ගේ අත පරිස්සමට උරහිස උඩින් තද වෙද්දි.. ගවීෂ් ඉක්මනින්ම තොල් තද කරගත්තේ ඉකියක් වගේ ඉබේම උඩට ඇදුන හුස්ම නවත්තගන්න... ආයේ කවදාවත් ධාහන්රා එකක් කරන්න බැරි වෙන්න පුළුවන් බව ගවීෂ් දන්නවා... අවුරුදු ගාණක් දුක් වින්දට පස්සේ ආයෙම ඕනෙ කෙනෙක්ට එයාව පරාද පුළුවන් ගාණකට වැටෙන එක ගවිෂ්ට තාමත් දරාගන්න අමාරුයි.... ආයේම අදුරු සිතුවිලි එයාව ආක්‍රමණය කළේ මියුන්ගෙ අත එයාගේ නළල හරහා කෙස් අතරින් පරිස්සමට එහා මෙහා යද්දි.... මියුන් එයාගේ බෙල්ල අස්සේ මූණ ඔබන් ඉදියට එයා වේගෙන් හුස්ම ගන්න සද්දේ ගවීෂ්ට ඇහෙනවා.... මියුන් අත මිට මොළවන් ඉන්නේ ගවීෂ් වගේම සෑහෙන වේදනාවකින්.... ඇයි ඒ ? එයාට අමාරුද මේම පපුවට හිර වෙලා ඉන්න ?

" හරි දැන් එහාට පලයන්... " ගවීෂ් කිව්වේ මියුන්ව හෙමින් එහාට තල්ලු කරන ගමන්.... මියුන් ආපස්ස්ට පෙරළුනේ පපුවට අත තියාගෙන... කොල්ලට දාඩිය දාලා... එයා නළලත් රැලි කලේ මොකක් හරි වේදනාවකින්.... දෙය්යනේ තමුසේ ඌව එච්චර තදටද බදන් ඉදියේ ගවීෂ් ? ගවීෂ් ඒ ගැන අහන්න කලින්ම මියුන් ආයේ ගවීෂ් දිහාවට පෙරලුනේ පපුවට අත තියාගෙනම.... වේදනාවටම කොල්ලගේ මූණ රතු වෙලා තිබ්බත් එයා ගවීෂ්ව ළගට ගත්තේ කිසිම උත්තරයක් නොදී.....

" වදයක් නොවී යනවා මියුන් !! . " ගවීෂ් තදින් කිව්වේ ආයේම එහා පැත්තට පෙරලිල.....ඒත් බලාපොරොත්තු වුන විදියටම මියුන් ආයේ එයාව බැක් හග් කලේ ගවීෂ් සැනසීමෙන් ඇස් දෙක ආයෙ තත්පරයකට පියාගනිද්දි.....

" සැරින් සැරේට ඒම කිය කිය, මම යන්නැ කියලා උබටම කන්ෆර්ම් කරගන්න තරම් මාව විශ්වාස නැද්ද තිමෞර්ය ? " .... මියුන් ඇහුවේ ගවීෂ්ව තවත් තද කරලා බදාගෙන......

"  මට යන්න කියන්න එපා.... "  මියුන් මිමිණුවේ ලාවට සැර තැවරුන රිදිල්ලක සේයාවක් තිබ්බ කටහඩකින්... එයා ඒ සැරේ මියුන්ගේ අත් දෙක තදින් අල්ලගෙන ආයේ ඒ පැත්තට හැරුනේ , මියුන්ගේ මූණ එක්ක ඇස් සමාන්තර කරගෙන....

මියුන්ගේ ඇස් පිහාටු බරවෙලා .....ඒවා කළු පාට ඇස් පරිස්සමට හංගගෙන.... ගවීෂ් ,කම්මුලට අත තියෙන පරක්කුවට  ඒ ඇස් පිහාටු හිමින් ඉස්සුනේ ඒ කළු ඇස් සම්පූර්ණයෙන් නිරාවරණය කරගෙන.... ගවීෂ් යන්තන් හිනාවුනේ, මියුන්ගේ ඇස්වල බැදිලා තියෙන කදුළු පටලෙට.... මේ ටිකකට කලින් බැනපු නිසාද ? ... ම්ම්.. එයා උපරිමයෙන් උත්සහ කරන බව ගවීෂ්ට නොතේරෙනව නෙවේ....ඒම බැරි වෙද්දි මේ කදුළුත් පුදුමයක් නෙවේ.. මොකද ඒ ඇස් හරි අසරණයි..

" මට ඔයාව බලාගන්න පුළුවන් ... " මියුන් මිමිණුවේ ගවීෂ්ව ඇදලා තව ළගට අරන්.... මේ හැසිරීමත් එක්ක , ඉතින් කොහොමද කියන්නකො ඇවිලිලා ඉන්නේ ??

" හරි හරි...., මං නැ කිව්වද දැන් ? "

" මට පුළුවන් ... !! "  මියුන් රිපීට් කළේ පැහැදිලි හඩකින්... එයා ගොඩක් කලබල වෙලා....

" හරි මිනිහෝ පුළුවන් !! කෝ ඔන්න උබ ඉතින් ඔය මට ලැජ්ජ කරන්නද හදන්නේ ? " ගවීෂ් ඇහුවේ එයාගේ මහපටගිල්ලෙන් මියුන්ගේ කම්මුල පිරිමදින අතරේ..... මූඩ යකා.. දාඩියත් දාලා හොදටම..... ගවීෂ් මියුන්ගේ නළලෙන් කොණ්ඩේ ඈත් කලේ කොල්ලගේ ඇස් දිහා බලාගෙන.... ඒවාල කොළ පාට ඇදෙනවා අතුරුදහන් වෙනවා පුරුදු විදියට....

" ඒත් මම සැර නොවෙනකන්, දිගටම මෙහෙම ගුලි වෙන්නද හිතන් ඉන්නේ තිමෞර්ය ?? " මියුනුත් ඇහුවේ ගවීෂ් කට අයිනෙන් හිනා වෙලා තව ටිකක් මියුන්ට ළං වෙල හරිබරි ගැහෙද්දි.... ඌ මියුන්ගේ නහයෙන් අල්ලලා හොලවලා එහෙමම ලිප් ලොක් කළේ කොල්ලගේ මූණ අවශ්‍ය ආනතියට උඩට උස්සලා අරගෙන... හැම හැගීක්ම රික්තයක් වෙලා එළියට එන මේ මොහොත කොහොමටත් ඇබ්බැහියක්....  සමහරවිට සැහැල්ලු හැගීමකින් තාවකාලිකව මත් වෙන්න තියෙන හොදම විදියක්.... එක අතකින් විසක් උනත් කොහොමද මෙහෙම මොහොතකට අභියෝග කරන්න හිතන්නෙවත්.... ???

ටිකෙන් ටික එයා වටේ තදට එතෙන මියුන්ගේ අත්වලිනුයි , වෙනදට වඩා ඉක්මනින්ම යටත් උන එයාගේ තොල්වලිනුයි ගවීෂ් තව සැහැල්ලු වෙනවා විතරයි... මියුන් කවදාවත් සරෙන්ඩර් වෙන විදියේ නෙවේ , ඒත් අද එයා ගවීෂ්ට ඕනේ විදියකට ඉඩ දීලා බලන් ඉදියේ ඇස් දෙකත් පියාගෙන... එක අතකට මියුන් බය උනේ එයාගේ පොඩිම හරි ඉරියව්වකින් ගවීෂ්ගේ ඉතිරි වෙලා තියෙන දශමෙක හරි විශ්වාසේ කැඩෙයි කියලා....

ඒ සුවදායි , සිපගැනීමට පස්සේ ගවීෂ් මියුන්ගේ පියවිලා තිබ්බ ඇහි පිහාටුවලට වහාම පහලිනුත් තොල් තද කළෙ දැනෙන නොදැනෙන තරමට.... මියුන් පාර වැරදුන පොඩි එකෙක් වගේ ... සමහර විට මෙච්චරවෙලා ගිහිල්ලත් ගවීෂ්ගෙ ඇස්වලට පොඩිම හරි බලාපොරොත්තුවක් දෙන්න එයාට බැරි උන නිසා වෙන්න ඇති....

" මේ අහපන්..... උබ අත් කරුවක් නෙවේ මට අල්ලගෙන නැගිටින්න..... පොඩ්ඩක් කෙට්ටු උනා කියලා හැරමිටියකුත් නෙවේ වාරු ගන්න.... උබ මෙතන බේස් එකවත් , වැටුනම රිදෙන්නැති වෙන්න මාව අල්ලගන්න ඕනේ කුශන් කොට්ටේවත් නෙවේ මියුන්... ම්ම් ? " ගවීෂ් කියාගෙන ගියේ මියුන්ට කතා කරන්න නොදී එයාගේ තොල් උඩට දබර ඇගිල්ල තියලා...

" පණ්ඩිත කතා කියන්න කලින් පොඩ්ඩක් අහන් ඉන්නවා ඉස්සෙල්ල... " ගවීෂ් කවදාවත් නැති විදියට මෘදුව කිව්වේ මියුන් තොල් පෙරලලා නිශ්ශබ්ද වෙද්දි.... ඒකෙත් හැටි !! අන්තිමට සනසන්න වෙලා තියෙන්නේ කොහේවත් ඉන්න පොඩි එකෙක්ව...

" උබ මොනවා කිව්වත් මට හිතෙන , මගේ හුස්ම හිර කරන දේවල්වලින් මාව නිදහස් කරගන්න ඕනේ මමමයි මියුන් .... උබ මගේ හිත හැදුවම අඩෝ මගේ කොල්ලා තමා සර්ව බලධාරි දෙය්යා... ඌ ඉදපු නිසා මගේ ප්‍රශ්න සේරම විසදුනා කියලා මට නැගිටින්න බෑ මියුන් !!.. මේක , මමයි - මමයි අතර තියෙන ෆයිට් එකක්... ම්ම් ? තේරෙනවද මගෙ කොල්ලට ? . "ගවීෂ් කිව්වේ මියුන් තව දුරටත් නිශ්ශබ්දව බලාගෙන ඉද්දි....එයා ගවිෂ්ට කතා කරන්න දීලා මුළු කතාවම අහන් ඉන්නේ සෑහෙන අවධානයෙන්....

" උබට මගේ හිත හදන්න පුළුවන් පරාසේ ඉවරයි ... දැන් මගේ කොටස.... ම්ම් ? හිත අල්ලට අරන් දෙන්න පුළුවන් දෙයක් උනා නම් උබට නොදී ඉන්නවද බං මම ?? " ගවීෂ් ඇහුවේ ආයේ කතා කරන්න හදපු මියුන්ගේ තොල් උඩට ඇගිල්ල තියලා තද කරන ගමන්....

" මට මේම කඩන් වැටෙන්න බෑ...... මම ඒක දන්නවා... ඒත්.. ඒත්..... මේ වෙලාවේ මට එච්චර හය්යක් නෑ බං.... අනික උබ මෙහෙම ඉන්නකන් මට හිතෙන්නේම උබට ගුලිවෙන්න... උබ ඕනේ දෙයක් කරාවිනෙ කියලා ඇස් වහගන්න.. ඇත්තටම මට දැන් ඕනේ මේ හැමදෙයක්ම දාලා පැනලා යන්න මියුන් ..... !!"

" තිමෞර්ය ..... "

" හිත රිද්දගන්නේ නැත්තන් මගෙන් ඈත්වෙයන් .... උබ මෙහෙම මාව අල්ලගෙන ඉන්නවට මං ගොඩක් කැමතියි.... ඒත් ඒකෙන් හොදක් වෙන්නෑ මියුන්....අඩුම... උබත් මාව අතැරියම--- නැගිටිනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ කියලා මටම තේරුම් යයි........"

" තිමෞර්ය !!  "

" නෑ..... සිරියස් ගන්න එපා බං , වේදනාවට කියවෙන හිස්වචන විතරයි ඕවා.... උබ කිව්වේ වේදනාව මිනිස්සුන්ට ඇඩික්ටඩ් වෙන්න හොද දෙයක් නෙවේ කියලනේ.... එතකොට මම අහන්නේ උබෙන් , මිනිස්සු සිගරට්, ඩ්‍රග්ස්වලට ඇඩික්ටඩ් වෙන්නේ ඒවා නරක බව නොදැන ද බං ?  " ගවීෂ්ම ඇහුවේ එයා ගැනම සමච්චලේට මූණේ ඇදුන හිනාවක් එක්ක.....

" ඉස්සෙලා තමන්ට කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් ගැන හිතන එක නවත්තනවා තිමෞර්ය.....!! දෙක !! දැනට තමන්ගේ කන්ට්‍රෝල් එකේ තියෙන දේවල්වලුත්, කන්ට්‍රෝල් කරන්න බැරි ගොඩට එකතු වෙන්න දෙන්න එපා තිමෞර්ය ....!! . උබට තේරෙනවද මං කියන දේ ? " මියුන්ගේ කටහඩ යන්තමින් වාගේ සැරයි.... එයා ආයේ සැර කරයි කියල බය උන නිසාමදෝ ගවීෂ් නිශ්ශබ්ද උනේ ඉක්මනින්....

" උබත් එක්ක කතා කරලා දිනන්න බෑ ..!! " ගවීෂ් නිශ්ශබ්ද උනේ පැරදුම බාර අරගෙන.... අනිත් අතට මියුන්ගේ වචනවල බිදින්න තර්කයක් නැහැ.... පාලනේ කරන්න බැරි දේවල් ගැන හිතන්න ඕනේ නැහැ.... ඒ වගේම දැනට හොදින් වෙන දේවල් පාලනේ කරන්න බැරි ගොඩට එකතු නොවි තියෙන්න ඕනේ.... හොදට හිතුවම දැන් අපිට පාලනේ කරන්න බැරි දේවල් වෙලා තියෙන්නේ කාලෙකට කලින් එක අවස්ථාවක හරි අපිට පාලනේ කරන්න පුළුවන් වෙලා තිබ්බ දේවල්....

" උබට ඇඩික්ටඩ් වෙන්නම ඕනේ නම් , මට ඇඩික්ටඩ් වෙයන්... "

" ප්ෆ්ට්... " ගවීෂ්ගේ කටින් පැන්නේ ලා හිනාවක්.... ඉදලා ඉදලා ඔය කිව්වේ ගොන් කතාවක්...

" අනේ මෝඩයෝ !!!  ඕනම මනුස්සයෙක්ට ඇඩික්ටඩ් වෙන එක හොද දෙයක් නෙවේ.... "

"  ඉතින් මං ඕනෙම මනුස්සයෙක් නෙවෙනේ තිමෞර්ය !!.... මොකද මට විශ්වාසෙන් කියන්න පුළුවන් උබට රිදෙන්නැති එකම ඇඩික්ශන් එක මං කියලා.... "

" මගේ අප්පුච්චියේ... " ගවීෂ් හිනා උනේ වහළ පැත්තට ඇස් හරවලා... ඉදලා ඉදලා කියන කතාවලට ට්‍රැකත් පනිනවා.... තර්ක කරලා බිදින්න තැන් නැතුවම නෙවේ උනත් ගවීෂ් යන්තන් හිනා උනේ හුස්මක් අරන්.....

" මේ..... "

" ම් ? "

" හව් ගාලා හපන්නද ? " ගවීෂ් එක සැරේ ඇහුවේ මියුන් නළල රැලි කරද්දි....

" ඒම කළොත් නං මගේ හිත හැදෙයි ... " ගවීෂ් ඉක්මනට හේතුව ඉදිරිපත් කළේ , සැහෙන උනන්දුවෙන්..... ටිකක් වෙලා එහෙමම බලන් ඉදපු මියුන් යන්තන් පෙරළිලා එයාගේ බයිසෙප්ස් හරිය ඕපන් වෙන්න ටී ෂර්ට් එකේ අත ඉස්සුවේ ඒ සැරේ මොන හොල්මනක් කඩාපාත් උනාද හිතාගන්න බැරුව... හම්නේ අපරාදේ කියන්න බැ අද හරි කීකරුයි..... කිව්වත් වගේම ගවිෂ් මියුන්ගේ බයිසෙප්ස් හපාගත්තේ පාර නොහිටින ඒත් , කෙළ නම් මදි නොකියන්න හිටින විදියට..... ඇත්තටම ඒක අමුතු ඇති... ඒත් ඒකෙන් ගේන්නේ අමුතුම විදියක සැනසීමක්.... නිකන් කොහෙත්ම නොගැළපෙන බඩගින්නක් වගේ......හව් ගාලා කන්න මොන හරි ඕනෙ වෙන බඩගින්නක්.....

" මම්තබම්ගිනිය්ව්..." ගවීෂ් අත හපාගෙනම මිමිණුවේ ඒක මුමුණන්න ගිහින් අතැරුන අත ආයේ හව් ගාලා අත කටේ ඔබාගෙන.....මියුන් නිශ්ශබ්දයි.. මිනිහා ලොකු කල්පනාවක....

" ඒයි මේ ? "

" තිමෞර්ය .... " මියුන් මැද්දෙන් පැන්නෙ ගවීෂ් නළල රැලි කරද්දි...

" ම් ? "

" ඇත්තටම පිස්තෝලේ අතේ තියන් ගල්වලින් ගහන්න හදන්නේ ඇයි ? " මියුන් ඇහුවේ ඒ සැරේ ගවීෂ් ඔළුව උස්සලා කෙලින් වෙද්දි...

" මොකක් මොකක් ? "

" මට මොනවහරි කරන්න ඕන...!! " මියුන්ගේ නොරිස්සිම පිටවුනේ නහයෙන් ඇඩිල්ලක් වගේ.....හොව්ව් හොව්ව්... මේ මොකද මේ.... ගවීෂ් ඒ සැරේ නැගිට්ටේ මියුන්ගේ ඉණ දෙපැත්තෙන් දණිස් දෙක හිටින විදියට එයාව හිර කරගෙන.....

" මියුන්... " ගවීෂ් කතා කලේ , මියුන්ගේ ඔළුව දෙපැත්තෙන් ඇදට අත් තියලා ඇග උඩට බර වෙන ගමන්.... එයා මේම කළේ මියුන්ගේ ඇස් දෙක දිහා බලන්න උනාට , මියුන්ගේ පොඩි එකෙක්ගේ වගේ නොරිස්සිම පිරුන මූණ ගවීෂ්ගේ මූණට ලා හිනාවක් ගෙනාවේ සැහෙන ඉක්මනින්... කණ්ණාඩිදෙක නැති නිසාමදෝ මියුන්ගේ කළු ඇස් හරි අමුතුම විදියට කැපිලා පේනවා.... අහ් !! ආඝර්වක්ෂිසාපය ක්‍රියාත්මක වෙන වෙලාවක් මේන්.. !! ලොකු වෙලා.... ගෝලාකාරයි.....බෝලාකාරයි.....

" මෙහේ තියාගන්න බැහැ උබව... " ගවීෂ් එයාගෙම සීමාව මතක් කළේ මියුන් යන්තන් ඔළුව වනද්දි.... එයා ගවීෂ්ව එහාට කරන්න උරහිසට අත තිබ්බත් ගවීෂ් තාමත් ඉන්නේ මියුන්ව බ්ලොක් කරගෙන..... මියුන්ව ලේසියට මේම සරෙන්ඩර් කරගන්න බැරි බව ගවීෂ් හොදටම දන්නවා... ගවීෂ් ඉන්නේ එයාගෙ ගැනම විශ්වාසයක් නැතුව, ඒත් මියුන්ට තමන් ගැන තියෙන විශ්වාසේ බිදෙන්නේ තවදුරටත් එයාට ගවීෂ්ව කම්ෆෝට් සෝන් එකකට ගේන්න බැ කියලා තේරුනාම.....

" මට වෙලාවයි ඕනේ. " ගවීෂ් ඇහෙන නෑහෙන ගානට මිමිණුවේ මියුන් ඒක තේරුම් ගත්ත විදියට ඉක්මනින්ම ඔළුව වනද්දි....

" හරි.....දැන් පරිස්සමෙන් පල..." ගවීෂ් කිව්වේ තවදුරටත් මියුන්ව බ්ලොක් කරගෙන... පල කියලා කියන්න ලේසි , යවන්න තමයි අමාරු.... ඒකයි ගවීෂ් තාම මියුන්ව අත් දෙකට පහළින් බ්ලොක් කරන් ඒ කළු ඇස් දිහා බලන් ඉන්නේ..... එයා පොඩි ළමයෙක් කියලා දැනෙන්නේ එහෙමත් විටකදි තමයි.... හරියටම කියනවා නම් මේ තමයි පළවෙනි සැරේ කිසිම ප්‍රශ්නයක් නැතුව මියුන්ව එයාගේ අත් දෙකට යට කරගත්ත.... හපන්නත් හිතනෙවා !!! නිකන් නෙවේ රෝස පාට වෙනකන්...!! බොම්බයි මොටයි එකක් වගේ මූව සෝස පාට කරලා ගෙදර යවන එක නෙවේනේ උබ දැන් කරන්න ඕනේ... ගවීෂ්ට ඉබේටම වගේ එයාගේ යටි තොල දත් අස්සට අහුවුනේ මියුන්ගේ කම්මුල් කාමරේ අඩ අදුරෙන් පේන විදියට.....

" මොනවද හිතන්නේ ?" මියුන් ගවීෂ්ගෙ ඇස්වල වෙනස දිහා බලන් මිමිණුවේ ගවීෂ් එයාගේ රතු පාට උන ඇස් ඉක්මනින්ම මියුන්ගෙන් අහකට ගනිද්දි....  සැක්... මේවනේ නියම අක්ෂිසාප !! දහසේ මුකුත් හිතන්න දෙන්නැති ඇස්නේ තියෙන්නේ.... අනික මූ දිහා බලන් හිතන්නැතුව කවුරු දිහා බලන් හිතන්නද !. ඒත් මෙම ඉන්නකොට ඔළුවට එන්නේ අහිංසක බර්ඩ්‍රොමිඩා පැටියව මිසක් නොසංඩාල මියුන් නෙවේ..... එතකොට ඉඹින්නත් ලෝබ හිතෙනවා.... ඇත්තටම ගවීෂ් මියුන්ට මේම බුරුල දෙන්නෙත් හිත වල්  උනාට , කොල්ලගේ ඇස්වල තියෙන අමුතු අහිංසකකම නිසාමයි... ගවීෂ්ගේ පළවෙනි රූල් එකත් කොල්ල  තාම පොඩියි කියන එක....පොසිශන්ස් ගැන ප්‍රශ්නේ එච්චර ලේසියට අතඇරලා දාන්නත් හේතුව සමහර විට ඒකමයි... ඒත් මේම අත් දෙක අස්ස්ට ගත්තම සේරම ප්‍රශ්න ටික අමතක වෙනවා... ගවීෂ් ආයේ අමාරුවෙන් ඇස් එහාට ගත්තේ බෙල්ල වෙන අතකට හරවගෙන.....

" තිමෞර්ය ? " මියුන් ආයේ ඇහුවේ ගවීෂ්ගේ කම්මුල් අත් දෙකෙන්ම අල්ලන් මූණ එයා දිහාවට හරවගෙන... ඔන්න බැනේ කරන්න ඉතින් !!

" ඕන දේ කෙලින් කියන්න.... " මියුන් මියුන් මිමිණුවෙ ගවීෂ්ගේ ඇස් දිහා කෙලින් බලාගෙන..... ගවීෂ් මුකුත් නැ කියන්න ඔළුව හෙලෙව්වේ මියුන්ගේ උරහිසට උඩින් තියන් ඉදිය අත එහාට අරන්.....  මියුන් ඉවසීමෙන් ගවීෂ්ගේ මූණට වැටිලා දග කරන කොණ්ඩේ නළලෙන් සම්පූර්ණයෙනම එහාට කළේ යන්තන් උඩට ඉස්සිලා නළලට තොල් තද කරන්න...

" මට දැනෙනවා ඔයා--- " මියුන් කියන්න ගිය එක නැවැත්තුවේ ගවීෂ්ගේ කලබලකාරී ඇස් වහල දිහාවට හැර වෙද්දි.... ඔව් , තත්පර දෙකක් යන්නත් කලින් , ඩියෝන් ජනේලෙන් ඇතුළට පැන්නේ මියුන් අත් දෙක වහාම ගවීෂ්ගෙන් එහාට ගනිද්දි.... ඩැම්න් !!  මුන්ට අරවින්ද් තමා මේ ජනෙල්වලින් පනින වදුරු වැඩේ පුරුදු කලේ !!! අනික හොව්ව් !! වේඝර්ණ මැන්ශන් එකේ මේ කාමරේ ජනේලෙන් පනින එක සෙල්ලමක් නෙවේ..... ඒකට කුළුණටම නගින්න ඕනෙ !!!

" ගවීෂ් අය්යේ...... " ඩියෝන් හතිදදාම කිව්වේ ජනේලේ වහලා... ගවීෂ් ශේප් එකේ ඇදෙන් බැස්සේ අතට අහුවුන ටීෂර්ට් එක මියුන්ගේ ඇගට උඩින් විසි කරන අතරේ..... අනිත් අතට එයත් ටීශර්ට් එක ගැලෙව්වේ කොයි වෙලේද කියලා ගවීෂ්ට මතකත් නෑ.... කෝමටත් මෙච්චර වෙලා දෙන්නා තුරුල් වෙලා ඉදියේත් උඩට මුකුත් නැතුව තමයි.. මෙච්චර වෙලා ඒකේ කිසිම පස්නයක් නොවුනට ඒකෙ පස්නේ මතු වෙන්නේ ඩියෝන්ව දැක්කම..... එව්ව්ව්ව් !!! මියුන් ඇගට ටී ෂර්ට් එක දාගත්ත බව ඇස් අයිනෙන් කන්ෆර්ම් කරගත්ත ගවීෂ් එහෙමම ජනේලේ ගාවට ගියේ ඩියෝන් හති දාලා ඉවර ද බලන්න....  ඩියෝන්  ලොකු රවුම් ජනේලේ වහලා ගවීෂ් දිහාවට හැරුනේ කලබලෙන්....

" උබ ඔය හොදින්ද ඕයි අය්යෙ ? " ඩියෝන් ඇහුවේ උගේ හෙල්මට් එකයි , කී එකයි සේරම ගවීෂ්ගේ ඇද උඩින්ම අතාරින ගමන්... ඌ එහෙමම ගවීෂ්ගේ උරහිසට තට්ටුවකුත් දැම්මෙ මෙච්චර වෙලා ගවීෂ්ගේ උරහිස උඩ තිබ්බ බර සැහෙන ප්‍රාමාණෙකින් අඩු කරන හැගීමකින් ගවීෂ් සන්සුන් වෙද්දි.... ඩියෝන්ගේ ප්‍රශ්නෙට ගවීෂ් යන්තන් ඔළුව වැනුවේ ඔව් කියලා අගවන අතරේ....ඊළගට ඒ ඇස් එල්ල උනේ ගවීෂ්ගේ ඇගේ කැළැල්වලට.... ඒ කැළැල් පරණයි තමයි ...  ඒත් ඩියෝන් මෙච්චර හොදින් දකින පළවෙනි වතාව වෙන්න ඕනේ.... ඩියෝන් මුකුත් නොකිය කේන්තියෙන් අත මිට මොළව ගත්තේ ගවීෂ්නුත් ඇවිත් ඇදේම කෙළවරකින් වාඩිවෙද්දි.....

ඩියෝන් ඔය මියුන්ව නොදැක්කා නෙවේ.....හිතා මතාම නොසලකා හැරියා මිසක්.... ඒත් ඌ ඒ ගැන වචනයක්වත් ඇහුවේ නැති එකයි ගවීෂ්ට ප්‍රශ්නේ..... ඌ ඒ වෙනුවට මියුන් දිහා උඩ ඉදන් යටට බලලා අදාළම නැ වගේ අහක බලාගන්නවත් ගවීෂ් බලාගෙන... එක අතකට කොච්චර කාණුකට උනත් ඩියෝන් හරියට දන්නවා වෙලාවේ හැටියට කතා කරන්න ඕනේ දේවල් මොනවද නැති දේවල් මොනවද කියන්න....

" මොකද තත්වේ ? " ගවීෂ් ඇහුවේ එයා මෙච්චර දවසක් ඩියෝන්ව තියලා තිබ්බේ ඩවුන් විලේජ් එකේ ඔත්තු බලන්න නිසා....

" ඉසිවරකාරයා එන්නෙ හොදකට නෙවේ... මැන්ශන් එකෙන් විස්තරයක් ගන්න අමාරුයි ... ආශාක්‍යසිංහලා එක්ක මොකක් හරි  යටිකූට්ටු වැඩක් තියේ වගේ....." ඩියෝන් කිව්වේ ගවීෂ්ගේ ඇස් තාමත් කල්පනාවෙන් කවුළුවෙන් එළිය දිහාවට එල්ල වෙලා තියෙද්දි....

" එයාට හිතනවට වඩා සහය පෙළ බලයක් තියේ..... " ඩියෝන් පැහැදිලි කලේ තවමත් හති අරින අතරේ..... ඩියෝන්ට තව දුරටත් කතා කරන්න දීපු ගවීෂ් නැගිටලා කවුළුව ගාවටම ගියේ එක අතක් පිටි පස්සට කරගෙන මිට මොළවගෙන......

බර්ඩ්‍රේන් යොරෙල්ස්ලා මැන්ශන් එක ඉස්සරහට රස්තියාදු වෙනවා... ඔව් , ඒ තරම් මේ පවුලට බැදීමක් තිබුන යොරෙල්ස්ලා ඉදියා... ඉතින් , ඉපදෙන්න ඉදපු දරුවා කාගේද කියන ප්‍රශ්නේයි , කෙල්ලව අපර් විලේජ් එකට යැව්වේ මොකද කියන ප්‍රශ්නේයි එයාලට නැති වෙන්න හේතුවක් නැ.....

" අපිට වැරදුනෙත් එතන...." ගවීෂ් මිමිණුවේ කල්පනාවෙන්..... එයාලා ඉස්සෙල්ලා කරන්න තිබ්බේ යොරෙල්ස්ලාගේ මේ කෙහෙල්මල් පාලනේ එපා වෙලා ඉන්න උන්ව එකතු කරගන්න එක....

" මම ඩවුන් විලේජ් එකේ මැන්ශන් එකටත් ගිහින් ආවේ... " ඩියෝන් කිව්වේ ගවීෂ් සෑහෙන වේගකින් කොල්ලා දිහාවට හැරෙද්දි....

" ඒ මොකටද ? " ගවීෂ් ඇහුවේ තදින්...

" ගියේ නම් අරකිට කනට දෙකක් ගහලා ඇදන් එන්න... " ඩියොන් කිව්වේ බුම්මගෙන..... ඒත් උගෙ කටහඩේ තිබ්බේ සැහෙන දුකක්... එක අතකට ගවීෂ්ටත් වඩා ආශදී එක්කම ඉදියේ ඩියෝන්... උන් දෙන්නා දෙන්නගේ හොදම යාළුවො විතරක් නෙවෙ , හැම දෙයක්ම පොඩි කාලේ ඉදන් කළේ එකට... ඩියෝන්ට තියෙන කේන්තිය ගොඩක් පැතිවලින් සාධාරණයි ....

" ඒකි හැමදාම ඕනෙම වෙලාවෙදි මොකක් හරි පිස්සුවක් නටනවා... එයා එක පැත්තයි දකින්නේ... මට මේම කියන්න අයිතියක් නැ.. ඒත් එදා යුවනිදු අය්යගේ සිද්ධියේදිත් ඒමයි !! "  ඩියෝන් මිමිණුවේ කලින් ආශදි එයා එක්ක තරහ වෙන්න හේතුව මතක් කරලා දීලා....

" එයා ඒක තීරණය කරලා ඉවරයි එතනින් එහාට උබට මට අතදාන්න බැ ඩියෝන්.. ඒත් , උන් කෙල්ලව බලාගත්තේ නැත්තන් මම දෙපාරක් හිතන්නැ කෙල්ලව ආයෙ එක්කන් එන්න.. " ගවීෂ් කිව්වේ ඩියෝන් ඒත් කේන්තියට බුම්මගනිද්දි.....

" මට උබ තරම් ඉවසන්න බෑ ගවීෂ් අය්යේ, ඒත් මං දන්නේ ඕකිට වටින්නෑ ඕම කරන්න.... අපි අඩුවක් කරලා නැනේ.... ඔයා අඩුවක් කළෙත් නැනේ.... ! ඒම එකේ --"

" ඩියොන් !! ඇති ... කෙල්ල හිතන්න ඕනේ ඒකිගේ පැටියා ගැන මිසක් උබ මම ගැන නෙවේ... ඒකිට ඒම වෙන්න ඕනැ , ඒකි ආදරේදි මෝඩයි තමයි. මං දන්නවා...ඒත් මට ඒ ගැන ඊට වඩා කතා කරන්න ඕනෙ නැ.... " ගවීෂ් කිව්වේ ඩියෝන් නිශ්ශබ්ද වෙද්දි... ඌ මෙච්චර වෙලා නිශ්ශබ්ද වෙලා බලන් ඉදපු මියුන් දිහා හැරුනේ කට ඇද කරන්...

" අර තරහා ගිහින්ද ? " ඩියෝන් රහසින් ඇහුවෙ ගවීෂ්ව ඉගි කරලා...ඒත් ආපස්සට ඊට දෙවෙනි නොවෙන රැවිල්ලක් මියුන්ගෙන් ලැබුන නිසාම ඩියෝන් ආයෙ ඉස්සර බලාගත්තේ මීක් සද්දයක් නැතුව.... රවනවයු , ගස්සනවයි...  මුන්ගේ ජාන පැහැදිලිව !!!

" ඩියෝන්.. " ගවීෂ් ආයේ කතා කලේ ටික වෙලාවක නිශ්ශබ්දතාවෙකට පස්සේ.....

" ගවීෂ් අය්යේ? "

" සීයා එන්නේ ? "

" දහයට විතරලු... " ඩියෝන් මිමිණුවේ සිරියස් විදියට...ගවීෂ් සීය එද්දිත් මැන්ශන් එකේ ඉන්න එක කොහෙත්ම හොද දෙයක් විදියට ඩියෝන්ට හිතෙන්නෙ නැ....

" ම්ම්... දැන් මියුන්ව එක්කන් යනවා ආශාක්‍යසිංහ මැන්ශන් එකට.... අරවින්ද්ගේ අතටම--- "

" මං යන්නෑ කිව්වනෙ තිමෞර්ය !! " මියුන් මැද්දෙන් පැන්නේ ඩියෝන් ඒ සැරේ මියුන් දිහා උඩ ඉදන් යටට බලද්දි....

" අහ් .. උබ යන්නැද බං ? " ඩියෝන් ඒ ඇහුවේ මියුන්ගෙන්... මියුන් වචනෙන් උත්තර නොදුන්නට ඒ රැවිල්ලට ඩියෝන් කට පියාගෙන ඉවරයි .....

" පොර යන්නැ කියනවනේ ගවීෂ් අය්යෙ... " ඩියෝන් ඔළුවත් කස කස කිව්වේ ගවීෂ්ව ආයෙ අවුස්සන ගමන්.....

" ඒක තීරණය කරන්නේ උබද මමද ඩියෝන් අහ් ? "

" මම... ! " මියුන් බය නැතුව උත්තර දුන්නේ ඩියෝන්ට විසිල් එකකුත් ගැහෙද්දි.....වෙනදා ගවීෂ් ඕඩර්ස් දෙද්දි සේරමල මීක් සද්දයක් නැ බලන් ඉන්නවා... ඒත් අද !!!  මියුන්ගේ සැරට ගවීෂ් කට පියාගන්න විදිය ඇත්තටම උට වෙනම ලෙවල් එකක ආතල් එකක්.... ගවීෂ් තර්ක නොකරම කවුළුවෙන් එළිය බලාගත්තේ කාමරේ ආයේ නිශ්ශබ්දතාවෙක ගිලෙද්දි....

" එහ්...ඇට හිවලෝ.... අරහේ මොකද ? " ඩියෝන් ඒ ඇහුවේ තමන්ගෙන් කියලා හිතන් ඒ දිහා බලපු ගවීෂ් දැක්කේ මියුන් උත්තර නොදීපු නිසා උට වැලමිටෙනුත් ඇන්න ඩියෝන්ව....ගවීෂ් එහෙමම ඉණට අත් දෙක තියගත්තේ නළලත් රැලි අරගෙන.. මුන් දෙන්නා මොකද මේ ඇනගන්න ගත්තේ ඒ පාර ? මෙතන අනියම් යමක් සිදුවෙනවා වගේයි......

" එහේ පුළුවන් ඉතින්.... " මියුන් යන්තමින් නර්වස් පිට කිව්වේ ගවීෂ් දිහා ඔළුව උස්සලා බලලා... මේ මක්කද මේහ් ?? මියුන්ගේ මූණේ තියන බැල්ම ගවීෂ්ට කියවගන්න අමාරුයි...

" මොකක්ද කියපන් උබලා දෙන්නා කියන්නේ ? "

" මුගේ බූත බංගලාව ගවීසය්යේ.... !

" 1උබලා කියන්නේ දැන් මට හැංගෙන්න කියලද ? නටහන්.. ! " ගවීෂ් කේන්තියෙන් කිව්වේ ආයේ ජනේලෙන් පේන යොරෙල්ස්ලා දිහාවට හැරිලා....එන්න එන්න එළියේ කලබල වැඩි වෙනවා මිසක් අඩුවෙන බවක් නම් පේන්නේ නැහැ...

" උබට වෙන විකල්පයකුත් නැනේ තිමෞර්ය ? ආර්ය !! උබව මරාගෙන කාවි.... මට මුකුත් කරගන්න බැරි උනාට , මං උබව තියලා නම් මෙතනින් හෙළවෙන්නැ.... "

"  මොකක්ද තමුසේ දැන්  කියන්නේ ? බර්ඩ්‍රේන් උරුමය වෙලා , බර්ඩ්‍රේන් ප්‍රධාන පවුලේන්ම හැංගෙන්න කියලද ? තමුසෙට මාව මොකෙක් වගේද පේන්නේ ? "

" ඔය පටන්ගත්තේ ඉතින්... " ඩියොන් මිමිණුවේ අත් දෙකම ඔළුවේ ගහගෙන

" උබ මාත් එක්ක ආවේ නැත්තන් මම පහළට ගිහින් පුළුවන් දෙයක් කරලයි උබව එක්කන් යන්නේ.... තේරුණාද ? " මියුන් ඒක කිව්වේ කොහොමටත් විහිළුවට නම් නෙවේ... ඒත් තාම ගවීෂ්ගේ කට වැහිලත් නැ....

" මං එන්නෑ පුළුවන් දෙයක් කරපන්...."

" තිමෞර්ය !"

" යැයි යැයි යැයි..... ඔයා බූරුවෙක්.... මං මකරෙක්.... !!! මේ කසාදේ මෙතනින් ඉවරෙ.. !! කෝ ඩිවෝස් පේපර්ස් ටිකකින් මූණටත් ගහලා දාන්න ඕනේ....වාහ් වාහ් වහ්.. " ඒ ගාණට ඇරිලා තියෙන්නේ ඩියෝන්ගේ හැකරකට.... මෙච්චර වෙලා උට ෆ්‍රී ඩ්‍රාම එකක් උන බව තේරුන කොල්ලො දෙන්නත් දෙපැත්ත බලාගත්තේ ගස්සගෙන.....

" අනික උබ මියුන්... !! අය්යට හරියට කතාකරපම් ඇ... වේඝර්ණ උරුමය ඒ.. උබට ඕන ඕන තැන්වල එහෙම උස්සන්යන්න දෙන්න උබේ අහවල් දේපළක් ද ? . "

"එහෙමද ? " මියුන් වෙනමම ටෝන් එකකින් ඇහුවේ ඩියොන් අහිංසකයා වගේ නිශ්ශබ්ද වෙද්දි... තාම කල්පනාවෙන් යොරෙල්වරු දිහා බලන් ඉන්න ගවීෂ්ට මුන් දෙන්නා කතා කරන ඒවා ඇහෙන්නැතුව නෙවේ.... ඒත් මිනිහාගෙ සම්පූර්ණ අවධානේ යොමු වෙලා තියෙන්නේ ඉස්සර ගේට් එකට කිව්වොත් වැඩියෙන් හරි.....

" වාශිත්ව යොවන්දිට දෙන්න.. " ගවීෂ් නිශ්ශබ්දතාවේ බින්දේ ඩියෝන් මෙච්චර වෙලා වාඩි වෙලා ඉදිය තැනින් නැගිටලා කෙලින් වෙද්දි.. ගවීෂ් මෙච්චර බැරෑරුම් විදියට කතා කරන්නේ එයා ඕඩර්ස් දෙනකොට බව ඩියෝන් දන්නවා....

" අක්කට කියන්න තදින්ම , මං දන්නැ මං කිව්වට තවදුරටත් අහයිද කියලා.... එයාට කියන්න ඇතුළේ මොන කලබලෙ උනත් වාශිත්ව කොහේවත් යවන්න බෑ කියලා... එයාටත් මොකටවත් මැදිහත් නොවී වින්ට හවුස් එකේම ඉන්න කියලා... "

" ඔයා ඒ එයාට සමාව දෙනවද ගවීෂ් අය්යේ ? දන්නවනේ අක්කා සමහර දේවල්-- "

" මම මේක චාන්ස් එකක් විදියට දෙන්නේ... ඒක ගන්නවද නැද්ද කියලා එයා තීරණය කරයි. "

" එයා ගොඩක් පසුතැවෙනවා වුන දේට... " ඩියෝන් මිමිණුවේ ගවීෂ් එක පාරක් විතරක් ඔළුව වනද්දි..... තවදුරටත් ඒ ගැන මහ ලොකුවට හිතන්න ගවීෂ්ට ඕනකමක් නැ කිව්වොත් හරි... මේ මොහොතේ එයාගේ එකම ගෝල් එක සුදු මාමව දවස් තුනක් ඇතුළත හොයාගන්න එක.....අහ්... සමහරවිට-

" අර අරුගේ එන්ගේජ්මන්ට් එක අනිද්දාද ? " ගවීෂ් ඇහුවේ මියුන්ගෙන්... මියුන් ඔළුව වැනුවේ ගවීෂ් ඒකටත් මුකුත් නොකිය ඉස්සරහා බලාගනිද්දි.... ඒකත් හරිනේ....

" ම්... ඩියෝන් මම ගියාම උබයි මෙතන ඊළග... ඉසිවර වේඝර්ණාරච්චි මොනම විදියකින්වත් මැන්ශන් එකට අතගහන්න බෑ .... "

" හරි ගවීෂ් අය්යේ... ඇහ්...හොව්ව්... යනවා කියලද කිව්වේ ??? "

" ඔව් !!! "

" අඩෝඕඕඔ.... මියුන් උබ නං ගැම්මක්... අන්න ඕකේ එක දුන්නා..... " ඩියෝන් ඒ සැරේ කිව්වේ මියුන්ට පහක් දාන්න අත උස්සලා උනාට මියුන් අහක බලාගත්ත නිසා ඌ අසරණ විදියට උගේම අනිත් අතින් පහක් දාගත්තේ මියුන්ට රවාගෙන... ඉදපන්කෝ කරන්න ඕකාගේ ලොකුකමට වැඩක්....

" ගේට් එකේ ගාඩ්ස්ලා මාරු වෙන්නේ /නවයට.... ඩියෝන් මට ඇතුළන් වෙලාව අරන් දෙන්න ... ඒ ඇතිවේවි පිටිපස්සේ ගාඩ්න් එකට පැනගන්න... ඊට පස්සේ අමාරු නැ.. " ගවීෂ් කිව්වේ කල්පනාවෙන්....

" ඕකේ බොස් අටයි හයයි....දැන්.. "

" ම්න්... "

මුලින්ම ඇද උඩ තිබ්බ එයාගේ ටී ෂර්ට් එක ඇදලා අරන් ඒක අස්සට බෙල්ලයි අතුයි ඔබාගත්ත ගවීෂ් ,  ඉක්මනටම කාමරේ හරහා ගිහින් එයාගේ අල්මාරියේ ඇදුම් අස්සේ හංගල තිබ්බ ඝන හම් බද කවරයක් තිබ්බ පොත් දෙක බැග් එකකට ඔබාගත්තේ  පුළුවන් තරම් ඉක්මනින්... එයාට වෙලාව ඕනේ ආයේ ධාහන්රා එක හදාගන්න ... අඩුම මේ පොත් දෙකේවත් මොකක්ම හරි විදියක් තියෙන්නම ඕනෙ... එහෙමම අතට අහුවුන ඇදුම් ටිකකුත් ඔබාගත්ත කොල්ල ක්ලොසෙට් එකේ අනිත් සෙක්ශන් එක ඇරියේ උඩින්ම නවලා තිබ්බ සුදු පාට ලිනන් ටී ෂර්ට් එකයි, බේජ් ට්‍රවුසර් එකයි විශේෂයෙන් තෝරගන්න ගමන්...  ඇයි අර මොකෙක්ද ගස්ගදයෙක්ගේ වෙඩින් එකක් තියේනේ....

කාලයක් මියුන්ට අයිතිවෙලා තිබිලා ආයේ එයා ගාවට ආපු,  සුදු මාමා දීපු වොච් එක , උරුමයට විතරක්ම අයිති රතු මැණිකක් ඔබ්බපු නළල් ගාංචුව , පේරැස් මුද්ද එල්ලුන මාලේ වගේම උර සළුවත් ඩ්‍රෙසින් ටේබ්ල් එකෙන් ගත්ත ගවීෂ් ඒවත්  බැග් එකේම ඔබාගත්තේ අනිත් දෙන්නම අත් බැදන් බලන් ඉද්දි..... ඔබාගන්න පුළුවන් තරමක් අඩුම කුඩුම ඔබාගත්තටත් පස්සේ ගවීෂ් අන්තිමට ඇද අස්සට රිංගනවාත් උන් දෙන්නා බලාගෙන ඉදියේ නළලවල් රැලි කරන්....

අන්තිමට මකුණු දැල් නාගෙන ලී පෙට්ටිය අතට අරගත්ත ගවීෂ් මියුන් දිහා බලන්නවත් කරදර නොවී ඒකත් බැග් එක අස්සටම ඔබාගත්තේ ලොකු හුස්මක් අරන්.... කොල්ලා ආයේ අන්තිම වතාවට කුළුණේ කාමරේ පුරාවට ඇස් අරන් ගියේ මුකුත් මගඇරුනේ නෑ කියල  ශුවර් කරගන්න.. එක්කො මේක මේ කාමරේ ශාපයක්ද මන්ද.... මුලින්ම ලොකු අම්මා.. පස්සේ මෙතුල මාමා.. අන්තිමට දැන් තමනුත්...  යන්තන් හිනා   වෙලා බෑග් එක උරහිස හරහා වැටෙන්න එල්ලගත්ත ගවීෂ් , නළලට වැටෙන කොණ්ඩෙත් අතින් පස්සට කරලා මූණ වැහෙන්න කැප් එක දාගත්තේ ඊළගට මියුන් දිහා හැරෙන ගමන්....

  මියුන්ගේ ඇස්වල අද දවසට දැක්ක විශ්වාසයෙන් පිරුණ පළවෙනි බැල්ම....ඔව් , මෙතනින් ගවීෂ්ව අරන් යන්න තියේ නම් එයාට ඊට වඩා සැනසීමක් නැ.... මියුන් ඇස් හරවන්නේවත් නැතුව බලන් ඉදිය විදියට ගවීෂ් බෙල්ල කස කස අහක බලාගත්තේ කොහෙන්දෝ මතුවුන ලැජ්ජාවකට....

" හෝව් හොව්ව්.... මේ මොකත මේ.... ටේක් එවේ එකක් වගේනේ.... එහෙම තාම ඉවර නැ... " ඩියෝන් කොල්ලො දෙන්නා මැද්දෙන් හිටගත්තෙ දර්ශන පථයට බාධා කරලා... ඌ ඊළගට මියුන් දිහාවට හැරුනේ ඉස්සර ෆිල්ම්වල ඉන්න වලව්වේ හාමිනේ කෙනෙක් වගෙ ඉණට අත තියන්....

" ඔහේ දන්නවද ,  අපෙ ගවීසය්යා මේ වැදගත් විදියට මැන්ශන් එකේ හැදුන විනීත ලොකු ළමයා... වැස්සකටවත් එළියට බැහැලා නැ ඔව්... සිරිමත් හැදුනෙත් අපේ ගවිස්සය්යා දිහා බලාගෙන...... " ඩියෝන් තාලෙට කියන් ගියේ ගවීෂ් මූ මොකාටද එන්න හදන්නේ වගේ ඌ දිහා බලද්දි....

" එහෙව් සංස්කෘතික උරුමයක් , මේ නැහැදිච්ච ගස් ගදයෝ එක්ක නිකන් යවන්නැමයි... මේ මං ඉන්නකන් නැමයි.... කෝ දණ ගහලා අහපන් බලන්න මියුන්... වෙලාව තියේනෙ තව.... අහපන්.." ඩියෝන් කුප්ප හිනාව දාගෙන කිව්වේ සැහෙන උනන්දුවෙන්... මියුන්ගේ ලොකුකමට දෙන්න පුළුවන් හොදම රිටන් එක....

" ඩියෝන් !!! "

" ඔව් සුදු අය්යේ ? "

" තොට අමුකැවුනද ?

" ඇයි ඇයි ? විහිළු නෙවේ අම්මපා මම උදව් කරන්නැ එතකන්...."

" ඩියෝන් මෙහ්... ,සිරියස් වෙලාවල්වල ආතල් දෙන්නෙපා.... මට ගේට් එක පහු කරන්න විතරයි ඕනෙ... " ගවීෂ් දැනටම සුදුමැලි වෙලා...

" උබ නෙවෙනේ අහන්නේ අය්යේ..... මියුන් උබ අහනවනේ...... කෝ අහපන්..... ගවීෂ් අය්යේ හැබැයි ලේසියට හා කිව්වොත් උබට හෙණ ගහනවා ඇ.. කෝ දණ ගහලා අහපන් ඩෝ....හරි හරි.... පස්සේ තැන්ක්ස් කරපන් හදිසි නැ.... "

ගවීෂ්ට සිරාවට ඉන්නේ දාඩිය දාලා.. මියුන්ට මළපැනලා ඇති කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැනෙ ....  ගවීෂ් ඇස් මග ඇරලා බලන් ඉදියේ එයා දිහාවට අඩියක් තියපු මියුන්ගේ උරහිස් දිහා..... ගවීස් ගවීස් ගවීස් !!! උබ දැන් පරම්පරා හතකට ලැජ්ජ වෙන්නයි යන්නේ ....... ගවීෂ් ආයේ ඩියෝන් දිහා හැරුනේ මූණ දුක හිතෙන්න හදාගෙන.. කොහෙද ඩියෝන් කිසිම අනුකම්පාවක් නැතුව ඔළුව දෙපැත්තට වැනුවේ මියුන්ව චියරප් කරන අතරේ..... අඩුම ගවීෂ් මේ කල්පනා කරන්නේ මූ මේ දෙන්නේ මොකේ රිටරන් එකද කියලා...  තුන් හිතකින්වත් වරදක් කරලා නැනෙ යකෝ මුට... කටවත් වැරදුණද ? අලුත් කෙල්ලට කස් ලිස්ට් එක යැව්වෙත් නැනේ..... හනේහ්හ්හ්හ්හ්හ් ..... ආතල් එකට උනත් මියුන්ට යකා නැග්ගම ඌ එපැයි ඊළගට දුක් විදින්න.........

" අසරණ කරන්න එපා බම්ලෝ...... " මියුන් දිහා නොබලන්න පරිස්සම් වෙලා ගවීෂ් කිව්වේ ආයේ ඩියෝන් දිහාවට හැරිලා.... ඒත් උගේ මූණේ තියෙන්නෙ හෙනම නෝන්ඩි යස්ස හිනාවක්..... ගවීෂ් ඒ සැරේ මූණ ඇද කරන් මියුන් දිහා බැලුවේ ඌ මෙච්චරවෙලා නිශ්ශබ්ද මොකද කියලා හිතාගන්න බැරුව..... කෙන්ති ගියානම් මේ වෙද්දි අහගෙන ඉවරයි නේ ? ඩැම්න් හරිනේ පුතො... මියුන්ගේ මූණෙත් තියෙන්නේ ලා හිනාවක්.... නැ...!!! පැනලා දුවන්න හිතෙන විදියේ හිනාවක්... එක්කො මෙතනම ද්‍රවාංකේ පහු කරලා දියවෙලා  යන්න හිතෙන විදියේ හිනාවක්.... මෙච්චර ප්‍රශ්න තියාගෙන මුන් දෙන්නත් එක්ක තව ගෑස්ට්‍රික් අමාරුත් වැඩි කරවනවා.... එ මදිවට ඇගත් වෙව්ලනවා... මියුන් එක දණ හිසක් නවලා පහත් වෙන්න කලින්ම ගවීෂ් ඌව එහාට තල්ලු කළේ වෙව්ලන අත්වලින්....

" මේ මොන ලැජ්ජාවක්ද යකො !! අහකට පලයන්...... "

ගවීෂ් කිව්ව එක ඇහුන්නැති ගාණට මියුන් ආයේ දණහිස බිමින් තියලා පහත් උනේ , ගවීෂ් ආයේ අනිත් පැත්තට පනිද්දි... මියුන් ඒ පැත්තට හැරෙද්දි ආයේ වම් පැත්තට.... කොල්ලා එක දණහිසක් බිම තියලා ඉවරයි.... නේ මොන විකාරයක්ද යකොව්ව්...... ගවීෂ් ඉණට අත තියන් බලන් ඉන්නේ සුදුමැලි උන මූණෙන්.... තව නම් මේක දරාගන්න් බෑ.... අන්තිමට මියුන් එහෙමම එයාගේ අතින් ඇදල අරන් අල්ලගත්තේ ගවීෂ් ඇස් දෙකම තද කරලා පියාගනිද්දි.....

" තිමෞර්ය ... "

දෙය්යනේ බැ බැ බැ !!! තමුසේ වේඝර්ණ උරුමය....නම්බුව තියාගනින්..... නම්බුව.... මොකද මිනිහො මෙ වෙව්ලන්නේ !!!!  ඇඹරෙන්නත් එපා කෙල්ලෙක් වගේ... කෙලින් ඉදපන් කෙලින් ඉදපන්....  ගවීෂ් මේ බොහොම අමාරුවෙන් හිටගෙන ඉන්නේ... උගේ පිටට මහ ලොකු වෙනසක් නැති උනාට ඇග ඇතුලේ හැම සෛලයකම සයිටොසොලේ ජෙලි වගේ පැදෙනව මිනිහට දැනෙනවා.....

" ඉතින් මාත් එක්ක එනවද තිමෞර්ය ? "

" අඩෝ.... කමෝන් මියුනා .... "  ඩියෝන් විසිල් කරපු සද්දේ ගවීෂ්ට හොදටම ඇහුනා.... යකෝඔ...මුන්ට හෙණ ගහනවා මේම ආතල් ගන්නවට... එයා පුළුවන් තරම් වෙනසක් නොපෙන්වා මියුන්ගෙන් අත ඇදලා ගන්න හැදුවට මොකද මිනිහා ඒක තදට අල්ලන් ඉන්නේ... අනික මියුන් අතින් ඇල්ලුවත් ඇතිනේ අපේකාට අපස්මාරෙට එන්න.....

" ආශා නැතිද මාත් එක්ක --- "

" හෙනගහපන් !!!  හරි යකො හරි... !! " දෙතුන් පාරක් අරහෙට මෙහෙට පැන පැන පැත්ත මාරු කරපු ගවීෂ් මියුන් ආයේ ඊට වඩා බරපතළ දෙයක් කියන්න කලින්ම කැගැහුවේ පපුවට අත තියාගෙන , ජනෙල් පඩිය උඩින් වාඩි වෙලා..... කරුමට පපුව කොච්චර වේගෙන් ගැහෙනවද කියනවා නම් ඒ උඩින් තිබ්බම අතත් වෙව්ලනවා....!! මියුන් දෙපාරක් නොහිත දණ ගහපු විදිය , අතින් අල්ලගත්ත විදිය..... තාම එයාට දරාගන්න බැරි තරම් බර බව ගවීෂ් දන්නවා.... එයා ඒක දකින්න කලින් ඇස් පියාගත්තේත් ඒකයි.... මෙච්චර කාලෙකට ජිවිතේට දැනලා තියෙන බරම හැගීම !...

" දැක්කනේ දැක්කනේ .... ඕකනේ උබලට කියන්නේ මේවාල රිහසල් කරලා තියන එක හොදයි කියලා.....දැන් බලහන් අන්න පපුවේ අමාරුව.... !!..   " ඩියෝන් තාම හිනාවෙවී කැගහනවා..... මියුන්ගෙ කටිනුත් එක්තරා විදියක හිනාවක් පැන්න බව ගවීෂ් හොදටම අහගෙන....මේ මොන ලැජ්ජාවක්ද යකෝඕඕඕඕ !!! ඒ පාර දෙන්නත් එක්කම විහිළුවට ගත්තද ? අඩො මුන් මේවා අරවින්දට කියන එකක් නැනේ......!!!!  මියුනුත් එන්වා මෙතන තව හිනාවෙන්න !!! ගවීෂ් ආයේ අත ඇද්දේ යන්තන් මතුවුන කේන්තියකින්.... මියුන් ඒ සැරේ නම් ඩියෝන් දිහාවට මොනවා හරි සන් කළේ මෙච්චර වෙලා හිනාවෙවී ඉදපු ඩියෝන් ඔළුව කස කස නිශ්ශබ්ද වෙද්දි.....

" අහ්හ් !! පොඩ්ඩක් ඉන්න කෝල් එකක්..."  මියුන්ගේ බැල්මට ඩියොන් ඉක්මනින්ම කාමරේ කොනකට වාර්තා කළේ මියුනුත් දණ ගහන් ඉදපු තැනින් නැගිටිද්දි....

ගවීෂ්ගේ කම්මුල හිමිහිට මියුන්ගේ අත් දෙකේ බලපෑමට උගේ බඩට තද උනේ ගවීෂ් ජනේලේ පඩිය උඩම වාඩි වෙලා එහෙමම ඇස් දෙක තද කරලා පියාගනිද්දි.... ඒ වෙලත් ගවීෂ් තවමත් සන්සුන් නොවුන බව තෙරෙද්දි මියුන් ආයේ ලොකු රවුම් ජනෙල් පඩියේ උස ගාණට පහත් උනේ ගවීෂ්ගේ අත අතාරින්නේ නැතුවම...

" තිමෞර්ය .... " මියුන් මිමිණුවේ ගවීෂ්ගේ අත තවත් තද කරගෙන.....

" මම දන්නවා මේ අත අල්ලගෙන *යමු*  කිව්වම උබ නැවිත් ඉන්නැ කියලා.... ඒත් මට ඇත්තටම දැනගන්න ඕනේ , ඔයා මෙතනින් එන්නේ කැමැත්තෙන් ද ? " මියුන් ඇහුවේ ගවීෂ් ඒ සැරේ යන්තන් ඔළුව වනද්දි ... සමහර විට හැමදේටම හොදම විදිය මේ මැන්ශන් එකෙන් ඈත් වෙන එක බව ගවීෂ් දන්නවා... මොකද ඇග ඇතුළේ විස ක්‍රියාත්මක වෙද්දි මේ සීතල බිත්ති අතරේ එයා හැමදාටම ධාහන්රා එකක්වත් කරගන්න බැරි මනුස්සයෙක් වෙන්න ඕනවට වඩා ඉඩකඩ තියෙනවා... ප්‍රතිවිෂක්  නැතත් ගවීෂ් මේක අතාරින්න ලෑස්තිත් නැහැ.....

" එච්චරට දැනෙනවද ? " මියුන් යන්තමින් තැවරුන හිනාවක් එක්ක  ඇහුවේ ගවීෂ් පපුව උඩින් තියාගෙන ඉදපු අතත් අල්ලගෙන ඒක පපුව උඩින් එහාට ගන්න අතරේ.... ගවීෂ් ඒ සැරේ එයාගෙ රතු පාට ඇස් මියුන් දිහාවට හැරෙව්වේ ඒ කළු ඇස් එක්ක සමාන්තර වෙන විදියට....ඌ රවාගෙනම මියුන් දිහා බලන් ඔළුවට පොල් ටොක්කකුත් ඇන්නේ අඩුනොවුන කේන්තියෙන්.....

" මේ ෆීලින් එක ආපස්සට උබට දුන්නේ නැත්තන්..... අම්මපා ඉදපන්කෝ උබ එතකන්...." ගවීෂ් මිමිණුවේ මෙච්චර වෙලා කාමරේ මුල්ලකට වෙලා එහා පැත්ත හැරිලා අත් දෙකෙන්ම කන් දෙක වහන් ඉන්න ඩියෝන් දිහා බලන පරක්කුවට හෙන අනුකම්පසහහත නෝන්ඩි හිනාවක් උගේ කටින් පනිද්දි.... උගේ කන් ඇහෙනවනේ ඉතින්.... ගවීෂ් එහෙමම මියුන්ටත් වැලමිටෙන් ඇනලා ඩියෝන්ව පෙන්නුවේ මියුන් ඒ සැරේ සම්පූර්ණයෙන් ඒ පැත්තට හැරෙද්දි ....

" හරිද ඉවරද උබලා.... " කොල්ලෝ දෙන්නා නිශ්ශබ්ද උන බව තේරුන ඩියෝන් ඇහුවේ ආයේ කෝකටත් එක ඇහැක් විතරක් ඇරන් ඒ පැත්තට හැරෙන අතරේ.... උගේ ප්‍රැන්ක් එකක් නිසා ඌම දුක් විදින සොදුරු මොහොත.... තනිකඩයා හරි පව් !!..

කැප් එක හදාගෙන මුකුත් නොවුනා වගේ නැගිටපු ගවීෂ්ගේ ඉස්සරහින් හිටගත්ත ඩියෝන් මියුන් දිහාවටත් වෝනින් එකක් දීලා ආයේ ගවීෂ් දිහාවට හැරුනේ ගවීෂ් උගේ උරහිසට තට්ටුවක් දාද්දි..... එක අතකට ගවීෂ්ට දැනෙන්නෙ කොල්ල දැන් ලොකු වෙලා වගේ... මොකද යුවනිදුගේ සිද්ධියට පස්සේ ඩියෝන් එයාගේ ගොඩක් දේවල් හදාගෙන තිබ්බා.. සමහරවිට ගවීෂ් ඩියෝන්ගෙන් කවදාවත් බලාපොරොත්තු නොවුන පරිණතගතියක්.... පුංචි සංවේදිකමක්... වගකීම්සහගත බවක්....

මුලින්ම ගවීෂ්ගේ උරහිසට ආපස්සට තට්ටුවක් දාලා විතරක් ශේප් වෙන්න හැදුවත් ඩියොන් ආපහු ගවීෂ්ගේ උරහිස වටේ අතක් යැව්වේ ගවීෂ් කොහෙත්ම !! කොහෙත්ම බලාපොරොත්තු නොවුන තරම් තද හග් එකකුත් එක්ක....

" අඩෝ මේ මොකද බන් ?? " ගවීෂ් ඇහුවේ ඩියෝන්කාරයගේ පිටට දඩාං ගාලා පාරක් අතැරලා....

"  ශිට්....ඇඩෙනවනේ &#*#& !!  " ඩියෝන් කුණුහර්ප ගොඩක් එක්ක මිමුණුවේ ගවීෂ්ට ඒකටත් ලා හිනාවක් පනිද්දි.....

" ඇස්වලම හැමිනෙනවනෙ මේ &#* රොඩු !!!  #&#&#* !!   " ඩියොන්ම මේ මුමුණන්නේ ගවීෂ් ඒ සැරේ කොල්ලගේ පිටට පොඩි තට්ටුවක් දැම්ම නිසා..... මොකද මූ එහෙම ලේසියට අඩන එකෙක් නෙවේනෙ.... ඩියෝන්ගේ හග් එක ගවීෂ්ට ගේන්නෙ පුදුම සැනසීමක්... මේ කොල්ලා ඒම යන්නැ....

" මං එදා කිව්ව මාව විශ්වාස කරපු එකට ඔයා පසුතැවෙන එකක් නැ කියල .... ! " ඩියෝන් මිමිණුවේ ගවීෂ් සැහැල්ලුවෙන් හුස්මක් ගනිද්දි.... ඇත්තටම බැරිම වෙලාවකදි කෙනෙක් උඩ තියෙන පුංචි විශ්වසයකට උනත් ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන් කියන එක ඔප්පු වෙන්නෙ මෙහෙම වෙන්නැති....

" මට මොන දේ නැති උනත්..... මං අන්න ඒ ඒ විශ්වාසේ තියනවා.... මොන දේ නැති කරගත්තත්....... මං ඒක තියනවා ගවීෂ් අය්යේ.... අනික මේ ඉක්මනට වරෙන් හොදද..... මේ කලිසමේ සූ දාගන්න පොඩි එකාව තනි කරන්න එපා.... හනේ මේ  &$-&#-# රොඩු ඇස්වලමයි යන්නේ ..... හැමිනියන් රෙද්ද.... $&-#*#-  !!!!  ඩියෝන් කියවන් ගියේ ගවීෂ් කොල්ලගේ පිට හරහා අතක් යවලා ආපස්සට හග් කරද්දි.... ඔව්ව්... ඩියෝන්ගෙන් ඉගෙන ගනින් ගවීෂ් ..... සමහර විට අඩුපාඩුවලින් පස්සෙ, ආයේ නැගිටින්න කාලේ හරි.....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

- මතු සම්බන්ධයි -

#  5000 +  යකුනෙ... 🤧 ආයේ කියයිද මන්දා දිග වැඩි කියලා...

# වනේ හතුරෙක්ටවත් සෙමයි උණයි හැදෙන්න එපා... 🤧🤧

Continuer la Lecture

Vous Aimerez Aussi

7.4K 1.8K 12
පාසල් ප්‍රේමේ සුන්දරයිලු!! සුන්දරවෙන්න තිබුනා ප්‍රේමවන්තයා ඉස්සරහා කව්පියි සම්බෝලයි වමනෙ නොදැම්මනම්! එකොලහ වසර ඉවරවෙන්න කලින් අවංකට තමන්ගේ හිතේ තියෙ...
1.5M 192K 157
အမျိုးသားကိုယ်ဝန်ဆောင် "ကော"များပါဝင်သည်။ အမ်ိဳးသားကိုယ္ဝန္ေဆာင္ "ေကာ"မ်ားပါဝင္သည္။
6K 1.6K 11
හෝලා... කොපි නොකර තමාගේ උත්සාහයෙන් හා කැපවීමෙන් වට්පෑඩ් එකේ ජනතාව අතරට ඔයාගේ කතාවත් ගෙනියන හැටි පොඩ්ඩක් මම දන්න තරමින් කියලා දෙන්නයි මේ පොත. කැමති අය...
14.9K 3.9K 43
'ඔයා වෙව්ලන්නේ බය වෙලාද?' එයා අහද්දි මම උඩ බිම බැලුවා. මම බය වුණු බව ඇත්ත. ඒත් ඇයි මම ඒක එයාට කියන්නේ? 'නෑ මට තයිරොක්සින් ප්රශ්නයක් තියෙනවා.' මම...