𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺...

Oleh KAVINI231

3.5K 512 72

"ඔයා ප්‍රාර්තනාවක් කරනවද 𝗽𝗿𝗶𝗻𝗰𝗲𝘀𝘀" "ම්ම්..ඔව්...කවදහරි දවසක මට හැමදේම දකින්න අවස්ථාව ලැබුනොත්..මම දකි... Lebih Banyak

1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
අවසානයට පෙර කොටස
අවසාන කොටස (Part I)
අවසන් කොටස (Part II)

11 කොටස

91 13 1
Oleh KAVINI231

කිව්වත් වගේ දේදුණුගේ වෙඩින් එකට යන්න කට්ටිය එයාලගෙ ආස ඇදුම් වලින් සැරසිලා කාමර වලට වෙලා විනාඩි තිහක් විතර කණ්නාඩිය ඉස්සරහට වෙල එයාලගෙ හිත් එක්කම ලොකු කලබගෑනියක .....මල්ශි එලියට බැස්ස වෙලේ ඉදන් දේශිට කියල ෆොටෝ ගන්නවා....ඒ අස්සෙ ආන්‍යා එයාගෙම කොලු ස්ටයිල් එකට ගැලපෙන ඇදුමක් ඇදන් යේශි එයාට කතා කරනකම් යේශිගෙ කාමරේ ඉස්සරහට වෙලා බලන් ඉන්නවා....

"ආන්‍යා"

"ම්ම්ම්"

"දැන් එන්නකෝ"

"ඕම ඉන්නකෝ"

එහෙම කියන් ආන්‍යා යේශිගෙ කාමරේට ගියේ එයාගේ princess ගෙ හැඩ බලන්න....

කාමරෙට ගිය ආන්‍යා මොහොතකට ගල් ගැහුණේ යේශිගෙ ලස්සනට...

යේශි ලස්සන වෙන්න අමුතුවෙන් මේකප් ඕන නැති නිසා දේශි පවා යේශිට මේකප් දාන්න ගියෙ නෑ....

"ආන්‍යා"

"ම්ම්ම්"

"මොකද සද්ද නැත්තේ"

"ලස්සන බැලුවෙ මම ඔයාගෙ...මට වචන එන්නෙත් නෑ princess "

"ම්ම්ම්ම්"

"ඔයා හුගක් ලස්සනයි princess "

"ම්ම්ම්ම්..තැන්ක් යූ ආන්‍යා...මන් ලගට පොඩ්ඩක් එන්නකෝ"

"ම්ම්ම්..හරි..."

"මට ඔයාව බලන්න විදියක් නෑනෙ ඉතිම්..."

එහෙම කියන් යේශි ආන්‍යාගෙ උරහිසට බර උනේ ආන්‍යාගේ හිතත් චුට්ටක් විතර රිදෙන්න අරන්....

යේශි ආන්‍යාගෙ උරහිසට බර වෙලා ඉන්න අතරේ ආන්‍යා ලොකු කල්පනාවක...

"ආන්‍යා"

"ම්ම්ම්"

"ඇයි කතා නැත්තේ"

"මොකුත් නෑ princess "

"ඇත්තමද ..."

"ම්ම්ම්..ඔව්..අපි යමු නේද එලියට"

යේශි ආන්‍යාගෙන් කල්පනා කරන්නෙ මොනවද අහද්දි ආන්‍යා මොකුත් නෑ කියලා කිව්වත් එයා හිත හිත හිටියේ මෙච්චර ලස්සන හඩක් රූපයක් හැමදෙයක්ම දීලා ඇයි යේශිට ඇස් දෙකක් දෙන්න තරම් දෙවියෝ කුරිරු උනේ කියලා  ඒ ලොකු කල්පනාවෙන් මිදුණ ආන්‍යා යේශිවත් අරන් එලියට යන තුරුත් හිතුවෙ එක දෙයයි  කවදහරි එයාගෙ princessට මුලු ලෝකෙම පෙන්නන්න එයාව අනිවාර්යයෙන් බාහිරින් සම්පූර්ණ මනුස්සයෙක් කරනවා කියලා

මේ අතරේ දේශියි මල්ශියි එලියේ ඉදන් ලොකු කල්පනාවක....

"දේශි අක්කෙ"

"අහ්..ආන්‍යා..චූටිවත් එක්ක ආවද"

"ම්ම්ම්..ඔව් අක්කෙ"

"මේ ඒක නෙවෙයි දැන් අපිට යාගන්න ඈකි වෙයිද අයියෝ දේදුණු අක්කගෙ වෙඩින්ග් එකට වෙලාවට"

"ඔව් අනේ..මන් වාහනයකට කතා කරා...අපේ තාත්තිගේ ඩ්‍රයිවර්...මන් තාත්තිට කිව්වම තාත්ති ඉතින් එයාව එවන්නම් කිව්වා"

"අනේ මන්දා ආන්‍යා..අපි ඔයාට එන්න එන්න ණය වෙනව"

"ණය"

"ම්ම්ම්"

"ඔය කතා නම් මට කියන්නෙපා අක්කෙ...ණය මමයි...මෙච්චර ලස්සන princess කෙනෙක්ව මට දුන්නට"

"ආන්‍යා"

"ම්ම්ම්"

"මම එච්චරම වටිනවද ඔයාට"

"එච්චරම...එච්චරම නෙවෙයි princess ඔයාව වටින තරම් මට මෙච්චරයි එච්චරයි කියන චර චර වචන වලින් කියලා නිම කරන්න බෑ"

"ම්ම්..චර චර වචන"

"ඔව්..හී...හී.."

"අනේ මේ..ඔයදෙන්න ලව් කරාට කමක් නෑ..වටේ මේ මන් වගේ තනිකඩයෝ ඉන්නව කියල අමතක කරන්නෙපා."

"ඇයි මමත්"

"අනේ මේ දේශි උබ කොහෙද තනිකඩ ...යසට ඉන්නෙ දාහකට ගහන්න තරම් උස මහත හැන්ඩ්සම් අබිරු"

"අබිරු"

"ඔව් ඔව් චූටි..ඔයාට මතකද අර ස්කොලේ කාලේ"

"අනේ මට අමතක නෑ අක්කෙ...මට හිතුනෙ අක්කා ඒ අයියව රිජෙක්ට් කරල කියල"

"නෑ නෑ චූටි...දැන් දැන් ඒ ලව් එකත් දලු දානව ටික ටික"

"අනේ කොච්චර හොදද අක්කෙ...අබිරු අයියා හිත හොද මනුස්සයෙක්"

"ම්ම්ම්ම්..."

"අහ්...දැන් ළමයිනේ ඔය මන් නොදන්න අබිරු ගැන කියල මාව මේ කතාවෙන් අයින් කරන්න එපා ඇහ්..යමු දැන් අන්න මාමා ආවා..මට පස්සෙ අබිරු ගැන කියන්න ඕන හොදද princess "

"හරි හරි අනේ..."

"කෝ එන්න මන් ඔයාව උස්සගන්න"

"එපා ඔයාගෙ ඇදුම් පොඩි වෙයි"

"අනේ මේ...ඇදුම් පොඩි උනාට කමක් නෑ..යන්"

එහෙම කියපු ආන්‍යා යේශිවත් වඩාගෙන  වෑන් එකට ගියේ දේශියි මල්ශියි හිනාවෙවී ඒ දිහා බලන් ඉද්දි....

වෑන් එකෙන් හිමීට යේශිව වාඩි කෙරෙව්ව ආන්‍යා දේශිටයි මල්ශිටයිත් වෑන් එකෙන් නගින්න කියල ඉස්සරහ ශීට් එකට ගියේ ඩ්‍රයිවර් එක්ක ලොකු කතාවකට මුල පුරමින්

"ලයනල් අන්කල්"

"ඕඕ..ලොකු බේබි.."

"අම්මි මොකද කිව්වෙ"

"අනේ ලොකු නෝනානම් ලොකු මහත්තයා මාව එවනවට කැමති උන්නෑ"

"ඒ මොකද ඒ"

"ලොකු බේබි දන්නවනෙ ඉතිම්..ලොකු නෝනා එක විදියක්නේ.."

"ම්ම්ම්ම්ම්"

ඒ කතාව එතනින් ඉවර උනත් දේශි මල්ශි යේශි හිටියෙ ලොකු වට ඒ ගැන හිත හිත....

එයාලට ඒ කතාවෙන් තේරුණ එක දෙයක් තමයි ආන්‍යාගෙ අම්මානම් ටිකක් එක විදියක් කියල...ආන්‍යා පවා ඩ්‍රයිවර් ලොකු නෝනගෙ හැටි දන්නවා නේ කියනකොට ආන්‍යා මොකුත් වචනයකින් නොකියා ම්ම්ම්ම් කිව්ව විදියෙන් එයාලට ඒක තේරුම් ගන්න අමාරු උනේ නැහැ.....

කොහොම උනත් එතන ඉදන් දැඩි නිහඩතාවක් හැමෝම අතරේ තිබුනේ...කොහොමින් කොහොම හරි තැනින් තැන නතර කර කර ගෑනු ළමයි ටික වෑන් එකේ වෙඩින්ග් එක තියෙන හෝටලේට ආවේ පුදුම සතුටකින්..මොකද එයාලගෙම අක්කා නොවුනත් හිතින් එයාලගෙම අක්කා උන දේදුණු ජීවිතේ ලස්සන පියවරක් අද තියන නිසා....

දුර තියාම යේශිලා එනව දැක්ක දේදුණු එයා මනමාලි කියන දේත් අමතක වෙලා එයාලා ලගට දුවගෙන ආවේ සති දෙකකින් එයාලාව දැකලා නැති නිසා...ආව ගමන් දේදුණු පවා කෙල්ලො හතර දෙනා දිහා බලන් දේදුණුගෙ අම්මට කතා කරලා කිව්වෙ මේ මගේ නන්ගිලා කියලා...

"කෙල්ලො හතර දෙනා"

"ඔව් මගේ නන්ගිලා මේ"

"මේ කොලු පැටියටත් කෙල්ල කියනව මේ කෙල්ල"

"අහ්...ආන්‍යා..ආන්‍යා කොල්ලෙක් නෙවෙයි අම්මේ"

"ඔව් අම්මේ...මගේ නම ආන්‍යා..මාත් ගෑනු ළමයෙක්"

"අනේ මගේ පුතේ...කොලු පැටියෙක් වගේමයි..හරි සිරියාවන්තයි...අනේ මේ දූලත් බොහොම ලස්සනයි"

දේදුණුගේ අම්මා දේදුණු වගේම හොද චරිතයක් කියල ඒ හතර දෙනාටම තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ...වෙඩින්ග් එකේ හැමදේම හොදින් වෙද්දි...ඊලගට තිබුනේ යේශිගෙයි ආන්‍යාගෙයි සින්දුව...ඉතින් එයාලා දෙන්නා හිමීට අතින් අල්ලන් ස්ටේජ් එකට ගියේ දේදුණු අක්ක ඒ දිහා කදුලු පිරුණු ඇස්වලින් බලන් ඉද්දි.....

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

1.1K 245 7
"ඒ දේවල් එහෙම තමයි" අපිටත් පොළවේ පය ගහන්න අයිතියක් තියෙනව කියල ඔප්පු කරන්න උන සමාජයක් මේක. Written by WinterbearsAngel ~2022/07/04
402 63 6
වැළලී ගිය පුරාවෘත්තයක නොමියෙන ප්‍රේමය.. . . . . . . . . . . . . . . 🚫කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්🚫
3.2K 315 30
𝗜"𝗹𝗹 𝗮𝗹𝘄𝗮𝘆𝘀 𝗹𝗼𝘃𝗲 𝘆𝗼𝘂...❤️
624 116 5
මල් සියුමැලිද, උඹව දකින වාරයක් ගානෙ මං අහනවා.... අසලියා උඹ මලක් මං පිපුන වත්තෙම, මං ගාවම පිපුණ ලස්සන මලක්... මට බැරි නෑ උඹ වෙනුවෙන් නටුවක් වෙන්න... ප...