දෑගිලි ✔( complete )✨

Av Gojo_Nj9119

81K 8.3K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... Mer

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 41

911 115 35
Av Gojo_Nj9119

බිමට නැමි ඉති
ඉද්ද මල් මැද
ඉවරයක් නැති
කතා කිය කිය
දෑත් පටලන් ඇවිද යන්නට
නුඹට ඉන්නට තිබුනා
මා ළග........

නුබට ඉන්නට තිබුනා මා ලග....
ඔයා අද ඉදියනම්....එහෙනම් මේ ප්‍රශ්න මීට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න තිබුනා..මේ ගෙවෙන්නෙ මට ඔයාව ඕනෙම කාලෙ අයියේ...මට හරි මහන්සී..මන් දුක් වින්දා මදිද..මීට වඩානම් කොහෙත්ම බෑ අයියේ..මන් මොකද්ද කරපු වැරැද්ද මෙච්චරටම දුක් විදින්න..ඔයාව මතක් නොවී ගෙවුන මොහොතක් නෑ..ඔයා කොහෙද..ඇත්තටම ඔයාට මාව එපා වෙලාද........

අද ආෆ්ටර් ස්කූල් ක්ලාස් එකක්  කරන්න වෙන නිසා ගෙදර යද්දි පහවත් පහුවෙයි..පටන් ගන්න කලියෙන්ම පැය බාගෙක ඉන්ටවල් එකක් දුන්න හින්දා ලමයින්ට කන්න කියලා ස්කූල් එක පිටිපස්සෙ තීන පොන්ඩ් එක ගාවට වෙලා ටිකක් හාන්සිවෙලා හිත නිදහස් කරගන්න ඕනි වුනාම වෙන්දා වගේ අදත් හොදම බෙහෙත අරගත්තා..ඒත් ඒවයෙ තියෙන පදයක් ගානෙම කියවෙන්නෙ වේදනාවක් ගැන වෙන කොට  ඒක බෙහෙතක් නොවි මගෙ හිතට තවත් එක විස කටුවක් වගේ ඇනෙන්න ගන්නවා..මන් ඒ විසට ඇබ්බැහිවෙලා..මට ඕනිම විරහා වේදනාවල් අහන්න..මට ඕනිම එයා මන් ලග නැ කියලා මතක් කර කර දුක් වෙන්නෙ..සමහර විට මට පිස්සු වගෙ ඇතී..මන් දන්නෑ..අවසානෙ මට ඉතිරි මෙච්චරයි..වේදනා පිරි මතක පිරුනු විරහව..

වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ
සදා මේ සංසාරයේ
අපේ හමුවීම නොවේ

මගේ කඳුළු හංගා මා
සිනාසිසි ඉන්නේ
ඔබේ ලොවේ හිරු පායා
සදා සිනා සේවා.
ඒ විරහව ප්‍රේමයෙන් නාමයෙන් විඳගන්නා හැටිය.

මෙතන හරිම නිස්කලංකයි..
ඒකත් ඉතිම් ස්කෝලෙ ඇරුන වෙලාවක තමා..මෙ වෙලාවෙ මුළු වටපිටාවම නිශ්ශබ්දයි..හරියට මට ඕනි වෙලා තීන දේ එයාලට දැනිලා වගේ..මට ඕනි ලොකූ විවේකයක්..දීර්ඝ කාලීන නින්දකට වැටෙන්නවත් තිබ්බානම් කියලා හිතෙනවා..මෙතන ඉද්දි මගෙ හිත අස්සට මහ විකාර සිතුවිලිත් ඇදිලා එනවා..හරියට නිකම් මට මෙ පොන්ඩ් එක දැක්කම වතුර යටට ගිහිම් නිදාගෙන ඉන්න හිතෙනවා වගේ..මට දැනගන්න ඕනි නාස්පුඩු අග රැදුන අවසන් හුස්මත් පිටවුනාට පස්සේ දැනෙන හැගීම කොහොමද කියලා..මට ඕනි නාස් පුඩු ඇතුලෙන් වතුර යද්දි දැනෙන වේදනාව විදගන්න..නහය ඇතුලෙන් වතුර යනවත් එක්කලා දැනෙන වේදනාවයි හුස්ම හිරවුන වේදනාවයි කැටි වුනාම කොහොම දැනෙනවද කියලා මට විදින්න ඕනි..ටිකෙන් ටිකෙන් ටික මගෙ සිහිය නැතිවෙලා ගියාට පස්සෙ මට මරණය අත් වෙයිද...

මගෙ හුස්ම මෙතන ඉවරවුනොත් එතනිම් එහාට මට මොකක් වෙයිද..එතකොටවත් මේ වේදනාව අහවර වෙයිද.. හදවත පන තියෙද්දිම ගලවලා ගන්නවා වගේ දැනෙන මේ වේදනාව නැති වුනාමවත් මට සැනසීමක් තියේවිද..මෙ ඔක්කොම දමලා ගහලා මට සැනසීම හොයන් යන්න හිතෙනවා..ඇත්තටම මට දැන් ඕනි...සැනසීමක්....

"සර් සර්..අන්න දහතුනේ අවි අයියලා ශෝප් එක පල්ලෙහා සෙබස්තියන් අයියලා එක්ක මරාගන්නවා.."

පොඩි එකෙක් දුවගෙන ඇවිල්ලා ගිරිය කඩන් කෑගහපු නිසා මාව නිදන් ඉද්දි උඩින් වැටුනා වගේ හිත ගැස්සුනා..මොකක්..ඇයි මන් මේ පොන්ඩ් එකට බැහැලා..ඔහ් ශිට් කලිසමත් තෙමිලා..ආ සප්ත..උබ ආයෙ ගොන් වැඩක් කරගන්න හිතුවද..

"සර්.."

"ඇයි කොල්ලො.."

"අනෙ මන්දන්නෑ මේ සර්ලත්.."

"හෑ..ඇයි ලමයො එහෙම කිව්වෙ.."

මුට මොනාවෙලාද ඒ ගමන..

"අනෙ අම්මපා මෙහෙමත් ගුරුවරූ..මන් අරහෙ ඉදන් පන්කඩාගෙන ඇවිත් කිව්වා අරුන් මරාගන්නවා කියලා..සර් ඇහුන්නෑ වගේ බලාන ඉන්නවා..සර්ට පිස්සුද මට පිස්සුද.."

"මොකක්..කවුද කවුද මරාගන්නෙ.."

"ඇයි දෙයියනේ මන් දැන් කිව්වේ..සර්ගෙ මහලොකු ගොලයා අවි අයියන්ඩි...ආන් සෙබෙ කොල්ලො එක්ක මරාගන්න ශොප් එක පහලා.."

මලලසේකරයි..දිගංචියා

"දෙවියනේ මෙ කොල්ලා..මු අම්මපා මට සැනසිල්ලෙ මැරිලා යන්නවත් දෙන්නෑනේ.."

"හෑ මොකක් කවුද මැරෙන්නෙ.."

අනෙ මෙ  ඇට ගෙම්බත්..

"මුකුත් නෑ..කො කො යම් ලමයො ඉක්මන්ට.."

මෙ දිගංචියාගෙන් නම් ඇත්තමයි මට පුදුම කරදරයක් තීන්නෙ..මු විශාල කරුමයක් වුනානෙ..සැනසිල්ලෙ මැරෙන්නවත් ඉඩක් නෑ..කොහෙන් ගියත් මගෙ බෙල්ල යන වැඩමයි කරන්නෙ...පනිවිඩේ කියන්න ආපු එකත් මරු පරෙයියා..සුදු ශෝට ගහන් ඉන්නේ..අනිවාරෙම් මේකා නමයේ එකෙක්..

මන් පුලුවන් තරම් ඉක්මනින් ස්කෝලෙ වැටෙන් එහාපැත්තෙ තීන ශොප් එක පැත්තට දිව්වෙ එතන මොන නස්පැත්තියක් වෙනවද කියල දන්නැති නිසයි..දෙයියනේ මන් යනකොට සෙට් එකම ගහගන්නවා..නැ.ගහගන්නෑ..අපේ උන්දෑයො නෙලනවා..යොවුන් එක ලමයෙක්ගෙ ඇගක් උඩ නැගලා බඩ උඩ පනිනවා..යකෝ ටයර් එකක් කියලා හිතුවද..දෙවිදුවා එකෙක්ගෙ අත් දෙකෙන් අල්ලම් කරකැවෙනවා..අනිත් එකා කවීශයා ඌ ලමේක්ගෙ කකුල් දෙකෙ එල්ලිලා ඌව හිර කරන් ඉන්නවා..කො අර මහා උරුග දැවැන්තයා..ආ අර ඉන්නෙ අයියෝ මේකා කොල්ලෙක්ගෙ මූනට නෙලාගෙන යනවා නේද..

"අවිනාශ්..ලමයිනේ ඕක නවත්තනවලා.."

"දෙවිදු කො අයින් වෙනවා..ඔය අත් දෙක ගැලවෙයි  කොල්ලෝ.."

"යොවුන් අනෙ දෙයිහාමුදුරුවනේ ඕකාගෙ බඩේ බොකූ පනී බන්..බැහැපම් බිමට.."

"කවිශ ඔය කකුල අතෑරපම් මනුස්සයෝ..දෙයියනේ අවිනාෂ් ඔය ලමයගේ මූන කො අයින් වෙනවා..කොල්ලො.."

අම්මො මේකාගෙ හයිය..ඉබි මස් කාලද..යකො එකෙක්ටවත් මන් කතාකරනවා ඇහෙන්නැති හැටියක්..මහ ජඩම රැලක් මුන් නම්..අයියෝ අරයකා පාගලා දැන් අර ලමයට වමනෙත් යයි..දෙයියනේ ඇයි මටම මෙච්චර පීඩාවක්...මුන්ට කෑගලා උගුරත් බෙරෙන්ඩි වුනා..

"කොල්ලනේ ඕක නවත්තපල්ලා...."

"ආ දැන් උබලාට මාව ඇහෙන්නෑනෙ..ඉදපම් මකවනවා අද තොපිව මන්.."

කොච්චර කිව්වත් මුන් අහන්නෑ..
මන් වටපිට බැලුවේ අතට අහුවෙන්න දෙයක් තීනවද කියලා..මුන්ගෙ වෙලාව හොදකමටද කොහෙ කොහු මිටක්වත් පේන්න නෑ..ආ අර තීන්නෙ..කඩෙ අයිනෙම පොල් අත්තක් තීනවා..ඉති අහුරක්ම අරන් බිම තිබ්බ නූල් කෑල්ලකිම් එකට ගැටගහ ගත්තා..දෙන්නම් තොට අද..

"දැන් තොපි නවත්තන්නෑනේ..ආ එහෙනම් බලාගනිල්ලා.."

යොවුන්ගෙන් පටන් අරන් උන් හතරදෙනාටම ඉරටු මිටියෙන් ගහගෙන ගියා..ගහන පාරෙ සැරට ඉරටු කැඩිලා විසිවෙනෝ..ආ දැන් උන්ට සිහිය ඇවිත්..ඔය ගානට නලියන්නේ..

"ආව් ඌයි අම්මා.."

"තාත්තේ ගහනෝ..කවුද ආව් .."

"මරාගන්න..මෙච්චරයි දැන් උබට අඩුවට තිබුනෙ.."

යකො මෙච්චර ගහලත් මේකා කෑගහන්නෙ අර කොල්ලාගෙ  බඩ උඩ ඉදන්නෙ..බැහැපම් කොල්ලො..

"බැහැපම් දැන්වත් බිමට.."

"අම්මට හුට්ට..කවුද හුක්..බුදු සැර් අම්මෙ ආව් අඅව් ආව්..ගහන්නෙපා අම්මේ.."

මෙ ඉන්නෙ මේකා තමා මහා එකා දෙන්නම් තොට..

"යොහ් සර් ගහන්නෙපා.."

මහ එකාට ගැහුවම ඇයි යොවුන් අඩන්නෙ..

"කො අයින්වෙනවලා ඔතනිම්..අවිනාෂ් කො එහාට එහාට"

මෙ දැවැන්තයට ගැහුවට වඩා හොදයි නිකම් ඉදියනම්..කලු ගගට පාලම උඩ ඉදම් පොල්ලෙල්ලක් දැම්මා වගේ වැඩක් ඒක..දැනුනෙවත් නැද්ද කොහෙ..

දෙයියනේ මෙ කොල්ලොන්ට හොදටම නෙලලා..පොඩ්ඩක් ඉන්න..හෝව් හෝව් මෙ කොල්ලව මන් දන්නවනේ..මේ මේකානේ..උදේ බීම එක හලපු කොල්ලා..මයෙ සන්තෝ..මට කියන්නෙපා අවි මේකාට ගැහුවෙ මන් හින්දා කියලා..

එකාතකට මුට හොද වැඩෙ..පොඩි කාලෙම මදනවිසේ ගහලා..ඇන්නා හොදවැයින් ටොක්කක් උන්දැට මාත්..

"ආව්.."

"ආහ් ලමයො අමාරුද..කො නැගිටින්න බලන්න.."

"ඔය කට්ටුව..මේකට උත්තර බැදලා මිසක් මෙතනිම් හෙල්ලෙන්නෑ.."

"පුතේ ඔයාට ඇවිදගන්න පුලුවන් ද..ඔය ලමයා..අයියෝ ඇදුමේ මඩ නේද ලමයෝ..යොවුන් යනවා ගිහින් වතුර එකක් අරන් එනවා..කවිශ දෙවිදූ මෙ දෙන්නාව අල්ලනවා ඇවිල්ලා.."

ගුටිකාපු හතරදෙනාගෙම හැමතැනම තැලිච්ච පැල්ලම්..නිල් වෙන්නම වැදිලා..මුන් නම් යස්ස පැටව් ටිකක්..අපෙ කාලෙ ඉදියෙ නැනෙ මෙහෙම යක්කූ..

ගහපු උන්ටම කියලා තුවාල වෙච්චි අයව පිහිදම්මලා වාහනේක නග්ගලා ගෙවල් වලට ඇරියා..මෙක මෙතනිම් විසදගන්න පුලුවන් වුනොත් ලොකු දෙයක්..මෙ ලමයි ස්කෝලේ ඉස්සරහා නැතුව මෙ වගෙ පාලු තැනක ගහගන්න තීරනේ කරපු එකනම් බුද්දිමත් තීරනයක්..පුදුමයි මෙ යක්කුන්ට එහෙම හරි බුද්දියක් තිබ්බා..හෙට වෙද්දි මේක පැතිරුනොත් තමා අවුල..

මෙ ඉන්නෙ මැර කාපර්ලා ටික..අනෙ අම්මපා..දෙවිදුවාගෙ කොන්ඩෙ ගන්න දෙයක් නෑ..තනිකරම කපුටු කූඩුවක් වෙලා..කවීශකරන්ට් එක වැදුන කපුටා වගෙව්..උගෙ කලිසමේ මඩ එකයි..යොවුන්..මේකා තමා දවසකටත් මිනිහා..එක හීරිමක් නෑ ඇදුමෙ පැල්ලමක් නෑ..යකො කොල්ලා වැඩ්ඩෙක්නේ..

"දෙයියනේ අවි..ඔය තොල පැලුනේ කොමද ලමයො..අනෙ මෙ ඇගිලි පිට පැත්තෙත් ලේ එනවා.."

මෙ කොල්ලාගෙ තොල පැලිලානෙ..ඒක මට පෙනුනෙ නැත්තෙ මොකද..ටිකක් සැරටම පැලිලා තොල..අත බලද්දියි දැක්කේ..අත මිටිකරලා ගහපු නිසාද කොහෙද ඒ හරියෙත් ලේ එනවා..

"සර්..නරකයි..ඇත්තටම නරකයි..දැන්ද අපිව බලන්න මතක් වුනේ.."

"ඔව් සෑර් නරකයා..අපෙ කොල්ලා මෙච්චර තුවාල වෙලා..සර්ට ලොකුවුනේ අර ජඩ බල්ලො ටික..ඔන්නැ දැන් අපිව බලන්න..අපිට පුලුවන් අපිව බලාගන්න.."

"ලමයි..මෙ අහන්නකෝ.."

"මොනා අහන්නද සර් වැඩක් නෑ..මුට රුදාවනෙ අහක යන එකෙක්ට ගහන්න යන්න..සර්ටත් හොද වුනේ අර බලු වැඩ කරන්න ආපු බල්ලව තමා..කොච්චර කරත් මෙච්චර තමයි..බලුවැඩ කරන උන් ලොකු වුනා..ඔව්වා බලු වැඩ සර්.."

"දෙවිදු නවත්තපම්..උබ තව වචනයක් කිව්වොත්...අවසානෙ කියලා හිතාගනිම්.."

"අවිනාශ්..මොකද මේ..ඔයාලම ගහගන්න එපා.."

"ඔව් ඔව් උබත් මට ගහපම්..උබට මෙතන පස්සෙ ආපු කද ලොකු වෙලා අපිව පල් වුනා.."

"උබට මම.."

"නවත්තපල්ලා ඕක..මොකද්ද යකෝ මේකෙ තෙරුම ආ..දැන් උබලට ප්‍රශ්නෙ තීන්නෙ මන් අරුන්ව බලපු එකද ආ..දැන් දෙවිදු තමුන්ට තීන ලොකුම ප්‍රශ්නෙ එකනේ..මන් උන්ව බැලුවෙ නැත්තම් ප්‍රශ්නෙ වෙන්නෙත් වෙන කාටවත් නෙමෙ උබලටමයි..මන් කිව්වද උබලට මරාගන්න කියලා ආ..මන් කිව්වද උබලට එක එකාට ගහන්න යන්න කියලා..උබලම ගහලා කරන්න ඔනි ඔක්කොමත් කරල දැන් වැරැද්ද මගෙ පිට දාපම්..ඇත්ත මන් වැරදී..නොසෑහෙන්න වැරදී..අරුන් ටික ගුටි කාලා වැටිලා ඉද්දි උන් ප්‍රශ්නයක් ඇද්දම උබලගේ ස්කෝලෙ තහනම් වෙන එක ගැන හිතලා කලබල වුන මම වැරදී..උන් පොලිසී ගානෙ ගියානම් මගෙ ලමයි හිරකූරු ගනිනවා දකින්ම අකමැති වුන මම වැරදී..මන් මේවා කරෙ මගේ වුවමනාවට..මාව ඔන්නම් වෙන ක්ලාස් එකකට දායි මේක ආරන්චි වුනාම..කෝමත් කම්ප්ලේන් ආවනෙ මට උබලා නිසාම..මන් එහෙම හරි ස්කොලේ ඉදී..ඕක ආරන්චි වුනානම් තොපිලට මොකද වෙන්නෙ ආ..උබලෑ අතෙන් එකෙක් මැරුනනම්..බරපතල තැනකට මොකක් හරි වුනානම් මටනේ ප්‍රශ්නෙ ඇතිවෙන්නෙ..නේහ් නේද දෙවිදු..ආ  යොවුන්..ඔව් මන් හරී ආසයි අරූට කියලා මගෙ ඇග අතගාවගන්න..උබලා නොකිය කිව්වෙ ඒකනේ..අතගාන්න ආපු එකා ලොකුවෙලා උබලා බලු වුනා කියලා..මට උබලා වගේ ගහමරාගන්න යන්න ශක්තියක් ඇගෙ නැති එක කෙසේවෙතත් මට මනසක් නෑ..මට..මට පිස්සු හැදිලා බන් තියෙන්නෙ...මගෙ ජිවිතෙ ප්‍රශ්න මට ඇතී..හොදටෝම ඇති..තව ප්‍රශ්න දාගන්න ඕන නැති නිසයි මන් කටවහගෙන ඒක මගෑරියෙ..මාත් උබලා වගේ හයිය හත්තියට ඉදියනම් එවෙලෙම උගෙ දතක් ගලෝලා..මට...උබලට මේවා කියලා වැඩක් නෑ..උබලටත් වැරදි මාව..උන් හැමොටම වැරදි වුනේ මාව..උබලා උන් ඔක්කොම එකයි බන්..

"සුදු අය්-...සර්.."

"ඇති අවිනාශ්..වරෙම් යන්න බෙහෙත් දාගන්න ඕනි නම්..ඒකත් එපා නම් ඉදපම්..ඕන මගුලක් කරගනිල්ලා..ලමයින්ට කියපල්ලා අද ක්ලාස් නැ කියලා..උබලා..උබලා මතක තියාගනිම් තොපෙ සර් මලා කියලා..එන එකෙක් එනවනම් වරෙම්.."

මන් හිතන්නෙ මෙ ටිකෙ තිබ්බ ආවේග ඔක්කොම මගෙන් පිට වුනේ දැන්..උන්ට කෑගැහුවාට මගෙ අත් තාම ගැහෙනවා..කාට කරත් මෙච්චරයි..උන්ගෙ හොද හිතලා වැඩකරත් අන්තිමේ වැරදිකාරයා උනේ මම..මගෙ කටෙන් මොනා පිටවුනාද කියන්න මන්දන්නැ..එත් හතර දෙනාම ඒ වචන වලට ගොලු වුනා..

ක්ලාස් කරන්න තියා දැන් මෙතන හිටන් ඉන්නවත් හයියක් නැති නිසා ලමයින්ව ගෙදර යැව්වෙ අර නඩය එක්කන් බෙහෙත් දාන්න අරන් යන්නත් ඕනි නිසයි..මුන් ගැන හිතන මට මෙහෙම වෙලා මදී..මගෙ ප්‍රශ්න මදිවට මුන්ගෙත් ප්‍රශ්න..මෙ ඔක්කොම මට දරාගන්න අමාරුයි..මන් ගැන කාටවත් දැනෙන්නැත්තෙ ඇයි..මාව කාටවත් තේරුම් ගන්න බැරි ඇයි..මොනා නැතත් මන් මහා විශාල පවක් කරලා තියෙනවා..මන් දැන් ඒකට විදවනවා..

ස්කෝලෙ හන්දියෙම ඉදපු ඩොකටර් ගාවට එක්කන් ඇවිල්ලා උන් ටික බෙහෙත් දාන් එනකම් ඉස්සරහා බංකුවෙන් වාඩිවෙලා මන් මෙ වෙන දේවල් ගැන කල්පනා කරන්නගත්තා..
ගෙදර ගියාම මගෙ ප්‍රශ්න..ස්කොලේ ආවම මුන්ගෙ ප්‍රශ්න..ඇත්තටම මට සැනසීම උරුම කිසිම තැනක් නැද්ද..මෙ හැම ප්‍රශ්නයක්ම මගෙ බෙල්ල මුල හිරවෙලා මාව හයියෙන් මිරිකගෙන ඉන්නේ..කොච්චර නම් ඉවසන්නද..දෙවියනේ මාත් මනුස්සයෙක්..මිනිහෙක්ට උහුලන්න පුලුවන් තරමෙ වේදනාද මන් වින්දේ..මගෙ ජීවිතේම අපායක්..මෙ  ප්‍රෙශර් එක දරාගෙන මට ඉස්සරහට යන්න අමාරුයි..මට දැන් ඕනි..උනුසුම් පපුවකට තුරුල් වෙලා කෑගහලා අඩන්න..උනුසුම් පපුවකට තුරුල් වෙලා සැනසිල්ලෙ නිදාගන්න..මෙ අවුරුදු ගානටම එක දවසක් නැතුව ඇති මන් සැනසිල්ලෙ නිදා ගත්තූ..විනාඩි පහක හරි සැනසිලි දායක නින්දක් මට ඕනි..
මගෙ අත් තාම වෙව්වලනවා..කලින්ටත් වඩා හයියෙන් දැන් වෙව්වලනවා..මට මෙහෙම වෙන්නෙ මාවම පාලනේ කරගන්න බැරිවුනාම..මන් දැන් හොදටෝම හෙම්බත් වෙලා..මෙ මහන්සිය විස්තර කරගන්න මට වචනත් නෑ...

තද කල්පනාවක ඉදපු මාව ගැස්සුනේ මගේ සීතල වෙව්ලන ඇගිලි වලට දැනුන ඒ උනුසුම් පහස නිසයී...ඒ එයා..එයාගෙ උනුසුම් ඇගිලි මගෙ අතෙ ඇගිලි අස්සෙන් ගිහිම් හිරවුනා..මට හරි මහන්සි අවී..මෙ ජීවිතෙන් මන් දැන් හෙම්බත් වෙලා..තවත් නම් බෑ.........
මගෙ ඇස් දිහාම බලාන ඉන්න  එ ඇස් දිහා බලන් මන් හිතින් මිමිනුවේ කටින් පිටකරගන්න බැරි මගෙ වේදනාව..

එයා මගෙ අත් දෙකම එකට තියලා එ අත් අස්සෙම් හිරකරගනිද්දි  මගේ සීතල අත් වලට ලොකු උනුසුමක් දැනුනා..එයාට දැනෙනවද දන්නැ මගෙ අත් වෙව්ලනවා කියලා..

"ඔහොම හරි කෑගහපු එක හොදයි සුදු අයියේ.."

"සමහර වේදනා හිතෙ හිරකරන් අමතක කරලා දාන්න හදනවට වඩා ඔහොම පිටකරාම හිතට සැනසීමක් දැනෙනවා.."

"දේවල් හිරකරන් ඉන්න එපා..කාටම හරි කියන්න..නොකිව්වට ඔයා හිනාවෙන් හුගක් වේදනා හංගන් ජීවත් වෙනවා කියලා මට තේරෙනවා..ඔය හිතට ඔච්චර දරාගන්න අමාරුයි..ඔයා ඔහොම වේදනා විදිද්දි රිදෙන මිනිස්සුත් ඉන්නවා.."

"මතක තියාගන්න..ඔයා තනිවෙලා නෑ.."

"මන් ඉන්නවනේ සුදු අයියේ.."

අනෙ එ වචන..එවා කෙලින්ම වැදුනෙ මගෙ බිදිලා කෑලි වුන අසරන හිතට..ඔයා නම් healing pill එකක් මගෙ ලමයෝ..මට දැනුනා මාව ඉබේම සංසුන් වෙනවා..එයා කතා කරද්දි එ ඇසුත් මා එක්ක කතා කරා..මේ ලමයා මන් එක්ක මෙච්චර කතා කරාමයි..මට තෙරෙන්නෑ පුතේ උබට හුගක් පින්.. මෙ වෙලාවෙ මට ඔනි වුනේ පොඩි හරි සැනසීමක්..එත් මේක මන් බලාපොරොත්තු වුනාට වඩා ලොකු සැනසීමක් වුනා..මන් දන්නෑ මන් එයාගෙ පපුවෙ ඔලුව ගහගත්තේ ඇයිද කියන්න..ඒ එයා මාව ඇදලා අරන් තියාගත්ත හින්දද..නැත්තම් මන්ම හේත්තුවුනා නිසාද..කොහොමෙන් හරි මට ඕනි මේ මොහොතේ සැනසිමෙන් ඉන්න විතරයි..ඒ අත් අස්සෙ මට ලොකු ආරක්ශාවක් දැනුනා..ස්තුති දෙවියනෙ..මෙහෙම හරි පොඩි සැනසීමක් මට  ලබාදුන්නට..

මන් හිතන්නෙ මන් එහෙම  විනාඩි විස්සක් විතර එ උනුහුමට තුරුල් වෙලා ඉන්නැතී..මෙ වෙලාවෙ හරි වැරැද්ද මොකද්ද කියල තෙරුම්ගන්න පුලුවන් මානසික මට්ටමක් මට නැහැ..මන් එයාගෙන් අයින් වුනේ තමාල්ගෙන් ආපු කෝල් එක නිසයි..ෆෝන් එක ආන්සර් කරලා මග එනගමන් කියලා කිව්වෙ ඉන්න තැන කිව්ව ගමන් ඒකා ආවෙස වෙනවා දන්න නිසාමයි...

"මන් යනවා..ගෙවල් වලට යන්න.....පරිස්සමෙන්.."

"සර්.."

මන් යනවා කියාගෙන එලියට යන්න හදද්දි යොවුන් කතාකරනවා ඇහුනත් ඇහුනෙ නැතිගානට එලියට ආවෙ එයාලට මුහුන දීගන්න පුලුවන් තත්වයක් මට නැති නිසාමයි..එත් මට වැඩිදුර යාගන්න බැරිවුනා..එකපාරම එ හතර දෙනා මාව වටකරගෙන බදාගෙන නතරකරගත්තා..

"අනෙ අපිට සමාවෙන්න සුදු සර්.."

හතර දෙනාව මාව එහෙම බදාන ඉන්න ගමන් සමාව ඉල්ලුවා..

"අනෙ සෑර් හිතරිද්දන්න හිතුවෙ නැ සත්තයි..දෙවිදුවා පුග්ගැට්ටා උට සෙංගමාලෙ සර්..ඒකයි ඕවා කියවන්නේ.."

"මට සමාවෙන්න සර්..මන් හිතන්නෙ බලන්නෙ නැතුව එ වචන ඔහේ කියෙව්වා..ඔන්නම් මට ගහන්න..අනේ ඔහොම අදුරන්නෑ වගේ යන්න එපා.."

"අනෙ ඔව් සර්..ඔයා තමයි අපිට හම්බුන හොදම ගුරුවරයා..ඇත්තටම අපිට ඔයා අපෙ ලොකු අයියා වගේ..හිත රිද්දන්න හිතුවෙනෑ..අනෙ ඔහොම කතා නොකර ඉන්නෙපා.."

ඇත්තටම මෙ ලමයි මොනා කියලා දන්නවද..කමන්නෑ සමාව ගන්න හිතුන එකම ඇතිනේ..

"ම්ම හරි මන් තරහා නැ දැන් යන්න.."

"අනේ සෑර්.."

"ඇයි.."

"ඔය තාම තරහෙන් අනේ..නරක..ආ නැ නෙ ඔයා හොදයිනේ..අනෙ අනෙ කතාකරන්නකො වෙන්දා වගේ ඉන්නකෝ..මම් හෙට ඉදන් කට කලිකාවක් අරන් එනවා කියලා පොරොන්දු වෙනවා ටික්කාගෙ කටේ දාන්න..අනේ සුදාම්මීයේ..තරා වෙන්නෙපානෙ.."

"දෙයියනේ යොවුන් ඔය මගුලෙ නම කියන එක නවත්තපම්..කලියාව අරූට නෙමෙ තොටයි දාන්න ඕනි.."

"ආන් ආවා..සෑර් ආඅවා..ආව්ස් අප්පා සෑර් ආවා..උම්මා උම්මා ආදරෙයි මැට්ටො පැලෙන්න මන්.."

"යොවුන්..!!"

"යොහ් හරි අප්පා සිරාවට ඉබින්න ගියෙ නැ උබෙත් පැලියාව.."

අනෙ ඉතිම්..හිත රිද්දගෙන හිනාවෙන්නත් මට දැන් ඉන්නෙ මෙ සීමිත පිරිස විතරයිනේ..මොනා වුනත් උන් ටික මට ආදරෙයී..







මන් ගෙදර යද්දි තමාලයා ගමහාමි වගේ උලුවස්ස උඩට වෙලා පාර බලාගෙන ඉන්නවා..පොර අද උයලා..ඔව්ව කන්න නම් පුලුවන්..හැබැයි ආපස්සට ලැට් එකෙ ලගින්න වෙද්දි තමා එපා වෙන්නෙ...
තමාලයා මන් ගාව නවතින්න ආපු එක ලොකු දෙයක්..ඌ ආවැයින් වෙනදා තිබුන පාලු ගතිය මැකිලා ගිහින් තිබ්බා..ඌ වගෙ යාලුවෙක් ලග ඉන්නෙක මට ලොකු හයියක්....




























ට්‍රෙන් එකෙන් බැහැලා අරයකා එක්ක පයින්ම ගාටන් එද්දිම සීයාගෙ වාහනෙ මිදුලෙ නවත්තලා තියෙනවා දැකපු නිසා ඉස්සරහට තියන්න ගිය අඩියත් ඉබේම ආපස්සට තියවුනා....
_____________________________________

හෙලො ලමයි❤️‍🔥
කොමතේ...
මන් ආවා❤️‍🔥

අවිනාස්ට හිත යනො අලො👉👈
ඔන්නොහෙ එයාටම දෙනො එක්කො

හාද

කමන්නෑද..

ආයෙම එන්නම්...

ආදරෙයි😌❤️‍🔥


_Gojo_

Fortsett å les

You'll Also Like

25.1K 2.3K 31
මතක කදුලු අතරින් නැවත ආදරෙ සෝයා........... 🌻
1.8M 114K 200
**Story is gonna be slow paced. Read only if you have patience. 🔥** Isha Sharma married a driver whom she had just met. She was taking a huge risk...
1.7M 95.1K 87
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...
1.6M 97.9K 39
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...