- නෑනයි මස්සිනයි - (✓)

By Estar_RM

22.3K 2.9K 1K

මේ සුදු අයියේ ඔයා දන්නෝද හලෝ.... මස්සිනා අයිති නෑනටලු... Park Jimin Fanfiction A story by Estar_RM Cover... More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
24
25
26
27
28
29
30
31
32
33

23

713 98 50
By Estar_RM

" යා මන්දනා ලැජ්ජ නැද්ද තමුසෙට ඔය ලෙඩාගෙ කෑම කන්න. "

ආයෙ ඉතින් කන්න බොන්න මොකටද අනේ ලැජ්ජා... හුම්...

" ඒයි ස්වීටි. ඇඳෙන් බහිනවා. නැත්තම් ඔය ඉරිසියාකාර මිනිහා මගේ අනිත් කකුලටත් ෂොට් එකක් දෙයි. "

ජිමිනුත් මට රවද්දි මන් අතේ තිබ්බ ඇපල් ගෙඩියෙන් තව කෑල්ලක් කටේ ඔබන් ටේටේගෙ ඇඳෙන් නැගිටලා ආවා.

" ඔයා ඇයි ආපහු ආවෙ. මගේ ඔත්තු බලන්නද ආවෙ. ඔයාට මාව සැකයිද "

" අනේ ඔත්තුව බලන්න වැඩේමනේ. තමුසෙ ෆෝන් එක දාලා ගිහින් වාහෙනේ. ඒක ගෙනිහින් දෙන්න ආවෙ. කෝ අම්මලා ඇවිත් නැද්ද. "

" නෑ එයාලා තව ටිකකින් එයි. "

" මන් යනවා එහෙනම්. ටේට වද නොදී ඉන්නවා. "

" හා. "

" ටේ මන් යනවා. උඹව බලන්න ආපහු හවස එන්නම්. "

" හරි බන් එළ. "

ජිමින් ආපහු මට ෆෝන් එක දීලා යද්දි මන් ආයිමත් ගිහින් ටේටේගෙ ඇඳේ කොනකින් වාඩි වෙලා අර ටැටූ ගර්ල් ගැන විස්තර කිව්වා.

" එතකොට ස්වීටි අපි දැන් මොකද කරන්නෙ. "

" මට ඔයාගෙ අත ආයිමත් පාරක් අල්ලල්නන ඕනි. හැබැයි කලින් පාර වගේ ටිකක් නෙමේ. හීනෙ ඉවර වෙනකන්ම අල්ලන් ඉන්න ඕනි. "

" ඕකේ. පටන් ගමුද දැන් එහෙනම්. "

" හරි. "

මන් එහෙම කියලා ටේටේගෙ තුවාල නොවුණු අනිත් අත අල්ල ගත්තා. සුපුරුදු විදියටම ඇඟ දිගේ කරන්ට් එකක් යනවා වගේ දැනෙද්දි ඔළුවට දැනුණෙ දරා ගන්න බැරි තරමෙ වේදනාවක්. ඒත් එක්කම මට ඒ රූප පෙන්න ගත්තා.

ඒ කෝපි ඇස් තිබුණු ගෑණු ළමයා.. ඔව් ඒ ටේටේගෙ නංගි. එයා හිටියෙ බාත්ටබ් එකක. ඒක පුරාම තිබ්බෙ රතු පාට රෝස මල් පෙති. බාත්රූම් එකේ තිබුණු මලානික කහ පාට ලයිට් එළිය නිසා බාත්ටබ් එකේ තිබුණු වතුරත් පෙනුණෙ ලා කහ පාටකට. එයා හිටියෙ ඇස් දෙකත් වහන් ටබ් එකට හේත්තු වෙලා. ඒත් එක පාරටම කිසිම සද්දයක්වත් නොකර ඒ කළු ඇඳ ගත්තු මූණ මාස්ක් එකකින් වහ ගත්තු කෙනා කෙටි අඩි තිය තිය බාත් ටබ් එක ළඟටම ආවා. ඒ සද්දෙටද මන්දා ටේෂු කලබලෙන් ඇස් අරිද්දි අර ආපු කෙනා ටේෂුගෙ බෙල්ලට මොනවහරි ඉන්ජෙක්ට් කළා. ටේෂු බලන් ඉද්දිම ටික ටික අඩපණ උනා. ඒත් එක්කම අර කළු පාට ඇඳ ගත්තු කෙනා ටේෂුගෙ ඔළුව බාත් ටබ් එක ඇතුළට එබුවා. ටේෂු අමාරුවෙන් දැඟලුවත් එයා මොහොතකටවත් අතෑරියෙ නෑ. විනාඩි තුන හතරක් ඉදපු තැන ටේෂුගෙ ඔළුව වතුරෙන් උස්සපු එයා ඇඳුමෙ පොකට් එකක තිබුණු පේපර් කටර් එකකින් ටේෂුගෙ අත් දෙකේම මැණික් කටුව ගාවින් ලොකු කැපුම් පාරවල් දෙකක් දැම්මා. ඒ වගෙන් ලේ විසි වෙලා පනිද්දි ටේෂු කෑ ගැහුවත් එයාගෙන් හඬක් පිට උණේ නෑ. ඒ ලේ වලින් මුළු බාත් ටබ් එකම රතු පාට වෙලා ගියා. ටික ටික ටේෂුගෙ දැඟලිල්ල අඩු වෙලා යද්දි එයා එහෙම්ම බාත් ටබ් එක ඇතුළට කඩාගෙන වැටුණා. ඒත් එක්කම අර කළු ඇඳ ගත්තු කෙනා අතේ තිබුණු පේපර් කටර් එක හොඳට පිහි දාලා ඇඟිලි සලකුණු මකලා ඒක ටේෂුගෙ දකුණු අතින් තියලා යන්න ගියා.

මන් එහෙම්ම ටේටේගෙ අත අතෑරියෙ එතනින් එහාට තවත් කිසිම දෙයක් මට නොපෙණුනු නිසා. ඇස් වලට ඉබේටම කඳුළු ආවෙ ටේෂුට වුණු දේ මතක් වෙලා. ඇයි එයාව ඒ විදියට මැරුවෙ.

" ස්වීටි ඇයි බබා ඔයා අඬන්නෙ. මොකද වුණේ ආ. මට කියන්න ඔයා දැකපු දේවල්. "

" මගෙන් අහන්න එපා. ඔයාට දුක හිතෙයි. ටේෂු පව්. "

" ඒත්.. "

" ප්ලීස් ටේටේ.. "

" ඕකේ. "

අපිට වැඩි වෙලාවක් කතා කරන්න බැරි වුණේ නැන්දා මිසිස් කිම් එක්ක ආපු නිසා. එහෙම්ම ඉඳලා මන් ගෙදර ගියේ නැන්දත් එක්කමයි. මන් ගෙදර ඇවිත් නිදා ගත්තෙ තිබුණු මහන්සියට.


" සුදු බබා හවස් වෙලා හොඳටම. පහළට එන්න පුතේ. "



නැන්දගෙ සද්දෙට මන් පහළට ගියේ හායි ගාලා ලොකු ඈනුමකුත් යවන ගමන්. මන් යද්දි පහළ ජිමිනුත් හිටියා. එයා හිටියෙ ගෙදරට අඳින කොට ෂෝට් එකට ටී එකක් ඇඳලා. පේන විදියට එයා ගෙදර ඇවිත් හුඟක් වෙලා වගේ.


" තමුසෙගෙ වැඩේ නිදා ගන්න එකමයි නේ. කොයි වෙලේ බැලුවත් හතර ගාතෙ දාලා කෙහෙ හරි අස්සක මුල්ලක නිදි. "



ඒක තමයි මහත්තයෝ මට තියන එකම විනෝදෙ හූම්.. මන් ජිමින්ට මුකුත් නොකියම පොඩ්ඩක් රවලා කුස්සියට ගිහින් නැන්දව බැක් හග් කරා. එයා එක අතකින් මගේ කොණ්ඩෙ ලාවට අත ගාලා එක පාරටම යකෙක් වැහිලා වගේ මගේ දිහාවට හැරුණා. ඊටත් පස්සෙ නැන්දා මගේ කන හරියට පරණ ලදරම් රේඩියෝ එකක චැනල් අල්ලනවා වගේ කරකවන්න ගත්තා.


" ආව් ආව් නැන්දා.. මට රිදෙනවා... "


" මන් කී දවසක් කිව්වද නාපු ගමන් කොණ්ඩෙ තෙත පිටින් නිදා ගන්න එපා කියලා. ඔය දවල් නාපු එක තාම කොණ්ඩෙ තෙතයිනේ. කෝ ගිහින් පිහි දාන් එන්න. "

" හුම්. "


මන් එහෙම්ම රූම් එකට ගිහින් ටවල් එකත් අරන් ඔළුව පිහදාන්න ගත්තා. ඒත් එකපාරටම කවුරුහරි මගෙන් ටවල් එක උදුර ගත්තා. වෙන කවුද ඉතින්.. ජිමින් තමයි.


එයා මට පිටිපස්සෙන් ඇඳේ වාඩි වෙලා එයාගෙ කකුල් දෙකෙන්ම මාව හිර කරන් ඔළුව පිහිදානවා.


" දෙයියනේ ජිමින් හිමින් පිහදාන්න. මගේ ඔළුව ගලවලා අතට ගන්නද හදන්නෙ මනුස්සයෝ. "



" කට පියා ගෙන ඉන්නවා අයිසේ. "


එයා කොණ්ඩෙ පිහදාලා ටවල් එකත් පැත්තකට දාලා මාව පිටිපස්සෙ ඉඳන්ම බදා ගත්තා. දැන් හරිනේ.. අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි මාව හිර කරන් හරියට බූවල්ලෙක් වගේ. නැන්දා එහෙම ආවොත් මට පොල් කටු හැන්දෙන් ගහලා එලවන්නෙ.


" අයින් වෙන්න. නැන්දා ආවොත්.. "


" තමුසෙට එක වතාවක් කිව්වවෙ හැම වෙලේම එකම දේ කියන්න එපා කියලා. මන් තමුසෙට ආදරෙයි. තමුසෙ මගේ නෑනා නෙවේ මොක වුණත් ඒකට කරන්න දෙයක් නෑ මට. ඒ නිසා මගෙ යකා අවුස්සන්නැතුව පාඩුවේ ඉන්නවා දැන්වත්."


ජිමින් නම් කියයි. එයා කොල්ලෙක් නිසා එයාගෙ හිත හයිය ඇති. ඒත් මම කෙල්ලෙක්. අනික මන් අලුතින් මේ ගෙදරටම ඇවිත් කාත් කවුරුවත් නැති මට එයාලගෙම දුවෙකුට වගේ සලකපු නැන්දටයි මාමටයි විරුද්ධ වෙන්නෙ කොහොමද. මට දැනෙන්නෙම මහම මහා ලොකු වරදකාරී හැඟීමක්. දැන් දැන් මට නැන්දයි මාමයි එක්ක හරියකට කතා කරන්නවත් ඒ දෙන්නගෙ මූණ බලන්නවත් ලැජ්ජයි. එයාලා කොයි වෙලේක හරි මේක දැන ගතිපු දවසට මොනවයින් මොනවා වෙයිද.. මන් නිසා මෙහෙ ලොකු ව්නාසයක් වෙයි..

මේවා හිත හිතම නොදැනිම මගේ ඇස් වලින් කඳුළු ඇවිත්.


" ඒයි මන්දනා තමුසෙ අඬනවද. මන් අඬන්න දෙයක් කිව්වෙ නෑ. "

මන් කඳුළු පිරුණු ඇස් වලින් බොඳ වුණු ඡායාවකින් වගේ දැක්කා ජිමිනගෙ කලබල වෙලා තියන මූණ.

" ඔයා නම් ම්හුක්.. කියයි.. මටනෙ බැනුම් අහන්න වෙන්නෙ.. අනික.. මට බෑ මේක කරන්න. ඔයාට තේරෙන්නෑ ජිමින්.. මගේ පපුව රිදෙනවා. ඔළුව රිදෙනවා මේක ගැන හිතලම. මට කොයි වෙලෙත් මතක් වෙනවා මන් කරන්නෙ වැරැද්දක් කියලා. ම්හුක්.. "


" ෂ්ෂ්ෂ්ෂ්.. ප්ලීස් අඬන්න එපා. "

ජිමින් මාව එයාගෙ ළඟට තුරුළු කරන් මගේ පිටට තාලෙට තට්ටු දාන්න පටන් ගත්තා.


" හරි හරි මට තේරෙනවා. හැබැයි මන් ඔයාට ආදරේ කරන්න ගත්තෙ ඔයාව මගින් දාලා යන්න නෙමෙයි කියන එක මතක තියා ගන්න. ඕකේ.. ඔයා අම්මයි තාත්තයි ගැන නම් වද වෙන්නෙ ඒක ගැන මන් බලා ගන්නම්. මන් කොහොමත් මේක එයාලට කියන්න ඉන්නෙ. "


ඒක ඇහුණ ගමන් මන් ඉද්ද ගැහුවා වගේ ජිමින්ගෙ තුරුළෙන් ඈත් වුණේ ජිමින් නැන්දටයි මාමටයි කතා කරනවා කිව්ව නිසා.


" ඔයාට පිස්සුද එයාලට කියම්ම්ම්හ්ම්ම්.... "


මේ මිනිහා නම් හරිම කපටියි.. එයා දන්නවා මගේ කට වහන්න මේ විදියට පුළුවන් කියලා. වෙන මොනාද ඉතින්... මේකා පිස්සෙක් වගේ මගෙ කට කනවා.





කතාව දෙන්න පරක්කු වුණාට වෙරි සොරි මගේ සීනි බෝල ළමයිනේ..🤧💔 මට කම්මැලි ඕතර් කියන්නෙ මෙන්න මේක නිසා තමයි 🙂

අද කොටස කොහොමද.. මේ යන විදියට කතාව චැප්ටර් තිහත් පන්නයි කියලා සාධාරණ බයක් තියනවා...එච්චර දිග වුණාට ඔයාලට අවුලක් නෑ නේද. අවුලක් වුණත් දැන් කරන්න දෙයක් නෑ අනේ 😂💔


#කම්මැලි ඕතර්
23/07/02

Continue Reading

You'll Also Like

412K 12.4K 94
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
1.2M 52.1K 98
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
393K 6.3K 79
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
7.4K 968 29
- Өөдгүй амьтан! Нүднээс далд ор. Би таныг харахыг хүсэхгүй байна! - Жонгүгаа гуйя. Надад тайлбарлах боломж олгооч? Би чамаас гуйж байна. - Надад яма...