The Choice

Por Marivok

109K 24.4K 10K

"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa... Más

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Note
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Note
Note 2
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45 (Prologue)
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 53
Chapter 54
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60

Chapter 52

1.3K 352 183
Por Marivok

Hello ලමයි 🥺 කොහොමද .
සොරි මං ගොඩක් කාලෙකට පස්සෙ ආවට.මට පොඩි පෞද්ගලික ප්‍රශ්න වගයක් ආවා.💔
මාවත් unstable උනා.ඉතින් මට කතාව ලියන්න තියා කිසි දෙයක් කරන්න වෙලාවක් නැති උනා.

දැං ගොඩක් ලමයින්ට කතාව අමතක ඇති .🥺 සොරී...

ආයෙත් ඔන්න choice වලින් ටේහ්‍යුන්ග් ජන්කුක් එනවා.


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
•••••••••••••••••••••••••••••••••••••••••••••••••

ටේහ්‍යුන්ග් .........

කදුලු, වේදනාව, දුක මේ දේවල් නිකන්ම නිකන් වචන නෙමේ. ඒවා දරාගන්න ගොඩක් අමාරුයි. ටේහ්‍යුන්ග්ට ඒ වචන ජීවිතේට ගොඩක් සමීපයි, මොකද ටේහ්‍යුන්ග් නොතේරෙන කාලෙ ඉදන් ජීවත් උනේ කදුලු, වේදනාව සහ දුක එක්ක.
ඒ වගේම ටේහ්‍යුන්ග් අද ජීවත් වෙන්නෙත් එහෙමයි.

ටේහ්‍යුන්ග්ට තියන එකම විශේෂ හැකියාව මේ හැම හැගීමක්ම හංගලා, හිරකරගෙන හිනාවෙන එක. අදත් ටේහ්‍යුන්ග් එහෙමයි. එයාගේ පුංචි සුරංගනාවි එක්ක , පාර්ක් එකට වෙලා උදේ ඉදන් හිනා වෙවී සෙල්ලම් කරනවා. ඒත් ජන්කුක් ...

ඇත්තටම ජන්කුක්ගේ හිත ඇතුලෙන් එයා ලොකු ප්‍රශ්නෙක හිටියේ. ජන්කුක් ටේහ්‍යුන්ග්ට සැලකුවේ නරක විදියට , ඒත් එයාට කරන්න දෙයක් නෑ. එයාට දැනුනා ටේහ්‍යුන්ග් වෙනස් වෙලා, ටේහ්‍යුන්ග් ඇත්තටම ගොඩක් වෙනස් වෙලා.

අතීතය දිහා හැරිලා බලනකොට එයාට තේරෙනවා , ඇත්තටම ටේහ්‍යුන්ග් කියන්නේ කවුද කියලා. එක අතකින් ටේහ්‍යුන්ග් සාදාරණයි. ටේහ්‍යුන්ග්ට මෙහෙම වෙන්න හේතුව , එයාගේ මේ අර්ධ ජීවිතය. ටේහ්‍යුන්ග්ගේ තැන ජන්කුක් හිටියා නම් එයත් උත්සහ කරාවි , ටේහ්‍යුන්ග් කරපු දේ කරන්න.

ජන්කුක්ට ටේහ්‍යුන්ග් හිටපු තත්වේ තේරෙනවා.
ඒත්.. ජන්කුක්ට කරන්න දෙයක් නෑ. ජන්කුක් මොනවා කරන්නද ? ටේහ්‍යුන්ග් දැං ජන්කුක්ට ආදරේ උනත් ජන්කුක්ට බෑ ටේහ්‍යුන්ග්ට අවස්තාවක් දෙන්න, ඒකට එකම හේතුව ,zimbi .

ජන්කුක්ට බෑ ටේහ්‍යුන්ග් zimbiට කරපු දේ කවදාවත් අමතක කරන්න. ටේහ්‍යුන්ග් කොච්චර සාධාරණ උනත්, එයාට බෑ zimbiගේ ජීවිතේ එහෙම විනාස කරන්න තරම් අසාධාරණ වෙන්න.

Zimbiගේ හිතේ කොච්චර හීන තිබ්බද ? කොච්චර බලාපොරොත්තු තිබ්බද ? ඒක ඇත්තටම පොඩි දෙයක් නෙමේ.

ජන්කුක්ට බෑ ඒක අමතක කරන්න. ටේහ්‍යුන්ග් දකින වාරයක් ගානේ zimbiට කරපු අසාධාරණේ වෙනවා. Zimbiගේ අවසන් වචන, හඩ ජන්කුක්ගේ කන් වල තවමත් දෝංකාර දෙනවා.

ජන්කුක් ඇස් අගින් වැටෙන කදුලු බින්දු පිහදාන ගමන් , ටේහ්‍යුන්ග් එක්ක ඈත අයිනේ සෙල්ලම් කර කර ඉන්න එයාගේ පුංචි සුරංගනාවි දිහා බැලුවා.

ජන්කුක් හිටියේ බංකුවේ වාඩි වෙලා, ටේහ්‍යුන්ග් පුංචි baby girl එක්ක සෙල්ලම් කරනවා. මේ අවුරුදු ගානටම ජන්කුක් , පුංචි බබාගේ මූනේ මෙච්චර හිනාවක් දැකලා නෑ. එයා ගොඩක් සතුටෙන් , එයාගේ ඇස් දිලිසෙනවා .

Mg-" Mamaaaaa....."

පුංචි කටහඩ ඇහුණ ගමන් ජන්කුක් සිතුවිලි ලෝකෙන් එකපාරම , හරි සිහියට ආවා.

Mg-" Mamaa... Fuuuunnn.... "

පුංචි බබා sliding boat එක උඩ වාඩි වෙලා වේගෙන් ලෙස්සලා sliding boat එක යට ඉදගෙන වාඩි වෙලා ඉන්න , ටේහ්‍යුන්ග්ගේ අතට පැන්නා.

ටේහ්‍යුන්ග් , හිනා වෙලා බබාව හයියෙන් තුරුලු කරන් , නලලට හාදුවක් දුන්නා.

Mg-" dada... තව එක සැරයක් "

ටේහ්‍යුන්ග් , හිනාවෙලා ජන්කුක් දිහා බලලා, ආයෙත් බබාව අරන් sliding boat එක උඩින් තිබ්බා.

TH-" Baby හෙමින් එන්න ම්ම්ම්...."

ටේහ්‍යුන්ග් ගොඩක් කෙයාරින්, ගොඩක් ආදරණීයයි. ටේහ්‍යුන්ග් dada කෙනෙක් හින්දා දැං ගොඩක් වෙනස් වෙලා.

TH-" Gowd angel හෙමින්....."

ටේහ්‍යුන්ග් ආයෙත් එයාගේ පුංචි බෝලෙව පරිස්සමෙන් එයාගේ අතට ගත්තා. අතට අරන් බෝල කම්මුල් වලට තෙත හාදුවක් දුන්නා.
ටේහ්‍යුන්ග්ගේ ඇස් සතුටින් දිලිසෙනවා , බබාගෙ ඇසුත් එහෙමයි. ජන්කුක් කවදාවත් දැකලා තිබ්බේ නෑ බබා මෙච්චර සතුටින් ඉන්නවා.

ඒ වගේම ජන්කුක් අද විශේෂ දෙයක් දැක්කා, පුංචි babygirlට තිබ්බෙත් එයාගෙ dadaට වගේම boxy හිනාවක්. දෙන්නගෙම හිනාව එක වගේ.

ටේහ්‍යුන්ග් වගේ කඩවසම් කෙනෙක්ගේ දරුවො කියන්නේ, ඒ දරුවොත් ගොඩක් ලස්සන වෙන්නම ඕනේ. ටේහ්‍යුන්ග් එයාගේ නහර ඉලිප්පිලා පේන අත් වලින් පුංචි බබාව උඩට ඉස්සුවා.

බබා හයියෙන් හිනා උනේ ටේහ්‍යුන්ග්ගේ ඇස් දිහා බලාගෙනමයි . ඒත් ජන්කුක්ගේ ඇස් එකපාරම නැවතුනේ ටේහ්‍යුන්ග්ගේ නහර ඉලිප්පෙන ශක්තිමත් අත් වල. ජන්කුක් ඒ අත් දිහා බලන් වෙනම ලෝකෙකට යන්න හැදුවත් එයාට ඇහුනා එයාගේ යටිහිත එයාට කතා කරනවා.

' ආර්හ්...අවුරුදු 7කට කලින් කරපු මෝඩ දේවල් හිතන්න එපා ජන්කුක් '

ජන්කුක්ගේ හිතට ආව නරක සිතුවිලි එයා තද කරගෙන අහක බැලුවා.

Jk-" කොහොමත් අද හෙටම ඔයා මෙහෙන් යන්න ඕනෙ..."

ජන්කුක් තමාටම මුමුණගෙන අහක බලන් හිටියා.

TH-" hey.... princess ... මේ බලන්න. "

ටේහ්‍යුන්ග්ගේ හඩ ඇහෙනකොටම ජන්කුක්ගේ ඇස් ආයෙත් ටේහ්‍යුන්ග් දිහාට හැරුනා.

TH-" අපේ බබා තනියෙන් උඩට නැග්ගා..."

ජන්කුක් හිනාවෙලා බංකුවෙන් නැගිටලා , sliding boat එක ලගට ගියා. දැං එයාලගෙ පුංචි angel ටික ටික මේ වගේ වැඩ කරන්න උත්සහ කරන එක ලොකු දෙයක්. මොකද මින්හන් වගේ නෙමේ මේ බබා. මෙයා ටිකක් කාර්‍යශූර මදි. ඒත් ජන්කුක් දැක්කා, මේ බබා ටේහ්‍යුන්ග් ලග ගොඩක් සතුටින් ඉන්නවා, ඒ වගේම ගොඩක් ආත්මවිශ්වාසෙන් ඉන්නවා.

ජන්කුක්ගේ ඇස් ලොකු කරන් බබා දිහා බැලුවේ හිතේ වචන වලට පෙරලන්න බැරි සතුටක් එක්ක.

Jk-" මගෙ angel ගොඩක් strong ..."

පුංචි බබා උඩ ඉදන් හිනා වීගෙනම ලෙස්සලා ටේහ්‍යුන්ග් අතට ආවා.

Mg-" dada .. මටත් වඩා strong "

TH-" එහෙනම්... baby , dadaටත් වඩා strong වෙන්න ඕනෙ. "

ටේහ්‍යුන්ග් , එහෙම කියලා බබාගේ බඩට කිති කැව්වේ බබාට විතරක් නෙමේ, නොදැනුවත්වම ජන්කුක්ගේ තොල් වලටත් හිනාවක් එද්දී.

TH-" ඕකේ... එහෙනම් අපි වෙන game එකක් කරමු... "

ටේහ්‍යුන්ග් , බබාව තුරුල් කරන් ආයෙත් පාර්ක් එකේ ඈතට දුවන් ගියා. ජන්කුක් තනියෙන් ඈතට හිනා වෙවී දුවන් යන dada, baby දිහා බලාගෙන ලොකු හුස්මක් ගත්තා.

එයාගේ ජීවිතේ අමතක කරත් එයාට බැරිවෙයි ටේහ්‍යුන්ග් කවුද කියන එක අමතක කරන්න. ටේහ්‍යුන්ග් වෙනස් උනත් තවමත් එයාගේ ඇග ඇතුලේ ඉන්නේ කවුද කියලා ජන්කුක්ට අමතක කරන්න අමාරුයි.

එයාට ටේහ්‍යුන්ග්ට අවස්තාවක් දෙන්න බෑ. ඒත් ජන්කුක්ට කවදාවත් දෙන්න බැරි උන දේවල් ටේහ්‍යුන්ග් බබාට දෙනවා, එයාගෙ ඇස් ඉස්සරහාම පේනවා.

Jk-" මං.. මං මොකද කරන්නේ "

ජන්කුක්ට තේරෙන් නෑ මේ වෙන දේවල් වලට හිනා වෙන්නද ? නැත්තන් අඩන්නද ?
එයාගෙ දරුවා ගොඩක් සතුටින්. එයා ටේහ්‍යුන්ග් ලග ඉක්මනින් වෙනස් වෙනවා. ඒත් එයාලාගේ හොදටම එයාට ටේහ්‍යුන්ග්ව එයාගෙ දරුවගෙන් ඈත් කරන්න වෙනවා .

ජන්කුක් ලොකු හුස්මක් අරන් ආයෙත් ටේහ්‍යුන්ග් බබා එක්ක ගිය පැත්තට ඇවිදන් ගියා.

.

.

.

ටේහ්‍යුන්ග් අද දවසම , පැය ගානක් තිස්සෙ එයාගෙ පුංචි බබා එක්ක සෙල්ලම් කරා. බබාවයි , dadaවයි දෙන්නම දාඩියට නෑවිලා. ඇදුම් වල කුණු .. ජන්කුක් කොච්චර කෑ ගැහුවත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඇහුවේ නෑ.

ඒත් අවසානේ මින්හන්ගේ ඉස්කෝලේ ඉවර වෙන වෙලාව ආව හින්දා ටේහ්‍යුන්ග් , බබා එක්ක සෙල්ලම් කරන එක නවත්තලා ජන්කුක් ලගට ආවා.

Jk-" දෙවියනේ.. mingi මේ ඇදුම බලන්නකෝ..."

ජන්කුක් ටේහ්‍යුන්ග් අතින් බබාව එයාගෙ අතට ගත්තා.

Jk-" මං කොහොමද මේවා හෝදන්නේ ? අහ් ..."

ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බලන් අවසන් වචන ටික කිව්වේ. ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ ඇස් මග ඇරලා සාක්කුවෙන් ඇදලා යතුර අතට ගත්තා.

ජන්කුක් කේන්තියෙන් බබාව අතට ගත්තා. ජන්කුක් මහන්සියෙන් දුක් විදලා හම්බකරපු සල්ලි වලින් ගත්ත ඇදුම්. ඒ ඇරත් මේ බබා ඇදන් ඉන්නේ ජන්කුක් අරන් දුන්න අලුත්ම ඇදුමක්. මේ ඇදුම ආයෙ හොද ගමනකට අදින්න බැරි වෙයි.

Jk-" හැමදාම කරේ මට වද දුන්න එක විතරයි "

ජන්කුක් , ටේහ්‍යුන්ග් දිහා බලන් දත්මිටිකාගෙන , ටේහ්‍යුන්ග්ව පහු කරන් ගිහින් වාහනේ එහාපැත්තෙන් වාඩි උනා.
ජන්කුක් අර වචනේ කිව්වේ ටේහ්‍යුන්ග්ට . ටේහ්‍යුන්ග් ඒක හොදටම දන්නවා, ටේහ්‍යුන්ග් අනිත්පැත්තෙන් වාහනේට නැගලා , වාහනේ ස්ටාර්ට් කරන් ඩ්‍රයිව් කරා.

Jk-" අවුරුදු හතක් කරදරයක් නැතුව හිටියා. ඒත් ආයෙත් අර්හ්... "

ජන්කුක් මේවා ඔක්කොම කියන්නේ ටේහ්‍යුන්ග්ට .

Jk-" බබාට බෙහෙත් ගේන්න යද්දි අන්දන්න ගත්ත අලුත් ඇදුම , ඒකත් දැං හොදටම සවුත්තුයි..."

ජන්කුක් දත්මිටිකාගෙන මුමුණනකොට ටේහ්‍යුන්ග්ගේ තොල් වලට හිනාවක් ආවේ ජන්කුක්ට කේන්ති ගියාමත් ගොඩක් ලස්සන හින්දයි.

TH-" දන්නවද princess , "

ටේහ්‍යුන්ග් , ජන්කුක් දිහාට හැරුනා.

TH-" ඔයා ඔහොම කෑ ගහද්දී මට හිතෙනවා ඔයාගේ කටේ gag ball එකක් බදින්න "

තප්පර ගානක් ඇතුලත ජන්කුක්ට තේරුනා  ටේහ්‍යුන්ග් කියපු දේ, මොකද කියලා. ජන්කුක් ඉක්මනින් එයාගෙ අත් දෙකෙන් බබාගෙ කන් දෙක වැහුවා.

Jk-" God ! බබාලා ඉස්සරහා ඔය වගේ නරක දේවල් කියනවද ? "

ජන්කුක් ඇස් ලොකු කරන් මිමිණුවේ මින්ගිගේ කන තවමත් වහලා තියෙද්දී.

TH-" ඒවා අපි දේවල් කරා නම් , කිව්වම මොකද වෙන්නේ ? අනික ඒවා නරක නම් ඇයි ඉස්සර හැමදාම වගේ මාව හොයන් ආවේ "

ටේහ්‍යුන්ග් කට කොනින් හිනා උනා.

TH-" මාව උවමනා උනේ නරක දේවල් කරන්න නෙමෙයිද princess ? "

ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහෙනවා. ජන්කුක්ගේ උගුරකටත් වේලිලා, ටේහ්‍යුන්ග් මේ වගේ දෙයක් කියයි කියලා බලාපොරොත්තු උනේ නෑ.

Jk-" ඔ-ඔයයි.. ඔයයි මාව හොයන් ආවේ.. "

ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ ඇස් මගඇරලා ජනේලෙන් එලිය බලාගෙන මිමිණුවේ අවුරුදු හතකට පස්සේ මේ වගේ දේවල් එකපාරම කියද්දී එයාට අපහසුවක් දැනෙන හින්දයි.

ටේහ්‍යුන්ග් එක අතකින් steering wheel එක අල්ලන් , අනිත් අත ජන්කුක්ගේ කකුල උඩින් තිබ්බා. ටේහ්‍යුන්ග් හෙමින් ජන්කුක්ගේ කලව පිරිමදිනකොට ජන්කුක්ගේ ඇග දිගේ ගලන් ගියේ අමුතු කිතියක්.

TH-" මට ලස්සන princess කෙනෙක් ඉද්දී මං ඉවසන්නේ කොහොමද ?
ඒ කාලේ ගොඩක් පුංචි උනත්, හුරතල් උනත් ඔයාට තිබ්බේ ලස්සන ඇගක් "

ජන්කුක් තවමත් ජනේලෙන් එලිය බලාගෙන. ජන්කුක්ගේ තොල් වල වේදනාව බර උන හිනාවක් එක්ක ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Jk-" මාව හොයන් ආවේ ඇග ලස්සන හින්දා විතරමද ? "

TH-" prince~~~"

Jk-" අහ් නෑ. ඔයාට මගෙ ලේත් ඕන උනා. වැම්පයර් කෙනෙක්~~~"

ටේහ්‍යුන්ග් වාහනේ වේගෙන් බ්‍රේක් කරා.එකම කතාව ආයෙ ආයෙ ජන්කුක් කියන වාරයක් ගානේ ටේහ්‍යුන්ග් කොච්චර ඔප්පු කරන්න උත්සහ කරාද ඇත්තටම මොකද්ද උනේ කියලා. ඒත් ජන්කුක් .ඇයි තේරුම් ගන්න බැරි.ටේහ්‍යුන්ග් පිලිගන්නවා එයාගෙන් උනේ වරදක් . අවුරුදු 7ක් එයා විදෙව්වා, ඒත් එයාට තවත් ඒ වරදට චෝදනාව බාර ගන්න බෑ.

TH-" මං දන්නවා ඔයාට ඕනේ මං ඔයාගෙන් ඈත් වෙලා යන්න. හරි මං ඔයාට කිව්වා මං අද රෑම මෙහෙන් යන්නම් කියලා.මට ඕනේ මගෙ දරුවන්ගේ හිනාව තව ටිකක් මගෙ මතකේ තියා ගන්නයි "

ටේහ්‍යුන්ග් , ජන්කුක් අතේ ඉන්න එයාගේ පුංචි සුරංගනාවිගේ කම්මුල හෙමින් අතගෑවා. ආයේ ජන්කුක් දිහා බැලුවා.

' ඒ වගේම ඔයාගෙ හිනාවත් බලන්න ඕනේ princess . '

TH-" මං ඔයාට කිව්ව විදියටම මෙහෙන් යන්නම්. මට අද දවස මගෙ ලමයි ලගින් පොඩ්ඩක් ඉන්න ඕනේ "

ජන්කුක්ට මොනා හරි කියන්න ඕන උනත්, එයා මොකුත් නොකියා සද්ද නැතුව හිටියා.

TH-" ඔයාට මාව ඈත් කරන්න ඕන හින්දා, ඇත්ත දැන දැනම මගෙ හිත රිදෙන දේවල් කියන්න එපා princess .."

Jk-" මං..."

TH-" ඔයා රෙකෝඩින් එකේ තිබ්බ දේ ගෙන කිව්වා. ඔව් මං ඔයාට කිව්වා වගේ ඒක හරි. මට මුලින් ඕන උනේ ඒකයි. ඒත් මං ආයෙත් කියනවා මට ඊට පස්සේ ඕන උනේ ඔයා විතරයි.
ඔයා, ඔයාගෙ ආදරේ. මගෙ වයස එක්ක ගත්තම ඔයා ගොඩක් පුංචී princess.
මේ දේවල් ඔයාට තේරුම් කරන්න අමාරු හින්දයි මං ඇත්ත කිව්වේ නැත්තේ "

Jk-" මං..."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අත මින්ගිගේ කන් දෙකෙන් අයින් කරා.

TH-" ඒත් ඇත්ත , මං ඔයාට ආදරෙයි.... "

ජන්කුක් මින්ගී දිහා බැලුවා.

TH-" මගෙ දරුවොත් ඒක දැනගන්න ඕනේ මං එයාලාගෙ mamaaට ආදරෙයි කියලා..."

ජන්කුක් , ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" ඔයා කියන දේවල් විතර නම් මට තවමත් ඕනේ. මේ දැං උනත් මට ඒවා කරන්න පුලුවන් ,ඔයා ඒක දන්නවා.."

ටේහ්‍යුන්ග් ආයෙත් වාහනේ ස්ටාර්ට් කරන් හෙමින් drive කරන් ගියේ, මින්හන්ගේ ඉස්කෝලෙට තව ටික දුරයි තියෙන්නේ හින්දා.

TH-" ඒ දැනත්  සැරෙන් සැරේ මගෙ හිත රිද්දන්න එපා princess . "

ජන්කුක් තොල්පෙති එකට තද කරන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Jk-" S-sorry "

ටික වෙලාවක් යනකන් වාහනේ ඇතුලේ නිශ්ශබ්දව තිබ්බත්, මින්ගී ටේහ්‍යුන්ග්ගේ ඔඩොක්කුවට ගිහින් වාඩි උනාට පස්සේ ආයෙත් ටේහ්‍යුන්ග්ගේ මූනට හිනාවක් ඇවිත් පුංචි බබා එක්ක විහිලු කර කර මින්හන්ගේ ඉස්කෝලේ ලගටම වාහනේ ගියා.

මින්හන්ගේ ඉස්කෝලේ ඉස්සරහා එක එක වාහන ඇවිත් නවත්තලා තිබ්බත් ටේහ්‍යුන්ග්ගේ තරම් ලොකු වාහනයක් කිසිම ලමයෙක්ගේ දෙමව්පියන්ට තිබ්බේ නෑ.මේක පුංචි ගමක ඉස්කෝලයක් හින්දා, පෝසත් මිනිස්සු ගොඩක් හිටියේ නෑ.

ජන්කුක් වාහනෙන් බැහැලා ගියා. ටේහ්‍යුන්ග් , මින්ගිවත් අරන් වාහනේ අනිත් පැත්තෙන් බැහැලා ගේට්ටුව ලගට ගියා. ජන්කුක් දැක්කා එතන ඉන්න ගොඩක් ගෑනු අයගේ ඇස් තිබ්බේ ටේහ්‍යුන්ග් දිහාට හැරිලා. පුදුම වෙන්න දෙයක් නෑ, ටේහ්‍යුන්ග්ගේ පෙනුම තවමත් ඒ විදියමයි.

Jk-" මි-මිස්ටර් කිම් "

ටේහ්‍යුන්ග් , ජන්කුක් දිහා බැලුවේ තවමත් මින්ගිව වඩාගෙන පපුවට තුරුල් කරන් ඉන්න ගමන්.

TH-" ම්ම්ම්හ් ? "

Jk-" ඔයා වාහනේට වෙලා ඉන්න මං මින්හන් බබා එක්ක එන්නම් "

TH-" ඇයි ? "

Jk-" මින්ගිවත් වඩාගෙන ඔයාට හිටන් ඉන්න අමාරු හින්දා මං.. මං "

TH-" අමතකද මං වැම්පයර් කෙනෙක්... "

Jk-" ඒත් අව්වේ ..."

TH-" අමතකද මං හාෆ් werewolf කෙනෙක් "

ටේහ්‍යුන්ග් හිනාවෙලා මිමිනුවේ ගේට්ටුව දිහා බලාගෙනමයි.එයා දැක්කා ඈතින් ලමයි එලියට ඇවිදන් එනවා.ඒ අතර මින්හන් හිටියා.ලමයි අතර උනත් මින්හන් කැපිලා පේන්නේ එයාට තිබ්බේ ටේහ්‍යුන්ග්ට වගේම කඩවසම් පෙනුමක් හින්දා.

ජන්කුක් හිනාවෙලා මින්හන් ඉන්න පැත්තට ඇවිදන් යද්දි ජන්කුක්ට ඇහුනා ගෑනු අය කතා වෙනවා

'ලමයාට ඒ වගේ පෙනුමක් ආවේ කොහොමද කියලා dada දිහා බැලුවම තේරෙනවා'

'මෙච්චර handsome කෙනෙක්ව කොහොම හොයා ගත්තද '

'කොහොමද මෙච්චර ලස්සන පිරිමියෙක් ඉදලත් ලමයි දෙන්නෙක්ගෙන් නතර උනේ '

ගෑනු එක එක්කෙනා ටේහ්‍යුන්ග්ගේ පෙනුම ගෙන කතාවෙන ඒවා ජන්කුක්ට ඇහුනා. ජන්කුක් ඉන්න තැනම මෙහෙම වෙනවා නම් ජන්කුක් නැති උනාම ගෑනු අය කොහොම හැසිරෙනවා ඇතිද ?

ජන්කුක් ඉක්මනින් මින්හන්ගේ අතින් අල්ලන් ටේහ්‍යුන්ග් ඉන්න පැත්තට ඇවිදන් ගියා.

Jk-" අපි.. අපි යමු "

ටේහ්‍යුන්ග් හිනාවෙලා , ජන්කුක් එක්කම ගිහින් වාහනේට නැග්ගා.ලස්සන පුංචි පවුලක්.වාහනේ drive කරන්නේ ටේහ්‍යුන්ග් එයාගේ ඔඩොක්කුවේ මින්ගී, එහා පැත්තේ ජන්කුක්, ජන්කුක්ගේ ඔඩොක්කුවේ මින්හන්.

මින්හන් ගොඩක් ආසයි වාහනේ මෙහෙම ඉදන් යන්න. මොකද එයා කවදාවත් ටේහ්‍යුන්ග් හම්බෙන්න කලින් වාහනේකට නැගලවත් තිබ්බේ නෑ .

ටේහ්‍යුන්ග් වාහනේ ගිහින් නැවැත්තුවේ ලොකු ශොපින් මෝල් එකක් ලග.මුලින්ම කරේ එයාලා ගිහින් කෑම කාපු එක.ජන්කුක් නම් එන්න බෑ , කන්න බෑ කිව්වා . ඒත් මින්ගී පාවිච්චි කරලා ටේහ්‍යුන්ග් ජන්කුක්ව ගෙන්න ගත්තා.

කට්ටියම කෑම කාලා, ඊට පස්සේ ටේහ්‍යුන්ග් බබාලට රෙදි තෝරන්න ගත්තේ ජන්කුක් එක්ක. බබාලා දෙන්නාව ප්ලේ ඒරියා එකට දාලා ඒ දෙන්නා ගියා ඇදුම් ගන්න.ජන්කුක් කොච්චර එපා කිව්වත් ටේහ්‍යුන්ග් කිව්වේ එයාගෙ දරුවන්ට ඇදුම් අරන් දෙන්න එයාට අයිතියක් තියනවා කියලා .

අවසානෙට ජන්කුක්ටත් ටේහ්‍යුන්ග් එක්ක ගිහින් බබාලාට ඇදුම් තෝරන්න උනා.ඒ දෙන්නම බබාලගේ ඇදුම් සෙක්ශන් එකට ගියා.

Jk-" දෙවියනේ ඔය පාටවල් බබාලාට අන්දන් නෑ..."

TH-" Princess මේක ගොඩක් ලස්සනයි, කලු පාට මං ආසම පාට "

Jk-" තේරෙන් නැද්ද පොඩි ලමයින්ට අන්දන්න ඕනේ ලස්සන පාටවල්. ඔය අදුරු පාටවල් තෝරන එක නවත්තන්න "

TH-" princess ..."

දෙන්නාගේ තර්ක , රණ්ඩු අවසානේ බබාලට එක එක වර්ගේ ඇදුම් තෝර ගත්තා. ඇදුම් තෝරලා , බබාලාට ඕන සෙල්ලම් කරන්න ඒවත් අරන් ජන්කුක්ව , බබාලා යැව්වා වාහනේට. ටේහ්‍යුන්ග් adult area එකට ගිහින් තව ඇදුම් කීපයක් අරන් ඔක්කොම බඩු වල බිල් ගෙවලා මලු ඔක්කොන උස්සන් ඇවිත් වාහනේ පිටපස්සෙන් දාලා ආයෙත් ඉස්සරහට ගිහින් සුපුරුදු පරිදි වාඩි වෙලා වාහනේ drive කරන් ගෙදර ගියා.

දැං කලුවර වැටිලා. ටේහ්‍යුන්ග් පොරොන්දු උන විදියට අද ගෙවුන දවස ඉවරයි.එයා දැං ගෙදරින් යන්න වෙලාව හරි.ජන්කුක්ට අමුතු නොසංසුන්කමක් දැනෙනවා.

ගෙදර ඇවිත් ටේහ්‍යුන්ග් රෙදි මලු ගිහින් ජන්කුක්ගේ කාමරෙන් ගිහින් තිබ්බා.

ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බලන් දොර ලගට වෙලා හිටගෙන ගල්ගැහිලා වගේ හිටියේ. මින්හන් , ජන්කුක්ගේ අතින් අල්ලන් ටේහ්‍යුන්ග් දිහා බලාගෙන හිටියෙ එයාගේ mamaa වගේම කිසිම දෙයක් හිතා ගන්න බැරුව.

TH-" මං බෑග් ටික කාමරෙන් තිබ්බා "

ටේහ්‍යුන්ග් දොර ඉස්සරහාට වෙලා ඉන්න ජන්කුක් ඉස්සරහින් හිටගෙන කතා කරේ හිතේ ලොකු දුකක් එක්ක. ටේහ්‍යුන්ග්ගේ වෙලාව ඉවරයි .ටේහ්‍යුන්ග් දැං යන්න වෙලාව හරි.ටේහ්‍යුන්ග්ට තවමත් ඕනේ එයාගෙ පවුල එක්ක නවතින්න.ඒත් එයාට ජන්කුක්ගේ වචන වලට විරුද්ද වෙන්න බැරි තැනට එයා පත් උනා.

ඉතින් ටේහ්‍යුන්ග් ගෙදරින් යන්න තීරණේ කරේ එයාගෙ පවුල පේන මානේ වෙනම ගෙදරක හරි ජීවත් වෙන්න හිතින් එයාටම දිවුරගෙනයි.

Jk-" හ-හරි "

ටේහ්‍යුන්ග් මොකුත් නොකියා ජන්කුක් දිහා බලන් හිටියා. මින්ගි බබා ටේහ්‍යුන්ග්ගේ අතින් ඇල්ලුවා.

Mg-" Dada..."

ටේහ්‍යුන්ග් එයාගේ අතේ එල්ලුන පුංචි පැටියා දිහා බැලුවා.

Mg-" මාත් එක්ක නාන්න යමු "

මින්ගී තවම මොකුත් දන් නෑ.ටේහ්‍යුන්ග් දැනටමත් මින්ගිගේ favourite person වෙලා.පැය 24ක් ඇතුලත මේ වගේ බොන්ඩ් එකක් කියෙන්නෙ අනිවාරෙන්ම පුදුම හිතෙන දෙයක්.ඒත් ඇත්තටම ඔව් ඒ පුදුම හිතෙන දේ වෙලා.මින්ගී ටේහ්‍යුන්ග්ට ගොඩක් කැමතී.

ටේහ්‍යුන්ග් , ජන්කුක් දිහා බැලුවා. ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ ඇස් මග ඇරලා බිම බැලුවා.මින්හන් ජන්කුක්ගේ අතින් අල්ලන්.
ටේහ්‍යුන්ග් , ජන්කුක් දිහා බලන් හිටියේ ගෙදරට ආව අමුත්තෙක් ගේ ඇතුලට එන්න අවසර දෙනකන් බලන් ඉන්නවා වගේ.

Mg-" Dadaa... අපි සෙල්ලම් කරමු "

මින්ගී ටේහ්‍යුන්ග්ගේ අතින් ඇද්දත්, ටේහ්‍යුන්ග් හෙල්ලෙන්නවත් නැතුව ජන්කුක් දිහා බැලුවා.

TH-" A-angel මං .. dada.. dada..."

ටේහ්‍යුන්ග් මොනා හරි කියන්න උත්සහ කරත්, ටේහ්‍යුන්ග්ගේ වචන ලොක් උනේ මින්ගිගේ රවුම් ලස්සන ඇස් දැක්කාම ඒ දිහා බලන් යනවා කියන්න තරම් හයියක් ටේහ්‍යුන්ග්ට තිබ්බේ නෑ .

Mg-" Dadaa ඇයි. සෙල්ලම් කරන්න බැරිද ? "

මින්ගිගේ ඇස් ලොකු උනා.ටේහ්‍යුන්ග් මින්ගිගේ කම්මුල හෙමින් අතගෑවා.

Jk-" baby.. dada දැං යන්න ඕනේ "

ජන්කුක්ගේ වචන ටේහ්‍යුන්ග් , මින්ගී දෙන්නගෙම පපුව තුවාල කරා වගේ දැනුනා.













To be continue

______________________________________

🍁Marivok🍁

Seguir leyendo

También te gustarán

63.9K 8.7K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
63.2K 4.9K 29
"ဘယ်က ဇယားလေးလဲ? Kim" "အကြွေးနဲ့ သိမ်းလာတာလေ မွေးစားဖို့" "ဘယ္က ဇယားေလးလဲ? Kim" "အေႂကြးနဲ႕ သိမ္းလာတာေလ ေမြးစားဖို႔"
291K 50.1K 62
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
52.7K 4.4K 22
ငါ -ိုး!!! အိပ်ယာက နိုးနိုးချင်း ယောက်ျားရသွားပြီ!!!