- නෑනයි මස්සිනයි - (✓)

By Estar_RM

23.5K 3K 1K

මේ සුදු අයියේ ඔයා දන්නෝද හලෝ.... මස්සිනා අයිති නෑනටලු... Park Jimin Fanfiction A story by Estar_RM Cover... More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33

19

712 106 56
By Estar_RM

මන් නැගිටිද්දි හිටියෙ ජිමින්ගෙ කැබින් එකේ සෝෆා එකේ. මට එහා පැත්තෙන් හිටියෙ සේහා මැඩම්. ඒත් එක්කම මට මතක් වුණේ ෆේන්ට් වෙන්න කලින් ටේටේ ගැන අහන්න ලැබුණු දේ.

" රෂ් ඔයාට දැන් කොහොමද ළමයෝ. "

" හොඳයි. අපි ටේටේ බලන්න යමු. "

" ටේටේ කිව්වෙ.. "

" මන් කිව්වෙ ටේහ්යුන්. හොස්පිට්ල් යමු බලන්න ප්ලීස්.. මාව එක්ක යන්නකො ඉක්මනට. "

" ඒත් ජිමින් සර් කිව්වෙ ඔයා ඇහැරුණාම ගෙදර ගිහින් දාන්න කියලා. "

" අනේ එයාට බම්බු ගහන්න කියලා මාව එක්කන් යන්නකො.. "

" ඕකේ ඕකේ.. "

මම සේහා මැඩම් එක්ක කැබ් එකක් දාගෙන ආවෙ සෝල් සිටි හොස්පිට්ල් එකට. එන අතරතුරදි පපුව එකසිය ගානට ගැහුණේ ටේටේ හොඳින් ඉන්නවද නැද්ද කියලා කල්පනා කරලමයි.

හොස්පිට්ල් එකට ඇතුළු වුණු ගමන්ම අපි ආවෙ රිසෙප්ෂන් එකට.

" මිස් මෙහාට දැන් ඇක්සිඩන්ට් එකක් වෙලා කෙනෙක් ගෙනාවා නේද. අපිට එයාගෙ රූම් නම්බර් එක කියනවද. "

මම රිසෙප්ෂනිස්ට් ගෙන් ඇහුවෙ ටේටේගෙ රූම් නම්බර් එක.

" ඔය කියන්නෙ මිස්ටර් කිම් ටේහ්යුන් ගැනද. "

"ආන්න හරි. එයා තමයි. "

" සොරි මිස් අපිට පේෂන්ලගෙ ප'සනල් ඩීටේල්ස් පිට අයට දෙන්න විදියක් නෑ. "

" ඒත්.. "

" මන්දනා.... "

ඔව් ඒ ජිමින්. එයාගෙ ෂර්ට් එකේ උඩ බොත්තම් දෙක තුනක්ම ගැලවිලා. යට කරලා තිබුණු ෂර්ට් එක අරහෙන් මෙහෙන් ඉස්සිලා. කොණ්ඩෙ දාඩියත් දාලා හොඳටම අවුල් වෙලා. ඒ මූණ මහන්සි පාටයි.

මම ඉක්මනට ජිමින් ළඟට දුවගෙන ගියේ ටේටේ ගැන අහන්න.

" ජිමින්.. ටේටේ කෝ එයා. කියනවා මට.. "

ජිමින් මුකුත් නොකියා මන් දිහා බලාගෙනම හිටපු නිසා මන් අන්තිම ටික මහ හයියෙන් කෑ ගහලා කිව්වා. ඒත් එයා නෙමේ එක වචනයක්වත් කතා කරේ. මන් දැක්කෙ ඒත් එක්කම වගේ හොස්පිට්ල් එකට ආපු ටේටේගෙ අම්මා මිසිස් කිම්. එයා හොඳටම අඬන ගමන් හිටියෙ.

"ජිමින්.. කෝ මගේ දරුවා. "

" යමු ආන්ටි. මන් එක්කන් යන්නම්. "

ජිමින් මන් කියලා කෙනෙක් ඉන්නවද නැද්ද කියලා ගානක් නැතුව මිසිස් කිම් එක්කන් යද්දි මාත් ඒ පස්සෙන්ම ගියා. අපි නැවතුණෙ තියටර් එක ඉස්සරහින්.

" ආන්ටි ටේටේට සර්ජරි එකක් කරනවා තාම. "

" මගෙ දරුවට කොහොමද පුතේ.. "

ජිමිනුයි ටේටේගෙ අම්මයි කතා කර කර ඉන්න අත​රෙ මන් ගියේ තියටර් එක ළඟට. එතන තියන පොඩි රවුම් වීදුරු කෑල්ලෙන් මන් ඇතුළ බලද්දි ඩොක්ටස්ලා හෝ හෝ ගාලා වැඩ. ටේටේ කියන්නෙ මට මෙහෙ හිටිය එකම යාළුවා. අනික මන් මේක හීනෙන් දැක්ක දෙයක්. මට තිබුණා ටේටේව බේර ගන්න. ඒත් මට මුකුත් කර ගන්න බැරි වුණානේ. මන් එහෙම්ම තියටර් එකට පිට දීලා රූටගෙන වගේ ඇවිත් එතන බිමින්ම වාඩි වුණා.

ටේටේගෙ අම්මා සිහියක් නැතුව අඬනවා. අපේ නැන්දත් ඇවිත්. එයා මිසිස් කිම්ව සනසන්න හදනවා. එතකොට ජිමින්... එයා මන් දිහාම බලන් ඉන්නවා.

මට ජිමින් දැකපු ගමන්ම ඇති වුණේ කේන්තියක්... ඇයි එයා ටේටේට එයාගෙ කාර් එක දුන්නේ... මන් ඒ ක්ෂණිකයෙන්ම නැගිටලා ගිහින් ජිමින්වත් ඇඳන් ටිකක් එහාට ගියා. වෙනදා එයා මාව ඇදන් යද්දි අද එයාව ඇදන් ගියේ මම. ටික දුරක් ඇවිත් මම නතර වුණේ තියටර් එක පේන මානෙ දුරකින්.

" ජිමින්... ඇයි ඔයා ටේටේට කාර් එක දුන්නෙ හහ්... ඔයා එයා එක්ක තරහ නිසා එයාව මරන්න ඕනි වුණාද හහ්.. ඒකද මන් යන්න එපා කියලා කියද්දිත් ටේටේට ඔයාගෙ කාර් එක දුන්නේ.. "

පුදුමයි.. එයා කතා නෑ අද.. ජිමින් එක පාරටම මන් ඉස්සරහ දණ ගැහුවා. දෙයියනේ එතකොට මන් එදා දැක්ක හීනෙ ඇත්ත වෙන්නද යන්නෙ.

" මන්දනා සොරි.. අනේ මට සමාව වෙන්න. මමයි හරි නම් ඇක්සිඩන්ට් වෙන්න ඕනි... ටේ නෙමේ.. මේ හැම දෙයක්ම මගේ වැරදි. මට තිබුණා ඔයාව ටිකකට හරි විශ්වාස කරන්න. "

එයා අඬනවා මගේ අත් දෙකත් අල්ලගෙන. මන් හිතුවෙ එයා අඬන්න දන්නෙ නැතුව ඇති කියලා. කොයි තරම් කේන්තියෙන් හිටියත් එයාගෙ කඳුළු මාව අසරණ කරනවා.

මාත් එහෙම්ම ජිමින් ඉස්සරහින් වාඩි වෙලා එයාව බදා ගත්තා. පොඩි එකෙක් වගේ මගේ ඇඳුමත් අත් වලින් පොඩි කරන් එයා ඉකි ගගහා අඬනවා.

" ජිමින් ප්ලීස් අඬන්න එපා. ඒක ඔයාගෙ වැරැද්දක් නෙමේ.. සොරි මන් තරහ ගිහින් කිව්ව ඒවට... අනේ අඬන්න එපා කියන දේ අහලා. "

" ඒත්.. ඒත් මන් නිසා.. මමයි ටේටේට කාර් එක දුන්නෙ.. එයාගෙ කාර් එක කැඩිලා නිසා මමයි එයාට මගේ කාර් එක අරන් යන්න කිව්වෙ. ඌ කැබ් එකක ගෙදර යන්න හදද්දි මමයි බලෙන්ම උට මගේ කාර් එක දුන්නෙ.. "

" ෂ්ෂ්ෂ්ෂ්.. මේ අහන්න. ඔයාට ඕන වුණේ ටේටේට උදව් කරන්න. ඔයා මෙහෙම දෙයක් දැන ගෙන හිටියෙ නෑනේ.. "

" ඒත් ඔයා දැනගෙන හිටියනේ. ඔයා කිව්ව වෙලේ මට ටේට කෝල් එකක් හරි දීලා කියන්න තිබ්බනේ එයාට. ඒත් මන් මුකු...ම්ම්ම්.. "

මන් එයාව කිස් කරා... මටත් හිතා ගන්න බෑ හැබැයි මන් කිස් කරා. මට ඕනි වුණේ එයාගෙ කට වහන්න. එයාටම වරද පටවගන්න එක නතර කරන්න. මන් තත්පර දහයක් විතර මගේ තොල් වලින් එයාගෙ තොල් බ්ලොක් කරන් හිටියා. ඊට පස්සෙ ඈත් වෙලා බිමින් නැගිටලා ජිමිනුත් නැගිට්ටව ගත්තා.

" අපි යමු නැන්දලා ළඟට. "

මන් ජිමින්ගෙ අතකින් අල්ලගෙනම නැන්දලා හිටිය තැනට එක්කගෙන ආවා. එයා පූස් පැටියෙක් වගේ මගේ පස්සෙන්ම ආවෙ. දෙන්නත් එක්කව වාඩි වුණේ නැන්දයි මිසිස් කිම්තුයි ගාව.

පැයක්... දෙකක්..... නෑ අපි පැය හතරක්ම වාඩි වෙලා හිටියා. තියටර් රූම් එකේ තාම රතු පාට බල්බ් එක පත්තු වෙනවා. මිසිස් කිම්ට නම් නින්ද ගිහින්. ජිමින් බලා ගත්තු අත බලා ගෙන. මන් තියටර් රූම් එක දිහා බලන් ඉද්දිම රතු බල්බ් එක කොළ පාට වුණා.

මන් වගේම ඒක දැකපු ජිමිනුත් තියටර් එක ඉස්සරහට දුවගෙන යද්දි ඒක ඇතුළෙන් ටේටේව දාපු ඇඳත් තල්ලු කරන් ඩොක්ටස්ලා ආවා.

" ඩොක්ට ටේට කොහොමද. "

ජිමින් කලබලෙන් වගේ අහද්දි ඩොක්ටගෙ මූණෙ ඇඳුනෙ ළා හිනාවක්.

" එයාගෙ කකුලකටයි අතකටයි ගොඩක් ඩැමේජ් වෙලා තියනවා. තව ඔළුවටත් ටිකක් ඩැමේජ්. හැබැයි එයා දැන් අවධානම් තත්ත්වෙන් මිදිලා ඉන්නෙ. එයාට සිහිය ආවම අපි තව චෙක් කරලා ඔයාලට හරි විස්තරයක් කියන්නම්. අපි දැන් මෙයාව නෝමල් වෝඩ් එකට ෂිෆ්ට් කරන්නම්. "

" හරි ඩොක්ටර්.. "

ටේටේව ගෙනාවෙ වී.අයි.පී. රූම් එකකට. නැන්දා මම මිසිස් කිම් වගේම ජිමින්..... අපි තව පැයක් දෙකක් විතර හිටියත් ටේටේ සිහිය එන පාටක් නම් නෑ. මිසිස් කිම් නැන්දා එක්ක ආපහු ගෙදර ගියේ ටේටේට සිහිය එන්න කලින් කෑම ටිකක් හදා ගෙන එන්න. අන්තිමට ටේටේගෙ රූම් එකේ ඉතුරු වුණේ මමයි ජිමිනුයි.

ටේටේගෙ ඇඳ ගාව පුටුවක වාඩි වෙලා ඉඳපු ජිමින් මන් වාඩි වෙලා ඉඳපු සෝෆා එකට ඇවිත් මට එහා පැත්තෙන් වාඩි වුණා.

" මන්දනා.. අපි ටිකක් කතා කරමුද.. "

" හ්ම්ම් "

" ඔයා අර හීන ගැන කිව්ව කතාව ඇත්තද. "

දැන් තමයි මේ මිනිහට දුක දෙපිටින් යන්න හොඳ සෙරෙප්පු පාරක් දෙන්න හිතෙන්නෙ. ඒ වුණාට මගෙ රෝස පාට හා පැංචො ඉන්න පීක් පීක් ගාන පාප්පු දෙකෙන් ගැහුවට රිදෙන එකක් නෑ. ඒක පුළුන් ගොඩක් වගේ සොෆ්ට්නේ..

" කියන්නකො ඉතින්. "

" කියන්න අහන්නෙ. මන් තමුසෙට ඕක කොරියාවට පය තබබු දවසෙ ඉඳන් කියනවනේ. එතකොට ඔයා මන්දනා තමුසෙගෙ හීන ගැන දාලා නවල් එකක් ලියනවා.... මන්දනා තමුසෙට සයිකොද.... මන්දනා විකාර කියන්න එපා.....මන්දනා මාව යකා කර ගන්න එපා.. හැව් හැව් තමා. "

මන් ඔහේ කියවන් යද්දි මෙච්චර වෙලා දුකින් හිටිය ජිමින් හිනා වෙනවා..

" සේරම ටික මතකයි නේ පිස්සු කෝලමට. "

මෙයාට මොනවා වෙලාද. ඇයි මට හොඳින් කතා කරන්නෙ. ටේටේ බලන්න හොස්පිට්ල් ආපු වෙලාවෙ මෙයාගෙ ඔළුව කොහො හරි වැදුණද...

" ජිමින් ඔයා තරහද ටේටේ එක්ක තාම."

" ඒ මොකටද. "

" ඔයාලා දෙන්න එදා කැෆේ එකේදි රණ්ඩු වුණේ. "

" ආ අපි දෙන්නා එවෙලෙම යාළු වුණා. "

දැන් තමයි පොල්ලක් අරන් මටම තඩි බා ගන්න හිතෙන්නෙ. දෙයියනේ මට එදා රෑ නින්ද ගියෙත් නෑ මේ මිනිස්සු දෙන්නා රණ්ඩු කර ගත්ත නිසා. මෙයාලා දෙන්නා එවෙලෙම යාළුත් වෙලා.

" මොනවද අනේ කොයි වෙලෙත් තනියම තමුසෙ කුටු කුටු ගාන්නෙ. මටත් කියනවකො. "

මන් ජිමින්ටත් රවලා ටේටේ දිහා බැලුවා. එයාගෙ කකුලකුයි අතකුයි සම්පූරුණෙන්ම බැන්ඩේජ් කරලා. ඔළුවත් බැන්ඩේජ් කරලා. පව්... ඉන්න හැටි.. මූණෙන්ම පේනවා අමාරුයි කියලා. මම ජිමින්ගෙ කාර් එකට ලදරම කියන්නෙ කට කහනවටද ආ... ඔය ඒකෙ ගිහින් මේ කොල්ලට වෙච්ච හරියක්.

" ඒ මන්දනා. ඔයා අර ඔෆිස් එකේදි මට මොකක්ද කිව්වෙ. "

" කොයි වෙලේද.. කවද්ද.. "

" අර අද. මට කාර් එකේ යන්න එපා කියලා ඔෆිස් එකට දුවගෙන ආවෙ. "

" ඉතින් කාර් එකේ යන්න එපා කියලනෙ කිව්වෙ මන්. "

" නෑ නෑ අර අන්තිමට. "

" අන්තිමට මොකක්ද. මට මතක නෑ.. මට කලන්තෙ හැදුණනේ. "

" අනේ බන් අර මන් ඔයාට ආදරෙයි කියලා කිව්වෙ. "

මාව නිකන් රත් වුණා වගේ... ආයිෂ් මටම තේරෙනවා මගේ කම්මුල් වලට ලේ පි​රෙනවා කියලා..

" ඉතින්.. මන් කිව්වෙ ඔයා මගෙ අයියා. මන් ඔයාගෙ නංගි. මන් ඔයාට ඉතින් ආදරෙයි.. "

" ඒ වුනාට අයියලා නංගිලා කිස් කරන්නෙ නෑනෙ. ඔයා මාව කලින් කිස් කරේ.. "

" මන් මේ...ම්ම්ම්ම්ම්ම්... "

එයා මාව අල්ලගෙන ඒ තොල් වලින් මගේ තොල් බ්ලොක් කරා. එයා ඇස් දෙකත් පියාගෙන මගේ තොල් උඩ භාවනා කරනවා වගේ හරි සංයමයකින් එහෙ මෙහෙ යනවා. මටත් ඇස් පිය වුණේ ඉබේටමයි. මගේ අත් වලට ජිමින්ගෙ ෂර්ට් එක තද වෙද්දි මමත් ටිකක් ජිමින්ව කිස් කරන්න ගත්තා. ඒක හරි අමුතුයි. බඩ ඇතුළෙ නිකන් සමනල්ලු රූනක් එකතු වෙලා සමනල් හැඟුමන් අතරේ සින්දුවට නටනවා වගේ.

" අහ්.. "

ආයිෂ් මේ බටු පාත්තයා එදා හපපු තැනම අදත් හැපුවා.. ඒ සැණින් එයාගෙ දිව මගේ කට ඇතුළටම දාද්දි මට තව තව ජිමින්ගෙ ෂර්ට් එක අත් අතරට මිරිකුණේ මේ අමුතු හැඟීම් ස්පර්ශ මන් මීට කලින් අත් විඳලා නැති නිසා. එයාගෙ දිව මගේ කට ඇතුළෙ එහෙ මෙහෙ යවනවා. හරියට මාව රස බලනවා වගේ.

මන් ජිමින්ගෙන් ඈත් වුණේ තව ටිකක් හිටියොත් සිප ගැනීමක් අතරතුරදී හුස්ම සිර වී අයෙක් මරුට කියලා නිව්ස් එකක් අද රෑ නිව්ස් වල ගියොත් කියලා බයට. එයා මන් දිහා බලන් හති අරිනවා හොඳටම. නිකන් රේස් එකක් දුවලා වගේ. අනේ විලි ලැජ්ජාවෙ බෑ. මාව නිකන් පුපුරලා යන්න වගේ.

" රතු වෙන්න එපා ඕයි. ආපහු කන්න හිතයි තමුසෙව. "

වල්කම් කරලා තව කියවන්න එන හැටි. මන් ඕන බම්බුවක් වෙන්න කියලා හා පංචො පාප්පුවෙන් ටාං ගාලා ජිමින්ගෙ ඔළුවට ගැහුවා.

" ඉන්නවා හොඳ වැඩක් කරන්න. "

එහෙම කියපු ජිමින් මාව එයා ළඟට ඇදන් මගේ බෙල්ල පුරා එයාගෙ නාහෙ අතුල්ල අතුල්ල මට කිචි කවන්න ගත්තා.

" අනෙ එපාහ්.. මට කිචි.. ආහ්... "

ආයිෂ් මොකෙක්ද මන්දා කටට අහු වෙන හැම එකම හපනවා බලු කුක්කෙක් වගේ. ඒ පාර බෙල්ල හපනවා. හපලා මදිවට තව එතන කිස් කරනවා කෙළ ගගා...

" ආහ්.. "

" යා යා... තමුසෙලා දෙන්න මෙතනින් එළියට පලයල්ලා.. මට සැනසීමේ නිදා ගන්න දෙන්නෙ නැතුව මෙතන ඇවිත් රමනයේ යෙදෙනවද ආ.... "

අපි දෙන්නම ඈත් වුණේ ටේටේගෙ සද්දෙට. එයාට සිහිය ඇවිත් එහෙනම්..


ඊයෙ කතාව දෙන්න බැරි වුණාට සොරි සීනි බෝල පැටව්නේ... ඔන්න අද දුන්නා.. කතාව හොඳයිද කියලා කියාගෙන යන්නකො... ❤️

අපේ 6 liners ලට එක්සෑම් ඉවරයි නේද. සුබ පැතුම් ඒ සීනි බෝල යාළුවන්ට ඔයාලගෙ එක් කඩඉමක් සාර්ථකව ඉවර කරපු නිසා... ❤️❤️

#කම්මැලි ඕතර්
23/06/10



Continue Reading

You'll Also Like

65K 446 30
Clearly this story is about the sandlot kids. That's all.
992K 61.4K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
2.1K 352 31
ඔයාට අමුතු බොසෙක් ගාව වැඩ කරන්න ඕන වුණොත්???
2.5K 570 10
කිදුරු දඩයක්කරුවන් ලග හැදුන කිදුරු කුමරිය