දුඹුරු සඳ (100 සිට 149 දක්වා)

By Aro_Yash

22.6K 1K 7

100 වෙනි කොටසේ සිට 149 දක්වා පළ කිරීම More

1-100 කෙටි සාරාංශයක්
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149

126

445 22 0
By Aro_Yash

#දුඹුරු_සඳ_126
𝐓𝐡𝐞 𝐁𝐫𝐨𝐰𝐧𝐢𝐬𝐡 𝐌𝐨𝐨𝐧 🤎🌙

🤎🌙___𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ගෙවී ගිය පැය දහසය ආග්න පෙරත් අත්වින්ද අසීරුම සිතිවිලි, වේදනාවක් මුහුවූ පැය දහසයක්. කොළඹ සුප්‍රසිද්ධම පෞද්ගලික රෝහලක නැවතූ ආරක්ෂකයින් රැගත් වාහනයෙන් බැසගත්තේ අන් කවරෙකු නොව ආග්න.

ඉඳින් ඒ හදවතෙහි වේදනාවේ තීව්‍රතාවය ඔහුටම දරාගත නොහැකි තරම්. විණාරාව දමා යෑම පිළිබඳව සිතෙහි වූ පසුතැවීම,වරදකාරී හැඟීමටත් වඩා ආග්නගේ සිතට වද දුන්නේම වෙනත් කරුණක්. ඒ අන්කවරක් හෝ නොව විණාරා සියදිවිනසාගැනීමට තැත් කිරීම කිසිසේත්ම සිදුවිය නොහැකි බව හිත දැඩිව පැවසීම.

නමුදු ඒ කාරණාවට වඩා ආග්න වදවූයේ විණාරා පිළිබඳව. ඇය තමා අසලට පැමිණි පසුව කී වතාවක්නම් මෙසේ රෝහල් ගත වූවාද? ඒ සියල්ලටම හේතුව තමා නොවේද? ආග්න උන්නේ වේදනාව, බිය යන හැඟුම් ද්විත්වයෙන් හෙම්බත් වීගෙන.

රෝහලේ බිම් මහළේ වාහන අංගනයේ ආග්න ඉදිරියෙහි වූ විදුලි සෝපානය විවර වූයේ ඉහළ සිට පැමිණ. නමුදු ආග්නගේ නෙත් තිගැස්සී ගියේ විවර වූ සෝපානයේ සිට පිටතට පැමිණි පුද්ගලයා නෙත ගැටෙද්දී. අවුල් වූ හිසකෙස් සහිතව ආග්න ඉදිරියට පැමිණියේ අන්කවරෙකු හෝ නොව ආද්නව්.

"අහ්.."

සිතන්නට මොහොතක් හෝ නොතබා ආද්නව් ආග්නගේ මුහුණට අත මිටමොළවා පහරක් එල්ල කරේ ආග්න මුහුණත්, සිරුරත් මදක් වම් පසට හැරවී යද්දී. එම පහරට ආග්නගේ දකුණුපස තොල යට පුපුරා යන්නට වූයේ දැනුණ වේදනාවට ආග්නගේ අත මුව අසලට යද්දී. මුව මදක් විවර කර මහපටැගිල්ලෙන් ආග්න යටිතොල කෙළවර ස්පර්ෂ කළේ එහි වූ රුධිරය ඔහු ඇඟිලිතුඩු වල තැවරෙද්දී.

"උ|ඹට දැන් සතුටුද? ආහ්?"

වේදනාව හා ගණුදෙනු කරන්නට වේලාවක් නොතබාම දැඩි කෝපයකින් හුන් ආද්නව් ආග්නගේ කොලරයෙන් අල්වා තමා අසලට ඇදගන්නට වූයේ දත්මිටි කාගෙන.

"මං උ|ඹට කීවා! ඒකි එකපාරකුත් උ|ඹ නිසා මැරෙ|න්න ගියාම මං උ|ඹට සිංහලෙන් කීවා!"

ඉඳින් කවරදාකටත් වඩා කෝපයෙන් ආවේශවීගෙන මෙන් හිඳිනා තම වැඩිමහළු සොයුරාගේ වදන් කළේ අන් කවරක් හෝ නොව ආග්නගේ හදවතෙහි වූ තුවාලය තවත් දරුණුවටම පාරා දැමීම.

"එච්චර කියලත් උ|ඹ මොකක්ද ය|කෝ ඒ අහිංසකීට කරේ?

ඒකිගෙ මෙන්ටල් සිටුවේෂන් අවුල් කියලා දැන දැනම උ|ඹට බැරිවුණාද අඩුමතරමේ ඒකිගෙ හිත රිද්දන්නැතුව පාඩුවෙ ඉන්න?

උ|ඹට ඕනෙ වුණේ ඒකිව ම|රාගන්නද?"

එතරම් වේලාවක් ඔහේ අප්‍රාණික හිතින් ආද්නව්ගේ චෝදනා දෙස නිහඬවම බලන් හුන් ආග්නගේ හිස එසවුණේ ආද්නව්ගේ මුවින් පිටවූ දරුණු වදන් ඔහු හදවතේ ගැඹුරුම තැනක ඇමිණී යද්දී. ආරක්ෂකයින් මදක් පසුබැස හුන්නේ සහෝදරයින්ගේ කාරණා වලට අතපෙවීමට ඔවුනට අවසරයක් නොවෙද්දී.

'උ|ඹට ඕනෙ වුණේ ඒකිව ම|රාගන්නද?'

දැනුණේ ඒ වදන් දෙසවන් තුළ දෝංකාර දෙන වගක්. ඉඳින් දරාගත නොහැකි අසීරු වේදනාවකින් පෙළෙන මොහොතක ආද්නව් ඒ වේදනාව තව තවත් වැඩි කරද්දී ආග්නගේ සීමාව පැන්නේ ඉබේම.

හිස ඔසවා බැලූ තත්පරයේම ආග්න ආද්නව්ගේ පපුවට අතක් තබා ඔහුව පසුපසට තල්ලු කරදැමුවේ ආද්නව් මදක් පසුපසට විසිවී මෙන් යද්දී. එතරම්ම ආවේගයකින් ආග්න ඔහුව තල්ලු කර දමන්නට වූයේ.

ඒ රත්පැහැ ගැන්වුණ වේදනාබර දෙනෙත ආද්නව්ගේ කෝපවත් දෙනෙතෙහි ගැටෙද්දී ආද්නව්ගේ කෝපය මදක් බාල වූයේ ඉබේම. ඉඳින් තම දරුවකු වන් ආග්නගේ ‍රත්පැහැ විඩාබර දෙනෙතෙහි වූ පරාජිත බැල්ම, වේදනාව කෙතරම්දැයි අමුතුවෙන් ගණනය කරගත වූයේ නැහැ ඔහුට.

"විණාරා සූසයිඩ් කරගන්නෑ!"

ආද්නව් පසෙකට තල්ලු කර ඊළඟ තත්පරයේම ආද්නව් දෙස බලා ආග්න පවසන්නට වූයේ ස්ථිර හඬින්. ඊළඟ මොහොතේ කෝපයෙන්ම සෝපානයට ගොඩවුණු ආග්න එය වසා දැමුවේ පසුපස හුන් ආරක්ෂකයින් එන තුරුවත් නොසිට.

"සර්..."

ආරක්ෂකයින් පිරිසක් කලබලයෙන් එහාපස වූ ලිෆ්ට් එක අසලට දිවගියේ තවත් පිරිසක් පඩිපෙළෙන් ඉහළට දිව යද්දී.

'විණාරා සූසයිඩ් කරගන්නෑ!'

ආද්නව්ට සිහිවූයේ ආග්නගේ එම වදන්. ඔහු හඬෙහි, බැල්මෙහි වූයේ එම වදන් පිළිබඳව 100%ක විශ්වාසයක් නොවේද? ඉඳින් වේදනාව මොහොතකට අමතකව යද්දී ආද්නව් කල්පනා කරන්නට වූයේ එය පිළිබඳව.

"සුදුපුතා!"

ඉඳින් තවමත් ආග්නගේ මව උන්නේ රෝහලෙහි. විණාරාට සිදුවූ කරදරය ඇයට කම්පනයක් මෙන් වී තිබුණේ, තම බාල පුතු හා සතුටින් ජීවත් වනවා දුටු විණාරා සියදි|විනසාගැනිමට තැත් කළ කාරණය සිතාගත නොහැකි වද්දී.

රෝහළට පැමිණි ආග්න අසලට ඇය දිව ගියේ කලබලයෙන්. තම පුතුගේ අපිළිවල ඇඳුම්, අවුල් වූ හිසකෙස්, එම වේදනාකාරී ඉරියව් නෙත ගැටෙද්දී ඇයට දැනුණේ ළය දැඩිව රිදුම් දෙන වගක්. ඔහුගේ තොල අග තුවාලය දුටුවත් ඇය උන්නේ කුමක් කතාකළයුතුදැයි සිතාගත නොහැකිව.

"එයා කෝ?"

ආග්න දුර්වල හඬකින් විමසද්දී ආග්නගේ මව කඳුළු පිරුණු දෑසින් සන් කර පෙන්වූයේ දැඩිසත්කාර ඒකකය. ඇය තවත් වරක් මෙසේ දැකීම ආග්න සිහිනෙකින් හෝ බලාපොරොත්තු නොවූවක්.

එදා විණාරාට වෙ|ඩි වැදී ඇය මෙසේම දැඩිසත්කාර ඒකකයේ ජීවිතයත් මර|ණයත් අතර සටනක හිඳිද්දී ඇයට කෙතරම් වෛර කළද, ඔහුට අවැසි වූයේ නැහැ ඇයව එලෙස දකින්නට. එය ඔහුට ගෙන දුන්නේම විසල් වේදනාවක්. ඉඳින් ඇය කෙරෙහි වූ ප්‍රේමය හදෙහි දළුලා වැඩුණු කලෙක ඇයව මෙසේ දැකීම ඔහුට දරාගත නොහැකි වේදනාවක්.

පසුතැවීම... ඇයව පෙරේදා ලංකාවෙහි දමා නොගියේනම් කියා හිත කෑ ගසා දෝෂාරෝපනය කරද්දී හිත දැඩිව රිදවූයේම ඒ පසුතැවීම.

අප්‍රාණිකව ඔහේ තැබූ අඩි අවසන නතරව ගියේ දැඩිසත්කාර ඒකකයේ දොර අබියස.  කුඩා වීදුරු රවුමෙන් ඇතුළත බලන්නට පවා සවියක් නොමැති තරම්. හුස්මක් ගැඹුරින්ම ගෙන ආග්න නෙතු යොමුවේ ඒ කුඩා රවුමෙන් ඇතුළතට.

ඉඳින් ඔහුට දැනුණේම ළය කඩාවැටෙන වගක්.
යන්ත්‍රෝපකරණ රාශියකින් වටවී හුන් විණාරාගේ සිරුරෙහි තැනින් තැන රඳවා තිබූ කැතීටර්, නාසොගැස්ට්‍රික් ටියුබ්, EKG ඉලෙක්ට්‍රෝඩ ආදී දෑ රාශියක්. ඇය ශ්වසනය පවා කරන්නේ වෙන්ටිලේටර් යන්ත්‍රය ආධාරයෙන් බව නෙත ගැටෙද්දී ආග්නට දැනුණේ කියාගත නොහැකි තරමේ බියක්.

අමුතුවෙන් පහදාගත යුතුවූයේ නෑ ඔහුට ඇයගේ අවදානම් තත්වය. ඇගේ ජීවිතය! එය යලිත් වරත් තම දෑස් ඉදිරියේම අවදානමක තිබෙනවා දකින්නට ලැබීම එසේ මෙසේ වේදනාවක් වූයේ නැහැ ඔහුට.

'ම්.මට සමාවෙන්න විණාරා....'

ඉදිරියෙහි වූ දොරට දෑතෙහිම අත්ල තබා වාරුවීගෙන ආග්න සිතින් මුමුණන්නට වූයේ වේදනාවෙන්. ළය අභ්‍යන්තරයෙහි කැකෑරෙන වේදනාව ඔහු හදවතෙහි අංශුවක් නෑරම කොණිතිගසද්දී දැනුණේ තම ආත්මයම රිදුම් දෙන වගක්.

තවත් තමාට ඒ වේදනාවෙන් දැවෙන්නට සවියක් නොමැති වග සිතෙද්දී පහතට නැඹුරු වූ හිසින් යුතුව ඔහු තදින් දෑස් පියාන නළල හේත්තු කරගත්තේ දොරට. දොර මත වූ ඔහු අතැඟිලි තදින් මිටමෙලවුණේ ගැඹුරු හුස්මක් ගෙන ඔහු සන්සුන් වීමට උත්සහ දරද්දී.

"සුදුපුතා..."

ඉඳින් රාජකුමාරයෙකු සේ කිසිදු දුකක් නොදී උස්මහත් කළ තම දරුවා මෙසේ දුක්විඳිනු දැකීම මයනි ගජවීරගේ හදවත තදින් පාරවන්නක්. මවක් පතන්නේම තම දරුවන්ගේ යහපත, සතුට වද්දී දරුවන්ගේ වේදනාව ඔවුන්ට වන කරදර ඔවුන්ටත් වඩා විටෙක දැනෙන්නේ මවට.

"මේ පළවෙනි පාර නෙමෙයි අම්මා...

නං නිසා එයා එකපාරකුත් මෙහෙමම මැෂින් ගොඩකට යටවෙලා හුස්ම ඇද්දා!"

තම උරහිස මත තැබූ මවගේ අත්ලෙහි ස්පර්ෂය හමුවේ ආග්න වදන් අමුණන්නට වූයේ මොහොතකට හිතෙහි වේදනාවට විවෘත වන්නට ඉඩ දීගෙන. ඉඳින් ඔහු පවසන්නේ ස්නයිපර් වෙඩි පහරින් විණාරා අසනීපව රෝහල්ගත කෙරූ අවස්ථාව. නමුදු ආග්නගේ මව හෝ පියා ඒ කාරණය අදටත් නොදන්නා යමක්. එය ආග්න, ආද්නව් හා රාජ්නව් සීයා අතර පමණක් වූ පවුලෙහි රහසක්.

'එකපාරකුත්? ඒ කියන්නේ දෝණි කලිනුත් සූසයිඩ් කරගන්න ගිහින්ද?

දෙයියනේ... ඇස් මානෙම ඉඳන් මගෙ දරුවන්ගෙ ප්‍රශ්න මට මගඇරිලද?'

ඉඳින් ආග්නගේ මව සිතන්නට වූයේ වේදනාවෙන්. වෙඩි පහරේ සිද්ධිය ගැන නොදන්නා නිසාවෙන් ඇය සිතුවේ ආග්න පවසන්නේ විණාරා පෙර අවස්ථාවකදීත් සියදි|වි නසාගන්නට තැත් කර රෝහල් ගතවූවායැයි සිතා.

ඉඳින් දරුවන් වෙනම පවුලක් වූ පසු එයට අත දැමීම නුසුදුසු නිසාවෙන් ආග්නගේ මවත් පියාත් උන්නේ ඔවුන්ගේ පවුල අතර මද අවකාශයක් තබාන. නමුදු මෙතරම් බරපතල ප්‍රශ්න ඔවුන්ගේ ජීවිත වල තියෙද්දී ඇතැම් අවස්ථා වල දෙමව්පියන් වශයෙන් අත දැමිය යුතුයැයි ඇයට සිතුණේම.

"එදා...."

ඇය ආග්නගෙන් යමක් විමසීමට තැත් කරද්දීම නැවතත් ඔහු අවදි කරන්නට වූයේ ඒ වේදනාබර හඬ.

"එදා එයා දිහා මෙහෙමම බලන් මං පොරොන්දු වුණා අම්මා...
ආයෙ එයාට එහෙම දෙයක් වෙන්න දෙන්නෙ නැහැ කියලා....

ඒත්! මට එයාව ප්‍රොටෙක්ට් කරගන්න බැරිවුණා..."

වේදනාව ආවේගය හමුවේ ආග්න තම නළල තදින් දොරෙහි හප්පාගත්තේ ආග්නගේ මව තිගැස්සෙද්දී. ඉඳින් කෝපවූ විටෙක, දුකින් හිඳිනා විටෙක තම බාල පුතුගේ ආවේගයන් පාලනය කිරීමට කෙතරම් අසීරුදැයි ඈ හොඳින් දන්නා කරුණක්.

"පුතා!"

තම මවගේ කලබල වදන් නොතකාම ආග්න නළල දොරෙහි වද්දාගන්නට වූයේ තදින් මිටමෙළවුණ දෑත් දොර මතම තද කරගෙන.

"දෙයියනේ ඕක නවත්තන්න රත්තරනේ..."

ඉඳින් ඇය ක්ෂණිකව ක්‍රියාත්මක වී දොරෙහි ආග්න නළල හප්පාගන්නා ස්ථානය මත තබාගන්නට වූයේ තම අත්ල. තම මවගේ පිටිඅත්ලෙහි ස්පර්ෂය ගිණියම්ව දැවෙන නළලට දැනෙද්දී ආග්න තමාව සන්සුන් කරගත්තේ හිතාමතාම. තම මවගේ අත්ල මත නළල තබාගෙනම ආග්න කෙටි හුස්ම කිහිපයක් ගන්නට වූයේ ඔහු මව මෘදුව ඔහු උරහිසක් පිරිමදිද්දී.

"දෝණිට කිසි කරදරයක් වෙන්නෑ... ඒක මට විශ්වාසයි...

බයවෙන්න එපා පුතු... එයා ඉක්මනටම සනීප වෙනවා හරිද...

එයා ඉක්මනටම හොඳවෙනවා..."

ඉඳින් ඇසීමට පැනයන් රාශියන් වූවත් ඈ මුවින් සැනසිලිදායක වදන් පමණක්ම පිටවූයේ ඒ මොහොතේ ආග්නගේ වේදනාවට වාරුවක් වීම හැර අන් කිසිවක් වැදගත් නොවන නිසාවෙන්.

තවත් මොහොතකින් විශේෂඥ වෛද්‍යවරයෙකු ඇතුළු වෛද්‍යවරුන් හෙදියන් කීපදෙනෙකුම පැමිණ විණාරාගේ තත්වය පරීක්ෂා කළේ සැත්කමෙන් පසුව නිසි කාලය එළඹීමෙන් පසුව. ඊළඟට වෛද්‍යවරයා රෝගියාගේ භාරකාරයින් සමග කතාකිරීමට අවැසියැයි පවසද්දී ඇතුළට ගියේ ආග්නත්, මවත් ඒ සමගම පැමිණි ආද්නව්ත්.

"පේෂන්ට් මිස්ටර් ආග්නගෙ වයිෆ් නේද?"

"ඔව් ඩොක්ටර්."

"මම ඩොක්ටර් කෙනෙක් විදියට වර්ක් කරන්න ගත්‍ත දවසෙ ඉඳන් උස තැන් වලින් වැටුණ මේ වගේ පේෂන්ට්ලා බර ගාණක් හම්බෙලා තියනවා...

ඒත් මිස්ටර් ආග්න මම මේක කියන්නම ඕනෙ ඔයාගෙ වයිෆ් තමා මට හම්බුණ ලකියස්ට්ම පර්සන්!"

අත වූ විණාරාගේ හිසෙහි ස්කෑන් පරීක්ෂණ වාර්ථාව මේසය මත තබමින් වෛද්‍යවරයා ආග්න දෙසත් මව දෙසත් බලද්දී ආග්නට හීනියට දැනුණේ සැනසීමක සේයාවක්.

"ඒ කීවෙ ඩොක්ටර් අපේ දෝණිට කරදරයක් නෑ නේද?"

ආග්නගේ මව විමසන්නට වූයේ හදිසියෙන්.

"මම කියන්න උත්සහ කරේ මේකයි මිසිස් රාජ්නව්.
තට්ටු තුනක් උඩ ඉඳන් වැටුණ කෙනෙක්ට ජීවත් වෙන්න තියන අවස්ථාව සාමාන්‍යයෙන් බොහොම අඩුයි. සාමාන්‍යයෙන් 50%කටත් අඩුයි.

ඒත් මේ පේෂන්ට් මාරම ලකී. එයාට තියෙන්නෙ මයිනස්ට් ඉන්ජරීස්.

සරලවම කියනවනම් එයාගෙ සර්ජරි එක සක්සස් ඒ වගේම ලයිෆ් රිස්ක් එකක් නැහැ."

ඉඳින් වෛද්‍යවරයාගේ එවදන් ඒ හිත් තුනටම ගෙන ආවේ කියාගත නොහැකි තරමේ සැනසීමක්.

"හැබැයි මම මේ කියන්නේ පේෂන්ට්ට ප්‍රශ්නයක් නෑ කියල නෙමෙයි මිස්ටර් ආග්න. එයාට ලයිෆ් රිස්ක් එකක් නෑ කියන එක."

වෛද්‍යවරයා පවසද්දී නැවතත් ආග්නගේ හදවත ගැහෙන්න ගත්තේ වේගයෙන්.

"පේෂන්ට්ට ඉන්ජරීස් වෙලා තියෙන්නේ ඔලුවේ.

හෙඩ් ඉන්ජරීස් කොච්චර ඩේන්ජරස්ද කියලා අහලා ඇතිනේ."

"අනේ ඒ කියන්නේ ඩොක්ටර් දෝණිට?"

"කලබල වෙන්න එපා මිසිස් රාජ්නව්.

ඔයාලා දැනුම් තේරුම් තියන අය නිසා මම ඩිරෙක්ට්ලි කියන්නම් මෙතන තියන ප්‍රශ්නේ."

ඉදිරියෙන් වූ මේසය මත අත් දෙක දිගහැර තබාන වෛද්‍යවරයා ආග්න දෙසට හෙළුවේ බැරෑරුම් බැල්මක්.

"ඉන්ටර්නල් බ්ලීඩින්ග්ස් නෑ කියලා තමයි අපිට පෙනුණේ. ඒත් එයාගේ බ්‍රේන් එකේ පැත්තකට පොඩි පොඩි ඩැමේජස් කීපයක් වෙලා තියනවා. ඒක එයාට කොහොම බලපාවිද කියලා අපිට දැනගන්න වෙන්නේ සිහිය ආවම. මේක කලින් ප්‍රෙඩික්ට් කරන්න බැරි සිටුවේෂන් එකක්.

සමහරවිට පේෂන්ට් කෝමා එක්කට යන්න ඉඩ තියනවා. එහෙමත් නැත්තම් පේෂන්ට්ට මෙමරි ලොස් එකක් වෙන්නත් ඉඩ තියනවා.

මේ කාරණා දෙකම බොහෝ දුරට තාවකාලික වේවි. හැබැයි මේ සිටුවේෂන් දෙකෙන් කෝක ආවත් පේෂන්ට්ට ඒ අසනීප තත්වෙන් මිදෙන්න කොච්චර කල් යයිද කියලා අපිට කියන්න බෑ. සමහරවිට පැය කීපයක් වෙන්නත් පුළුවන්..එහෙමත් නැත්තම් දවස් කීපයක්, මාස කීපයක්, අවුරුදු කීපයක් යන්නත් පුළුවන්...

අනිත් කාරණය, මෙයාගෙ නර්ව්ස් සිස්ටම් එකට බ්‍රේන් ඉන්ජරි එක බලපායි කියලා අපේ ටීම් එකේ එක ඩොක්ටර් කෙනෙක් ප්‍රෙඩික්ට් කරා. එහෙම වුණොත් පේෂන්ට් අවුරුදු කීපයකට පැරලයිස් වෙන්න ඉඩ තියනවා."

ඉඳින් ඒ වදනක් ගාණේම ළයට එක්වූ වේදනාවෙහි, බියෙහි බර කෙතරම්දැයි ආග්නට තේරුම් ගැනීමට පවා නොහැකි තරම්. වෛද්‍යවරයා පැවසූ ගැටළු හමුවේ ආග්නට දැනුණේ තම හිස පුපුරන්නට තරම් රිදුම් දෙන වගක්. ඔහු එක් අතක දබරැඟිල්ලෙනුත් මහපටැඟිල්ලෙනුත් බිමට නැඹුරු වූ හිසෙහි නළලත තෙරපවාගත්තේ තදින්.

"හැබැයි මම කියන්නේ බයවෙන්න කිසිම දෙයක් නෑ කියලා. මොකද පේෂන්ට්ගේ සිටුවේෂන් එක කොහොම වුණත් එයාව අනිවාර්‍යෙන්ම සනීප කරන්න පුළුවන්.

ඒ නිසා අපි බලන් ඉමු..  සමහරවිට අර උඩ කීව කිසිම දෙයක් නැතුව පේෂන්‍ට්ට සිහිය එන්නත් ඉඩතියනවා. ඒ නිසා මිසිස් රාජ්නව් හැමදේම හොඳට වේවි කියන හෝප්‍ එක තියාගෙන අපි බලන් ඉමු.."

ඒ වෛද්‍යවරයා ආග්නගේ මව හඳුනන අයෙක්.

"තැන්ක්‍යූ ඩොක්ටර් ජේම්ස්!"

වෛද්‍යවරයා හමුවී කුටියෙන් පිටතට පැමිණි ආග්න විත් කඩාවැටුණේ දැඩිසත්කාර ඒකකයට මදක් එහාපසින් වූ සෝපාවට.

දණහිස් දෙක මත වැලමිටි තබාන දෝතින්ම හිස බදාන හුන් ආග්න අබියසට පැමිණියේ මව. මදක් එහාපසින් හිටගෙන හුන් ආද්නව්ට හුස්මක් ගිලිහුණේ කෙතරම් කෝපයෙන් උන්නද තම ප්‍රාණසරි සොහොයුරා විඳවන අයුරු බලාසිටිය නොහැක්කක්.

"ඇයි..මොකද? මේ කලබලේ?".

හෙදියන් සහ වෛද්‍යවරයා කලබලයෙන් දැඩිසත්කාර ඒකකය වෙත දිවයන්නට වූයේ ආග්නට හුන් තැනින් නැගිටෙද්දී. ඔවුන් තිදෙනාම බලාන හුන්නේ  ඔවුන් පිටතට පැමිණෙන තුරු.

"ඩොක්ටර්?"

"බයවෙන්න දෙයක් නෑ මිසිස් රාජ්නව්. පේෂන්ට්ට තප්පර කීපයකට සිහිය ඇවිත් ගියා. ඒක ගුඩ් සයින් එකක්.

එයාට ඉක්මනටම සිහිය ඒවි කියලා අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්."

ඉඳින් එවදන් ඒ හිත් තුනට ගෙන ආවේ සහනයක්.

"මොකක්ද?"

ආග්නගේ මව අමතන්නට වූයේ නිවසෙහි හුන් ඇයගේ ආරක්ෂකයෙකු.

"ඔව් මෑම්. බ්ලැක් වෙහිකල්ස් දෙකක්. උන් අතේ වෙපන් තියනවා.

දැන් ගෙදර ෆුල් කන්ට්‍රෝල් එක තියෙන්නෙ උන් අතේ. කෲස් උන්ට සපෝට්. ප්‍රශ්නයක් නෑ කියලා කීවේ. ආග්න සර්ගෙ වැඩක් කියනවා. ඒත් මෑම්ව දැනුවත් කරන්න ඕනෙ නිසා කීවේ. උන් අපේ ෆෝන්ස් පවා ගන්නවා මැම්."

එසේ පවසා ආරක්ෂකයාගේ ඇමතුම විසන්ධි වද්දී මව ආග්න දෙසට හැරුණේ පුදුමයෙන්. මොහොතකට පෙර ආරක්ෂකයා පැවසූ ආකාරයට තම නිවසට නන්නාඳුනන සුදු ජාතිකයින් පිරිසක් ආයුධ සන්නද්ධව කඩාවැද නිවසේ පාලනය සම්පූර්ණයෙන්ම ඔවුන් අතට ගෙන.

ඇය කලබලයෙන් පා තැබුවේ ඇමතුමක හිඳිනා ආග්න අබියසට.

"They arrived?"
(එයාලා ආවද?)

දුරකතනය ඔස්සේ ආග්බ විමසන්නට වූයේ දැඩි බැල්මක් මුහුණෙහි රඳවාන.

"හ්ම්. ගෙදර ෆුල් කන්ට්‍රෝල් එක උන් අතට දීලා ත'මුසෙලා පැත්තකට වෙනවා කෲස්..."

....

"මෙතන තියන වැදගත්ම වැඩේ ඒක මිසක් වෙන මොනවත් නෙමේ මනුස්සයෝ!"

ආග්න පවසන්නට වූයේ කෝපයෙන්.

"එකෙක්ට ගෙදරින් එළියට යන්න බෑ. මං දැන් එනවා."

ඉඳින් ආග්න කලබලෙන් තම ජංගම දුරකතනය සාක්කුවෙහි දමාන ආපිට හැරුණත් ඔහු දෙපා නැවතුණේ මවගේ හඬින්.

"සුදු පුතා? මොකක්ද මේ වෙන්නෙ? කවුද ඒ ගෙදරට වෙපන් එක්ක කඩාවැදුන මිනිස්සු?"

"එයාලව ගෙන්නුවෙ මං. බයවෙන්න එපා අම්මා. එතන වෙන්නෙ ඉන්වෙස්ටිගේෂන් එකක්."

"වට්? ඉන්වෙස්ටිගේෂන් එකක්? අපේ ගෙදර?"

"ඔව්. අපේ ගෙදර. මොකද විණාරා සූසයිඩ් කරගන්නෑ! මේක පිටිපස්සෙ මොකෙක් හරි ඉන්නවා."

ආග්න එසේ පවසා ඇවිදන් ගියේ වේගයෙන්.
ආග්නගේ මව යලිත් කුමක් හෝ පැවසූවත් ආග්නගේ දෙපා නොනැවතීම ඇදුණේ ඉදිරියට.

ඉඳින් සිදුවන දෑ අභ්‍යන්තරයේ තමන් නොදන්නා සැඟවුණු තැන් රාශියක් ඇති බවට ඇයට හැඟෙද්දී ඈ අනතුරුව හැරුණ් ආද්නව් දෙසට. දෑතම පපුව හරහා බැඳගෙන සිදුවූ දෑ නෑසූකන්ව හුන් ආද්නව් උරහිස් හකුළා හිස දෙපසට චලනය කරන්නට වූයේ ඇය බලාපොරොත්තු වන පිළිතුරු තමා සතු නොවන බවට අඟවන්නට.

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

තවත් මොහොතකින් ආග්න උන්නේ තම මන්දිරයෙහි වූ කළු පැහැ ඇඳුම් වලින් සැරසුණු අයෙකු ඉදිරිපස. තනි කළු පැහැ ඇඳුම් වලින් සැරසුණු ඔහුගේ ආයුධ සන්නද්ධ පිරිස මුළු මන්දිරයෙහිම ආරක්ෂකයින් එක් තැනකට ගෙන පෙළගස්වා තිබුණේ. තවත් තැනක මුළු මන්දිරයෙහිම සේවක සේවිකාවන් පෙළගස්වා තිබුණේ. ඔවුන්ගේ ජංගම දුරකතන ඇතුළුව ආරක්ෂකයින්ගේ සන්නිවේදක උපකරණ සියල්ලම වූයේ එම කළුපැහැ ඇඳුම් වලින් සැරසුණු පිරිස භාරයේ.

"හෙලෝ සර්... අපි දැනටමත් වැඩ පටන් අරන් ඉන්නේ..."

එම කළු පැහැ ඇඳුම් වලින් සැරසුණු ස්විට්සර්ලන්ත ජාතිකයන්ගේ ප්‍රධානියා ආග්නට පවසන්නට වූයේ ඔහු හමුවුණු මුල් මොහොතේම.

"ගුඩ්... එනිතින්ග් යූ නීඩ්?"

ආග්න විමසන්නට වූයේ ඔවුන්ගේ ක්‍රියාකලාපයට තමාගේ ගැටළුවක් නොමැති බව අඟවමින්.

"මුලින්ම අපි ලේසි විදියෙන් පටන් ගන්නේ. ඒ කියන්නේ cctv ෆුටේජස් වලින්. සර් කීව විදියට සිද්ධිය වුණ බැල්කනි එක කවර් වෙන කැමරා එකක් නෑ එහෙමනේ?"

"ඔව්... ඒක මගෙ ප්‍රයිවට් ඒරියා එක නිසා බැල්කනු එකත් එක්ක තියන ඒ ඒරියා එක කවර් වෙන කැමරාස් නෑ.

ඒ වගේම ගෙදර ඇතුළෙත් කැමරාස් නැහැ. ලිවින්ග් එකේ එන්ට්‍රන්ස් එක ගාව, තව ෆර්ස්ට් ෆ්ලෝ සෙකන්ඩ් ෆ්ලෝ එක්ස්ටර්නල් කැමරාස් කීපයක් තියෙන්නේ."

"ඒ කියන්නේ සර් තර්ඩ් ෆ්ලෝ එකේ කැමරාස් ඇත්තෙම නැද්ද?"

"දෙකක් තියනවා. ඒත් ඒ මේ සයිඩ් එකේ නෙමෙයි..එන්න... ඔයාලට පුළුවන් චෙක් කරලා බලන්න.."

තවත් මොහොතකින් රොවේන්, කෲස් සහ පැමිණ හුන් ස්විට්සර්ලන්ත ජාතිකයන් තිදෙනෙකු ඇතුළුවූයේ මන්දිරයෙහි වූ විශේෂිත කුටියකට. එහි වූයේ පරිඝනක යන්ත්‍ර සහ විවිධ ඉලෙක්ට්‍රොනික උපාංග ආදිය. සීසීටීවී කැමරා දර්ශන ගබඩා වන්නේ එම කුටියෙහි.

"හරිම අවාසනාවක්... මේ ගාර්ඩ්න් එකේ තියන කැමරා එකේ ඇන්ගල් එක තව පොඩ්ඩක් ලෙෆ්ට් සයිඩ් එකට බරවුණානම් ස්ට්‍රෝන්ග් එවිඩන්ස් එකක් ගන්න තිබ්බා..."

ඉඳින් එම පිරිස අන් කවරෙකු හෝ නොව ආග්න විණාරාගේ සිද්ධිය විමර්ශනය කිරීමට ගෙන්වාගත් කණ්ඩායම. ඔවුන් ලෝකප්‍රසිද්ධ රහස්පරීක්ෂක ආයතනයක ප්‍රධානතම විමර්ෂණ කණ්ඩායමක්. ලෝකය පුරා බොහෝ අබිරහස් විසඳීම සඳහා පුද්ගලිකව ධනවත් පුද්ගලයන් යොදාගන්නා කණ්ඩායමක්.

ඔවුන් විණාරා බැල්කනියෙන් පැන්න ස්ථානය සෝදිසි කිරීමට පෙර කැමරා පිරික්සන්නේ එම ස්ථානයේ වූ සාක්ෂි විනාශ වීම අවම කර ගැනීමට.

"එයා වැටුණු දර්ශන දෙවෙනි තට්ටුවේ පිට තියන මේ X74 කැම් එකේ රෙකෝඩ් වෙලා තියෙන්න ඕනෙ අනිවාර්‍යෙන්ම. ඒ වගේම ෆර්ස්ට් ෆ්ලෝ එකේ තියන Y26 කැම් එක ෆෝකස් වෙලා තියෙන්නෙත් එයා වැටෙන තැනට."

ඉඳින් නිවසෙහි සහ පිටත කැමරාවල පිහිටීම මෙන්ම ආග්නගේ කුටියෙහි බැල්කනි එක තිබෙන ස්ථානය අධ්‍යනය කිරීමෙන් පසුව ඔවුන්ගේ කණ්ඩායමේ අයෙකු පවසන්නට වූයේ.  එම බ්ලොන්ඩ් කොන්ඩයක් සහිත තරමක් කෙසඟ පුද්ගලයා එය නිගමනය කළේ කැමරාවල කෝණ සහිත කටුසටහන් කිහිපයක් ගසා අවසන.

"නිකෝල් X74 ප්ලේ කරන්න. ටයිම් එක හරියටම 16.43. අදාල දිනයේ විණාරා බැල්කනියෙන් වැටුණු වේලාවෙහි කැමරා දර්ශන පරිඝනක තිරයේ දිස්වද්දී ආග්නට දැනුණේ තම හදවත වේගයෙන් ගැහෙන වගක්. ඊළඟ තප්පරයේ ඉහළ සිට පහළට කැමරාව පසුකරන් වේගයෙන් ඇගේ සිරුර යන අයුරු දිස්වද්දී ආග්නට දැනුණේ බියකරු හැඟීමක්.

"Stop. Take it back. Yah..here.. Reduce the playback speed!"
(නවත්තන්න... ආපහු ගන්න... අන්න හරි...මෙතන...

ප්ලේ වෙන ස්පීඩ් එක අඩු කරන්න..)

ඉඳින් වීඩියෝව ප්ලේ වෙන ස්පීඩ් එක අඩු කර නැවත එය ප්ලේ කරද්දී ස්ලෝ මෝෂන් ඉහළ සිට පහළට ඇය ඇදවැටෙන දර්ශනය තිරය මත දිස්වද්දී ආග්න තම දෑස් ඉවතට හරවාගත්තේ එය නැරඹීමට හිතට සවියක් නොවෙද්දී.

"මේ ඇන්ගල් එක, එයා වැටෙනකොට එයාගෙ කකුල් තියෙන්නේ බැල්කනි එක පැත්තට. ඒ වගේම එයාගෙ ඇඟ හැරිලා තියෙන්නේ උඩුබැලි අතට."

ඉඳින් ඉහළ සිට විණාරා වැටෙන දර්ශනය සූක්ෂමව ඔහු අධ්‍යනය කරන්නට වූයේ එසේ මුමුණමින්.

"Let me guess Mr.Agna. I'm 95% sure this isn't a suicidal case!"
(මිස්ටර් ආග්න මම ගෙස් කරනවා 95%ක් මට ශුවර් මේක සියදිවිනසාගැනීමේ සිද්ධියක් නෙමෙයි කියලා.)

ඔහු පවසද්දී ආග්නගේ දෙනෙත් සිහින් වූයේ තමා නිගමනය කළ කාරණය සත්‍ය වේවියැයි සිත කියද්දී.

"උස තැන් වලින් වැටුණ කේස් ගොඩක් කවර් කරලා තියනවා මං. මේ ඈන්ගල් එකෙන්ම මට තේරෙන්නේ මෙයා බැල්කනි එකෙන් වැටිලා තියෙන්නේ පිටිපස්ස පැත්තට... ඒ කියන්නේ ලෝවර් හෙඩ් එක පොළව පැත්තට හැරිලා.

සාමාන්‍යයෙන් බැල්කනි එකකින් පනින අය පනින්නේ කකුල් දෙක පොළවට ෆේස් වෙන විදියට.

මෙයා එක්කෝ අත් වැරදීමකින් කකුල පැටළිලා වැටිලා තියනවා... එහෙමත් නැත්තම් මෙයාව කවුරු හරි තල්ලු කරලා!"

ඔහි ඉංග්‍රීසි බසින් තවදුරටත් පැහැදිලි කරද්දී ආග්න බලන් උන්නේ අන්තිම ප්‍රතිඵලය දැනගැනීමට හදිසියෙන්.

"ඒක හරියටම ඔයාලට හොයාගන්න පුළුවන්ද?"

ආග්න විමසන්නට වූයේ කුතුහලයෙන්.

"අනිවාර්‍යෙන්ම අපිට පුළුවන්."

ආග්න හිස වනා සන් කරන්නට වූයේ ඔවුන්ගේ කාර්යය දිගටම කරගෙන යන්නටයි කියා.

"ෆ්‍රෙඩ්‍රික්, එයා වැටෙන ස්පීඩ් එක කැල්කියුලේට් කරන්න ඕනේ. ඩැනියල්ට කියන්න හයිට් එක ගන්න කියලා එලියෙන්. ලේසර් ඩිස්ටන්ස් එක ගන්න.

Y26 කැම් එකේ මෙයා වැටුණු තැන ෆොටෝස් යවන්න ඩැනියල්ට. ලෝන්ච් පොයින්ට් එක, ලෑන්ඩින් ස්පොට් එකේ ආසන්නතම අගයත් එක්ක කම්පෙයා කරලා රිසල්ට් එක මට දෙන්න.

ටේක්ඕෆ් ඩිස්ටන්ස් එකත් කැල්කියුලේට් කරන්න වෙනවා."

ඉඳින් ඔවුන්ගේ ගැඹුරු ගණනය කිරීම්, නිගමනය කිරීම් කෙරීගෙන යන්නට වූයේ සාමාන්‍ය අයෙකුට තෝරාබේරාගත නොහැකි තරමටම සූක්ෂම අයුරින්..ඔවුන් අපරා'ධ කටයුතු විමර්ෂණය කිරීමට බහුලවම භාවිතා කරන්නේ නවීන තාක්ෂණයත්, අධිකරණ භෞතික විද්‍යාවත්.

"බොඩි ඔරියන්ටේෂන් එක, ලෝන්ච් ඈන්ගල් එක ගැන මම බලනවා..."

ඉඳින් ඔවුන්ගේ පර්යේෂණ එසේ ක්‍රියාත්මක වද්දී ආග්නගේ අවධානය බිඳී ගියේ දුරකතනය නාද වූ හඬට.

"අම්මා?"

"සුදුපුතා දැන්ම හොස්පිට්ල් එකට එන්න. පරිස්සමින් එන්න. ඩොක්ටර් ඔයාව අහනවා."

ඉඳින් ඇය එපමණක් පවසා ඇමතුම විසන්ධි කළද ආග්නට දැනුණේ කියාගත නොහැකි තරමේ බියක්. විණාරාගේ තත්වය එතරම් යහපත් නොවූ නිසාවෙන් ආග්න තත්පරයක් හෝ පමා නොවීම රෝහල බලා පිටත්වන්නට වූයේ විමර්ෂණ කණ්ඩාම පිළිබඳ වගකීම රොවේන්ටත් කෲස්ටත් පවරා.

ඉඳින් තවත් අඩහෝරාවක් ඇතුළත ආග්නගේ කලබල දෙපා වල වේගය බාල වූයේ විණාරා හුන් දැඩිසත්කාර ඒකකය ඉදිරිපස හුන් තම මවත් ආද්නව්ත් නෙත ගැටෙද්දී.

"දෝණිට සිහිය ආවා පුතා..."

ආග්න තමා අසලට පැමිණෙද්දීම ආග්නගේ මව ඔහුගේ බාහුවක එල්ලී පවසද්දී ආග්නට බැලුණේ ආද්නව්ගේ මුහුණ දෙස. නමුදු මවගේ මෙන්ම ආද්නව්ගේ මුහුණත් අඳුරු වලාවකින් වැසී ගොසින්.

"ඒත්..."

ආග්නගේ මව කියන්නට ගිය දෙය ගිලගත්තේ ඇය මුහුණ දුකකින් පිරී යද්දී.

"ඇයි අම්මා..මොකක්ද වුණේ? එයා හොඳින් නේද?"

ඇතුළතින් ආවරණය කර තිබෙනා දැඩිසත්කාර ඒකකයේ කිසිවක් නොපෙනෙද්දී ආග්න විමසන්නට වූයේ කලබලයෙන්.

"දෝ..ණි... එයාට අපිව මතක නෑ!"

ආග්නගේ මව වෙවුලන හඬකින් පවසද්දී මවගේ උරහිසක් මත වූ ආග්නගේ අත පසෙකට වැටුණේත් ඔහුට අඩියක් පසුපසට තිබුණේත් ඉබේම..ඉඳින් වෛද්‍යවරයා පැවසූ ලෙසටම ඇගේ මතකට අහිමිව ගොසින්ද? ඇයට තමාවත් අමතකව ගොසින්ද?

"න්..නෑ... ඒක වෙන්න බෑ!"

එක් අතකින් තදින් හිසකේ පසුපසට ඇදගනිමින් ආග්න නෙත් යොමන්නට වූයේ ආවරණය කර තිබෙනා දැඩිසත්කාර ඒකකයේ දොර දෙසට.

"එයා... අපිට බයයි..."

ආග්නගේ මව පවසද්දී ආග්න ඇය දෙස බලන්නට වූයේ දෙබැම රැලිවද්දී.

"සිහිය ආවම මෙතන ලොකු කලබලයක් වුණා.  ඩොක්ටර්ස්ලා නර්ස්ලා ඇතුළට ගියාම එයා ගොඩක් කලබල කරා. එයාට කරදර කරන්න එපා කියලා කෑ ගහ ගහා..

මට හිතාගන්න බෑ... ඩොක්ටර් කීවේ මෙමරි ලොස්ට් එක නිසා කට්ටිය ගොඩක් දකිද්දි දෝණි ශොක් වෙන්න ඇති කියලා..."

ඉඳින් තම මවගේ වදනක් ගාණේම සිදුවූයේ අන් කවරක් නොව ඔහු හදවත පෑරීමම පමණක්.

"එතන හිටපු එක ඩොක්ටර් කෙනෙක්ට විතරක් දෝණිව පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වුණා..

ඊට පස්සේ අයියා ගියා ඇතුළට...ඒත්..
ඒත් දෝණි එයාටත් බයවෙලා කෑ ගහන්න ගත්තා...

එයා මටත් බයයි දෙයියනේ...එයාට අපි කාවවත්ම මතක නෑ!"

ඉඳින් කුමක් සිතන්නට කියාවත් ආග්නට නැහැ නිනව්වක්.

තවත් මොහොතකින් ඉදිරියෙහි වූ දොරටුව හැරුණු අතර ඉන් පිටතට පැමිණියේ වයස අවුරුදු පණහක පමණ තරමක් තරබාරු වෛද්‍යවරයෙක්.

"ඩොක්ටර් දෝණිට කොහොමද දැන්? එයා ඩොක්ටර්ට විතරක් බය නැතිවුණේ කොහොමද?"

"ඒක මෙහෙමයි. පේෂන්ට්ගේ මතකයේ ඉතිරිවෙලා තියනවා එයා පොඩිකාලේ ට්‍රීට්මන්ට්ස් ගත්ත ඩොක්ටර් කෙනෙක්ගේ දළ රූපයක් වගේ දෙයක්..සමහරවිට ඒ ඩොක්ටර්ගේ රූපෙ මගෙ රූපෙට සමාන වෙන්න ඇති.. දැන් පේෂන්ට් හිතාගෙන ඉන්නේ ඒ ඩොක්ටර් මම කියලා.

ඒකයි එයා මට බය නොවෙන්න හේතුව. එයාට ශුවර් මගෙන් එයාට කරදරයක් නෑ කියලා..."

කලින් දැක නොතිබූ එම වෛද්‍යවරයා හැරුණේ ආග්න දෙසට.

"මෙයාද පේෂන්ට්ගේ හස්බන්ඩ්?"

"ඔ..ඔව් ඩොක්ටර්..."

"ඕකේ එහෙනම්. අපි එයාවත් ඇතුළට යවලා බලමු. සමහරවිට හස්බන්ඩ් වයිෆ් බොන්ඩ් එක ස්ට්‍රෝන්ග් නිසා එයාට මාව වගේම මෙයාවත් ෆැම්ලියර් වෙන්න ඉඩ තියනවා මෙමරි එක නැතත්..."

ඉඳින් තවත් මොහොතකින් උපදෙස් කිහිපයක් ලබාදී වෛද්‍යවරයා ඇතුළට ගියේ තමා කතාකළ පසුව ආග්නට පැමිණෙන ලෙස පවසා. මොහොතකින් ආග්න විණාරා හුන් කුටියට ඇතුළු වූයේ හදවත වේගයෙන්ම ගැහෙද්දී. සයනය මත හිඳගෙන උන් විණාරාගේ දෙනෙත තමා වෙතට හැරවෙද්දී ආග්නට දැනුණේ ළය ගැස්ම තවත් තීව්‍රව යන වගක්.

නමුත් ඔහු බියවූ කාරණය සිදුනොවෙද්දී විණාරාගේ දෙනෙතත් ආග්නගේ දෙනෙතත් එකිණෙක මුණගැහුණේ එක් තප්පරයකට.

"විණාරා... ඔයාට මෙයාව මතකද?"

ඇය එක එල්ලයේම අමුතු බැල්මකින් ආග්න දෙස බලන් උන්නේ කලබලයක් නොකර. ඉඳින් ආග්නගේ හදවතෙහි බලාපොරොත්තු දැල්වුණේ ඇයට තමා බිඳක් හෝ මතක ඇතියැයි සිත කියද්දී. වෛද්‍යවරයාගේ පැනයට පිළිතුරු නොදීම විණාරා බලන් උන්නේ ආග්න දෙස.

"මං මෙයාව දැකලා තියනවා ඒත් මතක නෑ ඩොක්ටර්..මෙයා කවුද?"

ඉඳින් ඇය ඊළඟ මොහොතේ පැවසූ වදන් උණු ඊයම් බරු මෙන් ආග්නගේ ළය පසාරු කරගෙන යනවගක් දැනුණේ ඔහුට.

"දැකලා තියනවා කීවේ?"

"මං දන්නෑ... මෙයා මාත් එක්ක කොහෙහරි ඉන්නවා මට මතකයි.

ඒත් මෙයා කවුද කියලා මං දන්නෑ!

ඒත් මෙයා මගෙ ළඟින් ඉන්නවා...හහ්"

විණාරා කල්පනා කරද්දී ඇයට දැනුණේ තම හිස රිදුම් දෙන වගක්.

"නෝ නෝ විණාරා...ඔයාට මම කලිනුත් කීවා. කිසි දෙයක් බලෙන් මතක් කරන්න යන්න එපා.

ඒ මතක අපි ට්‍රීට්මන්ට්ස් වලින් හෙමීට ගෙන්නගමු ඕකේ.."

වෛද්‍යවරයා පවසද්දී විණාරා කළේ උඩට පහළට හිස සෙලවීම. ඉඳින් ගල් පිළිමයක් ලෙසට ආග්න කළේ ඇය දෙසම නෙතු තබාන හිඳීම.

         #මතු_සම්බන්ධයි

Continue Reading

You'll Also Like

986 203 12
මේ කතාව පදනම් වෙන්නෙ හැගීම් මත ඒත් මේ කතාවෙ නැතිම දේත් හැගීම්. මේ ලෝකෙ හැගීම් දැනීම් තියෙන මිනිස්සු ඒව දැනෙන් නැති විදියට ඉද්දි .ඇත්තටම හැගීම් දැනෙන්...
2.4K 201 79
හිතට දැනෙන පුංචි පුංචි අදහස් කවි නිසදැස් විදියට Some are Sinhala and some are English💕 Hope you enjoy thisssss
4.3M 236K 49
"Stop trying to act like my fiancée because I don't give a damn about you!" His words echoed through the room breaking my remaining hopes - Alizeh (...
10.2M 639K 168
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...