දුඹුරු සඳ (100 සිට 149 දක්වා)

By Aro_Yash

20K 888 7

100 වෙනි කොටසේ සිට 149 දක්වා පළ කිරීම More

1-100 කෙටි සාරාංශයක්
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149

127

374 16 0
By Aro_Yash

#දුඹුරු_සඳ_127
𝐓𝐡𝐞 𝐁𝐫𝐨𝐰𝐧𝐢𝐬𝐡 𝐌𝐨𝐨𝐧 🤎🌙

🤎🌙___𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ඉඳින් එක්වරම සිදුවූ දෙය ඔහුට තවමත් සිතාගත නොහැකියි. ආග්න එක එල්ලයේම ඈ මත නෙතු නවතාන උන්නේ ඔහු... ඉඳින් ඒ ඇයමද? තම බැල්මක් ඉදිරියෙහි පවා බිමට බරවන ඈ නෙතු එක එල්ලයේම යොමුවී තිබුණේ ආග්නගේ දෑස් මතට. වෙනදා ඒ අවිහිංසක දෙනෙත් තුල වන බිය, ලැජ්ජාව, තැතිගැන්ම යන හැඟුම් වල සේයාවක් හෝ නැහැ එහි.

ඒ බැල්ම... ඈ දෙනෙතෙහි වූ බැල්ම ආග්නට දැනුණේම අමුතුවට. ඇය තමන් වෙතට යොමා තිබෙන්නේ සම්පූර්ණයෙන්ම ආගන්තුකයෙකු මතට හොවනා බැල්මක් නොවේද? දැනුණේ තමා ඉදිරිපස රෝහල් සයනය මත හිඳිනා විණාරා වෙනත් අයෙකු විලසට.

ඈ සියුම් හැසිරීමක් පවා සූක්ෂමව ආග්නගේ නෙතට, මනසට ග්‍රහණය වන්නක්. පෙර ඇයගේ හැම ඉරියව්වක්ම තමාට හොඳින් හුරුපුරුදු තමා හොඳින් දන්නා හඳුනනා දෙයක් වූවත් දැන් තමා ඉදිරියේ හිඳිනා ඇයව ඔහුට දැනෙන්නේ නුහුරු ආග්නතුක පුද්ගලයෙකු මෙන්.

'නෑ...මේක වෙන්න බෑ!'

ඉඳින් හදවතට දැනෙනා වේදනාව, බිය මුහු හැඟීම ඔහුව නොමරා ම:රන්නක්!

'ෆෝ ගොඩ්ස් සේක් ඩෝන්ට් ලෙට් දිස් හැපන්!
(දෙයියන්ගේ නාමෙට මෙහෙම වෙන්න දෙන්න එපා!)
එයාට මාව අමතක වෙන්න දෙන්න එපා!'

දෑස් තදින් මොහොතකට පියවෙද්දී, හදවතට දැනෙන ආවේගය හමුවේ ඔහු දෑත මිටමෙළවවෙද්දී ආග්න මුමුණන්නට වූයේ සිතෙන්.

ඉඳින් පියාගෙන් පසුව ඇයට සමීපතම පුද්ගලයා වූත්, ඇගේ හදවත තුළ විසල් ඉඩක් අත්පත් කරගන්නට හැකි  පුද්ගලයා වූත්, ඇගේ කුළුඳුල් පිවිතුරු ප්‍රේමයේ හිමිකාරයා වූත් තමාව ඇයට අමතකව ගොස් ඇති වග... එය කෙසේනම් විශ්වාස කරන්නද? ආග්නට දැනුණේ තමා බියකරු සිහිනයක ගිලී ගොස් ඇති වගක්.

"විණාරා... අපිත් එක්ක මෙයා හිටියට ප්‍රශ්නයක් නෑනේ?"

වෛද්‍යවරයා ආග්න ඇයගේ ස්වාමිපුරුෂයා බව නොකියා එලෙස විමසද්දී ආග්න වෛද්‍යවරයා දෙස බලන්නට වූයේ කලබලෙන්.

නමුත් වෛද්‍යවරයා ආග්නට දෑසින් සන් කර පැවසූයේ සන්සුන් වන ලෙසටය.

"මෙයා? ඇයි ඉන්නේ?"

විණාරා විමසන්නේ නොසැලකිලිමත් බැල්මක් ආග්න වෙතට හෙළමින්.  ආග්නනම් උන්නේ වෙනත් ග්‍රහලෝකයකට පැමිණි අයෙකු මෙන්.

"විණාරාට මතක නැද්ද මෙයා ඔයාගෙ කවුද කියලා? පොඩ්ඩක්වත්?"

වෛද්‍යවරයා විමසද්දී ආග්න ඈ දෙස බලාන උන්නේ දෑස් දල්වාන. නමුදු ඇය කළේ හිස දෙපසට සෙලවීම.

"මට කියන්න පුළුවන්ද විණාරාට මෙයා ගැන මතකයේ තියෙන්නෙ මොනවගේ සිද්ධියක්ද කියලා?"

වෛද්‍යවරයා නැවත විමසද්දී විණාරාගේ දෑස් තිගැස්සෙන අයුරු ආග්නගේ නෙතට හසුවූයේ සියුම්ව. ඇය තප්පර කිහිපයක් පමා වී වදන් අමුණන්නට ගත්තේ කල්පනා කර. ඈ හැසිරීම් ඉදිරියේ ආග්නට දැනුණේ කුහුලක්.

"ම්..නිකන් මෙයා.. මෙයා මාත් එක්ක කතාකර කර ඉන්නවා මතකයි..."

විණාරා පවසද්දී වෛද්‍යවරයාගේ දෙබැම මදක් රැළිවූයේ ඉබේම.

"කතාකර කර ඉන්නවා? ආ යූ ශුවර්?"

වෛද්‍යවරයා පවසද්දී විණාරාගේ නෙතට හසුවූයේ ආග්නගේ තියුණු බැල්ම. නමුදු වෙනදා මෙන් ඈ ඒ බැල්ම ඉදිරියේ බිය වූයේ හෝ සැළුනේ නැති අතර නැවතත් නෙතු යොමුවේ වෛද්‍යවරයා දෙසට.

"ඔ.ඔව්..."

වෛද්‍යවරයාගේ නෙතු මගහරිමින් ඇය පැවසූයේ මුසාවක් බව ආග්නට 90%ක්ම විශ්වාස වූවා.

"ම්ම්...පුදුමයි... සාමාන්‍යයෙන් මෙමරි ලොස් වෙන පේෂන්ට්ලට මතක තියෙනේ හිතට ගැඹුරින්ම කා වැදුණු සිද්ධි...

කතාකර කර ඉන්න සිද්ධියක් මතක තිබුණු එකම පේෂන්ට් විණාරාද කොහෙද. හහා..සමහරවිට ඒක හිතට ගැඹුරින් වැදුන කතාබහක් වෙන්නත් පුළුවන්..."

මද සිනහවකින් යුතුව වෛද්‍යවරයා පවසන්නට වූයේ සැහැල්ලු හඬකින්.

"මං හිතන්නේ දැන් විණාරා රෙස්ට් කරන්න ඕනේ...

තනියම ඉන්න බයවුණ එක කලින් ප්‍රශ්නයක් වුණාට දැන් මිස්ටර් ආග්න ඉන්න නිසා ඔයාට පුළුවන් රෙස්ට් කරන්න..."

තවත් උපදෙස් රාශියක් ලබාදී වෛද්‍යවරයා සැරසුණේ පිටත්ව යන්නට.

"ආ...තව දෙයක්...
විණාරාට පුළුවන් මිස්ටර් ආග්නගෙන් ඔයාට අමතක වුණ දේවල් අහලා දැනගන්න...

හැබැයි මතක තියාගන්න. ඒවා මතක් කරන්න ගිහින් මයින්ඩ් එකට ප්‍රෙෂර් එකක් දෙන්න එපා ඕකේ..."

තවත් මොහොතකින් වෛද්‍යවරයා පිටත්ව ගිය පසු කුටියෙහි ඉතිරි වූයේ දැඩි නිහඬ බවක්. ආගන්තුකයන් දෙදෙනකු මුහුණට මුහුණලා බලන් හිඳිනවා මෙන් හැඟීමක් දැනෙන්නට වූයේ දෙදෙනාටම. නමුදු ආග්නගේ සිත අභ්‍යන්තරයේ වූයේ දැඩි පීඩනයක්. වේදනාව නොඅඩුව මුහුවුණ දැඩි පීඩනයක්. ඔහුට තවමත් සිතාගත නොහැකියි දෑස් ඉදිරියෙහි හිඳිනා ඇයට තමා කවුරුද කියා හෝ අමතකව ගොස් ඇති වග.
ආග්නට සිහිවූයේ වෛද්‍යවරයා පැවසූ වදන්.

"මෙහෙමයි මිස්ටර් ආග්න. ඔයාගෙ වයිෆ්ව අපිට කියෝ කරන්න පුළුවන් වුණාට මෙයාගෙ මෙමරි ලොස් එක සීරියස් ඉල්නස් එකක්.

එයාගේ මයින්ඩ් එක අපි බොහෝම සන්සුන්ව තියාගන්න ඕනේ. මයින්ඩ් එක කලබල කරලා එයාගේ බ්‍රේන් එක වෙහෙසන එක කරන්නම හොඳනෑ.

වයිෆ් එක්ක වැඩිපුරම ඉන්ටරැක්ට් වෙන පර්සන් විදියට මිස්ටර් ආග්නට සිද්ධ වෙනවා සෑහෙන්න ඉවසීමෙන් කටයුතු කරන්න වගේම වචන හසුරුවද්දී ප්‍රවේශම් වෙන්න...."

ඉඳින් වෛද්‍යවරයා පිටත්ව යන්නට පෙරත් ආග්නව කුටියේ එක් පසකට රැගෙන ගොස් උපදෙස් ‍රාශියක් ලබාදුන්නේ දැඩිව.

"එයා එක්ක කතාකරද්දී එයා වැරදි දෙයක්නම් කියන්නේ ඒක නිවැරදි කරන්න යන්න එපා. ඒ වගේම එයා එක්ක ආගිව් කරන එක කොහොමත්ම කරන්න එපා සහ ලොජිකල් දේවල් කතාකරන්න එපා.

ඒ වගේම එයාගෙන් සංකීර්ණ, දිග ප්‍රශ්න අහන්න එපා. උදාහරණයක් විදියට ප්‍රශ්න කෙටි කරලා, පොඩි පොඩි පාට්ස් වලට අහන්න.

මේ සිටුවේෂන් එකේ පේෂන්ට් කෙනෙක් වටා තියෙන්න ඕනෙ නිශ්ශබ්ද පරිසරයක්.

තව දෙයක් මිස්ටර් ආග්න. එයාට කෑම වර්ග, ඇඳුම් වගේ දෙන්න අහනකොට එයාට සිලෙක්ට් කරන්න චොයිසස් ගොඩක් දෙන්න එපා. අරකද මේකද කියලා හිතන්න එයාගෙ මොළේ වෙහෙසෙන එක කරන්න හොඳනෑ. ඒකනම් දැනට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ එයාට තාම කැම දෙන්නෙ නැති නිසා. එයාගෙ කෑම ගැන හොස්පිට්ල් එකෙන් බලනවා එයා ඩිස්චාජ් වෙනකන්.

මම බේසිකලි ඔයාට කීවේ එයත් එක්ක කමියුනිකේට් කරන්න ඕනෙ විදිය.

විශේෂයෙන්ම එයා වෙන දෙයක් ගැන අවධානයෙන් ඉද්දී එයාගේ නම කියලා කතාකරලා එයාව එක්සයිට් කරන එක, මයින්ඩ් එක තිගැස්සෙන දේවල් කරන්න එපා.

සාමාන්‍යයෙන් මෙමරි ලොස්ට් පර්සන් කෙනෙක් එක්ක කමියුනිකේට් කරනකොට එයාව අල්ලලා කතාකරන්න කියලා තමා ගොඩක් ඩොක්ටර්ස්ලා කියන්නේ."

වෛද්‍යවරයා පවසද්දී ආග්න කළේ උඩට පහළට හිස සෙලවීම.

"ආග්නට සිද්ධ වෙනවා ක්‍රිටිකල් සිටුවේෂන් එක අයින් වෙනකන් එයා ළඟට වෙලා ඉන්න.

මතක තියාගන්න. ඔයාගෙ වයිෆ් හරියට අලුතෙන් ඉපදුන ළමයෙක් වගේ. එයාට එයාවමත් අමතකයි. එයාගෙ චොයිසස්,එයා කතාබහ කරන විදිය, එයා මිනිස්සු එක්ක ගණුදෙනු කරපු විදිය, එයාගෙ පර්සනැලිටි එක, ඒ හැමදේම එයාට අමතකයි මිස්ටර් ආග්න. ඉතින් එයාට ටිකක් අමාරුයි මේකට හැඩගැහෙන්න.

ඔයාට සිද්ධ වෙනවා එයාගෙ ළඟින්ම ඉන්න. වැදගත්ම දේ එයාට අමතක දේවල් ගැන දුක් වෙන්නවත්, මතක් කරන්නවත්, කල්පනා කරන්න දෙන්නවත් එපා. ඒක ඩේන්ජරස්."

"හරි ඩොක්ටර්...එතකොට එයාගෙ ට්‍රීට්මන්ට්ස් වලට මේ සම්බන්ධයෙන් ඉන්න ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නන්න මම කැමතියි ඩොක්ටර්."

"ඔව් ඒක හොඳයි. ඒත් මිස්ටර් ආග්න අපිට ඉස්සරලම එයා පිසිකලි සනීප වෙනකන් ඉන්න වෙනවා. ඊට පස්සෙ පේෂන්ට්ව එක්සැමින් කරලා ට්‍රීට්මන්ට්ස් පටන් ගන්න ඕනෙ කාලේ වගේම ට්‍රීට්මන්ට්ස් කරන විදිය ගැන තීරණය කරන්න පුළුවන්..."

වෛද්‍යවරයා පැවසූ වදන් සිහිකරමින් ආග්න මොහොතක් විණාරා දෙස බලන් හිඳ වටපිට නෙතු යොමුවේ කුටිය තුල පවතින අපහසු වාතාවරණයෙන් මදක් මිදෙන්නට.

ඉඳින් ඒ අපහසු වාතාවරණය ආග්නට වැඩි වැඩියෙන් දැනෙන්නට වූයේ ඇය දෑස් මදක් සිහින් කරගෙන එක එල්ලයේ තමා දෙසම නොනවත්වා බලන් හිඳිද්දී.

වෙනදාට තම බැල්ම ඉදිරියේ සැලෙන ඈ නෙතුවල අද තිබෙන්නේ අමුතුම ශක්තිමත් බැල්මක්. ආග්න හෙමිහිටම ඉදිරියට ඇවිද විත් වාඩිවූයේ සයනය අද්දර වූ සැපපහසු තනි පුටුවෙහි.

🤎🌙_𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ඔහු ඉරියව්, රුව සියුම්ව නිරීක්ෂණය කරමින් විණාරා උන්නේ මොහොතකට හෝ ඔහුගෙන් නෙතු ඉවතට නොගෙන. දෑත් ළය හරහා බැඳන් පුටුව මත වාඩිවීගෙන ආග්න උන්නේ වෙනතකට නෙතු යොමාන.

"මගෙ දිහා බලන් ඉඳලා ඉවරනම් දැන් රෙස්ට් කරමුද?"

ඉදින් ඇයගේ බලන් හිඳිල්ලේ නිමක් නැතිවෙද්දී අවසන ආග්න පවසන්නට වූයේ ඈ වෙතට නෙතු ගෙන එමින්. ඔහු පැවසූ වදන් ඉදිරියේ විණාරාගේ නෙතු බැල්ම ඉවතට යාවියැයි සිතුවද එය එලෙසම තිබෙද්දී සිදුවූයේ ඇගේ මුව මදක් ඇදව යාම පමණයි.

"බෑ?"

ඇය නිදාගැනීමට නොහැකියැයි පැකිළීමකින් තොරව හිස දෙපසට චලනය කරමින් පවසද්දී ආග්න විමසන්නට වූයේ පුදුමය මුහුවුණ බැල්මකින්.

ඉඳින් එය නැවත වරක් තහවුරු කරමින් ඔව් කීමට හිස උඩට පහළට චලනය කරද්දී සිදුවූයේ ආග්නගේ නෙතු තවත් විසල්ව යාම.
ඇය හා වාද කිරීමට එපා යැයි වෛද්‍යවරයා පැවසූ නිසාවෙන් ආග්න කළේ නිහඬවම හිස වනා ඇය හා එකඟ වීම.

මොහොතින් මොහොත ගෙවෙද්දී දැනෙණ අමුතු ආගන්තුක හැඟීම මගහරවාගැනීමට ආග්න කළේ අසල වූ සඟරාවක් ගෙන එය මතට නෙතු යොමුකිරීම. ඉඳින් විණාරා නිදහසේ තමා අසල වන තමාට හුරු, වෛද්‍යවරයාට පැවසීමට අපහසු මතක සහිත ඒ ආගන්තුක සමීපතම පුද්ගලයා දෙස බලන් උන්නේ එක එල්ලයේම.

ඔහු හැර ඇයට කිසිවකු හොඳින් මතකයේ නැහැ. වෛද්‍යවරයා මෙන් මුහුණු කිහිපයක් චරිත කිහිපයක්, ඇඳුම් කිහිපයක් මතකයේ වූවත් ඔවුන්ගේ මුහුණු පවා ඇයට අපැහැදිලි මතක. සුදු කෝටයක් හැඳි තරබාරු පුද්ගලයා වෛද්‍යවරයෙකු බව ඇයට හඳුනාගත හැක්කක්.

එමෙන්ම ඇයට යන්තම් එවන් අයෙකුගෙන් තමා ප්‍රතිකාර ගන්නවා සිහිවුයේ තමා සිහිය විත් කලබල කළ අවස්ථාවේ වෛද්‍යවරයා ඇයව සන්සුන් කිරීමට උත්සහ දරද්දී.

ඔහු හා උන් කාන්තාවන්ගේ නිලඇඳුම හෙද නිල ඇඳුමක් කියා ඇය දන්නවා වූවත් කුමක් හෝ කරුණකට හෝ අපහැදිලි මතකයක් නිසාවෙන් ඇයට හෙදියන් පිළිබඳ දැනුණේ බියක්.

එමෙන්ම කුමක් හෝ කරුණක් නිසාවෙන් ඇයට නාඳුනන, නුහුරු, අමතක මිනිසුන් දකිද්දී දැනුණේ දැඩි බියක්. ඇයට සිතුණේම ඔවුන් තමාට කරදර කරන්නට එන වගක්. නමුදු ඇයට ආග්න නම් මෙම පුද්ගලයා අසල දැනුණේ හුරු බවක් මෙන්ම දැඩි රැකවරණයක්.

ඔහු හා සමීපව සිට්නා ඇතැම් දර්ශන පවා ඇගේ මතකයෙහි වද්දී ඔහු තමාගේ කවුරුන්දැයි කියා අමතක වූවත් ඇයට අමුතුවෙන් සිතිය යුතු වූයේ නැහැ ඔහු තමාගේ සමීපතමයෙකු කියා.

"මේ..."

සඟරාව මතට නෙතු යොමාන හුන් ආග්නගේ නෙතු ඈ වෙතට හැරුණේ ඇයගේ හඬට.

"ම්ම්?"

ඉඳින් ඇය කුමක් හෝ පවසන්නට යන බව තමන් දෙස බලන් හිඳිනා ඇයගේ බැල්මෙන්ම වැටහෙද්දී ආග්න විමසන්නට වූයේ සඟරාව පසෙකට කරලමින්.

"මට වතුර ඕනෙ."

කුඩා දරුවකු මෙන් ඇය පවසද්දී ආග්නට දැනුණේ අමුතුම හැඟීමක්. ඉඳින් තමා ඇයව ඇසුරු කළ කාලය පුරාවටම ඇය මෙලෙස සෘජුවම තමාගෙන් දෙයක් ඉල්ලූ පළමු වතාව නොවේද මෙය? ලැජ්ජාව නිසා, බිය නිසා, කුලෑටි බව නිසා ඈ ඔහුගෙන් මෙලෙස සෘජුව කිසිවක්ම ඉල්ලා නැති තරම්.

නමුදු මෙලෙස බියක්, කුලෑටි බවක්, ලැජ්ජාවක් නොගෑවුණු බැල්මකින් ඇය එලෙස ඉල්ලද්දී ආග්නට දැනුණේ ළය පිරීයන සෙනෙහස පිරුණු හැඟීමක්.

"සිහිය ආවට පස්සේ ඔයාට වතුර දුන්නද?"

ආග්න විමසන්නට වූයේ සඟරාව පසෙක තබමින්.

"නෑ..මට තිබහයි."

මුව ඇද කර ගතු පවසබ කුඩා දරුවකු මෙන් ඇය පවසද්දී ආග්න හුන් අසුනින් නැගී සිටියේ ඉබේටම ඒ දෙතොලතරට පෙනෙන නොපෙනෙන ගාණට මද සිනහවක් නැගෙද්දී.

"පොඩ්ඩක් ඉන්න. මම ඩොක්ටර්ව හම්බෙලා එන්නම්."

එසේ පවසා ආග්න එතනින් යන්නට තැත් කලද ඔහු දෙපා එතනම නැවතුණේ ඈ උණුහුම් අතැඟිලි ඔහු මැණික් කටුවට ඉහල බාහුවේ නැවතෙද්දි. ඉඳින් ඇය බැල්ම, ඉරියව්, හැසිරීම් සියල්ලම නැවුම්.

ඇයව ආගන්තුකව දැනුනද ආග්නට ඈ ක්‍රියාකලාපයන් දැනෙන්නේ හදවතට සමීප අයුරින්. ඒ අන්කවරක් හෝ නිසාවෙන් නොව ඔහු මෙලෙස විවෘතව, බියකින් පැකිලීමකින් තොරව තමන් හා කතාබහ කරන නිදහසේ හැසිරෙන විණාරා කෙනෙකු බොහෝවිට බලාපොරොත්තු වූ බැවින්.

"ඇයි?"

දෙබැම මදක් ඔසවමින් ආග්න ඇගෙන් විමසූයේ ඇය ආග්නගේ දෙනෙත් දෙසම බලන් හිඳිද්දී.

"යන්න එපා.."

පැකිලීමකින් තොරව ඇය ඔහුට පවසද්දී ආග්නගේ දෙනෙත් සිහින් වූයේ ප්‍රශ්නාර්ථ බැල්මක් ඇය වෙතට යොමු වෙද්දී.

"මම ඉක්මනට ඩොක්ටර්ව හම්බෙලා එන්නම්."

තම වමත මත වූ විණාරාගේ පිටිඅත්ල මත දකුණත තබමින් ආග්න පවසන්නට වූයේ මෘදු හඬකින්.

"එපා...මට බයයි."

විණාරාගේ මුහුණෙහි වූ සැහැල්ලු බැල්ම අතුරුදන්ව ගොස් ඒ මුහුණ වසාගන්නට වූයේ අඳුරු හැඟීමකින්. ඉඳින් ඈ ඉරියව් වැටහුණු ආග්න හිස වනා නැවතත් පුටුවෙහි වාඩිවූයේ තම වමත මත වූ විණාරාගේ අත මුදවා එය තම වමතින් අල්වාගනිමින්.

"හරි. බයවෙන්න එපා. මම කොහෙවත් යන්නෙ නැහැ ඕකේ..."

විණාරාගේ අත අල්වාගෙනම ආග්න සන්සුන් හඬකින් පවසද්දී විණාරා හුස්මක් හෙළා හිස උඩට පහළට කළේ නිහඬවම.

"හෙලෝ..."

එහෙමම දකුණතින් ජංගම දුරකතනය පිටතට ගත් ආග්න ඇමතුමක් ගත්තේ පිටත හුන් තම මවට.

"සුදුපුතා... ප්‍රශ්නයක් නෑ නේද?"

"නෑ අම්මා.. හැමදේම හොඳින්."

"ඩොක්ටර් අපිට විස්තරේ කීවා. දෝණිට ඔයාවහරි පොඩ්ඩක් මතක තිබ්බ එක වාසනාවක්."

ආග්නගේ මව පවසන්නට වූයේ සැනසුම් හුස්මක් හෙළමින්.

"අම්මා. මෙයා වතුර ඉල්ලනවා. ඩොක්ටර්ව පොඩ්ඩක් හම්බෙලා අහන්න. මට එන්න විදියක් නැහැ."

"හරි හරි සුදුපුතා.. ඉන්න මම මෙහෙමම යන්නම්."

ඇමතුම විසන්ධි කිරීමෙන් පසුව ආග්න නෙතු යොමුවේ ඈ දෙසට. ආග්න දෙස බලා ඊළඟ මොහොතේ ඈ නෙතු යොමුවුණේ ඔහු අතට මැදිව ඇති තම අත මතට. ඉඳින් ඔහු ස්පර්ෂය හදවතට බොහෝ සමීපව දැනුණද, හුරුව දැනුණද දැනුණේ ලැජ්ජාව මුහුවූ ආගන්තුක හැඟීමක්.

ඈ දෑස් යොමුව ඇති ස්ථානයට ආග්නගේ බැල්ම යොමුවූවද ඔහු කිසිදු වෙනසක් සිදුකළේ නැහැ. නමුදු තවත් එක් වරක් ආග්න දෙස බලා විණාරා තම අත ආග්නගෙන් මුදවාගන්නට තැත්  කළේ හෙමිහිට.

තම අතැඟිලි වලින් ගිලිහී යන්නට ගිය ඈ අතැඟිලි ආග්න නැවතත් අල්වාගත්තේ තේරුම් බේරුම් කරගත නොහැකි බැල්මක් ඈ දෙනෙත් මත නවතාලමින්. ඉඳින් ඇයට දැනුණේ ඔහු බැල්ම තුළ හදවත අභ්‍යන්තරය කළඹවනා අමුතු හැඟීම් රාශීයක් ගැබ්ව ඇති බව පමණක්.

නමුදු ඇය අපොහොසත් වූවා ඔහු නෙතින් කියවෙන කතා තේරුම් බේරුම් කරගන්නට. ඊළඟ මොහොතේ නැවතත් මාරුවෙන් මාරුවට ආග්න දෙසත් ඔහු අතට මැදිව ඇති තම අත දෙසත් බලා ඉවත බලාගත්තේ සීරුවට ඔහු අතඟිලි අතරින් තම අත ඇදගනිමින්. ඉඳින් තම නෙතු මගහරිමින් ඈ හොර වැඩක් කරනවා මෙන් ඈ සිදුකළ බොළඳ හුරතල් ක්‍රියාව ඉදිරියේ ආග්නගේ දෙතොලෙහි ඇඳුනේ සිනහවක්.

"පුතා... දැන් නර්ස් කෙනෙක් එයි වතුර අරන්. එයාට වතුර තේ හැඳි දෙකක් දෙන්න කීවා. ඊට වඩා එපා..."

තවත් මොහොතකින් ආග්නගේ මව ආග්නට ඇමතුමක් ලබාදී පවසන්නට වූයේත් මොහොතකින් ඇසුණේ දොරට කිසිවකු තට්ටු කරනා හඬත්.

"කොහෙද යන්නේ?"

ආග්න අසුනින් නැගිටිද්දී විණාරා විමසන්නට වූයේ කලබලෙන්.

"හේයි...මම දොර ගාවට යන්නේ. ඔයාව දාලා යන්නෑ කීවනෙ. ඩෝන්ට් වොරි.."

ආග්න පවසා දොර අසලට ගොස් වතුරත් තේ හැන්දකුත් රැගෙන ආ බන්දේසිය ඇතුළට ගෙන දොර වසා දැමුවේ.

"නෝ...ඔයාට හම්බෙන්නේ ටීස්පූන් දෙකක් දැනට."

ආග්න ඇය අසලට පැමිණ රෝහල් සයනය අද්දර වූ උස් මේසය මත බන්දේසිය තබද්දී විණාරා කළේ එහි වූ බෝතලය ගැනීම. නමුදු ආග්න එය ආපසු තම අතට ගත්තේ විණාරාගේ මුහුණ ඇදවී යද්දී.

"ටී ස්පූන් දෙකක්? ඒක ගෑවෙන්නත් මදි."

ආග්න ප්ලාස්ටික්  බෝතලයේ පොලිතීන් ඇසුරුම කඩද්දී විණාරා පවසන්නේ මැසිවිල්ලක් නගන දරුවකු මෙන්.

"මට තිබහයි ගොඩක්."

"සොරි විණාරා. ඩොක්ටර් කීව විදියටනේ කරන්න වෙන්නේ."

"බැහැ මට වතුර ගොඩක් ඕනේ."

ඉඳින් ඇය කිසිදිනෙක නොදැක ඇති අයුරින් හිතුවක්කාර වද්දී, නොරිස්සුම පිරි හඬකින් පවසද්දී ආග්න ඈ දෙස බලන් උන්නේ පුදුමයෙන්.

"සොරි විණාරා. ගොඩක් වතුර බොන්න ඔයාට හොඳ නෑ..."

හුස්මක් හෙළා ආග්න මෘදු හඬකින් පවසද්දී  විණාරා කළේ ඔහු දෙසවත් නොබලා හිඳීම.

"ම්ම්..."

ආග්න හැන්දට වතුර දමා ඈ මුව අසලට ළං කරත් ඈ කළේ එය ප්‍රතික්ෂේප කිරීම.

"විණාරා. ප්ලීස්. ඩොක්ටර්ස්ලා දෙයක් කියන්නේ ඔයාගෙම හොඳටනේ."

ඔහු හැන්ද දිගු කරගෙනම ඇයට පවසන්නට වූයේ සන්සුන් හඬකින්. ඉඳින් ආග්න මෙලෙස කෙනෙකු ඉදිරියේ යමක් අයදින පළමු වතාව මෙය වන්නට ඇති. නමුත් පුදුමයට කරුණනම් ඈ හිතුවක්කාර හැසිරීම් ඉදිරියේ ආග්නට බිඳක් හෝ කේන්ති නොයාම. ඒ සියල්ලට තමා කැමති බව හැඟෙන්නේ මන්දැයි ඔහුටම ප්‍රෙහේළිකාවක්.

"ම්ම්..."

ආග්න විණාරාගේ මුහුණ තමා දෙසට හරවා නැවතත් ඈ මුව අසලට හැන්ද ළං කළේ ඈ දෙනෙත් තම බැල්මෙන් අල්වාගනිමින්. ඉඳින් ඔහු බැල්ම ඉදිරියේ කුමක්හෝ හේතුවක් නිසාවෙන් තවත් ඔහුට විරුද්ධ වන්නට හිත මැලි කරද්දී විණාරා මුව විවර කළේ හෙමිහිට.

වතුර තේ හැඳි දෙකක් පොවා ආග්න නැවත වරක් වතුර පුරවා තුන්වන තේ හැන්දත් ඈ මුව අසලට ළං කරද්දී විණාරා ඔහු දෙස බලන්නට වූයේ පුදුමයෙන්.

"මේක මගෙ ගානේ... සීක්‍රට් බිට්වීන් අස් ඕකේ."

ළා හිනාවක් ඔහුගේත් ඇයගේත් මුහුණෙහි ඇඳෙද්දී විණාරා එය පානය කළේ ඔහු ආකර්ෂණීය බැල්මෙහි පැටලී ඇති තම නෙතු බලෙන්ම මුදවාගනිමින්. අහේතුකවම ඇයට සිහිවූයේ ඔහු හා ඈ අතට මතක තිබෙනා මතකය.

"දැන්... ටිකක් නිදාගන්න."

ආග්න පැවසූවත් විණාරා හිස දෙපසට කළේ බැහැයි කියන්නට. තරමක් දැඩි බැල්මක් සමග ආග්න විණාරා දෙසට නෙතු යොමුවත් ඇයට වගක් වූයේම නෑ ඔහු බැල්ම.

"ඇයි නිදාගන්න බැරි?"

"මට බයයි..."

"බයයි? ඒ මොනවටද?"

"මං දන්නෑ..."

විණාරාගේ අසනීප තත්වය පිළිබඳ නැවත වරක් ආග්නට සිහිපත් කරමින් ඈ පවසද්දී  ආග්නට බරැති හුස්මක් හෙලුණේ ඉබේටම.

"බයවෙන්න එපා...මම ඔයා ළඟම ඉන්නවනේ.."

ආග්න එසේ පැවසූවත් විණාරා උන්නේම ඇගේ මතයෙහි. සයනයෙහි වාඩි වීගෙන හෙඩ් බෝඩයට හේත්තුවීගෙන හිඳිනා ඇය මොහොතකින් නිදිකිරා වැටෙන්නට වූයේ ආග්නගේ දෙනෙත් ඈ දෙසට එද්දී.

"හරි නිදාගන්න ඕනෙ නෑ. නිකන් ඇලවෙලා ඉන්න. ඉන්න මම බෙඩ් එක ඇඩ්ජස්ට් කරන්නම්."

ආග්න නැගිට ඇගේ ඇඳ නිදන්නට පහසු අයුරින් සකසා ඇයව එය මත සැතපවූයේ විණාරා ඔහුට විරුද්ධ නොවීම සයනයෙහි හාන්සි වද්දී.

"බලෙන් ඇහැරලා ඉන්න එපා. මම මෙතන ඉන්නවනේ. බය නොවී නිදාගන්න."

ආග්නට දැනෙන්නේ තමා කුඩා දරුවකු බලාගන්නවා මෙන් හැඟීමක්. ඉඳින් ඇයගේ ජීවිතයේ වගකීම සම්පූර්ණයෙන්ම තම උර මත පැටව තිබෙන්නේ. 

"ම්හු..."

පියවෙන්නට වෙර දරන ඇහිපිය විවර කරමින් විණාරා කළේ නැවත වරක් නිදාගැනීම ප්‍රතික්ෂේප කරමින්. ආග්න හුස්මක් හෙළා නැවතත් අසුනෙහි වාඩි වූයේ ඈ දෙසට නෙතු ගෙන එමින්. උඩුබැලි අතට නිදන් හිඳිනා ඇය සිවිලිම දෙසට නෙතු යොමාන හිඳින්නේ සන්සුන්ව.

තවත් මොහොතකින් හදිසියේ යමක් සිහිපත් වූවා මෙන් විණාරා ඇලයට හැරුණේ ආග්නගේ දෙසට මුහුණලා. උස් සයනය මත ඇලයට හැරී උන් විණාරාගේත්, උසින් අඩු ඉහ අද්දර වූ පුටුවෙහි වාඩි වී හුන් ආග්නගේත් මුහුණු වූයේ සමාන්තර උස මට්ටමක.

"ඔයා..."

මොහොතක් ඒ නෙතු එකිණෙක මුණ ගැසී ගෙවෙද්දී විණාරා වදන් ඇහිඳින්නට වූයේ මද පසුබෑමකින් යුතුව. ආග්න නෙත් වලින් ඉඟිකරේ ඇයට අවැසි දෑ පවසන්නට හෝ විමසන්නට කියා.

"ඔයා මගේ.. බෝයිෆ්‍රෙන්ඩ්ද?"

ඉඳින් එක්වරම ඈ විමසූ පැනයෙන් ආග්නගේ දෙබැම මදක් ඉහළට එසවුණේත් දෑස් මදක් පුළුල් වූයේත් ඉබේම. ඊළඟ තප්පරයේ ඔහු දෙතොලතරට ගොඩවූ සිහින් සිනා රැල්ල ඒ මත පැතිරී ගියේ පුළුල් සිනහවක් ඔහු දෙතොලතර මවමින්.

තම මුහුණට ආසන්නයේ තිබෙනා ඒ අතිශය කඩවසම් ඔහුගේ සිනහව දෙස ඈ නෙත් යොමාන උන්නේ වශීවූ අයෙකු මෙන්. එතරම්ම ආකර්ෂණීයයි ඔහුගේ සිනහව.

"ම්ම්.. ඒ වගේ තමා.."

ඔහු පවසන්නට වූයේ පහව නොගිය සිනහවෙන්.

"ඒ වගේ කීවෙ?"

"බෝයිෆ්‍රෙන්ඩ් තමා."

ඉඳින් විණාරාට ඇය විවාහකයැයි දැන්ම පවසන්නට එපා යැයි වෛද්‍යවරයා පැවසූයේ එය ජීවිතයේ තරමක් බරපතල සංධිස්ථානයක් බැවින් එය ඇයගේ මනසට බරට බලපාවියැයි කියා. එනිසා ආග්න එලෙස පැවසූයේ වෛද්‍යවරයාගේ උපදෙස් සිහි කරගනිමින්.

"ඔයා එහෙම ඇහුවේ? ඔයාට මං ගැන මතක දේ නිසාද?"

"ඔව්"

ආග්න විමසද්දී විණාරාට ඔව් කියවුණේ ඉබේම.

"ඒ කියන්නේ මම හිතුවා හරි!"

ආග්න පවසද්දී විණාරා ඔහු දෙස බලන්නට වූයේ රැළි වූ දෙබැමින්. ඉඳින් විණාරා වෛද්‍යවරයාට පැවසූයේ ඇයට මතක තමා ඇය හා කතා කර කර හිඳිනා දර්ශනයක් කියා. නමුදු එසේ කතාකර කර හිඳින දර්ශනයකින් ඇයට තමා ඇයගේ පෙම්වතා බැව් නිගමනය කිරීම අසීරුයි බොහෝ.

"ඔයාට මතක අපි දෙන්න කතාකර කර ඉන්න එකක් නෙමෙයි. මම හරිනේ?"

"ඔ..ඔව්.."

විණාරා එය පවසන්නට වූයේ තම දෑස් මගහරිමින්.

"මං ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියලා ගෙස් කරන්න පුළුවන් දෙයක් ඒක?"

මදක් දෑස් සිහින් කර ළා හිනාවක් සමඟ ආග්න පවසන්නට වූයේ එහෙ මෙහෙ දුවන ඈ දෙනෙත් තම බැල්මෙන් අල්වාගන්නට තැත් කරමින්.

"ඔව්...ඒත් මගෙන් අහන්නනම් එපා ඒ මොකක්ද කියලා..."

ඉඳින් එකවරම වේගයෙන් එය පැවසූ විණාරා කළේ දෑස් තදින් පියාගැනීම.

"ලෙට් මී ගෙස්.... මට හිතෙන විදියට ඒක රොමෑන්ටික් සීන් එකක්? එහෙමනේ?"

ඉඳින් ඔහු පවසනවා ඇසෙද්දී විණාරාගේ පියව තිබුණ නෙතු විවර වූයේ පුළුල්ව.

"ඔයා කොහොමද දන්.."

ඉඳින් ඇය පවසන්නට ගියෙ දෑ ගිලගත්තේ ආග්න යටිතොල දසන් අතරට මැදිකරගනිමින් ඈ මුහුණ අසලටම නැඹුරු වද්දී. මදක් විසල් වූ දෑසින් ඈ ඔහු දෙසම බලන් උන්නේ හදවත වේගයෙන් ගැහෙන බව පමණක් දැනෙද්දී.

"මං ඔයාව කිස් කරන සීන් එකක් වෙන්නත් පුළුවන්...

එහෙමත් නැත්තම්... "

ඉඳින් ඔහු උණුහුම් හුස්ම  තම කොපුලෙහි පවා තැවරෙණු දැනෙද්දී විණාරා උන්නේ නොසන්සුන්ව. මායාවක ගිලී යනවා මෙන් ඔහු බැල්මෙහි තමා ගිලී යද්දී ඇයට සිහිවූයේ තමාට මතක දර්ශනය. රත්පැහැ රෝසමල් පිරුණු ස්ථානයක ඔහු තමාව අතොරක් නෑරම සිපගනිමින් හුන් ඒ දර්ශනය...එය කෙසේද වෛද්‍යවරයාට පවසන්නේ? ඉඳින් විණාරාට දැනුණේ තම දෙකොපුල් විලියෙන්ම රත්ව යන වගක්.

"එපා...ඕක නවත්තන්න....මට නිදිමතයි..."

තම මුහුණට ආසන්නයේම තිබෙනා ඔහු මුහුණ, ඔහු උණුසුම් සුසුම්, ඔහු බැල්ම තමාව නොසන්සුන් කරද්දී විණාරා ඔහුගේ කම්මුලක් මත අතක් තබා ඔහු මුහුණ පසෙකට හරවාලමින් දෑස් තදින් පියාගත්තේ අත ආපස්සට ගෙන ළයට ගුලිකරගනිමින්.

ඉඳින් ආග්නට ඇයව දැනෙන්නේ නැවුම්ව. පාසල් කාලයේ ඈ අසල හුන් දඩබ්බර නව යෞවනයා මෙන් නිදහස්ව. ඉඳින් ඇය ඉදිරියේ කිසි කලෙක නොමැති අයුරින් තම ආත්මයම සැනසීමෙන් පිරී ඇතිබවක් දැනෙන්නේම ඔහුට.

තප්පර කිහිපයක්ම දෑස් තදින් පියාගෙන හිඳිනා ඈ රුව දෙසම ඔහු නෙතු නවතාගෙන උන්නේ දෙතොලතර වූ මන්දස්මිතය එලෙසම රැඳී තියෙද්දී.

"නිදාගන්න...මම මෙතනම ඉන්නවා..."

ඇයට බ්ලැන්කට්ටුව පොරවා ඈ හිස මෘදුව පිරිමදිමින් ආග්න පැවසූයේ ඇය දෑස් පියාගෙනම ඉද්දී.

"කාන්ට් යූ ටෙල් ඉට්?"
(ඔයාට ඒක කියන්න බැරිද?)

තවත් මොහොතකින් විණාරා දෑස් යන්තමින් විවර කර බලද්දී ඔහු තවමත් උන්නේ තමා දෙසම නෙතුයොමාන.

"කාන්ට්!"
(මට බෑ!)

ඔහු විමසද්දී විණාරා දෑස් යලිත් පියාගනිමින් පවසද්දී ආග්න එහෙමම පහත්වී ඈ කම්මුලක් සිපගත්තේ විණාරාට අමුතුම ආදරණීය හැඟීමක් තම ළය අභ්‍යන්තරයේ පිරී යනවා දැනෙද්දී.

"ඉට්ස් ඕකේ... අයි තින්ක් අයි ඕල්රෙඩි ගෙස්ඩ් ඉට් කරෙක්ට්ලි"
(ඒකට කමක් නෑ... මම හිතන්නේ මම ඒක හරියට අනුමාන කරා දැනටමටත්...)

ඔහු පවසද්දී විණාරා කළේ අතකින් කන වසාගෙන තවත් දෑස් තදකර පියාගැනීම. ඉඳින් ඈ ඉරියව් පෙරටත් වඩා හුරතල් අයුරින් හදවතට දැනෙද්දී අතොරක් නෑරම ඇයව සිපගන්නට හිතට එන හැඟීම ආග්න මැඩගත්තේ අසීරුවෙන්.

        මතු සම්බන්ධයි....

Continue Reading

You'll Also Like

30.6K 571 12
Someone gave me an idea for Sasuke and Naruto, so, here you go, and like always, I don't really know how this'll turn out, I usually just go with the...
10K 2K 15
දෙමව්පියෝ...සහෝදරයෝ විතරන් නෙමේ හොදම යාලුවෝ දෙන්නායි Boy Friend යි හැමෝම එක දවසින් ඔයාව ප්‍රතික්ශේප කරොත්....කොටින්ම කිව්වොත් ඔයාව ගෙදරින් එලියට ඇදලා...
40.3K 865 13
"How can you do this to me?!" I yell. "We're sorry, Jungkook," They say. "Sorry, my ass," I spat.
10.9K 1.8K 32
හරි ශක්තිමත් ආදරණීය සහෝදර බැම්මක්...❤️ කඳුළු මැද්දෙන් ජීවිතය දිනන පවුලක්...❤️ හීන වලට පාර කපන ලස්සන හදවත් ගොඩක්...❤️ හුස්ම නැවතුනත් පණ ගැහෙන ආදරයක්...