දුඹුරු සඳ (100 සිට 149 දක්වා)

By Aro_Yash

22.6K 1K 7

100 වෙනි කොටසේ සිට 149 දක්වා පළ කිරීම More

1-100 කෙටි සාරාංශයක්
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149

132

373 22 0
By Aro_Yash

#දුඹුරු_සඳ_132
𝐓𝐡𝐞 𝐁𝐫𝐨𝐰𝐧𝐢𝐬𝐡 𝐌𝐨𝐨𝐧 🤎🌙

🤎🌙___𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

"නව් ස්ටොප් ක්‍රයින්ග්..."
(අඬන එක නවත්තන්න දැන්...)

නමුදු ඇයට දැනෙන්නේ වේදනාවක්. පසුපසින් ඇයගේ උරහිස් වලට පහළින් ඉදිරියට අත දමා ඇගේ දෑතම තම දෑතින් අල්වාන උන්නේ ආග්න.

විණාරාට දැනුණේ කුමක්දෝ නොතේරෙන ගැඹුරු වේදනාවකින් තම හදවතම වෙලාගෙන වගක්. එය හරියටම තමා මෙවන් වේදනාවකින් කලින් දැඩිව පීඩා වින්දාක් මෙන් හැඟීමක්. අසරණකමක් මුහුවූ එම දරුණු වේදනාව නිසාවෙන්ම විණාරාගේ දෙනෙත් තිබුණේ නිතැතින්ම තෙත් වෙමින්.

"විණාරා..."

ඉඳින් ඈ හැඬුම් වල නැවතීමක් නොවෙද්දී ආග්න කළේ උන් ඉරියව්වෙන්ම විණාරාගේ පිට තම ළයට තදකරගනිමින් ඇයව පසුපසින් තුරුළු කරගැනීම.

"දැන් ඇති විණාරා..."

නිහඬවම හුස්ම ඉහළට අල්වමින් ඇය හඬද්දී ආග්නට දැනුණේ බියක්. මෙසේ සිතට පීඩනයක් ගෙන ඒම ඇයට අනතුරුදායකයි.

"හ්හ්..."

එක්වරම ආග්න සිදුකළ දෙයින් විණාරාගේ හුස්මක් ඉහළට ඇදුණේ හැඬුම්ද මොහොතකට අමතකව යද්දී. දෙපසින් අත දමා දෙපසින් විණාරාගේ දෑත් අල්වාගෙනම ආග්න විණාරාගේ ළය වටා දෑත් දමා ඇයව තවත් තම සිරුරට තදකරගත්තේ ඒ නිකට විණාරාගේ ගෙළ පාමුල රඳවාගනිමින්.

තිගැස්සී හුස්මක් ඉහළට ඇදගත් විණාරා ඔහු ස්පර්ෂය හමුවේ උන්නේ සෙල්රුවක් මෙන් ගල්ගැසීගෙන. රැවුක් කොට ඇනී කිතියකුත් සමඟ ගෙල පාමුලට දැනෙනා ඔහු නිකටෙහි ස්පර්ෂයත් ඔහු බාහුවලට මැදිවී ඒ ළයට සිරවීගෙන හිඳිනා ඇයට දැනෙනා ඔහු සිරුරෙහි ස්පර්ෂයත් කළේම ඇයව නොසන්සුන් කර දැමීම. ආරක්ෂාවක්, රැකවරණක්, හුරුපුරුදු බවක් සමඟම ඔහු ස්පර්ෂයෙන් ඇයට දැනුණේ කුමක්දෝ නොතේරෙන බියක් වන් අමුතු හැඟීමක්. නමුදු කිසිවිටකත් ඇයට නුහුරු බවක් දැනුණේ නැහැ ඔහු ස්පර්ෂයන්හි.

"හ්හ්..."

නේකවිධ සිතිවිලි අතර අතරමංව හිඳි විණාරාට නැවත හුස්මක් ඉහළට ඇදුණේ ආග්නගේ දෙතොල් ඈ ගෙළ පාමුල තදව යද්දී. ඉඳින් මායාවක් මෙන් ඔහු ස්පර්ෂයන්. එක් තත්පරයකින් තමන්ටත් නොදැනීම තමාව මේ ලෝකයෙන් වෙනතකට රැගෙන ගොස් අතරමං කර දමන්නේ සිහිනයක් මෙන් සුන්දර හැඟීමක් තුළ. එක් හාදුවකින් නොනැවතී ඔහු උණුහුම් දෙතොල් ගෙලෙහි තවත් ඉසව්වක තැවරෙද්දී ළයගැස්ම තීව්‍රව ගියේ ඉබේම. වේගවත් වූ හුස්මට සාපේක්ෂව ඈ ළමැද වේගයෙන් උස්පහත් වෙද්දී  විණාරාට දැනුණේ තම දෑස් පියවෙන්නට වෙර දරණ වගක්.

ඔහු තම පෙම්වතා... එය පිළිබඳ හරිහමන් මතකයක් නැහැ ඇයට. ඔහු එලෙස පැවසූවත් එය පිළිබඳ 100% විශ්වාසයක් නෑ ඇයට. සිතෙහි එක් පසක් කීවේ තම ආරක්ෂාවට ඔහුගෙන් දුරස්ව සිටින්නටයි කියා. නමුදු ඔහු දෙතොල් පහස, උණුහුම්ව ගෙළ මත තැවරෙන ඔහු සුසුම් ම'ත් පෙති මෙන් කළේම හෙමිහිට ඇය නෙතුපියන් වසා දැමීම.

තත්පර කෙමෙන් මිනිත්තු බවට හැරවෙද්දී විණාරා උන්නේ මොහොතකට පෙර තමා පීඩා විඳි වේදනාව සම්පූර්ණයෙන්ම අමතකව ගිය අයෙකු මෙන්. ඔහුඟේ දඟකාර හාදු තම ගත සිත නොසන්සුන් කර දමද්දී ඇය උන්නේ ඔහු පිළිබඳව, ඔවුන් දෙදෙනාගේ බැඳීම පිළිබඳව වන සිතුවිලි අස්සේ අතරමංව.

ඇයගේ හැඬීම නතරව ගොස් බොහෝ වේලාවක්. නමුදු විණාරාව අතහරින්නට ආග්නට දැනුණේ ලෝබකමක්. ඇයව තම උණුහුමේ තබාන තවත් මිනිත්තුවකට පමණ ගෙවෙන්නට දුන් ආග්නගේ එක් අතක් විත් නතරව ගියේ විණාරාගේ සුදට හුරු අහස් නිල් පැහැති රෝහල් ගවුමේ කර පසුපස පටියේ ගැටය අසල.

ඈ ගෙළ මතින් නිකට පසෙකට ගත් ආග්න අනෙක් අතින් විණාරාව අල්වාගෙනම හෙමිහිටම ගවුමෙහි කරෙහි පටියේ ගැටය ලිහිල් කිරීම. ඔහුගේ උණුහුම් අතැඟිලි වල ස්පර්ෂය තම ගෙල පසුපසට දැනෙද්දී ඈ දෑස් පියාගෙනම උන්නත් එක්වරම විණාරා දෑස් හැරියේ සිතෙහි එක් පසක් අනතුරු අඟවද්දී.

දෑස් හැරි තප්පරයේම කැඩපතින් දිස්වූ තම දුඹුරු පැල්ලම් සහිත මුහුණ දකිද්දී විණාරාගේ දෙනෙත් ගියේ තමාට පසුපසින් හිඳිනා ඔහුගේ අතිශය කඩවසම් උවන මතට.

'අනේ අපි දෙන්නා අහසයි පොළවයි වගේනේ ආග්න...

මට දැන්නම් විශ්වාස කරන්නත් බෑ ඔයා මගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියන එක!'

විණාරාට දැනුණේ තමා වටා සිදුවන මේ සියල්ලෙහිම කුමක්දෝ අමුත්තක් ඇති බවක්. මතකය අහිමිව ගියත් ඇගේ බුද්ධියෙන් ඇයට විධාන දෙන්නේ එලෙසින්.

'මෙතන වෙන මොකක් හරි තියනවා කියලා ඇයි මට හිතෙන්නේ?

මට මොකුත් මතක නැති වුණත් ඇයි එහෙම අමුතුවට දැනෙන්නේ?'

සිතිවිලි වලින් ඇයට වැඩිදුර යන්නට නොලැබුණේ ආග්න සිදුකළ දෙයින්. ඇයගේ ගවුමේ පසුපස ගැටය ලිහා දමා ආග්න උන්නේ විණාරාගේ ගවුම ඇගේ එක් උරහිසකින් පන්නා දමමින්. එය දැනෙද්දීම විණාරා තිගැස්සී ගියේ තමා එය කීයටවත් අපේක්ෂා නොකළ යමක් වද්දී.

"හ්හ් ඔ..ඔයා මේ මොකද කරන්නෙ?"

ඉඳින් ආග්නගෙන් මෑත්වී ඉදිරියට යන්නට තැත් කරමින් විණාරා විමසන්නට වූයේ තරමක් දැඩි හඬකින්. ජීවිතයේ ප්‍රථම වතාවට විණාරා තමාට සැර වනවා දකිද්දී ආග්නට දැනෙන්නට වූයේ අමුතුම හැඟීමක්. නමුත් කිසිසේත්ම දොම්නස් හැඟීමක්නම් නොවේ එය. මුවට කොණට නැඟුන සිනහව දෙතොලතරම සඟවාගනිමින් ආග්න තමාගෙන් මිදෙන්නට තැත් කරන විණාරාව අල්ලාගෙන උන්නේ අත්නොහැර.

"අතාරින්න මාව."

විණාරා පෙරටත් වඩා කෝපය මුහු හඬකින් පවසන්නට වූයේ රැවුමක්ද පා කර. එවරනම් ආග්න ඉබේම තම මුවට ගොඩවුණ සිනහව සඟවාගත්තේ යටිතොල දසන් අතරට මැදිකරගෙන.

"ඔහොම ඉන්න මම වොශ් දාන්න හෙල්ප් කරන්නම්..."

ආග්න එසේ පවසා නැවතත් විණාරාගේ කර මතට අතැඟිලි ගෙන යද්දී විණාරා කළේ දඟලා ඔහුගෙන් මිදීම.

"මොනවද කරන්නේ ආ?"

එක් උරහිසකින් පහළට වැටුණු ගවුමේ කර නැවත සකසාගනිමින් විණාරා විමසන්නේ කේන්තියත් සැකයත් මුහුවූ බැල්මක් ඔහු වෙතට පාකරමින්.

"ඇයි?"

කිසිත් නොවූ විලසකට ඔහු විමසන්නේ එක් ඇහිබැමක් ඔසවා දෙඋරත් හකුළුවමින්.

"ඇයි අහන්නෙ... හ්හ්.."

විණාරා කේන්තියෙන් මුහුණ රතුකරගෙන හිඳිද්දී ආග්නට සිතුණේම ඇය හුරතල් බවක්.

'ඕ ගෝඩ් විණාරා...මේ ජීවිත කාලෙටම ඔයා කේන්ති ගත්තා දැක්කමයි මම...'

"එළියට යන්න..."

විණාරා පවසන්නේ ආග්න පෙර බැල්මෙන්ම ඇය දෙස බලාන හිඳිද්දී. ඔහුට දැනුණේ කුමක්දෝ නොතේරෙන නිදහසක් වන් හැඟීමක්. තම ජීවිතේ අඳුරු අවධියට පෙර උන් ඒ නිදහස් දඟකාරයාගේ චරිතයට තමා නැවතත් මොහොතකට අවතීර්ණ වූ වගක්. ඔහු වර්තමාන ජීවිතයේ තිබෙනා අඳුරෙන් මොහොතකට හිත ගැලවී ඒ සැහැල්ලු මනසෙහි මිහිරියාව දැනෙනා වගක්. ඉඳින් ඔහුටත් නොදැනීම ඔහු කෙරෙන් පිටතට එන්නට වෙර දැරුයේ ඔහු තුළම වැළලී ගොස් ඇති ඒ සොඳුරු දඟකාර ආදරණීයම ආත්මය...

"අයි කැන් හෙල්ප්!"
(මට උදව් කරන්න පුළුවන්!)

මදක් දඟකාර හඬකින් පැවසූ ඔහු විණාරා දෙසට මනමාල බැල්මක් හෙළුවේ කොණකින් යටිතොල දසන් අතර රුවාගෙන.

"කීවනේ සැරයක්... එළියට යන්න!"

විණාරා ඔහුට රවාගෙනම පවසද්දී ආග්න කළේ මුව ඇදකර උරහිස් ගස්සා ආපිට හැරීම. අඩියක් දෙකක් දොර දෙසට තබා නැවත ඔහු නැවතෙද්දී විණාරා ඔහු දෙස නෙතු යොමාන උන්නේ දෑස් සිහින් කරගෙන.

"බට් අයි හෑව් ඩන් දිස් බිෆෝර්..."
(ඒ වුණාට මං මේක කලින් කරලා තියනවා...)

යන්තමින් ගෙළ හරවා ආග්න පෙර බැල්මෙන්ම පවසද්දී විණාරාට දැනුණේ කේන්තියටත් වඩා ලැජ්ජාවක්.

"යූ නෝ... ලිවින්ග් ටුගෙදර් ඉද්දි අපි දෙන්නා..."

ඉඳින් ඔහුගේ වදන් කරන්නේ තමාව කුමක්දෝ නොතේරෙන ලැජ්ජාවකින් වසා දැමීමම නොවේද?

"ගෙටවුට් ආග්න...!"

විණාරා තම ලැජ්ජාව සඟවාන කෝපයක් මවාපාමින් පවසන්නට වූයේ දැඩි හඬකින්.

"ඉෆ් යූ සේ සෝ..."
(ඔයා කියනවනම්...)

ආග්න හිස මදක් චලනය කර නානකාමරයේ දොර දෙසට පියමන් කරන්නට වූයේ විණාරාද ඔහු පසුපසින්ම පියවර ඇහිඳිද්දී. ඔහුගේ හැසිරීම ඕනෑවට වැඩී කියා ඇයට සිතුණේ. ඔහුව පිටත් කර ඇතුළතින් අගුලු දැමීමට විණාරා ඔහු පසුපසින්ම පැමිණියේ.

"ඇයි වොශ් දාන්නෙ නැද්ද?"

දොර අසලට විත් දොර විවර කරද්දී හැරී බැලූ ආග්න දුටුවේ ඇය තමා පසුපසම පැමිණි වගක්. ඔහු එසේ විමසූයේ දෙබැම රැලිකර.

"දානවා...මම ආවෙ ඩෝ එක ලොක් කරන්න."

විණාරා නොරිස්සුම් ස්වරූපයකින් පවසන්නට වූයේ ඔහුට යන්තමින් රවන්නටත් අමතක නොකර.

"ඔයා ඉස්සරනම් ඩෝ එක ලොක් කරන්නේ නෑ..."

ආග්න නැවතත් පැවසූයේ පිටතට යාමට ප්‍රථම තවත් එකම එක් වතාවක් ඇයගේ රැවුමක් බලාගැනීමට හිත බල කරද්දී.  විණාරා රවද්දී ආග්න සිනාසෙමින්ම හැරුණු දොර අල්වාගෙන අඩියක් එළියට තිබ්බේ.

"යූ ශෝර් දැට්ච් යූ ඩෝන්ට් නීඩ් මී?"
(ඔයාට හොඳටම ශුවර්ද මාව ඕනෙ නෑ කියලා?)

නැවතත් හැරී ඔහු විමසද්දී විණාරා ආග්න දෙස බැලුයේ කේන්තියෙන්.

"එලියට යන්නහ් සැරයක් කීවම!"

විණාරා ආග්නගේ පිටට අත තබා ඔහුව නානකාමරයෙන් පිටතට තල්ලු කර දමද්දී ආග්න පිටතට ඇවිදන් ගියේ මුවෙහි මැකී නොගිය මන්දස්මිතයක් රැඳෙද්දී.

ඔහු පිටතට ගිය පසු දොර වසා දමා අගුලු දැමූ විණාරාගේ මුවට ඉබේම සිනහවක් ගොඩවූයේ මොහොතකට පෙර ඔහුගේ හැසිරීම් නැවත ආවර්ජනය වෙද්දී.

"හහ්...පිස්සුවක් ඒ කොල්ලානම්!"

කෝපයත් අමතක කර ඔහුගේ දඟකාරකම් වලට හිත පිරී යද්දී විණාරා මුමුණාගත්තේ තනිවම.

🤎🌙___𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

"අනේ අම්මා... මාව මෙහෙන් අරන් යන්නකෝ..."

හතරවටින් ඇසෙනා බෝම්බ හඬ, වෙඩි හඬ සායිරාට දරාගත නොහැකි තරම්. ඇයට සිහිවූයේ තම දෑස් ඉදිරිපිට අඩිගාණකට එපිටින් ගොඩනැගිල්ලක පිපි|රී ගිය බෝ|ම්|බය. එයින් ඇසුණු කන්බෙර පැලී යන තරමේ අධික ශබ්දය තවමත් සායිරාගේ දෙසවන් තුළ දෝංකාර දෙනවා මෙන්. එහි පීඩනයට පසුපසට විසිවී ඇදවැටුණ සායිරාට නැගිටගන්නට ලැබුණේද අඩහෝරාවකට පමණ පසුව. අප්‍රාණිකව ගිය දෙපා සමඟින් පොළවෙහි වැටී හුන්නේ ඇය.

එය අතහැර දැමූ ගොඩනැගිල්ලක් වූ නිසාවෙන් කිසිවෙකුම බලාපොරොත්තු වූයේ නැහැ එයට ප්‍රහාරයක් එල්ල වේවියැයි කියා. නමුදු සතුරු ත්‍ර|ස්ත|වා|දීන් විසින් එයට ප්‍රහාර එල්ල කළේ ඇතුළත සැඟවී හුන් විශාල ප්‍රමාණයක සිවිල් වැසියන්ට ම|රු කැඳවමින් හා තුවාල කරමින්.

එවැනි බිහිසුණු අත්දැකීමක් දිවි ඇති තුරාට සායිරාට ඇස ගැටී නැහැ. තමා වැටී සිටිනා අවස්ථාවේ ඇය දුටුවේ කිසිවෙකු දැකීමටවත් නුසුදුසු දසුන්. අතපය නොමැතිව, ලේ' වැගිරෙමින් දිවයන තුවාලකරුවන්ගේ වේදනාත්මක විලාපය අසන්නට බැරි තරම්. ඔවුන්ගේ වේදනාව බලන් ඉන්නට බැරි තරම්. ම'රු විකල්ලෙන් මෙන් රුධි'රය පෙරාගෙන එම ගොඩනැගිල්ලෙන් පිටතට දිව ආ වයස අවුරුදු දහසයක පමණ තරුණ දැරියක් සිහිසුන්ව ඇදවැටුණේ සායිරාට ආසන්නයෙන්ම.

කීං ගාණා ශබ්දයම පමණක් කණ තුළ දෝංකාර දෙද්දී ඇසිපිය පවා සෙමෙන් සලමින් සායිරා බලන් උන්නේ තමාට එපිටින් ඇදවැටුණු දැරිය දෙස. සායිරාගේ මුළු හිතම, ගතම භීතියෙන් ඇලලී ගියේ ඒ දැරියගේ අත උරහිසට පහළින් නොමැති බව දකිද්දී.

තවත් මොහොතකට පසුව සායිරා හෙමිහිට නැගිට බිම වාඩිවූයේ තමා අවට මුළු පරිසරයම දුහුවිලි වලින්,  රු'ධිරයෙන් හැඩවී තියෙද්දී.

බිම වාඩි වූ සායිරා නෙතු යොමුවේ තමාට එහාපසින් වැටී හුන් දැරිය දෙසට. ඇයගේ අතෙහි තුවාලයෙන් නොනවත්වාම ගලනා රුධිරයෙන් ඒ කර්කෂ පොළව තෙත්ව ගොසින්. 

"දෙයියනේ!"

දෑතින්ම මුව වසාන සායිරා පස්සෙන් පස්සට රූරා ගියේ තවමත් ඇයට ඇවිදගන්නට දෙපා වාරු නොවෙද්දී.

වටපිට බලා කිසිවකු උදව්වට හෝ නොමැති බව පෙනෙද්දී ඇය හයියෙන්ම හඬා වැටුණේ අසරණව. ජීවිතේ කිසිදා ඇසකින් හෝ නොදකීවියැයි සිතූ තැනක ඇය අද.

කුඩා කල සිටම ප්‍රභූ පවුලක අධික සැප සම්පත් මධ්‍යයේ හැදී වැඩුණු සායිරාගේ උඩඟුකම, අහංකාරකම, නපුරුකම පරදා අසරණකමම පමණක් ඇයට උරුමව ගොසින්. තමන් කතාකරනා භාෂාවක්වත් නොදන්නා යු|ධ භූමියක අතේ සතයක් හෝ නොමැතිව, ඇඳිවත පමණක් සහිතව ඇය අතරමංව ගොසින්.

කෝටි ගණනාවක දේපල වල උරුමකාරියක්. බැංකු ගිණුම් වලට ඇයට හිමියි කෝටි ගාණක මුදල්. එමෙන්ම රාජ්නව් පරම්පරාවෙන් තවත් ව්‍යාපාර ඇයට උරුමවීමට නියමිතයි. නමුත් අද ඒ සියල්ලම ඇයට ඵල රහිතයි. එයයි මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවය.

කෙතරම් මිල මුදල් රැස් කළද, කෙතරම් උජාරුවෙන් වැජඹුනද කෙතරම් සැපවත් ජීවිතයක් ගත කළද ඊළඟ මොහොතේ කුමක් වේවිදැයි කිසිවෙකුට කිව නොහැකියි. මන්ද යත් ජීවිතය කියන්නේම අනපේක්ෂිත සිදුවීම් දෙපාමුලට ගෙන දමනා අවිනිශ්චිත දෙයක්.

"וואַסער..."
(Vaser/වේසර්)

නොදන්නා භාෂාවකින් කිසිවකු කුමක් හෝ මුමුණනවා ඇසෙද්දී සායිරා බැලුවේ තිගැස්සීගෙන. ඉඳින් ඒ සිහිසුන්ව හුන් තුවාල වු දැරිය. ඇගේ වේදනාත්මක දෑස් හැරවී තිබුණේ සායිරා දෙසට.

කිසිවකුගේ වේදනාවක් හමුවේ සායිරාට ළය රිදවන වේදනාවක් දැනුණේ ජීවිතේ ප්‍රථම වතාවට වෙන්න ඇති.

"וואַסער"
(වේසර්...)

ඒ දැරියගේ දෙනෙත් තුළ වූ වේදනාව, බිය අසංවේදී සිතක් පවා සංවේදී කරවන්නට සමත් බවට නැහැ සැකයක්. ඇයගේ නෙත් හැරවී තිබුණේ සායිරා දෙසට. ඇය උන්නේ සෙලවීමටවත් අපහසුවෙන්. පෙර වදනම ඇය මුමුණන්නේ සායිරා දෙස බලාන.

"tum kya kah rahe ho"
(අනේ මොනවද කියන්නේ..)

සායිරා බැරිම තැන හින්දි බසින් පවසන්නට වූයේ හඬමින්.

"וואַסער"

"he bhagavaan, main nahin samajh sakata"
(අනේ මට තේරෙන්නෑ දෙයියනේ!)

සායිරා නැවත ඒ දැරියට පවසද්දී දැරිය මොහොතක් ඈ දෙසම බලාන උන්නේ අසරණව.  අධික ලෙසින් රුධිරය වෑස්සුන නිසාවෙන් ඇයට දැනෙන්නේ පිපාසයක්. ඇය තමා ඉදිරියේ හිඳිනා එකම මනුෂ්‍ය ප්‍රාණියාගෙන් ඉල්ලන්නේ පානය කිරීමට ජලය. පිපාසයෙන්ම මියැදේවියැයි කියා ඒ අසරණ කුඩා දැරියට දැනුණේ. තමා ඉදිරියේ හිඳිනා නාදුනන කාන්තාවට තමාගේ බාෂාව නොතේරෙන බව දැරියට වැටහී ගියේ සායිරා හින්දි බසින් මුමුණද්දී. දැරිය නොදන්නා බාෂාවක් එය.

නමුදු මරු විකල්ලෙන් පණ රැකගන්නට දඟලනා සෑම පුද්ගලයෙකුගේම මනසෙහි මෙන්ම කයෙහි තියෙන්නේ අසාමාන්‍ය ශක්තියක්. ඇතැම් විට ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය පවා වැඩි වනවා ඇත්තේ සිරුරේ පැවැත්මට වෙන්නට ඇති.

දැරිය සායිරා දෙස බලා තමාට ඉතිරිව තිබෙනා අත මුව දෙසට ළං කරේ දැඩි පරිශ්‍රමයක් දරා. එම අතැඟිලි මිටි කර ඇය මුව අසලට දෙතොල් ළං කරේ සායිරාට එය වැටහෙද්දී.

"Panee?"
(වතුර?)

සායිරා විමසන්නට වූයේ ජලය පානය කරනවා මෙන් තම අතැඟිලි මුව අසලට ගෙන එමින්. දැරිය ඔව් කියා හිස සොලවද්දී සායිරා වටපිට බැලුවේ අසරණව. තමාද අසරණයි. නමුදු තමාට වඩා සිය දහස් ගුණයක් ඒ දැරිය අසරණයි. සායිරාට කල්පනා වූයේ තමා සිහිය එන විට හුන් ස්ථානයේ කුණු කූඩ. ඇයට සිහිවූයේ එහි කෙළවරක වතුර බෝතලයක් වැටී තිබුණ බවක්.

"men naheen ja sakata..mujhe dar lag raha hai"
(අනේ මට යන්න බෑ..මට බයයි...)

නමුත්...නමුත් ඇයට යාමට තරම් ධෛර්යයක් නොමැති තරම්. ඇය මුමුණාගත්තේ හුන් තැනට ගුලි වෙමින්. අඩිගණනාවකට ඉදිරියෙන් ගිණිගෙන දැවෙන ගොඩනැගිලි, වෙඩිහඬ ඇයව පසුපසට ඇද්දේ ඉබේම. ඒ සියල්ලටත් වඩා සායිරා යනු එසේ තව කෙනෙක් වෙනුවෙන් කැපකිරීම් කිසිදිනෙක නොකළ ආත්මාර්ථකාමි අයෙක්.

'එයා මැ|රෙන්නද යන්නේ?'

තමා දෙස බලාන හිඳිනා අසරණ දැරියගේ නෙතු හෙමිහිට පියවී යද්දී සායිරාට දැනුණේ බියක්... තම හදවත පහුරු ගානවා මෙන් වේදනාවක්. මොහොතක් බලාන හිඳිද්දී සායිරාට හුන් තැනින් නැගිටුණේ ඉබේම.

"ඉන්න... මැරෙ..න්..න එපා!"

දැරිය දෙස බලා සායිරා හින්දි බසින් මුමුණද්දී දැරිය සායිරා දෙසට හෙළුවේ කිසිදිනෙක අමතක නොවනා බැල්මක්. ඉඳින් සායිරා මොහොතක් හෝ පමා නොවීම දිවගියේ තමා වැටීහුන් කුණුබක්කි දෙසට. එහි වැටී තිබූ අඩියෙහි අඩක් ජලය ඉතිරිව තිබූ බෝතලය රැගෙන සායිරා දිව ආවේ දැරිය සිටිනා ස්ථානයට.

මියැදෙමින් හිඳිනා දැරියගේ මුව අල්වා සායිරා දැරියට වතුර පෙව්වේ දැරිය දැඩි පිපාසයකින් එය පානය කරද්දි. දැඩිව වැටෙනා අව් රශ්මියෙන් දෙදෙනාම උන්නේ පීඩාවෙන්. ජලය පානය කිරීමෙන් පසුව දැරිය සායිරා වෙතට හෙළුවේ කෘතඥපූර්වක බැල්මක්.

ඊළඟ මොහොතේ ඇය අත දිගු කර සායිරාගේ අත අල්වාගත්තේ සායිරාගේ දෙනෙත් වලට කඳුළු පිරෙද්දී. එයයි අවසන් බැල්ම...එයයි අවසන් මොහොත. යන්තම් තුරුණු වියට පා තබන්නට යන නැවුම් මල් කිණිත්තක් පරවී ගියේ සායිරාගේ දෑස් ඉදිරිපිටම.

'එපා...'

සායිර හිතින් කෑ ගැසූයේ තම දෑස් ඉදිරියෙහි හුන් එකම ප්‍රාණියාට මියැදෙන්නට එපා කියා. නමුදු ඇය අන්තිම හුස්ම පොද වාතලයට මුහුකර අවසන්.

යුද්'ධය...බලතණ්හාවෙන්, ධන තණ්හාවෙන්, සැප පුටුවල වාඩිවීගෙන හිඳිනා මිනිස් වෙස් ගත් තිරිස'නුන් මෙහෙයවනා යුද්ධය එලෙසයි. කිසිදු ඵලයක් රහිතවම එය උදුරාගන්නේ වටිනම මිනිස් ජීවිත. සියල්ලටම වඩා වේදනා ගෙන දෙන්නේ මෙවන් මල් කැකුළු පිපෙන්නට පෙරම පරවී යද්දී.

ඉඳින් කිසිදිනෙක කිසිවෙකුගේ දුකක් නොදැනුණ ඒ උඩඟු සායිරා උන්නේ නන්නාඳුනන දැරියක් වෙනුවෙන් හඬා වැලපෙමින්... ඇතැම් අවස්ථා ඇතැම් විට තිරිස'න් වෙස් ගත්තවුන්ගේ නිදන් හිඳිනා මනුෂ්‍යත්වය ඇහැරවනවාද විය හැකියි.

තවත් මොහොතකින් සායිරා දෙනෙත් එසෙව්වේ කාන්තාවක් කුමක්දෝ මුමුණමින් තමාට හඬගසනවා ඇසෙද්දී.

"Come... come.."

ඇය කැඩුණ, නුහුරු ඉංග්‍රීසියෙන් අත වනා සායිරාට හඬගසන්නට වූයේ කලබලයෙන්.

තවත් මිනිත්තු ගණනාවක් ළං වෙද්දී සායිරා උන්නේ එහි උමං මාර්ගයක සැඟවී හිඳිනා සරණාගතයන් හුන් ස්ථානයක.

🤎🌙___𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

"ශුවර්? කොණ්ඩෙ තෙමුනේ නෑනෙ?"

ලැප්ටොප් පරිඝනක තිරයෙන් නෙතු අහකට ගෙන ආග්න ඒ විමසන්නේ දෙවන වරට. විණාරා හිස දෙපසට වැනුවේ නැහැයි කියන්න.

"මට බඩගිනියි..."

ඇඟ සෝදා අලුත් රෝහක් ඇඳුමක් හැඳ සයනයට පැමිණ වාඩිවූ විණාරා පවසන්නට වූයේ ආග්නගේ අවධානය පරිඝනකය මතටම යොමුව තියෙද්දී.

"ඩොක්ටර් කීවා අද ඔයාට කෑම දෙන්න පුළුවන් වෙයි කියලා..."

ඔහු පවසන්නේ පරිඝනක යතුරු පුවරුව මත මොනවාදෝ ටයිප් කරමින්. ඔහුගේ දෙනෙත් තමා වෙතට නොහැරවෙද්දී විණාරාට දැනෙන්නේ පාලුවක්.

"මට දැන් මොනවහරි කන්න ඕනේ..."

ඇය පවසන්නේ  මුහුණු පුළුටු කරගෙන.

"විණාරා...ඊට කලින් අපිට ඔයාගේ ටෙස්ට් ටික කරගන්න ඕනේ."

ඒ වන විටත් ආග්න ඇයව පරීක්ෂණ සඳහා රැගෙන යාමට සියල්ල සූදානම් කර තිබුණේ.

"මට බෑ එළියට යන්න.. එළියෙ කට්ටිය ඉ"

විණාරා පවසන්නට වුයේ බියපත් වූ හඬකින්.

"නෑ...එළියෙ කවුරුත්ම නෑ... ලැබ් එකේ ඉන්නේ ඩොක්ටර් විතරයි..."

ආග්න පවසද්දී විණාරා හිස දෙපසට චලනය කරේ ඔහුව විශ්වාස නැතැයි පවසමින්.

"ට්‍රස්ට් මී...මාත් එක්ක එන්නකෝ..."

තවත් මොහොතකින් ආග්න ඇයගේ හිත හදා කෙසේ හෝ විණාරාව රෝහල් කුටියෙන් පිටතට රැගෙන ගියේ. විණාරාගේ දෙනෙත් ඉදිරියෙහි වූ රෝහල් කොරිඩෝව සම්පූර්ණයෙන්ම හිස්.

විණාරා ආග්න දෙස හැරී බැලුවේ පුදුමයෙන්.

"දැන් විශ්වාසනේ?"

ඔහු විමසද්දී විණාරා බලන් උන්නේ නිහඬවම.

"අ..නේ...ම්..මට බයයි ඒත්.."

අඩියක් දෙකක් ඇයව කැටුව ගියද විණාරා පසුබසින්නට වූයේ ආග්නට සුසුමක් පිටවද්දී.

"ට්‍රස්ට් මී විණාරා...කවුරුත්ම නැහැ..

ප්ලීස් බයවෙන්න එපා.. අපි අද මේ ටෙස්ට් ටික කරගන්නම ඕනේ.."

ඔහු පැවසූවද ඇය උන්නේ බියෙන්.

"මං ඉන්නවා ළඟ...ඇයි බයවෙන්නේ...කවුරුත්ම නෑ...

අර බලන්න..."

ඔහුගේ වදන් වලින් ඇය සන්සුන් වූයේ කෙමෙන් කෙමෙන්.

"හරි... තාමත් බයනම් ඇස් වහගන්න..."

ඔහු පවසද්දී විණාරා ඔහු දෙසට නෙතු යොමුවේ කුහුලකින්.

"ඇස් වහගෙන කොහොමද යන්න්"

ඇය විමසන්නට ගිය වාක්‍යය අවසන් වන්නට ප්‍රථම ආග්න නැවී ඇයව තම දෑත් මතට ගත්තේ විණාරාගේ දෑස් විසල්ව යද්දී. බියටම ඈ දෑත් ආග්නගේ ගෙළ වටා එතුණේ.

"මෙහෙම..."

දෙතොල් කොණකින් සිනහවක් නගා ආග්න පවසන්නට වූයේ දෙබැම ඔසවමින්.

           To be continued

Continue Reading

You'll Also Like

8.9K 1K 35
ඇත්තටම ම⁣⁣ගේ ආදර කතාවත් ෆික්ශන් එකක් උනා නම්.. මම අනිවාර්යයෙන්ම.. ඒකට ලස්සන අවසානයක් ලියාගන්නවා. අපි තුන්දෙනාටම ලස්සන අවසානයක් එන විදියට....... ඒත් ඉ...
89.6K 6.7K 88
තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ...
12.2K 1.9K 32
හරි ශක්තිමත් ආදරණීය සහෝදර බැම්මක්...❤️ කඳුළු මැද්දෙන් ජීවිතය දිනන පවුලක්...❤️ හීන වලට පාර කපන ලස්සන හදවත් ගොඩක්...❤️ හුස්ම නැවතුනත් පණ ගැහෙන ආදරයක්...
1K 92 21
"උබ අපේ එකීට කැමතිනේ ඇත්ත කියපන් බොරු නොකියා " "අහ් " "අහ් නෙමේ මං දන්නවා උබ අශිට කැමති කියලා " "ඒක දැන් වැඩක් නෑ බං උබ වෙන දෙයක් කතා කරපන් " "වෙන දේ...