"ආත්මා නැගිටින්න"
අම්මා, මගෙ නොවෙන මගෙ අම්මා උදේම ඇවිත් මාව ඇහැරවන්න ගත්තා...අද මගෙ කසාදෙ...ඒත් මට දැනෙන්නෙ මගෙ මරණ වරෙන්තුව මගෙම අතින් ලියලා බෙල්ලට තොණ්ඩුව දාන දවසට මං ඇස් ඇරියා වගෙයි...
ඇඳේ ඉඳංම මං කල්පනා කලා...එදා විතූගෙ තාත්තා ඇවිත් අම්මගෙන් සමාව ගද්දි කිව්ව දේවල් මගෙ ඔලුව ඇතුලෙ දෝංකාර දුන්නා...
"මගෙ කෙල්ල හැප්පෙන්න කලින් කතා කර කර ඉඳලා තිබ්බෙ රොනල්ඩ් එක්ක...අනික හප්පපු එකා කලින් වැඩ කරෙත් රොනල්ඩ් ලඟ..මං ඌ එක්ක කතා කරන්න ගියෙත් ඒකයි...ආත්මා මගෙ දරුවට රිදවන්නෙපා මගෙං වුන වරද නිසා..."
මං එයාගෙ ශර්ට් එකේ එල්ලිලා එදා කෑ ගහද්දි එයා කඳුලු පුරවං ඔහේ හිටපු හැටි මට මැවිලා පෙනුණා....මේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන් නැතුව කවුද හරි කවුද වැරදි කියලා හිතා ගන්න බෑ...එහෙමයි කියලා හරි වැරැද්ද නොදැන විතූගෙ ආදරේට පයින් ගහන්නත් මට බෑ....එහෙං මාව බඳින්න එන බූරුවා...ඌ ඉංජිනේරුවෙක් වුණාට සීනි කම්පැනියකින් පැනලා ඇවිත් වගේ...අමු ඇඹලයා...නම දහම් සඳගලතැන්න වුණාට මුගෙ හැසිරීම නං තනිකර ඔපොසිට්...එව්ව් ජරාගොඩ...ඌ මගෙ කම්මුල ඉඹපු දවසෙ මං කම්මුල විසි පාරකට වඩා සබං දාලා සේදුවා...මොන විසබීජද කව්ද දන්නෙ...
මං කලබලේට නැගිට ගත්තා..මගෙ ප්ලෑන් එක වැඩ කරන්න නං දැං මෙතන එළිය හිස් වෙන්නෝන.. කාමරෙන් එළියෙ කවුරුවත් නෑ කියලා තහවුරු කර ගන්න දොර ඇරලා හිමීට ඔලුව එළියට දාලා ස්කෑන් කරං මං ශේප් එකේ බෑග් එකක් අරං මට ඕන කරන ටික දා ගත්තා....
තව ටිකකිං මාව සැලුන් එකට එක්කං යන්න අක්කා එයි....මං ඇඳ උඩිං වාඩි වෙලා බලං හිටියා...හිතුවා වගේම ටිකකිං අක්කා ආවා,මං එයා එක්ක ගිහිං කා එකට නැග්ගා...
"අක්කා ඔයා මෙහෙමම යන්න සාරි එක අරං එන්න.. මං අනිත් වැඩ ටික කර ගන්නං එතකං.."
මං ම හිතා මතා දහම්ගෙ ලදරං වාහනේ අස්සෙ අමතක කරලා ආව සාරිය ගන්න අක්කා යද්දි, මං සැලුන් එක ගාවින් බැහැ ගත්තා..
එහෙමම චුට්ටක් ඉස්සරහට දුවලා සීසීටීවී නැති හරියක තාප්පයක් අස්සට රිංග ගෙන ඇඳං හිටපු බ්ලවුස් එක ගලවලා බෑග් එකට ඔබා ගත්තා..යටින් ඇඳං හිටපු විතූගෙං පැහැර ගත්ත බාච්චු ශර්ට් එක උරෙන් පහලට එල්ල වැටෙද්දි බෑග් එකෙන් ගත්ත ස්කාෆ් එකෙං කොණ්ඩෙයි ඔලුවයි වහං,පහන් කණු වල එළිය මගෑරලා මං වැලිගම පැත්තට යන පාර දිගේ දිව්වා...
"දැං හොයපල්ලා මාව..."
ගාල්ල මාතර එක්ස්ප්‍රස් එකට නැගලා ෆෝන් එකේ සිම් එක කඩලා විසි කරන ගමං හිත යටිං මං මිමිණුවා....
_____________________________________
"ශෙනා නැගිටපං...වැඩට යන් නැද්ද උඹ...?"
"ඉන්න දීලා පලයං..."
සැරිං සැරේ ඇවිදින එලාම් එක වගේ ඇවිත් මගෙ ඔලුව කන්න හදන ශෙවීනයට මං පයිං පාරක් දීලා අනිත් පැත්ත හැරුණා...
වැඩ කරන්න තියා සිහියකිං ඉදං වතුර උගුරක් බී ගන්නවත් හිතට පණ නෑ...අද ආත්මා ගෙ වෙඩින් එක...ඒ ගැන හිතද්දිත් මගෙ පපුව ගිනි ගන්නවා..
මං විකාර වැඩක් කරයි කියලා බයේද කොහෙද හේශානයයි ශෙවියයි මේ ටිකේම අපෙ ගෙදර....උන් දෙන්නා නං ගානක් නෑ...වාවන් නැත්තෙ රවිඳුවාත් ආව එක...
"හොඳ හිතිං කියන්නෙ අතේ සපත්තුවෝ...නැගිටපං..."
මගෙ පස්සට වැදුණ කොට්ට පාරක් එක්ක රවිඳුවාගෙ ටිංකිරි වොයිස් එක කාමරේ පුරාම රැවි පිළිරැව් දුන්නා...මූ මගෙ ස නේම් එකත් විකෘති කරලා ඒ මදිවට.අනිච්චේ දුක්ඛෙ අපේ එකාටත් හම්බෙන යාලුවො...අපේම කරුම තමයි ඉතිං මේවා..
"වද නොදී පලයල්ලා...මට මෙහෙම ඉන්න දීපං...බොලාට සුවර් නැත්තං කට වහං ඔතනිං වාඩි වෙලා ඉඳහං..."
උං මට වද දිදී මගෙ අස්සෙම රිංගන්නෙ ඇයි කියලා දන්න නිසා මං කිව්වා...
"ඕයි බිම තියපං වුත්තිගෙ පුතෝ...වැටෙයි බල්ලෝ..."
මගෙ කකුල් දෙකෙං හේශානුයි අත් දෙකෙං ශෙවීනුයි මාව උස්ස ගත්තා...දැං මං කෑ ගහද්දි මුං මාව පහළට උස්සන් යනවා...මුං ව යාලුවො කර ගත්තට මට ගහන්නෝන...
"දැං හරිද..?"
"කට වහං ඉඳපංකො සෙනා අක්කෙ එක විනාඩි පහක්..මළ වදේ...කොහෙද යන්නෙ...හෙලවියං බලන්න කලින් දුන්නෙ කොට්ටපාර මේ පාර දෙන්නෙ මන්න පාර හරිත..?"
මේ රවිඳුවා මොකට මෙහෙ උස්සං ආවද මං දන් නෑ...මූව අරං ඇවිත් මුගෙ කටට සැනසීමකුත් නෑ අපිට සැනසීමකුත් නෑ..
මං මාව වාඩි කරවපු මේසෙ උඩිං දිගා වුණා...ආත්මාව බලන්න යන්නම හිතෙනවා...නිකං කහඹිලියා ගෑවිලා වගේ මට... මෙතන ඉන්න හිතෙන්නෙම නෑ...
"හේශා..."
"කියපං.."
"එක පාරක් එක්ක පලයංකො,අන්තිම වතාවට..."
"බෑ .."
"මොකද්ද බං..අනේ.."
"පාඩුවෙ ඉඳපං ශෙනා.ඒකි අගේට අරූ එක්ක මගුල් කන්නයි උඹ විඳවන්නයි...මගෙං කුණුහරුප නාහා ඉඳපං..."
මං ආයෙ මේසෙ උඩිං වැතිරුණා....විනාඩි පහක් යන්න වුන් නෑ...ෆෝන් එකක් වදින සද්දෙට මගෙ කන් දෙකත් ඉස්සුනා...
"හා අංකල්.."
ෆෝන් එක කනේ තියා ගත්ත ශෙවියා එච්චරමයි කිවූවෙ...කතා කරෙ කවුද කියලවත් ඌ කිව්වෙ නෑ....
"ආ.."
රවිඳුවා මගෙ දිහාවට කොෆි එකක් දික් කරා..මං මුකුත් නොකියා ඒක ගත්තම ඌ ආපහු ලිප ගාවට ඇදුනා....
"චූටි..."
කොෆි එක බිබී හිටපු මගෙ ඔලුව අත ගාගා සුදූ කතා කරද්දි මං කොෆි එක තියලා සුදු ට තුරුල් වුණා...ජීවිතේ සමහර තැන් එනවා කාගෙ හරි වාරුවක් අපිට ඕන වෙන...මං හිටියෙත් එහෙම අවස්ථාවක....සුදු එක වැළඳ ගැනීමකිං මට දුන්න වාරුව ගොඩක් හයියයි...
"මං වොශප් වෙලා එන්නං සුදු..."
මං මගෙ රූම් එකට ආවා....වොශ් දාන්න හිතං ආවට මං කරෙ ආපහු කල්පනා කර කරම නිදා ගත්ත එක වෙද්දි පහළින් ඇහුන කෑ ගැහිල්ලක් එක්ක මට ආපස්සට ඇහැරුණා...මං පහළට යද්දි තාත්තා ඇවිත්...තාත්තා විතරක් නෙවෙ අශ්විතා ත් ඇවිත්...
"ආ ඔය ආවෙ...කොහෙද කියපං මගෙ දරුවා."
"කවුද..?"
වෙන කිසිම දේක උඩක් පළලක් නොතේරෙන මං අහද්දි අශ්විතාගෙ මූණ තරහට රතු වුණා....බඩ ඉරිඟු ඇට ටිතක් දැම්මා නං තත්පර දෙකෙන් පොප්කෝන් කන්න තිබ්බා...
"ආත්මාව අරං ගිහිං දැං කවුද කියලත් අහනවද උඹ...?"
"ඇන්ටි මේ, වචන පරිස්සමින්....තමුං මෙතනට ඇවිත් පුපුරන්න තියා ගත්තට ශේන්යා පලි නෑ.."
හේශාන්ට හොඳටම තරහ ගිහින්...මං අශ්විතා ගාවට අඩියක් තියලා ලං වුණා...
"වෙලා තියෙන්නෙ මොකක්ද කියලා මට කියනවද මුලිං..."
"වෙලා තියෙන දේ ලු,වෙලා තියන දේ නෙවෙ උඹලා කරපු දේ...නොදන්න ගානට අහන ලස්සන මේකි.."
"අයිසෙ මේ මං අරං ගියා නං,තොපේ ඇස් වහලා ගෙනියන් නෑ..විශේෂෙන් තමුංගෙ ඔය සර්ප ඇස් දෙකට නොපෙනී ගෙනියන් නෑ...
හේශාන් වෙච්ච දේ කියපං,මේකිගෙන් ඇහුවට හෙට වෙනකන් කියන එකක් නෑ..."
"ආත්මා අතුරුදහන් වෙලා කියන්නෙ ඔය..."
"..."
"ඕයි කොහෙද යන්නෙ ශෙනා..."
"මෙන්න මේ වහන්තරාව මෙතනින් මක බෑ වුනාම මං එන්නං....."
අශ්විතා ගැන කේන්තිය මගෙ හිතේ බබුලු දදා නටද්දි මං බයික් එක හරවලා ගත්තා...එදා ආත්මාව අඬවලා යන්න ගිහිං දැං මෙතන දරු දුක කියන් එන්න..අනේ මේකිගෙ සෝභනේ...දෙන්ඩ හිතයි මැරිලා වැටෙන්ඩ...බොරුකාර හැත්ත ..
මං එද්දි තාත්තගෙ බොඩිගාඩ්ලා මගෙ පස්සෙන් ආවා...මගින් බයික් එක නවත්තලා මං සෙනුදිට කෝල් එකක් ගත්තා...
"ආ සෙනු..මට දෙයක් දැනගන්න තියෙ..."
"මොනාද ඒයි..."
"කෝලං නොකර කියපං ආත්මා ආවද කියලා..."
"පිස්සුවක් ඇතැයි ශෙනු අක්කෙ...ඒකි තනියම මෙහෙ එන් නෑ..."
"මගෙ කෙල්ල කොහෙද ගිහින් සෙනූ..."
"මොකක්..?"
"හ්ම්..."
"හරි මං දන්න තැං වලත් බලන්නං...තරුමිණිට කෝල් කරලා අහන්න එතකං..."
මං ෆෝන් එක තියලා තරුමිණිට කෝල් කරා...ඒකිගෙනුත් අර ප්‍රතිචාරෙම හම්බෙද්දි මට කර කියා ගන්න දෙයක් නැතුව මං එහෙමම බයික් එකේ හැන්ඩ්ල් එකේ ඔලුව ගහ ගත්තා...
"ශෙනා..."
හේශාන් මාව හොයන් ඇවිත්...
"ශෙනා යමං ගෙදර...අශ්විතා ගියා.."
හේශාන් මාව කා එකට දා ගනිද්දි තාත්තගෙ බොඩිගාඩ් කෙනෙක් මගෙ බයික් එක ගත්තා...මං එහෙමම ශටර් එකට ඔලුව ගහ ගත්තා...මගෙ පොඩි එකී තනියම කොහෙ යන්න ඇද්ද...එයාට කරදරයක් නැතුව ඇතිද....
To 38th emotion>>
ඊයෙ දෙන්න හිටියෙ...මට රෑ නින්ද ගිහින්නෙ....
🙂❤️