- නෑනයි මස්සිනයි - (✓)

Oleh Estar_RM

22.3K 2.9K 1K

මේ සුදු අයියේ ඔයා දන්නෝද හලෝ.... මස්සිනා අයිති නෑනටලු... Park Jimin Fanfiction A story by Estar_RM Cover... Lebih Banyak

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33

15

646 99 44
Oleh Estar_RM

" මන්දනා මට සමාවෙන්න ප්ලීස්... මන් ඔයාව විශ්වාස කරන්නයි තිබුණෙ. "

ජිමින් හිටියෙ මගේ ඉස්සරහ දණ ගහගෙන සමාව ඉල්ලන ගමන්. ඒ මදිවට එයාගෙ ඇස් වල කඳුළු. ඒ මදිවට මමත් හොඳටම අඬනවා. අපි හිටියෙ හොස්පිට්ල් එකේ. එතන නැන්දයි මිසිස් කිම්තුයිත් හිටියා. ඒත් ජිමින් මන් ඉස්සරහට වෙලා මගේ අත් දෙකත් අල්ලන් මොන මොනවදෝ කිය කිය අඬන් ගමන් සමාව ඉල්ලනවා.


ඇස් දෙකට දැනුණු බර ගතියත් එක්ක ඇස් අරිද්දි මට දැනුණෙ නාහෙ කඩා ගෙන යන බෙහෙත් සුවඳක්. ඒ කියන්නෙ මන් ඉන්නෙ හොස්පිට්ල් එකේ. ඇස් ඇරලා බලද්දි සේහා මැඩම් මගේ ඇඳට එහා පැත්තෙ පුටුවක වාඩි වෙලා ඉන්නවා.

ෂික් අරක හීනයක්ද. මන් හිතුවෙ ඇත්තටම ජිමින් මගෙන් සමාව ඉල්ලුවා කියලා. මෙව්වනේ යකෝ හීන....

" රෂ් ඔයා නැගිට්ටද ළමයෝ. ඉන්න මන් ඩොක්ටට කතා කරන්නම්. "

ටික වෙලාවකින් සේහා මැඩම් එක්ක ඇතුළට ආවෙ ජිමිනුයි තව ඩොක්ට කෙනෙකුයි. ඩොක්ට මාව චෙක් කරලා බලලා කතා කරන්න ගත්තා.

" ඔයාගෙ අත සතියක් විතර යනකන් තෙමන්න එපා. "

මම හරි කියන්න ඔළුව වැනුවා.

" ඩොක්ට මෙයාව අද ඩිස්චාජ් කරන්න පුළුවන්ද. "


" ඔව් මිස්ට පාක්. එයාගෙ නළලෙ තුවාලෙන් ලේ ටිකක් වැඩිපුර ගිහින් තියන නිසා තමයි ෆේන්ට් වෙලා තියෙන්නෙ. සේලයින් එක ඉවර වුණාම මෙයාව එක්කගෙන යන්න. "

" හරි ඩොක්ට. "

ඩොක්ට එළියට ගිය නිසා මන් හිතුවෙ මන් දැකපු හීනෙ ඇත්ත කරලා ජිමින් මගේ ඉස්සරහ දණ ගහන් සමාව ඉල්ලාවි කියලා. ඒක මතක් වෙන කොටත් දැනෙන්නෙ මහම මහ කුරිරු සතුටක්. ඒත් ජිමින් සේරම විනාස කලා තත්පරෙන්. මේ මිනිහා නම් වෙනස් වෙන්නෙම නෑ.

" ඕයි මන්දනා.. තමුසෙට පිස්සුද ඔළුවත් පලන් තව අතකුත් පුච්චන්... අසනීපයක් තියනවනව් කටක් ඇරලා කියන්න තිබුණනේ ආ... තමුසෙලා සේරම ඉන්නෙ මට වද දෙන්න. "

" ම්ම.. "

" එහෙන් තමුසෙ. අරහෙ අර සාරගෙයි මින්ජිගෙයි කේස් එක. ඒ අස්සෙ ටේෂුගෙ කේස් එකත් උඩට ඇවිත්. මට නිවනක් නැති හැටි. "

ජිමින් යන්න ගියේ මන් හිටපු ඇඳටත් ගහලා මටත් ගස්සගෙන. ගැලවෙයි බටු පාත්තයගෙ කුකුල් පස්ස.. පුදුම මිනිහෙක් තමයි. මේ යකාට ආද​රේ කරන්න මටත් ලැජ්ජ නෑනෙ... ආයිෂ් මන්දනා වෙන කොල්ලෙක් හිටියෙම නැද්ද උඹටත් මේ ගිනි මකරටම හිත ගියේ... නිකන් හරියට කතාව මන් හිතලා තුවාල කර ගත්ත වගේ.

" රෂ්... සර් කියන ඒවා ගණන් එපා ළමයෝ. සර්ට මේ දවස් වල කරදරනේ. ඒ නිසා එයාට ඉක්මනට තරහා යනවා. "


" මේ දවස් වල විතරක් මොකද. මන් ආපු දා ඉඳන් ඕකගෙ වැඩේ තරහ ගන්න එකනේ.. "

සේහා මැඩම් මටත් හිනා වෙලා ඔළුවත් අත ගාලා ගියේ ආපහු කම්පැනි එකට.


" රෂ් මන් දැන් කම්පැනි එකට යන්න ඕන. ඔයා දන්නවනෙ ඊළග සතියේ අ'වෝඩ් සෙරමනි එක කියලා. සාරා මැඩම්ව බෙස්ට් ඇක්ට්‍රස්ලා තුන් දෙනා අතරට නොමිනේට් වෙලා. ඒ නිසා වැඩ ගොඩ ගැහිලා. "

" හරි මැඩම්. "

සේහා මැඩම් ගිහින් පැය බාගෙකට පස්සෙ විතර ජිමින් මාව ගෙදර එක්කගෙන ගියා. කාර් එකේ ඉද්දි මන් මතක් කරේ මගේ අතට කෝපි එක අර මෝඩ ගෑණි හලපු එක. කොටියම කාපිය ඕකිව. අ'වෝඩ් සෙරමනි එකේදි ඕකිගෙ උල් සපත්තුවක් කාණුවක් අස්සෙ හිර වෙලා කොන්ද කැඩිලා සතියක් හොස්පිට්ල් ඉන්න ඕන ඇවිදගන්න බැරුව.

" මොනවද තමුසෙ කුටු කුටු ගාන්නෙ. "

එයාට විතරද ගස්සන්න පුළුවන්. මටත් ගස්සන්න පුළුවන් හූම්. මන් එයාටත් ගස්සලා අනිත් පැත්ත හැරෙද්දි අර විකාර ෂට​ර් එකේ මගේ ඔළු ගෙඩිය හැප්පුණා. ඊටත් වඩා මගේ තුවාලෙ තිබුණ තැනමයි වැදුණෙ.. දිට්ඨදම්මවේදනී කර්ම කියන්නෙ මේවට. සාරා මැඩම්ට තියපු දෙස් දෙවොල් වලට වෙන්නැති ඔළුව වැදුණෙ.. හම්මෝ නිකන් බාත්රූම් යන්නත් ඕන වගේ.

ජිම්න් කාර් එක පාරෙ අයිනට කරලා නතර කරලා මාව එයාගෙ පැත්තට හරවන් නළල බලනවා.

" තමුසෙට පිස්සුද මන්දනා.. තුවාලෙත් පෑරිලා. බලනවා ලේත් එනවා. "

මන් තුවාලෙ උඩ තිබුණු බැන්ඩේජ් එක අත ගාලා බලද්දි අත පුරාම ලේ.. ආයිෂ් අදනම් මන් මැරෙන්නෙ මේ තුවාලෙන් ලේ ගිහිල්ලමයි.

" කෝ ඉන්නවා ටිකක් මෝටරේ වගේ එහෙටයි මෙහෙටයි කැරකෙන්නෙ නැතුව. "

ජිමින් පුළුන් කෑලි වගයක් අරන් තුවාලෙ පිහිනවා. දෙයියොත් මගෙන්ම ආතල් ගන්න වගේ ජිමින් මන් ළඟට නැවිලා තුවාලෙ සුද්ද කරද්දි මගේ බඩ කුරු කුරු ගෑවෙ හරියට ඊශ්‍රායල් පලස්තීන යුද්ධෙ වගේ. ආයිෂ් අර ටේටේගෙ මෝඩ බලු කුක්කා නිසා හරියට දවල්ටවත් කන්න බැරි වුණා. ඒ මදිවට මේ මනුස්සයා හිනා වෙනවා.


" බඩගිනියිද ආ... "

සේරම ලැජ්ජාවල් පැත්තකින් තියලා මන් ඔළුව වැනුවෙ ඔව් කියන්න. ටික දුරක් ඉස්සරහට ගිය ජිමින් කාර් එක රෙස්ටුරන්ට් එකක් ඉස්සරහින් නවත්තලා මාවත් එක්ක ඇතුළට ගිහින් කෑම ඕඩර් කරා. ආපු වෙලාවෙ ඉඳන් එයා ෆෝන් එක ඔබනවා.

" දැන් කියනවා බලන්න තුවාල වුණේ කොහොමද කියලා. "

" ඔළුව පැලුනෙ ඩෙස් එකේ වැදිලා කැෆටේරියා එකේදි. අත පිච්චුණා කෝපි එකක් හැලිලා. "

ජිමින් ෆෝන් එක පැත්තකින් තියලා ඇහි බැමකුත් උස්සලා බැලුවෙ රවාගෙන.

" ඒත් මට සේහා කිව්වෙ වෙන දෙයක්නෙ. "

" මොනාද එයා කිව්වෙ.. "

" එයා කිව්වෙ සාරා ඔයාගෙ අතට කෝපි හැලුවා කියලා. අනික තමුන්ගෙ ඔළුව වැදුණෙ ටේහ්යුන් නිසා කියලත්. "


" කවුද කිව්වෙ. "

" කවුද කිව්වෙ අහන්නෙ. කෝපි වැටුණ එක ගැන කිව්වෙ සේහා. ඔළුව වැදුණ එක කිව්වෙ ටේ. ඇයි තමුන් මට බොරු කියන්නෙ ආ. මට බොරු කියන මිනිස්සු පේන්න බෑ මන්දනා. "

" මට ඔයාට බොරු කියන්න ඕන වුණේ නෑ. "

" ඕන වුණේ නැතිනම් මොන රෙද්දකටද කිව්වෙ ආ. "

ඇයි අනේ සැර කරන්නෙ හැම වෙලේම. මෙතන ඉන්න අනිත් මිනිස්සුත් මන් දිහා බලන් ඉන්නවා.

" මෙතන හැම එකටම කඳුළු වක්කරන්න හදන්න එපා. "


" මන් කිව්වෙ නැත්තෙ එතකොට අනිත් අය හිතයි මන් ඔයාට කේලම් කියනවා කියලා.. අනික ඇයි ඔයා මට බනින්නෙ..නිකන් මන් හරියට වැරැද්දක් කළා වගේ. ඇයි ඔයාට බැරි හොඳින් කතා කරන්න මට අනිත් අයට වගේ. "

" හොඳින් කතා කරන්න බැරිද..මන් හොඳින් කතා කරන්න උත්සාහ කරද්දි තමුසෙමයි කිව්වෙ අපි අයියයි නංගියි අපි මෙහෙම හැසිරෙන එක වැරදියි අනම් මනම් ගගා විකාර ගොඩක්. ඉතින් මන් දැන් ඉන්නෙ මගේ සීමාවේ. තමුන්මයි මට පෙන්නලා දුන්නෙ මගෙ සීමාව. "

මගේ මූණෙ අසරණ හිනාවක් ඇඳුණෙ මන් වෙනුවෙන්මයි. එයා කියන එක හරි. මන් කෑමත් නොකාම ආපහු කාර් එකට ආවෙ හිතේ දුකට. එක දවසක් හිතේ සතුටින් ඉන්න නෑ මොකක්හරි වෙනවා. ජිමින් මට කතා නරනවා ඇහුණත් මන් පස්ස නොබලා ඇවිත් කාර් එකෙන් වාඩ් වෙලා ඇස් පියා ගත්තෙ කඳුළු පාලනය කර ගන්න ඕන නිසා.

ටික වෙලාවකින් කාර් එක ස්ටාට් කරනවා දැනුණත් මන් ඒත් ඇස් පියන් හිටියා. ඇස් පියන් හිටපු මම එකපාරටම ඇස් ඇරියෙ මට දෙයක් මතක් වුණු නිසා. ඒ ටැටූ එක. ටේටේගෙ නංගිගෙ බාත්රුම් එකේ හිටිය කෙනාගෙ වගේම ටැටූ එකක් මම අද දැක්කා. ඔව් ඒක තිබුණෙ මාව වට්ටපු මේකප් ආටිස්ට්ගෙ අතේ.

මන් එක පාරටම ජිමින්ගෙ අත අල්ලලා කෑ ගැහුවෙ කාර් එක නතර කරන්න කියලා.

" ඒ පාර මොකද ආ.. "


" ජිමින්.. එදා ටේටේගෙ නංගිව මැරුව කෙනාගෙ අතේ තිබුණ වගේම ටැටූ එකක් ඔයාගෙ කම්පැනි එකේ මේකප් ආටිස්ට් කෙනෙක්ගෙ අතේ තිබුණා. අනේ අපි ගෙදර නැතුව කම්පැනි එකට යමුකෝ. එයාගෙ අතේ ටැටූ එක බලන්න. ප්ලීස්.. "


ජිමින් මන් කියපු දේ අහලා ඇස් දෙකත් වහන් ලොකු හුස්මක් අරන් එයාගෙ අත අල්ලන් හිටිය මගේ අත ගසලා දැම්මා.


" මන්දනා තමුසෙට සයිකොද ආ.. මොනාද කියවන විකාර ආ. තමුසෙගෙ ඔය මන්ද මානසික අදහස් ටික එකතු කරලා ලියනවා නවල් එකක්. ඕව මට කියාගෙන එන්න එපා. අනික වෙන එකෙක්ට කියන්නත් එපා. අල්ලන් ගිහින් තමුසෙව පිස්සන් කොටුවකට බාර දෙයි. "

මටත් පිස්සු. මාව තඹයකට මායිම් නොකරන එයාටම කිව්වනේ මේක. මටයි ගහන්න ඕන පොල්ලකින්. මට මෙහෙ කිසිම කෙනෙක්ගෙන් උදව් ගන්න බෑ. එයාලට මාව විශ්වාස නෑනේ.

" සොරි. "

මන් සොරි කියලා ආයිමත් ෂටර් එකට ඔළුව ගහගෙනම හිටියා ගෙදර එනකන්ම.

" බහිනවා ගෙදර ආවා. "

මන් බැහැලා ගෙදර එද්දි නැන්දා ඉස්සරහට ආවෙ බය වෙලා. ඒත් මට පොඩි සතුටක් දැනුණෙ මෙහෙ මන් වෙනුවෙන් දුක් වෙන්න එක්කෙනෙක්හරි ඉන්නවා නේද කියලා.




කතාවට 1k වීව්ස් ආපු එකේ පස්වනක් ප්‍රීතිය නිමිත්තෙන් ඔන්න අද බෝනස් විදියට ඩබල් අප්ඩේට් එකක් දුන්නා. තෑන්ක් යූ මගේ සීනි බෝල ළමයිනේ.. මන් ඔයාලට හරි ආදරෙයි ❤️❤️❤️

අනික මේක තමයි මන් ආසාවෙන්ම ලියපු කතාව. මොකද මට හරිම හොඳ රීඩර් ලමයි ටිකක් ඉන්නවා. එයාලගෙ කමෙන්ට් නිකන් මට ඩ්‍රග් එකක් වගේ ඒ කමෙන්ට් කියවන්න කියවන්න මට කතාව ලියන්න පුදුම තරමෙ ආසාවක් එනවා. මගේ කිසිම කතාවකට මේ තරම් කට්ටිය කමෙන්ට් කරේ නෑ කතාව ඉල්ලලා... ඒක නිසා මන් ඔයාලට හරි ආදරෙයි... ❤️❤️ ඔයාලා නිසා කොච්චර දුකෙන් හිටියත් මට සතුටු වෙන්න පුළුවන්. තෑන්ක් යූ මගේ ළමයිනේ... මාව සතුටෙන් තියන නිසා ඔයාලත් හැමදාම සතුටෙන් ඉන්න ඕන කියලා මන් ප්‍රාර්ථනා කරනවා.

දිග ඕතර් නෝට් එකට සොරි. අද ඉමෝසනල් වුණා වැඩිද මන්දා 😂


#කම්මැලි ඕතර්
23/06/05



Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

2K 510 29
හෝග්ස්වොඩ් වලට ගමනක් 🔮🔮 ඔයාත් ආසද Hogwarts වලට යන්න... ඉගෙන ගන්න... එහෙම නම් අපි යමු...
930 287 23
2100 කියන්නේ තාක්ෂණය අතින් නම් ගොඩක් දියුණු කාලයක්... ඒ කාලේ අවතාර කියන දේ තිබුනොත්??? ඒ මිනිස්සු විශ්වාස කරයිද???
770K 17.4K 46
In wich a one night stand turns out to be a lot more than that.
2.5K 508 8
දෛවය හරි පුදුමාකාරයි වටින මහ ගොඩක් දේවල් අහිමි කරලා ජීවත් වෙන්න... එකම එක පුංචි බලාපොරොත්තුවක් විතරක් ඉතුරු කරනවා.. 💛💚 ජීවිතේ දකින්න, 💐 ☘ ️ලැබීම්...