- නෑනයි මස්සිනයි - (✓)

By Estar_RM

23.5K 3K 1K

මේ සුදු අයියේ ඔයා දන්නෝද හලෝ.... මස්සිනා අයිති නෑනටලු... Park Jimin Fanfiction A story by Estar_RM Cover... More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33

17

659 100 32
By Estar_RM

" සුදු බබා මොකක්ද පුතේ ඔයාගෙ මේ තොලට වුණේ. "

උදේම පහළට එද්දි නැන්දා කියපු දේ නිසා මට එලොව පොල් පෙනුණා. ඒත් එක්කම මට බැලුණෙ හොඳට කෑම කකා කිසි දෙයක් නොවුණු ගානට ඉන්න ජිමින් දිහා. පෙනේද මේ මිනිහගෙ හැටි. වල්කම් කරලා තව ඉන්න හැටි පූසෙක් වගේ. ඊයෙ තොල හපපු පාර වතුර ටිකක් ගෑවුණත් ඇති හොඳටම දනවා තොල.

" ආ මේ... දොරේ වැදුණා නැන්දා. "

" මේ කෙල්ලට කිසි පරිස්සමක් නැති හැටි. ඔළු පලා ගන්නවා තොල පලා ගන්නවා... "

මන් ගාව තියන මරි මොංගල්ම හිනාව දාලා මන් කෑම මේසෙන් වාඩි වුණේ කෑම කන්න.

" සුදු පුතා ඔයා අද කම්පැනි එකට යන්නැද්ද. "

" ඔයාගෙ වයිෆ් මට යන්න දෙන්නෑනෙ මාමා.. "

මාමා මගේ කොණ්ඩෙ අවුස්සලා හිනා වෙද්දි මම කෑම කන්න පටන් ගත්තා. මාමයි ජිමිනුයි දෙන්නම යද්දි අන්තිමට ගෙදර ඉතුරු වුණේ මමයි නැන්දයි විතරයි. කම්මැලිකම යන්නත් එක්ක මම ෆෝන් එකත් අරන් ගාඩ්න් එකට ගියේ අභීට කෝල් එකක් ගන්න.

මම මෙහේ වුණු හැම දෙයක්ම අකුරක් නෑර අභීට කිව්වෙ මට මේවා කියන්න කියලා වෙන කවුරුවත් නැති නිසා.

" යා රෂ්... එතකොට උඹ කියන්නෙ උඹලෑ අර සුදු ලස්සන මස්සිනා උඹට ලව් කියලද. "


" ඔව් ගෑණියේ.. මෙච්චර වෙලා ඒක තමයි කිව්වෙ තොට. කනේ ඇබද. නැත්තන් පොට්ටද. "

" පොට්ට නෙමේ සුනඛයෝ. බීරිද කියලා අහපන්.. "


" ආ හරි උඹ බීරිද ආ... "


" අඩෝ බන් අපිට නෑනෙ ඔහොම මස්සිනාලා. උඹ එවපු පොටෝවෙ කොල්ලා හිටියා නිකන් සුදු පාටට දිලිසි දිලිසි නළු බට්ටෙක් වගේ. "

" නළු බට්ටා නෙමේ එළු බට්ටෙක් හරි. දැන් කියපන්කො මන් මොකද කරන්නෙ කියලා. "

" ඉතින් උඹත් කැමතියි කියපන් ඔච්චර ගණන් උස්සන්නැතුව. මන් දන්නැද්ද උඹ ගැන. "

" අනේ බල්ලෝ. උඹට මන් කියන එක තේරෙන්නැද්ද. නැන්දයි මාමයි මන් ගැන මොනා නොහිතයිද. මාව මෙහෙන් එලවන්න බැරි කමකුත් නෑ එයාලගෙ පුතාව අල්ල ගත්තා කියලා මන්. "


" ඉතින් උඹනෙ කිව්වෙ යකෝ නැන්දයි මාමයි හරි හොඳයි. හරි සීදේවි පාටයි අනම් මනම් ගගා. "


" ඒක නිසාම තමයි බල්ලෝ මම කැමති නෑ කිව්වෙ ජිමින්ට. මට ඒ මිනිස්සුන්ගෙ හිත් රිද්න්න බෑ. "


" උඹ කියන කතාවත් ඇත්ත. දැන් කියපන් අර හීන සීන් කෝන් එක ගැන. අර කාගෙද නංගි කෙනෙක්ව මැරෙන හැටි දැක්කා කිව්වෙ. "

" මන් උඹට පස්සෙ ඒක කියන්නම්. "

" හරි එහෙනම් ටටා බායි සුදු මැණිකේ. "

" බායි.. "

අභීගෙ කෝල් එක ඉවර වෙලා මන් යන්න හදද්දි මට පිටිපස්සෙන් හිටියෙ නැන්දා. දෙයියනේ නැන්දට මන් කියපු දේවල් ඇහුණද. ඒ කියන්නෙ අද රෑට මට නොමිලේ හම්බෙන කට කපපු රාමේන් කප් එකත් නැති වෙයි.

" සුදු පුතා ඔයාගෙ යාළුවගෙ නමද බල්ලෝ කියන්නෙ. හරි අමුතු නමක්. "


" ඈ.. "

" නෑ පුතා කතා කරද්දි බල්ලෝ බල්ලෝ ගාලා ගොඩ සැරයක් කිව්ව නිසා මන් ඇහුවෙ. "


යසයි යසයි මන්දනා.. ඔය කරලා තියෙන්නෙ. හැබැයි මගේ වාසනාවට මන් අභියා එක්ක සිංහලෙන් කතා කරේ. නැන්දටත් වෙන වචන නැතුව හරියටම ඇහුණ වචනෙ අම්මපා...

" නෑ මේ නැන්නදා ඒක මේ.. ඒක මේ.. මන් එයාට ආදරේට කියන නමක් හී... "

" ආ ඒකනේ මට හිතුණා. "

නැන්දා හිනා වෙලා මගේ ඔළුව අතගාලා යද්දි තමය් ඇඟට ලේ ටිකක් ඉනුවෙ.

කිචන් එක පැත්තෙ ගිහින් නැන්දට ලන්ච් එක හදන්නත් පොඩි සපෝට් එකක් දීලා බඩගිනිත් නැති නිසා මන් ආවෙ පොඩි නින්දක් දාන්න. ඒත් නින්ද යාගෙනම එද්දි මට කෝල් එකක් ආවා. ආයිෂ් මේ අභී මට නිදා ගන්න දෙන්නෙ නැති හැටියක්.

" ඒයි බල්ලෝ මොකද... මට නිදා ගන්න දීපන් ගෑණියේ... "


" හෙලෝ ස්වීටි.. මේ රෂ්මිකා නේද කතා කරන්නෙ. "

ආයිෂ් මන්දනා තමුසෙට නම් පිස්සු. කෝල් අයිඩී එක බලන්නැතුව කෝල් ආන්ස්වර් කරනවට හොඳ වැඩේ..


" ආ ටේටේ... මේ මන් හිතුවෙ වෙන කෙනෙක් කියලා. "

" ආ ඒක මිසක්. මන් හිතුවා ව්රෝන් නම්බර් එකක් කියලා. අනික අමුතු භාෂාවකින් නේ ඔයා කතා කරේ.. මොකක්ද බල්ලෝ කියන්නෙ.. "

අනේ මේ කොරියන් පීපල්ලට මේ වචනෙ විතරමද මන් සිංහල කතා කරද්දි ඇහෙන්නෙ ආ..


" ආ මේ ඒක නිකන් ආදරේට කියන නමක්.. ඒක නෙමේ ඔයා මොකටද කතා කළේ. "

" ආ මේ මට ඔයා එක්ක පොඩි දෙයක් කතා කර ගන්න තියනවා ස්වීටි. මට ඔයාව හම්බෙන්න ඕනි. ජිමින්ගෙ කම්පැනි එක ඉස්සරහ කැෆේ එකට එන්න පුළුවන්ද. "

" හරි ටේටේ මම එන්නම්. "


නැන්දටත් කියලා මන් ලෑස්ති වෙලා කැබ් එකකුත් දාගෙන ජිමින්ගෙ කම්පැනි එක ඉස්සරහ කැෆේ එකට යද්දිත් ටේටේ එතනට ඇවිත් තිබුණා. එයා මට අත වනද්දි මාත් හිනාවක් දාගෙනම ටේටේ ළඟට ගියා.

" යා ස්වීටි මොකද තොලට වුණේ ආ.. "

" ආ මේ දොරේ වැදුණා.. "

මන් හිනා වෙලා කියද්දි ටේටේට ඉබේම බැලුණෙ මගෙ නළලෙ තිබුණු තුවාල කැලල දිහා.

" එදා ඔයාට මම නිසා තුවාල වුණානේ.. සොරි බබා. මන් ඒක හිතලා කළේ නෑ. මන් දුකෙන් හිටියෙ ටේෂු ගැන මතක් වුණු නිසා. "


"අයියෝ ගනන් ගන්න එපා. මට ඒක අවුලක් නෑ. පේනවනේ මන් මේ ඉන්නෙ දිලිසි දිලිසි හොඳට. "


මන් ඇහැකුත් ගහලා කියද්දි තමා ටේටේ ආපහු ටිකක් හිනා වෙන්න ගත්තෙ.

"එදා ඔයා ටේෂු ගැන.. "

" මන් කිව්වනේ ටේටේ.. අපි ඒක අමතක කරමු. මන් කියන්නෙ අපි වෙන දෙයක් ගැන කතා කරමු. මට ආපහු පාරක් ඔයාව රිද්දන්න බෑ. "


" නෑ නෑ බබා. මන් අද ආවෙ ඔයත් එක්ක ඒ ගැන කතා කරන්නම තමයි. "

මෙච්චර වෙලා හිනා වෙවී හිටිය අපි දෙන්නම සීරියස් මූඩ් එකකට ආවෙ ටේෂු ගැන කතා කරන්න හදපු නිසා.


" හැමෝම කිව්වෙ මගේ ටේෂු සූසයිඩ් කරගත්ත කියලා බබා. ඒත් කවුරු කොහොම කිව්වත් මම දන්නවා මගේ ට්විනී කවදාවත් එහෙම කරන කෙනෙක් නෙමේ කියලා. අනික එයා තරම් සතුටින් ඉඳපු කෙල්ලෙක් මන් දැකලම නෑ. එයාට මැරෙන්න තරම් කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ. එයාට එහෙම දෙයක් තිබුණත් එයා අනිවාරෙන්ම මට ඒක නොකියා ඉන්නෑ බබා. අපි දෙන්නා ඒ තරමට හරි ආද​රෙන් හිටියා. අපි දෙන්නා අතර පුංචිම රහසක්වත් තිබිලා නෑ. ඉතින් මගේ ටේෂුවා සූසයිඩ් කරගෙන කියලා කිව්වම මට බාගෙට පිස්සු හැදුනෙ නැති ටික විතරයි ස්වීටි. එදා ඔයා ටේෂුව මතක් කරාම මට ගොඩක් දුක හිතුණා. සොරි බබා.. "

" ඉට්ස් ඕකේ.. ටේටේ.. "

කඳුළු අතරින්ම ටේටේ මන් දිහා බලලා හිනා වුණා.

" ස්වීටි ඔයා දන්නවද. මගෙ ටේෂුත් මට කතා කරේ ටේටේ කියලා. මන් ඔයාට ස්වීටී තව බබා කියලා කතා කරන්නෙ ඇයි දන්නවද.. මන් ඒ විදියට තමා මගෙ ටේෂුට කතා කරේ. එයත් ඔයා වගේ හරි හුරතල්. කොයි වෙලෙත් කච කච ගානවා. කොයි වෙලේ බැලුවත් කට හොල්ල හොල්ල මොනවහරි කනවා. පෙනුම වෙනස් වුණාට ඔයාලා දෙන්නා එක වගේ මට. "

ටේටේගෙ කතා වලට මටත් කඳුළු ආවෙ ටේටේ ගැන දැනුණු දුකට. ළඟින් හිටපු අය නැති වෙද්දි දැනෙන්නෙ කොහොමද කියලා මාත් හොඳටම දන්නවා.

" ටේටේ මට ඉරිසියයි ඔයා ගැන. තව ඔයාගෙ ටේෂු ගැන. "

" ඇයි බබා ඒ.. "

" ඔයාගෙ ටේෂුට වගේ හොඳ අයියා කෙනෙක් මට නෑනෙ ඉතින්. "

" ඉතින් බබා අර ජිමින් ඉන්නෙ. "

තමුසෙට පයිත්තියම්ද ටේටේ.. ඔය මිනිහට පුළුවන් නම් මගේ ඔළුවෙ කෙස් ගස් ටික එකින් එක ගලවලා මට වද දීලා මරලා දායි. එහෙව් මිනිහා ඔය ආදරෙයි කිය කිය පස්සෙන් එන්නෙ දැන්.


" ඔයා දැකලා නැද්ද එයා මට බනින හැටි හූම්... "

" ඒ ආදරේටනෙ බබා.. "

" හරි ඒවා වැඩක් නෑ. ඔය බටු පාත්තයා ගැන කතා කරන එක නවත්තමුකො. මට නම් මතක් කරද්දිත් හරි කේන්තියි අප්පා අනේ.. "

" හරි හරි.. ඒක නෙමේ බබා. දැන් මට කියන්න ඔයා එදා අපේ ගෙදරදි මට කියපු දේ ආපහු හරියට විස්තර කරලා. ටේෂු සූසයිඩ් කර ගත්තෙ නෑ එයා මැරුවා කියපු එක. "


" ඔයා මාව තවම විශ්වාස කරනවද ටේටේ. "


" මතක නැද්ද. අපි යාළුවොනෙ බබා. මන් ඔයාව විශ්වාස කරනවා. "


" හරි.. මන් මුලින්ම ඔය හීන දකිද්දි මන් හිතුවෙ ඒ ගෑණු ළමයා මන් කියලා. ඒත් පස්සෙ පස්සෙ මට තේරුණා ඒ මන් නෙවේ කියලා. මට ඒ ගෑණු ළමයගෙ මූණ පේන්න ගත්තෙ මන් ඔයාගෙ අත අල්ලද්දි. "

" වට්... ඒ කියන්නෙ ස්වීටි.. "


" සාමාන්‍යයෙන් මන් හීන දකින්නෙ නිදා ගෙන ඉද්දිනේ.. මන් කොරියාවට එද්දිම වගේ නින්දෙදි තමයි මුලින්ම ඔය හීනෙ දැක්කෙ. ඒත් මන් ඔයාගෙ අත අල්ලන සැරයක් පාසා මට ඒ හීනෙ ගොඩක් පැහැදිලිව පේන්න ගත්තා. ඔයාට මතකද අපි පළවෙනියට මුණ ගැහුණු දවසෙ මන් කලන්තෙ දැම්මා. "


" පළවෙනි දවසෙ විතරක් නෙමේනෙ බබා. ඔය හුඟ පාරක් ෆේන්ට් වුණානෙ. "


" ඉතින් ඒ හැම පාරම ෆේන්ට් වෙද්දි මන් අල්ලගෙන හිටියෙ ඔයාගෙ අතනෙ. "

ටේ ඒක ගැන ටිකක් කල්පනා කරන්න අරන් ටික වෙලාවකින් ඇස් දෙක ලොකු කරන් මන් දිහා බැලුවෙ එයාට ඒක මතක් වුණු නිසා.

" ඔව්මයිනේ.. ඉතින් කියන්න මට ඉතුරු ටික. "

" මන් හීනෙන් දැක්කා මූණ වහගත්තු කෙනෙක් ටේෂු බාත් ටබ් එකේ ඉද්දි එයාට මොනවහරි දෙයක් ඉන්ජෙක්ට් කරනවා. මන් හිතන්නෙ ඒ ඩ්‍රග්. ටේෂු නිකන් පණ නැතුව වගේ හිටියෙ ඒක නිසා. ඊට පස්සෙ එයා ටේෂුව වතුර එකේ ඔබාගෙන හිටියා හුඟ වෙලාවක්. ටේෂු උඩට ගත්තට පස්සෙ ඒ කෙනා ටේෂුගෙ අත් දෙකේම මැණික් කටුව ගාවින් පේපර් කටර් එකකින් කැපුවා.. "

ටේටේගෙ ඇස් වල කඳුළු පිරිලා. මොන අයියටද පුළුවන් තමන්ගෙ නංගි මැරුණු විදිය අහන් ඉන්න. ඒත් ටේටේ කඳුළු අතරින්ම අහන් ඉන්නවා.

" මට ඕන වුණා හරියටම මොනවද වුණේ කියලා දැන ගන්න එදා ඔයාගෙ නංගිට. මන් ඒක නිසයි කැෆටේරියා එකේදි ටේබල් එක උඩ නැගලා ඉද්දි ඔයාගෙ අත ඇල්ලුවෙ. ඒත් ඔයා මගේ අත ගසලා දැම්මනේ.. "

" සොරි බබා... "

" සොරි කියන්න එපා. ආපහු කිව්වොත් ගහනවා මේ මල් වාස් එකෙන් ඔළුවට ටාාාාං ගාලා. "


ඇති යන්තම්.. මට ඕන වුණ විදියටම එයා මගේ කතාවට හිනා වුණා... ඒත් මන් බලන් හිටියෙ මගේ දිහාවට දික් කරන් හිටිය ටේටේගෙ අත දිහා.

" ස්වීටි මගේ අත අල්ලලා අද හරියටම බලන්න මගේ නංගිට මොකද වුණේ කියලා. ප්ලීස්.... "

මන් ඔළුව වනලා හිමින් සැරේ ටේගෙ අත අල්ලා ගත්තා. වෙනදා වගේම ඇඟ පුරා කරන්ට් එකක් දුවනවා වගේ දැනෙද්දි මගේ මනස පුරා ඇදුණෙ රූප රාමු ගොඩක්. ඒත් මට ඒවා පැහැදිලිව බලා ගන්න බැරි වුණේ මන් වාඩි වෙලා හිටිය පුටුවෙනුත් මාව විසික් වෙලා යන විදියට කවුරුහරි මාව ඇදලා ගත්තු නිසා. ඇස් ඇරලා බලද්දි එතන හිටියෙ ජිමින්




ළමයි ඔන්න අදත් දුන්නා. මගේ එකවුන්ට් එකේ ෆලෝවස්ලා 300 ක් ඉන්නවා.. මාව ෆලෝව් කරපු සීනි බෝල යාළුවොන්ට තෑන්ක් යු හොදේ.😍❤️

අද කොටස කොහොමද කියලා කියා ගෙන යන්න.

#කම්මැලි ඕතර්
23/06/07

Continue Reading

You'll Also Like

854K 19.4K 48
In wich a one night stand turns out to be a lot more than that.
2.5K 508 8
දෛවය හරි පුදුමාකාරයි වටින මහ ගොඩක් දේවල් අහිමි කරලා ජීවත් වෙන්න... එකම එක පුංචි බලාපොරොත්තුවක් විතරක් ඉතුරු කරනවා.. 💛💚 ජීවිතේ දකින්න, 💐 ☘ ️ලැබීම්...
725 129 27
"මේ ආත්මෙවත් මම ඔයාව ආරක්ශා කරගන්නවා...." .................................................................... ආදරේ කරන දෙන්නෙක්ගේ හිමි වීම අහිමිවීම...
65K 446 30
Clearly this story is about the sandlot kids. That's all.