#දුඹුරු_සඳ_117
𝐓𝐡𝐞 𝐁𝐫𝐨𝐰𝐧𝐢𝐬𝐡 𝐌𝐨𝐨𝐧 🤎🌙
🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾 𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶 𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶
මන්දිරයේ ශිව පාර්වතී පූජා ස්ථානයේ රක්ත වර්ණ සාරි වලින් සැරසී හුන් පිරිස අතර තමන් දෙස එක එල්ලයේ යොමුවී තිබුණ දෙනෙතෙහි වූයේ කෝපය, ඊර්ෂ්‍යාව පිරුණ බැල්මක්.
'සායිරා!'
හිත අභ්‍යන්තරයෙන් විණාරාට මිමිණෙද්දී දැනුණේ බියක්. තමන් නිසාවෙන් ඇයට තහනම් වූ නිවසෙහි බියක් සැකක් නැතුවම සායිරා උන්නේ පපුව හරහා දෑතම බැඳගෙන එක එල්ලයේ ඒ වෛරයෙන් පිරුණු දෙනෙත විණාරා මත අලවාන.
'කොහෙදෝ ඉඳන් ආපු හිඟ'න හැති'රියක් මේ ගෙදර රැජිණ වෙලා...!'
සායිරාගේ හිත කීවේ එලෙස.
'මේ ගෙදරට අද මට එන්න වෙලා තියෙන්නෙත් හොරෙන්...ඒ උ'ඹ නිසා..
මම මේක ලේසියෙන් අතාරින්නෑ විණාරා!'
දෑතින් විණාරාව දවා අලු කරමින් සායිරා සිතන්නට වූයේ දරාගන්න බැරි තරමේ කෝපවත් හැඟීමක් සිරුරේ නහරක් ගාණේම උඩුදුවනවා දකිද්දී.
සායිරාට සහභාගි වීමට පැමිණෙන ලෙස පැවසූයේ ආග්නගේ මව. ඇය සායිරාගේ කුරි'රු ගති පැවතුම් කිසිවක් ගැන නොදැනුවත්. පූජාවට සායිරාගේත් තූර්වීගෙත් මවද ඉන්දියාවේ සිට පූජාව සඳහා සහභාගී වීමට ඇවිත් තිබූ නිසාවෙන් සායිරා උන්නේ ආග්න පැමිණියද තමාට කිසිදු ගැටළුවක් නොවන බවට ආත්ම විශ්වාසයෙන් යුතුව.
"දෝණී... මම පොඩ්ඩක් ගාඩ්න් එකට යනවා. මෙයාලට ඕනේ දෙයක් තිබ්බොත් බලන්න..."
"හරි අම්මා..."
ආග්නගේ මව නිවසේ ගෙවත්තට යන්නය වූයේ රාත්‍රිය සඳහා අලංකරණ කටයුතු සඳහා උපදෙස් දෙන්නට.
"ආහ් මැඩම්..."
විණාරා සායිරාව මගහැර යන්නට සෑදුවත් සායිරා විණාරාගේ මග හරස් කරන්නට වූයේ සායිරාගේ මව විණාරාට නොපහන් බැල්මක් හෙලද්දී.
"බලන්නකෝ මමා. විණාරාව ඈත තියා අඳුරගන්න පුළුවන් නේද ඕනෙ තැනක..."
සායිරා ඉංග්‍රීසි බසින් අහල පහල කීප දෙනෙකුටත් ඇසෙන්නටම පවසන්නට වූයේ වටපිටාවේ හුන් කීප දෙනෙක්ගේම අවධානය ඔවුන් දෙදෙනා වෙතට යොමු වෙද්දී.
"ඈත තියා?"
සායිරාගේ මව විමසන්නට වූයේ ඒ අපබ්‍රංශ කතාව පිළිබඳව කුහුලක් දැනෙද්දී.විණාරාට අපහසුවක් දැනුණමුත් සායිරාගේ මවත් හුන් නිසාවෙන් ඇය උන්නේ එම ස්ථානයෙන් යා ගත නොහැකිව.
"ඇයි ඉතින් රාජ්නව් ෆැමිලි එකේ කිසිම පරම්පරාවක මේ වගේ ඩාක් ස්කින් එකක් තියන කෙනෙක් නෑනේ... මෙයා කැපිලා පේනවා..."
ඉඳින් සායිරාගේ වදන් උල් තුඩු මෙන් පසාරු කළේ කුඩා කල සිටම ඈ හදෙහි වූ වේදනාත්මක තුවාලයට. අවලස්සන... ශ්‍රී ලාංකික, ආසියාතික සංස්කෘතිය තුළ ගැහැණු පාර්ශවය අතිශය පීඩාවට පත්කරනා කාරණයක්.
හුදෙක් ආසියාතික රටවල මිනිසුන් අන් මිනිසුන්ගේ පෙනුමට, අදහස් වලට, පෞද්ගලිකත්වයට ලබා නොදෙන ගරුත්වය මෙයට හේතුවක්. සුදු පැහැති සම, ඇද කුද නොමැති මුහුණ, දත් හා අතපය, ශරීර ප්‍රමාණය, නියපොත්තේ සිට හිසකේ දක්වාම ඔවුන් මිනුම් දඬු යොදාගෙන තිබෙන්නේ ලස්සන යන වචනය අර්ථකතනය කරන්නට.
ලංකාව වැනි රටවල සමාජය හොයන්නේම අන්‍යන්ගේ ඇද කුද වද්දී තම පෙනුම නිසාවෙන් විණාරා කුඩා කල සිටම විඳි අපහාස කෙතරම්දැයි දන්නේ ඇයමයි. ඒ ඇගේ දුඹුරු පැල්ලම් සහිත මුහුණට.
'දෙයියනේ...මං හංගන් ඉන්න දේ මෙයාලා දැක්කනම්!'
විණාරාගේ අභ්‍යන්තරයෙන් බියගුළු හඬක් එලෙස මිමුණුවේ සායිරාගේත් අන් කාන්තාවන්ගේත් මුහුණු දකිද්දී. විණාරාගේ හම අඳුරු වූවත් එය දුඹුරු පැහැ තළඑළලු හමක්.
මේකප් දමා මුහුණෙහි පැල්ලම් ආවරණය කළ පසු විණාරාව දිස්වන්නේ අඩුපාඩුවක් රහිත අයෙකු විලසට කියා ඈ සිතාන සිටියේ. මන්ද යත් අපහාස කරන්නට තරම් තද කාල වර්ණයක් සහිත හමක් තිබුණේ නැහැ ඇයට. නමුදු රාජ්නව් පවුලෙ නිර්ණායක ඉතා ඉහළ බැව් විණාරාට වැටහී ගියේ ඒ තප්පරයේ.
'රාජ්නව් පවුලේ කිසි කෙනෙක් නෑනේ මේ වගේ අඳුරු පාට...'
ඒ වදන් දෙසවන් තුළ දෝංකාර දෙද්දී විණාරාට බැලුණේ වටපිට. රාජ්නව් පවුල උතුරු ඉන්දියාවේ ලස්සනම මිනිසුන් සිටිනවා යැයි සැලකෙන ප්‍රාන්තයකින් පැවත එන්නක්. රාජ්නව් පවුලේ සියල්ලන්ටම තිබුණේ කිරි පැහැයත් රන්වන් පැහැයත් මුහුවූ ශ්වේත වර්ණ හමක්.
එමෙන්ම රාජ්නව් සීයාගේ අයර්ලන්ත ජාතික බිරිඳගෙන් පැමිණි බටහිර ශ්වේත හමත් මුහුවී ආග්නගේ පියාගේ පරම්පරාවෙන් පසු පරම්පරා වල සම තිබුණේ ඊටත් වඩා පැහැපත්ව. ඒ නැතත් ඉන්දියාව යනු සුදු හමට විශේෂිත තැනක් ලබාදෙන සංස්කෘතියක් සහිත රටක්.
"අනේද කියන්නේ... ආග්න බේටාගෙ චොයිස් එක ගැන මට හිතාගන්න බෑ...."
සායිරාගේ මවට විණාර නුරුස්සන නිසාවෙන් ඇය මිමුණුවේ පහත් හඬින් විණාරාට පමණක් ඇසෙන පරිදි.
"ඒකනේ මාම්, මොනම විදියකින්වත් මේ කෙල්ල ආගු භායිට ගැලපෙන්නෑ කියලා මම කීවෙ බොරුද...."
එතන හිඳි අනෙකුත් කිහිපදෙනා කිසිත් නොපවසා උන්නත් සායිරාගේත් ඇගේ මවගේත් අවලාද හමුවේ ඔවුන් උන්නේ නිහඬවම. වේදනාව, අසරණකම තමාව වෙලාගෙන දෙපා ගල්කරන වගක් දැනෙද්දී විණාරා අතැඟිලි වලින් සාරිය මිටි කරගත්තේ දැඩි පීඩනයකින්.
"කොහෙවත් නැති කැත හිඟ'න කෙල්ලක් ගෙනත් මේ ගෙදර මහරැජිණ කරලා... ආන්ටිලටත් පිස්සුනේ..."
සායිරා දිගින් දිගටම අපහාස කරද්දී විණාරාගේ දෙනෙත් තෙත්වුණේ ඉබේම.
"සායිරා...සීයා..!"
තම මව අනතුරු අඟවද්දී සායිරා විණාරාට රවා කියන්නට ගිය වදන් ගිලගත්තේ. අහල පහළ උන් නෑදෑයින් කිහිප දෙනාගේ අවදානය යොමුවූයේ පූජකවරයා අසලට පැමිණි රාජ්නව් සීයාගේ දෙසට.
🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾 𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶 𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶
තවත් එතන හිඳීමට අපහසුවක් දැනෙද්දී විණාරා මහත් ආයාසයකින් පියවරක් තිබ්බේ එතනින් පිටත්ව යන්නට. නමුත් ඇය එක්වරම තිගැස්සී ගියේ කිසිවකුගේ අතක් තම මැණික් කටුව අසල තදව යනු දකිද්දී.
"ස්හ්..."
සායිරාගේ උල් නිය තුවාල වන්නට නොවූවත් තදින් ඈ මැණික් කටුව අසල තද වනවා දැනෙද්දී විණාරා ආපිට හැරුණේ වේදනාවෙන්. වියරු බැල්මක් දෙනෙතෙහි රඳවාන සායිරා ළං වූයේ විණාරාගේ සවනට.
"බි*...උ'ඹ හිතන් හිටියේ හැමදේම ආගු බායිට කියලා මාව එයාගෙනුයි මේ පවුලෙනුයි ඈත් කරන්න පුලුවන් වෙයි කියලද?"
කලින් ඉංග්‍රීසි බසින් කතා කළ සායිරා කැඩුණු සිංහලෙන් පවසන්නට වූයේ ඇයට සිංහල කතා කිරීමට හැකි බව තමා, විණාරා හැර කිසිවකුම නොදන්නා නිසාවෙන්..
"උ'ඹ වගේ හිඟ'න්'නියන්ට උරුම තැන මම පෙන්නල දෙන්නම්...
බලන් හිටපන්!"
දත්මිටි කාගෙන දරුණු තර්ජනයක් කළ සායිරා විණාරාගේ අත අතහැරදමා කෝපයෙන්ම ඈතට ඇවිදන් ගියේ විණාරාගේ මැණික් කටුව අසල රිදුම් දෙද්දී. ඉඳින් දැනුණ අසරණකම, වේදනාව, කලකිරීම ඇයට දරාගත නොහැකි තරම්.
ආග්න නොමැතිව තමා දැඩිව අනාරක්ෂිත බව හැඟෙද්දී විණාරාට අවැසි වූයේ ඔහු. හඬන්නට අවැසි වූවත් නෑදෑයින් ඉදිරියේ ඇයට එය කළ නොහැකියි. නමුදු ඒ සිතෙහි වූයේ එසේ මෙසේ පීඩනයක් නොවේ.
විණාරා සායිරාගෙන් ඉවතට ඇවිදන් ගියේ නිවස අභ්‍යන්තරයේ එක් කොටසක වූ කෘතිම දිය ඇල්ල සහිත කෘතිම වන අනුරුව දෙසට. විණාරාට අවැසි වූයේ සන්සුන් වන්නට.. මොහොතකට තනිවී තම හැඬුම් සඟවාගන්නට.
"මෑම්..."
නිවසේ සෑම තැනකම පාහේ උන්නේ නෑදෑයින් සහ පවුලට සම්බන්ධ ලංකාවේ හින්දි හිතවතුන්. පූජාව තිබූ ස්ථානයේ සිට ආලින්දයට පැමිණි විණාරා මුහුණ බිමට නැඹුරු කරගෙන ආලින්දය හරහා ඇවිදන් යනු දුටු රොවේන් ඇයට කතා කළද විණාරාට ඇසුණේ නැහැ ඔහු හඬ.
"මෑම්? මොකක් හරි ප්‍රශ්නයක් වගේ!"
ඉඳින් ආග්න දැඩිව රොවේන්ට උපදෙස් ලබා දී තිබුණේ විණාරාගේ ආරක්ෂාව පිළිබඳව. සායිරාගේ ගැටළුව පිළිබඳවත් රොවේන් දැනුවත් නිසාවෙන් සායිරා උත්සවයට පැමිණ ඇති බව දැනගත් වහාම රොවේන් සෙවුවේ විණාරාව. නමුදු ඒ මොහොතේ විණාරා මෙන්ම සායිරා උන්නේ පූජාවේ.
"අනේ... ආග්..න.."
හිතට දැඩි පීඩනයක්, වේදනාවක් දැනෙද්දී අතීතයේ සිටම විණාරා කරන්නේම තමා වෙතට යොමුව තිබෙනා දෑස් වලින් සැඟවී හුදෙකලා වීම. මුල්ලකට ගුලිවී තනිව හඬනා පුරුද්ද මේ වන තුරුම ඇයට අතහැර ගන්නට නොහැකි වූ යමක්.
නමුදු ඒ පුරුද්ද අත්හැරුණු එකම එක තැනක් වූවානම් ඒ ආග්න අබියස. රුදුරු අතීතයේ සමාජයෙන් කොන්වී හැංගී තනිව මුල්ලකට ගුලි වී හැඬූ විණාරාට හිත හැදෙන්නට එකදු වචනයක් හෝ කීවානම් ඒ ආග්නම පමණක්. ඉකි ගසමින් හඬනා උරහිසක් මත කරුණාබර සුරතක් නතරව ගියානම් ඒ ආග්නගෙම පමණක්.
ඔහු හා විවාහ වූ පසුව ඔහුගෙන් ලද පීඩා හැරෙන්නට මෙවන් සමාජයක් ඉදිරියේ අපහසුතාවයට පත්වූයේම නැහැ ඇය. මාස ගණනාවකට පසුව එය සිදුවද්දී විණාරාට දැනුණේ තමන් පෙරටත් වඩා දුර්වලව ඇති වගක්. මන්ද යත් මොහොතකට පෙර සවනත වැකුණ වදන් වලින් විණාරාට දැනුණෙ දරු'ණුතම වේදනාවක්.
"එයාලා කියන කතාව ඇත්ත නේද ආග්න...
මාව මොනවගෙන්ද ඔයාට ගැලපෙන්නේ?"
දිය ඇල්ලට මෙපිටින් වූ කණුවට මුවාවීගෙන විණාරා මුමුණන්නට වූයේ වේදනාවෙන්. සියල්ලටම වඩා ඈ සිත බිඳී තිබුණේ හිතෙන් ආග්නවත් තමාවත් සංසන්දනය කරද්දී දෙදෙනා අතර කිසිදු ගැලපීමක් ඇයට දක්නට නොලැබෙද්දී.
"ඔයාට මොනවද නැත්තේ... සල්ලි,ලස්සන, සමාජෙ පිළිගැනීම, රජ පවුලක්, ආදරේ, ගෞරවේ...හැමදේම ඕනෙවටත් වඩා තියනවා...
ඒත් මං?"
සිරුවට ඒ දෙකොපුල් තෙත්වද්දී විණාරා මිමුණුවේ වේදනාවෙන්.
"මට මොනවද තියෙන්නේ? කිසිම දෙයක් නෑ...
මං වගේ අවාසනාවන්ත, දුප්පත්, කාලකණ්'ණි කෙල්ලෙක් මොනවයින්වත් ඔයාට ගැලපෙන්නෑ තමයි..."
ළය අතැඟිලි වලින් තදින් අල්වාගෙන විණාරා දෑස් තදින් පියාගත්තේ නැවතීමක් නැතිවම උනනා කඳුළු පාලනය කරගන්නට.
"නෑ මෑම්... අපේ සර්ට මෑම් තරම් ගැලපෙන කිසිම කෙනෙක් නෑ...."
🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾 𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶 𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶
ඉඳින් විණාරා පසුපසින් පැමිණි රොවේන්ට ඇයගේ වදන් අසන්නට අවැසි වූයේ නැතත් ඔහුට එවදන් ඇසී අවසන්. ඇය කෙතරම්නම් අවිහිංසකද වග රොවේන් දන්නේ හොඳින්ම. මිනිස් හුස්මක් හෝ නොලබා දුර ඈත කැලයක තිබූ පවිත්‍ර පුෂ්පයක් ලෙසින් රොවේන්ට ඇයව පෙනුණේ.
මිනිසුන්ගේ මුහුණ බලන්නටත් බිය, කතාබහක් ඇත්තේම නැති ඇයවන් අවිහිංසක අයෙක් රොවේන්ට තම ජීවිත කාලය පුරාවටවත් හමුවී නැහැ. ඒ සියල්ලටත් වඩා ආග්න ඇය නිසාවෙන් බිඳෙන් බිඳ සන්සුන් වද්දී, වෙනස් වද්දී රොවේන්ට ඇය පිළිබඳව ඇතිවූයේ ගෞරවයක්.
"ර්..රො..වේන්.."
විණාරා කලබලයෙන් ආපිට හැරුණේ කඳුළු පිසදාගනිමින්. නමුදු රොවේන් සාක්කුවට අත දමා ගත්තේ ඔහුගේ ලේන්සුව.
"කවුරු මොන දේ කීවත් හැමදේම තිබ්බ පළියට මනුස්සයෙක් ලස්සන වෙන්නෑ මෑම්...
ලස්සන තියෙන්නෙ මෙතන..."
විණාරා අතින් ලේන්සුව තබා රොවේන් පැවසූයේ තම වම් ළය මතට අත්ලෙන් තට්ටු කර.
"මෙතන ලස්සන මිනිස්සුන්ව පේන්නෙත් මෙතන ලස්සන අයට විතරයි..."
විණාරා ගල් ගැසී මෙන් බලන් හිඳිද්දී රොවේන් පැවසූයේ මද සිනහවක් සහිත කරුණාවන්ත බැල්මක් ඈ වෙතට පා කර.
"මෑම් එන්න... මං අතනට වෙලා ඉන්නම්..."
විණාරාව අපහසුතාවයට පත් කිරීමට අවැසි නොවූ නිසාවෙන් රොවේන් ආපිට හැරී එම කොටසට ඇතුළු වන දොරටුව අසලට පැමිණියේ විණාරා පැමිණෙන තුරු. තවත් මොහොතකින් විණාරා කඳුළු පිසදමාන ආපසු පියවර ඇහින්දේ නෙතු බිමට යොමාන.
"තැන්ක්‍යූ..."
පිටුපා හුන් රොවේන් අසලට පැමිණි විණාරා ඔහුගේ ලේන්සුව ඉදිරියට දිගු කරේ රොවේන්ගේ මුහුණ බලන්නට ලැජ්ජාවක් දැනෙද්දී.
"යූ ආ වෙල්කම් මෑම්..."
රොවේන් විණාරාගේ අතින් ලේන්සුව ගෙන සාක්කුවට දමාගෙන ඉදිරියට අත දිගු කරේ විණාරාට ඉස්සර වෙන්නට කියා.
එතැන් පටන් තුර්වි හා පීහුත් විණාරා හා එක්වුණේ විවාහක අව්වාහක අය සඳහා වෙන් වෙන්ම කරනා චාරිත්‍ර එතැන් පටන් දුලබ වූ නිසාවෙන්.
"විණා දීදී...ව්‍රාත් කතා කියන්න යන්නේ...යමු..."
තවත් චාරිත්‍රයක් වූයේ කතා පැවසීම. ටීජ් උපවාස දවස ගෙවා දැමීමට සිදුකරනා යමක් ඒ.
"ඈත අතීතයේ සහුකාර් කෙනෙක් හිටියාලු. ඇයට පුත්‍රයන් හත් දෙනෙක් හිටියාලු...
ඉතින් ටීජ් උත්සවය දවසේ මේ සහුකාර්ගේ වැඩිමහළු පුත්‍රයාගේ බිරිඳ නීම් ගසට වන්දනාමාන කරන ගමන් ඉද්දී එයාගේ ස්වාමියා මිය ගියාලු... ඒ කියන්නේ මේ සහුකාර්ගේ වැඩිමහළු පුත්‍රයා මිය ගිහින්..."
රාජ්නව් සීයාගේ සොහොයුරියගේ දියණිය ව්‍රාත් කතාව කියන් යන්නේ ඉංග්‍රීසි බසින්. විණාරානම් එය අසන් උන්නේ ආශාවෙන්.
"ඉතින් ඊළඟට එයාගේ හයවෙනි පුත්‍රයා විවාහ වුණාලු. ඊළඟ ටීජ් උත්සවේ දවසේ හයවෙනි පුත්‍රයගෙ භාර්යාව නීම් ගසට පූජා පවත්වන අතරතුර ඇයගේ ස්වාමියාත් මිය ගියාලු..."
"අයියෝ..."
පීහුට සෙමෙන් මිමිණෙද්දී තුර්වී පීහුගේ අතක් කෙණිත්තුවේ පීහු අතින් කට වසාගනිද්දී.
"ඉතින්...ඊළඟට පස්වෙනි පුත්‍රයා.. එයාටත් සිද්ධ වුණේත් අර පළවෙනි,දෙවෙනි පුතාලට වුණ දේමයි.
ඔය විදියට මේ සහුකාර්ගෙ වැඩිමහල් පුතාලා හය දෙනාම විවාහ වෙලා එයාලගේ බිරින්දෑවරු ටීජ් උත්සවේ දවසේ නීම් ගහට පූජාව කරනකොට මිය ගියාලු. දැන් ඉතිරි එක පුතයි..."
ඉඳින් විණාරාගේ අවධානය කතාවට යොමුවෙද්දී ඇයට සායිරාගේ කුරිරු වදන් අමතකව ගියේ බිඳෙන් බිඳ.
"ඉතින් අවසාන පුතා, ඒ කියන්නේ හත්වෙනි පුතාත් විවාහ වුණාලු. ටීජ් උත්සවේ ආවාම... කලින් පුතාලා හත් දෙනාම මිය ගියේ ටීජ් දවසේ නීම් ගසට පූජා පවත්වද්දී නිසා...
මේ සිදුවීම දන්න නිසා හත්වෙනි පුතාගේ බිරිඳ කීවලු... 'මම මේ නීම් ගසට පූජා පවත්වන්නේ නැතුව මේ ගසේ අත්තක් හිටවලා ඒකට පූජාව තියන්නම්' කියලා...
ඉතින් මේ හත්වෙනි ලේලී නීම් ගහේ අත්තක් කපලා හිටවලා,ඒකට පූජාව තියන්න ගත්තාලු... මෙයා පූජාව තියද්දි මහා ආශ්‍චර්‍යයක් සිද්ධ වුණාලු...මොකක්ද දන්නවද...
මේ සහුකාර්ගේ කලින් මියගිය පුත්තු හයදෙනාටම පණ ආවලු ආයෙම.
පස්සේ මේ බාලම ලේලී අනික් වැඩිමහළු සොහොයුරන්ගේ වැන්දඹු ලේලිලා ගාවට ගියාලු... ගිහින් කීවලු නීම් ගහේ අතු කපලා පූජාව තියන්න කියලා.
ඒත් මේ වැඩිහිටි සොහොයුරන්ගේ බිරින්දෑවරු ඇහුවලු අපි කොහොමද පූජාව තියන්නේ අපේ ස්වාමිපුරුෂයන් මිය ගිහින්නේ කියලා.. එයාලා දන්නෙ නෑනෙ එයාලගෙ මැරුණු ස්වාමිපුරුෂයන් මර'ණින් නැගිටලා ආවා කියලා... ඉතින් මේ බාලම පුතාගේ භාර්යාව එයාලට කීවලු එයාලගෙ ස්වාමිපුරුෂයන් ආපහු ආවා කියලා...
ඉතින් මෙයාලා ගොඩක් පුදුමයට පත්වෙලා සතුටින් නීම් ගසේ අතු කපලා පූජාව කරාලු... ඊට පස්සේ මෙයාලා ඒ ගමම දැනුවත් කරාලු කවදාවත් නීම් ගහට පූජාව කරන්න එපා ඒ ගහේ අතු අරන් හිටවලා පූජාව තියන්න කියලා...
ඔන්න ඔය කතාව පාදක වුණ හේතුව නිසා තමා අදටත් නීම් ගසේ අතු කපලා හිටවලා අපි පූජාව කරන්නේ...
ඉතිම් නීමාදී මාතාවනී.. ඔබතුමිය ඒ සහුකාර්ගේ පුත්‍රයන් හත් දෙනාටයි ලේලිවරුන් හත් දෙනාටයි ආශිර්වාදය ලබා දුන්නා වගේ...
අපේ මේ රාජ්නව් පවුලට එකතුවුණ අළුත්ම ලේලිටත්,එයාගෙ ස්වාමිපුරුෂයාටත්, මෙතන ඉන්න හැමෝටමත් ඔබගේ ආශිර්වාදය ලබාදෙත්වා..."
එසේ ව්‍රාත් කතා එසේත් නැතහොත් උපවාස කතා අවසානයේදී ඔවුන් සියල්ලන්ම ආයෙම සැරසුණේ පූජාවකට.
🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾 𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶 𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶
ව්‍රාත් කතා ත්‍රිත්වයක් පැවසීමෙන් පසුව ඔවුන් සියල්ලන්ම ගාථාවක් කියන්නට සැරසෙද්දී විණාරා උන්නේ එම ගාථාව තමා නොදන්නා නිසාවෙන්.
"දෝණි...ඔයා මේක බලාගෙන කියන්න..."
ආග්නගේ මව විණාරාට දුන්නේ කොලයක්. ඇය කල්තියාම එයට සූදානම් වී හුන්නේ ඇයත් අතීතයේ මෙම නොදන්නා හින්දු චාරිත්‍ර ඉදිරියේ විණාරා මෙන්ම අපහසුතාවයට පත්ව ඇති බැවින්.
"ඒසා බාදී ඒසා බාදී ජ්‍යාමේ හෙයිතී කන්‍යාකුවාර්...
කන්‍යාකුවාරී කායීන් මාන්ග්, ආන් මාන්ග්, දාන් මාන්ග්, ලාභ් මාන්ග්, ලක්ෂ්මී මාන්ග්,
බිචුදාන් මේලෝ මාන්ග්, භන්ජාන් පුත්‍ර මාන්ග්,
භායි කෝ දාන්, හෝයිඅයිකෝ මාන්ග්...
ශ්‍රී ක්‍රිෂ්ණ භගවාන් කී බාදී මාන්ග්, වයිකුන්ට් කා වාස් මාන්ග්,
චාන්දන් චෞකී ජාධාව් කෝ හාර් ශ්‍රී ක්‍රිෂ්ණ භගවාන් ජෙව් කෝ අධාර්...."
කෙසේ හෝ එය අවසන් කර පසුව සියල්ලන්ම උන්නේ සැහැල්ලු ස්වභාවයෙන්.
"මොකද දෝණි බයවෙලා වගේ..
බයවෙන්න එපා කාලයක් යනකොට ඔයාට මේවා හුරුවෙයි. නැද්ද තුර්වී..."
මොහොතකින් තුර්වීත් පීහුත් විණාරාව කැඳවාගෙන ආවේ කාන්තාවන් සියල්ලම ඇදෙනා දිශාවට...
"අම්මෝ දීදී ඔන්න දැන් අමාරු චාරිත්‍ර ගොඩක් ඉවරයි. ආයෙ හවසනෙ තියෙන්නේ.....දැන් තමා මම ආසම එක.... "
පිහු කටකාරව මුමුණද්දී විණාරා උන්නේ පුදුමයෙන්.
"ආසම එක?"
"ඔව්...ඔන්න බලන්නකෝ ඔයත් ආසම එක වෙයි..."
තවත් මොහොතකින් ඔවුන් සියල්ලන්ම පැමිණියේ සරසා තිබූ උද්‍යානයේ යකඩ ඔන්චිල්ලාවක් අසලට. මල්මාල, මල් දවටා එය සරසා තිබුණේ අලංකාර ලෙසින්.
"අලුත් ලේලි වාඩිවෙන්නකෝ.. "
සායිරාගේ මව, සයිරා සහ තවත් සුළු පිරිසක් හැරුණු කොට ඉතිරි නෑදෑයින් විණාරාව පිළිගත්තේ ඒ බොහෝ දෙනාගේ හදවත් හොඳ නිසාවෙන් මෙන්ම රාජ්නව් සීයාට ඇති ගෞරවය නිසාවෙන්.
"මගෙ පුතාටත් දෝණිටත් සාර්ථකම පවුල් ජීවිතයක් අරන් යන්න ලැබෙන්න ඕනේ කියලා මේ අම්මා ප්‍රාර්ථනා කරනවා..මගෙ දරුවෝ දෙන්නට දීර්ඝායු වේවා..."
ආග්නගේ මව සාරියක්, වළලු ඇතුළු තවත් චාරිත්‍රානුකූලව ලේලියට පිරිනැමිය යුතු තෑගි බෝග රාශියකින් ඇයගේ ඔඩොක්කුව පුරවා ඒ හිස අතගා ආශිර්වාද කළේ හදවතින්ම. එතනින් නොනැවතී රාජ්නව් පවුලේ වැඩිහිටි කාන්තාවන් සියල්ලන්ගෙන්ම අලුත් ලේලියට ලැබුණේ වටිනා ත්‍යාග.
බොහොමයක් රන් ආභරණ හා සාරි. එතරම් තෑගි කන්දරාවක් චිත්‍රපටයකින් හෝ කිසිවකුට හමුවෙනවා විණාරා දැක තිබූණේ නැහැ. සයිරාගේ මවත් අන්‍යන්ට පෙනෙන්නට ඇයට රන් වළලු දෙකක් පලන්දා ආශිර්වාද කරද්දී විණාරා සිනහවක් නගාගත්තේ අපහසුවෙන්.
නමුදු ඒ අපහසුතාවය, තැතිගැන්ම ඇයට වැඩියෙන් නොදැනුණේ ඇය අසලම පීහුත්, තුර්වීත්, ආග්නගේ මවත් උන් නිසාවෙන් මෙන්ම දුරක හිඳ රොවේන් ඇය පෙනෙන මානයේම හුන් නිසාවෙන්. විණාරා උන්නේ සතුටින්...
ඇයගේ මුහුණේ වූයේ පුදුමය පිරුණු ප්‍රීතිමත් හිනාවක්. ආරක්ෂකයින් විත් විණාරාගේ තෑගි බෝග කුටියට රැගෙන යද්දී විණාරාගේ සිනහව තැවරුණු සේයාරුවක් හෙන ඒ වෙන විටත් රොවේන් ආග්නට යවා තිබුණේ. තම ප්‍රධානියාගේ අවසරයකින් තොරවම එවැනි දෙයක් රොවෙන් සිදු කළේ විණාරාගේ ඒ සතුට පිරුණු මුහුණ ආග්න දැකිය යුතුමයි කියා හිත කියද්දී.
උදෑසන අවදි වූ ආග්න රොවේන්ගෙන් පැමිණ තිබෙනා පොටෝ මෙසේජ් එකෙහි නොටිෆිකේෂන් එක දකිද්දී ඔහුට දැනුණේ පුදුමයක්..මන්ද යත් එය එවා තිබුණේ ආග්නගේ පෞද්ගලික ගිණුමට. දෙබැම රැළි කරගෙන එය විවෘත කළ තප්පරයේම ආග්නගේ මුවෙහි ඇඳුණේ පහන් සිනහවක්.
"මේ හිනාව...ඔයා හුරු වෙනවා විණාරා...
මිනිස්සුන්ට!"
ඔහුට අවැසි වූයේම මෙය. මෑතක පටන් නොව... අතීතයේ නව යෞවනයෙකුව සිටියදීත් ඔහුට අවැසි වූයේම විණාරා සමාජයෙන් සැඟවී හිඳිනා ගුලෙන් පිටතට ගන්නට. නමුදු එදා ඔහුට එය කළ නොහැකි වූවක්. නමුදු දැන්. එය කෙමෙන් කෙමෙන්, බිඳෙන් බිඳ සාර්ථක වද්දී ආග්නට දැනුණේ සතුටක්. ඒ කාරණා දෙකක් නිසාවෙන් ඔහුට සහනයක් දැනෙද්දී...
#ToBeContinued🖤