- නෑනයි මස්සිනයි - (✓)

Galing kay Estar_RM

22.4K 2.9K 1K

මේ සුදු අයියේ ඔයා දන්නෝද හලෝ.... මස්සිනා අයිති නෑනටලු... Park Jimin Fanfiction A story by Estar_RM Cover... Higit pa

01
02
03
04
05
06
07
08
09
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33

10

634 92 34
Galing kay Estar_RM

මට නින්ද යාගෙනම එද්දි ෆෝන් එකට ආපු කෝල් එකක් නිසා එක පාරටම පපුව ලබ් ඩබ් ගගා ගැහෙන්න ගත්තෙ ඒ කෝල් අයිඩී එකේ ජිමින්ගෙ නම තිබ්බ නිසා. මන් කෝල් එක ආන්සර් කරේ ලාවට වෙව්ලන ගමන්. බයකට එහෙම නෙවේ ඉතින්... දන්නැද්ද සීතලට මේ...

" කෝල් එකක් ගත්තම ඉක්මනට ආන්සර් කරන්න පුරුදු වෙනවා ලත වෙන්නැතුව. "

පුරුදු විදියම තමයි. මට වචනයක්වත් කියන්න නොදී හරක් පැටියා වගේ බැන ගෙන යනවා.

" හිතුවද මන් කොයි වෙලෙත් ෆෝන් එක උඩ නැගගෙන ඉන්නවා කියලා. "

" නැගගෙන බැරි නම් බැහැගෙන හිටියත් කමක් නෑ. මන් හෙට උදේ අටට එනවා තමුසෙව ගන්න. ලෑස්ති වෙලා ඉන්නවා. "

" ඕන නෑ. මන් කැබ් එකක එන්නම්. "

" යා... මන්දනා... තමුසෙ කැබ් ඩ්‍රයිවර් කෙනෙක්ව සෙට් කරන්ද ඉන්නෙ. අහන අහන හැම මගුලකටම මන් කැබ් එකක් දාන් එන්නම් කියන්නෙ ආ... "

" හැව් හැව් තමා.. "

" මොකක්ද මොකක්ද තමුසෙ කිව්වෙ. මට කියපු එක ඇහුණා මන්දනා. ගුටි කන්න හදන්න එපා. "

" ෆෝන් එක ඇතුළෙන් අත දාලා වෙන්නැති ගහන්න හදන්නෙ. "

" තමුසෙ මන් ළඟ නැති නිසා නේ කටකියවන් එන්නෙ. ළඟ හිටියනම් දෙනවා දෙකක්... අම්මපා මට එන කේන්තියක්.. "

" හරි... "

" ලෑස්ති වෙලා ඉන්නවා එහෙනම්.. මන් තියනවා. "

" ගුඩ් න.... "

යා පාක් ජිමින්... තමුසෙ නම් මහ උලමෙක්... ගුඩ් නයිට් කියන්නත් කලින් ෆෝන් එක තිබ්බා ගොබ්බයා.... තමුසෙ නම් නැන්දගෙයි මාමගෙයි ළමයෙක් නෙමේ. කුණු කාණුවෙන්ම තමයි ඇහිද ගන්න ඇත්තෙ බටු පාත්තයා...

" සුදු බබා... කාටද පුතේ ඔය බනින්නෙ අනේ... "

දෙයියනේ... ඉවරයි.. කාමරේ දොර ගාවින් ඇහුණෙ නැන්දගෙ සද්දෙ..

" නෑ නැන්දා.. මන් මේ මගෙ අර ලංකාවෙ යාළුවත් එක්ක කතා කර කර හිටියෙ. "

" ආ හරි බබා. වැඩිය රෑ වෙන්න කලින් නිදිය ගන්න. "

වෙලාවට සිංහලෙන් බැන්නෙ. නැත්තන් ඉතින් මාව මෙහෙන් දොට්ට දායි. එහෙම වුණොත් මට හිඟා කන්න තමයි වෙන්නෙ කොරියාවට වෙලා. මටත් අම්මයි තාත්තයි හිටිය නම්.... එහෙනම් එයාලත් නැන්දයි මාමයි වගේ මාව බලා ගනියි... පොඩි කාලෙ අඬපු තරමට දැන් අම්මලව මතක් කරද්දි මට අඩුම තරමෙ කඳුළු එන්නෙවත් නෑ. මන් තනියම කියලා මගේ හිතත් දැන් පිලි අරන් වෙන්න ඇති.

තව වැඩි වෙලා හිත හිත හිටියොත් නිදා ගන්න පරක්කු වෙන නිසා ඇස් දෙක වහගෙන මන් නිදා ගන්න යනකොටම ආපහු ජිමින්ගෙන් කෝල් එකක්.

" ඇයි.. "

" හෙට උදේට මුකුත් කාලා එහෙම එන්න එපා හරිද. "

" ඇයි ඒ... "

" හැම එකටම ප්‍රශ්න අහන්නැතුව කියන එක කරනවකෝ.. "

" හරි. "

" ගුඩ් නයිට්. "

" ගුඩු නයිට්... "

කෝල් එක කට් කර ගමන් මන් පපුවත් අතින් තද කරගත්තෙ ඒ පාර මෙයාට මොනවා වෙලාද කියලා හිතන ගමන්. ජිමින් මට ගුඩ් නයිට් කිව්වා. අනේව්... මන් බැනපුවා ඇහිලද දන්නෑ එයාට. කමක් නෑ.. මට මොකෝ.. ඒත් ඇයි කන්න එපා කිව්වෙ. මාව බඩගින්නෙ තියලා මරන්නද දන්නෑ හදන්නෙ. ඔය විදියට එක එක ඒවා හිත හිතම මන් නිදා ගත්තා.

.

.

.

.

.

.

.

.

.

පහුවදා උදේ හරියටම අටට ජිමින් මාව ගන්න ආවා. මාත් වැඩි සද්දයක් බද්දයක් නොකරම කාර් එකට නැග්ගා. ඒත් මගේ වැහිලා තිබුණු කට ඇරෙන්න ගත්තෙ ජිමින් කම්පැනි එකට යන පාරෙන් නැතුව වෙන පාරකින් යනවා දැකපු නිසා.

" ඔයා මාව කොහෙද එක්කන් යන්නෙ. "

" හොස්පිට්ල්. "

" කවුද හොස්පිට්ල් ඉන්නෙ. "

" කවුරුවත් නෑ. තමුසෙව චෙකප් එකකට එක්ක යනවා. "

" ඇයි ඒ... "

" මොකද බන් හැම එකටම ඇයි ඒ කියන්නෙ. "

අද වෙන්නැති මන් මේ ආපු දවස් ටිකටම ජිමින්ගෙ හිනාව දැක්කෙ. එයා හිනා වෙනවා. ඇස් චූටි වෙනවා. කම්මුල් රතු වෙනවා. කියුට්... මට එච්චරමයි හිතුණෙ..

" මොකද මූණ දිහා බලන්නෙ. "

" ලස්සනයි.. "

" මොකක්ද. "

" ඔයා හිනා වෙද්දි. "

මට හිතුණා මන් ඒක කිව්වෙ අපරාදෙ කියලා. එයා ඒක ඇහුණු ගමන් ආපහු අර රකුසු මූණ ආරූඪ කර ගත්තා.

හොස්පිට්ල් එකට ආවට පස්සෙ මාව හොස්ප්ට්ල් කිට් එකකට මාරු කරලා චෙකප් එක කරන්න එක එක ටෙස්ට් ගොඩක් කළා. මන් ආපහු ඇඳුම් මාරු කරන් ජිමින් එක්ක වාඩි වෙලා හිටියෙ රිසාල්ට් එනකන්.

" මේ ඇයි මට චෙකප් එකක් කරේ. "

" මොකද අහන්නෙ කොය් වෙලෙත් ගෙම්බා පොළොවෙ ගැහුවා වගේ සිහි නැතුව වැටෙනවනේ. කවුද දන්නෙ ලොකු ලෙඩක්ද කියලා. "

දැන් තමයි තේරෙන්නෙ ඇයි එයා මට උදේට කන්න එපා කිව්වෙ කියලා. චෙකප් එක කරන නිසා කෑම කෑවොත් ටෙස්ට් රිසාල්ට් අවුල් යනවනේ. ඒත්
ඒක අහපු ගමන්ම මටත් ටිකක් බය හිතුණා.. මට මාරාන්තික ලෙඩක්වත් තියනවද දන්නෑ නේ. ඒ වුණාට මන් කලන්තෙ දැම්මෙ ටේටේගෙ අත අල්ලද්දි දකින හීන නිසානේ. ලෙඩක් නැතුව ඇති මට. මන් ඉන්නෙ හොඳට දිලිසි දිලිසි.

ඒත් එක්කම ජිමිනුයි මායි දෙන්නම වාඩි වෙලා හිටිය තැන් වලින් නැගිට්ටෙ ඩොක්ටර් රිපෝට් ටික අරන් ආව නිසා.

" මිස්ටර් පාක්... මේ රිපෝට් වල කිසිම අවුලක් නෑ. මිස් මන්දනා ගොඩක් හොඳින් ඉන්නවා. "

දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. ඇති යන්තම්.

" ඒත් ඩොක්ටර් මෙයා හිටිය ගමන් ෆේන්ට් වෙනවනේ.. කෑම කන්නැති නිසාද ඒ.. මෙයාට පෝෂණය මදි වගේද. මොනවා හරි විටමින් ටිකක් මෙයාට දෙන්න ඕනද. "

අනේ මේ කොල්ලට ඕන මට නැති ලෙඩවලුත් හදවන්න.

" කලබල වෙන්න එපා මිස්ටර් පාක්. මිස් මන්දනාට කිසිම ලෙඩක් නෑ. හැබැයි පොඩි අවුලක් තියනවා. මෙයාගෙ උසට සාපේක්ෂව බර ටිකක් වැඩියි. ඒ නිසා කෑම කන එක චුට්ටක් අඩු කරන්න. විටමින් නම් මෙයාට වැඩක් නෑ. පුළුවන් නම් ඩයට් ප්ලෑන් එකක් කරන්න. "

දැන් සවලක් අරන් ඇවිත් වලක් කපන් නිදන්ගත වෙන්න හිතෙන්නෙ. අනේ මගේ බර වැඩියිලු. මේ ඉන්නෙ ගානට තුනී ලෑල්ල වගේ. මොන බරක්ද. ෂික් විතරක් ජිමින් මන් දිහා බලන් හිනා වෙනවා. ඒ මදිවට ඩොක්ටත් මන් දිහා බලන් කින්ඩියට හිනා වෙනවා. තවත් මෙතන ඉඳලා ලැජ්ජ වෙන්න බැරි නිසා මන් දුවලා ගියේ කාර් එකට.

හහ්... එයා කොහෙද මට කෑම අඩු කරන්න කියන්නෙ. කෑම තමයි මගේ ජීවිතේ... අපි බය වෙයි මේවට.. මන් කාර් එකට වෙලා කල්පනා කර කර ඉද්දි ජිමින් ඇවිත් කාර් එක ස්ටාර්ට් කරා.
ඒත් මේ මනුස්සයා හිනා වෙනවා. මටද කොහෙද.

" ඕයි රවන්න එපා. කන එක අඩු කරනවා.. "

මන් මුකුත් නොකියා හිටියෙ මාව අවුස්සලා එයා හෙන කුරිරු සතුටක් ලබනවා කියලා තේරුණු නිසා.

CR ENTERTAINMENT හි සිදු වූ මිනිමැරීමට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධව මේ වන විට පොලිස් භාරයේ සිටින ප්‍රසිද්ධ කේපොප් තාරකාවිය යූ මින්ජි ලබන මස තිස් එක් වනි දින අධිකරණයේ පෙනී සිටීමට නියමිතයි. තවමත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සෝල් පොලිසිය විසින් සිදු කරනු ලබන අතර CR ENTERTAINMENT හි මෙවැනි ඛේදවාචකයක් වූ පළමු අවස්ථාවද මෙය නොවේ. තම ආයතනය යටතේ සිටින ප්‍රසිද්ධ කේපොප් තරු වලට නිසි ආරක්ෂාවක් නොමැති කම හේතුවෙන් බොහෝ පිරිස් CR ENTERTAINMENT හට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් වන බව විශේෂිත ආරංචි මාර්ග පවසයි.

ඒ නිව්ස් එක නිසා ජිමින්ගෙ මූණ වෙනස් වුණ හැටි මන් හොඳටම දැක්කා. කාර් එක පැත්තකින් නවත්තපු එයා ස්ටියරින් වීල් එකෙන් ඔළුව තියා ගත්තා. එයාට මොකද වුණේ.. ටික වෙලාවක් බලන් හිටියත් කිසිම සද්දයක් නැති නිසා මන් හැදුවෙ ජිමින්ට කතා කරන්න.

" ජිමින්... "

" ම්ම්ම්ම්... "

එයා ඔළුව උස්සන්නැතුවම කතා කරා. ඒ කටහඬ හරි මහන්සි පාටයි. එයාටත් මහන්සි ඇති. මේ හැම එකටම එහෙට මෙහෙට දුවලා.

" ඇයි... ඔළුව රිදෙනවද. "

එයා එක පාරටම ඔළුව ඉස්සුවා. ඒ ඇස් රතු වෙලා... කොණ්ඩෙත් අවුල් වෙලා. ඒ වුණත් එයා හරි ලස්සනයි. දෙවියො නම් අසාධාරණයි. කොයි විදියට හිටියත් මෙයා ලස්සනයි. ඒකට අපි මවද්දි මෙයා ත්‍රයිලෝක විජය පත්‍ර කාලද කොහෙද ඉන්න ඇත්තෙ.


" ටිකක් රිදෙනවා.. "

" පේන්කිලර්ස් බොමුද. "

" එපා. මන්දනා මන් ඔයාව බදා ගන්නද ටිකක්. "

මට දැනුණෙ මුළු ඇඟම නිකන් රත් වෙලා යනවා වගේ. එයා මොකක්ද ඒ ඇහුවෙ. මාව බදා ගන්න..... ඇයි ඒ... මන් මුකුත් නොකිව්වෙ කතා කරගන්න තරම්වත් මට සිහියක්වත් නොතිබුණු නිසා.






හේ හේ යාළුවනේ... ඔන්න දුන්නා. අද කතාව දුන්නෙ park_yeli මෙන්න මේ සීනි බෝලෙ නිසා. ඔන්න දුන්නා ළමයෝ... හැබැයි වැඩිය ලස්සන නැතුව ඇති හොදේ... 🤧

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

404K 6.4K 80
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
64.7K 446 30
Clearly this story is about the sandlot kids. That's all.
2.7K 796 13
දන්නවද? සමහර මිනිස්සු හරිම දරුණුයි. එයාලට ඕනි දේවල් ලබා ගන්න කෙනෙක්ගේ ජීවිතයක් උනත් නැති කරන්න එයාලා බය වෙන්නේ නෑ. ඒ වගේ මිනිස්සු නිසා විඳවන ජීවිත ඕ...
1.2M 52.2K 98
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC