දුඹුරු සඳ (100 සිට 149 දක්වා)

By Aro_Yash

20K 889 7

100 වෙනි කොටසේ සිට 149 දක්වා පළ කිරීම More

1-100 කෙටි සාරාංශයක්
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149

130

353 15 0
By Aro_Yash

#දුඹුරු_සඳ_130
𝐓𝐡𝐞 𝐁𝐫𝐨𝐰𝐧𝐢𝐬𝐡 𝐌𝐨𝐨𝐧 🤎🌙

🤎🌙𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

"මිස්ටර් ආග්න... ඔයා කියපු කරුණු එක්ක බැලුවම මට දැන් හේතුව පැහැදිලිව පේනවා."

ඉඳින් ආග්න වෛද්‍යවරයාට විණාරාගේ ළමා කාලය පිළිබඳ ඔහු දැනහුන් සියල්ලම පවසන්නට වූයේ එය රහසිගතව තබාගන්නා ලෙස ඔහුට අවධාරණය කරමින්.

"ළමා කාලය කියන්නේ කෙනෙක්ගෙ පෞර්ෂත්වයට බලපාන ප්‍රධානම දෙයක්.

Parent losses, Harrassmants, bullying, abuses... මේ දේවල් වලට ළමා කාලයේ මූණ දුන්න පුද්ගලයන් වැඩිහිටියෝ වුණාම බොහෝදුරට එයාලට ජීවිත කාලෙම ඒ දේවල් බලපානවා."

වෛද්‍යවරයා කරුණු පැහැදිලි කරන්නට වූයේ මතකය අහිමිවූ පසුව විණාරා මිනිසුන්ට දැඩිව බය වෙන හේතුව. ඇය කුඩා කල මුලු සමාජයකින් කොන්වී, නෑදෑ හිතමිතුරන්ගෙන් කොන්වී දැඩිව හුදෙකලා වීමත්, පාසල් ළමුන්ගේ වාචික හිංසා සහ පීඩනත්, කායික හිංසා සහ පීඩන වලටත් මුහුණ දුන් අසීරු ළමා කාලයක් එය.

ඉඳින් ඇය කෙසේ හෝ උස්මහත් වී වැඩිහිටියෙකු බවට පත් වූවද යටිහිතෙහි සෑම විටම අතීතයේ අමිහිරි සිදුවීම් පිළිබඳව බියක් ඉතිරිව තිබු බවයි ඔහු පැවසූයේ.

"මිස්ටර් ආග්න...පිටින් බලද්දී ඔයාට වයිෆ්ගේ තියන ලැජ්ජාව, මිනිස්සු ඉස්සරහට යන්න තිබ්බ පැකිලීම බය සුළුවට පෙනුණත් එයාගෙ හිත අස්සේ එයාටවත් හිතාගන්න බැරි තරමේ ගැඹුරට ඒ බය තිබිල තියනවා.

ඌණ පෞර්ෂත්වයක් එක්ක එයා වැඩිහිටියෙක් වෙලා තියෙන්නේ.

ඉතින් මේ ඉන්සිඩන්‍ට් එකේදී එයාගෙ බ්‍රේන් එකට වෙච්ච ඩැමේජ් එක නිසා මතකය අහිමි වුණත් මිස්ටර් ආග්නව මතක තිබ්බා වගේ එයාගෙ හිතේ ගැඹුරින්ම තියන හැඟීම් සමහරක් ඉතිරි වෙලා තියනවා."

"ඒ කියන්නේ ඩොක්ටර් එයා දැන් මනුස්සයන්ට බයවෙන්නේ එයාගෙ පොඩි කාලෙ බය මතක තියන නිසාද?"

"ඔව්...අනිවාර්‍යෙන්ම. එයාට මතකය නැතිවුණාට එයා මිනිස්සුන්ට බයයි කියලා එයාට දැනෙනවා. හේතුවක් මතක නැතිවුණාට මිනිස්සු ගැන, සමාජය ගැන මිසිස් විණාරාගේ යටිහිත තිබ්බ බය එහෙමම ඉතිරි වෙලා තියනවා."

ඉඳින් කරුණු කාරණා පහදා දී වෛද්‍යවරයා ආග්නට උපදෙස් ලබාදුන්නේ ඇය හා ගණුදෙනු කළයුතු ආකාරය පිළිබඳව.

"මිසිස් විණාරා පිසිකලි 100% සනීප වුණාට පස්සේ ට්‍රීට්මන්ට්ස් පටන් ගන්න වෙන්නේ මිස්ටර් ආග්න..

එතකන් ඔයාට තමා ලොකුම රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ. මොකද එයාට දැන් මතක ඔයාව විතරයි, ඒ වගේම එයාට විශ්වාසත් ඔයාව විතරයි.

දැක්කනේ...දැන් එයා මාත් එක්කත් තනියම ඉන්න බයයි.මිස්ටර් ආග්නගේ ලයිෆ් එක ගොඩක් බිසි කියලා මං දන්නවා..

ඒත් මේක ඔයාගෙ වයිෆ්ගේ ජීවිතේ පිළිබඳ ප්‍රශ්නයක්...
එතනදි මිස්ටර් ආග්නට එයාට ප්‍රයෝරිටි එක දෙන්න වෙනවා."

"අනිවාර්‍යෙන්ම ඩොක්ටර්.. තැන්ක්‍යූ"

🤎🌙𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

කාලය ගෙවී යන්නට වූයේ සෙමෙන්. දවසින් බොහෝ වේලාවක් විණාරාට නින්ද යද්දී ආග්න ඒ අතරතුර තමන්ගේ ව්‍යාපාරික කටයුතු සිදුකරන්නට වූයේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ.

වසර ගණනාවක් තිස්සේ වෙහෙස වී ලබාගත් අතිවිශාල ව්‍යාපෘතියක් වන කැනඩා ව්‍යාපෘතිය ආග්න තම පියාට භාර දුන්නේ දෙවරක් නොහිතාම.

ලෝකප්‍රකට සන්නාම නාමයක් හා මුහුවූ එම ව්‍යාපෘතිය ආග්නගේ ව්‍යාපාරික මට්ටම 50%කින් පමණ තවත් ඉහළට ඔසවා තබන්නට සමත් ව්‍යාපෘතියක් වූවත් ඔහු මුල්තැන ලබා දුන්නේ විණාරාට.

'අපිට මේ ටෙස්ට් ටික ඉක්මනටම කරගන්න වෙනවා මිස්ටර් ආග්න. ඒත් මෙයාව ලැබ් එකට අරන් යන එක තමා ප්‍රශ්නේ.

කලින් වගේ මෙයාව මිනිස්සු ඉස්සරහට අරන් යන්න ගිහින් අවදානමක් ගන්නත් බැහැ.'

වෛද්‍යවරයා පවසන්නට වූයේ එදින සවස් යාමයේ.

'ඩොක්ටර් මෙන්ඩිස්, හොස්පිට්ල් එකත් එක්ක කතා කරලා මම ඒක ඉක්මනින්ම ඇරේන්ජ් කරන්නම්...'

ඉඳින් ආග්න එම පෞද්ගලික එම කටයුත්ත රොවේන්ට බාර දුන්නේ ඔහු මගහැරුණු අනෙකුත් ව්‍යාපාරික කටයුතු සමබන්ධව සොයා බලා කටයුතු කිරීමට තිබූ නිසාවෙන්.

එදින රාත්‍රිය ගෙවී ගියේ විණාරාට ලබාදුන් නිද්‍රාගත ඖෂධ නිසාවෙන් ඇය දීර්ඝතම නින්දකට අවතීර්ණ වද්දී.

පසුදින උදෑසන සුඛෝපභෝගී පෞද්ගලික රෝහල් කුටියෙහි කවුළුවෙන්  පෙරී ආ හිරුකිරණ තැවරෙන්නට වූයේ ඈ පියවුණ ඇහිපිය මත හෙමිහිටම.

එම පෞද්ගලික රෝහළ තිබුණේ නාගරික පරිසරයක වූවත් හරිත සංකල්පයලට අනුව නිමවා තිබූ නිසාවෙන් එහි පරිසරය නාගරික පරිසරයකින් මිදුණු ගහකොල වලින් පිරුණු හිත නිවන්නක්.

රෝහලේ රෝගීන්ගේ මානසික සුබසිද්ධිය වර්ධනය කිරීම සඳහා එසේ රෝහල ඇතුලතත් පිටතත් අලංකාර කර තිබුණේ ස්වභාවික ශාක, පැළෑටි, ගස්, තණකොල, මල් ආදියෙනුත් මාලු ටැංකි, සුරතල් කුරුල්ලන්, ලේනුන් ආදී සතුන් ස්වභාවිකව රෝහල් භූමියට ගෙන්වා ගැනීමට උපක්‍රම යෙදීම ආදියෙනුත්.

එම නිසාවෙන් නෙතට පමණක් නොව සවනටත් ප්‍රිය උපදවනසුළු පරිසරයක් එහි වූයේ. ග්‍රාමීය පරිසරයක මෙන් අවදි වද්දීම විණාරාට කුරුල්ලන්ගේ කිචිබිචිය සවනත තැවරුණේ එබැවින්.

හෙමිහිටම දෑස් හැර ඇස් ආලෝකයට හුරුකරගත් ඈ බඳට දැනුණේ යම් බරක් පැටවී ඇති වග.

ඉඳින් තමාට පොරවා තිබූ බ්ලැන්කට්ටුව මතින් තම බඳ හරහා අතක් දිගු කර දමාන සෝපා පුටුවෙහි වාඩි වී සයනය මත හිස තබාන නිදන් උන්නේ අන් කවරෙකු හෝ නොව ඔහු...

තම මතකයේ පැහැදිලිව හිඳිනා එකම එක පුද්ගලයා. තමාට දැඩි බියක් දැනෙන අවස්ථාවකදී රැකවරණය ලෙසින් පෙනෙනා එකම පුද්ගලයා... ආග්න...

'මෙයා මෙතනද ඊයෙ රෑ නිදාගෙන තියෙන්නේ?'

ඉඳින් සයනය පසෙක වූ ලැප්ටොප් පරිඝනකයත් දුරකතනයත් නෙත ගැටෙද්දී විණාරාට සිහිවූයේ පෙරදින රාත්‍රියේ අවදි වූ අවස්ථාවක ඔහු එයින් කුමක් හෝ කරමින් සිටි අයුරු. විණාරාගේ නෙතු නැවතත් දිවගියේ ඔහු උවන මතට.

🤎🌙𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

එක් අතක් නවාන ඒ බාහුව මත මුහුණ පසෙකට ඇද කර තබාන උන් ඔහුගේ අනික් අත ඉදිරියට දිගුව වැටී තිබුණේ තම බඳ හරහා. ඉඳින් ඒ අතෙහි උණුහුමත්, බරත් හැරුණු කොට විණාරාට දැනුණේ ඔහු එලෙස තමාව අල්වාන හිඳිද්දී ආරක්ෂාවක් වන් හැඟීමක් දැනෙනා බවට.

ඔහුගේ තමාගේ බැඳීම කෙබදු බැඳීමක් වන්නට ඇතිදැයි විණාරාට සිතුණේ එක්වරම. තමාට මතක සිද්ධීන් මෙන්ම ඔහු පෙන්වූ ඡායාරූප අනුව ඔවුන් දෙදෙනා ඉන්නට ඇත්තේ එක් වහලක් යටදැයි විණාරා කල්පනා කරන්නට වූයේ පුදුමයෙන්. එය සිතනා විටත් විණාරාට දැනුණේ හිස් බව මුහුවුණ සිතාගත නොහැකි ආගන්තුක හැඟීමක්.

විණාරා කල්පනාකරන්නට යද්දී හිස තරමක් රිදුම් දෙන්නට ගන්නා නිසා ඇය මොහොතක් දෑස් පියාන උන්නේ සිතිවිලි වලින් මිදෙන්නට. ඊළඟ මොහොතේ ඈ නැවතත් ඒ නෙතු නවතාලූයේ ඔහු කඩවසම් මුහුණ මත.

තරමක් දිගු හිසකේ කැරලි ආග්නගේ නළලෙහි ඇතැම් තැන් ආවරණය කරමින් වැටී තිබුණේ ඔහු නිදන් උන් ඉරියව්ව නිසාවෙන්.

ඔහු ඉතා ඝනකම් ඇහිබැමත් පියවී තිබෙනා දෙනෙත් වල වූ ඝනකම් ඇහිපිහාටු සහිත ඇහි දාරත් නිසාවෙන්ම ඔහු මුහුණට ඇවිත් තිබුණේ තරමක නපුරු ස්වභාවයක් මෙන්ම පෞර්ෂත්වයක් මුහුවූ අමුතුම ආකර්ෂණීය කඩවසම්බවක්.

තරමක් තදින් පියවී ගිය ඔහු දෙතොල් වල වූයේ අමුතුම රෝස පැහැයක්. රන්වන් පැහැයත් කහ පැහැයත් මුහුවූ ඔහු සමෙහි පවා වූයේ අමුතුම පැහැයක්.

'මගෙ පවුලෙ අය... එයාලවත් මතක නැතිව මට ඔයාව විතරක් මතක තිබ්බෙ ඇයි ආග්න?

ඒ තරමටම ළඟ බැඳීමක්ද අපි දෙන්නට තිබ්බේ?'

රිසිසේ ඔහු උවන මත නෙතට එහෙ මෙහෙ යන්නට ඉඩදෙද්දී එක්වරම විණාරාගේ සිතට එබිකම් කළේ එම සිතිවිල්ල.

'අනේ...මට ඇයි අමතක වුණේ? මට මගෙ මතකෙ ආපහු ඕනේ...'

ඉඳින් ඇයට අමතක වූ මතක පිළිබඳ කුතුහලයකටත් වඩා දැඩි හිස්බවක් දැනෙද්දී විණාරා මුමුණන්නට වූයේ සිතින්.

ඉඳින් පෙරදින විණාරා තම පවුල පිළිබඳව ආග්නගෙන් විමසා තොරතුරු දැනගනිද්දී ආග්න ඇයට පැවසූයේ මව අහිමි බවත් කුඩා කල සිටම ඇයත් පියාත් ජීවත් වූ බව.

එහිදී විණාරාට පියා පිළිබඳව හෝ මතකයක් නොතිබුණද ආග්න ඇගෙන් විමසූයේ ඇයට පියාව මුණගැසීමට අවැසිදැයි කියා.

නමුදු විණාරාට දැනුණේ බියක්. තමාට පියාව දකිද්දීත් බියක් දැනේවියැයි කියා ඇයට දැනුණේ බියක්. ඉඳින් ඈ ඔහුට පවසා සිටියේ තමා එයට තවමත් සූදානම් නැති වග.

"හ්හ්..."

කල්පනාවෙහි හුන් විණාරා එක්වරම තිගැසී ගියේ ඈ බඳ මත වූ ආග්නගේ අතෙහි ග්‍රහණය එක්වරම වැඩි වී යද්දී. බඳ මත උණුහුමට තද වූ ඔහු අතෙහි ස්පර්ෂයත්, සංවේදනයත් අනපේක්ෂිතව ලැබුණ නිසාවෙන් විණාරා මදක් තිගැස්සී ගියේ හුස්මක් ඉහළට ඇදෙද්දී...

ඉඳින් ඔහු නින්දෙන්ම තමාව තදින් අල්වා ගත් වග හැඟෙද්දී අනිච්ඡානුගවම විණාරාගේ දෙතොල මදක් පුළුල්ව ගියේ එහි ඇඳුණු මන්දස්මිතය නිසාවෙන්. එම හීන් හිනාවට දෙතොලින් පහව යන්නට ඉඩක් නොතබාම විණාරා බලන් උන්නේ ඔහු මුහුණ දෙස.

ඔහු අවදිව සිටිද්දී ඔහු මුහුණ දෙස, ඇස් දෙස බලන්නට සියුම් පසුබෑමක්, ලැජ්ජාවක් වන් හැඟීමක් දැනුණද ඔහු නිදන් ඉද්දී ඇයට නෑ කිසිදු බාධාවක්.

ඔහු කාන්තිමත් දෙනෙතෙහි හිත හිරිවට්ටන බැල්ම නොමැති වූවත් නින්දක හිඳිනා ඔහු උවන මත නෙතු නවතිද්දී ඇයට දැනෙන්නට වූයේ මිහිරියාවක්, නැවුම් බවක් මුහුවූ අමුතුම හැඟීමක්.

ඉඳින් අනිච්ඡානුගවම විණාරාගේ අතක් ඔහු මුහුණ දෙසට දිගුවූයේ ඇයටත් නොදැනීම. ඉඳින් ඈ උණුහුම් අතැඟිලි නතරව ගියේ රැවුල්කොට පිරුණු ඔහු කම්මුලක් මත. මොහොතක් ඔහු කම්මුලෙහි පහස තම ඇඟිලි තුඩු වලට දැනෙන්නට ඉඩදුන් විණාරා නෙතු යොමුවේ ඔහු නළලෙහි තැන තැනින් පහළට වැටී තිබූ කෙස් රොදවල් දෙසට.

ඉඳින් දෙවරක් නොහිතාම ඇය හෙමිහිටම ඒ කෙස් රොදවල් පසෙකට කර සකසන්නට වූයේ ඔහු අවදිවේවියැයි බියෙන් බියෙන්. නමුදු එක්වරම විණාරා තිගැස්සී ගියේ නොහිතුව අයුරින් ඔහු දෑස් හරිද්දී. බඩු සමගම සොරකු හසු වූවා මෙන් හැඟීමක් දැනෙද්දී විණාරා තම අත ආපස්සට ඇදගත්තේ ක්ෂණිකව.

දෙනෙත් තදින් පියවා නැවත හැරි ආග්න නෙතු යොමුවේ විණාරා දෙසට. අත ආපස්සට ඇදගත් විණාරා උන්නේ ඔහු නෙතු වලින් තම නෙතු සඟවාගනිමින්. නමුදු එක් එල්ලයේම ඈ උවන මත නෙතු තබන් හුන් ආග්නගේ දෙතොල මත හීන් හිනවක් ඇඳුණේ ඈ සෙරක මෙන් තමා දෙස බලද්දී.

එම සිනහවෙන්ම ආග්න ඇය දෙස බලන් හිඳ ඊළඟ මොහොතේ ඔහු ඇය උදරය මතින් අත ගෙන සයනට මතින් හිස කෙලින් කරගන්නට වූයේ ගෙළ මදක් ඇල කර ඇඟමැලි කඩමින්. දෑත් දෙපසට විහිදා නැවතත් ගෙළ දෙපසට කර ඇඟමැලි කැඩූ ඔහු ඊළඟට නෙතු ගෙන ආවේ ඈ දෙනෙත් අසලට.

එක්වරම ඔහු අතකට විණාරාගේ අතැඟිලි මැදිව යද්දී විණාරා  ඔහු දෙසට නෙතු ගෙන ආවේ තිගැස්සෙමින්. කිසිත් නොපවසාම ඔහු ඈ සුරත ගෙන තම රැවුල් කොට පිරුණු කම්මුලක් මත තබාගනිද්දී විණාරා ඔහු දෙස බලන් උන්නේ දෑස මදක් විසල් කරගෙන.

"ඉට්ස් ඕකේ...ඉෆ් යූ වෝන්ට් යූ කැන් ටච් මී..."
(ඔයාට ඕනෙනම් ඔයාට පුළුවන් මාව අල්ලන්න...)

ඈ දෑස් මතම තම නෙතු නවතාන ඔහු පැවසූ දෙයින් විණාරාගේ දෙකොපුල් රත්පැහැ ගැන්වුණේ දැනුණු කෝල බවින්. ඇය එක්වරම ඔහු කම්මුලත් ඔහු අතැඟිලිත් අතරමැද වූ තම සුරත ආපිට ඇදගන්නට තැත් කළද ඉඩක් වූයේ නැහැ එයට ඔහුගෙන්.

අමුතුම බැල්මකින් විණාරා දෙස බලන් හුන් ආග්න ඊළඟ මොහොතේ ඈ සුරත කම්මුලෙන් ගෙන තම මුවට ළං කර ඒ පිටිඅත්ල මත හාදුවක් තවරන්නට වූයේ මෘදුව. ඉඳින් විණාරාට දැනුණේ හීන් විදුලි සැරයක් තම හදවත දිගේ ඉහළට ගමන් කරනවා මෙන් හැඟීමක්.

"I'm totally yours."
(සම්පූර්ණයෙන්ම මම ඔයාගේ...)

එලෙස පවසා ආග්න ඈ අත අතහැර නානකාමරය දෙසට පිටත්ව ගියේ විණාරාගේ හිත සොඳුරු සිහිනයක මෙන් යමක ගිල්වාලමින්.

                  To be continued

Continue Reading

You'll Also Like

40.3K 865 13
"How can you do this to me?!" I yell. "We're sorry, Jungkook," They say. "Sorry, my ass," I spat.
1K 75 16
දැනෙන තැන හරිම තැනම ද ?
152K 10.8K 75
Mr.අතිපණ්ඩිත කතාවේ දෙවන දිගහැරුම.
10K 2K 15
දෙමව්පියෝ...සහෝදරයෝ විතරන් නෙමේ හොදම යාලුවෝ දෙන්නායි Boy Friend යි හැමෝම එක දවසින් ඔයාව ප්‍රතික්ශේප කරොත්....කොටින්ම කිව්වොත් ඔයාව ගෙදරින් එලියට ඇදලා...