The Choice

By Marivok

109K 24.4K 10K

"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Note
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Note
Note 2
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45 (Prologue)
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59

Chapter 60

2.4K 354 128
By Marivok


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
•••••••••••••••••••••••••••••••••••••••••••••••••

මුලු ගෙදරම නිහඩයි.ගෙදරින් පුංචි ඉකිබිදුම් හඩක් ඇරෙන්න වෙන කිසි දෙයක් ඇහෙන් නෑ. දැං ඔක්කොම ඉන්නේ යුන්ගිගේ ගෙදර .

මින්ගි ,ජිමින්ගේ පොඩි බබා එක්ක කාමරේ නිදි. මින්හන්, යුන්ගිගේ ලොකු බබා එක්ක මිදුලේ සෙල්ලම් කරනවා.

ටේහ්‍යුන්ග් සාලේ සෝෆා එකේ වාඩි වෙලා බිම බලාගෙන .ජන්කුක් ටේහ්‍යුන්ග් ලගට වෙලා වාඩි වෙලා හොදටම අඩනවා. යුන්ගී එතන ඉස්සරහා හිටගෙන.ජිමින්ට කරන්න දෙයක් නෑ.එයා ජන්කුක් ලග වාඩි වෙලා ජන්කුක් සනසන්න හදනවා .

යුන්ගිට , ජන්කුක්ට කොච්චර තේරුම් කරන්න හැදුවත් ටේහ්‍යුන්ගෙන් අයින් වෙන්න කියලා ඒත් එයා අයින් වෙන්න ලෑස්ති නෑ.යුන්ගී හිතුවේ ටේහ්‍යුන්ග් ආයෙත් ජන්කුක්ව රවට්‍ටන් කියලා. ජන්කුක්ට පාර මැද තේරුම් කරන්න බෑ, ඒ වගේම මින්හන් ඉස්සරහා යුන්ගිට නරක විදියට හැසිරෙන්න බෑ.ඉතින් යුන්ගී දෙන්නාවම එයාගෙ ගෙදරට ගෙනාවා.

ගෙනත් ලමයි ඔක්කොම අයින් කරලා ඔක්කොම කතා කරා.ටේහ්‍යුන්ග් එයාගෙ කතාව කිව්වා.ජන්කුක් එයාගෙ කතාව කිව්වා.ටේහ්‍යුන්ග්ගේ නිවැරදිකම ඔප්පු කරා.එයා එයාගෙ අවුරුදු 3ක ජීවිතේ ගෙනත් කිව්වා. ඒත් යුන්ගී ටේහ්‍යුන්ග්ව පිලිගන්න කැමති උනේ නෑ.ටේහ්‍යුන්ග්ගෙන් ඈත් වෙන්න කිව්වා.ඒත් ජන්කුක් ඒකට කැමති උනේ නෑ.

වැම්පයර් කෙනෙක්ව කීයටවත් එයාගෙ පවුලට ගන්න බෑ.හේතුව ජන්කුක් තමා පැක් එකේ luna.එතකොට කිසි කෙනෙක් වැම්පයර් කෙනෙක්ව පැක් එකේ head alpa කර ගන් නෑ.
මේ සම්බන්දේ කීයටවත් හරියන් නෑ.

යුන්ගී අද ආවෙ ජන්කුක්ට කෙනෙක්ව හොයාගෙන.Alpa කෙනෙක්ව. ජන්කුක්ගේ අනාගතේ විනාස වෙන්න දෙන්න බෑ යුන්ගිට කීයටවත්.යුන්ගි කියන්නේ ජන්කුක්ගේ පපා. ඉතින් එයාට කීයටවත් බෑ ජන්කුක්ගේ ජීවිතේ වැම්පයර් කෙනෙක්ට විනාස වෙන්න අත අරින්න.

යුන්ගී දන්නවා කොහොමත් මේක තේරුමක් නැති සම්බන්දයක්.ජන්කුක් වයසට ගියාට ටේහ්‍යුන්ග්ගේ වොල්ෆ්වත්, ටේහ්‍යුන්ග්වත් වයසට යන් නෑ.එතකොට ටේහ්‍යුන්ග් වෙන කෙනෙක් හොයා ගනීවි.යුන්ගී හිතුවේ එහෙම. ජීවිතේ අවසන් කාලේ පසු තැවීමෙන් ඉන්න වෙයි.

ඉතින් යුන්ගී ජන්කුක්ට marry කරන්න වෙන පැක් එකක කඩවසම් තරුණයෙක් හොයන් ආවා.ජන්කුක්ගේ ගෙදරට ගියත් එයා ගෙවල් අත් ඇරලා ගිහින්.කොහොම හරි මින්හන්ගෙ ඉස්කෝලෙට කතා කරලා , අද කොන්සර්ට් එක කියලා දැනගෙන ආවේ ඉස්කෝලේ ලගට.ඔව් එයා ජන්කුක්ගේ පෝන් එකට කෝල් ගත්තත් ඒක තිබ්බේ වාහනේ.

ඉවරයක් නැති ඉකිබිදුම් අතරේ යුන්ගී කිව්වෙම මේ සම්බන්දේ වෙන්න බෑ.ටේහ්‍යුන්ගෙන් ඈත් වෙන්න කියලා.එත් ජන්කුක් ඒකට එකග උනේ නෑ.

Yg-" එහෙනම් ඔයාට පවුලයි , ටේහ්‍යුන්ග් අතරිනුයි එකක් තෝර ගන්න වෙයි "

යුන්ගිගේ වචන ජන්කුක්ගේ හදවත පස්සාරු කරගෙන ගියා.පොඩි කාලෙ ඉදලා ජන්කුක්ට සීරීමක්වත් වෙන්න නොදී බලා ගත්ත පපාව අත අරින්නෙ කොහොමද  ?

Jk-" p-papaa..."

Yg-" අපේ පැක් එක විනාස වෙයි.දැනටමත් Luna, head Alpa නැතුව ඒක අස්තාවරයි. හැමදේම අනාගතේ ඔයා අතේ තියෙන්නේ ජන්කුක් "

Jk-" p-papa මං..මං..."

Yg-" හැමෝම විශ්වාස කරා ඔයා ආයෙ පැක් එකට නායකයෙක් දෙයි කියලා. ඔයා ඉපදුනෙත් වගකීමක් එක්ක ජන්කුක් ඔයාට බෑ ඒක මග අරින්න. මං අවුරුදු ගානක් මේ දුක් වින්දේ ඔයා වෙනුවෙන් baby "

Jk-" papaa මට බෑ "

Yg-" පැක් එකේ අනාගතේ එක්ක පැක් එක විතරක් නෙමේ ඔයා ඔය අත අරින්න යන්නේ. ඔයා ඔයාගෙ mumma එක්ක මාවත් අත අරින්න යන්නේ "

ජන්කුක් අඩන්න ගත්තා.

Jk-" මං..මං එයාට ආදරෙයි පපා "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ අතින් ඇල්ලුවා .

Jk-" කවුරු මොනවා කිව්වත් මට..මට වැඩක් නෑ. මට ඕනේ එයා ලග වයසට ගිහින් මැරෙන්න "

Yg-" ඔයාට පිස්සු හැදිලද දරුවෝ ? "

යුන්ගී ඇස් පියාගෙන කොන්ඩේ මිරිකගෙන ලොකු හුස්මක් අරන් ජන්කුක් දිහා බැලුවා.

Yg-" තව අවුරුදු 30කින් විතර ඔයාගෙ පෙනුම වෙනස් වෙන්න ගනීවි. ඒත් ඔය මනුස්සයා තව අවුරුදු සීයකිනුත් ඔය විදියට ඉදීවි. ඔයා වයසට ගිහින් ඉද්දි , ඔයා ආසද වෙන තරුණ ගෑනුන්ගේ moans ඔයාට ඔයාගෙ ගේ ඇතුලේ ඇහෙනවාට ?
ඔයා වයසට ගියාට එයාගෙ ආසාවන් වයසට යන් නෑ.එයා වැම්පයර් කෙනෙක් "

TH-" මිස්ටර් යුන්ගී~~~"

Yg-" මං කලිනුත් කිව්වා මං කතා කරන්නෙ මගෙ දරුවා එක්ක.තමුන්ට මං මේ ගෙදරට එන්න කිව්වෙත් නෑ, මෙතන ඉන්න කියන්නෙත් නෑ. මගෙ දරුවගෙ ජීවිතේ විනාස කරලා "

යුන්ගී කේන්තියෙන් දත්මිටිකෑවා.ටේහ්‍යුන්ග්ට කොච්චර අපහස කරත් මේ හැමදේම එයා ජන්කුක් වෙනුවෙන් ඉවසන්න ලෑස්ති .

Yg-" ජන්කුක් baby, පොඩ්ඩක් හිතන්න. මං ඔයාගෙ mumma එකතු වෙද්දි අපිට වයස 17ක් 18ක් , එතකොට අපි පොඩි අය. අපේ පෙනුමත් , වැඩත් ගොඩක් පොවී.ඒත් දැං අපි දෙන්නටම අවුරුදු 40ත් වැඩී. අපි දෙන්නම එක වගේම පෙනුම වෙනස් වෙලා.අපි තරුණ කාලෙ තරම්ම sex life strongනෑ.ඒ හැමදේම අපිට ගැලපෙන විදියට අපි දෙන්නා බෙදාගන්නේ.එකට වයසට යන්නේ ... ඒත් ඔයා "

යුන්ගී කිව්ව හැමදේම ජන්කුක්ට මැවිලා පේන්න ගත්තා.එයාගෙ mumma, papaගෙ පෙනුම එයාගෙ ඇස් ඉස්සරම වෙනස් වෙලා.

Yg-" ඔයාට , මෙයා හම්බුනේ අවුරුදු 16දී. ඔයා එතකොට හුරතල් පොඩි ලමයෙක්. එතකොටත් මෙයා තරුණ කෙනෙක්. දැං ඔයා අවුරුදු 27ක තරුණ ලස්සන පරිණත ඔමේගා mamaa කෙනෙක්.ඔයාගෙ පෙනුම අවුරුදු 16ට වඩා වෙනස් වෙලා.ඒත් මෙයා තවම එකම පෙනුම තියන තරුණ කෙනෙක්. තව අවුරුදු 30කින් ඔයා වෙනස් වෙන්න ගනී එතකොටත් මෙයා තරුණ කෙනෙක්. ඔයා වයසට ගිහින් ඉද්දිත් මෙයා තරුණයි. දැංවත් තේරෙන් නැද්ද මෙයා ඔයාට ගැලපෙන කෙනා නෙමේ කියලා "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අතින් මිරිකලා ඇල්ලුවේ හරියට මොනවා උනත් මං වෙනස් වෙන් නෑ princess කියන්න වගේ.

Jk-" මට ඒක..ඒක ප්‍රශ්නයක් නෑ papaa. එයා එක්ක මට ඉන්න ඕනේ "

Yg-" හරි ඔයාට වයස පෙනුම අමතක කරන්න පුලුවන් ඒත් ඔයාට මෙයා ඔයාව මුලින් හොයන් ආව හේතුව අමතක කරන්න බෑ "

Jk-" papa මං ඒ කතාව කිව්වා.එයා..එයා දැං වෙනස්. Papa අපිට දරුවෝ ඉන්නවා.අපි පවුලක් ආයෙ වෙන් වෙන්න කොහොමත් බෑ "

Yg-" ඔයාට පැක් එක අත අරින්න වෙයි "

Jk-" එයා මං වෙනුවෙන් එයාගේ රාජධානිය අත ඇරියා.එයාගේ උරුමේ අත ඇරියා. ඉතින් මට එයා වෙනුවෙන් පැක් එක අත අරින්න පුලුවන් "

ඒක හරි.ටේහ්‍යුන්ග් හන්සෝව ඒ වෙනකොටත් අයින් කරලා තිබ්බ හින්දා වැම්පයර් රාජධානියේ එකම උරුමෙ හම්බෙන්න තිබ්බේ ටේහ්‍යුන්ග්ට . ඒත් එයාට වැම්පයර් කෙනෙක් කසාද බදින්න වේවි. ඉතින් ටේහ්‍යුන්ග් වැම්පයර් රාජධානිය අතඇරියා.එහෙ නීතිය, රාජධානිය අතඇරිය කිසි කෙනෙක්ට ආයෙ එන්න බෑ.ටේහ්‍යුන්ග් ජන්කුක් වෙනුවෙන් ඒක කරා.

Yg-" ඔයාට ආයෙ කවදාවත් පැක් එකට යන්න බැරි වේවි. "

ජන්කුක් ඔලුව වැනුවා.

Jk-" ඒකට..ඒකට කමක් නෑ papaa "

Yg-" ඒ වගේම ඔයාට.."

යුන්ගී ලොකු හුස්මක් අරන් ජන්කුක් දිහා බැලුවා.

Yg-" ආයෙ කවදාවත් මාවවත්, ජිමින්වත් දකින්න නොලැබේවි "

ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.ආයෙත් ජන්කුක්ගේ ඇස් අගින් කදුලු වැටුනා.

Jk-" P-papa "

ජන්කුක් , යුන්ගි ඉස්සරහා දණින් වැටුනා.

Jk-" ක-කරුණාකරලා ඒක කරන්න එපා "

ජන්කුක් මේ ඉන්න තත්වේ දැක්කම යුන්ගිගේ පපුව විතරක් නෙමේ ටේහ්‍යුන්ග්ගේ පපුවත් හොදටම රිදෙන්න ගත්තා.

කිසිම දවසක කිසිම කෙනෙක් ලග දණින් නොවැටුන ටේහ්‍යුන්ග් ජන්කුක් වගේම යුන්ගී ලග දණින් වැටුනා.

TH-" ඔයා ඕන දඩුවමක් දෙන්න මට "

ටේහ්‍යුන්ග් , එයාගෙ අත් දෙක එකතු කරලා යුන්ගී දිහා බැලුවා.

TH-" ඒත් ඔයාගෙ දරුවා මෙහෙම අසරණ කරන්න එපා "

වැම්පයර් රාජධානියේ හිටපු උරුමක්කාරයා , යුන්ගී වගේ කීප ගුණයක් ශක්තිමත් සෘජු ගතිගුණ තිබ්බ කිම් ටේහ්‍යුන්ග් , යුන්ගි ඉස්සරහා දණින් වැටිලා. කිසි කෙනෙක්ගේ ඇස් විශ්වාස නොකරන සිද්දියක්. මේ අවුරුදු කීපෙට ජන්කුක් ටේහ්‍යුන්ග්ට මොනාද කරේ.

ජන්කුක්ගේ අත් වෙව්ලනවා .ජන්කුක් වෙව්ලන අත් ටේහ්‍යුන්ග්ගේ අත් වලින් තියලා, ටේහ්‍යුන්ග්ගේ අත් පහලට කරා. මොනා උනත් මේ ඉන්නේ ජන්කුක්ගේ බෝයිෆ්‍රෙන්ඩ්. ජන්කුක් හින්දා ටේහ්‍යුන්ග්ගේ තත්වය පහලට වැටෙන එක ජන්කුක්ගේ හිතට දුකක්.

Yg-" ඕක ඇති ! "

යුන්ගී , එයාගේ ඉනේ මෙච්චර වෙලා හංගෙන හිටපු තුවක්කුව එලියට ගත්තා.

Jk-" p-papa "

Yg-" ඔක්කොම ප්‍රශ්න ඉවරයක් කරන්න පුලුවන් පටන් ගත්ත තැනින් "

යුන්ගී , ටේහ්‍යුන්ග්ගේ ඔලුවට තුවක්කුව තිබ්බා. මේ තුවක්කුව යුන්ගී ගත්තේ මීට අවුරුදු 10කට කලින් ටේහ්‍යුන්ග් වෙනුවෙන්මයි.

Jk-" papa...papa.. ඕක කරන්න එපා "

ජන්කුක් කලබලෙන් වගෙ යුන්ගී ඉන්න පැත්තට හැරුනා.

Yg-" අපේ ජීවත වල අවුරුදු 10කට කලින් වැම්පයර් කෙනෙක් හිටියේ නෑ.අපි හොදින් හිටියා. "

යුන්ගී තුවක්කුව ලෝඩ් කරා.

Yg-" ඉතින් ඉස්සරහාටත් අපි හොදින් ඉන්න යන්නෙ "

ජන්කුක් , ඉක්මනින් ටේහ්‍යුන්ග් බදාගත්තා.

Jk-" මට මැරෙන්~~"

TH-" princess අයින් වෙන්න "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව අයින් කරන්න හැදුවත් ජන්කුක් ටේහ්‍යුන්ග්ව තදින් බදාගෙන.

Jk-" නෑ හබී මං..මං "

TH-" අයින් වෙන්න princess "

ආදරේ වෙනුවෙන් එකිනෙකාගෙ ජීවිත අමාරුවෙ දා ගන්න හදන විදිය.ඇත්තටම මේ තුවක්කුවෙ උන්ඩ නෑ.ඒක දැනන් හිටියේ යුන්ගී , ජිමින් විතරයි. ඒත් ජන්කුක් , ටේහ්‍යුන්ග් තමන්ගේ ජීවිත ගෙන නොහිතා තුවක්කුව ඉස්සරාට එන විදිය ජිමින්ට තවත් බලන් ඉන්න බැරි උනා.

ජිමින්ට යුන්ගිට වඩා ඉහලින් වචනයක්වත් කියන්න හයියක් තිබ්බේ නෑ.එයාට කරන්න තිබ්බ එකම දේ එතනින් යන එක. ජිමින් එතනින් යන්න ගියා.

Yg-" හැමදේම තව ටික කාලයයි "

යුන්ගී , තුවක්කුව විසික් කරා.ටේහ්‍යුන්ග් , ජන්කුක් තවමත් දණගහගෙන එකිනෙකාව අල්ලගෙන.

Yg-" එහෙම දැන දැනත් ඇයි මේ එකට ඉන්න දගලන්නේ "

Jk-" ඉන්න ටිකේ ජීවත් වෙලා ඉන්න. මට..මට මැරි මැරි ජීවත් වෙන්න බෑ papaa "

යුන්ගී ලොකු හුස්මක් අරන් පුටුවෙන් වාඩි උනා.

Yg-" මේ දේවල් තේරුම් ගන්න තවම ඔයා තරුණ වැඩී  දරුවෝ "

ජන්කුක් කදුලු පිහදාන ගමන් යුන්ගි දිහා බැලුවා.ජන්කුක්ගේ ඇස් දැනටමත් රතුවෙලා ඉදිමිලා.

Yg-" ඔමේගලා , තමන්ගේ mate ඉස්සරහා බොලදයි "

Jk-" papaa මං එයාට ආදරෙයි "

Yg-" කොහොමත් ඔයා  අපේ කැමැත්තට නෙමේ මේ හැමදේම කර ගත්තේ.ඉතින් අපි නැති උනා කියලා ලොකු වෙනසක් නැති වෙයි "

Jk-" P-papa "

ජන්කුක්ට මෙහෙම දෙයක් අහන්න ලැබුන එකත් දුකක්.එයා නොතේරෙන කාලේ හැගීම් පස්සේ ගියාට එයා ඒ කාලෙත් mumma,papaaට ආදරේ කරා.එයාගෙ තරුණ හෝමෝන එයාට පාලනේ කරන්න අමාරු උන එකයි වරද.

ඒත් දැං තත්වේ වෙනස්. එයාට එයාව පාලනේ කරන්න පුලුවන් .දැං හැමදේම තේරෙනවා , ඒත් එයාගෙ හදවත ටේහ්‍යුන්ග් එක්ක,බැදිලා . මේක අත අරින්න බෑ. එයාට පවුලක් තියනවා දරුවෝ ඉන්නවා.

TH-" ඔයාගෙ දරුවන්ට dadaa ඕනේ.ඔයාගෙ mateට ඔයාව ඕනේ "

ටේහ්‍යුන්ග් , යුන්ගි දිහා බලන් කතා කරා. මෙයා මෙච්චර වෙලාවක් ඉවසන් හිටියා.ඒත් යුන්ගි අතින් වෙන්නෙ ජන්කුක්ගේ හිත පෑරෙන එකයි.
ටේහ්‍යුන්ග්ට අවසානෙට කතා කරන්නම්ස් උනා .

TH-" එහෙනම් ඇයි මගෙ දරුවන්ට dadaa එක්ක ඉන්න බැරි.එයාලටත් dadaa ඕනේ. ඔයාගේ mateට වගේ මගෙ mateට බැරි ඇයි මං එක්ක ඉන්න . ඇයි එයාලට මේ දේවල් එක්ක ජීවත් වෙන්න බැරි ?"

ටේහ්‍යුන්ග් අවසානෙට කතා කරා . යුන්ගිට කියන්න දේවල් තවත් ඉතුරු නෑ.මොකද ටේහ්‍යුන්ග් කියපු කතාව ඇත්තක් තියනවා.

ඒත් යුන්ගිට ටේහ්‍යුන්ග්ගේ වචන විශ්වාස කරන්න අමාරුයි.ටේහ්‍යුන්ග් ඇත්තටම ජන්කුක්ට ආදරේටමද මේ ඉන්නේ ? ටේහ්‍යුන්ග්ට ඇත්තටම මේ දරුවෝ ඕනේද ?

යුන්ගිට පුලුවන්ද එහෙම ලේසියෙන් ජන්කුක්ගේ වගකීම අතාරින්න.

TH-" ඔයාගෙ පවුලට තරම් මං මගෙ පවුලට ආදරෙයි . "

ටේහ්‍යුන්ග් අවසන් ටික කිව්වේ ජන්කුක්ගේ ඉන වටේ අත දාලා එයාව ඇගට හේත්තු කර ගන්න ගමන්.

Jk-" ටේ-ටේහ්‍යුන්ග් uncle .."

යුන්ගී ඇස් පියන් ලොකු හුස්මක් ගත්තා.යුන්ගි එයාගෙ හිත සංසුන් කර ගත්තා.

Yg-" ඔය දෙන්නා~~~~"

" JUNGKOOK ...."

යුන්ගී , මොනවා හරි කියන්න උත්සහ කරත් ජිමින්ගේ කෑ ගැහිල්ල හින්දා යුන්ගී කතා කරන එක නැවැත්තුවා .සාමාන්‍යයෙන් ජිමින් මෙච්චර හයියෙන් කෑ ගහන කෙනෙක් නෙමේ.

Yg-" J-jimin ? "

Jm-" දෙයියනේ හ්‍යුන්ග් ..ඉක්මනින් එන්න "

ජිමින්ගේ කෑගැහිල්ල අතරේ භයක්, දුකක් ගැබ් වෙලා. හරියට ලොකු කරදරයක් වගේ.

ජන්කුක් , ටේහ්‍යුන්ග් දෙන්නම වාඩි වෙලා ඉන්න තැනින් නැගිට්ටා.

Jk-" Mumma ..."

ජන්කුක් , ජිමින්ගේ හඩ ආපු පැත්තට දුවන් ගියා.

Jm-" අනේ.. ඉක්මනින් එන්න. දෙයියනේ..."

ජිමින් කෑ ගැහුවා.













# To be continue #

______________________________________

මේක ඒ දෙන්නගෙ ජීවිතේට එන අවසන් ප්‍රශ්නේ වේවි.

………………………………………………………

මට 12 /  14 exam එකක්.ඒක පහු වෙලා අවසන් chapter කීපේ දාන්නම්.
දව දවස් 4ක් දෙන්න මට 🥺

______________________________________

🍁Marivok🍁

Continue Reading