දුඹුරු සඳ (100 සිට 149 දක්වා)

By Aro_Yash

22.5K 1K 7

100 වෙනි කොටසේ සිට 149 දක්වා පළ කිරීම More

1-100 කෙටි සාරාංශයක්
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149

128

408 22 0
By Aro_Yash

#දුඹුරු_සඳ_128
𝐓𝐡𝐞 𝐁𝐫𝐨𝐰𝐧𝐢𝐬𝐡 𝐌𝐨𝐨𝐧 🤎🌙

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

පමා නොවීම විණාරා නිදිදෙව්දුව වැළඳගනිද්දී ආග්න උන්නේ සිහිනයක අතරමං වීගෙන මෙන් ඈ මතම නෙතු තබාන. ඉඳින් ඈ සෙමෙන් නින්දට ගිය පසුව කන ආවරණය කරගෙන හුන් ඇගේ අත අප්‍රාණිකව පහළට රූරා වැටෙන්නට වූයේ ආග්නගේ නෙතට එය හසුවද්දී.

මොහොතකට පෙර ඈ හුරතක් අයුරින් තමාට සවන්දීම ප්‍රතික්ෂේප කරමින් කන අතකින් වසාගත් අයුරු සිහිවද්දී ආග්නගේ ලවන්යුග මත තැවරුණේ ප්‍රසන්න සිනහවක්. ඊළඟ තත්පරයේදී ඔහු හෙමිහිට අත ඉදිරියට දිගුකර ඒ අතැඟිලි අතරට මැදිකරගත්තේ විණාරාගේ රූරා වැටෙන අත. ඇය අවදිවේවියැයි බොහෝ ප්‍රවේශමෙන් ආග්න ඈ අත හෙමිහිට ගෙන තැබුවේ ඈ මුහුණට ඉදිරිපස කොට්ටය මතින්.

නමුදු ඈ අත නිසාවෙන් තමන් එතරම් වේලාවක් රිසිසේ නෙතු යොමන් හුන් මුහුණෙහි කොටසක් ආවරණය වද්දී ආග්නට දැනුණේ නොරිස්සුමක්. දෙවරක් නොහිතාම නැවත ඇගේ අත මෘදුව අල්වාගත් ආග්න එය ඒ ආසන්නයේම සයනය මතින් තැබුවේ ඈ මුහුණ තම දෙනෙතට ආවරණය නොවන අයුරින්.

ඉඳින් රිසිසේ ඈ උවන මතට තම දෙනෙතට නවතින්නට ඉඩදුන් ආග්නගේ හිත පියඹා ගියේ දුරකට. මොහොතකට පෙර සිදුවූ සිද්ධි දාමය ඔහු මනසෙහි එකපෙළට ඇඳෙන්නට වූයේ අමුතුවට. ඇයගේ මතකය අහිමි බව දැනගැනීම, ඇයට තමාව දැක හුරු මතකයක් තිබෙනා බව දැනගැනීමටත් වඩා ආග්නගේ හිත හොල්ලා තිබුණේ වෙනකක්. ඒ අන්කවරක් නොව විණාරා! මතකය අහිමි වූ අලුත් විණාරා ආග්නව කළඹවා තිබුණේ ගැඹුරින්.

ඈ හැසිරීම් ලීලාව, කතාබහ, පෞර්ෂත්වය උඩුයටිකුරුව ගොස් නොවේද? කෙදිනකවත් නොමැති අයුරින් ඈ තම දෙනෙත් මත නොබියව දෙනෙත් තබාන කතාකරද්දී ආග්නට දැනුණේ පිරුණු හැඟීමක්. බියක් නොමැතිවම ඈ ඇගේ මතය තමා ඉදිරියේ පවසද්දී ආග්නට දැනුණේ බිය නිසාවෙන් ඈ එතෙක් කාලයක් මුළු සමාජයක්, තමා ඉදිරියේ බියගුලුව, කුලෑටිව සඟවාගත් ඇගේ සැබෑ පෞර්ෂත්වය හා හැසිරීම පිටතට දමා ඇති බවක්. එපමණක් නොව ඈ කිසිදු පැකිලීමකින් තොරව තමාට එකඟ නොවද්දී, බිඳක් හිතුවක්කාර වෙමින් තමා කෙරේ කෝප ගනිද්දී ආග්නට දැනුණේ සමීපබවක්.

ඒ අන්කවර හෝ හේතුවක් නිසාවෙන් නොව ඈ නොබියව තමා ඉදිරියේ සැබෑ හැඟීම් එලිදක්වද්දී, ඈ තමාගෙන් යමක් බලාපොරොත්තු වද්දී, තමාගෙන් යමක් ඉල්ලද්දී දැනෙන්නේම එලෙස කිරීමට තරම් ඇය තමාට තවත් සමීපව ඇති වගක්. ඉඳින් ඈ මතකය අමතක වීම පිළිබඳව හදවතෙහි වූ වේදනාව පවා ඈ හැසිරීම් නිසාවෙන් මැකී ගොස් ඇති තරම්.

'මීට විණාඩි ගාණකට කලින් ඔයා කියපු කරපු මට තාම හිතාගන්න බෑ විණාරා...'

ආග්න හිතින් මිමුණුවේ ඈ කොපුලක් මෘදුව තම මහපටැගිල්ලෙන් පිරිමදිමින්.

'ඒත්... අවුරුදු ගාණක් තිස්සේ මම දකින්න බලාපොරොත්තු වුණ කෙනෙක් ඇස් ඉස්සරහ ඉන්නවා වගේ දැනෙන්නේ... කාටවත් බය නැති, කාටවත් බයේ තමන්ගෙ හැඟීම් හංගගන්නැති විණාරා කෙනෙක්!'

ආග්න හිතින් මුමුණන්නේ ඔහු අතැඟිලි වල ඈ හිස වටා ඔතා තිබූ වෙළුම්පටියක් ස්පර්ෂ වද්දී. ආග්න නෙතු යොමන්නට වූයේ ඈ සිරුරෙහි තැන් තැන් වල වූ කුඩා තුවාල හා සීරීම් මතට. වැලමිටි වල වූ තුවාලත්, පිටිඅත්ලෙහි හා අත් වල වූ සීරීම් කැළලුත් නෙත ගැටෙද්දී ඔහුට දැනුණේ කෝපයක්.

'ඔයා සූසයිඩ් කරගන්නෑ විණාරා... කීයටවත් නෑ.

ඔයා ජීවිතේට මොනවහරි කරගත්තොත් මම ඔයාගෙ තාත්තට කරදරයක් කරනවා කියපු වචන ටිකම ඇති ඔයා සූසයිඩ් කරගන්නෑ කියලා මට දුන්න ඒ පොරොන්දුව රකින්න.

මේ දේ කරපු එකා මොකා වුණත් මං..."

ඉඳින් මනසෙහි ඇඳෙන සිතුවිල්ලක් ගාණේම ඔහු දසන් එකිණෙක තදව ගියේත් දැත් මිටමෙළවුණේත් ඉබේම. හුස්මක් හෙළා ඊළඟ මොහොතේ ආග්න අසුනින් නැගිට්ටේ තම සාක්කුවෙහි වූ ජංගම දුරකතනය පිටතට ඇද ගනිමින්.

"රොවේන්..."

නිදන් හිඳිනා විණාරා අසලින් මදක් ඈතට ගිය ආග්න රොවේන්ට ඇමතුමක් ගත්තේ තවත් වරක් ඈ දෙසට නෙතු යොමා.

"සර්?"

"ඉන්වෙස්ටිගේෂන් එකේ තත්වෙ කොහොමද?"

"අපේ අයගේ ෆින්ගර්ප්‍රින්ට්ස් ෆුට්ප්‍රින්ට්ස් ගන්න ගමන් සර්.

තාම එයාලා ඔන් ප්‍රොසෙස්. තව පැය බාගයක් වගේ යයි සර්."

"හ්ම්..ඔතන වැඩටික බලනවා රොවේන්. මට එන්න විදියක් නෑ මෙතනින්."

"හරි සර්.."

ආග්න ඇමතුම විසන්ධි කර දැමුවේ රොවේන් විණාරාට කෙසේදැයි අසන්නට මුව සකසද්දී.

"මෙයා බිල්ඩින්ග් එකෙන් පහළට ගිය ආරම්භක ප්‍රවේගය, කෝණය, උස මෙයා වැටුණ තැන ඒ කියන්නේ ගැටුණු ලක්ෂය, ලක්ෂයට තියන තිරස් දුර, ගමන් පථය එක්ක කම්පෙයා කරපුවම එන රිසල්ට් එක මේ.

ෆැක්ට් වන්, ඒ කියන්නේ වෙලෝසිටි මෙෂර්මන්ට්ස් වලට අනුව එකෙන් මෙයාගෙ තල්ලුවට එස්ක්ස්ටර්නල් ෆෝස් එකක් ලැබිලා තියනවා කියලා කන්ෆර්ම්. ඒ කියන්නේ එයාව කවුරු හරි තල්ලු කරලා තියනවා."

ෆෙඩ්‍රික්ට පැවරුණු ගණනය කිරීම්වල එක් ප්‍රතිඵලයක් ඔහු පවසන්නට වූයේ ඔවුන්ගේ ප්‍රධානියා එය සටහන් කරගනිද්දී.

"වැටුණු පොයින්‍ට් එකේ තිරස් දුර විතරක් ගත්තමත් සාමාන්‍ය වැටීමකදි හෝ පැනීමකදි බොඩි එක ලෑන්ඩ් කරන පොයින්ට් එකට වඩා ටිකක් එහයින් මෙයාව වැටිලා තියෙන්නේ. නිකන්ම පනිද්දි හෝ කකුල පැටලිලා වැටෙද්දි බිත්තියට ආසන්නව මෙයාව වැටෙන්න ඕනෙ ඩිස්ටන්ස් එකට ටිකක් එහයින් මෙයාව වැටිලා තියනවා. ඒ කියන්නේ උඩදි එයාගේ ඇඟට තිරස් බලයක් ලැබිලා තියනවා කියන එක කන්ෆර්ම් බොස්.

මගෙ ෆැක්ට් චෙක් ඔක්කොම පොසිටිව් මේක තල්ලු කිරීමක් කියන පොයින්ට් එකට."

ෆෙඩ්‍රික් ඔහුගේ ගණනය කිරීම් වල ප්‍රතිඵලත් එයින් ඔහු එළඹුන නිගමනත් තම කණ්ඩායම් ප්‍රධානියාටත් අනෙක් සාමාජිකයාටත් විස්තර කළේ එලෙස.

"බොඩි එක බිම ඝට්ටනය වුණ මුල්ම පොයින්ට්ස් තමයි මේ."

බ්ලොන්ඩ් කොණ්ඩයක් සහිත කණ්ඩායම් නායකයා ඔහු සීසීටීවී දර්ශන වලින් විණාරා පොළවෙහි වැටුණු දර්ශන වල ඡායාරූප ගෙන එහි රතු පැහැයෙන් සලකුණු කර තිබුණේ පළමුව ඈ සිරුර බිම වැදෙනා ස්ථාන.

"මෙතන. එයාගේ වම් උරහිස පිටිපස්ස තමා ඉස්සරලම බිම, ඒ කියන්නේ මේ මෙතන තියන පඳුරෙ ටච් වෙන්නේ.

ඊළඟට එයාගේ ඔලුව පිටිපස්සේ, මෙතන ටච් වෙනවා. හැබැයි බොඩි එකට මේ පඳුරෙන් අපර් ෆෝස් එකක් හම්බෙන නිසා එයාගෙ ඔලුව බිම ටච් වෙන ස්පිඩ් එක අඩුවෙනවා.

ඊළඟට එයාගේ වම් කකුලේ විලුඹේ යට, ඉනර් සයිඩ් එකට වෙන්න පොළවෙ ටච් වෙන්නේ. ඊළඟට වම්පැත්තේ වැලමිට, ඒත් එක්කම මැණික් කටුව."

ඔහු එලෙස විග්‍රහ කර ඊළඟට ගියේ ඔහු විභාග කළ අනෙක් ඡායාරූපයට.

"මිලි තප්පර 21 දී මෙයාගේ ෆුල් බොඩි එකම බිම වැටිලා ඉවර වෙනවා. ඊළඟට එයාගේ ෆෝසස් ගැන බැලුවම මේ මේ තැන් වලට ගිහින් තියෙන්නෙ මූව්මන්ට්ස්.

ඊළඟට අපි සෙකන්ඩ් ෆ්ලෝ එකේ එයාගේ බොරි ඔරියන්ටේෂන් එකත් එක්සැමින් කරාම, නිගමනය කරන්න පුළුවන් මේක.

එයා උඩ ඉඳන් වැටිලා තියෙන්නේ උඩුබැලි අතට වම් පැත්තට බරවෙන්න.

එතනදි මෙයා කකුල පැටලිලා වැටුණා කියන තර්කය බිඳෙනවා බොඩි ඔරියන්ටේෂන් එකෙන් වගේම නිකොල්ගෙ, ෆ්‍රෙඩ්‍රික්ගේ කැල්කියුලේෂන්ස් එක්ක ආව නිගමන ගත්තම.

ඒ වගේම වැටෙද්දි සෙකන්ඩ් ෆ්ලෝ එකේ තියන බොඩි ඔරියන්ටේෂන් එක, බිමට වැටුණම තියන බොඩි ඔරියන්ටේෂන් එක, ඉම්පැක්ට් පොයින්ට්ස් එක්ක ආව රිසල්ට් ඔක්කොම එක්සැමින් කරලා ෆයිනලි එළඹෙන්න පුළුවන් නිගමනය මේකයි.

මෙයාව කවුරු හරි අනිවාර්‍යෙන්ම තල්ලු කරලා තියනවා."

ඔහු පවසද්දී රොවේන් මෙන්ම කෲස් බලන් හිඳින්නට වූයේ පුදුමයෙන්.

"ගායිස් ඊළඟ ස්ටෙප් එකට මූව් වෙමු. මෙයාව තල්ලු කරා කියන එක කන්ෆර්ම්. අපි දැන් චේස් කරන්න ඕනෙ ඒ තල්ලු කරපු x පිටිපස්සේ. කමෝන්."

ඉඳින් ප්‍රධානියාගේ උපදෙස් වලට අනුව නිකොල් නැවතත් යෙදුණේ ගණනය කිරීම් වල.

"බොස් ඩන් ඉට්. ග්‍රැවිටි එකයි මෙයාගෙ බොඩි මාස් එකයි එක්ක මෙයා මේ මිටර්ස් ගාණ නෝමලි වැටෙන්න යන ස්පීඩ් එකට වඩා මෙයා වැටෙන ස්පීඩ් එක වැඩී. ඒ තල්ලු කරද්දි මෙයාගෙ බොඩි එකට ලැබෙන ෆෝස් එක නිසා.

ඒ ෆෝස් එක කැල්කියුලේට් කරලා මෙයාගෙ බොඩි එකට තල්ලුවෙදි හම්බෙන භාහිර බලය ගණනය කරාම ආවෙ මෙහෙම. ඒක බොහොම අඩු අගයක්.

මෙයාව තල්ලු කරපු කෙනා එහෙම නැත්තම් අපි x කියලා හඳුන්වන පුද්ගලයා යොදපු බාහිර බලය අනුව අපි x ගැන ක්ලූ එකක් ගත්තා.

x ගේ බොඩි මාස් එකත් මෙයාගේ බොඩි මාස් එකට සමාන අගයක තියෙන්න ඕනේ.  x කියන්නේ දුර්වල, පොඩි ශරීරයක් තියන පිරිමි කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් මෙයා ගැහැණු කෙනෙක්."

ඔවුන්ගේ ගණනය කිරීම් අවසන ප්‍රධානියා හැරුණේ ෆ්‍රෙඩ්‍රික් දෙසට.

"ෆ්‍රෙඩ්‍රික් මේ දවස වෙනකොට ගෙදර හිටපු අයගෙ ෆුල් ලිස්ට් එකක් හදන්න සීසීටීවී ෆුටේජස් චෙක් කරලා."

"හරි බොස්..."

"සිද්ධිය වුණ දවසේ ගෙදරට ඇතුළු වුණ අය සහ පිටවුණ අයගෙ ලිස්ට් එක වෙනම ගන්න."

"ඕකේ බොස්."

ප්‍රධානියා නිකොල් සමග පරිඝනක කුටියෙන් පිටතට පැමිණියේ ඔහු කණ්ඩායමේ පිටත හුන් දෙදෙනෙක් හා කනෙහි සවිකර තිබූ සන්නිවේදක උපකරණ හා සම්බන්ධ වෙමින්.

"සිද්ධිය වුණ තැන ඉන්වෙස්ටිගේෂන් එක කරන්න යන්නේ. එවිඩන්ස් ගන්න බඩු අරන් ඇතුළට එන්න."

"සිද්ධිය වුණාට පස්සේ මේ ‍රූම් එකේ දොර කවුරු හරි ඕපන් කරාද?"

තවත් මොහොතකින් ආග්නගේ කුටිය අසලට පැමිණි ඔහු රොවේන්ගෙන් විමසද්දී ඔහු නෙතු යොමුවේ කෲස් දෙසට.

"ඔව්. මෑම් වැටුණට පස්සේ එහෙමම ගාඩ් කෙනෙක් ඇවිත් උඩ චෙක් කරා කවුරු හරි ඉන්නවද කියලා."

"ඒ ගාඩ්ව ගෙන්නන්න. ආවම එයාගෙ ෆින්ගර් ප්‍රින්ට්ස් ගන්න රෙයිනා."

ඔවුන්ගේ කණ්ඩායමේ දුඹුරු පැහැ කෙටි කොණ්ඩයක් සහිත කාන්තාවකට ඔහු පවසා සිටියේ.

"ඕකේ බොස්."

"දැන් ඩෝ හැන්ඩ්ල් එකේ ෆින්ගර්ප්‍රින්ට්ස් ඩිටෙක්ට් කරන්න."

ඊළඟට ආගන් අයන් ලේසර් උපකරණය ආධාරයෙන් දොරෙහි හැඬලයේ පිටපැත්තෙහි වූ ඇඟිලි සලකුණු ගෙන ඔවුන් එය ඇතුළත් කරේ ඔවුන් විසින් සකසා තිබූ මෘදුකාංගයකට. එහිදී දොර හැඬලය මත ආරක්ෂකයාගේ ඇඟිලි සලකුණු වලට වැසී ගොස් තිබූ තවත් එක් ඇඟිලි සලකුණක අඩක් පමණයි ඔවුනට හඳුනාගත හැකිවූයේ. දොර අබියස පා සලකුණු පරීක්ෂා කලද කිසිවක් හඳුනාගතහැකිවූයේ නැහැ ඔවුනට.

ඊළඟට දොරෙහි ඇතුළු පැත්තෙහි අගුල පරීක්ෂා කර එහි ඇඟිලි සලකුණුත් කුටිය තුළ වූ පා සලකුණුත්, බැල්කනියට ඇතුළු වන වීදුරු දොර මතත්,  දොරෙහි හැඬලය,  බැල්කනියෙහි අත්වැටෙහි වන ඇඟිලි සලකුණුත්, බැල්කනියෙහි බිම වූ පා සලකුණුත් ගෙන එය ඇතුළත් කළේ ඔවුන්ගේ පරිඝනකයෙහි මෘදුකාංගයට.

"අපට වික්ටිම්ගෙ ෆින්ගර්ප්‍රින්ට්ස්, ෆුට් ප්‍රින්ට්ස් ඕනෙ වෙනවා."

තවත් මොහොතකින් ආග්න හා කතාකර විණාරාගේ ඇඟිලිසලකුණු සහ පා සලකුණු ගැනීමට උපරකරණයක් සහිතව ආරක්ෂකයෙකු හා ඔවුන්ගේ කණ්ඩායමේ අයෙකු රෝහලට පිටත්ව ගියේ පමා නොවීම. විණාරා ගැඹුරු නින්දක හුන් නිසාවෙන් අසීරු වූයේ නැහැ එය ලබාගන්නට.

🤎🌙_𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ඒ අතරතුර තවත් එක් ස්ථානයක සිදුවූයේ වෙනත් කතාබහක්.

"ඔමේඝ්? දැන් ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද?"

සායිරා සහ ඔමේඝ් එක්ව ක්‍රියාත්මක කළ තවත් සැලසුමකින් පසුව ඔවුන් දෙදෙනා උන්නේ එය පිළිබඳව සාකච්ඡා කරමින්. 

"නෑ තමු'සෙ ඒ'කිව තල්ලු කරන රෙකෝඩ් කිසිම සීසීටීවී කැම් එකක තිබ්බෙ නෑ."

ඉඳින් ආග්න පරීක්ෂණ කණ්ඩායම රැගෙන ලංකාවට පැමිණෙන්නටත් ප්‍රථම ඔමේඝ් ඔහුගේ සැලසුම ක්‍රියාත්මක කර තිබුණේ.

"ඒ වගේම එදා දවසේ උදේ තමු'සෙ ගෙදරින් පිටත්වුණා කියලා තමා සීසීටීවී චෙක් කරන උන්ට පේන්නෙ."

"වට්?"

"ඩෝන්ට් වොරී. ඇතුළෙ ඉන්න මගෙ එකෙක්ට කියලා දැනටම සීසීටීවී රෙකෝඩ්ස් වල ෆුටේජස් එඩිට් කරලා තියෙන්නේ."

ඔමේඝ් පවසද්දී සායිරා ඔහු දෙස බැලුවේ පුදුමයෙන්. ආග්නගේ නිවසෙහි ඔමේඝ්ගේ කෙනෙකු සිටිනා බවට සිතුවේ නැහැ කීයටවත්.

"මම හිතුවෙ තමු'සෙ සීසීටීවී රෙකෝඩ් ඩිලීට් කරා කියලා."

"ඩිලීට් කරොත් සැකය වැඩිවෙනවා. ඒ වගේම දන්න විදියට ඩිලීට් කරපුවා රීස්ටෝ කරන්න පුළුවන්...

ඒ නිසා ඊට වඩා මොළේ පාවිච්චි කරලා වැඩ කරා. මේ ඔමේඝ් කොහොමත් තමු'සෙ වගේ නෙමෙයි මොළේ පාවිච්චි කරලා වැඩ කරන්නෙ."

ඔමේඝ් පවසද්දී සායිරා ඔහු වෙතට හෙළුවේ නුරුස්නා බැල්මක්.

"දැන් ඕක එඩිට් කරා කියලා උන් දැනගන්නෙ නැතිවෙයිද?"

"කීයටවත් නෑ. තමු'සෙ සිද්ධිය වෙන දවසෙ ඇඳන් හිටපු ඇඳුමම ඇඳන් ඊට මාසෙකට කලින් උදේක ගෙදරින් එළියට ගිය රෙකෝඩ් වගයක් හම්බුණා.

ඒවගෙන් කෑලි ක්‍රෝප් කරලා අරන් ඔරිජිනල් ෆුටේජ් එකේ වීඩියෝ එකට දැම්මා. සිම්පල්."

ඔමේඝ් පවසන්නේ මුව කොණකින් සිනහවක් නගා.

"එතකොට අනිත් කැමරාස් වල ෆූටේජස්? ගේට් එක ගාව ඉඳන් ඇතුළට එනකන් මාව අහුවෙන අනිත් කැමරා?"

"ගේට් එක ගාව ඉඳන් ගෙදරට එනකන් එන මනුස්සයෙක්ව අහුවෙන කැමරා හතරයි තියෙන්නේ. ඒ හතරෙම කැමරා ෆුටේජස් අරන් අර තමු'සෙ මාසෙකට කලින් එළියට ෆුටේජස් ඒ කැමරා හතරෙන්ම අරන් ඒවට බඩ් කරා.

ඒ වගේම තමු'සෙ සිද්ධිය වුණ දා හවස එළියට යනවා රෙකෝඩ් වෙලා තියන ෆුටේජසුත් නෑ. ඒ වෙනුවට එම්ප්ටි ෆුටේජස් කීපයක් බඩ් කරලා තියෙන්නේ."

"හහ්...මෙච්චර මොළයක් තියාගෙන තමු'සෙට ආගු භායිව බීට් කරන්න බැරිවුණේ ඇයි කියලා මම කල්පනා කරේ."

"හහා සෝ ෆනී සායිරා! තමු'සෙට හෙල්ප් කරන මනුස්සයට රෙස්පෙක්ට් එකක් තියාගන්නවා."

ඔමේඝ් පවසන්නේ ඉදිරිපස අයිස්කැට දමා තිබූ වොඩ්කා වීදුරුවෙන් උගුරක් පානය කරමින් පුටුවට හේත්තුවීගෙන.

"ඔමේඝ්... ඒ කියන්නේ මාව අහුවෙන්නෙ නැතිවෙයි නේද? ඔයා රිප්ලේස් කරවපු සීසීටීවි ෆුටේජස් එඩිට් කරපුවා කියලා හොයාගන්න බැරිවෙයිද?"

"ට්‍රස්ට් මී සායිරා! කීයටවත් හොයාගන්න බෑ. ප්‍රොෆෙෂනල් ඩයල් එකකට කියලා හැම සින්ගල් ඩීටේල් එකක්ම ගාණට එඩිට් කරලා ඒවා රීප්ලේස් කරේ."

ඔමේඝ් පවසද්දී  සායිරා හුස්මක් හෙළා හිස උඩට පහළට චලනය කරත් ළය අභ්‍යන්තරයේ වූයේ පහව නොගිය බියජනක හැඟීමක්. ඉඳින් කිසිවකු වරදක් කළ පසුව එම පුද්ගලයාට ලැබෙන ලොකුම දඬුවම හෘද සාක්ෂිය මිස අන් කවරක්ද? එතෙක් සිතෙහි වූ සැනසීම ඈ අහලකවත් නොමැති තරම්.

තිස්ස දෙවේලේම හිත ගැහෙන්නේ බියෙන්.  ඔමේඝ් කෙතරම් සැලසුම් දියත් කර ඇයව මුදවාගැනීමට තැත් කළද තමා නිදහස් බව පැවසුවද සායිරාගේ හිත කිසිවිටෙක බියෙන් නිදහස් වුයේවත්, නැතිවූ සැනසීම ලැබුණේවත් නැහැ.

🤎🌙_𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ආරක්ෂකයෙකු හා පරීක්ෂකයෙකු පැමිණ නිදන් හුන් විණාරාගේ ඇඟිලි සලකුණුත්, පා සලකුණුත් ස්කෑන් කරගෙන ගිය පසුව ආග්න බලන් උන්නේ නිදන් හිඳිනා විණාරාගේ උවන දෙස. ඇය මුහුණෙහි වූ පැල්ලම් මකා තිබූ ෆවුන්ඩේෂන් ආලේපනය තවමත් එහි වූවා. විණාරාව අනතුරට බාජනය වන අවස්ථාවේ රෝහලට රැගෙන ආ පසුව වෛද්‍යවරුන් ඇගේ හිස පසුපස පැත්තකට වෙන්න සිදුකළ ශල්‍යකර්මය පැය ගණනාවක් දීර්ඝ වූවක්.

විණාරාගේ මුහුණ හෝ ඉදිරිපස කිසිදු තුවාලයක් නොවූ නිසාවෙන් හා විණාරා ආලේප කර උන්නේ විශේෂිත පර්මනන්ට් ෆවුන්ඩේෂන් ආලේපනය පමණක් නිසාවෙනුත් එය ඔවුන්ට හඳුනාගත නොහැකිවූවා. ඒ නිසාවෙන් මේ වෙන තුරුත් විණාරාගේ දුඹුරු පැල්ලම් කිසිවෙකු දුටුවෙ නැහැ.

ඉඳින් ඇයට තමාගේ මුහුණ මතක ඇතිද? ආග්න සිතුවේ හිතට නැගුණු තවත් එක් පැනයක්. ඉඳින් තම මුහුණ පිරිසිදු කළ පසුව එහි වන දුඹුරු පැල්ලම් නෙත ගැටුණු පසුව ඈ කෙලෙස හැසිරේවිදැයි ගැටළුවක් වේවිදැයි ආග්නගේ සිත විමසූයේ ඔහුගෙන්ම.

එය කෙසේ වූවත් මෙලෙසින්ම විණාරාගේ දුඹුරු පැල්ලම් අන් පුද්ගලයින්ගෙන් සඟවා තැබිය යුතු බවට ආග්න තීරණය කළේ අන්කවර හේතුවක් නිසාවෙන් හෝ නොව ඇයව අපහසුතාවයට පත් වීම හා ඇයගේ සිත වියවුලට පත් වීම වැළැක්වීමට.

"රොවේන්..."

මොහොතකින් ආග්න ඇමතුමක් ගත්තේ ඔල්ගාට.

"සර්?"

විණාරාගේ ෆවුන්ඩේෂන් ආලේපනය රෝහල වෙත එවීමට කටයුතු සකසා ආග්න ඇමතුම විසන්ධි කර පා තැබුවේ දොර දෙසට.

"අම්මා.."

"සුදුපුතා..."

ඉඳින් තවමත් තම මවත්, සොහොයුරාත් උන්නේ කුටියෙන් පිටත.

"දැන් ප්‍රශ්නයක් නැහැ. ඔය දෙන්න ගිහින් රෙස්ට් කරන්න."

"දෝණි?"

" නින්ද ගිහින්. දැන් බයවෙන්න දෙයක් නෑ අම්මා. ඔයාට ටයර්ඩ් පාටයි. රෙස්ට් කරන්න ගිහින්."

තවත් මොහොතකින් ආද්නව් මව රැගෙන ආරක්ෂකයින් හා රෝහලෙන් පිටතට යන්නට වූයේ ආග්නගේ ආරක්ෂකයින් දොර ඉදිරිපස ඉතිරි වද්දී.

දොර වසා පැමිණ ආග්න නැවතත් වාඩිවූයේ විණාරාගේ සයනය අද්දර. ඉඳින් විණාරාගේ උවන මත නෙතු යොමන් හිඳිනවා හැර අන් කර්තවයක් ඔහුට නොවෙද්දී ඔහු කළේම එය. පපුව හරහා දෑතම බැඳ පුටුවේ පසුපසට හෙත්තු වීගෙන ඔහු කළේ තම දෙනෙතට ඈ මතම නැවතෙන්නට ඉඩදීගෙන හිතට සිතුවිලි හා දුරකට පියාසර කරන්නට තටු සැලීම.

ඉඳින් කල්පනාවෙහි හුන් ආග්නගේ හදවත අමුතු රිද්මයකින් ගැහෙන්නට වූයේත් ඊළඟ තත්පරයේ සිහින් මන්දස්මිතයක් ඔහු දෙතොල් පුළුල් කරලූයේත් නෙත ගැටුණු දෙය නිසාවෙන්.

'Seriously... does she really smiles asleep?'
(මෙයා ඇත්තටම නින්දෙන් හිනාවෙනවා කියලද කියන්නේ?)

නින්දෙන්ම විණාරාගේ ලවන් යුග මත සිහින්ව ඇඳුණ සිනහව දෙස ආග්න නෙතු එල්බගෙන උන්නේ පුදුමයෙන්.

'Goddamn, seems like she's having an unstoppable, delightful dream!'
(ගොඩ්ඩැම්න්... පේන විදියට එයාගේ හීනේ නැවතීමක් නැති ප්‍රීතිමත් හීනයක් වගේ!)

ආග්න සිතින් මුමුණන්නට වූයේ කුමක්දෝ ලෝබකමක් හිතට දැනෙද්දී. කුඩා ළමුන් නින්දෙන් සිනහ වෙනවා දැන උන්නද වැඩිහිටියන් එසේ කරනා බවට දැන උන්නේවත් සිතුවේවත් නැහැ ඔහු.

ඒ සියල්ලට වඩා ඈ හා එකම යහනේ රාත්‍රීන් බොහෝ ගත කළ, මේ අයුරින්ම නිදන ඈ දෙස නෙත් යොමන් හුන් ඔහු කෙදිනකවත් නොදුටු යමක් මේ. ඇතැම් විට ඇයට එදවස් වල නින්දේදී සැනසීමක්, සතුටක් තිබෙන්නට නැතුවා ඇතැයි හිත කියද්දී ආග්නගේ ළය පිරුණේ බර, බැරෑරුම් සිතිවිල්ලකින්.

ඉඳින් ඈ උවනේ සිනහවත්, නින්දේ සැනසීමත් නැති වූවානම් එයට හේතුව තමාම පමණක් බවට හිත දොස් නගද්දී ආග්නට දැනුණේ හදවත ගැඹුරෙහිම තැනක් තදින් රිදුම් දෙන වගක්. වේදනාව, කලකිරීමක් පිරුණු හඟීමත් සමගම බර හුස්මකට ගිලිහෙන්නට ඉඩදුන් ආග්න නෙතු තදින් පියා මොහොතක් උන්නේ සන්සුන් වන්නට.

කාලය තවත් හෙමිහිට ගෙවී යද්දී කුටියේ හිස් අවකාශය මත නැවතෙන්නට ඉඩදී තිබූ ආග්නගේ බැල්ම විණාරා වෙතට පැමිණියේ ඈ චලනය නෙත් කොණකට හසුවද්දී. ඉඳින් කුඩා කල සුරංගනා කතාවක කියවා තිබූ නිදි කුමාරියක මෙන් දෙතොලතට මන්දස්මිතයක් තවරාගෙනම අවදි වූයේ ඇය. ඉඳින් ආග්නගේ දෙනෙත දුටු මොහොතේ ඈ ඔහු නෙතු මගහරිමින් දෑස් පොඩිකර උත්සහ කළේ සයනය මත කෙලින් වන්නට.

"වෙයිට්..."

ආග්න එසේ පවසමින් නැගිට විණාරාගේ පිට යටින් අත දමා ඇයව කෙලින් කර ඉන්දවූයේ සයනය මත.

🤎🌙_𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

"බොස් මෙතන ප්‍රශ්නයක් තියනවා. සීසීටීවී ෆුටේජස් වල."

ආග්නගේ කුටියෙහි සාක්ෂි එක්රැස් කරගත් කණ්ඩායම ආපසු පැමිණියේ ෆ්‍රෙඩ්‍රික් සීසීටීවි දර්ශන පරීක්ෂා කරමින් හුන් පරිඝනක කුටිය වෙතට.

"මොකක්ද ප්‍රශ්නෙ ෆ්‍රෙඩ්‍රික්?"

"සර් මේ දවසෙ C21 , ඒ මේන් ඩෝ එකට එනතැන තියන ෆුටේජස් එකේ උදේ හතයි විනාඩි තිස් දෙකයි තප්පර අටයි මිලිතප්පර හතලිස් දෙකට මේකෙ දර්ශන වෙනස් වෙනවා."

ඉඳින් ඔහුගේ සූක්ෂම ඇස පිළිබඳ දන්නා නිසාවෙන්ම ප්‍රධානියා එය පරීක්ෂා කළේ ඔහු අසල වාඩි වෙමින්.

"මෙතනදි එකපාරම වීඩියෝ එකේ ක්ලයිමේට් එක වෙනස් වෙනවා. ඒ වගේම මෙතන මේ වැටිලා තියන පොට් එකක තියන ගහේ හෙවණැල්ල, ඒක මේ විනාඩියෙදි නැතිවෙනවා. ආයෙම විනාඩි දොළහකට  පස්සේ ඒ හෙවණැල්ල පේන්න ගන්නවා."

ෆ්‍රෙඩ්‍රික් යනු සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීම, පරිඝනක අංශය පිළිබඳ විශේෂ පුහුණුවක් මෙන්ම අත්දැකීම් ලද වෘත්තීයමය සුදුසුකම් ලද අයෙක්.

"ඒ කියන්නේ මේ වීඩියෝ එකේ 7.32 AM ඉඳන් 7.44AM වෙනකන් පැලයක හෙවනැල්ලක් ඇවිත් අතුරුදහන් වෙනවා. ඒ වගේම ක්ලයිමේට් එකත් වෙනස් වෙනවා?"

"ඔව්...බොස් මේක විතරක් නෙමේ ලිවින්ග් එකේ මේන් ඩෝ එකේ ඉඳන් ගේට් එක ගාවට තියන කැමරා හතරෙම මෙහෙම සිද්ධි නෝට් වුණා.

මේ ගේට් එක ගාව තියන C24 කැමරා එකේ ෆුටේජ් එක. 7.48AM වලදි මේ ගේට් එක ගාව ඇවිදින ගාඩ්ගේ අතේ තියන රින්ග් එක නෑ. ආයෙම 7.55AM වලදි රවුමක් කැරකිලා මෙතෙන්ට එන ගාඩ්ගෙ අතේ රින්ග් එක තියනවා. ඒ වගේම එයාගෙ බ්ලේසර් එකට යටින් තියන වයිට් ශර්ට් එකේ කොලර් එකේ වෙනසක් තියනවා... "

ඔහු පැහැදිලි කරන්නට වූයේ ඔමේඝ් එඩිට් කර සීසීටීවී ෆුටේජස් වලට රිංගවූ දර්ශන වලත් ඔරිජිනල් දර්ශන වලත් වූ වෙනස්කම් සහ නොගැලපීම්.

"ෆ්‍රෙඩ්‍රික් හොයාගත්ත ෆයිනල් රිසල්ට් එක මොකක්ද?"

"මේ කැම් වල නොගැලපීම් නිසා මම දවස් ගාණක් ආපස්සට සර්ච් කරා ෆුටේජස්. සිද්ධිය වුණ දවසට දවස් තිහකට කලින් කැමරා දර්ශන වල තියන කෑලි අරන් ක්‍රෝප් කරලා මේකට බඩ් කරලා ආයෙම රීස්ටෝ කරලා තියනවා කවුරු හරි."

"A traitor inside?"
(ඇතුළෙ ද්‍රෝහියෙක් ඉන්නවද?)

"ඔෆ් කෝස් යේස්! බඩ් කරපු කෑලි ගැන එක්සැමින් කරද්දි මං හොයාගත්තා එයාලට හංගන්න ඕනෙවුණ දේ."

ෆ්‍රෙඩ්‍රික් පවසද්දී ප්‍රධානියාගේ මුහුණෙ ඇඳුණේ බලාපොරොත්තු සහගත සිනහවක්.

"Suspect?"
(සැකකරුද?)

"99%ක්!"

එසේ පවසා ෆ්‍රෙඩ්‍රික් තිරය මත දැමුවේ තවත් දර්ශනයක්. එහි වූයේ අන් කවරකු නොව සායිරා.

"මේ ගර්ල් දවස් දෙකේම එකම ඇඳුම ඇඳගෙන ඉන්නේ. ඔරිජිනල් ෆුටේජස් වල මෙයා වික්ටිම් වැටිලා විනාඩි හතකට පස්සේ ගෙදරින් පිටත් වෙනවා. ඒක හංගන්නයි මේ හැමදේම කරලා තියෙන්නේ."

ඉඳින් රොවේනුත් කෲසුත් මුහුණට මුහුණ බලාගත්තේ ඔවුන් පැවසූ කාරණා හමුවේ.

"එවිඩන්ස් තියනවා දැන් තියෙන්නේ ඒවා සස්පෙක්ට්ට මැච් වෙනවද කියලා බලන්න විතරයි."

ඔහු පවසද්දී රොවේන් ඇමතුමක් ගත්තේ ආග්නට.

🤎🌙_𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

"කොහෙද යන්නේ?"

ආග්නගේ නිවසෙන් පැමිණි මොහොතේ පටන් මේ වනතුරුම සායිරා උන්නේ ඔමේඝ්ගේ නිවසෙහි. සූදානම් වී පිටතට යන්නට හදන සායිරා දෙස බලා ඔහු විමසන්නට වූයේ ආලින්දයේ සිට.

"ඇනෙක්ස් එකට."

"ඇනෙක්ස් එකට? ඇයි ඔයාට මෙහෙ ඉන්න බැරි?"

ඔමේඝ් විමසන්නට වූයේ වැතිරී හුන් සෝපාවෙන් නැගිටිමින්.

"තනියම ටික දවසක් ඉන්න එක කෝකටත් හොඳයි. මේ දේවල් අස්සේ ඔයාගෙයි මගෙයි කනෙක්ෂන් එක ගැන ආගු භායි දැනගත්තොත් එයා සැක කරන්න ඉඩ තියනවා."

සායිරා පවසද්දී ඔමේඝ් කළේ කල්පනාකාරීව උඩට පහළට හිස චලනය කිරීම.

"ෆයින් දෙන්... ටේක් කෙයා"

ඔමේඝ්ට සමුදී සායිරා නිවසෙන් පිටතට පැමිණෙන විටත් ගේට්ටුව අබියසට ඇය වෙන් කළ කුලී රථය පැමිණ අවසන්. තවත් අඩ හෝරාවකට පසු සායිරා තමාගේ කුලී නිවහන වූ ගොඩනැගිල්ල අසලින් බැසගත්තේ රියදුරාට ඔන්ලයින් මුදල් ගෙවා.

"හාහ්...මේ මොකද හ්ග්..."

අත වූ ජංගම දුරකතනය දෙස බලාන ගේට්ටුව දෙසට හැරුණු සායිරා අසලින් වේගයෙන් විත් නැවතුණු කළු පැහැ වෑන් රියෙන් බැසගත් නාඳුනන මිනිසුන් පිරිසක් සායිරාව අල්වාගත්තේත් ඇය මුහුණට ක්ලෝරොෆෝම් තැවරූ රෙදි කැබැල්ලක් තැබුවේත් සායිරා නිහඬ වද්දී. ඊළඟ තත්පරයේ සායිරාගේ සිහිසුන් සිරුර රැගත් කුලී මැ'රයින්ගේ වෑන් රථය දූවිලි කාගෙන ඉදිරියට ඇදුණේ වේගයෙන්.

__________

"මොකක් හරි ප්‍රශ්නයක්ද?"

ඉඳින් සයනය මත වාඩිවීගෙන සිටි විණාරා විමසන්නට වූයේ කුටියේ කෙළවරට ගොස් ඇමතුක හුන් ඔහු කරදරකාරී මුහුණින් තමා අසලට විත් වාඩිවෙද්දී. ඉඳින් සායිරා පිළිබඳත්, නිවස තුල සිටිනා කිසිවෙකු කැමරා දර්ශන මාරු කර ඇති බවත් දැනගද්දී ආග්නට දැනුණේ තමාව ගිණිගන්නා බවක්.

කුටියේ කෙළවරටම ගොස් විණාරාට පිටුපා ආග්න රොවේන්ට උපදෙස් ලබාදුන්නේ තම කෝපයෙන් දැවෙන නෙතු විණාරගෙන් සඟවාගනිමින්. සායිරා පිළිබඳ කළ යුතු දෑ පිළිබඳවත්, නිවස තුළ සිටින ද්‍රෝහියා පරීක්ෂණ කණ්ඩාමටම කියා සොයාගැනීමටත් උපදෙස් ලබාදුන් ආග්න ඇමතුම විසන්ධි කර මොහොතක් කල් මැරුවේ කෝපය පාලනය කිරීමට අසීරුම උත්සහයක නියැලෙමින්.

"නෑ ප්‍රශ්නයක් නැහැ."

විණාරාගේ විමසිලිමත් නෙතු හමුවේ ආග්න පවසන්නට වූයේ හුස්මක් හෙළා සිනහවක් මවාගෙන.

"තව ෆිෆ්ටීන් මිනිට්ස් වලින් අපිට ඔයාගෙ ටෙස්ට් වගයක් කරන්න සෙකන්ඩ් ෆ්ලෝ එකේ ලැබ් එකකට යන්න ඕනේ."

ඉඳින් වෛද්‍යවරයා පැවසූ ලෙසට ඇයව පරීක්ෂණ කුටියට රැගෙන ඒමට ආග්න මං පෑදුවේ එලෙස. ඔහු පවසද්දී විණාරාගේ මුහුණ වෙනස් වූයේ ඉක්මනින්.

"පොඩි ටෙස්ට් වගයක් තියෙන්නේ විණාරා... ඔයාට පුළුවන් නේද යන්න?"

ඉඳින් රෝහළේ පිටත මිනිසුන් හිඳිනා නිසාවෙන් ආග්න විමසන්නට වූයේ කුතුහලයෙන්. කිසිත් නොපවසා විණාරා උන්නේ නිහඬවම කල්පනා කරමින්.

"හරි...හිතන්න එපා. අපි බලමු. ඔයාට යන්න බැරිනම් මොකක් හරි වෙන විදියක්."

ආග්න එලෙස පවසද්දී විණාරාගේ මුහුණේ ඇඳුනේ සැනසිලිදායක හැඟීමක්.

"By the way, ඔයා නිදන් ඉද්දි ලස්සන හීනයක් එහෙම දැක්කද?"

වෛද්‍යවරයා ඇයට කල්පනා කරන්නට දෙන්න එපායැයි පැවසූ නිසාවෙන් ආග්න විමසන්නට වූයේ ඇයගේ අවධානය වෙනස් කරන්නට. එය සාර්ථක වග පැවසූයේ ඈ උවනෙහි ඇඳුණු මන්දස්මිතය. විණාරා සිහින්ව සිනාසෙමින්ම හිස උඩට පහළට චලනය කරේ ඔව් කියන්නට.

"ඔයාට ඒක මතකද?"

"හ්ම්.. සුදුපාට බිත්තිවලින් පිරුණ අමුතු තැනක්, ඒ තැන් තැන් වල රෝසපාට මල් තිබ්බා... ඈතින් නිල් පාටට මුහුදත් තිබ්බා... සුදුපාට පඩිපෙලක් තිබ්බා..."

ඉඳින් විණාරා පවසද්දී ආග්න බලන් උන්නේ පුදුම වීගෙන මෙන්.

"ඒ සුදුපාට කොට බිත්තියක ඔයා මාත් එක්ක වාඩිවෙලා ඉන්නවා එහෙමත් දැක්කද?"

ආග්න විමසද්දී විණාරා දෑස් විසල් කර ඔහු දෙස බලන්නට වූයේ පුදුමයෙන්.

"ඔ..ඔයා කොහොමද දන්නේ?"

"ඒක හීනයක් නෙමෙයි. අපි ඇත්තටම එහෙ ගියා."

ආග්න පවසද්දී ඔහුට පෙනුණේ විණාරාගේ දෙනෙත් වල අමුතුම දීප්තියක්.

"ඇත්තටම එහෙ ගියා? ඒ කොහෙද?"

ආග්න දෙසට ළං වී විණාරා විමසන්නට වූයේ දෑස් මදක් පුළුල් කරගෙන.

"සැන්ටෝරිනී..."

"ඒ කොහෙද? අපි ඇයි එහෙ ගියේ?"

"ග්‍රීසියේ. ටුවර් එකක් ගියේ."

ආග්න පිළිතුරු දෙන්නට වූයේ විණාරා නොනවත්වාම ප්‍රශ්න අසද්දී.

"අපි? ටුවර් එකක්? ග්‍රීසියට?"

විණාරා විමසද්දී ආග්න කළේ ඔහුගේ දුරකතනය ගෙන ග්‍රීසියේ සැන්ටෝරිනී වලදී ඇය හා ගත් එක් ඡායාරූපයක් ඇයට පෙන්වීම.

"මේ රූම් එකක්ද?"

විණාරා විමසන්නට වූයේ කුතුහලයෙන්. ඔහු තමාගේ පෙම්වතා කීවාට මෙතරම් තමා ඔහුට සමීපයැයි ඇය කිසිවිටෙක නොසිතුවක්.

"ඔව්. අපි හිටපු රූම් එක."

"අපි? එක රූම් එකේද හිටියෙ?"

විණාරා දෑස් විසල් කරගෙන විමසද්දී ආග්නගේ මුවෙහි ඇඳුණේ සිනහවක්.

"ඔව්..."

"නෑ... වෙන්න බෑ. ඔයා මගෙ බෝයිෆ්‍රෙන්ඩ්නේ. අපි ඇයි එක රූම් එකේ ඉන්නෙ. මට අමතක වුණාට මං එහෙම ඉන්න කෙනෙක් නෙමෙයි.

ඔයා කියන්නේ බොරු!"

නොරිස්සුම් ස්වරයකින් පවසා ආග්න වෙතට ඔහු දුරකතනය දිගු කරේ රවාගෙන. ඉඳින් ඇයගේ ඉරියව් දකිද්දී ආග්න මුවට ආ සිනහව පාලනය කරගත්තේ යටිතොල දසන් අතරට මැදිකරාන. ඇය පවසන ඕනෑම දෙයක් නිවැරදි කරන්නට හෝ එය වැරදියි කියා තර්ක කරන්නට එපා යැයි වෛද්‍යවරයා පැවසූ නිසාවෙන් ආග්න උන්නේ නිහඬවම.

"ඇත්තටම අපි එක රූම් එකේද හිටියේ?"

තවත් මොහොතකින් ඈ මුව මදක් ඇදකර විමසද්දී ආග්න ඈ දෙස දෑස් සිහින් කර බලන්නට වූයේ වම්පසින් යටිතොල දසන් අතරට මැදිකරගෙන. ඉඳින් ඇයට සිතුණේම ඔහුගේ බැල්මෙහි කාන්දම් වැනි යමක් තිබෙනවාද කියා. ඒ තරමටම ඔහු කඩවසම් මුහුණේ ආකර්ෂණීය බැල්ම ඈ දෙනෙත් මෙන්ම හිතත් පැහැරගන්නේ ආක්‍රමණශීලීව.

යටිතොල දසන් අතර තබාගෙනම ලා සිනහවක් නගාගෙන ආග්න නැඹුරු වූයේ විණාරාගේ මුහුණ අබියසටම. ඈ නෙත් බෝල කරගෙන ඔහු දෙස බලන් උන්නේ ඇහිපියත් නොගසාම.

"එක රූම් එකේ...

එක බෙඩ් එකේ....

එක බ්ලැන්කට් එක යට!"

ඉඳින් තරමක සෙල්ලක්කාර හඬකින් ඔහු බැල්මෙන් ඈ නෙතු අල්වාගෙනම ආග්න පවසන්නට වූයේ ඔහු උණුහුම් සුසුම් විත් විණාරාගේ මුහුණෙහි ස්පර්ෂ වන තරමටම සමීපව.

"බොරු! ඔයා බොරු කියන්නේ. බොරුකාරයා."

හුන් ඉරියව්වෙන්ම ඔහු දෙස බලන් හුන් විණාරා රවාගෙන පැවසූවේ අවසන ඇය දෑතම ආග්නගේ ළයට තබා ඔහුව පසුපසට තල්ලු කරද්දී. ඉඳින් සිදුවූයේ ඔහුගේ සිනහව පුළුල් වීම පමණක්. ඇයගේ මේ හැසිරීම්, ඉරියව් ඉදිරියේ ආග්නට දැනෙන්නේ තමන් නැවත වෙනත් ලෝකයක ඉපදී ඇති බවක්. සැහැල්ලු හිතක් සමගම!

"හ්ම් දැන් අපිට යන්න වෙලාව හරි..."

මද සිනහවක් දෙතොලතර රඳවාන විණාරාගේ කම්මුලට ඇඟිල්ලලින් තට්ටුවක් දමා ආග්න පවසන්නට වූයේ විණාරා සයනයෙන් බැසගනිද්දී. ආග්න දොර දෙසට පියවර ඇහිඳිද්දී විණාරා ඔහු පසුපස ඇදුනේ සෙමෙන්.

ඒත් සමඟම ඇය පසුපස සිට ආග්නගේ ශර්ට් අතෙන් ඇද්දේ ආග්න එහෙමම දෙපා නවතාන ඇය වෙතට හැරෙද්දී.

"ඇයි?"

"ම්..මේහ්..."

ආග්න ඇය වෙතට හැරී ඇයි යැයි විමසද්දී විණාරා වදන් ඇහිඳින්නට වූයේ පැකිලීමෙන්.

ඊළඟට ඇය දෙපාවල ඇඟිලිතුඩු වලින් ඉස්සී ආග්නගේ සවන අද්දරට ළං වූයේ ආග්න ඈ වෙතට මදක් නැඹුරු වෙද්දී.

"ම්.මට...හ්.."

විණාරා රහසින් මෙන් පවසන්නේ ආග්න දෙබැම රැළිකරගෙන ඇයට සවන්දෙද්දී.

"වොශ්රූම් යන්න ඕනේ..."

එය පවසා දැමූ විණාරා ලැජ්ජාවෙන් මුහුණ බිමට බරකරගනිද්දී ආග්න ආපිට හැරුණේ පහව නොගිය සිනහවත් සමග.

"හ්ම්... එන්න."

ආග්න විණාරාගේ පිට දෙසින් අල්වාන ඇයව රැගෙන එන්නට වූයේ කුටියේ ඇතුළත වූ නානකාමරයේ දොර අබියසට. එහි දොර විවර කර ආග්න ඇය දෙස බලද්දී ඇය ආග්න දෙස බලන්නට වූයේ සැකසහිත බැල්මක්.

"ඇයි?"

"ඔයා දොර ගාවින් ඈතට යන්න."

අවධාරණයෙන් එලෙස පවසා විණාරා ඇතුළට ගොස් දොර වසාගනිද්දී ආග්න මොහොතක් බලන් උන්නේ ඇය පැවසූ දෙයත් ඇගේ බැල්මත් සිහිවද්දී.

"වට්? එයා මං කවුරු කියලද හිතන් ඉන්නෙ.  පර්වර්ට් කෙනෙක් ගාණට දාලා බැලුවෙ..."

ආග්න සෙමෙන් මුමුණන්නට වූයේ නොරිස්සුම් බැල්මක් නානකාමරයේ දොර දෙසට හෙළමින්.

"This girl is something now!"

නමුත් ආග්න ඊළඟ තප්පරයේ තමාටම මුමුණාගන්නට වූයේ විණාරාගේ හැසිරීම් කතාබහ සිහිවී මද සිනහවක් මුවට එද්දී.

          #මතු_සම්බන්ධයි

Continue Reading

You'll Also Like

974K 30.3K 61
Dans un monde où le chaos et la violence étaient maitre, ne laissant place à ne serrait ce qu'un soupçon d'humanité. Plume était l'exception. Elle...
682K 97.8K 37
Yaduvanshi Series #3 it is a book under yaduvanshi series. But it could be read as standalone too. Nitya Raghavendra is a telugu businesswoman earnin...
8.9K 1K 35
ඇත්තටම ම⁣⁣ගේ ආදර කතාවත් ෆික්ශන් එකක් උනා නම්.. මම අනිවාර්යයෙන්ම.. ඒකට ලස්සන අවසානයක් ලියාගන්නවා. අපි තුන්දෙනාටම ලස්සන අවසානයක් එන විදියට....... ඒත් ඉ...
1.6M 91.8K 46
|𝐑𝐨𝐬𝐞𝐬 𝐚𝐧𝐝 𝐂𝐢𝐠𝐚𝐫𝐞𝐭𝐭𝐞𝐬 - 𝐈| She was someone who likes to be in her shell and He was someone who likes to break all the shells. "Jun...