_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ]

By Gojo_Nj9119

4.8K 485 301

එය අසුර හදක දළුලා වැඩුන ආදරයක් ❤️ More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13

Chapter 4

337 37 13
By Gojo_Nj9119

"ඔබගේ නාමය.."

"මා මේඝ..කාලිමේඝ...

"මේඝ..මා සිතනා අන්දමට නුඹේ ගමනාන්තය කෛලාශ පර්වතය වියයුතුයි.."

"නුඹ..නුඹ කෙසේද එය.."

"කෙනෙක් මෙම යක්දෙසි වනය පසුකරගෙන යන්නට සමත් නම්.. ඔහුගේ ගමනාන්තය කෛලාශය විය යුතුමයි..එය එසේ නොවේද.."

"එහි අරුත නුඹත්.."

"ඔබට වැටහී ඇතිහැඩයි..නුබ එහි යාමෙ අභිලාෂය මා විමසන්නෙ නැත..නමුත් ඉදිරි ගමන් මාර්ගය ඉතා කටුක බැවින් නුඹට මා සමග යා හැකියි ."

"අනවශ්‍යයි..එසේ පැවසීමට හේතුව මාගෙ අන්දභාවය නිසා නම්...
එය අමතක කර දමන්න..මා මුදවා ගත්තාට තුති..පිටවෙන්නම්.."

"මා නුඹව මුදවාගත්තා..නුඹ දැන් නිදහස්..නුබේ අරමුන ඉටුකරගැනීමටයි මේ කාලය.."

"මොහු මරා දමනු.."

"රන් අසිපතේ සැබෑ උරුමක්කරු මමයි.."

"නවතිනු..එසේ කරන්නෙපා..කම්බිලී..නවතිනු.."

"මගේ මේඝ..නෑ  නෑ..එපා..කම්බිලී ඔහුට යන්න දෙනු..ඔහු මරන්නෙපා......."






"එපා.........."

එපා..මොකද්ද ඒ හීනේ..කවුද ඒ..කාලිමේඝ..මොකාද එ පොර..මේඝ කියපු මිනිහා ඇයි මන් වගේ ඉදියේ..එත් අනිත් කෙනා..ඒ කවුද..

අනෙ මන්දා..දැකපු හීනේ කිසි තේරුමක් නෑනේ..දැන් දවස් දෙකක ඉදන් මන් මේ විකාර හීනේ කෑලි කෑලි දකිනවා..ඊයේ දැක්කා මන් වගේ ඉදපු මේඝයව ලොකු යකෙක් ඇවිත් ගිලින්න හදනවා..හැබැයි ගිල්ලේ නෑ බේරගන්න මොකෙක් හරි ආවා..කොහෙද ඉතිම් to be continue කියන්න වගෙ එකපාරටම කටහඩවල් ටිකක් එක්ක අපහැදිලි ජායාවගයක් පෙනුනානේ..

අදත් එහෙමයි..මරන්නෙපාලු..කඩුව දීපම්ලූ..හැබැයි අද අලුත් නමක් ඇහුනා..කම්බිලි..මොකාද යකෝ මේ බිලී පිත්තා..පාන්දර දෙකයි පනස් පහයි..ඊයෙත් මේ වෙලාවෙදිම මගුලක් දැකලා කෑගැස්සිලා නැගිට්ටා..අදත් එහෙමයි..මොන කුරක්කන් හැලපයක්ද යකෝ මේ..

අනික අර මන් වගේ ඉදපූ මේඝයා..ඒකා නිකම් අර අන්ටෙමඩ් එකේ වෙයි වුසියෑන් වගේ..අනිත් එකා නම් ලාන්සාන් වගේ කොන්ඩෙත් වැවිලා යකෝ..රජකාලෙද මන්දා..

යකෝ කිව්වාමයි මතක් වුනේ..අර කැරි යකා මට පොල් ටොක්කක් ඇනලා ගියා ගියාමයි දවස් දෙකකින් පැත්ත පලාතෙ ආවෙ නෑ..ඌ ගැනි බලන්න ගමේ ගියාද දන්නෑ..යකො ගෑනියෙක් ඉද්දිද මූ මට සුදූ ගෑවෙ..අද කාලෙ ඉන්න යක්කුත් චපලයි..එව්ව් උන් ඔක්කොගෙම ලේ එකයි..

ඕකා මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුනා..උගෙ ටොක්කටද මන්දා මෙ විකාර පේන්නෙ මට..එකා හිතලුවක් කියලා කියන්නත් බෑ  අඩෙහ් ගහපු පාරවල් සිතුවම් වගේ මගේ පස්චාත් බාගේ හිටිලනේ..අනෙ මන්දා ඕකාට මගෙ පස්සත් එක්ක මාර ඇරියස් එකක් තීන්නෙ..

ශුවර් ශොට් ඕකා පස්ස නැති යකෙක්..එව්ව් පස්සක් නැති ජීවිතේ පරිප්පු නැති සොයා මීට් එක වගේ..අපෙ අම්මත් ඔය පරිප්පු උයද්දි සොයා මීට් දාන්නෙ..

මොනාවුනත් ඒකා බලහීන යකෙක්..ඒකනෙ පේන්න එන්නැත්තේ..අනෙ මන්දා මට මහා කුමාරයගේ බැල්ම වත් වැටිලද කියලා..ඌ සම්මතෙට පිටුපාලා ගෑනු ගහනවා මදිවට පිරිමිත් හොයන් යනවා වෙන්න බැරිද..මන් ලගදිත් දැක්කා යූටියුබ් එකෙ කාල කුමාරයා ගේ වෙයි කියලා විඩියෝ එකක්..ගේ නෙමේ ඒකා මිදුලේ..

සැක්..මෙලෝ රහක් නැති හීනයක් නිසා මගෙ නින්දත් කපුටො අරන් ගියා..කොල්ලො දෙන්නෙක් දකින්නැතුව මන් කෙල්ලෙක් එක්ක හනිමූන් ගිහින් ඉන්න එකක් පෙනුනානම් හෙනද මන් අහන්නේ..ඒත් ඉතිම් එක කෙල්ලෙක් කියලා බෑනේ..එක්කෙනෙක් තෝරගෙන අනිත් අයට වෙනස් කම් කරන්න බෑ..හිතුනොත් මන් ලංකාවෙ රජවෙලා අන්තප්පුරයක් දාගන්නවා මගෙ දෝනිලා, සුදාම්මිලා , අක්කි බබාලා එකතුකරන්..

අනේ මගේ සැවැන්දරී..සැක් එදා වස ලැජ්ජාව ඕයි..මට එතනම වලක් හාරන් වැලලෙන්න හිතුනා..කවුද දන්නෙ යකෝ ලේ දුන්නාම කලන්තෙ දානවා කියලා..අර යකාටත් හෙන ගහනවද මන් අහන්නෙ වැටෙන්න යද්දි අල්ලගත්තා නම්..වැදිච්ච පාරට තුනටිය තාම වේදනයි...

එ මදිවට අපේ මහාතැනත් මට බැන්නානෙ ලේ දුන්නානම් පාඩුවෙ වාඩුවෙලා ඉදියෙ නෑ කියලා..මන් තරහා වෙලා ඉන්නෙ මැට්ටා එක්ක..මහා ඕන්නෑ අප්පා..අර බෙසික පුතා නාකි යස්සයා..ඌ අපෙ තාත්තා නැති තැන මගෙ අප්පච්චි වෙනෝ..අනෙ මන්දා ඕකා යක්කුන්ටත් නින්දාවක්..නැ මන් කියන්නෙ යකෙක් වුනාම සාමාන්‍යෙන් මිනිස්සුන්ව බය කරන්න පුලුවන් හැකියාව තීන්නොනෙනී.. හරිනම් දැක්කත් බය හිතෙනෝ..ඒකට මේකා යකො මොන්ඩිසොරි පොඩි උනුත් ඔයිට වැඩිය හොදට බය කරනවා..

කොහෙන්ද දන්නෑ ඕකා යකෙක් වෙන්න කෝස් කරේ..සහතිකයක්වත් නැතුව ඇති ඕකාට MBBS වගේ..

අනෙව්ව්ව්ව්ව්ව්ව්ව් නිදිමතයි යකෝ...

.
.
.
.
.
"සුදු පුතා..රෑවෙන්න කලින් එන්නෝනෙ හරිද..බයික් එකෙ ගියාට කමක් නෑ උබ 40 ට වඩා වේගෙන් යනවා එහෙම නෙමෙයි.."

"අනෙ මේ අම්මේ..මේන් යතුර..40 ට යනවට වැඩිය හොදයි මන් පයින් ගෑටුවානම්..ඇයි යකෝ මේක මාර මගුලක් වුනානෙ..ආව්හ්..ම්හුක් ගහන්නෙ.."

"ගහන්නේ...ගහන්න නෙමෙ පුතෝ උබ 40පැනලා බයික් එකේ ගිහින් තිබ්බොත් මන් හමගහන්නෙ හරිද..ආ මෙ හෙල්මට් එක හොදට දාගන්නවා..වැඩ කෑලි දාන්න එහෙම යනවා නෙමෙයි..අලුතෙන් ගත්තෙ මගෙ කිරිල්ලී..උබ කොහෙ හරි ඇනගන්නවා එහෙම නෙමෙයි..උබ වැටුනත් කමන්නෑ මගෙ කෙල්ල බේරපම් හරිද.."

"හරි හරි අනේ..පුදුම අම්මලා..මන් යනවා..අරයට කියන්න මන් ගියා කියලා.."

"තාත්තට කියලා යන්න පුත්තෙ.."

"ඕන්නෑ මන් තරහයි..එයාටත් එක්ක ඕන් ඔයාට වැන්දා දැන් හරිනේ.."

අනෙ මන්දා අපෙ අම්මට මට වැඩිය වටිනෝ මේ යකඩ කබල..carry සමාජෙ බන්ග්..

අම්මට බයිලයක් ගහලා එලියට පැන්නෙ මනුලයා එක්ක සෙට් වෙන්න..අම්මෙහ් කාලෙකින් උගුර ටිකක් හෝදගන්නේ මේ..

අපෙ අම්මා යන්නෙපා කිව්වට මන් ගියෙම 80 ට..ඇයි යකො 40 ට යනවා කියන්නෙ පයින් ගියාහා සමානයිනේ..

එ වුනාට තාත්තාට වැදලා එන්න තිබ්බේ..එයා ඉදලත් වැන්දෙ නැති එක හිතට හරි මදී..අනෙ මන්දා දැන් මොනා කරන්නද..පසුතැවෙන්න කලින් හිතන්න තිබුනා තොට..

"ඕයි මනුලයා.."

"සහසැස්..එන්න එන්න..මෙ අවුලක් නැනෙ මන් අදුරන තව දෙන්නෙකුත් ඉන්නවා.."

"ආ කමක් නෑ බන්..උබේ යාලුවො කියන්නෙ මගෙත් යාලුවො.."

"බයික් එක වත්තටම දැම්මා නේද..කො ඔය ජැකට් එක දීපම්.."

"ඔව් ඔව් බඩු වත්තේ..එක නෙමෙ උබේ ගෙදර පට්ටනෙ බන්..සුපිරි ප්ලේස් එක ආ.."

"හ්ම් සුපිරි තමා මෙ අද හේලාක්ෂ නැද්ද.."

"නෑ ඌ අම්මලෑ ගියා දවස් තුනකට කලිම්.."

" ආ හොදයි හොදයි වරෙම්කෝ.."

යකෝ මන් හිතුවට වඩා මනුලයා පට්ට සල්ලිකාරයෙක්නේ..පල්ලෙහා තිබ්බ Ducati diavel 1200cc එක දැක්කාම මගෙ ඉහමොලේ රත්වුනා..

අනේ ඒක ගාවින් ලෑන්ඩ් කරපු අපෙ අම්මාගෙ රෝස කිරිල්ලියා එක එක්ක බලද්දි හරියට උකුස්සයි දෙමලිච්චයි වගේ..

මනුලයාගෙ යාලුවො දෙන්නා ලොකු අයියලා දෙන්නෙක්..උන් දෙන්නාගෙ ලොකු අවුලක් නෑ..බොද්දි හැමොම යාලුවොනෙ මල්ලී..හේ හේ..උන් ආතල් එකේ සින්දු කියද්දි මන් හීන් සීරුවෙ බයිට් එකට වැඩෙ දුන්නා..ලොකුවට බොන්න බෑ සුදු මාත්තයා කේස්..

දානෙකට යනෝ කියලනෙ ගෙදරින් පැන්නෙත්..අම්මා අහයි උබේ දානෙ දුන්නෙ අහවල් බාර් එකෙන්ද කියලා..

වෙලාවට හේලාස්සයා ගමේ ගියෙ..ඕකා ඉදියනම් මට අද එන්න දෙන්නෑ..ඒව්ව් කිංග් චන්ඩාල..ඌ මගෙ මිනිහා කියලා හිතන් ඉන්නේ..අපෙ අම්මගෙත් නැති නීති උගෙ තීන්නේ..ජුම්මාන්ජියා

අරුන් තුන්දෙනා කෑන් පහ  හය හිස් කරද්දි මන් දෙවනි කෑන් එක අතට ගත්තා..එකපාර ගහනවට වඩා මෙහෙම හිමීට ගහද්දි තමා සැරට වදින්නෙ..

ඒකෙන් මේකෙන් හය කිට්ටු වෙනකම් අපි ආතල් ගත්තා..මනුලයාගෙන් බේරුමක් නැ මාව ගිහින් දාන්නම් කියලා..බුදු අප්පොච්චියේ ඕකා ගිහින් අපෙ අම්මාට අහුවුනාම..ම්ම් කැප කැප..

කිංග් චන්ඩාලයා ගෙදර ආවැයි කියලා අපෙ අම්මා උට කන්න කොත්තුවක් අරන් එන්නයි කිව්වා..මට දැන් සාදාරන සැකයක් එනව මන් අපෙ අම්මගෙම පුතාද කියලා..

මන් ආසාවට අයිස්ක්‍රීමක් ඉල්ලුවොත් රටේ නැති කියුම් කියලයි සල්ලි දෙන්නේ..ඒකට මේකා හුකතලේ පාලා මොනාහරි ඕනි කිව්වොත් අම්මා බොක්ක වුනත් ගලවලා දෙයි..

මේ දවස් වලට ඉක්මනින් අදුර වැටෙන නිසා හය වෙද්දිත් කට්ට කලුවරයි..අර මල්මද බිසෝට කොත්තුවක් ගන්න මන් දැන් සොහොන් පාරෙ යන්නත් එපැයි..අනෙ මන්දා  ඕක අරන් ගිහින් එද්දි මගතොටෙ මට යකෙක් වත් ගැහුවොත්..

තූ..තූ...උබෙ කට..වසලයා..කට හදාගනිම්..උබ කිව්වා වගේ වෙන්නත් බැරි නෑ දැන්නම්..

"අයියා ඩොල්ෆින් කොත්තු එකයි..ෆුල් එකක්.."

ටකට ටකට ටකට ටකට ටකට ටකට ටක ටක් ටක්..

ම්ම් කොත්තු කඩෙ අයියා ෆ්‍රි මියුසිකල් ශෝ එකකුත් පෙන්නනෝ..මන් කොත්තුව එනකම් කඩේගාව තිබ්බ පේර ගහේ කොල ටිකට වැඩෙ දුන්නා..

සුදු දෝනිට බලු ඉව තීන්නෙ..ලේසි නෑ ආයෙ ඒ ඉවෙන් රිංගන්න..පේර කොල පහකුත් කාලා හැක්ස් ටොපි දෙක තුනකුත් කටේ ඔබාගත්තා..

"ඩොල්ෆින් කොත්තුව රෙඩී.."

කොත්තුවත් උස්සම් පන ගැහි ගැහි යකෝ මන් ආවේ..එක සොහොනක් නම් පහු කරා..මේ අනිත් එක තමා භයානක..මෙතන බිලි කීයක් නම් අරන් ඇතිද..

එක්කො අද ගෙදර නොගිහිම් හෙට පාන්දර යනවා..එත් ඉතිම් මේ හිස් ඉඩමේ මොකා එක්ක ඉන්නද..කිලෝමීටර් දෙකක් යනකම්ම තාම එක ගෙයක් අහුවුන්නෑ..අර බන්ඩාරවෙල වගෙ මෙහෙත් ගව්වක් දුරින් තව ගෙයක් තීන්නෙ..

දොඹෙන් යන්න හරි කමන්නෑ සොහොන ගාවදි සීයට ඇරලා යනවා..කවදාවත් නැතුව අද හිතට අමුතු බයකුත් දැනෙනවා..අනෙ තාත්තේ අද ඔයා සුදු පුතාට බුදුසරනයි කිව්වේ නෑනේ..

ඕන මගුලක් වෙච්චිදෙන් කියලා හිතාගෙන සීය ගාවදි ඇස්ට්‍රිලේටරේ කැරකෙව්වා..ගෙදරත් යකෙක් ඉදලා උට  බය වුන්නැති එකේ සොහොනෙ යක්කු මොක්කුද ඩෝ..ගැම්ම අරන් යමු පුතා උබට බුදු සරනයි.

ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න අනෙ ගැම්ම ගනිම් බන්..

ඔය කිව්වාට සොහොන ගාවදි ගැම්ම මාව දාලා යන්නම ගියා..එත් ස්පීඩ් එක අඩු කරේම නෑ..ඇස් වහගෙනත් ටික දුරක් ආවා..තව ටිකයි..තව ටිකයි..ඔහ් යැස් වුත්තෝ අර ලයිට් කනුවෙන් සොහොන ඉවරයි..

එ කනුව පහුවෙන්න ඔන්න මෙන්න..
එකපාරට අහසින් කඩන් පාත් වුනා කළු බැලලියෙක් පාර මැද්දෙම හිටගෙන ඉද්දි මට බ්‍රේක් අල්ලන්නත් අමතකවුනා..
යකෝ තප්පරේකට කලිනුත් පාරෙ මොකෙක්වත් ඉදියේ නෑනේ..

මුලු ඇගේම වෙරදාලා බ්‍රේක් ගහපු පාර බයික් එක ගිහින් ලයිට් කනුවෙ වැදුනා..වැදෙනවත් එක්කම මහ හයියෙන් පූසො බෙරිහන්දෙන සද්දයක් ඇහෙද්දි ලොකු වාහනේක ලයිට් එලියක් මගෙ පැත්තට වැටුනා..

මන් වැදිච්ච පාර බයික් එකටම මාව යට වුනා..හෙල්මට් එක තිබුන නිසා ඔලුව බේරුනත් අතයි කකුලයි නම් ගන්න දෙයක් නෑ වගේ..කකුල සයිලන්සර් එකටම යටවෙලා තියෙද්දි අත හැන්ඩ්ල් එක අස්සෙ හිරවුනා..

අනෙ තාත්තේ..මට අමාරුයි තාත්තේ..මට ඔයාව ඕනි තාත්තේ..සුදූ ගාවට එන්නකො තාත්තේ..

මගෙ අතයි කකුලයි නෑවගේ..නැගිටින්න හැදුවත් බයික් එක හොල්ලගන්නවත් මට පනක් නෑ..ඈතින් නවත්තලා තිබුන වාහනෙන් කලු ලෝගු පෙරවන් ඉන්න මිනිස්සු දෙන්නෙක් බැහෑලා මගෙ ගාවට එනවා දැක්කා..කලුවරේ නිසා මූනු හරියට පෙන්නෙත් නෑ..

මන් ඉදපු අමාරුවත් එක්ක ආපු මිනිස්සු දෙන්නාගෙ අමුතු හැසිරීම ගැන අවදානෙ දෙන්න බැරිවුනා..එක මිනිහෙක් තනි අතින් බයික් එක උස්සලා විසිකරද්දියි මගෙ ඉනෙන් පල්ලෙහා ලේවලින් නැහැවිලා කියලා මන් දැක්කේ..

වේදනයි..සර්වාංගෙම වේදනයි.. ලේ ගදට ඔක්කාරෙටත් වගේ..අනේ මාව උස්සපල්ලකෝ..මුන් දෙන්නා පිලිම දෙකක් වගේ ඉදන් මන් දිහා බලාගෙන අනිමිස කරනවනේ යකෝ..

එකෙක් අනිත් එකාට ඔලුවෙන් මොකද්ද කියද්දි අනිත් එකා ඇවිත් මාව උස්සන්න හැදුවා..

අනේ ගම්බාරදෙවියනේ..මේකාට මූනක් නෑනේ..

එපා..එන්නෙපා..

ඇයි මගේ හඬ එන්නැත්තේ..මොකද්ද මේකා මට කරේ..

එන්නෙපා යකෝ..පලයම්..අනේ තාත්තේ...

ඒකා ලගටම ඇවිදින් මගේ ලේ සුවද ඉව කරා..මගේ හුස්ම නැවතෙන්න වගෙයි දැන්නම්..

"එයාට අතක් තිබ්බොත්..මං උබලාව අළු කරනවා.."

අර යකා මාව අල්ලන්න හදද්දිම පලාතම  හෙල්ලිලා යන සද්දෙ තව කවුද කෑගැහුවා..

ඒ සද්දෙත් එක්කම මගේ ගාව ඉදපු එකා හෙන ගැහුවා වගෙ මගෙන් ඇත් වුනා..ඌ විසිවෙලා ගිහින් අනිත් එකාගෙ ඇගේ වැදුනා..

අනේ මාව හොස්පිටල් ගිහින් දාපම්කො අයියෝ..මග මැරෙන්න වගේ..

අරුන් දෙන්නා වැටෙනවත් එක්කම තවත් මොකෙද්ද එකෙක් මේ පැත්තට එනවා දැක්කා..මෙ කට්ට කලුවරේ බෙට්ටක්වත් පේන්නැති කොට මුන්ව පෙනෙයිද ඉතිම්..

තුන්වෙනි පාර්ශවේ මෙ පැත්තට එද්දි අරුන් දෙන්නා ඊහීයක වේගෙන් නැගිටලා අර එන එකාගෙ පැත්තට ගියා..

"අනෙ උබලා පස්සෙ මරාගනිල්ලකෝ..මට අසාද්‍යයි ඕයී.."

වැඩක් නෑ..උන්ට ඇහෙන්නත් මගෙ කටහඩ පිටවෙන්නෙපැයි..මටත් ඇහුන්නෑ මන් කියපු එක..

අරුන් දෙන්නා දුවන් යනවත් එක්කම අර ආපු එකා මොකද්ද කරා..එකපාරට අරුන් දෙන්නාවටේ කහපාටට එලියක් විහිදිලා උන් දෙන්නාව අලුවුනා....මොකක් අලුවුනා නේද යකෝ..

මොනාද මන් මේ දකින්නේ..මේ මන් වෙරිවෙලා කොහෙ හරි වැටිලා දකින හීනයක් වෙන්න බැරිද..අම්මටසිරි අත ඇදුම් කනවා..අනෙ අතෙ පදාසයක්ම නෑ..එකපාරට සුදුම සුදුවෙලා ලේ පිරීගෙන ආවා මතකයි එතනින්..අනේ තාත්තේ මට මොන හෙනයක්ද ගැහුවේ මෙ..හුස්ම ගන්නත් බෑවගේ..ඇස් පියන් බරවේගෙන එද්දි මන් ඔලුව ගසලා ආයෙම ඇස් ඇරගත්තා...

මන් දැක්කා අර ආපු එකා මගෙ පැත්තට  ඇවිදන් එනවා..ඌ දිහා බලන්නත් අමාරුයි..මගෙ ඇස් ගැලවිලා වැටෙන්න වගේ රිදෙනවා..කලුවරේ ලාවට ජායාව වගේ පෙනුන එයා ලයිට් එලිය යටට ආවමයි ඒ මූන දැක්කේ..

දෙයියනේ..

එයා..

මගේ හීන වල මන් වගෙ  ඉදපු මේඝත් එක්ක ඉදියෙ එයා..ඔව් ඔව් මේ ඒකාමයි..එ රතු ඇදුම..මේ ඒකමයි..
මන් මරු විකාරෙන් දකින එකක්ද මේ..අනෙ මන්දා ඒකා හරි කලබලින් මගේ දිහාවට දුවන් ආවෙ..

මොකද්ද ඒකාගෙ නම..

නම
.
.
"රුද්‍ර.."

එ..එයා රුද්‍ර..රුද්‍රාක්ෂ

ඔව් එහෙම තමයි එයා හිනෙදි කිව්වේ..එයා ලගට එනවත් එක්කම මගෙ ඇස් පියවුනා..අන්තිමට එයා මොනවද කියවනවා මට ලාවට ඇහුනා..ඒත් ඒක තෙරුම් ගන්න මට හරි සිහියක් තිබුන්නෑ...

"සමාවෙයන් රත්තරනේ..මන් පරක්කුයි....මන් ආවා..දැන් ඔක්කොම හරි..මන් ආවා මගෙ මේඝ.."

.
.
.
.
.
.
.

"දැන් ඇඩුවා ඇති නිලූ..පුතා ඔයින් බේරුනා මදැයි.."

"මට දැනුනා පබලු මගේ කොල්ලා මටත් නොකියා යද්දි මොකක් හරි නරකක් වෙයි කියලා..අනේ මේකා ගිය වෙලේ ඉදන් මන් ගම්බාරදෙයියන්ට කිය කිය ඉදියේ..මගෙ කොල්ලාගෙ කකුලයි අතයි දෙකම නෑ..මන් කොහොමද මේක දරාගන්නේ.."

ම්ම්ම් පට්ට සනීපයි..මුලු ඇගම දනවා..බ්ලොක් ගල් ලෝඩ් එකක් ඇග උඩ තියලා වගේ දැනෙන්නෙ..ඒ අස්සෙන් අපෙ අම්මගෙ සද්දෙත් ඇහෙනවා..මොකද්ද.කියන්නෙ අඩන්නෙපාලූ..කවුද අඩන්නෙ..යොහ් නිලූ..අනෙ මගෙ සංගුලියා..තාත්තේ අඩන්නෙපානෙ මෙ මන් ඉන්නොනෙ..තාත්තේ මේ මන් දිහා බලන්න..හේ හේ පේන්නැද්ද..මාව කෙසෙවෙතත් මට තාත්තා පේන්නෙත් නෑ..ඇයි මෙ කලුවර..
තෝ ඇස් වහන් ඉන්නෙ පකිස් බුරූවො..අම්මට ඔව්නේ..තැන්ස් හිච්චි සක්‍රයො මතක් කරාට..

ඇයි මෙ ඇස් ඇරගන්න බැරි..එ අස්සෙන් තාත්තා අඩනවා නෙද..අනෙ මගේ අම්මනම්කැටේ..අඩන්නෙපා වස්තුව..හයියෝ කෙල්ලෙක්වගේනෙ අප්පා ඔයත්..හරිනම් අපෙ අම්මානේද මෙහෙම අඩන්නෝනේ..අපෙ ගෙදර ඔක්කොම අනිත් පැත්තට..අපෙ අම්මට ගානක්වත් නැද්ද මන් ගැන..අම්මෙ මන් ඔයාගෙම පුතෙක්ද කියලා දැන් සැකයි..

මොකක්..මගෙ කකුලයි අතයි නෑ කියන්නේ..ඔව් නේන්නම් මට දැනෙන්නෑනේ..සූනියම්දෙයියනේ කපලද මුන් මාව..අයියො අයියෝ මන් දැන් ඉමේසිට මූන දෙන්නේ කෝමද..ඇයි සැවැන්දරී..අනෙ අක්කි බබා..ඔයාගෙ මල්ලියා දැන් අනාතයි..අනෙ මල්සා , දිල්කි , ජෙමී , කාව්‍යා , සදමිනි , හංසි , ඉමා , මට සමාවෙයන් දෝනිලා..උබේ සුදාප්පච්චී දැන් එකතැන වෙලා..

හතුරෙකුට වත් මෙවන් විපතක් වෙන්නෙපා..දැන් නම් ඇස් අරින්න ඔනිත් නෑ..මෙහෙම්ම අන්ද වුනානම් හරි..කොහොමද දෙයියනේ මන් ආයෙ මගෙ සුන්දර වගතොග ගැන අතිසෝක්තියෙන් වර්නනා කරන්නේ..
උඩ ඉන්න සක්කයෝ..මන් මොන වරදක් කරාටද මෙහෙම කරේ මට..ආ..උබ අකමැති වුනා නේද මන් සිරිලංකන් හිච්චි සක්‍රයා වෙනවා දකින්න..
කැරි වැඩ ඕයි මේවා..සහගහනවා..

"අනෙ දැන් ඇති නිලූ..මටත් වාවන්නෑ කොල්ලා මෙහෙම ඉද්දි..ටිකට් කැපුවම හේලාක්ෂගේ අත්තම්මලෑ වෙදගෙදරට අරන් යමූ..මාස දෙකෙන් හොද කරගන්න පුලුවන්ලූ..මන් කෝල් කරලා විස්තරේ කිව්වා.."

"මාස දෙකක් කියන්නෙ පොඩි කාලයක්ද පබලූ..කොල්ලා මෙහෙම කකුල තියන් වැඩ කරගන්නෙ කොහොමද..අනික අතකුත් කැඩිලා.."

හෑ..කැඩිලා විතරද..අඩෙහ් නිලුවෝ..ඔයත් මාර බඩ්ඩ ආ..මන් හිතුවෙ  කකුල නැ කිව්වම කකුල ලෙප්ට්ම වෙලා කියලා..අනෙ යකෝ..මෙ හොදට තීන කකුල කපලා දාන්නද ඕනී..යසයි මැට්ටා යසයි..

දැන් නම් යාන්තමට ඇස් ඇරගත්තා..ආ මේ ඉන්නේ..හික්කේ..හෝගාලද් අඩනවා නේද..අර හොටුත් බේරෙනවා..එ මදිවට අම්මාගෙ සායෙත් ගානවා..ඉන්න නැති කරන්නද හදන්නෙ මැට්ටො..

"ත්තාත්තේ.."

"අනේ සුදු පුතේ..මගෙ මැනිකේ..උබ නැගිට්ටද..මොකද්ද වුනේ රත්තරනේ..උබට රිදෙනවද කොල්ලෝ..අනේ අපි ඉක්මන්ට හොද වෙමූ.."

"තාත්තේ..ඔහොම අඩන්නෙපා තාත්තේ..අම්මා ඇඩුවනම් තව දුක නෑ..ඔයා ඔහොම අඩද්දි දරාගන්න බෑ.."

"අම්මෙ ටිකක් ඇඩුවනම් ඔයාගෙ කෑල්ලක් යනවද..ඇයි මෙහෙම.."

"අඩන්න අඩන්න නෙමෙ මන් උබට..බලපම් කරගත්ත හරිය..මන් කිව්වා හතලිහ පනින්නෙපා කියලා..උබ ගිහින් තීන්නෙ සීයත් පන්නලනෙ..මෙහෙම බේරුන එක මදැයි..අනේ මගේ වාහනේ දැක්කාමනම් පපුව හෝස් ගාලා ගියා..ලොකු ඩැමේජ් එකක් ඒකට.."

"අනෙ තාත්තේ..මන් අපෙ අම්මාගෙ පුතාදමද තාත්තේ..මට සැකයි දැන්.."

"සුදු පුතා..තුවාල දෙපටින් යවාගන්න ඕනි වෙලාද ආ.."

.
.
.
.
" පුතේ තව ටිකකින් හේලාක්ෂ එයි.. මන් තාත්තාව එක්කන් යනවා..ඊයේ රෑ ඉදන් මේ මනුස්සයා ඇහැපියවලා නෑ..මොනාහරි ඕන වුනොත් ඉවසලා ඉන්න..කොල්ලා එනගමන්ලූ.."

ඤැව් ඤැව් තමා..කොල්ලා එනගමන්ලුද..ඉතිම් තාත්තාව යවලා ඔයාට ඉන්න බැරිද ආ..අනෙ ඇත්තමයි අම්මපා..අපොහ් අර මුස්පේන්තුවා ආවම එපාවෙයි..උට පුලුවන් ද මාව බලාගන්න..පව් මගෙ තාත්තා..අඩලා වැඩිකමටම ඇසුත් ඉදිමිලා..යන්න බෑ කියලා කියද්දිත් අම්මා තමයි බලෙන් ඇදන් ගියේ..මට සැකයි දැන්..මන් අම්මාගෙ පුතාද..

අතයි කකුලයි ගල් බැන්ඩේජ් දාලා..හොල්ලන්න බෑ රිදෙනවා..අනිත් අතේත් තුවාලයක්..එක කකුලයි බේරුනේ..උබටත් තිබ්බානෙ බෝක්කුව අස්සට  රිංගන්න..ඇයි තෝ බේරුනේ..

ඇස් ඇරන් ඉන්න බෑ ඔලුව පුපුරන්න වගේ..ඇත්තයි මෙහෙම දුක් විදිනවට වඩා මැරුනානම් සැපයි..කොච්චර කල් යයිද කකුල හොද වෙන්න..අත වගේද කකුල..ඇවිදගන්නවත් බෑනෙ..ආතල් ගත්තට හෙන සීරියස් තත්වෙක මන් දැන් ඉන්නේ..

දොර ඇරිලා වැහුනා..මන් හිතන්නෙ හේලාස් වෙන්නැතී..වෙන වෙලාවක නම් ඕකාට හොද කියුමක් කියනවා..එත් දැන් බෑ මට මහන්සී..

" උබට රිදෙනවද මේඝ.."

මොකක් රුද්‍ර..මට මේකාව අමතක වුනානේ..

රුද්‍රගේ කටහඩ අර නාකි යකාගෙ වගේනේ..පොඩ්ඩක් ඉන්න..එතකොට ඒ ඉදියෙත් රුද්‍රමද..

ලගදිම තොයිලයක් නටන්න වෙයිවගේ..තාත්තේ මාතරින් කට්ටඩියෙක් ගේන්නෝ..

මොකක් කිව්වා මේඝ කියලා නේද කිව්වේ..කවුද යකෝ මේඝ..මන් සක්‍රනේ..

"ඔඔයා.."

"ඒ ඔයා නේද..අර කලින් ඉදියෙත් ඔයාම නේද.."

"ම්ම්ම්..උබ මාව දන්නවනේ.."

"න්නැහ්..මන් දන්නෑ..මන් දන්නෙම නෑ.."

"නැතිවෙන්න බෑනේ..තමුන් මගෙ නමත් කිව්වේ.."

"පිස්සුද..මන් කිව්වෙ නෑ.."

"බලපම් උබ කරගන්න වැඩ..මගුලෙ ගියාද තෝ..බීලා මදිවට පුලුටුත් අරන් සොහොන ගාවින් ආවේ..දැන් සැපද..මට එන කේන්තියට උබෙ බොටුව කඩන් කන්න හිතෙනවා.."

ඩෙහ් මේකා ලෙඩෙක්ටනේ මේ බනින්නේ..
කිව්වත් වගේ මේකා මගෙ බොටුව කයිද..

"තමුන්ට කොහෙහරි යන්නොනෙද.."

"ඔව්.."

"කොහෙද.."

"ගෙදර..ආව්..මන් ලෙඩෙක් යකෝ.."

මේකා වේසම යකෙක්..ලෙඩෙක්ටවත් ඉන්න දෙන්නෑ..ඔලුව නෑවගේ..මු ටොකු ඇනලම මගෙ ඔලුව දැන් හිල් වෙනවා..

"කියපම්..උබට අහවල් එක කරගන්න යන්නොනිද.."

"අහවල් කිව්වේ.."

"උබෙ කට තලන්ඩමයි හිතෙන්නෙ මට..තොට චූ දාන්න ඕනිද කියපම්.."

"ආඅ..ඔව්නේ ඔව්නේ..චු බරක් නම් තීනවා..මන් ඉදියේ හේලාස් එනකම්.."

සිරාවට කෝ මේ හේලාස්..අපෙ අම්මාගෙ අනියම් පුතා..යකො මේකා තාම නෑනේ..

"ඌ එන්නෑ..කො යමු.."

"ඩෙහ් පිස්සුද අඩෙහ්..මට බෑ..හේලාස් ආවම මන් යන්නම්.."

"ඕයි ඕයි මාව තියපම්..අනේ අතෑරපම් ආව්.."

"ඔය කඩිත්තුව වහගත්තෙ නැත්තම් බොටුව කඩන් කනවා සත්තයි.."

ඩෙහ් මාව වැටෙයි යකෝ..දෙයියනේ මේකා මාව ඉස්සුවා නෙද..මන් උබෙ මනාලි කියලද හිතන්නෙ උබ..තියපල්ලකෝ..කො අර උද්දික පුතා..අනේ එ පකලන්දරයා..ඕකාට හොදක් වෙන්නෑ..බලපම් ලෙඩෙක්ව බලාගන්නනේ ඌව එව්වේ..එවපු එකා කෙසෙවෙතත් ලෙඩාව දැන් යක්දෙස්සෙක් තමයි බලාගන්නෙ..

දෙයියනේ හේලාස්..උබට මේ ආත්මෙට ගෑනියෙක් සෙට් වෙන්නෑ මේ කරන කැරි වැඩ වලට..

මන් ගහනවා උබට පොල්..
සීනි ගම ගිහින් ගම්බිරිස් ගහලා පොල් අඹරනෝ තොට...

මේකා ගාව රස්නෙයිනේ..අම්මොහ් සුවද..මූ ඇවිදින ඇට්ටේරියා මලක්ද..

මාව  කොමඩ් එකෙන් තියලා මේකා මොකද බලන් ඉන්නේ..ජොකා ගලවනකම්ද..ආ ජොකෙක් නෑනේ..මේක ඉස්පිරිතාලෙ ගවුමක්නේ

අඩෝ..මේකෙ පුක පැත්ත නෑනේ..එකියන්නෙ මේකා මගෙ පුක..

තෙයියනේ..මේකා පුකවල් පස්සෙ යන යකෙක්ද කොහේ..එව්ව් අසහනකාරයා..අහකට පලයම්..

"මොනාද බලන් ඉන්නේ..මට චූ බරයි..ඔයා යන්න මන් කරගන්නම්.."

"මොකද රවන්නෙ..දැන් ඔයාගෙ ඉස්සරහා මේක ගලවනකම්ද බලන් ඉන්නේ..එව්වා හදෙ පුතේ..දුප් දුප්.."

"ම්ම් හදේදි බලාගමූ..ඉවර වෙලා කියනවා.."

යකෙක්ගෙන් තියෙන වදයක්..

අනේ මේඝ..
උබේ මිනිහාව එක්කම් පලයම්කෝ..
මට දැන් පිස්සු වගේ ඕයි..

තාත්තේ පුතා දැන්

පි
ස්
සෙ
ක්...





_________________
සක්‍ර පුතා ආවා 🌝🌺

මොනාද මේ සක්‍රයා දකින හීන...

රුද්‍රයියා කරලියට ආවා..😌❤️

වොට් කරන්න❤️
කමෙන්ට් දාන්න❤️

ආතරෙයි❤️

හේලාක්ෂ නොහොත් කිංග් චන්ඩාල🌝



එන්නම්❤️

_Gojo_

Continue Reading

You'll Also Like

11.9K 752 14
Mistakes cause changing life totally. Happy ending by mistake not comes always happily. --×--×--×--×--×--×--×--×--×--×--×--×--×-- A bl fanfiction on...
1.8K 285 21
අතීතයේ සිට වර්තමානයට...⏳ හැකිද නැවත හමුවන්නට..මේ භවයේ මෙන් අසීමිත ලෙස ආදරය කරන්න..නැවත පැමිණෙන විට ආයුෂ බොහෝ රැගෙන එන්න..මා ඔබ කෙසේ හෝ සොයා ගමි.. ...
615K 48.4K 126
Kaisi Yeh Yaariaan gang on Instagram! IMAGINE the fun and the chaos!!!!✨ PSA : can't find the time to even open wattpad once a week let alone finding...
4K 547 4
" මැනික මන් නෑ කියලා එයාට දුකක් දෙන්න එපා එයාව හොදින් බලා ගන්න ඒ අපේ පන ටික " 👶🟢🔴❤🐰🦁