Obsession (Taekook)

By sindabell

4.3K 701 552

උමතුවක්.... ඒක තනිකරම ඇබ්බැහිවීමක්.... පලමු හමුවෙන්ම ඒ හිතේ ඇතිවුන උමතුවක් සමග පැටලුන අසීමිත ආදරයක්... ඒත් ඒ... More

Intro
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4

Chapter 5

818 126 73
By sindabell

Comment goal 50

After few days

📞📞📞📞

"හෙලෝ හියුන්"

"හෙලෝ කුක් ඔයාගෙන් උදව්වක් ඉල්ලන්න කතා කරේ emergency patient කෙනෙක් ගෙනාවා මට එයාව පොඩ්ඩක් බලන්න වෙනවා නම්ජූනටත් බිස්නස් මීටින් එකක්... ඔයාට ලොකු වැඩක් නැත්තම් පුලුවන්ද අමීරව ස්කූල් එකෙන් ගන්න

"මට එයාව ගන්න නම් පුලුවන් හියුන් හැබැයි මට අමීරව පොලිස් ස්ටේශන් එකේ තියාගෙන හවසට තමා එක්කන් එන්න වෙන්නෙ. මේ වෙලාවෙ මට එයාව ගෙදර ගිහින් දාන්න තරම්නම් වෙලාවක් නෑ"

"ඒකට කමක් නෑ කුක් කොහොමත් ඔය කෙල්ල කැමති ඔයත් එක්ක ඉන්න තමා"

"ඕකේ හියුන් මම එයාව ගන්නම්"

📞📞end...

කෝල් එක කට් කරලා ජන්කුක් එයාගෙ මේසෙ උඩ තිබුන sunglass එකයි පිස්ටල් එකයි අරන් පොලිසියෙන් එලියට ආවේ අමීරව ගන්න ස්කූල් එකට යන්න.

ස්කූල් එකට යද්දි ජන්කුක්ට ටිකක් පරක්කු වුනේ පාරෙ තිබුන ට්‍රැෆික් එක නිසා තමන්ට පුලුවන් ඉක්මන්ට ස්කූල් එකට ගියපු ජන්කුක් අමීරා එනකල් ගේට්ටුව ගාව පැය කාලක් විතර බලාගෙන හිටියත් අමීරා ආවෙ නැති නිසා එයා බැරිම තැන  සෙකියුරිටිට කතා කරේ ස්කූල් එක ඇතුලට ගිහින් හරි අමීරා ඉන්නවද කියලා බලන්න

"Excuse me mister  මගේ දරුවා තාම ස්කූල් එකෙන් එලියට ආවෙ නෑ මම ස්කූල් එක ඇතුලට හිහින් බැලුවට කමක් නැද්ද"

"ඔහ්... සර් අමීරවද හොයන්නෙ"

ජන්කුක් අමීරව ගන්න ස්කූල් එකට ආව පලවෙනි දවස අද නෙවෙයි ඒක නිසා සෙකියුරිටිට ජන්කුක්ව හොදට මතකයි

"අහ්.. ඔව් එයා තාම එලියට ආවෙ නෑ මම ඇතුලට ගිහින් බලන්නද?"

"සර් අමීරා දැන් ටිකකට කලින් කෙනෙක් එක්ක ගියානෙ"

"මො- මොකද්ද"

සෙකියුරිටි කියපු දේ ඇහෙනවත් එක්කම ජන්කුක්ට දැනුනේ එයාගෙ හදවත නතර වෙනවා වගේ හැගීමක් අමීරව එක්කන් යන්න ජින් එන්නෙත් නෑ නම්ජූන් එන්නෙත් නෑ එයාලා දෙන්නටම බැරි නිසා තමා ජින් ජන්කුක්ට කිව්වෙ අමීරව ගන්න කියලා... ආපු ක්ශනික කෝපයට ජන්කුක් සෙකියුරිගෙ කොලර් එකෙන්ම අල්ලගත්තා

"උබ මෙහෙමද යකෝ පොඩි උන්ව බලාගන්නෙ ආආ... උබව ස්කූල් එක ඉස්සරහා තියලා තියෙන්නෙ ලස්සනට නෙමෙයි මේක ඇතුලෙ ඉන්න පොඩි උන් ටිකව බලාගන්න. මොකෙක් හරි ආව පලියට දරුවව එක්කන් යන්න දුන්නෙ උබට වගකීමක් නැද්ද? "

"සොරි සර් අමීරා ඒ ආව කෙනාව දන්නවා. එයාව බලෙන් අරන් ගියෙ නෑ දරුවා කැමැත්තෙන්මයි ගියෙ"

ජන්කුක් සෙකියුරිටිගෙ කොලර් එක අත ඇරලා දාලා ෆෝන් එක එලියට ගත්තේ ජින්ට කතාකරන්න

"නෑ.... නෑ... ජින් හියුන්ට කියන්න හොද නෑ එයා surgery එකේ ඇත්තෙ. දෙයියනේ අමීරා ඔයා කොහෙද ලමයෝ..."

ජන්කුක් පිස්සෙක් වගේ ස්කූල් එක වටේ පාරෙ ටික දුරක් ඇවිදගෙන ගියා අමීරා ඉන්නවද බලන්න. ටික දුරක් යද්දි එයාට මතක් වුනේ ජිමින්ව සමහර විට ජිමින් ඇවිත් අමීරව එක්කන් යන්න බැරිකමක් නැති නිසාබ්ජන්කුක් කලබලෙන් එයාගෙ ෆෝන් එක සාක්කුවෙන් ඇදලා අරන් ජිමින්ට ඩයල් කරා

"හෙලෝ හියුන්"

"ජ් - ජිමින් ඔයා කොහෙද ඉන්නෙ"

"හියුන් මම කැම්පස් එකේ ඉන්නෙ. ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද ඔයාගෙ කටහඩත් වෙනස් වෙලා"

"නෑ නෑ ජිමින් ප්‍රශ්නයක් නෑ මම මේ නිකන් කෝල් කරේ"

ජිමින් තව මොනව හරි කියන්න කලින් ජන්කුක් ඉක්මන්ට ෆෝන් එක කට් කරලා දැම්මේ එයාට ජිමින් අහන දේවල් වලට උත්තර නැති නිසා

"මොකාද මගෙ දරුවව අරන් ගියෙ!!! මම ඕකව පන පිටින් ඉතුරු කරන් නෑ දරුවට හීරීමක් හරි සිද්ද වෙලා තිබ්බොත්!!!!"

ජන්කුක්ගෙ දැන් තත්වෙ ගැන කිව්වොත් එයා තනිකරම පිස්සෙක් වගේ වෙලා හිටියෙ ඇස් රතු වෙලා කදුලු පිරිලා තිබුනේ. එයාට හිතාගන්න බෑ එයා මේ මොහොතේ කරන්න ඕනෙ මොකද්ද කියලවත් ඒතරමටම ජන්කුක් මේ මොහොතේ කලබල වෙලයි හිටියෙ. ජන්කුක්ට ගිතාගන බෑ අමීරා ගියේ කාත් එක්කද කියලා පවුලෙ කවුරුවත්ම අමීරව ගන්න ආවෙ නෑ... පවුලෙ අය ඇරෙන්න අමීරව ගන්න ආව කෙනා කවුද කියලා ජන්කුක්ට හිතාගන්න බෑ.

"මන් මොකද කරන්නෙ...... මන් මොකද කරන්නෙ දෙයියනේ..."

ජන්කුක් කොන්ඩෙත් අතින් අවුල් කර කර කල්පනා කරනකොට එයාගෙ ඇස් ගියෙ ස්කූල් එකට ඉස්සරහ තියෙන පාර්ක් එකට. අමීරා පාර්ක් එකේවත් ඇති කියලා හිතට ආව සිතුවිල්ලත් එක්ක එයාටත් නොදැනීම එයාගෙ කකුල් පාර්ක් එක පැත්තට යන්න ගත්තා... පාර්ක් එකට ඇතුල්වෙන් තැන හිටගෙන පාර්ක් එක පුරා ඇස් ගෙනිච්චත් ජන්කුක්ට අමීරගෙ සේයාවක්වත් දැක ගන්න ලැබුනේ නෑ. ජන්කුක්ගෙ ඇස් අග පිරිලා තිබුන කදුලු කම්මුල් දිගේ පහලට කඩාගෙන වැටුනේ එයාටත් නොදැනීමයි...

"අමීරා මගෙ ලමයෝ... කොහෙද ඔයා ගියෙ ඉන්න තැනකින් එන්නකො ඔයාගෙ බනී හොදටම බය වෙලා ඉන්නෙ..."

ජන්කුක් කොච්චර දක්ශ පොලිස් නිලධාරියෙක් වුනත් එයා මේවගේ සිටුවේශන් එකකට මුන දුන්න පලවෙනි අවස්තාව මේක. එයාගෙ පවුලෙ කෙනෙක්ට මෙහෙම උන පලවෙනි අවස්තාව මේක. එයා ඇත්තටම මේ මොහොතේ හොදටම කඩාගෙන වැටිලයි තිබුනෙ. අමීරගෙ හුරතල් මූන මතක් වෙන වාරයක් ගානේ ජන්කුක්ට  දැනුනේ එයාගෙ හදවත පිච්චිලා යනවා වගේ හැගීමක්

අත් දෙකෙන්ම ඇස් වල තිබුන කදුලු පිහදාගත්ත ජන්කුක් තවත් පාර්ක් එක ඇතුලට යනකොට එයාට දකින්න ලැබුනා ස්කූල් යුනිෆෝම් එකෙන් ගොඩක් ලමයි පාර්ක් එකේ සෙල්ලම් කර කර ඉන්නවා.. තව ටික දුරක් පාර්ක් එක ඇතුලට යනකොට ජන්කුක්ගෙ තොල් වලින් අමීරගෙ නම මිමිනුනේ අමීරා පාර්ක් එකේ අයිනට වෙන්න තිබුන ඔන්චිල්ලාවක්  පැද පැද කාත් එක්ක හරි හොදට හිනා වෙවී කියව කියව ඉන්නවා දැක්ක නිසා...

ඒ හරියට දුවගෙන ගියපු ජන්කුක්ට දකින්න ලැබුනේ අමීරව ස්කූල් එකෙන් අරන් ආව ඒ නාදුනන පුද්ගලයා මේ රටේ අධිරාජයාගේ පුංචි කුමාරයා ප්‍රින්ස් ටේහියුන් කියලා..

"අමීරා!!!"

දත්මිටි කාගෙන අමීරගෙ නම කියලා කෑ ගහපු ජන්කුක්ගෙ කටේ සද්දෙට ටේහියුනුයි අමීරයි විතරක් නෙමෙයි වටේ ඉන්න අයත් ගැස්සිලා යද්දි අමීරා ඔන්චිල්ලාවෙන් ඉස්සරහට වැටෙන්න යනකොට ටේහියුන් එයාව අල්ල ගත්තා

ටේහියුන් අමීරව අල්ලගෙන ඉන්නවා දැකපු ජන්කුක් අමීරා ගාවට ගිහින් අමීරව වඩා ගත්තේ ටේහියුන්ව පැත්තකට තල්ලු කරන ගමන්.. ජන්කුක් තල්ලු කරපු පාරට ටේහියුන් බැලන්ස් නැතුව ගිහින් බිම ඇදගෙන වැටුනා

"බනී ඔයා මොකද්ද ඒ කරේ.. අර බලන්න ටේටේ වැටුනා එයාට තුවාලද දන් නෑ "

ටේහියුන් වැටුන විදිහ දැකලා අමීරා ජන්කුක්ගෙ අතින් බහින්න දගලද්දි ජන්කුක් අමීරව තද කරලා අල්ල ගත්තා

"කට වහනවා අමීරා මේවද තමුන්ට කියල දීලා තියෙන්නෙ ආආ... දන් නැති මිනිස්සුත් එක්ක කතාවටවත් යන්න එපා කියල නේද කියලා තියෙන්නෙ. "

"කව්ද දන් නැති අයත් එක්ක කතා කරේ මම ටේටේව දන්නවා අනේ... එයා හරි හොදයි"

"අමීරා වැරදි කරලා තව කට ගහගෙන එන්න ලෑස්ති වෙන්න එපා. තමුන් කොහොමද මෙයාව දන්නෙ ආආ... දන්නවද මම කොච්චර බය වුනාද කියලා තමුන් ස්කූල් එකේ නැ කියලා දැන ගත්තම"

"බනී අමීරට බනින්න එපා.. අමීරා වැරැද්දක් කරෙ නෑ.."

අමීරා ඇස්වල කදුලු පුරවගෙන එයාගෙ මේ පුපුරන්න ඔන්න මෙන්න ඉන්න බනීගෙ කම්මුල් දෙපැත්තම ඉබ ඉබ කියනකොට බිම වැටිලා මෙච්චර වෙලා මේ දිහා බාලාගෙන හිටපු ටේහියුන් නැගිටලා ජන්කුක් ලගට ආවා

"බබාට බනින්න එපා ජන්කුක් එයා මන් කියපු නිසයි ආවෙ"

"තමුන් කට වහගන්නවා..."

මේ ඉන්නෙ රටේ ප්‍රින්ස් කියලවත් බලන් නැතුව කලින් තරම් සද්දෙට කෑ ගැහුවෙ නැති වුනත් ජන්කුක්  ටිකක් සද්දෙන් කෑ ගහනකොට ටේහියුන්ව ආපහු ගැස්සිලා ගියා

"තමුන් දන්නවද තමුන් මේ කරපු දේ බරපතල කම ආආ.. තමුන්ට නිකමටවත් හිතුන් නැද්ද මේ ලමයගෙ දෙමව්පියෝ කොච්චර බය වෙයිද කියලා ලමයා ස්කූල් එකේ නැති වෙනකොට..."

"සොරි ජන්කුක් මම එච්චර දෙයක් හිතුවෙ නෑ"

"ඔව් ඉතින් ඒවා තේරුම් ගන්නෙ කොහොමද? පොඩි මිනිස්සුන්ගෙ ජීවිත සෙල්ලමක්නෙ තමුන්ලට"

අමීරව බිමින් තියපු ජන්කුක් අමීරා ලගට පාත් වෙලා එයාගෙ කම්මුල් දෙකේ ගලන් ගිහින්  තිබුන කදුලු අත් දෙකෙම්ම පිහදාලා ජන්කුක්ගෙ සාක්කුවේ තිබුන පොඩි චොක්ලට් එක අමීරගෙ අතින් තිබ්බා

"හොද ලමයා වගේ අඩන් නැතුව ඉන්න ම්ම්.. ඔයා නැතිවෙනකොට බනී ගොඩක් බය වුන නිසයි මගේ ප්‍රින්සස්ට බනී ඒ විදිහට කෑ ගැහුවෙ. දැන් හොද ප්‍රින්සස් වගේ ගිහින් අර ඔන්ච්ල්ලාව පදින්න බනීට ඔයාගෙ ටේටේ එක්ක ටිකක් කතා කරන්න ඕනෙ"

"බනී ටේටේට බනින් නෑ නේ... එයාට බනින්න එපා එයා ගොඩක් හොදයි"

"ප්‍රොමිස් බනී බනින් නෑ දැන් හොද ලමයා වගේ යන්න"

අමීරා යනවත් එක්කම ජන්කුක් හිනා වෙවී එයා දිහා බලාගෙන ඉන්න ටේහියුන් දිහා හැරුනේ එයාගෙ අවුල් වෙලා මූනට වැටිලා තියෙන කොන්ඩෙ අතින් පිටිපස්සට කරලා හදාගන්න ගමන්.

"ප්‍රින්ස්"

ජන්කුක් කතාකරද්දි ටේහියුන් ජන්කුක්ගෙ ඇස් දිහා බලාගෙන  පොඩි මිමිනීමක් විතරක් දුන්නා

"හ්ම්ම්....."

ටේහියුන් ජන්කුක්ගෙ ඇස් දිහා බලාගෙන ඉන්න විදිහ ජන්කුක්ට අපහසුවක් වුන නිසා ජන්කුක් එයාගෙ ඇස් වෙන පැත්තකට හරව ගත්තා

"ඉතින් කියන්නකො ඔයාට මට මොනවද කියන්න තියෙන්නෙ.. අමීරවත් මෙතනින් යවලා"

ටේහියුන් කටහඩ අමුතු කරලාවගේ කතා කරද්දි ජන්කුක් ටේහියුන්ගෙ මූන දිහා බැලුවේ නිකන් ජරාගොඩක් දිහා බලනවා වගේ. ඇත්තම කිව්වොත් ජන්කුක්ට ටේහියුන්ගෙ හැසිරීම එච්චර අල්ලන් නෑ. එයාගෙ හිතේ ටේහියුන් ගැන එච්චර හොද ප්‍රතිරූපයක් තිබුනෙත් නෑ ටේහියුන් ගැන පැතිරිලා තිබුන කටකතා වගේම එදා යුන්ගිත් එක්ක ටේහියුන්ව අර විදිහට දැකපු නිසා..

"මන් දන් නෑ තමුන් මොනවාගේ දෙයක් හිතේ තියාගෙන මේ විදිහට අමීරට ලන් වුනාද කියලා . ඒත් එක දෙයක් හොදට මතක තියාගන්න මගේ දරුවගෙන් ඈත් වෙලා ඉන්නවා ටේහියුන්. තමුන් නිසා මගේ දරුවට හීරීමක් හරි සිද්ද වුනොත් මට අමතක වෙලා යයි තමුන් මේ රටේ ප්‍රින්ස් කියන එකත්"

"ඇයි හීරීමක් හරි වුනොත් ජන්කුක් මට මොනවා කරන්නද?"

ටේහියුන් ජන්කුක් ලගට ටිකක් ලන් වෙලා එයාගෙ කන දෙපැත්තට වැටිලා තියෙන කෙස් කැරැල්ලක් ඇගිල්ලෙන් රෝල් කර කර අහද්දි ජන්කුක් කට කොනෙන් හිනා වෙලා ටේහියුන්ගෙ කනට නැමුනා

"මරලා දානවා"

ජන්කුක් ටේහියුන්ගෙ කනට ලන් වෙලා රලු කටහඩකින් කියද්දි ටේහියුන් හිනාවෙලා ජන්කුක්ගෙ මූන දිහා බැලුවා

"පුලුවන්ද?"

"අනිවාරෙන්"

ටේහියුන්ගෙ ඇස් දිහාම බලාගෙන තර්ජනාත්මක ස්වරූපයෙන් කියපු ජන්කුක් ඊලගට අමීරා දිහා බලලා එයාට කතා කරේ  හොදටම ලේට් වෙලා නිසා

"අමීරා එන්න ප්‍රින්සස් දැන් අපි යමු බනීට හොදටම ලේට් වෙලා තියෙන්නෙ"

ජන්කුක් කියද්දි අමීරා දුවගෙන ඇවිත් ජන්කුක්ගෙ අතේ එල්ලුනා

"බායි ටේටේ අපි යනවා...."

අමීරා ටේහියුන්ට බායි කියද්දි ටේහියුනුත් අමීරට බායි කියලා තොල් උල් කරලා ෆ්ලයින් කිස් එකක් දුන්න... හැබැයි ටේහියුන් ෆ්ලයින් කිස් එක දුන්නෙ අමීරටද නැත්තම් අමීරගෙ බාප්පටද කිනය එකනම් දන්නෙ එයාම තමයි

"බායි පැටියෝ"

ජන්කුක් ටේහියුන් දිහා ආය එකපාරක්වත් බලන්න මහන්සි වෙන් නැතුව අමීරගෙ අතිනුත් අල්ලගෙන එතනින් යද්දි ටේහියුන්  ජන්කුක් යන  දිහා බෙල්ලත් පොඩ්ඩක් ඇලකරගෙන බලාගෙන හිටියා..

"ඔයා එන්න එන්න මගේ හිතේ ඔයා ගැන තියෙන උමතුව වැඩි කරනවා මගේ ජන්කුක්. ඔයා කතා කරන විදිහ, ඔයා හැසිරෙන විදිහ, ඔයා හිනා වෙන විදිහ, ඔයා තරහ ගන්න විදිහ , ඔයා ඇවිදින විදිහ ඒ හැම දේකින්ම ඔයා මාව තවත් එන්න එන්න පිස්සු වට්ටනවා!!! "


තමුන් මගේ ජන්කුක් !!! මගේ!!! විතරමයි!!!








හායි 👁️👄👁️

කතාව කියවද්දි කාටවත් හිතුන් නැද්ද ටේහියුන් ටිකක් අමුතුයි කියලා 🙂

කතාව හොදයිද අනේ ☹️

ඔයාලට ටේහියුන් ගැන මොකද හිතුනෙ

ජන්කුක් ගැන

අමීරා බබයි එයාගෙ බනියයි 😍


-Sindabell-       ✍️

Continue Reading

You'll Also Like

125K 5.4K 52
❥❥❥ [BNHA x Fem!Reader] ❛❛𝔸𝕝𝕝 𝕥𝕙𝕖 𝕣𝕚𝕔𝕙𝕖𝕤 𝕓𝕒𝕓𝕪, 𝕎𝕠𝕟'𝕥 𝕞𝕖𝕒𝕟 𝕒𝕟𝕪𝕥𝕙𝕚𝕟𝕘, 𝔸𝕝𝕝 𝕥𝕙𝕖 𝕣𝕚𝕔𝕙𝕖𝕤 𝕓𝕒𝕓𝕪...
103K 9.1K 111
"You think I'm golden?" "Brighter than the sun, but don't tell Apollo" Dante hates Rome's golden boy. Jason doesn't even remember him. Right person w...
74K 1.7K 32
!Uploads daily! Max starts his first year at college. Everything goes well for him and his friends PJ and Bobby until he meets Bradley Uppercrust the...
6.1M 98.9K 104
>「𝘸𝘦𝘭𝘤𝘰𝘮𝘦 𝘣𝘢𝘤𝘬 𝘵𝘰 𝘵𝘩𝘦 𝘛𝘢𝘪𝘴𝘩𝘰 𝘌𝘳𝘢 𝘺𝘰𝘶 𝘸𝘦𝘳𝘦 𝘮𝘪𝘴𝘴𝘦𝘥 」 𝐒𝐋𝐀𝐘𝐄𝐑 𝐕𝐄𝐑. Demon Slayer belongs to Koyoh...