- නෑනයි මස්සිනයි - (✓)

By Estar_RM

23.4K 3K 1K

මේ සුදු අයියේ ඔයා දන්නෝද හලෝ.... මස්සිනා අයිති නෑනටලු... Park Jimin Fanfiction A story by Estar_RM Cover... More

01
02
03
04
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33

05

714 98 10
By Estar_RM

" පුතා හෙට ඉඳන් සුදු දුවවත් ඔයා එක්ක ඔෆිස් එක්කගෙන යන්න. "

මාමගෙ කතාවට කෑම මේසෙ ඉඳන් කෑම කකා හිටපු මට වගේම ජිමින්ට ලොකු කැස්සක් ආවා.

" ඒ මොකටද එයාව එක්කන් යන්නෙ. "

" ඒ දරුවට නිකන්ම ගෙදර ඉඳලා එපා වෙලා ඇති. අනික එයාගෙ රිසාල්ට් එන්නත් තව මාස පහ හයක් යන එකේ එයාවත් එක්කන් යන්න. "

මාමගෙ කතාවට ජිමින් හ්ම්ම් කියලා කිව්වෙ මගෙ දිහාට ඔරවන ගමන්. මට ඔරවන්නෙ නිකන් මන් එක්කන් යන්න කිව්වා වගේ. ඔක්කොම කුණු බේරෙ වැවට වගේ හැම එකටම මට පුප්පනවා මේ මෝඩ රාස්සයා.

කෑම කාලා ඉවර වෙලා මන් නැන්දගෙ පස්සෙන් කිචන් එකට ගියේ එයාගෙ ෆෝන් එක ඉල්ල ගන්න. මන් මෙහෙට ආවත් හරි මට අභීට නිකමටවත් කෝල් එකක්වත් දෙන්න බැරි වුණානේ.

" මොකද සුදු මැණික. මොනාහරි ඕනද ඔයාට. "

" නැන්දා මට ඔයාගෙ ෆෝන් එක චුට්ටකට දෙන්න පුළුවන්ද. මගේ ලංකාවෙ යාළුවට කතා කරන්න. "

" අනේ පිස්සි. ඕක අහන්නද මෙච්චර වෙලා ඇඹරි ඇඹරි හිටියෙ. මගේ රූම් එකේ ඇති. ගිහින් අර ගන්නකෝ. "

" තැම්කූ නැන්දා. "

මන් සතුටට නැන්දගෙ කම්මුලටත් චූටි හාදුවක් දීලා දුවගෙන ගියේ නැන්දගෙ කාමරේට. ෆෝන් එකත් අරන් මන් ආවෙ ගාර්ඩ්න් එකට. රෑ වෙලා නිසා තිබුණෙ හරිම නිස්කලංක ගතියක්. ඒත් නිස්කලංක ගතිය තිබුණෙ තත්පර කිතීපයක් විතරයි. ඒ මගේ අභී ෆෝන් එක ආන්ස්වර් කරන කන් විතරයි.

" අඩෝ උඹනම් බල්ලෙක් බන්. ගියා විතරයි තිරිසනා නිකමටත් කෝල් එකක් දුන්නෑ. මන් මෙහේ රත් වෙලා ළමා නිවාසෙටයි එහෙටයි මෙහෙටයි කෝල් කරනවා උඹ ගැන අහන්න. දැන්ද තොට මතක් වුණේ අපිව. තියපන් ඔය ෆෝන් එක මගෙන් කුණුහර්ප නාහා. "

" අනේ සුදූ.. අනේ අභී... සොරි අනේ... මට ෆෝන් කට්ටක්වත් නෑ කියලා ඔයා දන්නවනේ... "

" උඹට නැති වුණාට ඔය ඉන්න ගෙදර මිනිස්සුන්ට තියනවනේ. ඇයි උන් දඩයම් යුගයේ නෙමේනෙ. "

ඔය විදියට විනාඩි තිහක් විතරම මන් කළේ අභීගෙන් හොඳටම බැනුම් අහපු එක. මෙයා හොඳයි රැප් කියන කරඟෙකට යවන්න. ඒක පුදුම කටක්නෙ. වචන එන්නෙ නිකන් ටැප් එකකින් වතුර එනවා වගේ.

මන් කෝල් එක ඉවර වුණාට පස්සෙ නැන්දගෙ කාමරේට ගිහින් ෆෝන් එකත් තියලා නැන්දටයි මාමටයි ගුඩ් නයිට්තුත් කියලා නිදා ගන්න කියලා ආවෙ මගේ කාමරේට. ටවල් එකත් අරන් බාත්රූම් එකට ගිහින් පොඩි වොෂ් එකක් දාන් පිජාමා කිට් එක ගන්න කබඩ් එක අරිද්දි දැක්කෙ ඒකෙ තිබුණු අද උදේ ජිමින් අරන් දීපු ඇඳුම් ටික. ඒත් මාව එක තැන නතර වුණේ කබඩ් එකේ අනිත් පැත්තෙ තිබුණු අන්ඩගාමන්ට් දැකලා.

" යා... මේ මනුස්සයා මේවා කොයි වෙලේද ගත්තෙ. "

ලැජ්ජාවෙ බෑ... අනේ.... මට බෑ....

" ඕයි රෑ තිස්සෙ පිස්සු වැටිලා වගේ කෑ ගහන්න එපා. අපිත් නිදා ගන්න ඕන. "

මන් දැක්කෙ කාමරේ දොරට හේත්තු වෙලා ඉන්න ජිමින්. මන් හයියෙන් කෑ ගැහුවද. පිස්සු මෙයාට. මගේ කටේ ඔරිජිනල් සද්දෙ එහෙම මෙයාට ඇහුණනම් ගෙදරිනුත් පන්නනවා සත්තයි.

" බුම්මැට්ටා වගේ බලන් ඉන්නැතුව ඉක්මනට නිදා ගන්නවා. මන් හත හමාර වෙද්දි කම්පැනි එකට යනවා. ලෑස්ති වෙලා උදේම පහළට වෙලා ඉන්නවා. "

ඉතින් ඒවා වචන නෙමෙයි. තනිකරම අණ කිරීම්. මන් කරේ ඔළුව වනන එක. මට ආපහු රවාගෙන එයා යන්න ගියා. ජිමින් ගියාට පස්සෙ තමා මන් දැක්කෙ මන් තාම පිජාම එක ඇඳලා නෑ නේද.

" යා........ එතකොට මන් හිටියෙ බාත්රොබ් එක පිටින්ද..... "

" යා.... මන්දනා... කට පියාගන්නවා ඕයි."

මට ඇහුණෙ එහා කාමරෙන් මට නොදොවෙනි විදියට බෙරිහන් දෙන ජිමින්ව.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

මන් ජිමින් එක්ක එයාගෙ කම්පැණි එකට කාර් එකේ යන ගමන් කල්පනා කරේ ඊයෙ රෑ දැකපු හීනය.


ලොකුම ලොකු බිල්ඩින් එකක් උඩ හිටියෙ ගෑණු ළමයි දෙන්නෙක්. හැබැයි ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් මන් කවදාවත් දැකලා නෑ. හැබැයි පෙනුමෙන් නම් ඒ දෙන්නා කොරියන් කියලා මට සීයට දාහක් ෂුවර්. එතන ඉඳපු එක ගෑනු කෙනෙක් බිල්ඩින් එකෙන් වැටෙද්දි අනිත් කෙනා එයාව අල්ලන් හිටියෙ වැටෙන්න නොදී හයියෙන් තද කරලා අල්ලන් උදව් ඉල්ලලා කෑ ගහන ගමන්.

මට ඊට එහායින් හීනෙ බලන්න වුන්නැත්තෙ එක පාරටම මාව ගැස්සිලා ඇහැරුණු නිසා. කාර් එකේ හිටපු මාව ආපහු පාරක් ගැස්සිලා ගියේ ජිමින් බ්‍රේක් ගහපු නිසා. ජිමින් මගේ දිහාට හැරෙද්දි මන් දැක්කෙ අපි ඉන්නෙ කාර් පාක් එකක කියලා.

" මන්දනා හොඳට අහගන්නවා. මේ කම්පැනියෙ කිසි කෙනෙක් දැන ගන්න බෑ අපි දෙන්නා කසින්ස්ලා කියලා හරිද. තමුන්ට තේරුණානේ. "

වෙනදා වගේම මන් ඔළුව උඩ පහළ කරේ ඔව් කියන්න.

" දැන් එන්න මාත් එක්ක. "

මන් ජිමින්ගෙ පස්සෙන් ඇතුළු වුණේ ඒ බිල්ඩින් එකට. මේ බිල්ඩින් එක නම් ටිකක් දැකලා පුරුදුයි. මන් ඊයෙ ෂොපින් ආපු වෙලාවෙ වෙන්නැති දකින්න ඇත්තෙ. බිල්ඩින් එකේ ලොකුවට ගහලා තිබ්බෙ CR ENTERTAINMENT කියලා. මන් ජිමින්ගෙ පස්සෙන් ඇතුළට යද්දි හිටපු හැමෝම වගේ තුනට හතරට නැවිලා ආචාර කරන්න ගත්තා. ඊට පස්සෙ ලිෆ්ට් එකෙන් හතරවෙනි තට්ටුවට ගියපු එයා එයාගෙ කැබින් එක ඉස්සර හිටපු ස්ටාෆ් එකේ අය ඉන්න ඒරියා එකෙන් නැවතුණා.

" කට්ටිය මේ අහගන්න. අද ඉදන් මෙන්න මෙයා ඔයාලත් එක්ක වැඩකරනවා. එයා පාට් ටයිමර් කෙනෙක්. ඔයාලට ඕන දෙයක් මෙයාට කියලා කරගන්න. "

ජිමින් ඒ විදියට කියලා ගියා ගියාමයි. දැන් පැය තුනකටත් කිට්ටුයි තාම ඇස් දෙකටවත් දැක්කෙ නෑ. එතකොට මන්.... මන් තමයි මෙයාලට කෝෆි සප්ලයි කරන්නෙ. එයාලගෙ ඩොකියුමන්ට්ස් වල ප්‍රින්ට්අවුට් ගන්නෙ. නිකන් ඉන්නවට වඩා ඉතින් මේක හොදයි. කොහොමත් ලංකාවෙදි හිතන් හිටියෙ රිසාල්ට් එනකන් ජොබ් එකක් කරන්න නේ.

" රෂ්... මේ ෆයිල් එක සේහා මැඩම්ට ගිහින් දෙන්න. "

" රෂ් සෙකන්ඩ් ෆ්ලෝර් එකට කෝෆි ඉස්සරහ කැෆේ එකෙන් ඕඩර් කරන්න."

ම​ගෙ දෙයියනේ මේ මිනිස්සු දවසට කෝෆි බොන තරම්. මගේ වැඩේ එහාටයි මෙහාටයි යන එක. දැන් මන් මේ බිල්ඩින් එක ඇතුළෙ කිලෝමීටර් දහයක් විතර උඩටයි පල්ලෙහාටයි යන්න ඇති.

මන් ඉස්සරහ කැෆේ එකට යන්න හදද්දිම වගේ හැප්පුණේ ගෑණු කෙනෙක්ගෙ ඇඟේ.

" ආයිෂ්... ආ යූ බ්ලයින්ඩ් ඉඩියට්.. "

මන් දෙකට තුනට නැවිලා එයාට සොරි කිව්වත් මහ හයියෙන් හැමෝම ඉස්සරහ මට බනිනවා. දැන් නම් ලැජ්ජයිත් එක්ක. කවුරුවත් මට මේ තරම් මිනිස්සු ගොඩක් ඉන්න තැනක බැනලා නෑනෙ.

" ඒයි චීප් ගර්ල්. තමුන්ට ඇස් නැද්ද ආ. දන්නවද මන් කවුද කියලා. "

මන් එයාගෙ මූන දිහා  බලද්දි පොඩි හුරුපුරුදු ගතියක් තිබුණත් ඒ හරියට කවුද කියලා අඳුරගන්න බැරි වුණා.


" ආහ්... ස්වීටි. "

මන් ඒත් එක්කම දැක්කෙ මගෙ දිහාට අතකුත් වනාගෙන එන අර ලස්සන ළමයා... කිම් ටේහ්යුන්... හේතුවක් දන්නෑ. එයා දකිද්දි මටත් නොදැනිම හිනා ගියා.

" ආහ් සාරා මොකෝ මේ උදේ පාන්දර පස්ස ගිනි අරන් වගේ ආ.. "

ටේහ්යුන් ඒ ගෑණු ළමයට අතින් පොඩි පාරක් ගහලා කියද්දි එයා යන්න ගියේ මටයි ටේහ්යුන්ටයි දෙන්නටම ගස්සලා. එයා ගිය ගමන් මායි ටේහ්යුන්තුයි මූණට මූණ බලා ගත්තෙ ඒ මොකක්ද ඒ වුණේ කියලා. ඊට පස්සෙ දෙන්නම හිනා වෙන්න ගත්තෙ වටේ හිටපු කට්ටිය අපි දිහා අමුතු විදියට බලද්දි.

" ඉතින් බබා ඔයා මොකද මෙහෙ කරන්නෙ. "

" ජිමින් මාව වැඩට එක්ක ආවා. හී.... "

මන් එහෙම කියද්දි ටේහ්යුන් මගේ කොණ්ඩෙ එයාගෙ අත් වලින් ඇවිස්සුවා.

" එතකොට දැන් මේ කොහෙද වටේ පිටේ අයවත් පෙරලන් යන්නෙ. "

" කෝෆි ගේන්න. "

ඒක ඇහුණු ගමන් ටේහ්යුන් මන් දිහා බැලුවෙ ඇස් හීනි කරලා.

" ස්වීටි... මෙහෙ අය ඔයාට කියලා වැඩ ගන්නවද. ඉන්නකො මන් මෙයාලව ජිමින්ට කම්ප්ලේන් කරලා එන්න. "

" අයියෝ පිස්සුද ටේටේ... ජිමින් තමා මේවා මට කියලා කරගන්න කිව්වෙ එයාලට. එයාලා දන්නෑ මන් ජිමින්ගෙ කසින් කියලා. ජිමින් කිව්වා කාටවත් කියන්න එපා කියලා. "

" ආශ් මේ මිනිහනම්... කෝ යන් බබා මාත් එන්නම් ඔයා එක්ක කෝෆි ගේන්න. "


මන් ටේටේ එක්ක කතා කර කරම ගියේ ඉස්සරහ තිබුණු කැෆේ එකට. මෙයාගෙ නම දිග වැඩි නිසා මන් ටේටේ කියන්න ගත්තා. එයත් ආසයි ඒකට. මට බබා කියන එකේ එයාට ටේටේ කිව්වම මොකෝ. ඒකට අර මෝඩ රාස්සයා. මන්දනා මන්දනා... ගගා කොයි වෙලෙත් කෑ ගහන්නෙ. ආදරෙන්වත් කතා කරන්න බැරි මෝඩයෙක්.


කැෆේ එකේ කෝපි රෙඩි කරනකන් මන් බලන් හිටියෙ එතන තිබුණු ටීවී එකේ ප්ලේ වුණු ඩ්‍රාමා එක දිහා. එතකොට මන් දැක්කෙ අද උදේ මන් හැප්පුණු සාරා කියන කෙනා ඒ ඩ්‍රාමා එකේ රඟපානවා. එයා නිළියක්ද එතකොට. එයා ගොඩක් ලස්සනයි අනේ. මන් තව ටිකක් බලන් ඉද්දි මාව එක අඩියක් පිටිපස්සට වුණේ මන් එයාව මගේ ඇඟේ හැප්පෙන්න කලින් දැකලා තිබුණු නිසා. ඔව් ඒ මගේ හීනෙ හිටිය ගෑණු ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් තමයි සාරා.





ඔන්න ආවෝ... පරක්කු වුණාට සොරි ළමයිනේ.... 😪😪😪💔💔 දන්නවනේ මන් හෙනම කම්මැලියි කියලා... සමාව භාජනයකට දාලා දෙන්නලා. 🤭

එහෙනම් ගියෝ... ඉක්මනට අනිත් චැප්ටර් එකත් දෙන්නම්. ( මේවා විස්වාස කරන්න එපා ළමායි. බිකෝස් මන් කම්මැලි ඕතර්. 😐 )

#කම්මැලි ඕතර්
23/05/16

Continue Reading

You'll Also Like

628 100 14
හැමෝම කිව්වට කිදුරියක් වෙන එක දුර්ලභ සද කිදුරියක් වෙන එක හොද දෙයක් කියලා....මට ඒක එක්තරා ශාපයක් උනා.... ...
3.7K 525 15
අදුරු රාජදානියේ උරුමකරු ලොවක් හදුනන විද්‍යායවරියක් මේ ඔවුන්ගේ කතාවයි 💜️❤
7.7K 1K 30
- Өөдгүй амьтан! Нүднээс далд ор. Би таныг харахыг хүсэхгүй байна! - Жонгүгаа гуйя. Надад тайлбарлах боломж олгооч? Би чамаас гуйж байна. - Надад яма...
987K 61.1K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...