හිරිපොද (Completed)

By NirMad238

38.9K 7K 4.6K

ඉහින මල් පැණි තටු අගිස්සෙන්!!! More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
characters
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
53
54
55
56
57
58
59
60

52

402 91 60
By NirMad238

බෑ දෙයියනේ බෑ!
මට මේක කරන්න බෑ!
මට තනූ නැතුව ඉන්න බෑ!

මං එනවා තනූ!
මං එනවා!

මං එවෙලෙම ගෙදරින් එලියට බැහැලා දුවන්න පටන්ගත්තෙ පිස්සෙක් වගේ.

කොහේවත්ම නවතින්නෙ නැතුව මං පාර දිගේම දිව්වා. කිසිම දෙයක් ගැන බලන්නෙ නැතුව විකාරෙන් වගේ වගේ දිව්වා.
පපුව රිදෙන්න අරන් ඇස් වලින් කඳුළු කඩාගෙන වැටෙද්දි, හුස්ම ගන්න බැරුව මොලේ පිච්චිලා යන්න වගේ දැනෙද්දි, කකුල් දෙකට දරාගන්න බැරුව පණ නැතුව ඇදගෙන වැටෙන්න යද්දි,
ඒත් මං දිව්වා.

තනූ!!!
ඇයි මං මෙහෙම මෝඩ වැඩක් කලේ?
ඇයි මං ඔයාව යවලා තනියම මෙහේ නැවතුනේ?
මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑනෙ තනූ!
මට කොහොමද ඒක අමතක වුනේ?

අනේ මට මහන්සියි තනූ!
මගේ පපුව කැඩෙන්න වගේ රිදෙනවා.
මාව හොයාගෙන ඇවිත් ඔයා ලඟට අරන් යන්නකො තනූ!
ආයෙම කවදාවත් මට මේ වගේ මෝඩ වැඩ කරන්න දෙන්න එපා.
ඔයා කිව්ව දේවල් ඔක්කොම ඇත්ත.
අපි දෙන්නා කොහේ හිටියත් එකට ඉන්න ඕනෙ.
අනේ මං මෝඩයෙක් වුනා තනූ!
මට සමාවෙන්න!
ඇවිත් මාව ඔයා ලඟට ගන්නකො රත්තරං!
නැත්තම් මං මැරිලා යයි!!!!

මං කෑගහ ගහ ඇඬුවා.
පාරෙ යන මිනිස්සු මගෙ දිහා බල බල යන්න ඇති.
ඒත් මට ඒ කිසිම දෙකින් වැඩක් නෑ.
මට ඕනෙ කොහොම හරි කරලා මගේ තනූ ලඟට යන්න!
අනේ තනූ ඔයා එනවා නේද?

දුවලා දුවලා දුවලා අන්තිමේදි මං බිමට ඇදගෙන වැටුනා. තවත් මට දුවන්න ශක්තියක් ඉතුරු වෙලා නෑ.
එහෙම්මම පාර අයිනෙ ගුලියක් වගේ වකුටු වෙච්ච මං කඳුළු වලට ඇති වෙනකල් ගලාගෙන යන්න ඉඩ දුන්නා.
අනේ තනූ!!!
මං මොකද්ද මේ කරගත්තෙ?

අපි දෙන්නටම එකතු වෙලා සල්ලි හොයාගන්න තිබුනා.
තව අවුරුද්දක් ඉගෙන ගන්න එක පරක්කු කරන්න තිබ්බා.
මොකද මේ හදිස්සියෙ අදම ඉගෙනගන්න පටන් අරගත්තා කියලා අපි හෙට වෙද්දි හඳට යන්න කියලද?

අනේ හැමදේම ලස්සනට පිලිවෙලක් කරගෙන අපිට එකටම ඉන්න තිබුනා.
මං මොනවා හිතාගෙනද දෙයියනේ මේ ඔක්කොම මෙහෙම හදිස්සි කරගෙන ඔයාට යන්න දුන්නෙ?
කන්න නැති වුනාට කමක් නෑ තනූ.
මං ඔයා ලඟට එන්නද?
අපිට ඔය මොකුත්ම ඕනෙ නෑ.
අපි හිඟා කාලා හරි ජීවත් වෙමුද?
අපි දෙන්නා එකට ඉන්නවා නම් වෙන මොනවත්ම ඕනෙ නෑනෙ අපිට රත්තරං.

මං නව කතාවල ඉන්න බොළඳම බොළඳ කෙල්ලෙක් වගේ හොටු පෙරාගෙන ඇඬුවා. ඉකි ගහ ගහ ඇඬුවා.
ඒත් ඒ එක්කමයි ෆෝන් එක වයිබ්බ්‍රේට් වෙන්න ගත්තෙ.

'තනූ ❤'

අනේ පව්!
මගේ කොල්ලා බලාගෙන ඉන්න ඇති මං කතා කරනකල්. ඒත් මං මෝඩයෙක් වගේ පාර පුරා දුව දුව විකාරයක් කලානෙ.
දැන් කතා කලොත් මං අඬලා කියලා තේරෙයි. ඊලඟට එයාටත් දුක හිතෙයි.

"මං බස් එකෙන් බැහැලා කෝල් එකක් ගන්නම්."

මැසේජ් එකක් ටයිප් කරලා යවපු මං කඳුළු පිහිදාගෙන මගේම මෝඩ මොලේ එක්ක වාද කරන්න පටන් ගත්තා.

තනූව අද යැව්වෙ නැත්තම් අහිලන් අනිවාර්යයෙන්ම ඒකාගෙ පස්සෙන්  එනවා . කලින් පාරත් පිහියෙන් ඇන්නා. එවෙලෙ වෝඩ් එකේ හිටපු නිසා බේරුනා. ඒත් පාරකදි යන එන ගමන්වත් අල්ල ගත්තොත් මොකද කරන්නෙ?

අහිලන්ගෙ තාත්තා ඌව ඉන්දියාවෙයි, රට වටේ හැමතැනමයිත් එක්කගෙන යන්නෙ ඔය මැරයො එක්ක තියෙන ආශ්‍රය නවත්තන්න. ඒත් සිද්ද වෙන්නෙ ඌ ඒ හැම පැත්තෙම ඉන්න මැරයො එක්ක සෙට් වෙන එක.
ඉතින් උගේ ඇස් මානෙන් තනූව ඈත් කරලා තියන්නම ඕනෙ.

අනික් දේ තමයි තනූ ඉන්නෙ හිතේ වේදනාවෙන්. එයාට රස්සාවක් නෑ. එයා මගෙන් කකා බිබී ඉන්නවා කියන එක එයාගෙ හිතට වද දෙනවා. කොච්චර ආදරේ වුනත් අපි කවුරුත්ම ආස නෑනෙ වෙන කෙනෙකුට සම්පූර්ණයෙන්ම බරක් වෙන්න.
තනූට මගේ අත් දෙකෙන්ම හැමදේම කරලා දීලා එයාව රජෙක් වගේ බලාගන්න මං ආසයි තමයි.
ඒත් එහෙම කියලා එයාගෙ ආත්මාභිමානය කඩා වැටෙන්න දෙන්න හොඳ නෑ.
එයාටත් දැනෙන්න ඕනෙ එයාගෙ දක්ශකම ගැන, එයාගෙ හැකියාව ගැන. ඉතින් ඒ වෙනුවෙන් ගන්න පුළුවන් හොඳම තීරණේනෙ මං මේ ගත්තෙ.

බොරුවට මගේ හිතේ තියෙන මනස්ගාත නිසා මගේ කොල්ලගෙ ජීවිතේ විනාස වෙන්න දෙන්න බෑ. දැන් මං අඬා වැටුනොත් එයා සේරම දමලා ගහලා දුවගෙන එයි. එහෙම වුනොත් මේ ඔක්කොම මහන්සිය වතුරෙ යනවා.
නෑ! නෑ! පැහැසර!
එහෙම වෙන්න දෙන්න බෑ!
කොහොම හරි හිත හයිය කරගන්න ඕනෙ.
අඩුම ගානෙ තනූට පේන්නවත් හයියට ඉන්න ඕනෙ.

ඔව්!
තනූ එක්ක හැම මොහොතක්ම සතුටින් ඉන්න එකයි වැදගත්. එයාව පුළුවන් තරම් සතුටින් තියලා එයාට හයියක් වෙන එකයි වැදගත්.

එයා ගියාට එයාව බලන්න, කතා කරන්න බැරි කමක් නෑනෙ. හැමදාම වීඩියෝ කෝල්ස් ගන්න පුළුවන්.
අනික නිවාඩු ලැබුන ගමන් එයාව බලන්න යන්නත් පුළුවන්.
ඉතින් බොරුවට කඩා වැටෙන්න හොඳ නෑ පැහැසර.
තනිකම දරාගන්නම බැරි වුනොත් කෑගහලා අඬමු. ඒත් තනූට පේන්න කොහොම හරි හයියට ඉමු.
එයාගෙ හීනෙට යන්න එයාට පාර හදලා දෙමු.
තනූගෙ සතුට තරම් වටින වෙන කිසිම දෙයක් මේ ලෝකෙ නෑනෙ.

ඉතින් ලොකු හුස්මක් අරන් මං තනූට කෝල් කලා.

"සරූ...
ඔයා ගියාද බබා?"

"ම්... යන ගමන්නෙ තාම.
දැන් ගෙදරට ලඟයි. ඔයා මොකද කරන්නෙ?"

"පාළුයි සරූ...
මට පිස්සු වගේ.
ඔයා යද්දි මට සේරම දමලා ගහලා දුවගෙන ඇවිත් බස් එකේ එල්ලෙන්න හිතුනා. ඔයාව තුරුල් කරගෙනම වවුනියාවට ඇවිත් ඔයත් එක්කම නවතින්න හිතුනා...

ඇත්තටම අපි මේක කරන්න ඕනෙමද සරූ?
අපි දෙන්නට එකට ඉඳන් මේ දේවල් කරන්න කිසිම ක්‍රමයක් නැද්ද?
උඹ ලඟ නැතුව ජීවත් වෙන්න බෑ කොල්ලො මට නම්."

තනූගෙ වචන මගේ කඳුළු ආයෙමත් අලුත් කරනවා.

ඇත්තටම මං මේ කරන්නෙ තේරුමක් නැති වැඩක්ද?
අපි දෙන්නම මේකෙන් දෙපැත්තකට වෙලා දුක් විඳිනවා විතරද?

"තනූ...
තව දවස් හතරයි.
මං ආයෙම ඔයා ලඟ.
හැම සතියෙම මං කොහොම හරි දවස් තුනක් නිවාඩු හදාගන්නම්.
අනික් දවස් හතරෙත් ඔයාට ෆ්‍රී වෙන හැමවෙලාවකම කෝල් කරන්න. මං ෆෝන් එක ලඟම තියාගෙන ඉන්නම්.
කොහොම හරි අමාරුවෙන් මේ මාස දෙක තුන ඇදගමු රත්තරං.
මොන දේ වුනත් අපි දෙන්නට අපි දෙන්නා ඉන්නවනෙ"
.
.
.
.
.
.
ඉතින් ජීවිතේ අමාරුම දවස් ගානක් ගෙවෙන්න පටන් ගත්තෙ එහෙමයි. අහිමි වීම කියන එක මමයි තනුයි ඉපදෙනකොටම අරන් ආපු දායාදයක් වගේ.
දුකට සැපට හැමදාම ලඟ හිටපු, අපිට පණ වගේ ආදරේ කරපු, අපේ පවුල්වල කිසිම කෙනෙක් අපිට නෑ.
දුකක් වේදනාවක් ගැන කතා කරන්න, අපේ ප්‍රශ්නෙකට විසඳුමක් හොයා ගන්න, ඉඳලා හිටලා හරි එකතු වෙලා පොඩ්ඩක් විනෝද වෙන්න යාළුවෙක් කියලා කෙනෙකුත් නෑ.
මේ මුළු ලෝකෙන්ම අපිට ඉන්නෙ අපි විතරයි. ඒත් අඩුමගානෙ අපි දෙන්නටවත් අපේ ජීවිත බෙදාගන්න ඉඩක් නෑ.

කමක් නෑ තනූ!
අපි හයියයි.
අපි කොහොම හරි අපේම ලෝකයක් හදා ගමු.




තනූ ගියාට පස්සෙ මං ගෙදර හිටියෙම නෑ. මං නැවතුනේ වෝඩ් එකේ.
එකක් තනූ බය වුනා මගේ ආරක්ශාව ගැන.
අනික මට පුළුවන් කමක් තිබුනෙ නෑ ඒ ගේ අස්සෙ තනූ නැතුව ඉන්න. හුස්ම හිර වෙලා මැරෙන්න යන ගතියක් දැනුනා දොර අරිද්දිම.
ඉතින් තනූ දීපු මෙට්ටෙත් අරගෙන මං ගෙදරින් එලියට බැහැලා එන්න ආවා.

ආයෙ කවදාවත් මේ පුංචි ගේ 'මගේ ගෙදර' වෙන එකක් නෑ.

ලෝකෙන්ම කොන් වෙලා, අම්මත් එක්ක තනි වෙච්ච වෙලේ මට හයියක් වුනේ මේ ගෙදර!
තනූව මුලින්ම මුණ ගැහෙන්න හේතු වුනේ,
එයාටත් ඊලඟට ගෙදරක් වුනේ මේ ගෙදර!
තනූ මට ආදරෙයි කිව්වෙ, මං එයාගෙ ආදරේ පිළිගත්තෙ, අපි දෙන්නා එක්කෙනෙක්ම වෙලා මුල්ම වතාවට එකතු වුනේ මේ ගෙදර!
අපේ ලස්සනම ලස්සන මතක මහා ගොඩාක් හංගගෙන අපිට හැමදාම ආශිර්වාද කලේ මේ ගෙදර!

ඒත් ඉතින් හැමදේම අහිමි වෙලා යන මේ ලෝකෙ ගෙදරක් සදාකාලිකවම තමන්ගෙ වෙලා තියෙන්නෙ නෑ.
අපිට සමුගන්න වෙනවා.
ඒත් මට පුංචි බිත්ති හතර කවදාවත්ම අමතක වෙන එකක් නෑ.

.........................................................................................................

සරූට මං කොච්චර ඇබ්බැහි වෙලාද කියලා මට දැනුනෙ එයා මාව දාලා ආයෙම වවුනියාවෙ යන්න යද්දි. මට හිතුනෙම එතෙන්දි මගෙ පපුව පැලිලා මැරිලා වැටෙයි කියලා.
අනේ ඒ ලස්සන හුරතල් මූණ,
කෝලම් වැඩ,
ඇස් හීනි කරන  හිනාව,
හැමවෙලේම තනූ... මගෙ කොටියෝ.... ගගා කියවන කියවිල්ල,
විසි හතර පැයම ලඟක ඉන්නවා නම් ඇඟ පුරාම දැවටිල්ල,
හිත නිවන සුවඳ, මේ ඔක්කොම දැන් මගෙන් ඈත් වෙලා යනවනෙ.

බස් එක පස්සෙන් දුවලා ගිහින් ඒකෙ එල්ලිලා වවුනියාවටම යන්න මට හිතුනා. ඒ බස් එක නොපෙනී ගියාම මං අනිත් බස් එකට නැගලා වාඩි වෙලත් හිටියා.
ඒත් ආයෙම මට මතක් වුනේ මං කිසිම දෙයක් කරගන්න බැරි නිකමෙක් නේද කියලා.

වවුනියාවෙ ගිහින් මං මොනවා කියලා කරන්නද? සරූ වෙනුවෙන් අඩුම ගානෙ එක ටොෆියක් අරන් දෙන්න මට සල්ලි තියෙනවද?
හැමදාම පිනට කකා බිබී ඉන්න ගිහින් සරූටත් මාව එපා වුනොත්?
ඒ නිසා අමාරුවෙන් හරි මෙහේ මට ඉන්නම වෙනවා.

පාළුයි සරූ, මැරෙන්න වගේ!!!
ඒත් උඹ වෙනුවෙන් මං කොහොම හරි ඉවසගෙන ඉන්නම්!!!

හැබැයි ඉතින් රෑ වෙද්දි  නම් මට ඇඳට නගින්නවත් බැරි වුනා. මොකද ඇඳට නැග්ග මොහොතෙම මගේ අත යන්නෙ සරූව හොයාගෙන. ඒකා මගේ ලඟ නෑ නේද කියලා එකපාරටම දැනෙද්දි පපුවට පිහියෙන් අනිනවා වගේ වේදනාවක් දැනෙන්නෙ.
ඉතින් මං කලේ ඇඳේ හාන්සි වේගෙනම සරූට කෝල් කරන එක.
අල්ලගන්න බැරි වුනත්, සුවඳ විඳින්න බැරි වුනත් සරූගෙ හුරතල් කෝලම් බලබලා හරි නිදාගන්න ලැබෙන එක කොයිතරම් දෙයක්ද?

මගෙ සරූ!
ඉක්මනටම මගේ ලඟ නවතින්නම එන්න!
ආයෙ කවදාවත්ම මගෙන් ඈත් නොවී මගේ ලඟම ඉන්න!
ඔය හිනාව මගේ ලඟ හැමදාකම තියෙනවා නම් වෙන කිසිම දෙයක් මට ඕනෙ කරන්නෙ නෑ...!!


කොහොම වුනත් එදායින් පස්සෙ සරූ නිතරම මාව බලන්න ආවා.
හැබැයි මං වවුනියාවෙ එනවට නම් එයා කැමති වුනේම නෑ.

"ඔයාට මහන්සි වැඩියි තනූ එතකොට.
මොකද මං වගේ වැඩට යනවා නෙමෙයිනෙ ඔයා. ඉගෙන ගනිද්දි මහන්සි නැතුව ඉන්න ඕනෙ. නැත්තම් පාඩම් කරන දේවල් ඔළුවට යන්නෙත් නෑ.
අනික ලැබෙන නිවාඩුවෙත් රට වටේ ඇවිදින්න තියාගත්තම කෝ ඔයාට පාඩම් වැඩ වලට වෙලාවක්.
මට නිතරම ඔයාව බලන්න එන්න පුළුවන්නෙ. ඒ නිසා ඔයා එහේ එන එක ගැන වද වෙන්න එපා.
හොඳට ඔයාගෙ වැඩටික කරගන්න. අනික් දේවල් ඔක්කොම මේ වෙලාවෙදි මට බාර දෙන්න."

ඔන්න ඕකයි සරූ හැම වෙලේම කිව්වෙ.
මොනදේ වුනත් ඒකා මට වඩා හයියයි. මං වගේ ඌ අඬා වැටෙන්නෙ නෑ. වෙලාවකට මට මං ගැනම ලැජ්ජත් හිතුනා. මගේ අඳෝනා අහගෙන ඉඳලා සරූට මාව එපා වෙයිද දන්නෙත් නෑ.
ඉතින් මාත් පොඩ්ඩ පොඩ්ඩ හැම වේදනාවක්ම පැත්තකින් තියලා ඉගෙනගන්න වැඩ ගැන අවධානය යොමු කරන්න පටන්ගත්තා.

සරූ එන දවස් වලට මං අනිවාර්යයෙන්ම පිටකොටුවට ගිහින් එයා බස් එකෙන් බහිනකල් බලාගෙන හිටියා.
වටේපිටේ දෙනෝදාහක් සෙනග හිටියත් කොල්ලා මාව දැක්ක ගමන්
"මගෙ කොටියෝ!!" කියාගෙන ඇඟට පැනලා බදාගත්තා. ඒ වෙලාවට ඒ ඇස්වල දිස්නෙටම වටපිටාව නිලංකාර වෙලා යන තරම්!
මට ජීවත් වෙනවා කියලා දැනෙන්න ගන්නෙ අන්න ඒ මොහොතෙ ඉඳන්. සරූගෙ සුවඳ මගෙ පපුවටම වදින මොහොතෙ ඉඳන්.

ඉතින් පිටකොටුවෙන් ආයෙම බස් එකක නැගලා, එකම සීට් එකක තුරුල් වෙලා වාඩි වීගෙන අපි දෙන්නම හුන්ඩුවක් විතර තියෙන බෝඩිම් කාමරේට එනවා.
වෙලාවට මේකෙ වෙන ළමයි හිටියෙ නෑ. ගෙදරට එලියෙන් හදලා තියෙන පුංචිම පුංචි කාමරේ දීලා තිබුනෙ මට විතරයි. ඉතින් අපි දෙන්නට කාගෙන්වත් කිසිම බාදාවක් තිබුනෙ නෑ.

කාමරේට ආපු ගමන්ම සරූ කරන්නෙ හත් අවුරුද්දක් බඩගින්නෙ හිටිය පූස් පැටියෙකුට මාළු කට්ටක් හම්බුනා වගේ මගේ ඇඟේ එල්ලෙන එක.
ඊට පස්සෙ පටන් ගන්නෙ හරිම උණුසුම් හෝරා ගානක්.
ඇඳුම් සී සී කඩ ගිහින් අපි දෙන්නම තරඟෙට වගේ කෙඳිරිගාන වෙලාවක්!
මග ඇරුනු රස, සුවඳ පිස්සුවෙන් වගේ හොයන වෙලාවක්!
ඉතින් ඒකෙ ඇති වීමක් නම් නෑ.

"යකෝ සරූ!!!
වවුනියාවෙ ඉඳන් නේද ආවෙ?
ඊයා!!! හඩ්ඩා වගේ ඉඳගෙන මගේ ඇඟෙත් නැග්ගා.
කාමරෙත් එක්ක ගඳයි.
පලයං ගිහින් නාගෙන වරෙන්!"

මං කෑගැහුවම සරූ ආයෙත් මගේ ඇඟේම එල්ලුනා.

"අනේ මගෙ කොටියෝ....!
වවුනියාවෙ ඉඳන්ම හුස්මක් කටක් නොගෙන දුවගෙන ආවෙ තනියම නාන්න යන්න නෙමේනෙ මං.
අස්සයා ගෝං ටික් ටික් පාරක් දාන්නත් එක්කනෙ.
හේවායා මෙතන තියලා අස්සයට විතරක් යන්න බෑ ඉතින්.
ඔන්නොහෙ දෙන්නම ගිහින් රේස් දෙක තුනක්  පදිමුකො...
අනික නැගපු ඒවා හඩු නෑ බං!
ඒවා හොඳයි.
පිලිවෙලට පිරිසිදුවට මගේ මිල්ක් ශේක් ටික හදලා දුන්නා.
රසට, ගුණට, අසමසමට හැමදේම තිබුනා!!!

මොකක්ම හරි කුණුහරුපයක් කියව කියවා සරූ මගේ අස්සෙම දැවටි දැවටි හිටියා.

ඇත්තටම මං මෙච්චරම වාසනාවන්තයිද කියලා මට අදහගන්නත් බෑ. මේ හුරතල් බෝලෙ මගේ අස්සෙම ඉඳන් මගේ මත්තෙම නැහෙද්දි දැනෙන්නෙ මේ ලෝකෙ ඉන්න වටිනම මනුස්සයා මං කියලා.
ඉතින් මට බය වෙන්න කියලා කිසිම දෙයක් නෑ. මොකද ජීවිතේ හොඳම දේවල් මටම කියලා වෙන් වෙලා ඉවරයි. තව පුංචිම පුංචි කාලයක් ඉවසගෙන හිටියොත් මුළු ලෝකෙම මගේ ලඟම තමයි.
මං ගැනම ආත්ම විශ්වාසයෙන් මං පිරිලා ඉතිරිලා ගිහින් හිටියෙ.

ඔව් සරූ....
ඔයා මගේ ලඟ ඉන්නවා නම් මට කරන්න බැරි කිසිම දෙයක් මේ ලෝකෙ නෑ.

ඉතින් සරූ ආවම අපි දවසක්ම අරගෙන කොළඹ පුරාම රවුං ගැහුවා.
ගෝල්ෆේස් ගිහින් සරුංගල් යැව්වා.
වෙරල දිගේ දුව දුව රැල්ල පෑගුවා.
සරූ පොඩි එකෙක් වගේ හිනා වෙවී කරන වැඩ දැක්කහම ලෝබකමේ බෑ.
දිග කලිසමේ කකුල් නමාගෙන,
ඒ සුදුම සුදු කකුල් පුරා වැලි නාගෙන මාවත් ඇදගෙන වැල්ල පුරා දුව දුව සරූ මට ජීවිතේ විඳින්න කියලා දුන්නා.

අපි වැලි මාළිගා හදලා ඒවා මූදු රැල්ලට කැඩිලා යන්න ඉඩ ඇරියා.
අලි පත වලවල් හාරගෙන ඒවට වතුර පිරෙනකල් බලාගෙන හිටියා.
පොඩි කාලෙ කියවපු කතන්දර පොතක වගේ බෙල්ල ලඟට එනකල් වැලි වලට යටවෙලා වතුර පාරක් ඇවිත් අපිව හෝදලා යවන කල් මග බැලුවා.
සිප්පි කටු හීනෙන්වත් හොයන්න නැති වැල්ලෙ සිප්පි කටු හොය හොයා ඇවිද්දා.
අන්තිමේ රෑ වුනාම ඒ සීතල හුලඟ විඳින ගමන් තුරුල් වෙලා තරු රටා හෙව්වා.
බියර් කෑන් දෙක තුනක් ගෙනත් යාන්තමට සින්දුවක් කියන ගමන් ඒවා හිස් කලා.

දියත උයනෙ ගිහින් පොඩි එවුන් සෙල්ලම් කරනවා බල බල කයිය ගැහුවා.
බෝට්ටුවෙ රවුමක් ගහලා එහා පැත්තෙ තියෙන චූටි කානිවල් එක වගේ තැනට ගිහින් විනෝද වුනා.
කෝච්චි පෙට්ටි කඩවල් අස්සෙ කෑම ජාති බල බලා ගිහින් එලියෙ තිබ්බ ලාබම කඩේකින් කඩ චෝරු කෑවා.
රෑ පුරා තුරුල් වීගෙන පාරවල් දිගේ ඇවිද්දා.

සූ එකට ගිහින් පස්ස රතු පාට වඳුරො දිහා බල බල හිනා වුනා.
වෝට' ව'ල්ඩ් ගිහින් එක එක ජාතියෙ මාළු බල බල පුදුම වුනා.

ලොකුම ලොකු ශොපිං මෝල්ස්වලට ගිහින් ඇහේ පොට යනකල් ඒවාවල ලස්සන බැලුවා.
මේ මොහොතෙ ගන්න තියා හිතන්නවත් බැරි ඇඳුම් ෆිටෝන් කර කර ෆොටෝස් ගත්තා.
පස්සෙ කාලෙක ගන්න හොඳ ඔරලෝසු වර්ග, සපත්තු, ඇඳුම් ජාති ගැන හීන මැව්වා.

සරූ හැම මොහොතකටම හිටියෙ ලස්සන මලක් වගේ හිනා වෙලා. පරණ ඇඳුමක් ඇඳගෙන, ගෙවිච්ච සෙරෙප්පු දෙකක් දාගෙන හිටියා කියලා මගේ කොල්ලාව අපි ගියපු කිසිම තැනකට නොගැලපුනේ නෑ.
අපි යන යන ඕනෙම තැනක් සරූ නිසා තවත් එලිය වැටුනා විතරයි.
මොකද ඌ ඉපදිලාම තියෙන්නෙ රජ කුමාරයෙක් වෙන්න.
ඉතින් මගේ රාජ කුමාරයො තව පොඩ්ඩම පොඩ්ඩ කාලයක් ඉවසන්න. මුළු ලෝකෙම මං උඹේ කකුල් දෙක ලඟටම ගෙනත් දෙන්නම්!

මගේ රාජ කුමාරයව බලාගන්න මට ඕනෙ කලා ඉගෙනගන්න අතරෙම පාට් ටයිම් ජොබ් එකක් හොයාගන්න. හොයාගෙන ඌව ඉක්මනින්ම මගේ ලඟට ගන්න.
ඒත් සරූ ඒකට කැමති වුනේ නෑ.

"තනූ,
ඔයා මේ වෙලේ පාඩම් වැඩ ගැන විතරක් හිතන්න. ඔක්කොම දේවල් පටලවගන්න ඕනෙ නෑ.
ඇත්තටම මං සතියෙන් බාගයක් විතරම ඉන්නෙ මෙහේනෙ දැන්. ඉතින් ඒ නිසා මාව ගෙන්න ගන්න පාට් ටයිම් හොය හොය ඉගෙනගන්න තියෙන වෙලාව නාස්ති කරගන්න එපා.
මේ වෙලාවෙ සල්ලි ගැන වගකීම මට දෙන්නකො. ඔයා ජොබ් එකක් හොයා ගත්‍තාම මගේ වගකීමත් එක්ක ඔක්කොම ඒවා ඔයාම ගන්න. මං එතකොට චූටි බබෙක් වෙලා ඔහෑ ඔහෑ ගගා අඬ අඬ මිල්ක් ශේක් ඉල්ල ඉල්ල ඇඳක් උඩට වෙලාම ඉන්නවා."

සරූ කියන කතාව බොරුවකුත් නෙමෙයි ඉතින්. මොකද ඇත්තටම ගත්තොත් ඩිප්ලෝමා එක ටිකක් විතර අමාරුවෙන් තමයි මං ඇදගෙන ගියේ.
ඒකට එක හේතුවක් තමයි, පුටුවක වාඩි වෙලා හරි පිලිවෙලට මං මෙහෙම දෙයක් ඉගෙන ගන්න ගත්තෙ අවුරුදු ගානකට පස්සෙ වෙච්ච එක. ඉතින් දැන් මොලේ ඒ තත්වෙට හැඩගස්ස ගන්න අමාරුයි.
අනික තමයි ඉංග්‍රීසි.
කවදාවත් ඉස්කෝලෙදි හරි හමං විදියකට ඉගැන්නුවෙ නැතිම දේ තමයි ඒක. ඉතින් පුදුම කට්ටක් කන්න වුනා කියන දේවල් තේරුම් ගන්න.

සරූ නම් මට කිව්වෙ ඉංග්‍රීසි ක්ලාස් එකකට යන්න කියලා. ඒත් සල්ලි ප්‍රශ්නෙනෙ තියෙන්නෙ.
හැබැයි ලොකු සර්ගෙ යාළුවා එක්ක කතා කරලා සරූ ඒකත් විසඳගෙන තිබුනා.
ඇත්තටම ලොකු සර් නම් අපේ පිනටම මුණගැහුන කෙනෙක්. නැත්තම් මේ දේවල් කොහොම කරගන්නද!

මේ අතරෙ මට කැම්පස් එකේ යාළුවො කීප දෙනෙකුත් සෙට් වුනා.
රඝු, කෝහිලන්, අවානි.
එයාලා හැමෝම දෙමළ.
මොකද සරූට මොකද්දෝ සංසාර පුරුද්දකට වගේ දේකට ලං වුනාට අනිත් සිංහල මිනිස්සුන්ට ලං වෙන්න මට දැනුනෙ අපහසු ගතියක්. ඒ නිසා මං සිංහල එවුන් එක්ක කතාවට ගියේම නෑ.

සරූ සතුටු වුනා මට අලුත් යාළුවො ඉන්න එක ගැන. ඒත් එයා හැමවෙලේම කිව්වෙ මගෙ අතීතය ගැන ඒ කිසිම කෙනෙක් දැනගන්න ඕනෙ නෑ කියලා.
ඒ වගේම සරූගෙයි මගෙයි සම්බන්ධෙත් රහසක් විදියටම තියාගන්න කියලයි එයා කිව්වෙ.

මට නම් එහෙම කිසිම දෙයක් හංගන්න ඕනෙ කලේ නෑ. ඒත් සරූ බය වුනා වවුනියාවෙදි වෙච්ච දේ ආයෙමත් මෙහෙදිත් සිද්ද වුනොත් කියලා. මේ කොළඹ වුනත්, මිනිස්සු හිතන හැටි ගැන කියන්න අපි දන්නෙ නෑනෙ.

ඇත්තටම ඉතින් යාළුවො කිව්වට මටත් ඒ කිසිම කෙනෙක්ව ලොකුවට ලං කරගෙන ආශ්‍රය කරන්න වුවමනාවක් දැනුනෙ නෑ. මොකද මිනිස්සු ගැන එහෙම ලොකු විශ්වාසයක් නෑ මටත්. හම්බවෙන වෙලාවට හිනාවෙලා කතා කරනවා ඇරෙන්න අපේ ජීවත අස්සට ඒ මිනිස්සුන්ව ඇදලා ගන්න ඕනෙ නෑනෙ.

ඉතින් ටිකෙන් ටික ටිකෙන් ටික මං මගේ අලුත් ජීවිතේට හැඩ ගැහෙන්න ගත්‍තා. කරන්න තිබුණ වැඩත් එක්ක කාලෙ දන්නෙම නැතුව ගෙවිලා යන්න පටන් ගත්තා.
හැම දවසක්ම මං ගෙව්වෙ එකම බලාපොරොත්තුවක් හිත ඇතුලෙ පුරෝගෙන විතරයි. ඒ සරූව ආයෙම දකින දවස වෙනකල්.
සරූව ආයෙම විඳින දවස වෙනකල්.

කොච්චර බැලුවත් එපා නොවෙන ඒ ලස්සනම ලස්සන හිනාව..
කොච්චර ඇහුවත් මදියි කියලා දැනෙන ඒ කෝලම් කියවන කතාව...
මාව ආයෙ ආයෙමත් ඉවරයක් නැතුවම දිව්‍ය ලෝකවල අතරමං කරන ඒ දිගටි ඇඟිලි, රෝස තොල් වගේම ඉටි රූපයක් වගේ ඇඟ...
ඔච්චරමයි ජීවිතේට සහනයක්  ගෙනාවෙ.

ඒත් පොඩ්ඩ පොඩ්ඩ සරූ මාව බලන්න එන එක අඩු කරන්න පටන් ගත්තා. වෙනදට හැම සතියෙම දුවගෙන ආපු එයා ඊලඟට එන්න ගත්තෙ සති දෙකකට සැරයක්. ඊටත් පස්සෙ මාසෙකට සැරයක්.
තාම ක්ලිනික් එකෙන් මගේ බේත් ටික ගේන්නෙ සරූ නිසා එයාට මාසෙකට සැරයක් නම් මාව බලන්න එන්නම සිද්ද වුනා.

ඉතින් මං හිටියෙ වේදනාවෙන්. සරූ එක්ක තරහින්.
එයා නපුරුයි.
එයා මාව ඈත් කරනවා.
එයා මං තරම් ආදරේ කරන්නෙ නෑ.
නැත්තම් මාව මෙහෙම තනි කරන්නෙ නෑනෙ.

"සරූ!
උඹට මොකද්ද වෙලා තියෙන්නෙ?
ඇයි උඹ දැන් මෙහේ එන්නෙ නැත්තෙ?
ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියපං.
නැත්තම් මං එනවා හැම සති අන්තෙකම වවුනියාවෙ!"

"අයියෝ තනූ....
මං ඔයාව බලන්න මේ සති දෙකකට කලිනුත් ආවෙ. එහෙම මොකුත් ප්‍රශ්නයක් නෑ. මේ දවස්වල වැඩ වැඩියි ටිකක්. අර අලුත් එක්කෙනාව වෙන යුනිට් එකකට දාලනෙ. ඉතින් නිවාඩු ගන්න අමාරුයි.
මෙහේ දුවගෙන එන්න එපා තනූ..
ඔයාගෙ වැඩ ටික පරිස්සමින් කරගන්න."

"බෑ! මට බෑ!
උඹ එන්නෙ නැත්තම් මං එනවා.
මේ සේරම දමලා ගහලම එනවා!"

මං කෑගහද්දි සරූ මාව හොයාගෙන ආවා. ඒත් එකම එක රැයක් මාත් එක්ක ගෙවලා පහුවදා පාන්දරම යන්න ගියා.

"පොඩ්ඩක් ඉවසන්න රත්තරං.
පොඩ්ඩම පොඩ්ඩක්!
මං ඔයා ලඟ නවතින්නම එන්නම්.
මේ අමාරුම කාලෙ ගෙවිලා යයි.
ඔයා දැන් වවුනියාවෙ එන්න එපා. ආවොත් හැමෝටම ඔයාගෙ විස්තර දැනගන්න ඕන කරයි. ඒක කරදරයක් වෙනවා තනූ අපිට. මිනිස්සු මොන විදියෙ ප්‍රශ්න අපේ ඔළුවලට අතාරියිද දන්නෑ.
මට පුළුවන් හැම වෙලාවකම මං ඔයාව බලන්න එන්නම්.
අපේ ආදරේ විශ්වාස කරගෙන මේ ටික කාලෙ කොහොම හරි ගෙවාගමු තනූ..."

සරූගෙ වචන වලටත් මට යකා නැග්ගා.
එයාට මාව එපා වෙලා දැන්.
මගෙන් ඈත් වෙන්න තමයි ඕනෙ කරන්නෙ.

"උඹට දැන් මාව ඇති වගේද?
සල්ලිත් නැති මොකුත් කරගන්න බැරි හිඟන්නෙක්නෙ මං. ඒ නිසා මාව මගාරිනවද?
ඔයාට මාව එපා නම් වෙන කෙනෙක් ලඟට යන්න ගගා ඉස්සර ඉඳන් කිව්වෙ මෙන්න මෙහෙම උඹට මාව එපා වුනාම යන්න පාර ලේසි කරගන්නද?
ඒකද මේ සේරම?"

"තනූ... දෙයියනේ තනූ!!!
මොනවද මිනිහො මේ කියවන්නෙ?
මට මේ ලෝකෙ ඉන්නෙ ඔයා විතරමයි නේද?
ඉතින් ඇයි ඔහොම කතා කරන්නෙ?
මහන්සියවත් බලන්නෙ නැතුව ඉඩක් ලැබුන ගමන් මං දුවගෙන එන්නෙ ඔයා ලඟට නේද?
ඉතින් ඇයි මාව තේරුම් නොගන්නෙ තනූ?"

සරූ මට තුරුල් වෙලා පිට පුරාම හාදු තියන ගමන් කතා කරද්දි මගේ කේන්තිය කොහේදෝ ඈතකට පැනලා යනවා.
ඒ ඇඟිලි, තොල් එක්ක මුළු ඇඟම එකතු වෙලා මාව ලස්සන දිව්‍ය ලෝකයක් පෙන්නලා රවට්ටනවා.

"හරි,
මං උඹ කියන දේ පිලිගන්නම්.
මොකද මං උඹව විශ්වාස කරනවා.
හැබැයි සරූ ඒ විශ්වාසෙ කඩන්න නම් එපා. මොකද විශ්වාසයක් නෑ කියන්නෙ එතන කොහොමටත් ආදරයක් නෑ කියන එක."

අන්තිමේ ඒ රෝස පාට තොල්වල එල්ලීගෙනම මං කියන්නෙ එක තප්පරේකට ඈත් වෙන්න ලෝබ හිතෙන සරූගෙ උණුහුමේම ගිලෙන ගමන්.

මගේ ලඟින්ම ඉන්න සරූ...
මට වෙන මොකුත්ම ඕනෙ නෑ....

...............................................................................................

මේ කොටියා වදයක් වේගෙන එන්නෙ දැන් නම්! 😌

මේවා මේ බාල්දි නම් නෙමේ ඔන්න....
පොඩි පොඩි ලව'ස් ෆයිට්ස් විතරයි!

බාල්දිය ඉතාමත් ලඟ! 😁

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤










Continue Reading

You'll Also Like

888K 16K 56
" ဒယ်ဒီဘာပြောပြောဖြူဖြူတို့လက်ထပ်စရာမလိုပါဘူးကိုကို.." " ဒါပေါ့.. မင်းကမိဘကိုလည်းဂရုမစိုက်၊ပတ်၀န်း ကျင်ကိုလည်းဂရုမစိုက်ပဲနေနိုင်ပေမယ့်.. ငါကတော့ဆရာသ...
5.3K 507 18
සසර පුරා නිම්හිම් සොයනා ආදරයේ කතාව
5.4M 720K 198
Main Story ( Completed ) ~~~~~~~°°°°°~~~~~~~ Title - Transmigrated into the film empreor's death-seeking finance (穿成影帝作死未婚夫) Author - Lin Ang Si (林盎...
ELORA By osi yr

Non-Fiction

15.5K 2.6K 44
මගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්‍රශ්නේ කියන්නෙ මේ පාර අපිට king ලා දෙන්නෙක්ම ඉන්න එක නේ ." "නෑ ප...