- නෑනයි මස්සිනයි - (✓)

By Estar_RM

22.4K 2.9K 1K

මේ සුදු අයියේ ඔයා දන්නෝද හලෝ.... මස්සිනා අයිති නෑනටලු... Park Jimin Fanfiction A story by Estar_RM Cover... More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33

16

657 96 29
By Estar_RM

මගේ අත පිච්චිලා අතට දවස් හතරක්. මේ දවස් හතරම මන් හිටියෙ ගෙදර. මොකද මට සනීප වෙනකන් නැන්දා ගෙයින් එළියට අඩියක්වත් තියන්න දුන්නෑ. මන් කොච්චර බැන්නත් ජිමින් එක්ක වලියක් ඇල්ලුවෙ නැත්තම් මට නිකන් කෑවෙ නෑ වගේ. මේ දවස් ටිකට ගෙදර නිසා විශේෂ කිසිම දෙයක් වුණේ නෑ. අඩුම මට හීනයක්වත් පෙනුණෙ නෑ. ඒ නිසා මොනා වුණත් මන් හොඳට නිදා නම් ගත්තා.

" සුදු බබා පහළට එන්නකො. මේ ඔයා බලන්න යාළුවෙක් ඇවිත්. "

නැන්දගෙ සද්දෙට මන් පහළට ගියේ මාව බලන්න ආපු යාළුවා කවුද කියලා බලන්න. මොකද මට මෙහේ යාළුවෙක් තියා මාළුවෙක්වත් නෑනෙ.

" ස්වීටි ඔයාට කොහොමද දැන්. "

ඒ නම.. මන් හිතුවෙ ආයිමත් මට කවදාවත් ඒ නම අහන්න ලැබෙන එකක් නෑ කියලා.... ඒත් ටේටේ එයා මට ආපහු ඒ නමින් කතා කරා.

" ඇයි සුදු බබා ටේ දැකලා බය වෙලා වගේ ඉන්නෙ. ඔයා පුතා එක්ක කතා කරන්නකො. මන් බොන්න මොනාහරි අරන් එන්නම්. "

නැන්දා කිචන් එක දිහාට යද්දි ටේ ආවෙ මන් දිහාවට.

" ඔයාට එදා කෑ ගැහුවට සොරි බබා. "

ටේටේ හරිම අහිංසක මූණක් හදන් කිව්වා. මට බැනලා දැන් සමාව ගන්න හැටි.....

" අනේ ස්වීටි අඬන්න එපා බබා.. "

ෂිට් මේකනම් හරිම අසාධාරණයි. අඬන්න ඕන නැති වුණාට කඳුළු එනවනෙ රෙද්ද. මන් ඕන දෙයක් වෙද්දෙන් කියලා ටේටේව බදා ගත්තා. එයත් මාව ආපිට බදා ගෙන මගෙ ඔළුව අත ගාන්න ගත්තා.

" ඔයා මට රෂ්මිකා කිව්වා... හික්... තව මට කෑ ගැහුවා... ඇයි මාත් එක්ක කතා කරේ නැත්තේ... හික්.... මන් හිතුවෙ ඔයා මගේ යාළුවා කියලා. මට මෙහෙ යාළුවෙක්ට කියලා හිටියෙ ඔයා විතරයි. මට ඔයාව ඔයාගෙ නංගි ගැන කියලා රිද්දන්න ඕන වුණේ නෑ දෙයියනේ... අනේ මට සොරි කියන්න ඕන වුණා.. අර හික්.. මෝඩ ජිමින් මට නම්බර් එක දුන්නෙ නෑ.. "

" ෂ්ෂ්ෂ්ෂ්.. බබා අඬන්න එපා. අනේ සොරි ඔයාව රිද්දුවට. ප්ලීස් අඬන්න එපා. මටත් දුකයි ඔයා අඬද්දි. කෝ දැන් ඉතින් ඒවා අමතක කරන්න හොඳ ළමයා වගේ.. "

" හික්... "

මන් සුරුස් සුරුස් ගගා හොටුත් උඩට ඇද ඇද ටේටේව බදා ගෙන තාම අඬනවා. ඒත් මට ඇහුණෙ කවුරුහරි උගුර පාදන සද්දයක්. හැරිලා බැලුවම දැක්කෙ ජිමින්. එයා හිටියෙ මකරෙක්ගෙ මිනිස් වර්ෂන් එකෙන්. ඇස් පවා ගිනි පිට කරනවා වගේ. මුළු මූණම රතු වෙලා. හේතුවක් දන්නෑ මන් ටේටේව පිටිපස්සට තල්ලු කරලා ඉක්මනට අයින් වුණේ බයටමයි.

" ආ ජිමිනා උඹ ආවද. මෙයා මේ හොටු පෙරන් අඬනවා මන් තරහා වෙලා කියලා බන්.. "

ටේටේ ජිමින් ළඟට ගිහින් ජිමින් පිටට තට්ටුවක් දාලා කියද්දි එතනට නැන්දා කෝෆි හදන් ආවා.

" ආ ජිමින් ඔයත් ආවද. මන් ඔයාටත් හදන් එන්නම්. "

" එපා මන් යනවා උඩට. ටේ උඹ දැන්ම යනවද. "

" ඔව් බන් වැඩ ගොඩක් අස්සෙ ආවෙ. ඉක්මනට යන්න ඕන. "

" මන් එහෙනම් රූම් එකට යනවා. මගේ ඔළුව ටිකක් රිදෙනවා. "

" හරි බන් එළ. "

ජිමින් ගියාට පස්සෙ මමයි ටේටේයි පහු ගිය දවස් වල ඒවට ඇරියස් වෙන්නත් එක්ක වල් පල් ටිකක් කතා කර කර හිටියා. ඒ වගේම අපි දෙන්නගෙ නම්බර්සුත් මාරු කර ගත්තා. ටේටේ එක්ක කතා කරද්දි මන් එදා කැෆටේරියා එකේදි දැකපු හීනෙ ගැන කෙළ බිඳක්වත් වට්ටන්න නැතුව හිටියෙ මට මෙයාගෙ හිත ආපහු රිද්දන්න බැරි නිසා. කතා කර කර ඉදලා ටේටේ මට ගෙනත් දීපු පලතුරු මල්ලත් උස්සන් මන් කාමරේට යද්දි මගේ කාමරේ දොරට හේත්තු වෙලා සුදු පාට ෂෝර්ට් එකකුයි අත් කපපු සුදු පාටම ෂර්ට් එකකුයි ඇඳන් ජිමින් හිටියා. ඒකත් රවාගෙන. අනේ මේ මිනිහට පොඩ්ඩක් හිනා වෙන්න බැරි හැටියක්.

" එනවා මගෙ කාමරේට. "

" ඒ මොකටද. "

මන් එහෙම කියලා ගස්සන් කාමරේ ඇතුළට යන්න හදද්දි ජිමින් මගේ අතින් ඇදන් ගියේ අනිත් අතේ තිබුණු ටේටේ දීපු පලතුරු මල්ලත් බිම වැටෙද්දි. මගේ අතින් ඇදන් යන එක මෙයාට පුරුද්දක් වෙලාද කොහෙද.

මාව එයාගෙ කාමරේට එක්කන් ආපු එයා ඒකෙ දොර වැහුවෙ පයින් එකක් ගහලා. මාව බිත්තියට හේත්තු කරලා ජිමින් මාව බිත්තියටත් එයා අතරටත් තද කර ගද්දි තමයි ඒ ඇස් කේන්තියෙන් පුපුරන හැටි දැක්කෙ.

" මොකද වෙලා තියෙන්නෙ ජිමින්. "

" මොකද වෙලා තියෙන්නෙ ආ.. තමුසෙ මොකටද අරූව බදා ගත්තෙ ආ.. "

" කවුද අරූ කියන්නෙ. "

" ඔව් ඔව් තමුසෙ දන්නෑනේ. තමුසෙ හරි තොත්ත බබානේ. මන් එද්දි තමුසෙ ටේහ්යුන්ව බදාගෙන හිටියෙ. ඒකත් අඬ අඬ. "

" මන් කවුරු බදා ගත්තත් ඔයාට මොකද. මන් ඔයා බදා ගන්න අය ගැන හොයන්න එන්නෑනෙ ජිමින්. "

" කට කට... තමුසෙ දැන් මාත් එක්ක කට ගහගෙන එනවද ආ... තමුසෙ මොකද කොයි වෙලෙත් ටේගෙ කරේ එල්ලිලා ඉන්නෙ ආ. තමුසෙ ඌට කැමතිද ආ. "

ජිමින්ට මොනවා වෙලාද මේ. මොනවද මේ කියන විකාර. ටේටේට කැමතියි... ඒකත් මේ මම. මගේ තුන් හිතකවත් නැති දේවල්නෙ මෙයා කියවන්නෙ. මම ආද​රේ තමුසෙටනේ මිනිහෝ.. එහෙව් එකේ වෙන පිරිමි පස්සෙ යන්න මට පිස්සු නෑ..

" මොකද තමුසෙ කතා නැත්තෙ ආ... ආයිෂ් ඔය අඬන එක නවතත්නවා. "

" ඔයා මට රිද්දනවා. "

මම කඳුළු අතරින්ම උත්තර දුන්නා.

" ඔව් ඔව් මේවා අහද්දි කොහොමත් රිදෙනවා ඇති. ඉන්නෙ නිකන් අහිංසකාවි වගේ ආ.. තමුසෙ හැම කොල්ලම රවට්ටගන්නවා ඇත්තෙ ඔය විදියට කඳුළු සලලා වෙන්නැති නේ. "

ජිමින් ඒක කිව්වෙ මට නෝන්ඩියට හිනා වෙවී.

" ඔයා අල්ලන් ඉන්නෙ මගේ තුවාල වුණු අත ජිමින්. ඒක අතාරින්න. මට රිදෙනවා. "

ජිමින් මාව එයාගෙ කාමරේට ඇඳන් ආවෙ මගේ පිච්චුණු අත අල්ලන්. එයා තාම ඒ අත අල්ල ගත්තු විදියමයි. එන්න එන්නම එයා තරහින් රතු වෙද්දි එයා මගේ අත අල්ලන් ඉන්න ග්‍රහණෙත් වැඩි කරා. බාගෙට හොඳ වෙලා තිබුණු තුවාලෙ ආපහු පෑරෙන්න ඇති. මොකද ඒක හොඳටම දනවා.

මන් අත අතාරින්න කියද්දිම ජිමින්ගෙ අතින් මගේ අත අතෑරුණේ ඉබේටමයි. මට කියන්න ඕනි වුණා මන් කැමති ටේටේට නෙමේ ඔයාට කියලා. හිත ඒ විදියට කියද්දි මගේ මොළේ කිව්වෙ වෙනම දෙයක්. ඉතින් මන් වෙනදා වගේම මගේ මොළේ කියපු දේ කළා.

මන් මගේ තුවාලෙ තිබ්බ අතින්ම චටාස් ගාලා ජිමින්ගෙ එක කම්මුලකට ගැහුවා. ජිමින්ට රිදුණටත් වඩා ඒකට රිදුණෙ මට. ඔයාලා හිතන්නෙ ජිමින්ට ගහපු නිසා මගේ හිත රිදුණා කියලද. අපොයි නෑ දෙයියනේ මේ මිනිහගෙ කම්මුල නිකන් කොන්ක්‍රීට් ලෑල්ලක් වගේ. අත නිකන් නෑ වගේ... මගෙ අම්මෝ අත රිදෙන තරම්... මට රිදුණු පාර ලොකු ඉකියක් පිට වුණේ තරු විසික් වෙද්දි.

" ජිමින් පුතා මොකක්ද ඒ සද්දෙ. "

නැන්දා කාමරේ ගාවට ඇවිත් කතා කරද්දි ජිමින් එක පාරටම එයාගෙ තොල් වලින් මාව බ්ලොක් කරා.

ජිමින් නැන්දට උත්තරයක් දුන්නැති නිසා ආපහු පහළට යන අඩි සද්දෙ ඇහුණත් ජිමින් තාමත් මගේ තොල් උඩ එයාගෙ තොල් තියාගෙන. දෙයියනේ මගේ මුළු ඇඟම වෙව්ලනවා. මන් ඇස් දෙකත් ඇරන් බලන් ඉන්නෙ ජිමින් දිහා. ඒත් එයා ඇස් වහන්. ඒත් එක්කම මාත් ඇස් පියා ගත්තෙ බයටමයි.

මට දැනුණා ජිමින් හිමින් හිමින් මගේ තොල් උඩ අරහෙට මෙහෙට යනවා. ඒක හරි අමුතුයි. මාව පිච්චෙනවා වගේ. ඒ වගේම ඒ හැඟීම හරි ලස්සනයි. එයාගෙ තොල් හරි සිනිඳුයි. ඒ මදිවට ඒවා ස්ට්‍රෝබෙරි රසයි. ඒ එයාගෙ ලිප් බාම් එක වෙන්නැති. හිමින් හිමින් එහෙට මෙහෙට එයාගෙ තොල් අරන් ගියපු ජිමින් එන්න එන්න ටික ටික වේගෙ වැඩි කරද්දි හේතුවක් නැතුවම මන් ජිමින්ගෙ ෂර්ට් එක පොඩි කරලා අල්ල ගත්තා.

යා පාක් ජිමින්... එයා මට කිස් එක අස්සෙන් හිනා වුණා...

" ආහ්... "

මන් එහෙම්ම ජිමින්ව තල්ලු ක​රේ එයා මගේ යටි තොල හැපුව නිසා. ආයිෂ් ඒක රිදුණා මගුල. යා මේ මිනිහා ලැජ්ජ නැතුව තව කට කොණින් හිනා වෙවී ඉන්න හැටි.

" ජිමින් ආ යූ අවුටොෆ් යුවර් මයින්ඩ් හහ්.. "

" තමුසෙ නිසා මට දැනටමත් බාගෙට පිස්සු හැදීගෙන එන්නෙ. "

එයාටම හිමින් මුමුණ ගත්තු ජිමින් මාව එයාගෙ ඇඳෙන් වාඩි කරවලා අතට බෙහෙත් දාන්න ගත්තා. එයාම රිද්දලා එයාම බෙහෙත් කරනවා. මෙයාට මානසික ලෙඩක්වත් තියනවද.

" මන් තමුසෙට ආදරෙයි මන්දනා. "

මගේ අත දිහා බලාගෙන බෙහෙත් දාන ගමන් ජිමින් ඒ කිව්ව කතාවට මට හුස්ම ගන්නත් අමතක වුණා. මාව නිකන් රත් වෙලා පිපිරෙන්න ඔන්න මෙන්න වගේ. මුලින්ම කිස් කළා. ඒ මදිවට දැන් ආදරෙයි.. හිතේ පොඩි සතුටක් ඇති වුණත් මට මතක් වුණේ නැන්දවයි මාමවයි. මට බෑ එයාලට ද්‍රෝහි වෙන්න. එයාලා මේක දැනගත්තොත් මොනවා වෙයිද.

මන් අත ගසලදාලා නැගිට්ටෙ අද මේකෙ දෙකෙන් එකක් විසඳගන්න.

" ජිමින්... අයියේ... මේක අහගන්න. ඔයාට බෑ මට ආදරේ කරන්න. මන් එදත් කිව්වා වගේ අපි අයියයි නංගියි. ඔයා ඔහොම කියලා මට පව් පුරවන්නද හදන්නෙ ආ... නැන්දයි මාමයි දැන ගත්තොත් එයාලට මොනවා වෙයිද. එයාලා මට මොනවා නොකියයිද. මන් මෙහෙට ඇවිත් එයාලගෙ පුතා එක්කම යාළු වුණා කියලා දැන ගත්තොත්.... ඔයාට ඇයි තේරෙන්නෙ නැත්තෙ මන් කියන දේ. මෙහෙම කරන්න එපා වඳින්නම් ප්ලීස්... "

මන් ජිමින් ඉස්සරහ අත් දෙක එකතු කරලා වැන්දෙ මගේ හිතෙත් ජිමින් වෙනුවෙන් ආදරයක් තිබුණත් ඊටත් වඩා ලොකු වරදකාරී හැඟීමක් තිබුණ නිසා. නෑනා අයිති මස්සිනාට වෙන්න ඇති. හැබැයි ඒ කතා පොත් වල වෙන්න ඇති. ඇත්ත ලෝකෙදි එහෙම වුණොත් මිනිස්සු මොනවා නොකියයිද.

" තමුසෙට කවද්ද මම අයියා වුණේ මන්දනා. මන් ඔයාව දැක්කෙත් මාසෙකට විතර කලින්. අපි අතර කවදාවත් එහෙම සම්බන්ධයක් තිබිලා නෑ. ඉතින් ඇයි බැ​රි මට ඔයාට ආදරේ කරන්න. ඇයි තමුසෙ අයියයි නංගියි ගගා එකම කතාව කියන්නෙ. අනික මම තමුසෙගෙම අයියා නෙවේනෙ. "

" ඇයි ඔයාට තේරෙන්නෙ නැත්තෙ. නැන්දයි මාමයි ගැන හිතන්නකො. එයාලට මොනවා හිතෙයිද දෙයියනේ.. "

ජිමින් හිනා වෙනවා.. හරියට පිස්සුවෙන් වගේ..

" ඕකේ ඕකේ මන්දනා. ඔයාට හැම දේටම වඩා වටේ මිනිස්සුයි අම්මයි තාත්තවයිනෙ ලොකු. ඕකේ ෆයින්. අමතක කරන්න මන් මේ කිව්ව දේවල්. හරිනෙ දැන්. ඔයා යන්න දැන් රූම් එකට ඉක්මනට. "

" ජිමින් ම.. "

" යනවා මගේ දෑහට නොපෙනී මන්දනා..... "

මම කාමරේට දුවගෙන ආවෙ දොර ළඟ තිබුණු වැටුණු පලතුරු මල්ලත් අරන්. ඒකත් අරන් කොට්ටයක් බදාගෙනම ඇඳට පැන්නෙ අඬන ගමන්. දැන් මට ඕන මේවා කාට හරි කියලා හිත නිදහස් කරන් හොඳටම අඬන්න. අභීට කියන්නත් බෑ එයා හොඳටම කලබල වෙයි මේවා අහලා.

ඇයි මටම මෙහෙම වෙන්නෙ. ඇයි අපි දෙන්නා නෑදෑයො වුණේ.. දුක වැඩි කමට පලතුරු මල්ලෙ තිබුණු අතට අහු වුණු ඒවා සේරම කටේ ඔබා ගත්තා. අඬ අඬ කන නිසා හිර වෙනවත් එක්ක. ඒ මදිවට අතත් රිදෙනවා.

කොච්චර නිදා ගන්න හැදුවත් මට නිදා ගන්න බැරි වුණේ ජිමින්ගෙ කාමරේ වුණු දේවල් එකින් එක සැරින් සැරේට මතක් වුණු නිසා. ඕන කෙනෙක්​ට බම්බු ගහන්න කියලා දුවලා ගිහින් මාත් ඔයාට ආදරෙයි ජිමින් කියලා කියන්න ඕනි වුණත් මට කන්න අඳින්න දීලා තව ඉන්න හිටින තැනකුත් දීපු නැන්දටයි මාමටයි ද්‍රෝහි වෙන්න බැ​රි නිසා පාඩුවේ ඉන්නවා.

අද රෑට නම් කොහොමවත් නින්ද යන එකක් නෑ. මන් හිතන්නෙ ජිමිනුත් නිදි නෑ. එයාගෙ කාමරෙනුත් පොඩි පොඩි සද්ද බද්ද ඇහෙනවා.



ඔන්න අද ටිකක් දිග එකක් දුන්නා සීනි බෝල යාළුවනේ.. කිස් එකක් දෙන්න චැප්ටර් දාසයක්ම ගියා නේත දෙයියනේ 😂💔

අද කොටස කොහොමද ඉතින්. හොඳයිද. නැත්තන් බෝරින්ද.

#කම්මැලි ඕතර්
23/06/07









Continue Reading

You'll Also Like

9.9K 174 14
A guy has a lot of secrets. Who doesn't though right? But some secrets are better left in the dark. Buried and forgotten. Yn has one big secret. One...
2K 510 29
හෝග්ස්වොඩ් වලට ගමනක් 🔮🔮 ඔයාත් ආසද Hogwarts වලට යන්න... ඉගෙන ගන්න... එහෙම නම් අපි යමු...
930 287 23
2100 කියන්නේ තාක්ෂණය අතින් නම් ගොඩක් දියුණු කාලයක්... ඒ කාලේ අවතාර කියන දේ තිබුනොත්??? ඒ මිනිස්සු විශ්වාස කරයිද???
777K 17.5K 46
In wich a one night stand turns out to be a lot more than that.