දුඹුරු සඳ (100 සිට 149 දක්වා)

By Aro_Yash

20K 889 7

100 වෙනි කොටසේ සිට 149 දක්වා පළ කිරීම More

1-100 කෙටි සාරාංශයක්
100
101
102
103
104
105
106
107
108
109
110
111
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149

112

418 18 0
By Aro_Yash

#දුඹුරු_සඳ_112

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

එක් අතකින් දොර අල්වාන අනෙක් අත නිදහසේ පහළට දමාන හුන් ආග්න මිමුණුවේ දෙතොල් අතර සිගරට්ටුව සිරකරගෙනම. ඉඳින් ඔහු බැල්මෙහි වූයේ අග්නියක් තරම් නොවූවත් කෝපයක්. ඉඳින් කුමක් හෝ කියන්නට මුව හැදූ ආග්න නෙතු යොමුවේ විණාරාට මදක් එහාපසින් හුන් ඔහුගේ ආරක්ෂකයා දෙස. ආග්නගේ බැල්ම තේරුම් ගත් පරිද්දෙන් ආරක්ෂකයා කොරිඩෝව දිගේ මදක් එහාට ඇවිද ගියේ ආග්නත් විණාරාත් තනි කර.

"මොන මගු'ලක්ද කරන්නේ. ගෙදර යනවා."

දසන් අතරට සිගරට්ටුව තදකරගෙනම ඔහු පවසන්නට වූයේ විණාරා නෙතු ඔහු බැල්මෙන් මගහරවා ගනිද්දී. ඉඳින් ඔහු බැල්මට මුහුණ දෙන්නට තරම් ශක්තියක් නොවූ ඇයට ආග්නගේ වදන් නොසලකා ඉන්නට ශක්තියක් කොයින්දැයි ඇයවත් නොදන්නා තරම්.

බිඳකදු හෝ නොසෙල්වී හිටිවනම ඉන්නා ඇයගේ ඉරියව් ආග්නට ගෙන ආවේම පුදුමයක්. ඉඳින් දෙතොලතර වූ සිගරට්ටුව අතැඟිලි අතරට ගෙන ආග්න ඇය වෙතට හෙළුවේ දැඩි බැල්මක්.

"ඒයි... සිංහල තේරෙන්නැද්ද ආහ්? සැරයක් කීවම යනවා."

ඔහු හිතාමතාම විණාරාට සැර වූවත් ඇය බිඳකදු හෝ නොසෙල්වී උන්නේ කෝපයටත් වඩා ආග්නව පුදුමයට පත් කරමින්.

"විණාරා... මගෙ යකා අවුස්සන්න එපා! තමු'සෙට ආයෙ මං කියන්නෙ මෙහෙම නෙමෙයි... යනවහ්!"

එසේ පවසා ඇය මතම යොමන් හුන් ඒ කෝපවත් බැල්ම පිරි ආග්නගේ දෙනෙත විසල් වූයේ විණාරා දැක්වූ ප්‍රතිචාරය හමුවේ. සීතලේ හැකිළෙමින් හුන් ඇය හිස දෙපසට කළේ යා නොහැකියි පවසන්නට. ඉඳින් ආග්නගේ දෙබැම පවා ඉහළට එසවුණේ දෑස් විසල් වෙද්දී.

ඉඳින් ඇය හිතුවක්කාරයට තමාව සොයන් හෝටලයට පැමිණේවියැයි කිසිසේත්ම අපේක්ෂා නොකළ යමක්. එමෙන්ම මෙසේ ආපසු හරවා යවන්නට තනද්දී ඔහුට හමුවූයේ අපේක්ෂා නොකළ මෙවැනි ප්‍රතිචාරයක්.

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ඉඳින් කුමක් කියන්නද කුමක් කරන්නද කියා නොසිතාම ආග්න ඈ මතම තම තියුණු කෝපවත් බැල්ම යොමාගෙන උන්නේ නොසෙල්වී.  බිමට හැරවී තිබුණ විණාරාගේ දෙනෙත හෙමිහිටම ඔහු දෙනෙත සොයා ආවේත්, තප්පරයක් යන්නටත් මත්තෙන් ඒ උවන සමඟම ඈ නෙතු බිමට බරව ගියේ ආග්නගේ රුදුරු බැල්ම නෙත ගැටෙද්දී.  කෝපයටත් වඩා ආග්නට අමුතුම හැඟීමක් දැනුණමුත් ඔහු ඈ උවන මත අලවාගෙන උන්නේ කෝපය පිරි බැල්මමයි.

ඉඳින් තප්පර හෙමිහිටම ගෙවී මිනිත්තු දෙක තුනක් යන තුරුම ආග්න ඈ දෙස රවාන බලන් උන්නත් විණාරා හොර වැඩක් කළ පූසියක මෙන් නෙතු බිමට නැඹුරු කරගෙනම උන්නේ ඔහු බැල්මට නිරාවරණය වන්නට බියෙන්.

"දෙකට ගනින්න බෑ වගේ ඉඳන්..."

ආග්න ඇහෙන නෑහෙන ගාණට මුමුණමින් බනින්නට වූයේ ඈ හිතුවක්කාරකමට. නමුදු හිත අභ්‍යන්තරයෙන් ඔහු උන්නේ විණාරාගේ ඒ හිතුවක්කාරකමට ආශාවෙන්.

"කරන්න පුළුවන් ඇට්ටරම වැඩේ කරලා තමු'සෙ හීමිච්ච් වගේ බිම බලන් ඉන්නකොට ඔක්කොම හරිද ආහ්..."

බාගෙට විවර කර තිබූ දොර එක් අතකින් අල්වාගෙනම ආග්න සැරෙන්ම විමසන්නට වූයේ මදක් ඈ වෙතට නැඹුරු වෙමින්. ඉඳින් සියළු ධෛර්යය දෙපා වලට ගෙන මෙන් හුන් විණාරා ඇඟිලි තුඩු වලින් කලවා දෙපස ලූස් පෑන්ට් එක කොණිහන්නට වූයේ ළය ගැස්ම වේගවත් වෙද්දී.

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ඈ හීමිච්චියක සේ හිසවත් ඉහළට ඔසවන්නේ නැතුව, නෙතු බිමට බරකරගෙනම, ඇඟිලි තුඩු වලින් කලිසම පහුරුගාන ගමන් අවිහිංසක ලෙස හිඳගෙන අපූරුවට හිතුවක්කාරකම් කරනා අපුරුව.

"මෙතන මිනිස්සු හිනස්සන්නැතුව ඇතුළට එනවා..."

ඉඳින් ඇය මත තප්පර කිහිපයක් නෙතු අලවාන හුන් ආග්න එලෙස පවසා ආපිට හැරුනේ අල්වාන හුන් දොර අත් හරිමින්. ඉඳින් අනිච්ඡානුගවම ඈ දෙතොළෙහි ඇඳුන සිනහව හසුවූයේ නෑ ඔහු නෙතට. වැසෙන්නට යන දොර අතින් අල්වාගෙනම විණාරා කුටිය තුළට පැමිණියේ ඉක්මනින්. 

විණාරාට පිටුපා අඩියක් දෙකක් ඉදිරියට ඇවිද ගිය ආග්න හිස හරවා විණාරා වෙතට කෝපවත් බැල්මක් එල්ල කරේ විණාරාට කෙළ පිඬකුත් ගිලෙද්දී. නමුදු ආග්න නැවත ඉදිරිය බලා දෙතොලෙහි රැඳුණ දුම්වැටිය නිවා දැමුවේ අත්ලෙහිම පොඩි කර.

ඔහුනම් විටෙක හැසිරෙන්නේ වේදනාව නොදැනෙණ ස්නායු සංවේදක නොමැති අයෙකු ලෙස. විණාරාගේ ඇඟ කිලිපොලා ගියේ ඔහු පෙර දිනයන්හි මෙසේ තමන්ගේ වේදනාව නොතකා හැසිරුණු අවස්ථා සිහිවද්දී.

ආග්න එහෙමම නානකාමරය තුළට යද්දී විණාරා හුස්මක් හෙළුවේ ළයටත් අතක් තබාගෙන. ඉඳින් හිතුවක්කාරයෙන්ම රාක්'ෂයකුගේ කුටියකට ස්වකැමැත්තෙන්ම පැමිණ ම|ර බියෙන් ගැහෙන මුව පොව්වකු මෙන් ඈ හිඳින්නේ බියවීගෙන. නමුදු කාලය ආපස්සට හැරවූවත් තමා මෙයම සිදු කරන බවට සිත තුළ සැකයක් වූයේ නැහැ ඇයට.

විටෙක තමන් මෙසේ කරාදැයි හිතන්නටත් අපහසු වෙද්දී විණාරා හුන් තැනම උන්නේ කල්පනාවේ නියැලීගෙන. මුහුණ කට සෝදාගෙන ආග්න නානකාමරයේ සිට කුටියට පැමිණියේ කෙටි, සෘජු, දැඩි බැල්මක් එක් තප්පරයකට ඈ මතට යවමින්. ඉඳින් හැංගිමුත්තන් කරනා පොඩි දරුවකු මෙන් විණාරා කරේම ඔහු තියුණු බැල්මෙන් තම දෙනෙත සඟවාගැනීම.

"හච්ච්..ස්"

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

කුටියට පැමිණ බැල්කනියට යන්නට ගිය ආග්නගේ දෙපා නැවතුණේ විණාරාට හච්චිමක් යද්දී.

"සන්නිය හැදෙනකන්ද තමු|සෙ ඉන්නෙ තවත්. තෙත ඇඳුම් අයින් කරගන්නවා."

ඉඳින් ආග්නගේ හඬ සැරපරුෂ වූවත් ඔහු ඉන්නේ තමා ගැන එතරම්ම කේන්තියකින් නොවන බව විණාරාට හැඟුණේ ඔහු දුටු තප්පරයේම. එම නිසාවෙන්ම හිතට දිරි ගෙන ඉදිරියට තැබූ පියවර ගැන විණාරාට දැනුණේ සැනසීමක්.

නමුදු ඇයට හැඳගන්නට ඇඳුමක් කොහින්දැයි කල්පනා කරේ කළ හැකි අන්යමක් නොවෙද්දී. ආග්න සයනය මත වූ ජංගම දුරකතනය ගෙන බැල්කනිය දෙසට ගියේ ඇමතුමක් ගන්නට. ඔහු ඇමතුම නිමා කරේ විණාරාගේ වීර ක්‍රියාව පිළිබඳව බිඳක් නෑරම දැනගෙන.

ඇයට තමන් හිඳිනා හෝටලය පිළිබඳ පවසා ඇත්තේ අන්කවරක් නොව රොවේන් වද්දී ආග්න රොවේන්ට බැන වැදුනත් ඔහු උන්නේ වගක් නැතුවම. මන්ද යත් ආග්නගේ බැනුමෙහි කෝපය පිරුණු වගක් දැනුණේ නැහැ ඔහුට.

"තමු|සෙ එක්ක මං හෙට බලාගන්නම් රොවේන්. තියනව ඕක."

රොවේන්ට බැන වැදීම ඇමතුම විසන්ධි කර බැල්කනියේ සිට ආපසු කුටියට පැමිණෙද්දී ආග්නගේ දෙබැම රැළි වූයේ තවමත් තෙත ඇඳුමින්ම හිඳිනා විණාරාව නෙත ගැටෙද්දී.

"මොනවද තවත් ඔතනට වෙලා උඩ බලන් ඉන්නෙ ආහ්?"

ආග්න විමසන්නට වූයේ ඉණටත් අතක් තබාන.

"ම්..ම..ම ඇඳුම් ගෙ.නාවෙ න්.නැහැනේ..."

ඉඳින් එක එල්ලයේ ඔහු දෙස බලන්නට බියක් දැනෙද්දී විණාරා වදන් අමුණන්නට වූයේ විටින් විට නෙතු බැල්ම ආග්න දෙසට රැගෙන එමින්.

"ශෝක්... විණාරා තමු|සෙ මට ආයෙ අහුවෙන්නෙපා මේ වගේ මහ රෑ හිතුවක්කාරකම් කරලා."

ජංගම දුරකතනය ඈත තියාම සයනය මතට විසි කරමින් ආග්න පවසන්නට වූයේ තරවටු ස්වරයකින් වූවත් එහි කෝපය ගැබ්ව තිබුණේ බොහෝ නිලීන වශයෙන්.

"අනික මොන මගු|ලකටද අර වැස්සෙ මගින් බැස්සෙ ආහ්?"

ඉඳින් ඔහු බැනවදින හේතුව සාධාරණ බැවින් විණාරා කළේ නිහඬවම පූස් බැල්මකින් බිමටම නෙතු යොමාගෙන හිඳීම. ඉඳින් තමා අසලට පැමිණෙන ආග්න දෙස යන්තමින් හිස ඔසවා බලද්දී විණාරාගේ දෙනෙත් මදක් විසල් වූයේ ඔහු හැඳවුන් සුදුපැහැ ශර්ටයේ බොත්තම් ලිහිල් කරනවා පෙනෙද්දී. ඉඳින් හිතට ආවේම ඔහු වෙනම යමකට සූදානම් වනවා කියන අපිරිසිදු හැඟීමක් වද්දී විණාරාගේ දෙකන් පවා රතුව ගියේ හිතේ ඇඳුණ කෝල හැඟුම් නිසාවෙන්.

"කන් දෙකත් රතු කරන් තමුන් මොනවද හිතන්නෙ. මගු|ලක් කරන්නැතුව මේක ඇඳගෙන එනවා."

ඉඳින් ඔහු ශර්ටය ගලවා විණාරාගේ කර මතට විසි කරමින් පවසන්නට වූයේ විණාරාට තම සිතුවිලි පිළිබඳව දැඩි ලැජ්ජාවක් දැනෙද්දී.

'අයියෝ...මොනවද හිතුවෙ මෝ|ඩි...'

ඉඳින් ආග්න මුව කොණක සමච්චල්සහගත සිනහවක් නගාගෙන බැල්කනිය දෙසට පියවර ඇහිඳිද්දී ඉඳින් හිත ඇතුලෙන් විණාරා දොස් නගන්නට වූයේ තම හිතටම.

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

උදෑසන මව හා පිටත්ව ගිය ඇඳුමින්ම උන් නිසාවෙන් විණාරා රාත්‍රිය කියා නොබලා නා ගත්තේ ආග්න එයටත් කෑ නගාවිදැයි බියෙන්. නමුත් හිත අභ්‍යන්තරයෙන් ආග්න එවැනි කාරණා වලට දොස් නගනවාට වූයේ කැමැත්තක්.

මන්ද යත් ඔහු එසේ දොස් නගද්දී, තමා පිළිබඳව ඔහු වදවන බව දැනෙන හැඟීමට විණාරාට දැනෙන්නේ මහත් ලෝබකමක්. මොහොතකින් නානකාමරය තුළින් පිටතට පැමිණි විණාරාගෙන් දිස්වූයේ අමුතුම පෙනුමක්. මුහුණෙහි වූ මේකප් තට්ටුව ඉවත් කළ පසු කැඩපතින් දිස්වූයේ ඒ දුඹුරු පැහැ පැල්ලම් පිරුණු මුහුණ.

චකිතයක් නැහැ ඔහු ඉදිරියට යන්නට. කෙතරම් රුදුරු වෙස් ගෙන කටුක රිදවීම් ඔහු තමාට ලබා දුන්නද පියා තරමටම සමීපයි ඔහු ළය ගැඹුරටම. ලෝකයෙන්ම කොන්වුණ ඒ අහිංසක පුංචි හිත වසර ගණනාවක් තිස්සේම විඳි වේදනා, අපහාස එක් තප්පරයකදී ඔහු බැල්ම අබියස අතුරුදන්ව යන අපූරුව.

පියා හැරෙන්නට ඒ දුඹුරු පැල්ලම් සමඟින් තමාට චකිතයකින් තොරව නිදහසේ හුස්ම ගන්නට හැකි එකම ප්‍රාණියා ඔහුම පමණයි. එය අතීතයටත්  වඩා වර්තමානයේ ඇයට දැනෙන්නේ හැඟුම්බර ඔහු දෙනෙතෙහි ඔහු සඟවාගන්නට උත්සහ දරනා ප්‍රේමයේ සීරාවන් ඈ හදට දැනෙද්දී.

හුස්මක් හෙළා නානකාමරයෙන් පිටතට පැමිණි විණාරා කුටිය පුරා නෙත් යැව්වේ ඔහුව සොයන්නට. ඊළඟට ඈ දෙපා ඇදුණේ තමාට පැමිණෙන්නටැයි කියා ඔහු ගමන් කළ බැල්කනිය දෙසට.

මුහුද දෙසට විවරව තිබූ බැල්කනියේ ඉහළ වූයේ කළුපැහැ වීදුරුවක්. දෙපසින්ද ආවරණය වී ඉදිරිපස මුහුදට නිරාවරණය වී තිබූ බැල්කනියෙහි කෙළවරෙහි වූයේ නානතටාකයක්. නාන තටාකය අසලම තද කළු දුඹුරු පැහැයට හුරු ලී පොළවෙහි වැතිරී උන්නේ ඔහු.

මොහොතකට පෙර ඔහු උඩුකයෙහි වූ සුදු පැහැ ශර්ටයෙන් දැනෙන්නේ ඔහුගේ සුවඳ. දෙකලවා අඩක් පමණ නිරාවරණය වී තිබූ ශර්ටයෙහි අත් දිග වැඩි නිසාවෙන් විණාරා එය උඩට කර ගනිමින් හෙමිහිට පියවර ඇහින්දේ ඔහු දෙසට.

උඩුබැලි අතට වැතිර හුන් ඔහු අඟල් පහ හයක් දිගු හිසකේ ලී පොළව මත විසිර තිබුණේ ඔහු මෙන්ම හිතුවක්කාරව. එක් කකුලක් දිගු කරගෙන එක් දණක් නවා ලී පොළවෙහි කකුල තබාගෙන ඔහු දෑස් පියන් හුන්නේ ඒ නග්න ළය හරහා දෑතම බැඳගෙන.

"කම්... සිට් හියර්."

තෙතමනක් නොවූවත් විධානයක් බඳු ඔහු හඬෙහි වූයේ තැන්පත් බවක්. හෙමි හෙමින් ඒ නිරුවත් පාද ලී පොළව මත තබමින් ඈ පියවර ඇහින්දේ ඔහු අබියසට.

"ඔය පුටුව උඩ තියන මීල් බොක්ස් එකත් අරන් එන්න."

දැනුණ අධික කුසගින්න නිසාම විණාරාට දැනුණේ සතුටක්. ලී ට්‍රේ එකක් මධ්‍යයේ රිදි පැහැ බාජන වලින් වසා තිබූ ආහාර වල උණුහුම දැනෙද්දී විණාරාට තේරුම් ගියේ ඔහු එම ආහාර තමා පැමිණියාට පසුව ඇණවුම් කළ වගක්.

"පූජා තැටිය කරකවන්නද ඕක අල්ලන් හිටගෙන ඉන්නේ?"

යන්තම් දෙනෙත් හැර ආහාර සහිත ලී ට්‍රේ එක අතින් අල්වාන ආග්නට මදක් මෙහයින් හිටගෙන හිඳිනා විණාරා දෙස බලා ආග්න විමසන්නට වූයේ නොරිස්සුම් ස්වරයකින්. තවත් මොහොතක් ගෙවෙද්දී විණාරා හිඳගෙන උන්නේ ඔහු අසලම ලී පොළවේ.

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ආග්න එහෙමම කෙලින් වී ලී පොළව මත ඇයට මුහුණලා වාඩි වූයේ වම් දණහිස නවා එය වමත දිගහැර තබා ගනිමින්.

"අහ් ශිට්… චීස්.."

රිදී පැහැ බාජන වැස්මවල් ඉවත් කර පසු එහි දක්නට ලැබුණේ ගණකම් මොසරැල්ලා චීස් සහ චිකන් වැස්මක් නියපොලිටන් පීට්සා එකක්, ස්පිනච් ඩිප් එකක්, සීසහ් සැලඩ් එකක් සහිත වූ ආහාර වේල දුටු ආග්න පවසන්නට වූයේ මුව ඇද කර. විණාරාට සිහිවූයේ ඔහු පාසල් කාලයේත් මේ අයුරින්ම මුව ඇද කරන අයුරු.

"මට අතේ ගාගන්න බෑ තමු|සෙ කවනවා..."

ඉඳින් විණාරාගේ දෙනෙත් විසල්ව ගියේ ඇඟට පතට නොදැනී ඔහු එවැන්නක් පවසද්දී.

"මොනවද බලන් ඉන්නේ?"

ඉඳින් විණාරා උන් ඉරියව්වෙන්ම දෑස් විසල් කරගෙන බලන් හිඳිද්දී ආග්න පවසන්නට වූයේ ‍එක් ඇහිබැමක් ඉහළට ඔසවමින්.

විණාරා හෙමිහිට පීසා කැබැල්ලක් ගෙන ආග්නගේ මුව දෙසට දිගුකළේ දෙගිඩියාවෙන්. මුහුණට මුහුණ බලාන බිම වාඩිවීගෙන හුන් විණාරාට පසුපසින් වූයේ නානතටාකය. ආග්න ඉදිරියට නැවී පීසා කැබැල්ලක් මුවට ගත්තේ එක් අතකින් විණාරාගේ අත අල්වාන.

මුහුණට වැටී තිබෙනා හිසකේ ගසමින් ආග්න මුවට ගත් පීසා කැබැල්ල කන අයුරු මොහොතක් බලන් හුන් විණාරාට දැනුණේ කුමක්දෝ නොතේරෙන සතුටකින් හදවතම පිරී යන වගක්.

"ඩිප් එක..."

නැවතත් විණාරා පීසා කැබැල්ල ආග්න දෙසට දිගු කරද්දී ආග්න පැවසුවේ එහි ඩිප් එක තවරා දෙන ලෙසට. විණාරා පීසා කැබැල්ලෙහි කොල පැහැ කුඩා කොළ ලියා මුසුකර තිබූ ක්‍රීම් පැහැයෙන් යුතු ඩිප් එකෙහි තවරද්දී ආග්න විණාරාගේ අත අල්වාගත්තේ ඇයව මදක් තිගැස්සී යද්දී.

"ඔය මදි."

ආග්න විණාරාගේ අතෙහි මැණික් කටුව අසලින් අල්වා ඇය අතෙහි වූ පීසා කැබැල්ල ඩිප් එක සහිත කුඩා දීසියෙහි කරකවා ගත්තේ විණාරා නිහඬවම බලන් ඉද්දී. ඊළඟට ආග්න විණාරාගේ අතින් අල්වාගෙනම එය තම මුව අසලට ගෙන ආවේ විණාරා ඔහු මතම නෙතු රඳවාන ඉද්දී.

"මං විතරක් කාපුවම ඇතිද?"

තෙවන වරටත් විණාරා පීසා කැබැල්ල ඩිප් එකෙහි තවරා ඔහු මුවට ළං කරද්දී ආග්න විමසන්නට වූයේ විණාරා අත දිගුකරගෙනම බියවීගෙන මෙන් ඔහු දෙසම බලාන ඉද්දී.

ඊළඟ මොහොතේ ආග්න විණාරාගේ අතේ මැණික් කටුව අසලින් අල්වා එය විණාරාගේ මුව අසලට ළං කරේ විණාරාගේ ළයත් තත්පරයකට නතරව යනවා මෙන් දැනෙද්දී. ඉඳින් නපුරාගේ ගහෙන් ගෙඩ් එන්නාක් මෙන් විටින් විට මතුවනා මෙවැනි හැසිරීම් විටෙක ඈ හදවතට දරාගන්නට බැරි තරමටම බරින් වැඩියි.

ඉඳින් විටෙක විධාරණය වන යමහළක ලාවා මෙන් පිටාර ගලනා ඔහු කෝපයෙන් ඈ සිත ගත අංශුවක් නෑරම පුළුස්සා දමන අපූරුව... විටෙක ඔහු එක් බැල්මක්, එක් චලනයක් ඇයව හීතලෙන්ම නහවා දමන්නේ හැඟුම් පවා ගල් කරමින්.

සැකයක් නැහැ ඇයට. ඔහු තම ජීවිතයේ කටුකතම ඉඩෝරයක් වූවත් එක් තප්පරයක් තුළ සියළු වේදනාවන් පළවාහැර වසන්තයෙන් ජීවිතය නහවන්නට හැකිද ඔහුටම පමණක් බවක්.

ඉඳින් එක් පිරිමි ආත්මයකට බැඳී ගිය ගැහැණු ආත්මයක් පෙති විදහා සම්පූර්ණයෙන්ම විකසිත වන්නේ එකම එක් පිරිමි ආත්මයක් ඉදිරියේම පමණයි! එය විණාරා ආග්න ප්‍රේම කතාවේ නොවෙනස්ව ලියවී ඇති නියතයක් මෙන්.

මන්ද යත් ජීවිත කාලය පුරාවටම ඈ අවිහිංසක ළය අභ්‍යන්තරයේ අගුළු හැර නවාතැන් ගත් මනුෂ්‍යය ප්‍රාණීන් දෙදෙනාගෙන් එක් අයෙක් ඔහු! ඉඳින් අවැසි නැහැ ඇයට අටුවා ටිකා. ඔහු කෙතරම් විෂ බඹරිඳකු වූවත් ඇයට පෙති විදහාලත හැක්කේ ඔහු වෙනුවෙන්ම පමණක් බවට සැකයක් නෑ ඇයට.

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

දිය බිඳක් නොමැතිව කතරක අතරමංව තිබූ මියැදෙන්නට ආසන්න කුඩා පැලෑටියක් බඳු වූ ඇයගේ දුර්වල මුල් පොළවට සවිවී තිබුණේ පියාගේ ආදරයෙන්. ඒ සෙනෙහස නොවෙන්නට ඇය ඉදිරී අවසන් බොහෝවිට.

ඉඳින් මැලවී යන්තමින් පණ රැකගනිමින් හුන් ඒ පුංච් පැළෑටියට ඔහුගේ කරුණාව දිය බිඳක් වන් වූවත් විණාරාට දැනුණේ එය මහවර්ෂාවක් විලසකට. එදා මෙන්ම අදටත් ඔහුගේ රිදවීම් මොහොතකින් අමතක කරන්නට තරම් ඔහු ඇතැම් ක්‍රියා නිසා දැනෙණ සොම්නස්, ප්‍රේමණීය හැඟුම් ඈ හදවත බදා අල්වා ගන්නේ පිළලයක් බඳුවට කිඳාබසිමින්.

"අරකෙන් දෙන්න..."

ඉඳින් ආග්න නිහඬවම ඇයගේ අතින් ආහාර ගත්තත් ඔහු හදවතනම් තිබුණේ පිණි ඉහුණ මලක් මෙන් විකසිතව. ඉඳින් නැවුම් ප්‍රේමණීය හැඟුම් ඔහුටත් හොරා ඔහු හදවත වෙලාගන්නේ තදට.

"වෙයිට්. අයි නීඩ් කොෆී..."
(ඉන්න..මට කෝපි ඕනේ.)

විණාරා දිගු කළ පීසා කැබැල්ල මුවට ගනිමින් ආග්න නැගිටින්නට වූයේ එසේ පවසාන. තවත් මොහොතකින් ඔහු කුටිය තුළ වූ කුඩා කෝපි මැෂිමෙන් නැවුම් කෝපි ඇට ඇඹරී ඒ මොහොතේම පිටතට එන ඩාක් බ්ලැක් කොෆී එකෙන් මග් පිරවුණේ. 

එක් අතකින් කොෆී මග් එකත් අනෙක් අතින් homepod එක රැගෙන එන්නට පැමිණි ආග්න නැවතුණේ ජංගම දුරකතනය ගැනීමට.  දෙතොල් මුව තුළ රුවාන ඒ අතර ජංගම දුරකතනය සිරකරගෙන එක් අතකින් homepod එකත් අනෙක් අතින් කෝපි මග් එකත් රැගෙන උඩුකය නිරුවත්ව බැල්කනියට පැමිණෙන ආග්නගේ වූයේ නෙතු අලවාලන ආකර්ෂණයක්. නළලට වැටෙන අකීකරු හිසකේ හිස පසුපසට ගසමින් පසුපසට කරන්නට තනමින් ඔහු විත් විණාරාට ඉදිරියෙන් වාඩි වූයේ මග් එක ඇය ඉදිරියෙන් තබමින්.

"දනවා බලාගෙන..."

ඉඳින් ඇය දෙස නොබලාම විණාරා දිගු කළ පීසා කැබැල්ල මුව තුළ රුවාගනිමින් ආග්න පවසන්නේ homepod එක ක්‍රියාත්මක කර පසෙකින් තබා ජංගම දුරකතනය එයට සම්බන්ධ කරමින්.

There ain't no room for things to change
(වෙන මගක් නොමැත සිදුවූ දෑ වෙනස් කරලන්නට...)

When we are both so deeply stuck in our ways
(නුඹත් මමත් දෙදෙනාම එකිණෙකාගේ මං වල සිරවී හිඳිද්දී...)

ඔවුන්ගේ හිසට ඉහළින් වූ වීදුරුවට ටොක් ටොක් යන හඬින් වැහිබිඳු එකින් එක වැටෙන්නට ගත්තේ තුරල්ව තිබූ වර්ෂාව ආයෙම ආරම්භ කරමින්. ආග්න දැමූ Adele ගේ easy on me ගීතයේ වදන් දෙදෙනාගේ සවන් පත් අතරින් රිංගාගත්තේ හෙමිහිට...

You can't deny how hard I have tried
(නුඹට ප්‍රතික්ෂේප කළ නොහැකියි මා කෙතරම් නම් උත්සහ කළාදැයි කියා...)

I changed who I was to put you both first
(මා වෙනස්වූවා පෙර සිටියාට වඩා ...)

ඉඳින් ගීතයෙහි තනුවෙන් දැනෙණා ගැඹුරු වේදනාත්මක හැඟීම දෙදෙනාටම වැඩියෙන් දැනෙන්නට වූයේ එහි අර්ථයෙහි ඇතැම් කරුණු ඔවුනොවුන්ගේ ජීවිතයට බොහෝ සමීප වද්දී. ඉඳින් සියුම්ව ඇද හැලෙන වර්ෂාවේ හඬ අස්සෙන් සවනත වැකෙනා හදවතට සමීප වදන් ගැඹුරු හැඟුමන් ඇහැරවන්නට වූයේ නාස්පුඩු වලට දැනෙණ කෝපි සුවඳ අමුතුම හැඟීමක් ගෙන දෙද්දී.

But now I give up
(නමුත් මා දැන් එය අත්හරිනවා....)
Go easy on me, baby
(මෘදු වන්න මා හට...)

I was still a child
(මම ළදරුවෙක් බඳු වූවා විටෙක...)
Didn't get the chance to
Feel the world around me
(ලැබුණේ නැහැ අවස්ථාවක් මා වටා වූ බාහිර ලෝකය විඳගන්නට..)

Had no time to choose
What I chose to do
(ලැබුණේ නැහැ ඉඩක් මා කුමක් කළයුතුදැයි තෝරාගන්නට...)

So go easy on me
(එම නිසාවෙන් මෘදු වන්න මා හට...)

ඉඳින් ප්‍රේමය.... එය දැනෙන්නේම නොසිතන අයුරින් නොසිතන තැන් වල. එය කරන්නේම හදවතෙහි කැකෑරෙන හැම හැඟුමක්ම නිද්‍රාකොට මුළු ආත්මයටම අණසක පැතිරීම. ඉඳින් ගීතයේ පවසන ලෙසින්ම ආග්නට අවැසි වූයේ ඇය මෘදු වන්නට. ළය අභ්‍යන්තරය ඔද්දල් කරමින් හඬාවැටෙන සිතිවිලි වලට තහංචි නොදමාම ඇය මත රිසිසේ තම ප්‍රේමය මුදාහරින්නට.

"ම්ම්.."

විණාරා කැවූ පීසා කැබැල්ල හපමින් කෝපි උගුරක් පානය කළ ආග්න ඇය මුව අබියසට කෝපි කෝප්පය දිගු කළේ විණාරාගේ උගුරෙහි පටක කවුරුන් හෝ තදින් මිරිකා අල්වාගන්නවා බඳු වේදනාවක් දැනෙද්දී. ඉඳින් ළය රිදුම් දෙන තරමටම වන ඔහු ප්‍රේමයට දරාගන්නට සවියක් නැහැ විටක ඇයට. මන්ද යත් වර්ෂාවක් දැක නොමැති කතරක් මෙන් කරුණාව දයාව නොලද ජීවිතයක් උරුම ඇයට ඔහු සියුම් කරුණාවත් මහමෙරක් තරමටම ප්‍රබල වූවක්.

විණාරා හෙමිහිටම කෝපි උගුරක් මුවට ගත්තේ ඈ දෑසෙහි මතුවුණ සිහින් කඳුළු පටලට අපූරුවට ඔහු දෙනෙතට හසුවද්දී.

Go easy on me, baby
I was still a child....

ඉඳින් හෙමිහිටම ගෙවෙන්නට වූයේ ඒ දෙහදට දැනුණ සුන්දරම මිනිත්තු... ප්‍රේමයෙන්, සොම්නතින් ඉතිර හදෙහි නහරක් ගාණේම ඉපිල යන ඒ හැඟීම විඳගත්තේ මුවින් නොකී කතා බොහොමයක් ඒ දෑසින් හුවමාරු වෙද්දී.

මොහොතකට පෙර ඇදහැළුණු වර්ෂාව හෙමිහිටම තුරල්ව ගොසින්. ආග්න විලසටම වෙනස් වන අඳුරු අහසෙහි වළාකුළු අතුරුදන්ව ගොසින්. ලී පොළව මත උඩුබැලි අතට වැතිරී හුන් ආග්නත්, ඔහු ආසන්නයෙන්ම එහාපසින් වැතිර හුන් විණාරාත් උන්නේ නෙතු පියාගෙන. මොහොතකට පෙර ඔහු දඟකාර හාදු වලින් නැහැවුණ උවනත්, දෙතොලත් වූයේ පොපියමින්. දෑස් පියාගෙන සන්සුන්ව හුස්ම ගනිමින් ආග්න උන්නේ මොහොතකට පෙර වින්ද ප්‍රේමණීය මිහිරියාවෙහි අතරමංව මෙන්.

හෙමිහිටම දෑස් විවර කළ විණාරාගේ දෙනෙතට හසුවූයේ වීදුරු වහළයට ඉහළින් වූ රෑ අහස. අතරින් පතර වන වලාකුළු වලට අස්සෙන් දිස්වන තාරකා එළිත්, වළාකුළු වලින් අඩක් ආවරණය වූ හඳත් අඳුරු අහස සරසා තිබ්බේ අපූරුවට.

අතිශය සුන්දර දර්ශනයක් විලසට දිස්වන රෑ අහස මත නෙතු අලවාන කල්පනාවෙහි නිරතව හිඳිනා විණාරාගේ උවන මත ආග්නගේ බැල්ම නවාතැන් ගත්තේ ඊට තප්පර දෙක තුනකට පෙර. ඉඳින් හඳ එළියෙනුත්, කුටියෙහි දොරටුවන් බැල්කනියට වැටී තිබූ ලා කහ පැහැ ආලෝකයෙනුත් කහ පැහැයට දිස්වූ ඈ උවනෙහි වූයේම නෙත නවතාලන අවිහිංසක සොඳුරු බවක්.

විණාරා තිගැස්සී ගියේ ලී පොළව මත තිබූ තමාගේ අතැඟිලි ඔහු උණුහුම් අතැඟිලි අතරට මැදිව යනවා දැනෙද්දී. ඇය හිස හරවා ඔහු උවන මතට නෙතු රැගෙන ආ නමුදු ආඩම්බරකාරයා උන්නේ උඩුබැලි අතට හැරී ඔහු නෙතු ආකාශයේ රඳවාන. නොදැනීම විණාරාගේ මුවෙහි ඇඳුණේ අවිහිංසකම ප්‍රේමණීය සිනහවක්.

තප්පර මිනිත්තු ගෙවුණේ හෙමිහිට. ප්‍රේමය... එය එතරම්ම තදට හෘදයන්හි ගැඹුර අල්වාන උන්නේ කිසිදා ඉදිරී නොයන්නක් පරිද්දෙන්. ඉඳින් විණාරා පැකිළීමකින් තොරවම ඈ නෙතු රඳවාන උන්නේ ඒ හිතුවක්කාර ආඩම්බරකාරයාගේ අසාමාන්‍ය ලෙස කඩවසම්ව දිස්වන ඒ උවන මත. ඉඳින් ඔහු ප්‍රේමය... තමාට එය තම ජීවිතයටත් වඩා වටිනා බව දන්නේ තමාම පමණක්.

දැනුණේම ඔහු උණුහුමේ වෙලෙන්නට අවැසි වගක්. දැනුණේම ළය පොපියවන ඒ දරාගත නොහැකි ප්‍රේමණීය හැඟුමන් පිටාර යවන්නට. අවැසි වූයේම ඒ නිරුවත් උණුහුම් ළය මත කම්මුල හොවාන ඔහු ළය ගැහෙනා රිද්මයෙන් හිත සනහාලන්නට. හිත ඉල්ලුවේම ඔහු දඟකාරම ප්‍රේමයෙන් ඇවිල යන්නට.

"හ්..."

ඉඳින් ආග්න එක්වරම තිගැස්සී ගියේ ළයට දැනුණු ස්පර්ෂයට... බඳ වටා එතුණ ඈ සිහින් අතෙහි උණුහුම් ස්පර්ෂයට... තම නග්න ළයෙහි තදවූ ඈ සුමුදු කොපුලක පහසට... ළය කිතිකවමින් රිද්මයානුකූලව ගිලිහෙණ ඈ උණුහුම් සුසුම් වල හිරියට.... ඉඳින් තම ආත්මයටම අයිතිවාසිකම් කියනා ගැහැණිය ඉදිරියෙහි හේතුවක් නොමැතිව සිල් රකින්නට අවැසි නෑ ඔහුට. ප්‍රේමයෙන්, නුරාවෙන් ගි|ණි ගෙන ඇවිලී ඈ මත්තේම නිවී යන්නට හිත කියද්දී ඔහු උණුහුම් අතැඟිලි ඈ අඩක් නිරාවරණිත කලවයක් මත නැවතුණේ ඈ දෑස් පියවී යද්දී.

මෘදුව නළල මත තැවරුණ චුමබනය ඈ දෑස් පියවද්දී ඔහු අතැඟිලි ඈ කලවය දිගේ  ඉහළට ඇදෙන්නට වූයේ හෙමිහිට.

"හ්හ්..."

ඉඳින් දඟකාරම ස්පර්ෂයන් ඇයව එක තප්පරයකින් අවුලුවා දමද්දී ඒ සිහින් අතැඟිලි වල නිය ඔහු නග්න බඳ මත තදව ගියේ තරමක් තදට. හෙමි හෙමින් ඒ දඟකාර අතැඟිලි වලින් වත රැඳි ඔහුගේම ශර්ටය ලෙහී යද්දී ගෙල දිගේ පහළට ඇදෙන ඔහු  හාදුවලින් ඈ විඳගත්තේම ප්‍රේමය. ඒ නපුරුම දෙනෙත් මත තැවරී තිබූ ඔහු අඩවන්, සරාගී දෙනෙත ඈ හැඟුම් අවුලුවද්දී ඔහු අතැඟිලි අතොරක් නැතුවම දඟකළේ ඈ නාරි දේහයේ වෛවර්ණ හැඟුම් තැවරුණ ඉසව් සොයා...

ඉඳින් නැවතත් හෙමිහිටම වැටෙන පොද වැස්සෙහි සීතල දැනුණද මොහොතින් මොහොත වුයේ ඒ සිරුරු උණුහුම් වෙමින්. ප්‍රේමයෙන් නුරාවෙන් හැඩවුණ සුසුම් ඈ වත පුරාම තැවරෙද්දී ඈ උන්නේ ඔහුටම නතුවීගෙන.

වෙනදාට තමන්ට නතුවී තමන්ව දරාගෙන හිඳිනා ඇයගෙන් ආග්න දුටුවේ වෙනසක්. වෙනදාට නිදිකුම්බා මලක මෙන් තම ස්පර්ෂයන්ට හැකිළෙන ඇය අද තමන්ටත් පෙර පෙති විදාලමින් විකසිත වන මලක් බඳුයි. හිරු කිරණ සොයමින් නැඹුරු වන සූර්යකාන්ත මලක් මෙන් ඇය තම ස්පර්ෂයන්ට අනුබල දෙන්නට වූයේ ඔහුව තවත් අවුලුවාලමින්.

වර්ෂාව මධ්‍යයේ ඒ මෘදු කළු දුඹුරුපැහැ ලී පොළව මත ඔවුන්ගේ ප්‍රේමයේ නුරා මතක සටහන් ඇඳෙන්නට වූයේ මොහොතින් මොහොත. ඉඳින් ඇද හැලෙන වර්ෂාව තීව්‍ර වද්දී ඔවුන් උන්නේ නුරා වැසි මත්තේම උණුහුමට තෙමිගෙන.

සියල්ල අවසන විණාරා ඔහු උණුහුම අස්සේ තම නග්න ගත හංගාගනිද්දී ඇයට දැනුණේ තමාව ඔහු සවිමත් බාහු මතට එසවී යන වගක්. ඉඳින් දෑස් විවර කරන්නට දැනුණ මැලිකම නිසා ඇය දෑස් පියාගෙනම ඔහු ළයෙහි කම්මුල හොවාගත්තේ සිහින් සිනාවක් මුවෙහි ඇඳෙද්දී.

'ඔහොම හිනාවෙන්න එපා විණාරා... පපුව අස්සට දැනෙණ ලෝබකම මටම දරාගන්න බෑ වගේ...'

ඉඳින් සාවියක සේ තම ළය අස්සටම ගුලි වන ඇයගේ අවිහිංසක සිනහව තම ළය ප්‍රේමණීය හැඟීමකින් උතුරවා මෙන් දමද්දී ආග්න මුමුණන්නට වූයේ හිතෙන්.

ඉඳින් ප්‍රවේශමෙන් ඇයව සයනය මතින් තබා බ්ලැන්කට්ටුවෙන් ඈ නග්න ගත පොරවා දැමූ ආග්න නෙතු නවතාගත්තේ ඈ උවන මත. ඉඳින් හෘදය පුරවාලන ඒ දරාගත නොහැකි හැඟුම උතුරායන්නට මෙන් තනද්දී ආග්නට වේගයෙන් ගැහෙන තම ළයට අතක් තබා ගත්තේ හෙමිහිට...

                    To be continued

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

Continue Reading

You'll Also Like

134K 2.7K 42
"So you gonna tutor me or what?" "Our love is like dividing by zero, you can't define it,"
32.2K 905 8
[COMPLETED] in which Lee Know keep sending message to his crush using her old email address. One day, his crush remembered the password and get in to...
30.6K 571 12
Someone gave me an idea for Sasuke and Naruto, so, here you go, and like always, I don't really know how this'll turn out, I usually just go with the...
1.5K 369 19
තමන් තුළින්ම තමන්වම සෙවීමට වෙර දරන ධෛර්යයවන්ත ඇය ... තම මාතෘ භූමියට නිතැතින්ම ප්‍රේම කරන ඇය.... තම සහෘදයන්ට හදවතින්ම බැඳි ඇය, හට...., හදවතින්ම ප්‍රේ...