හිරිපොද (Completed)

Od NirMad238

37.7K 6.8K 4.6K

ඉහින මල් පැණි තටු අගිස්සෙන්!!! Viac

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
characters
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60

41

575 113 108
Od NirMad238

"තනූ!
මාව දාලා යන්න එපා රත්තරං.
ඔයා නැතුව ජීවත් වෙන්න මං දන්නෙ නෑනෙ.
ඔයා මගේ පණනෙ.
යන්න එපා රත්තරං.
පපුව පැලිලා මං මැරිලා යයි!"

මං තනූව බදාගෙන කෑගැහුවා.
කොහෙවත් යන මිනිස්සු කියන ඒවා ගනන් අරගෙන මෙහෙම හැසිරෙන්නෙ ඇයි එයා? ඔහොම කලබල වෙලා ජීවත් වෙන්න පුළුවන්ද?
ඕනෙම ප්‍රශ්නෙකට අපිට එකතු වෙලා උත්තර හොයන්න බැරිකමක් නෑනෙ.

ඉතින් මගේ කොල්ලා නැවතුනා. ඒත් එයා කතා කලේ නෑ. අඩුම ගානෙ මගෙ දිහා හැරිලා බැලුවෙවත් නෑ.
මං තනූගෙ ඉස්සරහට ගිහින් එයාගෙ මූණ බලාගෙන හිටගත්තා.

"තනූ!
ඇයි මෙහෙම කලබල වෙන්නෙ රත්තරං.
මාව විශ්වාස කරන්න. මං මේ හැමදෙයක්ම මෙහෙම වෙයි කියලා දැනගෙන හිටියා. ඔයාට ප්‍රශ්නයක් නොවෙන්න හැමදේම ලෑස්ති කරගන්න අපිට පුළුවන්.
ප්ලීස්, ප්ලීස්, ප්ලීස්, දැන් අපි ගෙදර යං.
අම්මව තනියෙම දාලා ලොක් කරලා ආවෙත්."

මං එයාගෙ අතින් ඇදගෙන ආපස්සට එන්න හැදුවා. ඒත් ඒකා හෙල්ලෙන්වත් නෑ.
මූට කන්න දෙන එක අඩු කරලා දාන්න ඕනෙ කුඹුරක් හාන්න හරක් පට්ටියකට බැඳලා.
නැත්තම් මූව ආම්බාන් කරන්න බෑ මේ ලෝකෙ මිනිහෙකුට!
මං ඉතින් ආපහු හැරිලා අහිංසක පූස් පැටියෙක් වගේ එයාගෙ දිහා බැලුවා.

"ඇයි උඹ මෙහෙම කරන්නෙ?"

එයා අද හරි සීරියස්.
වෙනදට විහිළුවක් කරලා හිනාවෙලා ඉන්න කොල්ලා නෙමෙයි මේ. අර කාලකණ්ණි  ටික මගේ කොල්ලව හොඳටෝම වට්ටලා. ඇත්තමයි උන්ට විරේක පෙති දෙන්න ඕනෙ පු#වල් මහලා. ඉන්නවකො මං වැඩක් කරන්න!

"ඇයි කියන්නෙ?
මෙහෙම කරන්නෙ ඉතින්, එහෙම කරන්න පුළුවන් නිසා!"

"එහෙම කරන්න පුළුවන් නිසාද, වෙන කරන්න දෙයක් නැති නිසාද?
උඹ මොකද්ද මේ සේරම කරලා බලාපොරොත්තු වෙන්නෙ? ඇයි මෙහෙම මගේ පස්සෙන් එන්නෙ?"

"ත... තනූ?
ඇයි මේ?
මං... මං මොකුත් බලාපොරොත්තු වෙන්නෙ නෑ. මං දන්නවා ඔයා ලොකු හැකියාවක් තියෙන කොල්ලෙක් කියලා. ඔයා වත්තෙ වැඩ කරනවා මං බලාගෙන හිටියා. ඔයා සුපර් මාකට් එකේ වැඩට යන්න හදපු සීවී එක මං දැක්කා.
දාහක් ප්‍රශ්න මැදත් අරටුව හයිය ගහක් වගේ කෙලින් හිටගෙන ඉන්න කොල්ලෙක්. ඉතින් මට ඕනෙ ඔයා ඔයාට අයිති තැනට යනවා බලන්න.
අද ඔයාව දෙකේ කොලේට දාලා එක එක කතා හදන එවුන්ට පේන්නම කවදාහරි ජීවිතේ ඉහලටම යනවා බලන්න."

"උඹ මට අනුකම්පා කරනවද?
කාත් කවුරුත් නැති අසරණ හිඟන්නෙක් වෙනුවෙන් පිං අතේ වැඩක් කරන්න හදනවද?"

"දෙයියනේ තනූ!!!
ඔයා කාත් කවුරුවත් නැති හිඟන්නෙක් කිව්වෙ කවුද?
ඔයා මගෙ මුළු ලෝකෙම තනූ!
ඔයා තමයි මගේ ජීවිතේම!"

"සරූ!
සරූ!!
උඹ ඔය කියන වචනවල තේරුම දන්නවද? අපි අපේ මුළු ලෝකෙම, අපේ මුළු ජීවිතේම කරගන්නෙ කාවද කියලා දන්නවද?
කටට වචන ආපු පලියට ඒවා එලියට දාන්න එපා සරූ..
අහගෙන ඉන්න මිනිස්සු ඒවයින් ජීවිතේ හොයන්න යන්න පුළුවන්. එහෙම හොයාගෙන ගිහින් කළුවරේ අතරමං වෙලා මැරිලා යන්න පුළුවන්!"

"මට තේරෙන්නෙ නෑ ඔයා කියවන දේවල්. කවුද අතරමං වුනේ?
කවුද කටට ආපු පලියට වචන කිව්වෙ?
මං කිව්වෙ මට දැනෙන හැටි.
ඔයාට නම් එහෙම දැනෙන්නෙ නෑ කියලා දන්නවා. ඒත් ඒකට කමක් නෑ.
කොහොම වුනත් මං සරූ නෙමෙයි.
ඔයාට දැන් ඇස් ඇරගෙන ඉද්දිත් මාවයි ප්‍රභූවයි පැටලෙනවා.
මං පැහැසර, සරූ නෙමෙයි!"

මං කෑගැහුවෙ යකා නැගලා. මං මෙච්චර මූ මත්තෙ පිස්සෙක් වගේ නැහෙනවා. ඒත් මූට රෑ වෙද්දිම මාව අඳුරගන්නත් බැරි වෙලා යනවා.
ප්‍රභූට ආදරේ කරන එක වෙනම දෙයක්.
මට ප්‍රභූගෙ තැන කවදාවත්ම නොලැබෙන එකත් වෙනම දෙයක්!
ඒත් ප්‍රභූට කියපු ආදර නම් වලින් මට කතා කරන තරමට පටලැවෙනවා කිව්වම. අනේ මුගේ නාස් පොල්ල කැඩිලා යන්නම ගහන්න හිත හදාගන්න බැරි හැටියක් මට!

ඒත් එකපාරටම මගේ මොලේ වයරිං කරපු හාදයා බාගෙට සෙට් කරලා තිබ්බ ටියුබ් ලයිට් එක පත්තු වුනා.
පැහැසර!
සරූ!
දෙයියනේ, ඒ දෙක ටිකක් එකවගේ වුනේ කොහොමද?

"තනූ, තනූ!
මට කියන්න, කවුද සරූ?
කාටද ඔයා සරූ කියන්නෙ?"

මේ ගොරිල්ලා මුලින්ම මගේ දිහා බැලුවෙ පුදුම වෙලා ඇස් දෙකම උඩ දාගෙන. ඊට පස්සෙ කටේ පැත්තක් පොඩ්ඩ පොඩ්ඩ ඉස්සෙන්න ගත්තෙ මට කෝචෝක් කරන්න වගේ.
ඉස්සෙල්ලා පොළවෙ පස් කන්න වගේ අඬා වැටුනු රිලා මොටා දැන් ඉන්නවා නිකං සියල්ල දත් බක පණ්ඩිතයා වගේ.
මූ වගේ අලි ඔළුවෙකුට මාත් අහුවුනානෙ ඉතින්. මේ ලෝකෙ වෙන මිනිස්සු නැතුවටද මන්දා!

"කියනවකො මිනිහෝ,
කවුද සරූ?!!!"

"සරූ...
සරූ කියන්නෙ මේ ලෝකෙ මට ඉන්න වටිනම කෙනා.
එයා ලස්සනයි.
මලක් වගේම සුවඳයි.
දවස් ගානක් වුනත් පිස්සුවෙන් වගේ එයාගෙ දිහාම බලාගෙන ඉන්න පුළුවන් මට. හුරතල් බෝලයක් වගේ!"

මට ඔය සරූව මරන්න හිතීගෙන එන්නෙ දැන් හැබැයි!

"ප්‍ර.. ප්‍රභූටද එහෙම කියන්නෙ?"

"නෑ!
ප්‍රභූ නෙමෙයි.
ප්‍රභූ දැන් මගේ හොඳම යාළුවා.
හැබැයි සරූ තමයි මගේ හීන කුමාරයා."

හීන කුමාරයා!
ඒ කියන්නෙ කොල්ලෙක්!
අනේ ඒ මම වෙන්නැතිද?

"මේ... මේ....
අර බලු පැටියෙක් වගේද පාරෙ ඉන්න?"

අනේ මේ මූසල මිනිහා!
දැන් යන්න ආපු ගමන පැත්තක.
ඌ උඩ පැන පැන හිනාවෙනවා.
යකෝ! මිනිහෙක් නොදන්නකමට ප්‍රශ්නයක් ඇහුවම ඔහොමත් ආතල් ගන්නවද?

"අම්මෝ පෑසර,
උඹ නම් අපරාදෙ බං ඔය ඉස්පිරිතාලයක් අස්සෙ ඉඳන් ලෙඩ්ඩු බල බල ඉන්නෙ.
කොමඩි ශෝ එකක් වගේ දාගත්තා නම් සල්ලි හොයන්න තිබ්බා ඇඬෙන්නම.
නෑ එක්කො නෑ,
කොමඩි ශෝ නෙමෙයි
මැලේ මොටි, කොබ්බ ගෝලං, අඟිති සීතල් වගේ නමක් තමයි හරියන්නෙ"

කිසිම තේරුමක් නැති විකාර දොඩව දොඩව මූ පිස්සෙක් වගේ හිනාවෙනවා. මට අහස් කූරක් පස්ස පැත්තට ගහලා පත්තු කරන්න හිතිලා තියෙන්නෙ දැන් නම්!

"මට දැන් යකා නැගගෙන එන්නෙ තනූ හැබැයි!
මනුස්සකමට දෙයක් දැනගන්න ඇහුවම කරේ නගින්න ලෑස්ති වෙන්න එපා. හැමදාම ඉවසුවා කියලා අපිත් මේ ඇල් වතුරත් නිවලා බොන්නෑ. පිපුරුවොත් කෙලිම්ම ගිනි කඳු තමයි!
ඒ නිසා තමුසෙ පරිස්සම් වෙලා ඉන්නවා හරිද?"

මං ඇඟිල්ලත් දික් කරලා කියද්දි නම් මිනිහා පොඩ්ඩක් ගැස්සුනා. අනේ ඉතින් මගේ කෝලම!
පොර ටෝක් නම් විමානයයි. පොඩ්ඩක් සද්දෙ වැඩි කරලා කෑගහපු ගමන් නැට්ට කකුල් දෙක අස්සෙ.
ඒක කොහොමත් කකුල් දෙක අස්සෙ තමයි. ඒක වෙනම කතාවක්.

"මේ දැන් තමුසෙගෙ ගොන් ජෝක් ඉවර නම් එනවා යන්න ගෙදර යන්න.
උයපු කෑම ටිකත් නිවෙනවා එහෙන්.
දැන් ගිහින් කෑවෙ නැත්තම් එහෙම මං හැලි වලං ඔක්කොම ටික හලනවා ඔළුවෙ!"

මං කොටි හපුවගෙ අතිනුත් ඇදගෙන යන්න හැදුවෙ.
ඒත්,

"සරූ....!"

මට ඇවිදගන්න බැරි වුනා.
කකුල් දෙක පණ නැති වෙලා වෙව්ලන්න ගත්තා.
ඉතින් මං එහෙම්මම නැවතුනා.
පපුව පිස්සුවෙන් වගේ ගිඩි ගිඩි ගගා ගැහෙන්න ගනිද්දි තනූගෙ අත අල්ලගෙනම එයාට පිටුපාලා බලාගෙන හිටියා.

"සරූ..
මගේ සරූ..."

තනූ කියන්නෙ තාලෙකට.
ඒ සද්දෙට මගේ ඇඟ පුරාම හිරිගඩු පිපෙනව. කරන්ට් වැදිලා වගේ මුළු ඇඟම හිරි වැටෙනවා.
තනූගෙ ඇඟිලි මගෙ අත උඩ එහා මෙහා යන්නෙ හරිම සියුම්ව.
මං හුලඟට අහුවෙච්ච පහන් දැල්ලක් වගේ වෙව්ලලා ගියා.

"ත.. තනූ..
ඔ... ඔයාගෙ සරූ...
ඒ බැරිවෙලාවත් මමද?"

මං ඇහුවෙ පපුව ගැලවිලා වැටෙන තරමට ගැහෙන්න ගනිද්දි. මගේ කන් දෙක පෝරණුවක් ඇතුලට දාලා වගේ. පිච්චෙනවා එකසිය ගානට!
ඒකටත් එක්ක ඇඟිලි තුඩු සීතලට ගල් වෙලා ගිහින්.

"ඔයාම කියන්න බලන්න පෑසර,
සුදු, ලස්සන, සුවඳ මලක්ද ඔයා?"

එයා රහසින් වගේ මගේ කනට කොඳුරන්නෙ. ඒ හුස්ම කන් පෙති කිති කවනවා.
මගේ ඔළුවෙ දැන් වැඩ කරන්නෙ එකම දෙයයි. ඒ තනූගෙ ලඟට යන්න. ඒ අත්වලට තුරුල් වෙලා මුළු ඇඟ පුරාම වෙලෙන්න.
මට දැන් හිටගෙන ඉන්න තරම්වත් ශක්තියක් නෑ. මාව වෙව්ලනවා හෝ ගාලා. කකුල්වල ආයුශ නම් අකාලෙම ගෙවිලා ඉවරයි වගේ.

ඒත් එයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා.
ඒකට මං උත්තර දෙන්න ඕනෙ.
ඉතින් විනාඩියකටත් වඩා මං ඒ වචනවල තේරුම මොකද්ද කියලා හිතුවා. මොකද ලස්සන කියන්නෙ සද්දයක් විතරයි මට මෙවෙලෙ. ඒ සද්දෙට තේරුමක් තියෙනවද කියලා හොයන්න සෑහෙන්න මොලේ වෙහෙසන්න ඕනෙ.
මේ වෙලාවෙ ලේ ගමනා ගමනය වැඩි පුරම ඕනෙ කරන්නෙ මොලේට නෙමෙයි කියලා මගේ ඇඟ දැනටම තීරණය කරලා ඉවරයි.
ඉතින් අසරණ මාව මේ වගේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් වලට යොමු කරගන්න එක හරිම වැරදියි.

අමාරුවෙන් වචනවල තේරුම තෝරගත්ත විනාඩි ගානකට පස්සෙ මං තනූට කතා කලේ බිම බලාගෙන.

"නෑ තනූ!
මට සමාවෙන්න.
මං... මං....
මට වැරදුනා!"

මට දුකයි.
ඇයි මං සුවඳ මලක් වෙලා ඉපදුනේ නැත්තෙ? ප්‍රභූගෙ මතකෙන් තනූට කවදම හරි ඈත් වෙන්න පුළුවන් වුනොත් මට එයාගෙ ජීවිතේ පොඩිම හරි ඉඩක් ලබාගන්න පුළුවන් වෙයි කියලා මං හිතුවා.
ඒත් නෑ.
කවුදෝ කෙනෙක් මට වඩා ඉස්සර වෙලා. සුපර් මාකට් එකේ හිටපු එකෙක්ද? නැත්තම් මං ගෙදර නැති ටිකේ මූ ගම වටේ රවුම් ගහලා කොල්ලෙක් අල්ලගෙනද?

ඇස්වල කඳුළුත් පිරීගෙන එන්න ගනිද්දි මං ලොකුම ලොකු හුස්මක් ගත්තා. සරූ මොකා වුනත් කමක් නෑ.
තනූගෙ ජීවිතේ ඉස්සරහට යන්න ඕනෙ එයා. ඒකට කරන්න තියෙන වැඩ ටික කරන්න එපැයි.
පස්සෙ සරූ එක්ක ඕන මගුලක් කරගන්න කියනවා.

හැබැයි එකපාරටම මං ගැස්සුනා. මොකද තනූ පිස්සෙක් වගේ හක හක ගගා හිනා වෙනවා. මේ මිනිහා ගුලි කාලද මන්දා.
අද දවසම මහ විකාරයක් වෙලා ඉන්නෙ.
වෙලාවකට ලෝකෙ කඩාගෙන ඔළුව උඩට වැටිලා වගේ අඬනවා. දැන් ගංජා ගහලා වගේ හිනා වෙනවා.

"උඹ වගේ කොල්ලෙක් නම් මං දැකලම නෑ සරූ.
අයියෝ, අයියෝ!
ආ නෑ නෑ වැරදුනා,
උඹ පෑසරනෙ.
සොරි කොල්ලො දැන් මුළු ඔළුවෙම වැඩ කරන්නෙ සරූ විතරයි. ඒකමයි කියවෙන්නෙ ඒ නිසා."

ඒ මෝඩයා හිනා වෙවී කියනවා. මගේ පපුව කියත් තලේකින් හීනියට හීරෙනවා.
කමක් නෑ. ඔයා සතුටින් නම් ඒ මදෑ තනූ.

"ඔතන ගල් ගිල්ලා වගේ ඉන්නෙ නැතුව වරෙන් බං ගෙදර යන්න. උඹත් අනේ මන්දා රෑ ජාමෙ පිස්සෙක් වගේ එලියට බහින්නෙ.
අර අසරණ අම්මා පව් තනියම ගෙදර!"

දැන් මෙච්චර වෙලා සේරම යකා නැටුවෙ මං වගේ පටි කොකා කියවනවා. මට ඌව පුම්බලා උඩ යවන්න හිතිලා තියෙන්නෙ නම්. නපුරා!
හැබැයි ඒ මූණෙ නම් හිනාව පිරිලා. සරූ මැජික්කාරයෙක්ද කොහෙදෝ. මගේ ලඟදි අඬා වැලපුන හාදයා සරූව මතක් වෙච්ච ගමන් ඔටෝ චූන් වෙලා.

එකපාරට හිනා වෙවීම මාව ඇදලා ගත්ත මේ වඳුරු මොටා, එහෙම්මම මාව උස්සලා දාගත්තා කරට. දැන් මං මාලු කදක් වගේ.
කකුල් දෙක පටි කොකාගෙ එක උරහිසකින් ඉස්සරහට වැටිලා. ඉනෙන් උඩ ටික අනිකෙන් ඉස්සරහට වැටිලා. අසරණ ඉණ විතරක් උගෙ බෙල්ල පිටිපස්සෙ තනි වෙලා.
මේවා මේ ශාරීරික වදහිංසා.

"පිස්සුද කොටියෝ තමුසෙට,
මාව බිමින් තියපිය!
මොන මගුලක්ද මේ?
තමුසෙ ගස් ගල් ගිලලා ගෝරිල්ලෙක් වගේ ඇඟ හදාගත්තා කියලා අපි පලි නෑනෙ. අනික දැන් ඔහෙගෙ අර සරූ සමයම මේවා දැනගත්තොත් යන්න යයි දාලම!"

මං කෑගහනවා.
ඒ මෝඩයා තව තව හිනාවෙනවා.
ඔව් ඔව් හිනාවෙන්න ඕනෙ තමයි මං වගේ මොලේ කලඳක් නැතුව පටි කොක්කු පස්සෙ යන මෝඩයින්ට.

කොහොම හරි මේ ගෝතයා මාව බිමින් තිබ්බෙම නෑ. ගම ඇතුලෙදි මං කෑගැහුවෙත් නෑ. ආයි මොකෙක් හරි ඕක දැක්කොත් ඊලඟට තවත් කතා හදලා තියෙයි තනූට.
වෙලාවට රෑ වෙලා නිසා කාවවත් අපිට මූණට මුණගැහුනෙත් නෑ. ඒක ලොකු දෙයක්.
නැත්තම් අනිවාර්යයෙන් පොලීසියට කුදලගෙන යනවා මේ ගොබ්බයා උණ විකාරෙන් වගේ හැච හැච ගගා හිනාවෙන හැටියට.

.....................................................................................................

අයියෝ දෙවියනේ මට හිනාව නවත්තගන්න බෑ. මගෙ මැටි අලේ අහනවා සරූ කියන්නෙ කවුද කියන්නෙ කවුද කියලා.
මං හිතුව මූට ඒක තේරුම් ගන්න මොලේ කලඳක් හරි ඇති කියලා.
ඒත් කොහෙද?
ඒ ටිකට දැන් හිතින් දාහක් කතන්දර මවාගෙන, මූණත් ඇඹුල් කරගෙන තරහා වෙලත් ඉවරයි මා එක්ක.

අනේ මුරුගා,
මං කොහොමද ඇත්තටම හිතුවෙවත් මේ කෝලම් මඩුව දාලා යන්න.
මට කොහොමද අමතක වුනේ මේ ලෝකෙ ඉන්න මෝඩම කොල්ලා ඉන්නෙ මට කියලා.
මූව මෙහෙම අවුස්සන එකත් ශෝයි අප්පා! මූණත් පුම්බගෙන ඉන්නවා දකිද්දි මට චප්ප කරලා දාන්නමයි හිතෙන්නම මේකව.

ඉතින් පිස්සු කෝච්චියවත් කරේ තියාගෙනම මං ආයෙම ගෙදර ආවා.
ඔව් ගෙදර,
දැන් මට ආයෙත් ගෙදරක් තියෙනවා.
එකම පරහකට තියෙන්නෙ ඒ ගෙදර අයිති එකා ගොන් නාම්බෙක්!
අනේ ඉතින් මොනා කරන්නද, මගේනෙ ඒත්. ඔන්නොහේ කරත්තෙ දක්කගන්නවත් පාවිච්චි කරන්න බැරියැ. මොකද කරත්තෙත් දැන් මලකඩ කාගෙන එන්නෙ. මකුළු දැල් කඩලා, තෙල් ටිකක් දාලා ගන්න ඕනෙ පාවිච්චියට!

"මේ රෑ එකොලහයි දැන්!
හෙට උදේ වැඩ නෑනේ?"

මං ඇහුවෙ වෙලාව දැක්කම මටත් ඇස් අදහගන්න බැරි වෙච්ච නිසා. පව් අප්පා මේ කොල්ලට හෙට උදේම නැගිටින්නත් වුනොත්!

"නෑ නෑ.
හෙට දවල්.
ඔයත් මාත් එක්ක යමු ඔන්න හරිද.
පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා."

"ඈ..? ඒ පාර මොකද්ද?
තමුසෙට කෙල්ලෙක්වත් සෙට් වුනාද?"

මං ඉතින් ඇහුවෙ අවුස්සන්න. ඇහුවට මොකද උත්තරේ කරුමෙටවත් ඔව් වුනොත් කියලා දහ අතේ වැලපි වැලපි හිටියෙ හිත ඇතුලෙන්.
හැබැයි ඒ මූණ ඇඹුල් වුනා.

"අනේ අපිට ඔය මගුල් විසේ ගහලා නෑනෙ.  සරූයි බරූයි කබරුයි සේරම ඉන්නෙ තමුසෙටනෙ!
සර්ප්‍රයිස් එක හෙට ගිහින් බලාගන්නවා. මට මේ වෙන වැඩ නැතුව නෙමේනෙ එක එකාට තෝල්කකම් කරන්න"

මේකගෙ සැර තමයි ඉතින් සැර!

"අපෝ වැඩේමයි එක එකාගෙ සර්ප්‍රයිසුත් අපිට!
මේ මැටි අලයො, කෑම කමු ඉක්මනට. අම්මා නිදි කිරා වැටෙනවා අර."
.
.
.
.
"පෑසර අම්මට කවන්න. මං පෑසරටයි මටයි එක පිඟානෙ බෙදාගන්නම්. ඒක ලේසියි අස් කරන්නත්"

කාලෙකට පස්සෙ සැනසිල්ලෙ හුස්මක් ගන්න ලැබුන මොහොත සරූ එක්ක ගත කරන්න මට ඕනෙ නිසා එහෙම කිව්වෙ.

"එපා එපා,
මං අම්මට කවන ගමන් කන්නම්.
ඔයා කන්න."

මේ නපුරු කොල්ලා ඒ වුනත් මා දිහා බලන්නෙවත් නෑ.

"බෑ.
මං ආසයි සරූට කවන්න.
ආ....
සොරි වැරදුනා.
මේ සරූ නෙමෙයිනෙ.
ඒත් හැබැයි සරූට කවන්න නම් ජීවිත කාලෙම තියෙනවා.
පෑසරට එහෙම කවන්න වෙන්නෙ නෑනෙ.
ඒ නිසා අද පෑසරට කවන්න දෙනවද මට?"

අවුස්සන්න හිතාගෙන කිව්වට වැඩේ වැරදුනා කියලා මට හිතුනෙ සරූ එකපාරටම මගේ දිහා බලද්දි.
ඒ ඇස්වල කඳුළු පිරිලා. මූණ රතුම රතු වෙලා.

"මං....මං.....
තනූ ඔයා කාලා නිදාගන්න.
මං... මං එන්නම්"

එහෙම කියාගෙන මේ කොල්ලා කුස්සියෙ දොරත් ඇරගෙන එලියට දිව්වා. මගේ ඔළුවෙ ගිනි පත්තු වුනා.
දැන් මොකද කරන්නෙ?
එහෙන් අම්මා!
එයා කාලත් නෑ.
මෙහෙන් කොල්ලා!
ඌ මොන ලෝකෙ ගියාද දන්නෑ.
සිංහල එවුන් මෙච්චර මෝඩ කරලා මැව්වෙ මොකටද දෙයියනේ?!!!

අම්මට රෑ මැද්දෙ ඇහැරවලා හරි කෑම කවාගන්න බැරියැ. හැබැයි මේ අස්සෙ මගෙ මෝඩ කොල්ලා මොකක් කරගනීද කවුද දන්නෙ?
ඉතින් මං දොරත් ලොක් කරගෙන එලියට බැස්සා.

"පෑසර! පෑසර!!
අම්මා කන්නෙ නෑනෙ.
එයාට නින්ද යනවා. මොකද කරන්නෙ?"

කොල්ලව ගෙන්න ගන්න තිබ්බ හොඳම තුරුම්පුව මං ඉස්සරහට දැම්මා.
ඉතින් දෙයියො මට විතරක් හරි මොළයක් දීලා තියෙන එක ගැන මං සතුටු වුනා. මොකද මෙන්න මේකා කොහෙදෝ අස්සක ඉඳන් මූණත් පිහ පිහ එනවා.
ඇවිත් මගේ දිහා බැලුවෙවත් නෑ හැබැයි.
මං දොර අරිනකල් ඔහේ හිටියා. ඊටපස්සෙ කෙලින්ම ඇතුලට ගිහින් අම්මගෙ කෑම එක අරන් කවන්න පටන් ගත්තා.

ඒ මූණ දකිද්දි මගේ පපුව පත්තු වෙලා ගියා. ඌව එච්චරම විහිළුවට නොගෙන ඉන්නයි තිබුනෙ මට.
මොකද කිසිම හැඟීමක් නැතුව පිලිමයක් වගේ ඒකා බලාගෙන ඉන්නවා. ඒ වුනාට ඒ ඇස් දිගේ කඳුළු පෝලිම් බහිනවා. මිනිස්සු කෑගහ ගහා විලාප තිය තියා අඬනවා මං ඕන තරම් දැකලා තියෙනවා.
හැබැයි ඒ සේරටම වඩා මට රිද්දුවෙ සරූගෙ ඇඬිල්ල. එක ඇහිපිල්ලමක් නොහොල්ලා, එක ඉකියක් නැතුව අඬන ඒ නිශ්ශබ්ද අඳෝනාව පපුව ඉරාගෙන ඇතුලටම බහිනවා.

අම්මට කැව්වා මිසක් සරූ කෑවෙ නෑ. ඒකා අම්මව කාමරේට දාලා නිදාගන්න ගියා. ඉතින් මං කොහොමද කන්නෙ.
දොරවල් ලොක් කරගෙන මාත් ගියේ කාමරේටමයි.

මොනවා හිතාගෙනද මන්දා මංම දවසක් අරන් දුන්න අර කාලකණ්ණි කෑම්පිං මෙට්‍රස් එකේ ඌ අදත් නිදි. මෙච්චර දවස් මෙහේ ඉඳලත් තාම බැරිවුනානෙ මට ඕක ගිනි තියන්න!

ඒත් අද නම් මම පරාද වෙන්නෙ නෑ. දෙන්නම ලෝකෙ නැති මගුල් හිතාගෙන අඬා වැලපි වැලපි හිටපු කාලෙ දැන් හොඳටෝම ඇති.
වෙන කෙනෙකුගෙ නමක් කියද්දිත් දරාගන්න බැරි වෙන තරම්, ආදරේ ඇරෙන්න වෙන මොකද්ද අපි අතරෙ තියෙන්නෙ සරූ?

මාත් කෑම්පින් මෙට්‍රස් එකෙන්ම ඇල්වුනේ සරූව අත් දෙකෙන්ම බදාගෙන. ඒක ගොඩක් පොඩියි. එක්කෙනෙකුට විතරයි ඇති.
ඉතින් ඒ නිසාම දැන් සරූ ඉන්නෙ මගේ ඇඟ උඩ.

ඒත් ඉතින් මේ කොල්ලා යක් පැටියා.
මං ලඟට ආපු ගමන් නැගිටලා ගිහින් බිත්තියෙ මුල්ලකට ගුලි වුනා. කකුල් දෙක නවාගෙන දණිස් දෙක අස්සෙ ඔළුව ගහගත්තා.

අද නම් ඔය මොනවා කලත් උඹ මාව එලවගන්නවා බොරු කොල්ලො!

මාත් එතෙන්ටම ගිහින් සරූව තුරුල් කරගත්තා. ඒකා ආයෙම නැගිටින්න හැදුවත් මං තද කරලා අල්ලගත්තෙ ඌට හෙල්ලෙන්නවත් බැරි වෙන්න.

"සරූ!"

බුදු අම්මෝ මේ කොල්ලා මගේ දිහා බලපු විදියට මට චූ යන්න වගෙත් ආවා.
මලක් කිව්වට මූ මලක් නෙමෙයි යකෙක්ද කොහෙදෝ!

"මේ තනූ,
මට තමුසෙයි, තමුසෙගෙ සරූගෙනුයි වැඩක් නෑ. ඒත් මේ ගේ ඇතුලෙ මින් පස්සෙ ඔය නම කියවෙන්න බෑ.
කියලා තිබුනොත් අන්තිමේ මං නරක මිනිහා කියන්න නම් එපා.
අනික මට මගේ පාඩුවෙ ඉන්න දීලා තමුසෙ අර ඇඳට නැගලා නිදාගන්නවා. කරුමයක් නොවී මට නිදහසේ ඉන්න දෙනවා!"

ගිනි කන්දක් පිපුරුවා වගේ මට දැනුනෙ.
මදෑ මේකට විහිළුවක් කරන්න ගියා.
මං ඉතින් සද්ද නැතුව ඇඳට නැගලා බලාගෙන හිටියා. සරූ ඇත්තටම තරහා වෙලා. එක පාරක් වැරදිලා බලන්නෙ නෑ.

"පෑසර, රත්තරං,
මට කතා කරන්න දෙනවද?"

මං ඇහුවෙ ඉවසලා ඉවසලා බැරිම තැන.

"තමුසෙට කන් ඇහෙනවා අඩුකමක් තියෙනවද? නෑනෙ?
එහෙනම් පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නවා.!!"

"එක විනාඩියයි ඕනෙ.
එකම එකයි!"

මං දිගින් දිගටම බැගෑපත් වෙද්දි ඒ කටේ සද්දෙ ටිකෙක්  ටික අඩු වුනා.  අම්මෝ, මේකව නම් ආයෙ අවුස්සගන්න හොඳ නෑ මොක වුනත්. කවුද හිතුවෙ මෙච්චර දෙයක්!
අර මහ කැලේ බෝම්බ පුපුරව ගනිද්දිවත් බය හිතිලා නෑ මේ තරම්!

"පෑසර,
මං ඒක කියන්නෙ වැරදියට නේද?
පැ ඇ ස ර!
බලන්න මට ඒක ලස්සනට කියන්න බෑනෙ. ඉතින් මට දුකයි.
ලස්සන සුවඳ මලක නම ඒ මලේ අයිතිකාරයට කියවගන්න බැරි වෙන එක මොන ලැජ්ජාවක්ද?"

ඔන්න ඒ පාර නම් කොල්ලා ඇස් දෙක උස්සලා මගේ දිහා බැලුවා.

"ඉතින්, ඒක නිසා මට හිතුනා මං විතරක්ම ආදරේට කියන නමක් හදාගන්න. වෙන කවුරුත්ම නොකියන මං විතරක්ම කියන එකක්.
පෑසරගෙ පැ ඇ දෙකම අයින් කලාම එන්නෙ ස ර
ඉතින් සර කියනවට වඩා සරූ ලස්සනයි හිතුනා"

මං බයෙන් බයෙන් කියලා දැම්මෙ පොඩි කාලෙ හොරාට සීනි කාලා අහු වුනාම අම්මට නිදහසට කාරණා කියනවා වගේ.
ඒ බෝල ඇස් මගේ දිහාම බලාගෙන ඉන්නවා. හරියට මං කියන දේවල් විශ්වාස නෑ වගේ.

"ඇත්තමයි රත්තරං,
බොරු නෙමෙයි.
කලින් විහිළුවක් කරන්න විතරයි හැදුවෙ. හිත රිදෙයි කියලා හිතුවෙ නෑ."

මං කියද්දි ඒ ඇස් දිගේ ආයෙම කඳුළු කඩා වැටෙන්න ගත්තා. අනේ මුරුගා, මට පිහිට වෙන්න.
මං මොකද කරන්න ඕනෙ දැන්?
ඒ ඇස්වල කඳුළු දකිනවට වඩා සැපයි බිම් බෝම්බෙකට අඩිය තියනවා.

මං ඇඳෙන් බැහැලා සරූ ලඟට ඇවිදගෙන ගියේ හරිම පරිස්සමෙන්. එක චූටි වරදක් ඇති සරූ බෝම්බෙ සක්‍රීය වෙන්න.

"ඔයා අකමැතියි නම් මං ඒ නම නොකියා ඉන්නම්. ඒත් අඬන්න එපා ප්ලීස්!
එතකොට මටත් දුකයිනෙ."

මං කොල්ලව බදාගනිද්දි මේ පාර නම් ඌ ඈත් වෙලා යන්න දැඟලුවෙ නෑ.

"පෑසර!"

"එ.. එපා!
අ.. අනිත් එක කියන්න!"

ඇඬිලි මැද්දෙත් හිනා යනවා ඉතින් මේ හුරතල් වලට.

"සරූ!
මගේම මගේම සරූ!"

මං ඒ මූණ පුරාම හාදු තිබ්බෙ ජීවිත කාලෙටම ඇතිවෙන්න ලුණු සංචිතයක් සරූ කොල්ලා මට පරිත්‍යාග කරද්දි.
කමක් නෑ කොල්ලො!
හොටු මොකද, කඳුළු මොකද, අනිත් ජාති මොකදනේ?
මොක වුනත් උඹ හදාගත්‍ත එව්වනෙ ඕවා. ඉතින් අවුලක් නෑ.
රහයි! නියමයි!

"ත.. තනූ,
බොරු නෙමේ නේද?
ආයෙම මාව විහිළුවට අරන් නෙමේ නේද?
එහෙම කරන්න එපා.
කෙලින්ම ඇත්ත කියන්න. මට පුළුවන් හිත හදාගන්න."

"ඇයි දැන් මොකද හිතට වෙලා තියෙන්නෙ?"

මටත් ඉතින් ඇත්තටම නිකං ඉන්න බෑ. පාඩමක් ඉගෙන ගන්නෙත් නෑ.
අර කොල්ලා ආයෙම එහාට වුනා කියහංකො!

"සරූ!
මං ආදරෙයි.
මගේ සුවඳ මලට පණටත් වඩා ආදරෙයි.
හැම ආත්මෙකම හොයාගෙන හොයාගෙන එන්න තරමට ආදරෙයි."

කඳුළු බින්දු දිලිසෙන සරූගෙ බෝල ඇස් තරු කැට වගේ. මං ඔළුව යාන්තම් පාත් කලේ ඒ කඳුළු බින්දු සේරම මගේ තොල් වලින් අල්ලගන්න.
ඒත් සරූ මාව නැවැත්තුවා.

"තනූ,
ඒත් මට පොරොන්දු වෙන්න.
කවමදාක හරි ඔයා මට තවත් ආදරේ නෑ කියලා හිතුනොත්, ඔයාගෙ හිත නවතින තැනකට යන්න මාව බාධාවක් කරගන්නෙ නෑ කියලා.
ප්ලීස් මට පොරොන්දු වෙන්න.
අපි දෙන්නා ආදරෙන් බැඳෙනවා නම් මට ඔයාගෙන් ඕනෙ එච්චරමයි."

මං පුදුම වුනා.
මගෙ ජීවිතේටවත් කවමදාකවත් ආදරේ කරන කෙනෙක් අනික් කෙනාගෙන් ඉල්ලනවා කියලා දැනගෙන හිටපු ජාතියෙ පොරොන්දුවක් නෙමෙයි ඒක.
ආදරෙයි නම් කියන්න ඕනෙ
අනේ මාව දාලා යන්න එපා!
ඔයා නැතුව  මං මැරෙයි!
සංසාරෙ පුරාවටම මට ඕනෙ ඔයාවමයි!
ඔය වගේ දේවල් නෙමෙයිද?

ඉතින් මේ කොහොම පොරොන්දුවක්ද?
සරූ මට ඇත්තටම ආදරේ කරන්නෙ නැද්ද?
මං පව් කියලා හිතලා බොරුවට රඟපෑමක් කරන්නද යන්නෙ?

මොකුත්ම හිතාගන්න බැරුව මං බලාගෙන ඉද්දි, සරූ මගේ මූණ දෝතින්ම අල්ලගත්තා.
ඒ තොල් මගේ තොල් වලට පිස්සුවෙන් වගේ තද කලා. යාන්තමට බෙල්ල ඇල කරලා ඒ රෝස පාට දිව මගේ මුළු කට පුරා අස්සක් මුල්ලක් නෑරම නැලවෙන්න පටන් ගත්‍තා.
ඒ හාදුව රසයි.
අමෘතයටත් බැරුව ඇති ඒ තරම් රස වෙන්න.

ඒත් ඒක මොහොතකින් ඒක පුදුම විදියට ආවේගශීලී වුනා. ඒ තොල් ඒ දිව මගේ ආත්මෙටම කා වැද්දෙන තරම් වේග රිද්මෙකින් මගේ කට පුරාම නැටුමක් නැටුවා.
අන්තිමේ හුස්මගන්න විතරක්ම එක තප්පරේකට මගෙන් ඈත් වුන සරූ,
ජීවිතේ මට ලැබුන වටිනම තෑග්ග දුන්නා.

"මාත් ආදරෙයි තනූ,
පණටත් වඩා ආදරෙයි!"

...................................................................................................

ඔන්න ළමයිනේ අද එක තමයි දැන් දිගම! 😁

බෝනස් බැරි වුනාට සමාවෙන්න හොඳේ!

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤





Pokračovať v čítaní

You'll Also Like

5.1K 541 15
දෙනෙත් පුරා බලා හිදි ආදරයේ කතාව
19.1K 3.4K 22
අප්පච්චි.......... එන්නකෝ........... මෙයා අඩනවනේ.........අයියෝ එන්නකෝ.............. මාත් අඩනවා ඔන්න හාද😖 ................. අනේ අනේ .......... දැන් ඉ...
128K 28.7K 76
හීන ........ හැමෝගෙම හිත්වල හීන තියෙනවා .... ඒත් විවිධාකාරයි.... සමහර හීන අහසට පොළොව වගේ...... ඒත් කොතනකදි හරි මේ හීන එකට මුණගැහුනොත්...... එහෙම වෙ...
686K 18.1K 78
ညဘက်မှာပဲ ထွက်တဲ့ကြယ်လေးတွေက နေ့ခင်းဘက်မှာထွန်းလင်းတဲ့နေမင်းကြီးကို သတိရနေတတ်သလိုမျိုး ဘယ်သောအခါမှမဆုံနိုင်ပေမယ့် ကျမရှင့်ကို လွမ်းနေဦးမယ်ထင်ပါရဲ့...