දුඹුරු සඳ (100 සිට 149 දක්වා)

Od Aro_Yash

20K 889 7

100 වෙනි කොටසේ සිට 149 දක්වා පළ කිරීම Více

1-100 කෙටි සාරාංශයක්
100
101
102
103
104
105
106
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149

107

421 17 0
Od Aro_Yash

#දුඹුරු_සඳ_107

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

තම ප්‍රධානියාගේ දෙතොල් මත වූ හීන් හසරැල්ලත්, ඒ දෙනෙත් මත වූ දිස්නයත් දකිද්දී රොවේන්ට දැනුණේ සතුටක්. මන්ද යත් විඳවීම ජීවිතයේ කොටසක් කරගෙන හුන් ආග්න හදවතින්ම සිනාසෙන අයුරු පවා ඔහු දැක නැති තරම්.

"වට් ද ෆ...!"

එක්වරම රථයෙහි තිරිංග තද වූයේ ආග්න ගැස්සී යද්දී.

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ආග්නගේ මුහුණෙහි වූ හිනාව එක තප්පරයකට අතුරුදහන්ව යද්දී ඔහු දෙබැම රැළිවී ගියේ ඉදිරිපස වාහනය හරස් කර නවතා තිබෙන යතුරුපැදිය නෙත ගැටෙද්දී.

"ඔමේඝ්...!"

ඉඳින් රොවේන්ට මිමිණෙද්දී ආග්න වින්ඩ්ස්ක්‍රීනයෙන් ඉදිරියෙහි යතුපැදියෙන් බසින ඔමේඝ් මතට නෙතු යොමුවේ හිතට කෝපයක් දැනෙද්දී.

"මුගෙ අම්&*..."

ඔමේඝ් යතුපැදිය බැස හෙල්මටය ගලවා ඔවුන් උන් වාහනයේ බොනට්ටුව මත තබද්දී රොවේන්ට මිමුණුනේ ඉබේටම.

"සර් ඔහොමම ඉන්න..."

ඉඳින් ආග්නගේ දවස් ගණනාවක්ම අවුල් කර දමන්නට ඔමේඝ්ගේ ආගමනය බලපෑ හැකි බව දන්නා නිසාම රොවේන් වාහනයෙන් බැස්සේ කලබලෙන්.

"ඕහෝ... කටු කන එකා මුලින්ම බැස්සේ උඹේ මහලොකු බොසාව ඩිෆෙන්ස් කරන්නද?"

ඉඳින් ඔමේඝ් රොවේන්ට අපහාස කරන අයුරු සවනත තැවරෙද්දී ආග්නගේ දෑත් මිටමෙළවුණේ ඉබේම.

"ඔමේඝ් උ ඹේ බයික් කබල අහකට ගනින්..."

රොවේන්ට ඔමේඝ්ගේ වදන් සතපහකට වගක් නොවුණේ ඔහු කුමනාකාරයේ පුද්ගලයෙකුදැයි හොඳින්ම දන්නා නිසාවෙන්.

"ටහුඩු... මුගෙ පවර් එක යකෝ. අර ඇතුළෙ ඉන්න විසිකරන කටු කාලද මෙච්චර ගෙම්පර්?"

"උ ඹට මොකක්ද වෙන්න ඕනෙ කියපන්..."

වාහනයේ පසුපස ආග්න හුන් දොරටුව දෙසට යන්නට ගිය ඔමේඝ්ගේ මග හරස් කරමින් රොවේන් විමසූයේ ඔමේඝ් ඔහු දෙසට කෝපවත් බැල්මක් හෙලද්දී.

"රොවේන් සර්..."

ඉඳින් ඒ මොහොත වන විටත් පසුපස රථයෙහි හුන් ආග්නගේ ආරක්ෂකයින් සිව් දෙනෙකු වූයේ ආග්නගේ වාහනය අසල.

"ආහ්... අනිත් කුක්කො ටික ඇවිත්..."

මුහුණ උඩට හරවා හයියෙන්ම හිනහ වෙමින් ඔමේඝ් පවසන්නට වූයේ පපුව හරහා දෑත් බැඳගෙන.

"ඒ බන් සිරාවටම උ ඹ ලගෙ සර් මෙච්චරම බයද? යන යන තැන කුක්කො වටකරන් ඉන්නේ?"

මුව කොණකින් සිනහවක් නගාගෙන ඔමේඝ් විමසන්නට වූයේ රොවේන්ගෙයි.

"මෙහෙමයි ඔමේඝ්.  බල්'ලෙක් පාරෙ ගියා කියලා උගෙ පාර හරස් කරන්න මොකෙක්වත් එන්නෑනෙ නේ. දඩාවතේ යන බල්'ලන්ට සෙකියුරිටි ගාඩ් එකක් ඕනෙ නෑනේ. මොකද උන් කරන්නේ ඔය පාරෙ තියන ඩස්ට්බින් එකක් හාරලා කුණු ටිකක් හොයන් කනවා වගේ වැඩනෙ.

උ ඹ කියල වෙනසක් නෑ. උ ඹ ඉන්නවද නැද්ද කියලවත් මොකෙක්ටවත් අදාල නෑනේ..."

"උ'ඹ මටද යකෝ බ'ල්ලා කියන්නේ?"

ඔමේඝ් රොවේන් දෙසට පනිද්දී සිදුවුණ දෙයින් රොවේන්ගේ මුව කොණක හිනහවක් ඇඳුණේ ඉබේම.

"ඒයි..."

ආග්නගේ ආරක්ෂකයින්ගේ වෙපන් ටික ඔමේඝ් දෙසට දිගු වෙද්දී ඔමේඝ් පසුබැස්සේ ඉබේම.

"දඩාවතේ යන බල්'ලන්ට ආරක්ෂාවක් ඕන්නැති වුණාට බිස්නස් වර්ල්ඩ් එකේ බ්‍රෑන්ඩ් එකකට හයි සෙකියුරිටි එකක් ඕනේ බන්..."

ඔමේඝ්ගේ මූණටම නැඹුරු වී රොවේන් සමච්චල්සහගත හඬකින් පවසා ආපිට හැරුණේ ඔමේඝ් දත්කූරු කද්දී. ඊළඟ මොහොතේ රොවේන් ආග්න හුන් තැනට පැමිණ ඔහු අසල ශටරයට තට්ටු කරේ ආග්න ශටරය පහත් කරද්දී.

"සර්... අපි මූට මොකද කරන්නේ?"

ඉඳින් පැළඳ හුන් අව් කණ්ණාඩිය ගලවා අතට ගත් ආග්න දකිද්දී ඔමේඝ්ට දැනුණේ පුදුමයක්. වෙනදා තමාගේ එක වචනයකින් දෙකකින් අවුළුවාලන්නට හැකි පුද්ගලයාගේ දෙනෙතෙහි කෝපයක් වූවත් ඔහු තුල වූයේ සන්සුන් බවක්.

"ආ බොසා... හැමදේම අමතක කරලා ආතල් එකේ වර්ල්ඩ් ටුවර් එහෙමත් ගියාලු නේද?"

ඔමේඝ් ඉඳින් ආග්නගේ දරුණුම තැනට පහර දීමට වදන් ඇහිඳින්නට වූයේ ආග්නගේ සන්සුන්බව දරාගත නොහැකිව.

"මේ කු'ණුගොඩ පාරෙන් අයින් කරල දානවා..."

කෝපය පිරුණු නමුදු සන්සුන් බැල්මක් හෙළූ ආග්න එසේ පවසා නැවතත් අව් කණ්ණාඩිය දමාගත්තේ ඔමේඝ්ව සත පහකට වගක් නොකර. ඉඳින් රොවේන්ගේ මුහුණේ ඇඳුණේ ආඩම්බර හිනාවක්.

"හේයි බෲස්... යූ හර්ඩ් ඉට්?  ගෙට් රිඩ් ඔෆ් ද ට්‍රෑෂ්..."
(ඒ බෲස්.. ඇහුණනේ...  කුණුගොඩ පැත්තකට කරල දාන්න...)

රොවේන් පවසා ඊළඟ තප්පරයේ ආග්නගෙ ආරක්ෂකයෙක් ගොස් ඔමේඝ්ගේ හයබූසා යතුරුපැදිය හරවා ගත්තේ ඔමේඝ් කෑ ගසමින් ආරක්ෂකයා දෙසට යද්දී.

"ඒයි..."

නමුදු තවත් ආරක්ෂකයෙකු ඔමේඝ්ව ඇද දෑත් පසුපසට කර අඹරවා ඔහුව හේත්තු කරේ වාහනයේ බඳට.

"අතෑරපන්... අතෑරපන් යකෝ..."

ඔමේඝ් දඟලද්දී ආරක්ෂකයෙකු ඔමේඝ්ගේ යතුරුපැදිය මාර්ගයේ අගලට තල්ලු කර දැමුවේ කිසිදු අනුකම්පාවකින් තොරව.

"ඒයි කීවම අතෑරපන්..."

ඔමේඝ් දඟලද්දී ආරක්ෂකයින් රොවේන් දෙසට නෙතු යොමුවේ

'මූට මොකක්ද කරන්නේ?'

වැනි බැල්මක් සමඟ.

"මූට දෙකක් ඇන්නත් කමක් නෑ ටූනා..."

ආග්න ක්ෂණිකව ටූනා කෙටි නාමයෙන් හුන්  ආරක්ෂකයාගේ කනට කර මිමුණූ රොවේන් ආග්න හුන් වාහනයට ගොඩවූයේ රියදුරා නලාව හඬවන්නේ යා යුතු බව පවසන්නටැයි කියා දන්නා නිසාවෙන්.

ඉඳින් ඔමේඝ්ව පසෙකට ඇදගද්දී ආග්නත් රොවේනුත් රැගත් රථය ඉදිරියට ඇදෙන්නට වූයේ හෙමිහිට. නමුත් ආග්නගේ දෙබැම රැළිවුණේ එක් ආරක්ෂකයෙකු ඔමේඝ්ගේ උදරයට දණහිස නවා පහරක් එල්ල කර ඔහුව අගලට තල්ලු කර දමනවා දකිද්දී. රොවේන්ගේ මුව ඇදව ගියේ එය ආග්න දුටු බව නෙත ගැටෙද්දී.

"රොවේන්?"

ආග්න රොවේන්ව ඇමතුවේ තරවටු හඬකින්.

"සොරි සර්... සර් මට පනිෂ් කරත් කමක් නෑ  ඌට හොම්බට දෙකක් ඇනගන්න සෑහෙන කාලෙක ඉඳන් හෙන ආසාවක් තිබ්බ සර්..."

"සීරියස්ලි? මේව ඩෑඩ්ට මාට්ටු වුණාම ඔය ගැම්මෙන්ම උත්තර බඳිනවා ඕකේ..."

ආග්න දෑස් සිහින් පවසද්දී රොවේන් හිස කසන්නට වූයේ මුව ඇද කර.

"අරුන්ට එන්න කියනවා අයිසේ... වැඩ වණ කරගන්නෙ නැතුව..."

"හ්..හරි සර්.."

ඉඳින් ආරක්ෂකයින් තවත් ඔමේඝ්ට පහර දුනහොත් ගැටළුවක් වේවියැයි රොවේන්ටත් වැටහෙද්දී ඔහු ආරක්ෂකයින්ට ඇමතුමක් ලබාගත්තේ ආග්නගේ තියුණු බැල්ම වළකාලමින්.

තවත් මොහොතක් ගෙවෙද්දී තත්වය අතිශයින්ම සාමාන්‍යය අතට හැරුණේ ආග්න නැවතත් විණාරාගේ හඬට සවන් දෙද්දී.

"සර්..."

ඉඳින් රොවේන් උන්නේ ආග්නගේ හැසිරීම පිළිබඳව උතුරා යන සතුටකින්.

"සර් අද අර පි'ස්සා ඉස්සරහ බිහේව් කරපු විදිය මාරම කූල්..."

ඉඳින් රොවේන් හා ආග්න අතර වූයේ ස්වාමී සේවක බැඳීමට එහා ගිය මිත්‍රත්වයක්. සැබෑ කාරණය නම් ආද්නව්ටත් වඩා රොවේන් ආග්නට සමීපයි බොහෝ විට.

"පට්ට සර් ඒක සුපර් කූල්... ඌත් කොර වෙලා ගියා.."

ඉඳින් රොවේන්ගේ කියවිල්ල ආග්නට කරදරයක් වූයේ ඔහු ඒ පිළිබඳව ඕනෑවටත් වඩා කියවූ කාරණයටත් වඩා බ්ලූටූත් හෙඩ්සෙටය තුලින් සවනත තැවරෙන විණාරාගේ හඬට සවන්දීමට බාධාවක් වෙන නිසාවෙන්.

"ඕ කමෝන්... තමුන් ඕක දවසෙම කියවන්නද යන්නේ රොවේන්..."

"හහා... නෑ සර්.. ඒත් මං ෆුල් එක්සයිටඩ්... සර්ගෙ ෆර්ස්ට් ටයිම් එහෙම කූල් බිහේවියර් එකක් දැක්කේ..."

"දෙයියන්ගෙ නාමෙට ඕක නවත්තගන්නවා මනුස්සයෝ..."

ඉඳින් රොවේන්ගේ වදන් වලට තිරිංග තදවන පාටක් නොවෙද්දී ආග්න පවසන්නට වූයේ අතැඟිලි වල වූ සඟරාව මතින් නෙතු ඉවතට ගෙන රොවේන්ට තද බැල්මක් හෙළමින්.

"හ්ම්... ඒ කියන්නේ මේ වගේ කලර්ස් ආග්නගේ ස්කින් ටෝන් එකට මැච් වුණත්, කපල් ෆෝටෝ එකක් නිසා දෙන්නගෙම ස්කින් ටෝන් එකට මැච් වෙන කලර්ස් යූස් කරන්න ඕනෙ කියන එක?"

ඉඳින් විණාරා ඩෙරන් සමඟ කුළුපඟව මෙන් කතාකරද්දී ආග්නට දැනෙන්නට වූයේ සැනසීමක්. පාසල් කාලයේ පටන්ම විණාරා සමාජයෙන් හැංගී උන් ගුලෙන් එළියට ගන්නට තැත් කළද එය හුදෙක් නිශ්ඵලම උත්සහයක් වෙද්දී දැන් දැන් විණාරා තමන්ට තියන බය නිසාම සමාජය හා ගැටෙන්නට පියවර තබන්නේ හෙමිහිට.

"සර්... මං කීව නේද ඌ හැමතිස්සෙම හදන්නේ සර්ව අවුස්සන්න කියලා... හරියට නිකන් අර තමන්ගෙ වැරදි අනුන්ගේ අඩුපාඩු පිටින් දාන සෝෂල් මීඩියා කාරයො වගේ...

ඌ උගෙ අන්සක්සස් එකේ ඇරියස් එක සර්ගෙන් පිරිමහගන්න යන්නේ. ඌට තියෙන්නෙ පර්සනල් ඇරියස් එකටත් වඩා සර්ගෙ සක්සස් එක ගැනයි උගෙ ෆේලියර් එක ගැනයි ඇරියස් එකක්..."

ඉඳින් මිනිත්තු දෙක තුනක් ගෙවෙද්දී රොවේන් නැවතත් කාරය තුළ නිහඬතාවය බින්දේ ආග්නගේ සීතල තරවටු වගකට නොගෙන.

"අදනම් ඌ කොර වෙලා ගියා සර්... දැක්කෙ නැද්ද උගෙ බැල්ම... "

ඉඳින් රොවේන්ගේ උද්වේගකර වදන් මුව තුලම සිරව ගියේ ඔහුගේ ඒ දිලිසෙන දෙනෙතට වාහනයේ ඇතුළත කණ්ණාඩිය තුලින් ආග්නගේ දෙනෙත හමුවූ තප්පරයේ.

"ස්ටොප් ද කාර්..."

දෑස් සිහින් කරගෙන ආග්න රියදුරාට විධානයක් දෙද්දී රොවේන්ගේ මුව ඇදව ගියේ තමන්ගේ කියවිල්ල ඕනෑවට වැඩි වූ බව තම හිතම දොස් නගද්දී. ඉඳින් රොවේන් පසුපස හැරී බලද්දී ආග්න දෙතොල්පට එකිණෙක තද කර කෝපය සඟවාගත් සිනහවක් නගමින් අත වාහනයේ දොර දෙසට දිගු කරේ රොවේන්ට වාහනයෙන් බසින ලෙස හිසින් සන් කරමින්. ඉඳින් හිස කසමින් ආග්න හුන් වාහනයෙන් බැස ගත් රොවේන් තවත් මොහොතකින් පසුපස ආරක්ෂකයින්ගේ වාහනයට ගොඩවූවත් ඒ මුහුණේ වූයේ සිනහවක්.

"මොකක්ද කේස් එක රොවේන් සර්...බොසාට මල පැනලද?"

බෲස් විමසද්දී රොවේන්ගේ මුහුණේ ඇඳුණේ හිනාවක්.

"නෑ බන්...මං පෝඩ්ඩක් කට වරද්දගත්තා කීවොත් හරි වගේ..."

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ආග්නගේ කම්පනි එකට පැමිණෙන තුරුම සවන් දෙමින් උන්නේ විණාරාගේ හඬට.

"සර්..."

භූගත මහළේ සෝපානය අසල රථය නැවතුණ පසුද වගක් නොවූ ආග්න පියවි සිහියට පැමිණියේ වාහනය අසලට පැමිණ දොර හැරි ආරක්ෂකයාගේ හඬින්. ඉඳින් ආග්න හැව්ලොක් පෙදෙසෙහි පිහිටා තිබූ සුඛෝපභෝගීම සහ නවීනම මහල් ගණනාවකින් යුත් උස්  ගොඩනැගිල්ලෙහි සෝපානයට ඇතුළු වූයේ  ආරක්ෂකයින් පිරිවරාගෙන.

"ඒහ්... මොන ලෝකෙද උ|ඹ ඉන්නෙ කොල්ලෝ. තනියම හිනා වෙවී?"

තම කාර්යාල කාමරයේ කැරකෙන පුටුවෙහි යාන්තමට පැද්දෙමින් උන් ආග්නට වගක් වූයේ නෑ තමන්ගේ පියා එහි පැමිණියා කියා හෝ.

"ඩ්..ඩෑඩ්...?"

ආග්න කලබලයෙන් අසුනෙහි හරි බරි ගැහී වාඩිවූයේ ආග්නගේ පියා මද සිනහවක් සමඟ ආග්නගේ මේසය අසලට පැමිණෙද්දී.

"ඩෑඩ් තමා...ඩෑඩ් තමා..."

ආග්නගේ ඒ ශ්වේත වර්ණ මුහුණ රක්ත පැහැයට හැරෙන්නට එතරම් වේලාවක් නොගියේ ජීවිතයේ ප්‍රථම වතාවට එවන් අපහසුතාවයකට පත්වූ නිසාවෙන්. ඉඳින් මොහොතකට පසු තම පියා පිටත්ව යද්දී ආග්නගේ හිතට නැවතත් එබෙන්නට වූයේ විණාරා.

"වොට් ඊස් දිස් ඩැම්න් ෆීලින්ග් හාහ්?"
(මේ අමුතු විකාර ෆීලින්ග් එක මොකක්ද හාහ්?)

ඉඳින් කුමක්දෝ නොතේරෙන හැඟුමකින් හිත නලියන වගක් ආග්නට දැනුණේ ඉබේම.

"තමු'සෙව දාල ඇවිත් පැය බාගයක් යන්නත් කලින් පාලුයි කියල හිතෙන්නේ? වොට් නොන්සන්ස්!"
(මොන විකාරයක්ද!)

ආග්න එසේ මුමුණමින් තම ආසනයෙන් නැගී සිටියේ ව්‍යාපාරික හමුවට පිටත්ව යාමට වේලාව ආසන්න නිසාවෙන්.

"රොවේන්...ගෙට් රෙඩී...ඩොකියුමන්ට්ස් ඩබල් චෙක් කරාද?"

"ඔව් සර්..."

ව්‍යාපාරික හමුවෙන් පසුව ආග්නගේ හිත කීවේම ආපසු තම ආයතනයට යා නොහැකි බව. නමුත් සිහිවූයේ පියා පැමිණ ලබාදුන් යුරෝපයේ සුප්‍රසිද්ධ කොස්ටූම් සමාගමක ව්‍යාපෘතියකට අත දැමීමට අවැසි තොරතුරු.

ඉඳින් එයට පිළිබඳව සොයාබලා, කරුණු රැස්කර යෝජනාව හා ඇස්තමේන්තු සැකසීමට ඉතිරිව තිබෙන්නේ දින කිහිපයක්. ඉඳින් තමා ප්‍රමාද නොවීම එය පිළිබඳව සොයා බලා ආයතනයේ අධ්‍යක්ෂකවරුන්ට අදාල උපදෙස් ලබා දිය යුතු බැවින් ආග්න ආපසු තම ආයතනයට පැමිණියේ හිත දැඩි කරගෙන.

"ට්‍රැෆික් නැති ඕනෙ කෙහෙම්මලකින් ෆාස්ට් යන්."

ඉඳින් විඩාබර, කාර්යබහුල දිනක් අවසානයේ ආග්නට නිවසට යන්නට වූයේ පෙර කවමදාකවත් නොවූ හදිසියක්. ඉඳින් වසර ගණනාවක් තිස්සේම හිත අභ්‍යන්තරයේම  ලෝදියෙන් පිළිස්සෙන තැන තුවාලයෙහි වේදනාවෙහි අංශු මාත්‍රයක හෝ වෙනසක් වූවේ නැහැ. නමුදු ආග්නගේ උන්නේ රියැලිටියෙන් ඔබ්බට ගොස් ෆැන්ටසියක අතරමංව මෙන් ඒ වේදනා සියල්ලම අමතක කරන්නට උත්සහ දරමින්. කෙදිනකවත් එය සාර්ථක වේවියැයි නොසිතූ ආග්නට දැනුණේ එය පුදුමයක් වෙමින් සාර්ථක වන අයුරු.

'මං හිතුවෙ....කවදාවත් මට ඒ දේවල් අමතක කරලා තමු'සෙගෙ මූණ දිහා බලන්න බැරිවෙයි කියල විණාරා...

ඔය රැවටිලිකාර ඇස් දිහා බලන්න බැරිවෙයි කියලා...

ඒත්... ඒ ඇස් අස්සෙ තියන අහිංසකකම මට මාවම අමතක කරවනවා වෙලාවකට.'

අධිසුඛෝපබෝගී රථයේ පසුපස ආසනයට හේත්තු වීගෙන දෑස් පියන් හිඳිනා ආග්න සිතුවිලි අතර යන්නට වූයේ බොහෝ දුරක.

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

"ගුඩ් ඊවිනින්ග් අම්මා..."

ඉඳින් ඒ සුවිසල් මන්දිරයට ගොඩවද්දීම ආග්නගේ නෙත ගැටුණේ ආලින්දයට වීගෙන තේ පානය කරනා තම මව. ආග්න මව අසලට ගොස් ඇය කම්මුලක හාදුවක් තවරා ආග්න පවසන්නට වූයේ සිනහවකින් තොරව.

"මහන්සි පාටයි මගෙ පැටියට..."

ආග්නගේ මව ඔහුගේ හිස පිරිමැද පවසන්නට වුණේ ආදරයෙන්.

"ම්ම්... යන්න. ගිහින් වොශ් එකක් දාන් රෙස්ට් කරන්න."

ඉඳින් පමා නොවීම ආග්න උඩු මහළට යන්නට තිබූ සෝපානයට ගොඩවූයේ තෙවන මහළ තෙක් පියගැටපෙළ නගින්නට කම්මැලිකමක් දැනෙද්දී. යන මග අතරතුර බ්ලේසරය ගලවා අතට ගත් ආග්න කුටියට පැමිණියේ ටයි ගැටය බුරුල් කරමින්.

'මොන කෙහෙම්මලක ගිහින්ද?'

නමුදු කුටියට ඇතුළු වූ තප්පරයේම ආග්නගේ මුහුණ හැකිළී ගියේ කුටිය පුරාවට සක්මන් කළ බැල්මට විණාරාව හසු නොවෙද්දී. නමුදු ආග්නගේ දෙනෙත සිහින් වුණේ බැල්කනියට යන දොරටුව විවරව තිබෙන අයුරු නෙත ගැටෙද්දී.

බැල්කනියෙහි බැම්ම මත තේ කෝප්පය තබාන දුර ඈත රාත්‍රී අහස මත්තේ නෙතු යොමාන හුන් විණාරා තිගැස්සී ගියේ තම බඳ වටා එතුණ දැත් පහසකට. ඉඳින් නැහැස් පුඩු වල තැවරී ගිය ඒ මිල අධික ප්‍රංශ පිරිමි විලවුන් සුවඳින්ම ඔහුව හඳුනාගැනීමට තත්පරයක්වත් ගතවුණේ නැහැ ඇයට.

පසුපසින් පැමිණ විණාරාගේ බඳ හරහා දෑතම දමා ඇයව ඔහු වැළඳගත්තේ හිතට අවනතව. විණාරාගේ තරමක් තෙත කොණ්ඩයෙන් හමන ලෝරියල් පැරිස් ෂැම්පු සුවඳ ග්‍රහණය වෙද්දී ඔහුට දැනුණේම දිනක් මුලුල්ලේ දැනුණ තෙහෙට්ටුව, පාළුව එක් ක්ෂණයකින් අතුරුදන්ව ගිය වගක්. ආග්න ඒ  නිකට විණාරාගේ උරහිස උඩින් තියාගත්තේ විණාරා හැඳවුන් තුනී ඇඳුම විනිවිද යන රැවුල් කොට උරහිසෙහි තදවෙද්දී. දැනෙන්නේ සියුම් වේදනාවක් වූවත් වේගයෙන් ගැහෙන හදවත කියන්නේම ඒ සියුම් වේදනාවට කැමති බව.

"හ්හ්..."

විණාරාට හුස්මක් ඉහළට ඇදුණේ තම ගෙළ හිතුවක්කාරයාගේ දසන් අතරට මෘදුව මැදිවී යද්දී.

"හව් ඩිඩ් ඉට් වෙන්ට්?"
(ඒ වැඩේ කොහොමද?)

තමා මෘදුව සැපුමක් තැබූ ස්ථානයේ හාදුවක් තබමින් ආග්න විමසන්නේ තමා විණාරාට බාරදුන් වගකීම පිළිබඳව කිසිවක් නොදන්නා අයෙකු විලසට.

"ඒක කරාද?"

ඉඳින් නැවතත් ආග්න විමසන්නට වූයේ ඔහු දඟකාර අතැඟිලි විණාරාගේ බඳ පුරා රටාවකට මෙන් එහෙ මෙහෙ වෙද්දී.

"ඔ..ඔව්"

විණාරා උගුරෙන් මෙන් වදන් අමුණන්නට වූයේ ඔහු දඟකාර ස්පර්ෂන් ඇයව නොසන්සුන් කරද්දී.

"ඔව් කීවේ?"

ඔහු විමසන්නට වූයේ ගෙළ දිගේ ඉහළට පැමිණ ආග්නගේ දෙතොල් විණාරාගේ සවනෙහි ස්පර්ෂව යද්දී.

"ඩ්..ඩිස..යින් එක... හ්හ්"

ඉඳින් විණාරා පිළිතුරු බඳින්නට තැත් කළත් ඇයව නැවතත් හැකිළී ගියේ ආග්නගේ දඟකාර අතැඟිලි ඇයව ඇවිලෙන ඉසව්වක් කරා යද්දී.

"ම්ම්...ඩිසයින් එක. ඉතින්?"

ආග්න විමසන්නේ ඈ සවන දෙතොලින් අල්වා ගනිමින්.

"ඒ..ක ෆයි..නලයිස් ක්..කරා..."

"ම්ම් ගුඩ්..."

                       #To_be_continued

Pokračovat ve čtení

Mohlo by se ti líbit

34.3K 749 26
Enchanted forest evilcharming fanfiction
7.8K 1.6K 20
පවිත්‍ර ලේ තියන සුදු මකරියක්...... මකර වංශ තුනේම අදි රජු වෙන්න මකර කුමරියව හොයන කලු මකරෙක්...... මේ මුකුත් නොදන්න මොංගල් කෙල්ලෙක්
10K 2K 15
දෙමව්පියෝ...සහෝදරයෝ විතරන් නෙමේ හොදම යාලුවෝ දෙන්නායි Boy Friend යි හැමෝම එක දවසින් ඔයාව ප්‍රතික්ශේප කරොත්....කොටින්ම කිව්වොත් ඔයාව ගෙදරින් එලියට ඇදලා...
40.3K 865 13
"How can you do this to me?!" I yell. "We're sorry, Jungkook," They say. "Sorry, my ass," I spat.