The Choice

By Marivok

109K 24.4K 10K

"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Note
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Note
Note 2
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45 (Prologue)
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 54
Chapter 55
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60

Chapter 56

1.2K 294 82
By Marivok


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
•••••••••••••••••••••••••••••••••••••••••••••••••

TH-" තමුන් කොහොමද ...."

ටේහ්‍යුන්ග් දත්මිටිකාගෙන mijae ඉස්සරහට ඇවිදන් ආවා.ඒත් ජන්කුක් ටේහ්‍යුන්ග්ට වඩා ඉක්මන් උනා.

Jk-" නවතින්න "

ජන්කුක් mijae කවර් කර ගත්තා.

TH-" කොහොමද එයා ඔයාට ඒ වගේ කතා කරන්නේ "

ටේහ්‍යුන්ග් කෑ ගැහුවා.

TH-" මං එයාව තියලා ගියේ, ඔයාට එයා එක්ක පොඩ්ඩක් හිත නිදහසේ කතා කරන්න. ඒත් .."

ටේහ්‍යුන්ග් , ජන්කුක් අතරින් mijae දිහා බැලුවා.

ටේහ්‍යුන්ග් ,හිතන් හිටියේ mijae එයාට බය නිසා ඒ දෙන්නාට නිදහසේ ඉන්න ලැබෙන් නැති වෙයි කියලා.ඉතින් ඒකයි ටේහ්‍යුන්ග් මින්හන්ව ඉස්කෝලෙ දාලා, ඉස්කෝලේ ඉවර වෙනකන් මින්ගී එක්ක ඇවිදින්න යන්න තීරනේ කරේ. ඒත් ටේහ්‍යුන්ග්ට මගදි මතක් උනේ එයාගේ පර්ස් එක අරන් යන්න අමතක වෙලා.

එයා මින්හන්ව ඉක්මනින් ඉස්කෝලෙට දාලා ආයේ ආවේ, මින්ගිව වාහනේම තියලා.ඒත් එයා ගෙදර කිට්ටු වෙද්දිම ඇහුනේ mijae ජන්කුක්ට , ටේහ්‍යුන්ග් එක්ක නිදා ගත්තා කියලා චෝදනා කරලා බයිනවා විතරක් නෙමේ ගණිකාව කියලා කිව්වා.ටේහ්‍යුන්ග්ගේ කේන්තිය හොදටම වැඩි උනා.

TH-" ඒත් එයා ඔයාට ගණිකාව කිව්වා "

Jk-" ගණිකාව කිව්වේ මට නෙමේ "

ජන්කුක් ,mijaeගේ අතින් ඇල්ලුවා.

TH-" මගෙ කන් ඇහෙන් නෑ කියලාද හිතන්නේ ? ඔයාට වඩා අවුරුදු සීයකටත් වැඩියෙන් මං වයස ඇති.ඒත්.. ඒත් මගෙ කන් ඔයාටත් වඩා හොදට ඇහෙනවා princess  "

Jk-" ඔයා කියපු දේවල් හරියට අහන් ඉදලා නෑ මිස්ටර් කිම් "

ජන්කුක්ට ඕනේ නෑ zimbiට උන දේ, mijaeටත් වෙනවා දකින්න.

Jk-" එයා කිව්වේ, ඊයේ රෑ ඔයාට ඇග දුන්න කෙනා ගණිකාව කියලා. ඊයේ රෑ මතක නම් මං ඔයාට මගෙ ඇග දුන්නේ නෑ කියලා දන්නවා ඇතිනේ "

TH-" ඒත්.."

Jk-" මං විතරක් නෙමේනේ ඊයේ රෑ ඔයා එක්ක හිටපු එකම ඔමේගා. ඒ හින්දා මට අදාල නැති දේවල් ගෙන මං හිතන් නෑ.."

ජන්කුක් නොකියා කිව්වේ , ඊයේ ටේහ්‍යුන්ග් ගෙන්නපු ඔමෙගා තමා ගණිකාව.ඒ හින්දා ,mijae ඒ කියපු කතාව අදාල වෙන්නේ ජන්කුක්ට නෙමේ අනිත් ඔමේගාට කියලයි.

TH-" ඔයා කතාව වෙනස් කරනවා princess "

ටේහ්‍යුන්ග්ගේ රතු ඇස් ආයෙමත් දුඹුරු පාටට හැරිලා.ඒ කියන්නේ ටේහ්‍යුන්ග් සංසුන්.

Jk-" දැං ඔයා මොකද්ද කියන්නේ මිස්ටර් කිම් "

TH-" Mijaeට වටින් නෑ එහෙම දෙයක් ඔයාට කියන්න "

Jk-" එයා එහෙම දෙයක් කිව්වත් , ඒ මගෙ යාලුවා. ජීවත් වෙලා ඉන්න එකම හොදම යාලුවා, මට එයාව නැති කර ගන්න බෑ "

ජන්කුක්ගේ වචන වල කේන්තියට වඩා වේදනාවක් තිබ්බේ.

TH-" ඒත් යාලුවෝ ඉස්සරහා ආත්මගරුත්වය නැති කර ගන්න එපා princess "

Jk-" යාලුවෝ නැති කර ගන්නවාට වඩා ඒක හොදයි "

ජන්කුක් , ටේහ්‍යුන්ග් ලගට ආවා.

Jk-" ඔයාට අවසර දුන්නේ දරුවන්ගේ ප්‍රශ්න වලට involve වෙන්න විතරයි. ඒත් මගෙ දේවල් ගෙන හොයන්න ඕන් නෑ "

Minje තවමත් පිටපස්සට වෙලා දෙන්නා දිහා බලාගෙන කිසිම වචනයක් කතා නොකර බලන් ඉන්නවා.

Jk-" ඒ වගේම මගෙ පවුලටවත්, මගෙ යාලුවන්ටවත් ඔයාගෙන් කරදරයක් වෙනවා දකින්න ඕන් නෑ මට "

ටේහ්‍යුන්ග් විනාඩි කීපයක් ජන්කුක් දිහා බලන් ඉදලා , ඔච්චමට වගේ කට කොනින් හිනාවෙලා අවසන් වතාවට mijae දිහත් බලලා මොකුත් නොකියා කාමරේට ගියා.

ජන්කුක්ට ඇහුනා කාමරේ ඇතුලෙන් හයියෙන් මොනවා හරි දෙයක් බිම වැටෙනවා.සමහරවිට ටේහ්‍යුන්ග් පර්ස් එක හොයනවා ඇති.ඒත් බඩු පොලේ ගගහාද පර්ස් හොයන්නේ. ජන්කුක් කාමරේ පැත්ත හැරිලවත් නොබලා එක විදියටම හිටියා.

Jk-" ඔයා ආයේ මගෙ පවුලට කරදරයක් උනොත්, මිස්ටර් කිම් මාව ඔයාට කවදාවත් ආයෙ දකින්න නොලැබේවි "

ජන්කුක් දිගටම කතා කරන්න ගත්තා.

Jk-" මට ඕන් නෑ ඔයා හින්දා මගෙ කවුරුත් මැරෙනවා දකින්න "

ටේහ්‍යුන්ග් පර්ස් එක සාක්කුවට දාගන්න ගමන් කාමරෙන් එලියට ආවා.

TH-" ගේ ඇතුලට වෙලා පරිස්සමෙන් ඉන්න princess . මං පර්ස් එක හොයා ගත්තා.මං මින්ගි බබා එක්ක ඇවිදින්න යනවා. "

ටේහ්‍යුන්ග් කිසිම දෙයක් ඇහුන් නෑ වගේ එතනින් යන්න හැදුවේ එයාට කීයයවත් ජන්කුක්ගේ හිත රිදෙන දෙයක් කියන්න ඕන් නැති හින්දා. එයා අවුරුදු ගානක්ම ජන්කුක්ගේ හිත රිද්දුවා.ඒත් තවත් ඕන් නෑ.

ඒත් ජන්කුක්ට ඕන් නෑ මේක නවත්තන්න . එයා ඇහිබැම අකුලලා ටේහ්‍යුන්ග් දිහා බැලුවේ ජන්කුක් කියපුවා ඇහිලා නැද්ද වගේ මූනක් හදාහාගෙන.

Jk-" ඔයාට උත්තරයක් නොදී යන්න බෑ "

ටේහ්‍යුන්ග් නැවතුනා.

Jk-" ඔයාට පොරොන්දු වෙන්න වෙනවා මගෙ පවුලේ කවුරුත්, මගෙ යාලුවන්වත් මරන්නේ නෑ කියලා "

ටේහ්‍යුන්ග් ජන්කුක් පැත්ත හැරුනේ වේදනාව්‍ර්න් හිනා වෙලා බලලා.

TH-" මාව කවුරු වගේද පේන්නේ princess "

ටේහ්‍යුන්ග් ඇස් පියාගෙන ලොකු හුස්මක් ගත්තේ එයාවම සංසුන් කර ගන්න වගේ. ටේහ්‍යුන්ග් අඩි කීපයක් ආයෙත් ජන්කුක් පැත්තට ඇවිදන් ගියා.

TH-" මං වැම්පයර් කෙනෙක් තමා. ඒත් මං දන්න තරමින් ඔයාගෙ පවුලේ කාවවත් මරලා නෑ "

ජන්කුක් කාමරේට ගිහින් , කබඩ් එකෙන් පෑනක් වගේ එකක් අරන් ආවා.

Jk-" මේ මොකද්ද කියලා දන්නවද ? "

ජන්කුක් එයාගෙ අතේ තිබ්බ එක උස්සලා ටේහ්‍යුන්ග්ට පෙන්නුවා.

TH-" රෙකෝඩර්  එකක්. "

Jk-" මේක~~~"

TH-" Zimbiගේ "

ජන්කුක් , mijae දෙන්නම ටේහ්‍යුන්ග් දිහා එකසැරේම බැලුවා.

TH-" අවුරුදු 7කට කලින් අපි දෙන්නා අවසානෙට එකට හිටපු දවසේ ඕක මගෙ ලග තිබ්බේ. ඒත් පහුවදා උදේ මං ඇහැරෙද්දී ඔයත් මං ලග නෑ. ඒ වගේම ඔයා මේ රෙකෝඩර් එකත් අරන් ගිහින්."

Jk-" ඒකෙ~~"

TH-" ජීවිතකාලෙම ඔයා එක්ක විතරක් ජීවත් වෙන්න හිතාගෙන එදා රෑ මං මගෙ මන්දිරේට ගියේ.ඒත් පහුවදා උදේ ඇහැරිලා බලද්දී ලොකු මන්දිරේක මං තනියෙන්.ඔයා මට කතාව පැහැදිලි කරන්නවත් අවස්තාවක් දුන්නද ? "

ටේහ්‍යුන්ග් , කතා කරේ ගොඩක් වේදනාවෙන්.

TH-" මං වැම්පයර් කෙනෙක් උන එකද වරද ? නැත්තන් මගෙ හාෆ් වැම්පයර් ජීවිතෙන් අයින් වෙන්න ඔයාව මරන්නෙ නැතුව ඔයාට... ඔයාට ආදරේ කරපු එකද වරද ? "

Jk-" මං පොඩි කාලෙ ඉදන් ගොඩක් වෙනස් කෙනෙක්. ඒත්.. ඒත් මට ඒ වෙනස නොදැනෙන්න මං එක්ක හිටියේ මගෙ යාලුවෝ. Zimbi මගෙ ලොකු අක්කා. Mijae දෙවෙනියා . මං තමා අපේ gang එකේ බාලයා. අපි ලොකු උනේ , ඉගෙන ගත්තෙ එකට.අපි හැමදේම බෙදා ගත්තා.අපි සතුටින් එකට හිටියා ඔයා හම්බෙන්න කලින්.ඔයා මගෙ ජීවිතේට ආවට පස්සේ මං එයාලට වඩා තැනක් ඔයාට දුන්නා.
ඒ දේවල් වලට මට එයාලගෙන් සමාව ගන්න ඕනේ. මං mijaeගෙන් සමාව ගත්තා, ඒත් මට zimbiගෙන් සමාව ගන්න බැරි උනා.
මට  zimbiගෙන් සමාව ගන්නවත් අවස්තාවක් නොදී ඔයා එයාව මැරුවා "

TH-" මැරුනා "

Jk-" ඔයයි එයාව මැරුවේ .මගෙ ආදරෙයි, zimbiවයි එක සැරේම ඔයා මැරුවා "

TH-" කී පාරක් මං ඔයාට ඒක කියන්න ඕනෙද ? "

ටේහ්‍යුන්ග් , ජන්කුක් ලගට ගියා.

TH-" ඔයා දන්න හැමදේම ඇත්ත නෙමේ. ඇයි කවදාවත් ඔයාට ඕන් නැත්තේ මං කියන දෙයක් අහන්න. මං zimbi මැරුවේ නෑ "

' zimbi මැරුවේ නෑ ? '

ජන්කුක් , mijae දෙන්නාම ඇහිබැම අකුලලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Jk-" ඒත් රෙකෝඩින් ~~~"

TH-" ඒකේ සම්පූර්ණ කතාව නෑ. ඇරත්.. ඒ රෙකෝඩින් එක ගන්න වෙලාවෙ මට හොදටම කේන්ති ගිහින් හිටියේ,මට ඕන උනේ zimbiව බය කරන්න. මං.. මං හිටියේ එයාවත් ඔයා එක්කම මන්දිරේට එක්කන් ගිහින් දෙන්නාට පැහැදිලි කරන්න. ඒත් මට එවෙලේ ඒක කියන්න තරම් මානසිකත්වයක් තිබ්බේ නෑ.
මං..මං ගොඩක් අමාරුවෙන් හිටියේ.
ඒ වෙනකොටත් මං ෆයිට් කරලා ශක්තිය අඩුයි.
එයාව මැරුවේ හන්සෝ.."

Jk-" හන්සෝ ? "

TH-" කිම් හන්සෝ, මගෙ මල්ලී. ඌ ආවේ මාව මරන්න උනත්, එදා රෑ වෙනස් උනා.මං ගොඩක් දුර්වල වෙලා හිටියේ.zimbiට කිව්වා වාහනේටම වෙලා ඉන්න කියලා.මං ඩේවිඩ්ට දුන්නා එයා බලා ගන්න.මං ඔයා බලන්න එවෙලෙම ආවේ හන්සෝ ඊලගට එන්නේ ඔයා හොයාගෙන හින්දා.ඒත්..ඒත් zimbi වාහනෙන් එලියට ඇවිත්.ඩේවිඩ්ට බැරිවෙලා ඒක කරන්න.මං ඔයා හම්බෙන්න එන අතර, ඌ zimbi අරන් එතනින් පැනලා ගිහින් . "

ටේහ්‍යුන්ග් එයාගේ ඇත්ත කතාව කිව්වා.ඇත්තටම ටේහ්‍යුන්ග් මේක ජන්කුක්ට කීප වතාවක් කියන්න හැදුවත් ජන්කුක් කැමති උන් නෑ ටේහ්‍යුන්ග් zimbi ගෙන කතා කරනවටවත්.ටේහ්‍යුන්ග් zimbi භය කරලා වාහනේට දා ගත්තත්,එදා zimbi මැරුනේ හන්සෝ අතින්.එවෙලේ ඩේවිටවත්,ටේහ්‍යුන්ග්ටවත් පුලුවන් උනේ නෑ zimbi බේරගන්න.ටේහ්‍යුන්ග්ගේ ශක්තිය හීන වෙලා තිබ්බ දවසක් එදා.

එයාට රෙකෝඩර් එක ලැබුනෙත් zimbi අතින්මයි, zimbi ටේහ්‍යුන්ග්ට මගඇරෙන්න කලින් ඒක ටේහ්‍යුන්ග්ට දුන්නා.හන්සෝ zimbi අරන් පැනලා ගිය තැන හොයාගන්න බැරි උනා.එයා zimbi හොයන්න ඩේවිඩ් ලවා කට්ටිය යැව්වත් එදාම රෑම ආරංචි උනා zimbi මැරිලා කියලා.ඒත් ඒ වෙනකොටත් ටේහ්‍යුන්ග් , ජන්කුක් එක්ක මන්දිරේට පැනලා යන ගමන්.ඇත්තම කිව්වොත් zimbi මරලා දාලා ඉන්නේ කොහෙද කියලා ටේහ්‍යුන්ග් දැක්කෙත් news වලින්.

TH-" ඔයා හිතනවද මං... කිම් ටේහ්‍යුන්ග් කාව හරි මරලා පාරෙ අතඇරලා දාලා යයි ? ඇරත් මං ඔහොම කාවවත් සාක්ශි ඉතුරු කරලා මරයි කියලා ? ඔයා දන්න දේ හරි මං ගොඩක් අයව මරලා තියනවා, ඒත් ඔයා හම්බුනාට පස්සේ මං ඒක නැවැත්තුවා .
මට.. මට හැමදාම ඕන උනේ ඔයාට ගැලපෙන කෙනෙක් වෙන්න. මං..මගෙ ජීවිතේ වෙනස් කර ගන්න ගමන් හිටියේ.ඒත් ඊටත් කලින් ඔයා මාව දාලා ගිහින්. "

ටේහ්‍යුන්ග් හිනාවෙලා ජන්කුක්ගේ අතින් ඇල්ලුවා.

TH-" ඔයා හැමදාම කතා කරා විතරයි princess .ඒත් කවදාවත් කාටවත් කතා කරන්න දුන් නෑ.ඔයා මගෙන් කිසි දෙයක් අහන් නැතුව තනියෙන් තීරණේ කරා.අවසානෙට මං විතරක් ඔයාට ආදරේ කරලා අවුරුදු 7ක් තනියෙන් විදෙව්වා . මං කරපු එකම වරද මගෙ ඇත්ත කිව්වේ නැති එක විතරයි. ඒත් මං ආයෙ ඇවිත් ඔයාට හැමදේම කිව්වා.මගෙ ඇත්ත කිව්වා.
මේ ඇත්තටම මං. හාෆ් වැම්පයර් , හාෆ් වොල්ෆ් ඔයාගෙ ඇල්පා මේට් කිම් ටේහ්‍යුන්ග් , ඔයා ඉස්සරහා එයාගෙ ජීවිතේ හැමදේම කියලා තියෙන්නේ. "

ටේහ්‍යුන්ග් අනිත් අතින් ජන්කුක්ගේ කම්මුල අතගෑවා.

TH-" ඒත් තවමත් ඔයා මාව පිලිගන් නෑ කියලා මං දන්නවා.මං ඒ ගෙන හිතන් නෑ. ඔයා මට දරුවන්ගේ dada විදියට ඉන්න අවස්තාවක් දුන්නා.ඔයා එක්ක තර්ක කරලා, මගෙ ඉවසීම නැති වෙලා ආයෙත් මගෙ අතින් වරදක් උනොත්....."

ටේහ්‍යුන්ග් , mijae දිහා බැලුවා.
ආයෙත් ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ ඇස් දිහා බැලුවා.ඒ ඇස් කදුලු වලින් දිලිසෙනවා .

TH-" මට ආයෙත් ඔයාගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න ඕන් නෑ.මට දරුවෝ එක්ක ඉන්න ඕනේ.මේ අවස්තාව නැති කර ගන්න ඕන් නෑ.ඒ හින්දා මං යන්නම් princess . මින්ගි බබා බලාගෙන ඇති මං එනකන් "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අත අතඇරලා ටේහ්‍යුන්ග් යන දිහා බලන් හිටියේ වචනයක්වත් කතා නොකර.

' ඇත්තටම එයා නෙමේ නම් zimbi මැරුවේ නැත්තේ..දෙවියනේ..'

ජන්කුක්ට තවම කම්පනයක් වගේ.එක්කෝ එයාට තවමත් මේක පිලිගන්න අමාරුයි.හේතුව එයා අවුරුදු 7ක් එක විශ්වාසයක් මත ජීවත් උනේ, එයා ඒ හේතුව හින්දාමයි එයා ගොඩක් ආදරේ කරපු ටේහ්‍යුන්ග්ට වෛර කරේ.ඒත් ඒක කරේ ටේහ්‍යුන්ග් නෙමෙයි කියලා දැන ගත්තම එයාට තේරෙන් නෑ එයා මොකද්ද කරන්න ඕනේ කියලා.

ටේහ්‍යුන්ග් ගිහින් විනාඩි කීපයක් උනත් mijae ,ජන්කුක් දෙන්නා වචනයක්වත් කතා කරේ නෑ.

" L-luna ? "

ජන්කුක් , mijae දිහා හැරිලා බැලුවා.mijaeගේ ඇස් වල තවමත් බය පිරිලා.එයා ටේහ්‍යුන්ග්ට එච්චරටම බයයි.

Jk-" ටේහ්‍යුන්ග් uncle එක්ක නිදියලා තිබ්බේ නැත්තන් මාත් ඔයා තරම්ම බය වෙන්න තිබ්බා minje ඒත්..."

ජන්කුක් , mijae ලගට ආවා.

Jk-" සමහරවිට එයා අපි හිතනවා වගේ කෙනෙක් නෙමෙ~~~"

" Luna , ඔයා ඇත්තටම මේ ටිකට එයාගෙ බොරු වලට අහු උනාද ? "

Mijae ටේහ්‍යුන්ග්ගේ එක වචනයක්වත් පිලිගත්තේ නෑ .ඒත් ජන්කුක් තමයි ටේහ්‍යුන්ග් ගෙන හොදටම දන්නේ.

Jk-" එයා ඇත්ත හංගන්න ඇති, ඒත් එයා සාමාන්‍යයෙන් බොරු කියන කෙනෙක් නෙමේ "

" අහුවෙන්න එපා ඔය බොරු වලට . එයා ඔයාට බොරු කියන්නේ ඔයාගෙන් මොනවා හරි ගන්න "

Jk-" එයාට මගෙන් ඕන උනේ, අපේ පැක් එක පාලනේ කරන්න ඇල්පා දරුවෙක් ඊට පස්සේ මාව මැරිලා එයාට සම්පූර්ණ වෙන්න. එයාට දැනටමත් මින්හන් ඉන්නවා.එයාට පුලුවන් ඕන වෙලාවක මාව මරලා බලේ ගන්න. ඉතින් එහෙම එකේ බොරු කියලා මට ලං වෙලා තව මොනා ගන්නද mijae "

" ඒ කියන්නේ ඔයා ඒ මිනීමරුවා විශ්වාස කරනවා ? "

ජන්කුක් ටිකවෙලාවක් මොකුත් නොකියා mijae දිහා බලන් හිටියා.ඇත්තටම ජන්කුක් පවා ජන්කුක්ගෙන් මොකද්ද ඇත්ත කියලා තවමත් ප්‍රශ්න කරනවා.

" කලින් කිව්වා වගේම මට තවත් කියන්න තියෙන්නේ ඔමේගා ඔක්කොම එකයි. තමන්ගේ ඇල්පා ඉස්සරහා හැමදේම පාවලා දෙන ගණිකාවක් වෙනවා. අවසානෙ ඔච්චරයි . මට දුක zimbiගේ ජීවිතේ ගෙනයි. "

Jk-" ඇයි තවමත් මාව තේරුම් ගන් නැත්තේ "

" ඔයා නෙමේ luna ප්‍රශ්නේ . ඔයාගෙ ඇග ඇතුලේ ඉන්න ඔමේගා. එයයි ඔයාව පාලනේ කරන්නේ. නැත්තන් ඉස්සර ඔයා ඔහොම නෑ "

Jk-" Mijae මේ මංමයි. "

" ඔයා එයා විශ්වාස කරනවද ? "

Jk-" ම-මට එයාගෙ වචන වල ඇත්ත දැනුනා. Mijae මං තරම් එයා ගෙන දන්න කවුරුත් නෑ.මට.. මං එයාගෙ ගෙන හොදින් දන්නවා. එයා..එයා ඇත්තටම කෙලින් කතාකරනවා "

" ඒ කියන්නේ ඔයා හිතන්නේ zimbi මැරුවෙ එයා නෙමේ ? "

Jk-" මට එහෙම දැනෙනවා "

Mijae එතනින් එහාට මොකුත් කතා කරන්න ගියෙ නෑ , එයා එයාගේ බෑග් එක අතට අරන් දොර පැත්තට ඇවිදන් යන්න හැදුවත් ජන්කුක් mijae නවත්ත ගත්තා.ජන්කුක්ට mijae නැති කර ගන්න ඕන් නෑ.ඒ වගේම ටේහ්‍යුන්ග් විශ්වාස කරන්න ඕනෙත් නෑ.ඒත් ටේහ්‍යුන්ග්ගේ වචන එයාගෙ හදවතට දැනුනා.එයාට දැනුනා ටේහ්‍යුන්ග් කියන්නේ ඇත්ත වගේ කියලා.

ඒත් ඒක mijaeට තේරුම් කරන්න බෑ.මොකද minje තේරුම් ගන්නේ වෙන විදියකට.ජන්කුක්ට පවා ඕන උනා mijae කියන්නේ ඇත්ත, ටේහ්‍යුන්ග් බොරුකාරයෙක් කියලා හිතන්න.ඒත් ආයෙත් ඇස් පියන් ඒ මොහොත මතක් වෙද්දී , ටේහ්‍යුන්ග්ගේ ඇස් මැවිලා පේද්දී එයාට ටේහ්‍යුන්ග් සැක කරන්න බෑ.

ජන්කුක්ට තේරෙන් නෑ මොකද්ද කරන්නේ කියලා.එක අතකින් යාලුවා, අනිත් අතින් එයාගෙ හදවත.එයා දෙකටම ඇහුම්කන් දුන්නා.අවසානේ එයාට දැනුනේ එයා හිරවෙලා.තීරණයක් ගන්න බැරුව හිරවෙලා.
Mijae එක්ක හවස් වෙනකන් කතා කරත් ජන්කුක්ට හරි තීරණේකට එන්න බැරි උනා.

Mijae හිටියේ කේන්තියෙන් .එයාට තවත් ජන්කුක් එක්ක ඉන්න ඕන උනේ නෑ.එයා හැමවෙලේම ටේහ්‍යුන්ග් හරී කියලා පෙන්නන එකට mijae අකමැති.mijae යන්න ගියා, ඒ ගියේ ජන්කුක් එක්ක ටිකක් කේන්තියෙන් .ඒත් mijae ජන්කුක්ට පොරොන්දු උනා ටේහ්‍යුන්ග් ගෙන යුන්ගිටවත්,ජිමින්ටවත් නොකියා ඉන්න.
හේතුව ජන්කුක් මින්ගිගේ රිපෝර්ට් පෙන්නුවා.එයාට උනත් ඕන උනේ නෑ අර පොඩි ලමයි අසරණ කරන්න.

ඒත් mijae යන්න ගියේ ආයෙ ටේහ්‍යුන්ග් මේ ගෙදරින් යනකන් කවදාවත් එන් නෑ කියලා දිවුරලා.ජන්කුක්ට ටේහ්‍යුන්ග් කියන්නේ විශේශ කෙනෙක් උනත් mijaeට තවත් එක භයානක වැම්පයර් කෙනෙක් විතරයි.ඉතින් mijaeට කීයටවත් ටේහ්‍යුන්ග්ගේ හරි පැත්ත දකින්න ඕන උනේ නෑ.

Mijae යන්න ගියාට පස්සේ ජන්කුක් , හවස ටේහ්‍යුන්ග් බබාලා එක්ක ආපහු එනකන්ම තනියෙන් කල්පනා කරේ ටේහ්‍යුන්ග්ගේ නිවැරදිතාව ගෙන.

' ඒක ඇත්තක් නම්, මං එයාට අසාධාරණයක් කරාද ? '

' නෑ.ඒත් එයා මගෙන් වැම්පයර් කෙනෙක් කියන එක හැංගුවා '

' එවෙලේ එයාට ඇත්ත හංගන්න හේතුවක් තිබුනා.එයා ඇත්තටම මට හෙමින් ඇත්ත කියන්න නම් හිටියේ ? '

' ඇත්තටම එයා මට ආදරෙයි '

' ඒත් මේ ඔක්කොම බොරු නම් '

' නෑ.බොරු වෙන්න බෑ.එයාගෙ ඇස් වල ඇත්ත තිබ්බා.එයාට මට බොරු කියලා ලබාගන්න දෙයක් නෑ '

' දෙවියනේ මට උදව් කරන්න '

M-" Mamaaaa...."

එකපාරම ජන්කුක් ගැස්සිලා පියවි සිහියට ආවේ ගෙදර දොරත් ඇරගෙන සතුටින් ගේ ඇතුලට දුවන් එන එයාගේ මින්හන් බබා දැකලා.

M-" Mamaa.. අද අපි ශුගර් කොටන් කෑවා "

මින්හන් බෑග් එක මේසෙ උඩින් තියන ගමන් කිව්වා.මින්හන් නොකිව්වත් ඒක මින්හන්ගේ ඇදුමෙන් පේනවා.මොකද ඇදුමේ කාපු ඒවගේ පැල්ලම්.

M-" මං mamaaටත් ටිකක් ගෙනාවා "

මින්හන් එයාගේ සාක්කුවට අතදාලා, කොල කෑල්ලල ඔතලා තිබ්බ, දියවුන සීනි ගුලියක් අතට දුන්නා.

Jk-" D-dadaa කෝ "

ඒ එක්කම ජන්කුක් දැක්කා, ටේහ්‍යුන්ග් චූටි බබාව වඩාගෙන ගේ ඇතුලට එනවා.මින්ගිගේ මූන වටේ දියවුන සීනි හැමතැනම ගෑවිලා.ඇදුම් පවා ජරා වෙලා.

Jk-" God "

ජන්කුක් දුවලා ගිහින් ටේහ්‍යුන්ග් අතින් මින්ගිව ගත්තා.

Jk-" ඇදුම් හොදටම සවුත්තු කරන් "

ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා නොබලම මින්ගි දිහා බලන්, මින්ගිට සැර කරා.

TH-" Mijae ගියාද ? "

Jk-" ගොඩක් වෙලා "

ජන්කුක් එහෙම කියාගෙන බබාව වඩාගෙන bathroom එක ඇතුලට ගියා.

ජන්කුක්ට , ටේහ්‍යුන්ග් එක්ක කතා කරන්න උවමනාවක් තිබ්බත් එයාට කතා කරන්න බෑ කියලා හිතුනා.හේතුව දැං ටිකකට කලින් උන සිදුවීම.ඒක ඇත්තක්ද? ජන්කුක් තවමත් එයාගෙන් ප්‍රශ්න කරනවා. ඇත්තටම ටේහ්‍යුන්ග් කිව්ව දේවල් ඇත්ත නම්, ජන්කුක් අවුරුදු 7ක් තිස්සේ ටේහ්‍යුන්ග් එක්ක වෛර බැන්දේ ඇයි ?
ජන්කුක් එයාගෙන්ම ප්‍රශ්න කරා.

අවසානෙට මේ හැමදේටම උත්තර හරියටම දැනගන්නකන් එයාට ටේහ්‍යුන්ග්ට කෙලින්ම කිසිම දේකට චෝදනා කරන්න බෑ.ජන්කුක් අද දවසම වැඩ කරේ ටේහ්‍යුන්ග්ගේ ඇස් මගඇරපු එක.ටේහ්‍යුන්ග් , මින්ගි එක්ක සෙල්ලම් කරා ඒ වගේම මින්හන් පවා දැං ටික ටික dadaaගේ වැඩ වලට උදව් කරන්න , dadaa කරන වැඩ බලන් ඉන්න පෙලඹිලා. Dadaa , මින්ගි එක්ක සෙල්ලම් කරන විදිය බලාගෙන ඉන්නවා.

දවස් එක දෙක ගෙවිලා ගියත් ජන්කුක් තවමත් ටේහ්‍යුන්ග්ට මුහුණ දෙන්න ලෑස්ති වෙලා නෑ.එයාට තේරෙන් නෑ මේ ප්‍රශ්න වලින් එලියට එන විදියක්.

දැං ටිකක් රෑ වෙලා තවමත් දොර ඇරලා. ජන්කුක් ගෙදර දොරකඩ වාඩි වෙලා එලිය බලන් කල්පනා කරනවා.ඒත් අද ජන්කුක්ට හවස ඉදන් ඇගට හරි මහන්සී.එයාට නිතරම ටේහ්‍යුන්ග් මතක් වෙන්න අරන්.එයා ඒකට කැමති නැති උනත් ජන්කුක්ගේ වොල්ෆ්ට ටේහ්‍යුන්ග් ඕන වෙලා.ඔව් මේ ජන්කුක්ගේ heat එක හින්දයි.මේ දවස් වල වෙනකොට ජන්කුක්ගේ සුවද එන්න එන්නම වැඩි.

TH-" එලිය සීතලයි "

ජන්කුක්ට දැනුනා ටේහ්‍යුන්ග් කතා කරේ එලියේ හුලගටත් වඩා සීතල විදියට.

ජන්කුක් ඔලුව උස්සලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා. ටේහ්‍යුන්ග් තවමත් අවුරුදු හතකට කලින් දැක්ක තරම් කඩවසම් . ජන්කුක්ට එක මොහොතකට ටේහ්‍යුන්ග් වගේ කඩවසම් කෙනෙක් එයාට ඇත්තටම ආදරේ කරයිද කියලා අවිශ්වසය ඇති උනා.

' ඔමේගා නවත්තන්න ! ඔයාගේ heat එක මාව පාලනේ කරන්න එපා '

ජන්කුක් එයාගේ ඇග ඇතුලේ ඉන්න ඔමේගාට බැන්නා.ජන්කුක්ට හිතෙන්නේ එයාට ටේහ්‍යුන්ග් දිහා බැලුවම වෙන වෙන දේවල් හිතෙන්නේ එයාගෙ heat එක හෙට . එයා හිතුවට වඩා මේ සැරේ heat එක වෙනස්.මේ සැරේ ඒක ගොඩක් අමාරුයි.ඒ එයා ලග ටේහ්‍යුන්ග් හින්දා.

ජන්කුක් හිතන් හිටියේ හෙට උදේම එයා ගෙදරින් පිටත් වෙන්න.එයාට එදා mijae ආව දවසේ උන ප්‍රශ්නේ හින්දා heat එක මග ඇරුනා.අද ආයෙමත් එයා එයා control නැති වෙද්දි තේරුනේ එයා දැන් මේ ටේහ්‍යුන්ගෙන් වෙන් වෙන්නම ඕනෙ.

Jk-" ම-මට හෙට වෙන කොහෙ හරි ඉන්න වෙනවා. "

ජන්කුක් , ආයෙත් පාර දිහා බලන් මිමිණුවා .

TH-" ඇයි "

ටේහ්‍යුන්ග් ඇවිත් ජන්කුක් ලගින් වාඩි උනා.ජන්කුක්ට දැනුනා එයාගේ ඇගේ වොල්ෆ් ඇදටමත් ටේහ්‍යුන්ග්ගේ ඇගට කඩාපනින්න හදනවා වගේ.ජන්කුක් ඉවසගෙන හිටියේ ටේහ්‍යුන්ග්ගේ සුවදක්වත් නොදැනෙන විදියට අහක බලාගෙන .

Jk-" මට..මට හෙට...මට "

TH-" Heat එක ? "

ජන්කුක් ඔලුව වැනුවේ ඔව් කියන්න.

TH-" ඔයා කොහෙද ඉන්න හදන්නේ ? "

Jk-" ම-මං දන් නෑ.. මං හිතන් නෑ mijae තවත් මට උදව් කරයි කියලා.මොකද..මොකද එයා මගෙ කෝල් answer කරන්නෙත් නෑ "

TH-" ඉතින් ඔහොම වෙලාවක ඔයා වොල්ෆ්ලා ගැවසෙන තැන් වල තනියෙන් ඉන්න එක අනතුරුදායකයි."

' ඔයා ලග ඉන්න එක කොහොමත් අනතුරුදායකයි '

TH-" ඔයා යන්න මං අලුතෙන් ගත්ත ගෙදරට .ඒකේ ඉන්නේ ඩේවිඩ් විතරයි. කිසිම කෙනෙක්ට පිටින් එලියට එන්නත් බෑ , ඔයාට එලියට යන්නත් බෑ. අනික ඩේවිඩ් වැම්පයර් කෙනෙක් හින්දා ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ "

Jk-" දරුවෝ ටික ඔයාට බලාගන්න වෙනවා "

TH-" මං ඒක කරන්නම්. "

ටේහ්‍යුන්ග් හිනාවෙලා ජන්කුක් දිහා බැලුවා.

TH-" කොහොමත් ඒ මගෙ දරුවොනේ "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අතින් ඇල්ලුවා.ඒ එක්කම ජන්කුක්ගේ ඇගම හිරිවැටුනේ දැනටමත් එයා සංවේදී වෙන්න පටන් අරන් හින්දයි.

TH-" මගෙන් පස්සේ ඔයා වෙන කවුරුත් එක්ක නිදාගත්තේ නැද්ද ? "

ටේහ්‍යුන්ග් , ගොඩක් නිවුන විදියට කතා කරේ ජන්කුක්ට එයාගෙම වචන අමතක වෙද්දී.

Jk-" නෑ.."

ජන්කුක් ඉක්මනින් නෑ කියලා අහක බලා ගත්තා.

TH-" මගෙ දරුවන්ගේ mamaa ඔයා උන එකට ගොඩක් සතුටුයි princess . කොහොමත් මට දරුවෝ ඕන උනෙත් ඔයාගෙන් විතරයි "

Jk-" ඔයා එදා.. එදා mijae ඉස්සරහා කියපු දේවල් ඇත්තමද ? "

TH-" මං ගාව කිසිම සාක්ශියක් නෑ ඔප්පු කරන්න.ඒත් මගෙ හදවත හැමදේම දන්නවා. මේ හැමදේම උනේ ඔයාට තියන ආදරේ හින්දා.මං එයාව නොමරා ඉන්න හිතුවේ ඔයා හින්දයි.එදා හන්සෝ නොහිටින්න ඔය දෙන්නම මගෙ මන්දිරේ.මගෙ දරුවෝ එක්ක හැමදේම හොදින් "

ජන්කුක්ගේ වොල්ෆ් සම්පුර්ණයෙන් ටේහ්‍යුන්ග්ගේ වචන විස්වාස කරනවා.

ජන්කුක් වේගෙන් හුස්ම ගන්න ගමන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.ජන්කුක්ගේ ඇග එන්න එන්නම දුර්වල වෙනවා වගේ.ජන්කුක් බාගෙට ඇරුන ඇස් වලින් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Jk-" ඔ..ඔයා දවස් කීයකින් ලේ බීලා නැද්ද "

ටේහ්‍යුන්ග් ඇහිබැම අකුලලා ජන්කුක් දිහා බැලුවා.ජන්කුක්ගේ පෙනුම වගේම සුවදත් horny වෙලා.

Jk-" ඔයාට ලේ ඕනෙ.. ඔයාට ශක්තිය අඩුවෙනවා නේද ? "

TH-" ඔයයි දරුවොයි මගෙ ශක්තිය "

Jk-" මගෙ ලේ බොන්න.. ඔයාට..ඔයාට ඕන වෙලාවට මගෙ ලේ බොන්න. වෙන අයගෙන් බොන්න එපා ටේහ්‍යුන්ග් uncle "

' ටේහ්‍යුන්ග් uncle ? '

TH-" P-princess ඔයා ඉන්නේ heat එකේ බලපෑමෙන්. ඔයා අදම මගෙ ගෙදර ගියොත් හොදයි "

ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.
ටේහ්‍යුන්ග්ට කොච්චර ජන්කුක් ඕන උනත් , ටේහ්‍යුන්ග් දන්නවා මේකෙන් අවසානෙට වෙන්නේ ඉවක්බවක් නැතුව දෙන්නම sex කරන්න ගන්නවා. ටේහ්‍යුන්ග්ට ඕන නෑ එයාගෙ දරුවෝ මේක දකිනවාට.

TH-" මං ඩේවිඩ්ට කෝල් එකක් දෙන්නම් "

ටේහ්‍යුන්ග් ජන්කුක් ලගින් නැගිටලා ඩේවිඩ්ට කෝල් එක ගත්තා.ඩේවිඩ් එවලෙම ජන්කුක්ට අවශ්‍ය දේවල් ඔක්කොම ලෑස්ති කරලා ජන්කුක් එක්කන් යන්න එන්න පිටත් උනා. අනිත් අතින් ටේහ්‍යුන්ග් , ජන්කුක් එක්ක තනියෙන් සාලේ .

Jk-" ම-මට තනියෙන් යන්න බයයි "

TH-" ඒත් princess මට එන්න බෑ. "

ජන්කුක් ඔලුව වැනුවා.

Jk-" ටේහ්‍යුන්ග් uncle .."

ජන්කුක්ගේ කටහඩ වෙව්ලනවා වගේ.

TH-" ඔයා අදයි යන්න තිබ්බේ princess . බලන්න රෑ 12 වෙන්න තව විනාඩි කීයද තියෙන්නේ. ඇයි හෙට වෙනකන් හිටියේ "

Jk-" වෙනදට ..වෙනදට මෙච්චර ඇගට අමාරු වෙන් නෑ. මෙහෙම ඉක්මනින් ..ඉක්මනින්~~ "

TH-" වෙනදා ඔයා ලග ඔයාගෙ ඇල්පා හිටියේ නෑ."

ජන්කුක් , වේගෙන් හුස්ම ගන්න ගමන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" ඔයා දරුවෝ ගෙන හිතන්න එපා. එයාලා ගෙන මං බලා ගන්නම්. "

Jk-" ඒත්..ඒත් මට හිතෙන්නේ ඔයා ගෙනමයි ටේහ්‍යුන්ග් uncle "

ටේහ්‍යුන්ග් කිසි දෙයක් නොකියා ජන්කුක් දිහාම බලන් හිටියා.ජන්කුක්ගේ වොල්ෆ් හදන්නේ ටේහ්‍යුන්ග් seduce කර ගන්න වගෙයි.ටේහ්‍යුන්ග්ට ඒක තේරෙනවා.
ඒ එක්කම වේගෙන් වාහනයක් එනවා ඇහුනා. ටේහ්‍යුන්ග් නැගිටලා දොර ගාවට ඇවිදන් ගියා.

TH-" ඩේවිඩ් ආවා "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ට නැගිටින්න අත දෙන්න හදලත් ටේහ්‍යුන්ග් ජන්කුක්ට අත නොදීම එතනින් ය්න්න ගියා.ජන්කුක් තනියෙන් නැගිට්ටේ ටේහ්‍යුන්ග් දිහා බලාගෙනමයි. ටේහ්‍යුන්ග් ගෙදරින් එලියට යනවත් එක්කම , ජන්කුක් ඒ පස්සෙන් ඇවිදන් ගියා.

අවසානේ වාහනේ ලගටම ගියා.

TH-" මං දරුවන්ට කියන්නම් mamaa හදිස්සියෙම ගමනක් ගියා , ඉක්මනින් එයි කියලා. "

ටේහ්‍යුන්ග් වාහනේ දොර ඇරලා දුන්නා.ජන්කුක් වාහනේ ඇතුලට නැග්ගා.

TH-" ඩේවිඩ් ගෙදරම air condition ඔක්කොම on කරන්න.එයාගේ කාමරේට නිතරම ice අරන් යන්න. ඔයාට තනියෙන් බැරි නම්, නැනී ගෙන්නගන්න."

D-" හරි මාස්ටර් "

Jk-" මාව..මාව බලන්න එනවද ? "

ටේහ්‍යුන්ග්ට දැනුනා දැං මේ ජන්කුක් තනිකරම මෙහෙම කතා කරන්නේ heat එක හින්දා කියලා.

TH-" Heat එක ඉවර උන ගමන්ම, මායි අපේ දරුවොයි එනවා "

ටේහ්‍යුන්ග්ට පවා ඉවසන්න අමාරුයි.ජන්කුක්ගේ සුවද එන්න එන්නම වැඩී.ඒක ටේහ්‍යුන්ග්ට බලපානවා වැඩී.

Jk-" මගෙ ඇග ගොඩක් රිදෙනවා වගේ "

ටේහ්‍යුන්ග් ඉක්මනින් වාහනේ දොර වහලා ඩේවිඩ් දිහා බැලුවා.

TH-" දැන්ම යන්න ඩේවිඩ්. පරිස්සමෙන් අරන් යන්න එයාව. "

ඩේවිඩ් ඔලුව වනලා , වාහනේ ටිකක් ඉස්සරහට ගිහින් හරවන් ආයෙත් යන්න ගියා.ඒ යනකන් ජන්කුක් බලන් හිටියේ ටේහ්‍යුන්ග් දිහා. ඇත්තටම ටේහ්‍යුන්ග්ගේ හිතට අමුත්තක් දැනෙනවා වගේ.

එයා එයාගෙම හැගීම් අමතක කරලා ආයෙත් ගෙදර ගියා.ඒ යනකොටත් එයාගෙ පැටව් දෙන්නා නිදී. ටේහ්‍යුන්ග්ගේ හිතට අමුතු පාලුවක් දැනුනත්, මේක කරන්න ඕනෙම දෙයක්.මොකද ජන්කුක් heat එක ඉවර වෙලා එද්දි පසු තැවෙන් නැති වෙන්නයි ටේහ්‍යුන්ග්ට ඕන උනේ.

ටේහ්‍යුන්ග් ගෙදර දොර ලොක් කරලා.උදේම ඇහැරෙන්න Alarm එක තියලා. බබාලා එක්කම ඇදට වැටිලා නිදා ගත්තා.ඒත්..එයාට නින්දේ වැඩි වෙලාවක් ඉන්න උනේ නෑ.

*Ring*

ටේහ්‍යුන්ග්ගේ පෝන් එක රින්ග් වෙන්න ගත්තා. ටේහ්‍යුන්ග් දන්නවා මේ වෙලාවෙ අනිවාරෙන්ම ටේහ්‍යුන්ග්ට කෝල් කරන්නේ කවුද කියලා.

" ඩේවිඩ් ? "

" මාස්ටර් , ඉක්මනින් ඔයාට එන්න වෙයි "














# To be continue #

______________________________________

හුග දවසකින් 😁

ඒ හින්දා ඔක්කොම wishes එකට කරනවා.

Happy christmas 🎅
Happy birthday Kim taehyung  💚💜️
Happy New year ❤

_____________________________________

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

110K 18.7K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
99.7K 5.7K 46
ហេតុអីចក្រវាលនេះតម្រូវឲ្យមនុស្សដែលមិនគួរជួបគ្នាសោះ បានឆ្លងសម័យកាលមកជួបនិងស្រលាញ់គ្នា ហើយចុងក្រោយក៏បញ្ចប់ដោយម្នាក់ត្រូវចាកចេញ និងម្នាក់ទៀតចំណាយពេលមួយជ...
948K 108K 58
ကျွန်တော်က မောင့်ရဲ့ တစ်ပင်တည်းသော Cactus...။ KTH & JJK
62.2K 4.8K 63
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...