දුඹුරු සඳ (100 සිට 149 දක්වා)

By Aro_Yash

19.9K 888 7

100 වෙනි කොටසේ සිට 149 දක්වා පළ කිරීම More

1-100 කෙටි සාරාංශයක්
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
144
145
146
147
148
149

143

291 14 0
By Aro_Yash

#දුඹුරු_සඳ_143

🌙🤎__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ඉඳින් ඊළඟ මොහොතේදී ඔහු ගෙළට දැනෙනා වේදනාව මදක් රළු වද්දී විණාරාගේ මුවින් සිහින් කෙඳිරියක් පිටවූයේ ආග්නගේ පියවුණ ඇහිපියන් විවර කරමින්.  නමුදු ඒ මතම නැවත දෙතොල තද කර හාදුවක් ගනිමින් ආග්න ඈ ගෙළ මතින් මෑත් වන්නට වූයේ.

"ගොට් හර්ට්?"
(රිදුනද?)

ඈ ගෙළ මත රත්පැහැයට හැරී තිබූ සිපුම් කැළල මත තම දබරැඟිල්ලෙහිත් මැදඟිල්ලෙහිත් ඇඟිලි තුඩු වලින් පිරිමදිද්දී විණාරා හැකිළෙනු දුටු ආග්න විමසන්නට වූයේ ඈ දෙනෙත් මතට දෑස් නොයවා.

"හ්ම්..."

මුව ඇද කර ඔහු පිළිබඳ ඔහුටම ගතු කියනා ස්වරයකින් ඈ පවසද්දී ආග්න ඈ වෙතට හෙළුවේ සිහින්ව ගිය නෙතු මත වූ බැල්ම.

"ගුඩ්... රිදෙන්න තමා කරේ."

යාන්තමට මුව කොණකින් දඩබ්බර  සිනහවක් ඇඳෙද්දී ඔහු පවසන්නට වූයේ විණාරාගේ දෙනෙත් මදක් විසල්ව යද්දී.

"ආයෙ පැය ගණන් අර කෑලි හතර එක්ක එහෙ මෙහෙ ඇවිදලා අහුවෙන්න එපා..."

එවර ඔහු තම ඇඟිලිතුඩු වලින් අල්වාගත්තේ ඈ යටිතොල. වේගයෙන් ගැහෙනා ළයත් සමඟ තවමත් ඔහු ළයට තෙරපීගෙන විණාරා හිඳින්නේ ගොලුව ගිය මුවින්.

"එහෙම වුණොත් මීට වඩා රිදෙන පනිශ්මන්ට් හම්බෙයි...ගොට් ඉට්?"

ඔහු අතැඟිලි වලට මැදිව තිබූ ඈ යටිතොල ඉදිරියට නැවී තිබූ ආකාරය නිසාවෙන් ඈ තාරාවියක මෙන් දිස්වද්දී ආග්න මුමුණන්නට වූයේ ඒ උසුලු ස්වභාවයට මුවට ගොඩවදින සිනහවට වැටකඩොලු ලමින්.

"ම්ම්... ඩිඩ් යූ ගො ඉට්?"
(ම්ම්...තේරුණාද?)

ඉඳින් හුස්ම වැදෙන තරමටම ළංව ඇයව මුළුමනින්ම නොසන්සුන් කරලමින් ඒ දඩබ්බරයා විමසද්දී විණාරා කළේ දෑසින් තේරුණායැයි ඉඟි කිරීම.

"ම්ම්..ගුඩ්. තේරුණානම් එච්චරයි."

ඉඳින් ඈ අතහැර ඔහු යන්නට හැරෙද්දී විණාරාගේ අතක් ළයට ගියේ ඉබේම. මේ තරමටම ඔහු අසලදී හිත අතරමංව යන කාරණය ඇයව වියවුල් වන තරමටම පුදුමයක් ඇයට.

නමුදු සැනසුම් හුස්මක් හෙලන්නටත් ප්‍රථම නැවතත් හැරුණු ආග්න පෙර අයුරින්ම ඈ යටිතොල දෑඟිලි වලින් අල්වාගෙන ඒ මත කෙටිම කෙටි හාදුවක් තබන්නට වූයේ විණාරාගේ හුස්මත් මොහොතකට නතර කර දමමින් මෙන්.

ඉඳින් ඉහළට ගත් හුස්ම පහළට හෙලන්නට ඇයට අවැසි වූවා මිලිතත්පර කිහිපයක්ම.

🌙🤎__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

"දැන් තමුන්ගෙ අර නංගිලා මල්ලිලා ටිකට ඉන්න ප්ලේස් එකක් හොයාගත්තද?"

ඉඳින් කිසිවක්ම සිදුනොවූ අයුරින් මිනිත්තු කිහිපයකට පසුව ඔහු විමසන්නේ අතවූ දුරකතන තිරය මතම නෙතු රඳවාන.

ඉඳින් මීට මිනිත්තු කිහිපයකට පෙරාතුව දඩබ්බරකම් පෑ ඔහු දැන් හිඳින්නේ නිසල සයුරක් විලසට වූවත් විණාරාගේ ළය ගැස්ම පවා තවමත් වේගවත්.

"න්.නං..ගිලා ම..ල්ලිලා?"

නමුදු ඔහු විමසූ පැනය හමුවේ ඈ සිතෙහි හටගත් පැනය වදන්වී දෙතොලතරින් ගිලිහෙද්දී විසල්ව ගිය ඈ නෙතු රැඳී තිබුණේ ඔහු මතම.

"ඔව් ඇයි අක්කි ඉන්න තැනක් හොයලා දෙන්නම් බ්ලා බ්ලා.. එහෙමනෙ උඩදාන් රූම් එකෙන් එළියට ගියේ."

ඉඳින් ඔහු වදන් තුල ඊර්ෂ්‍යාවනම් තවමත් පහව නොගොස් ඇති හැඩයි.

"ම්හු..."

යටිතොල මෙපිට පෙරළමින් ඈ පවසන්නට වුයේ දුක්බර බැල්මක් නෙතු මත රඳවාන.

"ඇයි ඒ?"

කෙටි බැල්මක් පමණක් ඈ වෙතට පා කර ඔහු විමසන්නට වූයේ නැවතත් තම දෙනෙතට ජංගම දුරකතන තිරය අසලට යන්නට ඉඩදීගෙන.

"කවුරුත් නැති රූම් එකක් හම්බුණා ඒකෙ බඩු ගොඩාක් තියනවා. තෑගි වලින් පිරිලා.

මම එක රූම් එකක් බැලුවා...ඒක කාගෙහරි රූම් එකක් වගේ. ඒ නිසා මම අනිත් රූම් බලන්න ගියෙ නැහැ."

ඉඳින් ඇය නිර්භයව සිදුවු සියල්ල තමා ඉදිරියෙහි දිගහරිනා අයුරු තවමත් ආගන්තුකයි ඔහුට. දැනෙනේම අලුත්ම පුද්ගලයෙකු සමඟ තමා ගණුදෙනු කරනා වගක්.

"මේ ගෙදර තව එම්ප්ටි රූම්ස් කොච්චර තියනවද විණාරා... කෝ යං මාත් එක්ක..."

තවත් මොහොතකින් ඔහු උන්නේ ඇයත් සමඟ තෙවන මහළේ පූසන්ට කුටියක් සොයමින්.

"මේක මගෙ ස්ටෝ රූම් එක..."

ආග්නගේ කුටියට එහාපසින් වු නිදන කාමරයක් ඔහු භාවිතා කරන්නේ ඔහුගේ ගබඩාකාමරය විලසට.

"ඔයාගෙ?"

ඒ කුටිය පුරාම විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණ, ජිම් උපකරණ මෙන්ම ආග්නගේ පාසල් කාලයෙහි භාවිතා කර ක්‍රීඩා උපකරණ, ඔහුට ලැබුණු සම්මාන, ත්‍යාග ආදිය  තබා තිබුණේ පිළිවෙලකට.

"ඔයාගේ?"

ඉඳින් ඈ විමසන්නේ කුතුහලයෙන්.

"ම්ම්...නෝ. අපි දෙන්නගේ."

එවර ඔහු පවසද්දී විණාරා මදක් දෑස් විසල් කරගත් අතර ඊළඟ මොහොතේ ඈ තම තියුණු දෙනෙත් ඔහු වෙතට ගෙන ආවේ සුපරික්ෂාකාරීව.

"නෑ මේක ඔයාගේ විතරයි. මගෙ බඩු මේකෙ නැහැනෙ."

එවර කුටිය පුරාම නෙතු යොමා ඈ පවසන්නට වූයේ ඔහු වෙතට සැකසහිත බැල්මක් හෙලමින්.

"ඇස් ඇරලා බලනවා. මේ රූම් එකෙන් බාගයක් පිරිලා තියන ගිෆ්ට්ස් කාගෙද කියලා."

එවර ඇය තමාව නොපැකිලෙමින්ම  අවිශ්වාස කරනා ආකාරය පිළිබඳ සියුම් කෝපයක් හිතට එද්දී, ඔහු මුවින් එවදන් ගිලිහුණේ නොරිස්සුම් ස්වරයකින්.

ඔහු බැල්ම, හඬ නෙත ගැටෙද්දී ඊළඟ මොහොතේ ඈ කළේ අඩියක් ඉදිරියට තමා රක්ත වර්ණ දිදුලන කොළයක ඔතා තිබූ තෑගි පාර්සලයක් සුරතට ගනිද්දී.

"To my dearest daughter Vinara..."
(මගෙ ආදරණීය දූ විණාරාට...)

ඈ අහම්බයෙන් මෙන් සුරතට ගෙන තිබුණේ ආග්නගේ සීයාගෙන් හමුවූ ත්‍යාගය. එහි පිටත ලියා තිබූ අකුරු නෙත ගැටෙද්දී.

"ම්..මේක...ම්..මට?"

දෙබැම උස් කරමින් දෑස් විසල් කරමින් ඇය විමසන්නට වූයේ පුදුමයෙන්.

"ඕක විතරක් නෙමෙයි.. මේ අන්පැක් කරලා නැති තෑගි සේරම ඔයාගේ තමයි විණාරා..."

ඔහු පවසද්දී විණාරාට දැනුණේ විසල් පුදුමයක්.

"මගෙ දෙයියනේ මෙච්චර ගොඩක්?"

ඉඳින් ඇය විමසන්නේ පුදුමයෙන්.

"ඔව්... මේ තෑගි ඔක්කොම කාජරී ටීජ් කියන ෆෙස්ටිවල් එක දවසේ ඔයාට ලැබුණ ඒවා. ෆැමිලි එකට අලුතෙන් එකතුවෙන කෙනාට ඒ ෆෙස්ටිවල් එක දවසේ හැමෝම මෙහෙම ගිෆ්ට්ස් දෙනවා."

ඉඳින් ඇයට අණ්ඩරදෙමළ වන් ඒ උත්සව සහ ඒවාගේ නම්. ඔහු කෙටියෙන් ඇයට පවසාලූවා ඔහුගේ පියා ඉන්දියාවේ බවත්, ඉන්දියානු සහ ශ්‍රී ලාංකික චාරිත්‍ර යන්  ද්විත්වයම තම පවුල තුල පවතින බවත්.

"එතකොට මේක දීලා තියෙන්නේ කවුද..."

ඈ විමසන්නේ ත්‍යාගය එහෙ මෙහෙ හරවමින්.

"සීයා."

රාජ්නව් සීයාගේ අත් අකුරු හඳුනාගත් ඔහු පවසන්නට වූයේ විණාරා කුතුහලයෙන් ඔහු වෙතට නෙතු යොමද්දී.

"අන්ව්‍රැප් කරලා බලන්න..."

ආග්න පවසද්දී විණාරා ත්‍යාගය වටා ඔතා තිබූ රතුපැහැ දවටනය විවර කරන්නට වූයේ හදිසියෙන්. නමුත් ඇතුළත වූ දෙය ඇස ගැටෙද්දී විණාරාගේ දෙබැම රැළි වූයේ ඉබේම.

"මේ මොකක්ද?"

ඇය එය ආග්න වෙතට පාද්දී ආග්න එය අතැඟිලි වලින් අල්වාගත්තේ ඕනෑවට එපාවට.

නමුදු එක්වරම ඔහු දෙනෙත් විසල්ව ගියේ පුදුමයෙන්. ඔහු කෙදිනකවත් එවනනක් සියාගෙන් බලාපොරොත්තු වූයේ නැහැ සිහිනයකින්වත්.

"හෝලි ෂි& විණාරා! ගෝඩ් මේක!!!"

       #Tobecontinued

Continue Reading

You'll Also Like

150K 10.7K 74
Mr.අතිපණ්ඩිත කතාවේ දෙවන දිගහැරුම.
706 137 11
ආත්ම විශ්වාස කරනවද ? මම නම් නැ . ඒත් ඇත්ත කතාවක් කිව්වොත් ? ඒක මටත් ප්‍රශ්නයක්. කොහොම උනත් ඇත්ත කතාවක් තමයි. කොරියානු රජයෙන් ජනතාවට තහනම් කළ ප්‍රදේශය...
3.5K 1K 15
මැරීනට් ඒඩ්‍රියන්ට ගොඩක් ආදරෙයි... ඒත් ඒඩ්‍රියන් ඒක දැන ගනීද.... මැරීනට්ව ලූකාට අයිති වෙයිද? ඒඩ්‍රියන්ට අයිති වෙයිද?
960 189 20
එකමත් එක කාලෙක ලස්සන කුමාරයෙක් දිග නින්දකට පත් උනා.... එයාගේ කුමාරිකාව ආය ඉපදුනාම එයා ආය ඇහැරෙයි.... ආයමත් ඉතිහාසය අලුතින් ලියවෙයි... මේ පාරවත් කුමාර...