The Misplaced Teddy || TK

By AVIBNLeogirl

20.9K 4.1K 2.7K

From the day you disappeared from my life....I lost myself my love More

✨Teaser✨
CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25
CHAPTER 27
CHAPTER 28
CHAPTER 29
CHAPTER 30
CHAPTER 31
CHAPTER 32
CHAPTER 33
CHAPTER 34
CHAPTER 35
CHAPTER 36
CHAPTER 37
CHAPTER 38
CHAPTER 39
CHAPTER 40
CHAPTER 41
CHAPTER 42
CHAPTER 43(Final Chapter)

CHAPTER 26

360 92 63
By AVIBNLeogirl

තදට ඇලිලා වාගෙ දැනෙන ඇහිපිහාටු අමාරුවෙන් හොලවලා ඇස් ඇර ගත්ත යුංගි ඔලුව හරවලා දැන් පැයක් විතර තිස්සෙ කන ළඟම නාද වෙන තමන්ගෙ ජංගම දුරකථනය දිහා බැලුවෙ රවාගෙන.....

"ආයිශ් මල කරදරේ..."
විසන්ධි වුණ ඇමතුම  නිසා තමන්ට ම මුමුණගත්ත යුංගි බැලුවෙ කවුද උදේ පාන්දර වද දෙන්නෙ කියලා...

Joon hyung (5 missed calls)
Jin hyung (19 missed calls)
Hoba (28 missed calls)
Jungkook (2 missed calls)

Hoba (12 messages)

ඇවිත් තියෙන නොටිෆිකේශන්ස් ටික දැක්කාම යුංගිගෙ ඇඟේ පතේ අමාරු සේරම හොඳ වුණා....කිසිම දෙයක් හිතන්නෙ නැතිව ම යුංගි මුලින් ම ඇමතුමක් ගත්තෙ නම්ජුන්ට.... කලබලයක් නම් විස්තරයක් අහන්න හොඳම කෙනා නම්ජුන් බව යූංගි දන්නවා...ඇමතුම අතරෙ ම තමන්ගෙ අවුල් වුණ කොණ්ඩෙ අතකින් හදන ගමන් යුංගි බයික් එකේ යතුරත් එක්ක තමන්ගෙ හිස්වැස්ම අතට ගත්තෙ පුළුවන් ඉක්මනට මැන්ශන් එකට යන්න හිතාගෙන....ඒත් නම්ජුන් ඇමතුමට උත්තර දුන්න නිසා කොල්ලා දොර අරින්නෙ නැතුව ම කතා කළා...

"හ්‍යුන්-"

"උඹ කොහෙද බං ඉන්නෙ? මොන අපායකද අතුරුදහන් වුණේ එකපාරටම ආආ?"

"ආයිශ්! මාව හොයා ගන්න බැරි ව ද සේරම කුලප්පු වෙලා මට ඉවරයක් නැතුව කෝල් ගැහැව්වෙ?"

"නැතුව ඉතින් හවස එන්නම් කිව්ව මිනිහා ගාමන්ට් එකකටවත් ගිහිල්ලා නැතිව ඊළඟ දවෙසෙත් දවල් දොළහත් පහුවෙනකල් කෝල් එකක්වත් නැති වුණාම භාවනා කරන්නද කියන්නෙ ආආ!"

"ආආහ්...චෙසොහොම්මිනිදා හ්‍යුන්... බය කරන්න හිතුවෙ නෑ....මාව ට්‍රැක් කරන්න තිබුණානෙ ඉතින්..."

"උඹෙ ඔය ෆෝන් එක ට්‍රැක් කරන්න බෑ කියලා උඹට අමතකද? "

"අහ්!"

"යුංගියා උඹ හොඳින් නෙවෙයි.... කොහෙද ඉන්නෙ කියපන්.....මම එන්නම් අපි කතා කරමු..."
නම්ජුන් කණස්සල්ලෙන් කියද්දී යුංගිට යන්තමට හිනා ගියා....

"අනී.... ම්-මං මැන්ශන් එකේ ඉන්නෙ හ්‍යුන්.....ඊයෙ හවස ඩ්‍රින්ක්ස් ගත්ත එක වැඩි වුණා....මට නින්ද ගිහින්....මම හවසට ඔය පැත්තෙ එන්නම්....ජින් හ්‍යුන්ට බය වෙන්න එපා කියන්න...ජන්කුකාත් කෝල් අරගෙන තිබුණා හ්‍යුන්..."

"හ්ම්....වරෙන් එහෙම නම්...හවසට හෙසෝක් ජීයුන්ව එක්කරගෙන එනවා කිව්වා..."

නම්ජුන්ගෙ ඇමතුම විසන්ධි කරලා හිස්වෙලා තියෙන අපාට්මන්ට් එක වටේ අවසාන වතාවට ඇස් යැව්ව යුංගි දොර ඇරගෙන එළියට ගියේ හිස් හැඟීමකින්....

සමහරවිට අරමුණක් නැතුව ගෙවුණ ජීවිතේට හුරු වුණ යුංගි හැඟීම් හංගගත්ත කෙනෙක් වෙන්න ඇති....

.
.
.
.
.
.
.
.
.
.
.

"ජන්කූ කැමතිද බ්ලොන්ඩ් හෙයා එකකට?"

"මගෙ කැමැත්තෙන් වැඩක් නෑ හ්‍යුන්...ජීයුන් නූනට මාව අදුරගන්න බැරි වෙන්න විතරයි ඕනෙ..."

ජන්කුක් බනානා මිල්ක්ශේක් එක කටේ ගහගෙන කියද්දී ජින් යුකීගෙ ඇඳුම අන්දලා ඉවර කරලා ජන්කුක්ගෙ පැත්තට හැරුණා...

"ඒ දවස්වල ජන්කූ මොන වගේද?"

"ම්ම්ම්.....ගොඩක් කෙට්ටුයි....කළු පාට ස්ට්‍රේට් කොණ්ඩයක් තිබුණෙ... කොණ්ඩෙ කොටට කපලා හිටියෙ...මේ ටැටූ එක තිබුණෙ නෑ....අයිබ්‍රෝ පියර්සින්ග්ස් දාලා හිටියෙ නෑ..."

ජන්කුක් කල්පනා කර කර කියද්දී අහගෙන හිටිය ජින් හිනා වුණා...

" ලොකු දේවල් ඕන නෑ...ඔයා කොහොමත් ගොඩක් වෙනස් වෙලා ජන්කූ....අපි කොණ්ඩෙ පාට වෙනස් කරලා කළු පාට ඇඳුමක් අඳිමු....එතකොට එයාට ඔයාව ඒ හයිස්කූල් බෝයි විදියට පේන එකක් නෑ....ජීයුන්ට ගොඩක් ළං වෙන්න යන්න එපා...එයාට අපේ අළුත් ජන්කුක් ව මුලින් තේරුම් ගන්න දෙන්න....ඊට පස්සෙ එයා ඔයාව විශ්වාස කරන්න පටන් ගත්තා ම සාමාන්‍ය විදියට ඉන්න..."

.
.
.
.
.
.
.
.
.
.

Manhattan,USA
Near Midnight

"ඔයා තවම නිදි නැද්ද වීනස්?"
අපාට්මන්ට් එකට ආව ගමන් ම නිදන කාමරේට ආව ජිමින් ඇහුවෙ වෙලාව දොළහට කිට්ටු වෙලත් තමව ඇඳ මිට්ටමට හේත්තු වෙලා දණිහිස් දෙක පපුවට තද කරගෙන ඉන්න ටේහ්‍යුන්ගෙන්..... ඇඳ ළඟම බිම රෙක්සා නිදාගෙන හිටියා.....

ජිමින් ඇමරිකා එද්දි අරගෙන ආවෙ රෙක්සාව විතරයි රෝජර් රෝවර් දෙන්නා වැඩියෙන් හුරු වෙලා ඉන්නෙ සූහොට නිසා ජිමින් ඒ දෙන්නව සූහො මින්සු දෙන්නා ළඟ නවත්තලා ආවා....සූහො දැන් ආයෙත් කලින් වාගෙ ම ඉන්න නිසා ජිමින්ට රෝජර් රෝවර් දෙන්නා ගැන වද වෙන්න උවමනාවක් වුණේ නෑ....ඒත් රෙක්සා කියන්නෙ ටේහ්‍යුන් නැතිව හරියට කෑමවත් කන කෙනෙක් නෙවෙයි... ටේහ්‍යුන් ගැන වගේ ම රෙක්සා ගැනත් හිතලා ජිමින් එයාව මෙහෙ එක්කරගෙන ආවා....

ජිමින් කතා කරලත් ටේහ්‍යුන්ගෙ සද්දයක් නැති නිසා ජිමින් ටේහ්‍යුන් ළඟින් ගිහින් වාඩි වුණා....ලබන සතියෙ france වල තියෙන කොන්සර්ට් එක නිසා ජිමින් ගොඩක් කාර්යබහුලය......ඇත්තම කිව්වොත් ජිමින් හිතලම එහෙම වුණා....මාස දෙකකින් තියෙන්න තිබුණ කොන්සර්ට් ජිමින් ඒජන්සි එකට කියලා ඉස්සරහට ගත්තා....ජිමින් දණහිසෙන් අත තිබ්බාම තමන්ගෙ මාලෙ ඇඟිලි අතරෙ රඳවගෙන හිටිය ටේහ්‍යුන් ගැස්සිලා ගියා....

"වීනස්? මොකක්ද ප්‍රශ්නෙ?මගෙ වීනස්ට මාව මතක් වුණාද?"

ජිමින් ටේහ්‍යුන්ගෙ ඔලුව අතගාලා අහද්දි ටේහ්‍යුන් හිස් ඇස්වලින් ඉදිරිය බලාගෙන හිටියා....ටේහ්‍යුන්ට බැහැ එයාගෙ ඒන්ජල්ව රිද්දන්න....ඒත්  එයාගෙ ඒන්ජල්ට විඳවන්න දෙන්නත් එයාට බැහැ...

" ඔයාට පුළුවන් ද මට බෙයා කියන්න ඒන්ජල්?"

"ම්-මෝ?"
ටේහ්‍යුන් එකපාර කිව්ව දේ නිසා ජිමින්ගෙ නළල රැළිවුණා....

"ඔයාට පුළුවන්ද අපි බ්‍රේකප් වුණා කියලා මීඩියා වලට කියන්න?"

"කිම් ටේහ්‍යුන්! මොන සිහියෙන්ද ඔය කියවන්නෙ !?"
ජිමින් ටිකක් සද්දෙන් අහද්දි ටේහ්‍යුන් ජිමින්ගෙ අතින් අල්ලගෙන හිනා වුණා...

"අවංකව ම කියන්න ඒන්ජල්....ඔයා ආදරේ කරන්නෙ මටද යුංගි හ්‍යුන්ටද?"

"ය්-යුංගි කොහොමද මේකට අදාළ වුණේ?"
ජිමින් ගොත ගහද්දී ටේහ්‍යුන් හිනා වුණා....

"මගෙ ඇස් දෙක නොපෙනුනාට ඔයා ඔය නොදැක්කා වාගෙ ඉන්න අහිංසක තෙරක් නොපෙනෙන ආදරේ අන්ධ මමත් දැක්කා ඒන්ජල්....යුංගි හ්‍යුන් ඔයාට මෙච්චරයි කියන්න බැරි තරම් ආදරෙයි....එයා ඔයා වෙනුවෙන් හුස්ම ටික වුණත් කැප කරයි....ඒ තරම් ආදරේකට පයින් ගහලා පව් පුරවගන්න එපා ඒන්ජල්.....

මම දන්නවා ඔයා මට ආදරෙයි.... ඒත් ඒ ආදරේට ඔයා දෙන නිර්වචනෙ වැරදියි....ඒක සහෝදර බැඳීමක්වත් යාළුකමක්වත් නෙවෙයි....එතනින් එහා ගිය ආදරේකට මෙහා නැවතුණ අමුතු බැඳීමක්....සමහරවිට සසර බැඳීමක් වෙන්න ඇති ඒන්ජල්....ඒත් ඒක නිදහසට කරුණක් කරගෙන යුංගි හ්‍යුන් ව ඈත් කරන්න එපා.... ඔයා ඔයාටම අවස්ථාවක් දීලා බලන්න...."

හැමදේම අහගෙන ඉඳලා ජිමින් බර හුස්මක් පාත හෙළද්දි ටේහ්‍යුන් ආයෙමත් කතා කළා....

"මම ලබන සතියෙ සර්ජරි එකට කැමතියි ඒන්ජල්...ඔයාට පුළුවන් ද මට ඒ උදව්ව කරන්න?"

" ඒත් බ්-බෙයා....ඇ-ඇයි හදිස්සියෙ ම?"
ජිමින් ටේහ්‍යුන්ගෙ අත් දෙක තදට අල්ලගෙන අහද්දි ටේහ්‍යුන් ආයෙත් හිනා වුණා...

"මට එයාව මතක් වෙනවා ඒන්ජල්....ජන්කුක් මට හොඳට සැලකූව සතියට මට හැමදාම මං අසම්පූර්ණයි කියලා දැනෙන හැඟීම දැනුණෙ නෑ .....එයා මගෙ බනී බව දන්නෙ නැති වුණත් මට ඒ හිස් හැඟීම දැනුණෙ නෑ....මගෙ බනී ආදරේට හරි ලෝභයි....එයා එයාට ආදරේ අයව ළඟ තියා ගන්න ඕනෙම දෙයක් කරයි.... සමහරවිට මම ආයෙ එයා ළඟට ගියොත්.... මට පුළුවන් වෙයි ඉස්සර හිටිය ආදරණීය බනීව ටිකක් හරි ඇහැරවන්න...."

"බෙයා!ඔයා ආයෙමත් ඒ දේම කරනවද? ඔයා වෙනුවෙන් හැමදේම කරන මට වඩා ඔයාව රිද්දපු එයාට මුල් තැන දෙනවද?"

ජිමින් බිදුණ හඬකින් කියද්දී ටේහ්‍යුන් ජිම්න්ගෙ අත් දෙක තව ටිකක් තදට අල්ලගත්තා...

"මම මගෙ ජීවිතේ කාට මොන තැන දුන්නත් ඔයාට දුන්න තැන කවදාවත් වෙනස් වෙන්නෙ නෑ ඒන්ජල්...බෙයාට ඒන්ජල් තරම් වටින කෙනෙක් මේ ලෝකෙ තවත් නෑ...."
ටේහ්‍යුන් ජිමින්ගෙ අත අල්ලගෙන කියද්දී ජිමින් අත අතෑරව ගත්තා...

"හ්ම්.... මගෙ කොන්සර්ට් එක නිසා ලබන සතියෙ සර්ජරි එක කළොත් මට ඔයා ළඟ ඉන්න බැරි වෙනවා....ඒත් මේක ඔයාගෙ ජීවීතේ.....ඔයාට යන්න ඕනෙ නම් මම බලෙන් නතර කරන්නෙ නෑ...මම මින්සු නූනාව ඔයා ළඟ තියන්නම්....ඔයා සර්ජරි එකට ගියාට පස්සේ මම අපි බ්‍රේකප් වුණා කියලා මීඩියා වලට කියන්නම් බෙයා....ඒත් මට එක පොරොන්දුවක් ඕනෙ....ජන්කුක් ඔයාව පොඩ්ඩක් හරි රිද්දුවොත් තත්පරයක්වත් පරක්කූ නොවී මං ළඟට එන්න ඕනි... පුළුවන්ද පොරොන්දු වෙන්න?"

"පොරොන්දු වෙනවා ඒන්ජල්....ඔයාට මං කිසිම දෙයක් හංගන්නෙ නෑ...."

"හ්ම්....එහෙම නම් නිදා ගන්න බෙයා...ගුඩ්නයිට්..."
ටේහ්‍යුන්ගෙ නළලට හාදුවක් දුන්න ජිමින් ඇඳෙන් නැඟිටලා ගියේ එයා තවම කාලා නැති නිසා....
.
.
.
.
.
.
.
.
.

ජීයුන් හෙසෝක් එක්ක ආවත් එයාට ජන්කුක්ව මතක තිබුණෙ නෑ.... හැමදේම සාමාන්‍ය වෙද්දි සෝල් යුංගිත් හෙසෝකුත් දන්න රහසක් විදියට දිගටම සීමා වුණා....කාලය ගෙවිල් යද්දී ජිමින් එයාගෙ කොන්සර්ට් එක වෙනුවෙන් මහන්සි වුණා...ටේහ්‍යුන් සර්ජරි එකට යද්දි යුංගි තමන් වුණ පොරොන්දුව රකින්න ජේකේට ගාමන්ට්වල වැඩ කියලා සෝල්ව බලන්න ගියා....මාසයක් විතර නම්ජුන් තනියම කරගෙන ගිය වැඩ වලට ජන්කුක් ආයෙ උදව් කළා...ජන්කුක් තෝරගෙන තිබුණෙ හැරෙන්න පුළුවන් පාරක් නෙවෙයි...මාෆියා ලෝකෙට එක වතාවක් ඇතුළ් වුණ කෙනෙක්ට මැරෙනකල් ම මොනම හේතුවකට වත් ඒවා අතෑරලා යහතින් ඉන්න බැහැ....තමන්ගෙ හ්‍යුන්ලාගෙ ආරක්ෂාව වෙනුවෙන් ජන්කුක්ට සිද්ධ වුණා ආයෙමත් පුරුදු අපායට ම වැටෙන්න....යුකී නිසා නම්ජුන් ව ඩීල් වලින් ඈත් කරලා තියන්න ජන්කුක් උත්සාහ කළත් නම්ජුන් තමන්ගෙ මල්ලිව තනියම අතාරින්න ලෑස්ති වුණේ නෑ.... හැමදේම සාමකිමී විදියට පෙනෙද්දී හිතා ගන්න බැරි වේගෙකින් කාලය ගෙවිලා ගියා.....

හෙසෝක් හිටියෙ ජීයුන් එක්ක ඩිනර් එකකට එළියට ඇවිත්...මේසෙ උඩ තියලා තිබුණ ටැබ් එකේ ස්ක්‍රීන් එක පුරාම පෙනුණෙ හිනාවෙලා ඉන්න සෝල්ගෙ බෝල ඇස් දෙක.....

"ඔම්මා! මේ බලන්නකො යුංගි අප්පා සෝල්ට අළුත් නෙක්ලස් එකක් අරගෙන දුන්නා..."

තමන්ගෙ බෙල්ලේ තිබුණ තරුවක පෙන්ඩන්ට් එකක් තියෙන මාලෙ පෙන්නලා සෝල් හිනා වෙද්දි ජීයුනුත් හිනා වුණා...

"මැණික යුංගි පපා එක්ක ඇවිදින්න ගියා ද?"

"අනී....පපා කියනවා මම පපා එක්ක එළියෙ ඉන්නවා කවුරුහරි දැක්කොත් ඒක ප්‍රශ්නයක් වෙයිලු....ඒ නිසා අපි දෙන්නා ආන්‍යා ආන්ටි එක්ක එකතු වෙලා කෑම ජාති ගොඩාආආක් හැදුවා....මේ දවස් ටිකේ ම ෆිල්ම් බැලුවා....අපි නෙක්ස්ට් වීක් ෆොරස්ට් එකක කෑම්පින්ග් යනවා ඔම්මා!"

සෝල් ඔලුව හරව හරව කියවන දිහා බලාගෙන ජීයුන් හිනා වෙද්දි හෙසෝක් දැක්කා යුංගි මූණෙ කිසිම හැඟීමක් නැතිව අතේ තියෙන ෆෝන් එක දිහා බලාගෙන ඉන්න විදිය....හෙසෝක් දන්නවා මේ දවස්වල යන ජිමින්ගෙ ඩේටින්ග් රූමර්ස් නිසා යුංගි ඉන්නෙ හිතේ කරදරෙන් බව....සෝල් ළඟ ඉන්න නිසා හිනාවෙලා හිටියට හෙසෝක් දන්නවා යුංගි හිතින් විඳවන තරම.....ඒත් තමන්ගෙ හොඳම යාලුවා විඳවන එකට තමන්ට කරන්න දෙයක් නැති වෙද්දි හෙසෝක් ගොඩක් අසරණ වුණා.....

.
.
.
.
.
.
.
.
.

"ඒ ළමයා ගැන හෙව්වද කවින්?"

ජන්කුක්ට හවස ඩීල් එකේ විස්තර ටික දීලා යන්න හැරුණ කවින් ආයෙත් නැවතුණේ ජන්කුක්ගෙ ප්‍රශ්නෙ නිසා...

"දේ ජේකේ බොස්....මම ෆයිල් එක -"

"ඕන නෑ....ඒක පස්සෙ දියන්....මට නිකන් උඹට මතක ටික කියපන්....මම දන්නවා ඒ ළමයා යුංගි හ්‍යුන්ගෙ නෙවෙයි.... මට දැන ගන්න ඕන මං හිතන දේ හරිද කියලා විතරයි..."

"ඒ දරුවගෙ නම සෝල්...ජන්ග් සෝල්....හෙසෝක් බොස්ගෙයි ජීයුන් මැඩම්ගෙයි එකම දරුවා... අවුරුදු අටයි.... අවුරුදු දෙකක් වෙනකල් හෙසෝක් බොස් France වල ඉද්දි ඒ දරුවාව බලාගෙන තියෙනවා ආන්‍යා කියල කෙල්ලෙක් එක්කල....දැන් ඒ කෙල්ල එක්ක දරුවා නෙදර්ලන්ඩ් වල ඉන්නෙ....ඒත් කතාවක් තියෙනවා ජීයුන් මැඩම් හෙසෝක් බොස්ව මැරි කරද්දී මැඩම් ප්‍රෙග්නට් වෙලා හිටියා කියලා....ඒක හරියට ම හොයාගන්න කිසිම සාක්ෂියක් ඉතිරි වෙලා නෑ බොස්...කිසිම හොස්පිට්ල් එකක රෙකෝඩ්ස් නෑ ඒ දරුවා ඉපදුණ තැන ගැනවත්..."

"හ්ම්....ඒ කියන්නෙ මං හිතුව දේ හරි....යුංගි හ්‍යුන් එහෙ ඉන්න එක දරුවට අවධානමක්....ඒත් එයා එහෙ ටිකක් හරි සතුටෙන් ඉන්නව නම් මම කරදර කරන්නෙ නෑ....අපේ කොල්ලො දෙන්නෙක් දාපන් ඒ දරුවා ගැන බලන්න.... සතියකට සැරයක් මට රිපෝට්ස් ඕනා....මේ ගැන උඹයි මමයි ඇර වෙන කවුරුත් දැන ගන්න බෑ..."

ජන්කුක් අතේ තියෙන සෝල් යුංගිගෙ අතේ එල්ලිලා පාර දිගේ ඇවිදන් යන ඡායාරූපය දිහා බලාගෙන මේසෙට තට්ටු කරන ගමන් කිවවෙ කල්පනා කරන අතරෙම වගේ....

"දේ....අරිගෙස්මිදා බොස්"
ජන්කුක් තවත් මොනවත් කියන්නෙ නෑ කියලා තේරුණා ම කවින් ජන්කුක්ට ආචාර කරලා යන්න ගියා....

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

හායි👀❤️

මේක බෝරින්ග්💔🙄

බාල්දි නැති ලයිෆ් එකත් බෝරින්ග් අප්පා 👉👈

මං යනවා... කියන්න දෙයක් ඤැහ්☹️

Bye🌹
Sunshine 💖

Continue Reading

You'll Also Like

77.7K 2.8K 30
🌙 ¡will be under editing soon!🌙 ✨completed jan 2020✨ ⚡️boku no hero acidamia⚡️ 🌻cover by @doodlelotta on insta🌻 (Bnha/mha story) A boy no older...
23.7K 598 15
Chase is deep in his roots, which is a country boy. Ava is a city girl that knows nothing about anything outside of it. What will happen when the two...
63.6K 10.9K 44
Taekook fanfiction....🐯🐰 Cover by miss_meol_man
40.5K 6.1K 18
Taekook 🐰🐯 Warning Mature🥴 Covered by Lchi_jk Callista_taeyeon