දුඹුරු සඳ (100 සිට 149 දක්වා)

By Aro_Yash

22.5K 1K 7

100 වෙනි කොටසේ සිට 149 දක්වා පළ කිරීම More

1-100 කෙටි සාරාංශයක්
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
137
138
139
140
141
142
143
144
145
146
147
148
149

136

325 14 0
By Aro_Yash

#දුඹුරු_සඳ_136

_____🌙🤎𝓐 𝓻 𝓸 𝓱 𝓲   𝓨 𝓪 𝓼 𝓱 𝔀 𝓲 𝓻 𝓪

කැඩපතක ප්‍රතිබිම්බයක් පෙනෙනවා තරම් පැහැදිලිව ඈ උවනෙහි වන හැඟීම් ආග්නගේ දෙනෙතට හසුවන්නට වූයේ. ලැජ්ජාව, අපහසුතාවක් මුහුවූ කෝලබව ඈ ඔහු දෑස්වලින් සඟවාගන්නට උත්සහ කළේ ඒ දෑස් ඔහු කෙරෙන් සඟවාගනිමින්.

නමුදු එහෙ මෙහෙ දිව ගිය ඈ දෙනෙතට තවත් මොහොතකින් ඔහු දෙතොලතර වූ දඟකාර සිනහව හසුවද්දී විණාරා ඈ වෙතට හෙලන්නට වූයේ සියුම් කේන්තියකුත් නොරිස්සුමකුත් මුහුවූ බැල්මක්.

"බොරු කියන්න එපා!"

නොරිස්සුම් හා මද කෝපයක් මූහු හඬකින්ම විණාරා පවසන්නට වූයේ මදක් සිහින් වූ දෑස් ඔහු මත්තේ තබා.

"ඔයාට මාව හොඳවෙනවා දකින්න ඕනෙ නැත්තම්, ඉට්ස් ඕකේ.."

පුළුල් වන්නට යන මන්දස්මිතය සඟවාන ඔහු පවසන්නට වූයේ විහිළුවක් පෙනෙන්නට නැති බැරෑරුම් බැල්මක් මවාගන්නට උත්සහ දරමින්. ඔහු කලින් පැවසූයේ මුසාවක්මදැයි යම් සැකයක් මතුවන්නට තරම් ඔහුගේ රංගනය සාර්ථක වද්දී විණාරා ඔහු වෙතට නෙතු ගෙන එන්නට වූයේ ඔහුව තවත් නිරීක්ෂණය කරමින්.

"වට්?

ආග්න එසේ පවසා සිහින් ඉරක් බඳුව දෙතොල් එකිණෙක තදකරගෙන දෙබැම මදක් ඉහළට කළද ඇගේ ප්‍රතිචාරය වූයේ නිහඬවම ඔහු දෙස බලාන හිඳීම.

"ස්ටිල් තින්කින්ග් දැට් අයිම් ලයින්ග්?"
(මම බොරු කරනවා කියලද තාමත් හිතන්නේ?)

සයනයේ වැතිරීගෙම එක් අතක් විහිදුවා ඔහු කරන්නේ අතිසාර්ථක රංගනයක්. ඉඳින් කිසිවෙකු අතීතයේ ඒ නව යෞවන දඟකාර තරුණයෙකුව හිඳි ආග්නව දැක තිබුණානම් ඔහුට/ඇයට හැඟේවි මේ සිටින්නේ නිසැකවම ඒ නව යෞවනයාම බව. ඒ තරමටම ආග්නගේ පැරණි ගතිපැවතුම් විණාරා ඉදිරියෙහි දිගහැරෙන්නේ ඔහුටත් නොදැනීම.

"මං..."

ඒ නිරීක්ෂණශීලී නෙතු ඔහු මතම තබාන හුන් විණාරාගේ මුව එලෙස විවර වූයේ හෙමිහිට. ආග්න හිස යන්තමින් චලනය කරේ පවසන්නට යන කාරණය ඇයට පවසන්න යැයි සන් කරමින්.

"මං ඉස්සර..."

විණාරා පවසන්නේ ඈ උවනෙහි ඇඳෙනා ඒ ඇතැම් ආගන්තුක ඉරියව් ආග්න සිත්සේ විඳිමින් හිඳිද්දී.

"ම්ම්..?"

ඔහු හූමිටි තබද්දී ඒ දිගැටි නෙතු එහෙ මෙහෙ කරකවමින් විණාරා කතාකරන්නට තනද්දී.

"මං ඉස්සර මොකද කරන්නේ ඔයා මෙහෙම බොරු කියද්දි?"

විටෙක එසවෙන දෙබැමත්, සිහින්ව යන ඒ දෙනෙතත් මතම දෑස් තබාන හුන් ආග්නගේ බැල්ම අවසන නතරවූයේ එහෙ මෙහෙ චලනය වන ඈ ලවන්යුග මත්තෙහි. නමුත් ඈ පැවසූ කාරණය හරියටම ධාරණය වද්දී සියුම් සිනහා රැල්ලක් ආග්නගේ ඒ දෙතොල මත තැවරෙන්නට වූයේ අනිච්චානුගවම.

"ම්ම්...මගෙ වයිෆ් ස්මාර්ට්නේ.."

ඉඳින් ඇඳුණ මන්දස්මිතයට මුව කොණකින් පුළුන් වන්නට ඉඩදෙමින් ආග්න විමසන්නට වූයේ විණාරාගේ කොපුලක් මතට දබරැඟිල්ලෙන් යන්තම් තට්ටුවක් දමා. ඉඳින් ඔහුගේ මේ හැසිරීම, නිදහස් හැඟීම් ඔහුටම අදහාගත නොහැකියි.

"ව්..ව..යි...ෆ්?"

ඉඳින් විසල් වූ නෙතින් විණාරා පුදුමයෙන් විමසද්දී ආග්නට වැටහුණේ ඔහු අතින් වූ අතපසුවීම.

"අහ්...අයි මීන් මයි ෆියුචෆ් වයිෆ්..."
(මගෙ අනාගත වයිෆ් කියන එක කීවේ...)

ක්ෂණිකවම විණාරාගේ තියුණු බැල්ම මගහරිමින් ආග්න පවසන්නට වූයේ සැහැල්ලු ගතියක් ආයාසයෙන් මවාගෙන. නමුදු විණාරාගේ බැල්මෙහි සැකසහිත බවක් තවමත් දිස්වද්දී ආග්න මුව විවර කලේ සිදුවූ අත්වැරැද්ද වසා ගන්නට.

"ඇයි ඔහොම බලන්නේ...ඔයාට වයිෆ් වෙන්න ඕනෙනම් අපිට අද හෙටම උනත් මැරි කරන්න පුළුවන්...කොහොමත් එන්ගේජ් වෙලා ඉන්න එකේ..."

'එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි' කියන්නාක් මෙන් ආග්න මුදාහළේ ඇයගේ සැකය නැති කරන්නට මෙන්ම විවාහය සම්බන්ධව ඇගේ ප්‍රතිචාරය කුමක්දැයි දැනගැනීමත් යන ද්විත්වයටම ඔබින වදන්. විණාරාගේ නෙතු විසල්ව යද්දී ආග්නගේ වදන් නැවතුණේ නැහැ එතනින්.

"ම්ම්...මොකද කියන්නේ මයි ෆියුචර් වයිෆ්? ලෙට්ස් ගෙට් මැරීඩ්...?"
(බඳිමුද?)

ඉඳින් එයනම් ඔහු පැවසූයේ විහිළුවට.

"උණ විකාරෙන්ද කියවන්නේ?"

එක්වරම ඔහු දෙස බලාහුන් විණාරා පවසන්නට වූයේ ආග්නගේ මුවින් ඉබේටම සිනහවක් පිටපනිද්දී.

"ආහ්...ඒක නෙමෙයි බබා..."

විණාරා සයනයෙන් නැගිටින්නට තැත් කරද්දී ආග්න නැවතත් මුව විවර කළේ ඇයව සමීපයෙන්ම තබා ගන්නට හිත ලෝබකම් කරද්දී. ඔහුගේ එලෙස තමාට ආමන්ත්‍රණය කරද්දී කුමක්දෝ නුහුරු ලැජ්ජාවක් දැනුණද ඒ හා සමාන්තරවම ඇයට හැඟෙන්නට වූයේ ඔහු හඬෙහි වූ හැඟුම්බර බවක්. සයනයෙන් නැගිටීම නවතා විණාරා ඔහු වෙතට දෑස් යොමු කරනට වූයේ ඔහු පවසන්නේ කුමක්දැයි දෑසින් සන් කර විමසමින්.

ඉඳින් මෙලෙස ඈ උවනෙහි, ඈ දෙනෙතෙහි දිස්වන හැඟීම්, ඉඟිබිගි සියල්ලම ආගන්තුක වූවක් ඔහුට. මන්ද යත් පෙර කෙදිනකවත් බිය, කුලෑටිකම නිසාම බිමට බරව තිබූ, හැඟීම් සැඟව ගිය විණාරාගේ මුහුණේ ඔහු එවැනි සොඳුරු ඉරියව් නොදුටු නිසාවෙන්ම.

"කලින් ඇහුවෙ දැන්.. මම බොරු කරද්දි මගෙ ෆියුචර් වයිෆ් ඉස්සර මොකද කරන්නේ කියලා...?"

ඔහු පවසද්දී විණාරා ඔහු මත්තේම නෙතු ආයාගෙන උන්නේ ඔහු ඉතිරිය පවසනා තුරු.

"වෙන්එවර් අයි ලයි, යූ පනිෂස් මී!"
(මං කොයිමවෙලාවක හරි බොරු කීවොත්, මට පනිශ් කරනවා ඔයා!)

ඉඳින් රිදුම් දෙන හිසත් වගකට නොකරම ඔහු පවසද්දී විණාරාගේ දෙනෙත් නැවතත් විසල්ව ගියේ ඉබේම.

"පනිශ් කරනවා?"

ඉඳින් දැන්නම් ඔහු පවසන වදනක්වත් විශ්වාස කළ නොහැකි වද්දී විණාරා විමසන්නේ විසල්වූ දෙනෙතින්ම ඔහු දෙස බලාන.

"ඔව්.."

ගෙලත් මදක් ඇල කර උරහිස් හකුළුවා ආග්න පවසන්නේ ඇඟට පතට නොදැනෙන්නට.

"හව්?"
(ඒ කොහොමද?)

විණාරා විමසන්නේ සැකසහිත, නිරීක්ෂණශීලී බැල්මක් තැවරුණ ඒ දෙනයන සිහින් කර.

"By kissing me..."
(මාව කිස් කරලා...)

බැරෑරුම් බැල්මක් දෙනෙතෙහි මවාන ඔහු පවසද්දි විණාරාගේ මුහුණට රැවුමක් පා වුණේ ඒ බැල්ම දුටු ආග්නගේ මුව කොණකින් සිනහවක් ගිලිහෙද්දී.

"වට්? පනිෂ්මන්ට් එක ඒක කියලද කියන්නේ?"

විසල් වූ දෙනෙතින් ඈ විමසන්නට වූයේ දෙබැම මදක් ඉහළට එසවෙද්දී.

"ඔව්..."

ආග්න බැරෑරුම් සත්‍යයක් පවසනා බැල්මක් ආරූඪ කරගනිමින් එසේ පවසන්නට වූයේ.

"ශෝක් විහිළුව... "

විණාරා සයනයෙන් නැගීසිටියේ ආග්නට රවාගෙනම.

"ට්‍රීට්මන්ට් එකක් විදියට කලින් කීවා..දැන් පනිශ්මන්ට් එකත් ඒකමලු..."

විණාරා ඔහුට බනිමින්ම සයනයෙන් නැගිටින ආකාරය ආග්න බලන් උන්නේ අමුතුම හැඟීමක් දැනෙද්දි. ඉඳින් මේ තප්පරයක් ගාණේම නැවුම් තම හැසිරීමත්, ඇගේ හැසිරීමත් එක්ව ගොඩනගනා පුදුමාකාර බැඳීම සිහිනයක් බඳුයි ආග්නට.

"මටත් හොඳවැඩේ... ඔයාගෙන් මේව අහන්න යනවට..."

සයනයෙන් බැසගෙනද ඈ නැවත හැරී බනිද්දී ආග්නගේ හිත ඔහුගෙන්ම විමසූයේ එකම එක් කරුණක්! ඒ අන්කවරක් හෝ නොව ඇගේ බැනිල්ලත් මෙතරම්ම හිතට ආදරණීයව දැනෙන්නේ කෙසේදැයි කියා.

"ඇයි ට්‍රීට්මන්ට් එකයි පනිශ්මන්ට් එකටයි එකම ක්‍රමේ යූස් කරන්න බෑ කියලද හිතන්නේ..."

ආග්නගේ දඟකාරකම් එතනින් නැවතීමක් නොවෙද්දී ඔහු පැත්තට හැරුණේ එක් අතකින් තම හිසකේ පසුපසට කරගනිමින්.

"සේම් ස්ටෙප්..බට් විත් ඩිෆරන්ට් වේයිස්..."
(එකම පියවර...ඒත් විධි දෙකකට...)

ඔහු දිගටම කියවද්දි විණාරා කළේ ඔහු දෙසට රැවුමක් පා කිරීම පමණක්.

"දන්නැද්ද දෙය(ර්) ආ(ර්) මෙනි ටයිප්ස් ඔෆ් කිසින්ග්..."
(දන්නැද්ද කිස් කරන විදි ගොඩක් තියනවනේ...)

ඉඳින් ඔහු ඊළඟට පවසන්නට යන දේ ගැන සත පහකට හෝ විශ්වාසයක් නැතිවෙද්දි විණාරා හැරී බැලුවේ දෑස් සිහින් කරගෙන.

"ඕක නවත්තගන්න...මට අහන්න ඕනෙ නැහැ."

ඈ පැවසූවත් ඔහුගේනම් නැහැ නැවතීමක්.

"ට්‍රීට්මන්ට් එකක් විදියට සොෆ්ට් ඇන්ඩ් ස්මූත් කි..."

ඉඳින් ඔහු පවසනා වදන් ඈ උවන විලියෙන් රත්පැහැ කරන්නට ප්‍රමාද නොවෙද්දී විණාරා ඉස්සර වූයේ ඔහු වදන් නවතාලන්නට.

"ඇති...කටවහන්න..."

ඉඳින් රවා බලමින් දබරැඟිල්ලත් උරුක් කර ඈ තමාට තර්ජනය කරද්දී ආග්න මොහොතක් බලාඋන්නේ මේ ඇයමද කියා අදහාගත නොහැකිව මෙන්.

"පනිෂ්මන්ට් එකක් විදියට ලිප් බයිට්ස්.."

ඉඳින් ඔහු අවසන් වරටත් ඇයව මදක් ලැජ්ජා කිරීමට වදන් මුදාහරිද්දී විණාරා එවරනම් ඔහු වෙතට හෙළුවේ තියුණුම රැවුමක්.

"කටවහගන්න කීවනේ...නවත්තගන්න ආග්න!

උණ විකාරෙන්ද කොහෙද දොඩවනවා මෙතන..."

ඉඳින් මුවෙහි වූ සිනහව එලෙසම තබාන ඔහු තවත් වරක් හිසකේ පසුපසට කර සකසාගනිමින් දෑස් පියාගන්නට වූයේ ඇයව කේන්ති ගැස්සවීම නුසුදුසු බැවින්.

_____🌙🤎𝓐 𝓻 𝓸 𝓱 𝓲   𝓨 𝓪 𝓼 𝓱 𝔀 𝓲 𝓻 𝓪

"මට ඒකෙ නම මතක නෑ. බට් පුංචි බොට්ල් එකක තිබ්බ ලික්විඩ් එකක් ඔයා හෙඩ් මසාජ් කරා..."

ආග්න එවර විහිළු නවතා පවසන්නට වූයේ විණාරාගේ නිවසෙහි හුන් දින හිසරදය සෑදුණු මොහොතේ ඇය තම හිස සම්බාහනය කළ අයුරු සිහිකරමින්. විණාරා හැරී බැලුවේ ඔහු එවර පවසන කාරණය සත්‍යයක් බව වැටහෙද්දී.

"මොනවද ඒ?"

එවර විණාරා විමසන්නට වූයේ ආග්න දෙබැම රැළි කර එහි නම මතක් කරගන්නට උත්සහ කරද්දී.

"මට නම මතක නෑ විණාරා..."

එවර ආග්න පවසද්දී විණාරා ඔහු වෙතට හෙළුවේ අමුතු බැල්මක්.

"ඉතින් නම අමතක වුණාට මෙහෙ ඇතිනෙ ඒක..."

"නෑ... ඒක ඔයාගෙ කලින් හිටපු ගෙදර තිබ්බේ. අපි ලාස්ට් ටයිම් එහෙ ගිය වෙලේ...

අහ්..ඒක මොකක් හරි ඔයිල් එකක්..මට මතක් වෙන්නෙ නැහැ නේම් එක."

ඔහු පවසද්දි විණාරාට හුස්මක් බලාපොරොත්තු කඩවුණ බැල්මක් ඈ මුහුණේ ඇඳෙද්දී. ඒ තමාගේ සියල්ල පිළිබඳ සොයාබලන ඔහුගේ වේදනාව ඉදිරියේ තමාට පුංචිම දෙයක් හෝ ඔහු වෙනුවෙන් කරගන්නට බැරිවීම ගැන කනස්සල්ලක් හිතට දැනෙද්දී.

"ඉට්ස් ඕකේ. පේන් කිලර්ස් ගත්ත නිසා තව ටිකකින් අඩුවෙලා යයි..."

එසේ පවසා ආග්න අසල වූ කොට්ටයක් මතට අත දමා උඩුබැලි අතට හැරී දෑස් පියාගන්නට වූයේ විණාරා ඔහු මත්තේම නෙතු නවතාන හිඳිද්දී.

මොහොතක් දෑස් පියාන හුන් ඔහු ගෙළ පසෙකට හැරී නළල පිරිමැද ගනිද්දී විණාරාට ඔහු කෙරේ දැනුණේ අනුකම්පාවක්. ඉඳින් ගෙවී ගිය දින කිහිපයේ ඇතැම් දින වල ඔහු තමා බලනා සෑම මොහොතේම උන්නේ කුමක් හෝ වැඩක නිරතවෙමින්. තවත් මොහොතකින් ආග්න නැගිට ගතෙහි වූ ටීශර්ටය ගලවා පසෙක දමා නැවත දෑස් පියාගෙනම සයනයේ වැතිරුණේ ඔහුට මද උණුහුමක් දැනුණු නිසාවෙන්.

කුටියේ වායුසමීකරණය එක් සීමාවකට දමා තිබුණේ අධික ශීතල විණාරාගේ සෞඛ්‍යයට අහිතකර බව වෛද්‍යවරයා පවසා තිබූ හෙයින්. වෙනදාට ආග්නගේ කුටියේ ඊට වඩා අංශක තුනක් පමණම උෂ්ණත්වය පහළට කර තිබෙන්නේ. ඔහුට නුහුරු, නුපුරුදු සියල්ල විණාරා වෙනුවෙන් ඔහු දරාන හිඳිනා ආකාරය ඔහුටම පුදුමයක්.

ඉඳින් විණාරාගේ නෙතු සැරින් සැරේ ඔහු වෙතටම හැරෙන්නට වූයේ හිතුවක්කාර අයුරින්. මනාව නඩත්තු කළ ඔහුගේ මාංශපේශී පිරුණු නග්න උඩුකය, නිදන් හිඳිනා ඒ සන්සුන් උවන, නළල් තලය මත එහෙ මෙහෙ විසිර තිබෙනා ඒ හිසකේ, ගාම්භීරත්වය ඉස්මතු කරනා ඒ ඝනකම් ඇහිබැමි, දිගු හා ඝනකම් ඇහිපිය, ඒ සියල්ලම එක්ව දෑස් ඉදිරියෙහි මවා තිබුණේ අසාමාන්‍යය ලෙස කඩවසම් තරුණයෙකුගේ රුවක්. ඔහුගේ සම පවා අමුතු දීප්තිමත් කහ පැහැයට හුරු ඇතදල පැහැයකින් යුක්තව තිබුණේ පෙර පරම්පරා වලින් ඔහුට මුහුවූ තිබූ අයර්ලන්ත,ඉන්දියානු, ශ්‍රී ලාංකික ජාන නිසාවෙන්.

තවත් මොහොතකින් බලෙන්ම ඔහු රුව මතින් දෙනෙත් අහකට ගෙන විණාරා නැගිට ගියේ තමා පෙරදිනක දුටු කුටියේ ප්‍රථමාධාර දමා තිබූ ඩ්‍රෝවරය අසලට.

"මේ..."

නින්ද යාගෙනම එද්දී ආග්නට දැනුණේ විණාරාගේ අතක් විත් ඔහු උරහිසක ස්පර්ෂ වනවා දැනෙද්දී.

"ම්ම්.."

නමුදු දෑස් හරින්නට දැනුණේ දැඩි අලසකමක් වද්දී ආග්න හූමිටි තබන්නට වූයේ දෑස් පියාගෙනම.

"මේක හෙඩේක් වලට ගාන බාම් එකක් නේද?"

ඊට මිනිත්තුවකට පමණ පෙර විණාරා සොයාගත් කුඩා බාම් එකක් ගෙනවිත් ආග්නගෙන් විමසන්නට වූයේ එය ඔහු වෙතට පාමින්.

"හ්ම්..."

ඔහු දෑස් විවර නොකරම හුම් යැයි පවසද්දී විණාරා නිදන් හුන් ඔහු වෙතට හෙලන්නට වූයේ සියුම් රැවුමක්.

"ඇස් ඇරලා බලන්නකෝ..ඇස් වහගෙන ඔව් කියන්නේ.."

එවර ඇය පවසද්දී ආග්න අතැඟිලි වලින් දෑස් යන්තම් පොඩි කර නෙතුපියන් විවර කරනට වූයේ.

"ඔව්..."

විණාරා අත වූ හෙඩ් බාම් එක පෙර දිනෙක විණාරාගේම පාවිච්චියට ගත් යමක්.

_____🌙🤎𝓐 𝓻 𝓸 𝓱 𝓲   𝓨 𝓪 𝓼 𝓱 𝔀 𝓲 𝓻 𝓪

"ආහ්..බට් ඕකනම් ගාන්න එපා...අයි හේට් දැට් ස්මෙල්..."

ආග්න නැවතත් කලබලයෙන් මෙන් දෑස් විවර කර පවසද්දී විණාරාට දැනුණේ චකිතයක්.

"එහෙනම් මේක මොකටද මෙහෙ තියෙන්නේ?"

ඇය විමසන්නේ ආග්න දෙබැම රැළි කර ඔහු දෙස බලද්දී.

"ඉට්ස් යෝර්ස්...නොට් මයින්.."
(ඒක ඔයාගෙ එකක්.. මගෙ නෙමෙයි.)

ඔහු පවසද්දී විණාරාගේ දෑස් මදක් පුළුල්ව ගියේ හිතට දැනුණ හැඟීම් නිසාවෙන්. මෙතරම් කාලයක් මොහු සමග මේ කුටියෙහි තමා වාසය කළ බවට ආග්න පැවසූවද විණාරාගේ සිතෙහි වූයේ සැකයක්. තමාගේයැයි කියනා ඇඳුම් පැළඳුම් පවා මෙහි තිබුණද ඈ සිතුවේම ඒ සියල්ල පසුව ගෙනත් දමා ඇතැයි කියා.

'ඒ කියන්නේ...මං ඇත්තටම මෙහෙද ඉඳලා තියෙන්නෙ? අහ්...අනේ මන්දා?'

මොහොතක් කල්පනාවේ ගිලීහුන් විණාරා හුස්මක් හෙළා අතෙහි වූ නිල්පැහැයට හුරු බාම් එක විවර කළේ එහි සැරට ආග්න නැවතත් දෑස් විවර කර බලද්දී.

"නෝ විණාරා ඔය කෙහෙම්මලනම් මගෙ ඔලුවෙ ගාන්න හිතන්නවත් එපා ඕකේ..."

ආග්න එසේ පැවසූවත් විණාරාගේ මුහුණේනම් දිස්වූයේම ඔහු පවසනා වදන් ඇය ගණනකට නොගත් බවක්.

"විණාරා... නෝ!"

විණාරා ඇඟිලිතුඩු වල බාම් ස්වල්පයක් තවරා ආග්න දෙසට අත දිගුකරද්දී ආග්න එක් අතකින් අල්වාගත්තේ ඈ අතෙහි මැණික් කටුව අසලින්.

"ඇයි දැන්... මම ග්‍රීන් වෙජිටබල්ස්, ග්‍රීන් ෆෘට්ස් කන්න බෑ කියද්දී මහලොකුවට කීවේ සනීප වෙන්නනම් අකමැති දේවල් කරන්න වෙනවා කියලා?"

ඉඳින් ඇය දැන් සුදුසුම තැනින් අල්වාගෙන තමාට පහර ගසනවා නොවේද? ආග්න ඈ මතම අල්වාන උන්නේ මදක් විසල්ව ගිය නෙතු.

"ඒව මට විතරක් නෙමේනේ හැමෝටම අදාලයි... කියපු කෙනාට කොහොමත් අදාලයි.."

එසේ පවසා විණාරා බලා උන්නද ආග්න ඇගේ අත අත්නොහරිද්දී විණාරා දෑසින් සන් කරේ ඔහුගේ අත ඉවතට ගන්නටයි කියා.

"ඒ කෑම... කෑමනම් මාත් කන්නම් ඕනෙ දෙයක්..බට් මේකනම් නෝ!"

ඉඳින් විණාරාගේ මුහුණේ රැවුමක් ඇඳෙන්නට ගියේ නෑ මොහොතක්වත්.

"එහෙනම් මටත් අරක කරන්න එපා මේක කරන්න එපා කියන්න එපා මීට පස්සේ...

ඇන්ඩ් අයි වුඩ් නොට් ඊට් දැට් ග්‍රීන්ස් එනිමෝ මිස්ටර් ආග්න..."

ඉඳින් ඇය රවාගෙනම පවසමින් අත ඉවතට ගන්න තැත් කරද්දී ආග්න එවරත් ඇයට යන්නට නොදුන්නේ විණාරා නොරිස්සුම් බැල්මක් ඔහු වෙතට හෙලද්දී.

"හරි...ඕනෙ කෙහෙම්මල් ගානවා එක්කො..."

එවර ඔහු මුහුණ හකුළුවාගෙන ඇයගේ අත ලිහිල් කරද්දී විණාරාගේ දෙතොලතර ඇඳුනේ ජයග්‍රාහී සිනහවක්.
නොරිස්සුමකුත් තරවටුවකුත් මුහුවූ බැල්මකින් විණාරා දෙස බැලූ ආග්නගේ ඉරියව් ඊළඟ මොහොතේ වෙනස්ව ගියේ ක්ෂණිකව.

"වෙයිට්..."

ආග්න පවද්දී විණාරා ඔහු දෙස බැලුවේ දෑස් සිහින් කර.

"ඇයි ඒ පාර මොකද?"

විණාරා විමසද්දී ආග්න වැලමිට සයනයට තබා උඩුකය ඇලයට සිටින්නට මදක් ඔසවා විණාරාට පැවසූයේ හෙඩ්බෝඩයට හේත්තු වී ඉඳගන්නා ලෙස.

"ඒ ඇයි..."

"කටවහන් ඉඳගන්න..."

කෙසේ හෝ දෙබැම රැළිකරගෙනම ආග්න දෙස බලාන විණාරා සයනයේ දෙපා දිගු කරගෙන හෙඩ් බෝඩයට හේත්තු වීගෙන ඉඳගත්තේ මුව ඇදකරගෙන.

ඉඳින් බාම් එක එක් අතකින් අල්වාන, බාම් තැවරුණු අනික් අතෙහි අතැඟිලි මදක් ඉහළට කර ඔසවාන ඇය නෙතු යොමු කළේ ඔහු දෙසට. ආග්නගෙන් යමක් විමසන්නට මුව විවර කරද්දීම සිදුවූයේ නොසිතූ යමක්.

"හ්..."

එක්වරම රූටා මෙන් විත් ආග්න විණාරාගේ ඔඩොක්කුවේ හිස තබාගත්තේ විණාරා තිගැස්සී යද්දී. දෑත ඉහළට ඔසවාගෙනම විණාරා ඒ මදක් විසල්ව ගිය නෙතු ඔහු මතම තබාන හිඳිද්දී ආග්නගේ මුවෙහි ඇඳුණේ ලා මන්දස්මිතයක්.

"ම්ම්.."

ඊළඟ මොහොතේ ඔඩොක්කුව මත උඩිබැලි අතට වැතිරීගෙන හුන් ආග්න තම දෑස් වලට ඉහළින් වූ විණාරාගේ දෑතින් අල්වාගෙන එය තබාගත්තේ තමාගේ හිස මත.

"ඕකේ...දැන් ඔය කෙහෙම්මල් බාම් එක ගාන්න බැරිනම් ඔලුවෙ හලලා නෑව්වත් නෝ ප්‍රොබ්ලම්..."

ඔහුගේ ක්‍රියාවෙන් තවමත් මදක් පුදුමයෙන් මෙන් හිඳිනා විණාරා පියවි සිහියට පැමිණියේ ඔහු වදන් වලින්.

_____🌙🤎𝓐 𝓻 𝓸 𝓱 𝓲   𝓨 𝓪 𝓼 𝓱 𝔀 𝓲 𝓻 𝓪

ඊළඟ මොහොතේ බාම් දෑතෙහිම ඇඟිලි තුඩු වල තවරාණ විණාරා ආග්නගේ නළල දෙපස එය ආලේප කරේ හෙමිහිට. ඉන් පසුව මෘදුව ඈ සුමුදු ඇඟිලිතුඩු වලින් නළල දෙපස සම්බාහනය වද්දී ආග්නට දැනුණේ වදනින් විස්තර කළ නොහැකි තරමේ සනීපයක්.

"සනීපයි..."

ඔහුගේ ගැඹුරු, නිදිබර හඬ එලෙසින් මුවින් ගිලිහෙද්දී විණාරාගේ ලවන් යුග මත ඇඳුණේ සොඳුරු මන්දස්මිතයක්.

'ඔයා ඉස්සරත් මෙහෙමද ආග්න...

ඔයා මේ හැසිරෙන විදිය... ඔයාගේ විදිය..

අනේ මන්දා...ඒ හැමදේටම හිත පුදුම තරම් ඇදිලා යනවා.

මට හිතෙනවා ඉස්සරත් අපි දෙන්නා මෙහෙම සතුටින් ඉන්න ඇති කියලා...'

ඔහු කඩවසම් උවනෙහි අංශුවක් නෑරම තම දෙනෙතට පරිලෝකනය කරන්නට ඉඩදීගෙන විණාරා සිතන්නට වූයේ සැහැල්ලුවෙන්.

'අනේ මට ලෝබයි.. ඒ මතකෙ ඉක්මනට එනවනම්...

අපි දෙන්නා අතර මේ තියන දුර නැතිව යයි ආග්න. ඔයාට ළං වෙද්දි මට දැනෙන ඒ අමුතු බය නැතිවෙලා යයි...'

ඉඳින් තම නෙතු ඉදිරියෙහි හිඳිනා ඒ සොඳුරු කඩවසම් තරුණයා පිළිබඳ නොදන්නා, නොතේරෙන නමුදු කුමක්දෝ හුරු බවක් සහිත හදවත ඉපිලවන හැඟිම් ඉපදෙද්දී ඈ මුමුණන්නට වූයේ හිතින්.

"ආග්න..."

එවර විණාරා තම හඬ අවදිකරන්නට වූයේ ඔහුත් තමාත් පිළිබඳව කරුණු දැනගැනීමට අවැසියැයි හිත කියද්දී.

"ම්ම්..."

ඔහු විමසන්නේ දෑස් විවර නොකරම.

"අපි ඉස්සරලාම හම්බුණේ කොහෙදිද?"

ඔහු උවන මතම නෙතු තබාන ඈ විමසද්දී ඇය දෙනෙතට හසුවූයේ ඔහු දෙතොලෙහි සිහින් මන්දස්මිතයක් ඇඳෙන අයුරු.

"ස්කූල් එකේදි.."

ඔහු මුමුණන්නේ උන් ඉරියව්වෙන්ම.

"ස්කූල් එකේදි?"

"හ්ම්..ස්ටේඩියම් එකේදි...හැබැයි ඒක ෆිල්ම් වල වගේ ලස්සන සිනරි එකක්නම් නෙමෙයි..."

"ඒ ඇයි?"

"ම්ම්..පළවෙනිම දවසේ ඔයා මගෙ ඇඟේ හැප්පුණා...එවෙලෙ මට ගොඩක් තරහ ගිහින් හිටිය වෙලාවක්. මං තල්ලු කරපු පාරට වැටුණා ඔයා. ඔයා ගැන කෙනෙක් කියලා තිබ්බ දෙයක් නිසා තරහා වැඩිවුණා ඇඟේ හැප්පුණාම."

ඉඳින් විණාරාට අවැසි වූයේ ඔහු දෑස් වල වන බැල්ම කුමක්දැයි දැනගැනීමග වූවත් ඔහු උන්නේ පෙර ඉරියව්වෙන්ම දෑස් වසාන.

"ඊට පස්සේ? ඔයා බැන්නද?"

"ඔව්... බැනලා ගියා... ඒ දවස් වල ස්පෝර්ට් මීට්... පහුවදාත් ඔයාව හම්බුණා..."

ඔහු පවසනා කතාව විණාරා අසන් උන්නේ ආශාවෙන්.

"මං ස්කූල් එකේ දෙවෙනි ෆ්ලෝ එකේ ඉද්දි පහළට ෆූට්බෝල් එක වැටුණා...

ඔයා එතනින් ගියා..."

"ඊට පස්සේ?"

"මං කතාකරා...ඔයා බැලුවෙ නෑ."

"ඊට පස්සෙ ආයෙම බැන්නද?"

"නෑ... එතකොට මං දැනන් හිටියේ ඔයා වැරදි නෑ කියලා..  ආයෙම කතාකරා...බෝලෙ උඩට එවන්න කීවා..."

ඔහු පවසද්දී විණාරා එය අසන් උන්නේ ආශාවෙන්.

"පස්සෙ දැම්මද?"

"ඇටකිච්චියක් වගේ ඉඳගෙන උඩට බෝලේ දාන්නෙ කොහොමද.. ඒක බාගයක් උඩට එනවා ආයෙ වැටෙනවා..

පස්සෙ මංම ගන්නම් කියලා පහළට එද්දි අතුරුදහන්..."

ඔහු පවසද්දී විණාරා බලන් උන්නේ පුදුමයෙන්. ඒ කිසිවක් ඇයට මතක නැතිවූවත් ඔහුගේ කතාවෙහි ඇයට දැනෙන්නේ කුමක්දෝ හුරු බවක්.

"ඒ ඇයි?"

"ඉස්සර තිබ්බා එක්කෙනෙක්ට ලෙඩක්...මාව දැක්ක තැන දුවනවා."

ඔහු පවසන්නේ දෑස් විවර කර ඈ වෙතට නෙතුබැල්ම ගෙන එමින්.

"බොරු කියන්න එපා...මං මොකටද දුවන්නේ.."

"බොරු නෙමෙයි... ඊට පස්සෙ දවසක කොල්ලො සෙට් එක එක්ක හම්බෙන්න ගියාමත් ගාල් කඩන් දිව්වේ.. එදානම් සෙට් එකම දැකලා බයවෙන්න ඇති හැබැයි.

පස්සෙ දවසේ මගින් අල්ලගත්තා.. එදත් දුවන්න ගියේ.."

"ඔයා නපුරු නිසානේ...තල්ලුත් කරලා, බැනලාත් එක්ක..."

ඇය පවසන්නේ නොරිස්සුමෙන්.

"නපුරුයි තමා...හැබැයි පස්සේනම් කියන දේ අහන් හාවා වගේ හිටියා..."

ඔහු එය පැවසු ආකාරයට විණාරාගේ මුවෙහි ඇඳුණේ ඔහු දෙතොල් මත වන මන්දස්තය මෙන්ම සිනහවක්. නමුත් ඔහු දෙබැම ඉහළට කර දෑස් තදින් පියාගනිද්දී විණාරාට වැටහුණේ ඔහුගේ හිස තවමත් රිදුම් දෙන වග.

"තාම අඩු නැද්ද ඔලුවෙ කැක්කුම?"

විණාරා විමසන්නේ ඔහු හිසකේ අතර අතැඟිලි ගෙන යමින්.

"ටිකක්..."

ඉඳින් විණාරා ඉන් පසුව නිහඬ වූයේ ඔහුට විවේකය අවැසියැයි හැඟුණු නිසාවෙන්.

"මං එදත් කීවේ..."

ඇය තම උවන මත නෙතු එහෙ මෙහෙ ගෙන යනවා පෙනෙද්දී ආග්න මුමුණන්නට වූයේ නිදිබර ස්වරයකින්.

"මොකක්ද..."

"ආම් ටෝටලි යුවර්ස්..."

ඉඳින් ඔහු මේ නැවතත් එන්නට එන පොට සීරුවට ඇයට වැටහෙද්දී විණාරා හෙලුවේ තරවටු බැල්මක්.

"ආග්න..කටවහන් නිදාගන්න ආහ්..."

"ස්කෑන් කරන්න විතරක් නෙමෙයි... ඕන්නම් කිස් එකක් එහෙම දුන්නට කිසි ප්‍රශ්නයක් නැහැ..."

ඔහුගේ ඒ තිරිංග නොමැති වදන් විණාරාව නැවතත් විලියෙන් රත්පැහැ කරද්දී විණාරා කළේ ඔහුගේ මුව මත බාම් තැවරෙන පරිද්දෙන් ඒ දෙතොල් මතට රිදෙන්නම තට්ටුවක් දැමීම.

"ඊහ්...විණාරා!"

ආග්න ඇගේ අත අහකට ඈ දෙස රවාබැලුවේ මුවට අප්‍රසන්න රසයක් දැනෙද්දී.

"ඊව්..ශික් මේ ජරාව කටෙත් එක්ක..."

ආග්න පිටිඅත්ලෙන් තම දෙතොල් පිසගත්තේ මුව ඇදකරගෙන.

"හොඳවැඩේ... හැමතිස්සෙම ඕන්නැති කතාම කියවන්න එනවා මෙතන..."

"ඊ ශික්... ආහ්..ඩිස්ගස්ටින්ග්...

හොඳ වැඩේ? ඉන්නවා හොඳ වැඩේ පෙන්නන්න..."

ඉඳින් එසේ පවසා ඔහු එහෙමම හැරී තම දෙතොල් තද කරන්නට වූයේ ඈ උදරය උඩින් ටීශර්ටය මත. හැඳවුන් තුනී රෙද්දක් සහිත ටීශර්ටය විනිවිද යමින් ඔහු දෙතොලෙහි උණුහුම ඇයව ගල්කර දැමුවේ ඔහු හිසකේ මත එහෙමෙහෙ චලනය වූ අතැඟිලිද නිශ්චලව යද්දී.

එතනින් නොනැවතී ඔහු තම දෙතොල් මත වූ බාම් ඈ ටීශර්ටයෙහි පිසදමන්නට වූයේ විණාරාගේ හුස්මද මොහොතකට නවතාලමින්. ඔහු තම උවන එහෙ මෙහෙ කරද්දී ඒ උණුහුම් දෙතොලත් තුනී රෙද්දට උඩින් උදරයෙහි එහෙ මෙහෙ ඇතිල්ලුණේ, ඔහු නිකටෙහි වූ රැවුල් කොට උදරය මත ඇනෙද්දී. උදරය හැකිළෙන්නම හුස්මක් ඉහළට ඇදගත් විණාරාට දැනුණේ තම උදරයෙන් පටන් ගෙන හදවත දිගේ ආ හිරිවැටුම සිරුර පුරාම විසිරී යද්දී ඇඟෙහි හිරිගඩුත් පිපී ගිය වගක්. ඉඳින් ඔහු ස්පර්ෂයන් දරාගත නොහැකි තැන විණාරා ඔහුට චලනය වන්නට ඉඩ නොදී ඔහු හිස අල්වාගත්තේ දෝතින්ම.

ඉඳින් ඈ ගල්ගැසී හිඳිනා අයුරු දෙනෙතට හසුවද්දී වූයේ ආග්නගේ දෙතොලෙහි වු සිනහව පුළුල්ව යාම.

"හුස්ම පාතට දානවා..."

එසේ පවසා ඔහු ඈ උදරය අසලින් මෑත්වූයේ ටීශර්ටයට උඩින් ඈ උදරය මත හාදුවක්ද තවරා.

         මතු සම්බන්ධයි

Continue Reading

You'll Also Like

10.3K 2K 20
Friendship | Mystery | Thriller මිතුරියන් දෙදෙනෙක් මුහුණ දෙන අද්භූත අභිරහස් සිද්ධියක් වටා ගෙතෙන මනඃකල්පිත කතාවකි. Published Date: 2022 April 10 Ended...
3.6K 401 16
කිනුරු 🤍 සරසි SLOW UPDATES
1K 91 21
"උබ අපේ එකීට කැමතිනේ ඇත්ත කියපන් බොරු නොකියා " "අහ් " "අහ් නෙමේ මං දන්නවා උබ අශිට කැමති කියලා " "ඒක දැන් වැඩක් නෑ බං උබ වෙන දෙයක් කතා කරපන් " "වෙන දේ...
974K 30.3K 61
Dans un monde où le chaos et la violence étaient maitre, ne laissant place à ne serrait ce qu'un soupçon d'humanité. Plume était l'exception. Elle...