දුඹුරු සඳ (100 සිට 149 දක්වා)

By Aro_Yash

20K 888 7

100 වෙනි කොටසේ සිට 149 දක්වා පළ කිරීම More

1-100 කෙටි සාරාංශයක්
100
101
102
103
104
105
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149

106

407 16 0
By Aro_Yash

#දුඹුරු_සඳ_106

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

"උඹ...!"

ඊළඟ මොහොතේ ආග්න විණාරාව අත නෑරම වේගයෙන් පියගැටපෙළ බැස ඒ පුද්ගලයා උන් දෙසට ගමන් කරන්නට වූයේ දැඩි කෝපයකින්.

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

පියගැටපෙළ පාමුළ උන් සායිරාගේ දෙපා ගල්වූයේ ආග්නව දුටු තප්පරයේම. ආග්නගේ රත්පැහැ ගැන්වුණ දෙනෙත දුටු තප්පරයේම සායිරාගේ ගතම කිළිපොලාගෙන ගියේ ඔහු කේන්තිය ගැන හොඳින්ම දන්නා නිසාවෙන්.

"මල්ලි!"

ඉඳින් පහළම මහළේ ආලින්දයේ හුන් ආද්නව් පහළ උන් සායිරාත් පිඹගෙන එන ආග්නවත් දුටු තප්පරයේම ආග්නට කතා කරන්නට වූයේ උස් හඬින්. නමුදු ආග්නගේ නැවතීමක් වූයේ නැහැ.

"උ|ඹ මොකක්ද යකෝ මෙහෙ කරන්නේ?"

සායිරා සිංහල නොදන්නා බවක් දන්නා ආග්න සිංහලෙන්ම එය විමසන්නට වුණේ කෝපයට එයත් අමතකව යද්දී.

"ආ..ගු භා..යි..."

බියපත් නෙතු ඔහු දැවෙන නෙතු වලින් මගහරිමින් සායිරා මුමුණන්නට වූයේ දුබල, බියපත් හඬකින්. ඉඳින් කෙතරම් නපුරු, දුෂ්ට චරිතයක් වූවත් සායිරා ආග්නගේ කේන්තියට දක්වන්නේ දැඩි බියක්. මන්ද යත් කිහිප වරක්ම ඔහු කෝපයෙන් වියරු වැටුණ අවස්ථා ඇස ගැටී ඇති නිසාවෙන්. ඒ සියල්ලටත් වඩා සායිරා බිය වූයේ ආග්නගෙන් ඈත්ව යන්නට.

"උ|ඹට මං මොකක්ද කීවෙ සායිරා? මොකක්ද කීවේ?"

විණාරාගේ අත අතනෑරම ආග්න විමසන්නට වූයේ සායිරාගේ මුහුණට එබෙමින්.

"ම්..මම... ආගු භා..යි"

"කටවහපන්! මගෙ දෑහට නොපෙනී පල|යන් සායිරා. උ|ඹව දකිනකොට මගෙ මුළු දවසම මූසල වෙලා යනවා...

ගෙට් ලොස්ට්! උ|ඹට ආයෙ මේ ගෙදර පය ගහන්නවත් බෑ!

මගෙ ඇස් ඉස්සරහට එන්නෙ නැතුව මක*විලා පල|යන්!"

දබරැඟිල්ල උරුක් කරමින් ආග්න ඇයට කළේ තර්ජනයක්.

"මල්ලි..."

ආද්නව් ආග්න අසලටම පැමිණ ආග්නගේ උරහිසකට අතක් තැබුවේ ආග්න සායිරාට පහර දේවියැයි හිතට දැනුණ බිය නිසාවෙන්.

"ග්‍රීස් වලින් ඉන්දියාවට යවපු එකී මෙහෙ ඉන්නෙ කොහොමද?"

ආග්න ආද්නව්ගෙන් විමසන්නට වූයේ කෝපයෙන්.

"සායිරා ලංකාවෙ ප්‍රොජෙක්ට් එකක් කරනවා. මාස හයක් යනකන් ලංකාවෙ ඉන්න වෙනවා."

"ප්‍රොජෙක්ට්? මටනම් මේකිව සතපහකට ශුවර් නෑ. මොන මගුල කරත් මේකි ආයෙ මගෙ ඇස් ඉස්සරහට ආවොත් මං මොනව කරයිද දන්නෑ අයියා!"

ආග්න පවසන්නට වූයේ පිළිකුල්සහගත බැල්මක් සායිරා වෙතට හෙළමින්.

"නෑ නෑ. සායිරාට ඉන්න අපාර්ට්මන්ට් එකක් ඇරේන්ජ් කරලා තියෙන්නේ.

මෙයා මෙහෙ ආවේ එයාගෙ ලගේජස් වගයක් අරන් යන්න."

ආද්නව් එලෙස පවසා සායිරා දෙස බලද්දී සායිරා කළේ බියපත්ව හිස උඩට පහලට සෙලවීම.

"මොන මගු|ලක ගියත් කමක් නෑ මොන හේතුවකටවත් උ|ඹට ආයෙ මෙහෙ එන්න බෑ. කොටින්ම ෆැමිලි ෆන්ක්ෂන් එකකටවත් එන්න බෑ.

මොකද සර්පයො ගේ අස්සෙ දාගන්න මං කැමති නෑ. ආයෙම මේ ගෙදරට අඩියක් ගහල තිබ්බොත් තමුසෙව මෙහෙන් විතරක් නෙමේ රාජ්නව් පවුලෙන්ම බෙල්ලෙන් ඇදල දාන්නේ මං!"

ඉඳින් ආග්න පවසන වදනක් ගාණේම සායිරාගේ හිතෙහි වෛරය පිරෙන්නට වූයේ විණාරා පිළිබඳව. නමුත් ඇයට කළේ දුක්මුසු මුහුණින්ම කඳුළු සලමින් ආග්නගේ අනුකම්පාව ගැනීමට තැත් කිරීම. ඇයව දවා හළුවන බැල්මක් යොමා ආපිට හැරුණු ආග්නගේ දෙපා නැවතුණෙ එක්වරම සිදුවූ දෙයින්.

"අනේ ආගු භා..යි..."

අත වූ ලගේජය අතහරිමින් සායිරා දණින් වැටුණේ ආග්නගේ කකුල බදාගනිමින්.

"අනේ මට සමාවෙන්න... අනේ ප්ලීස් ආගු භායි මට සමාව දෙන්න..."

ඉඳින් ආග්න කකුල ගසා දමා ඇයව ගලවා දමන්නට තැත් කළත් සායිර උන්නේ කූඬැල්ලියක මෙන් ආග්නගේ කකුල බදාගෙන.

"පැත්තකට වෙයන් සායිරා!"

ඉඳින් ආග්නගේ කෝපය වැඩි වෙද්දී ආග්න ගුගුලේ කෝපයෙන්.

"අනේ මං ආයෙ මෙහෙ එන්නෑ...

පොරොන්දු වෙනවා ආයෙ කවදාවත් මෙහෙ එන්නෙ නෑ කියලා... ඒත් මට සමාව දෙන්න ආගු භායි"

ඉඳින් සායිරා වැලහින්නක් මෙන් හඬා වැළපෙමින් ආග්නගෙන් අයදිද්දී ආද්නව්ට, විණාරාට පවා දැනුණේ අනුකම්පාවක්.

"අනේ...මං ඒක හිතල කරේ නෑ.. එවෙලේ මට මොනව වුණාද දන්නෑ.

අනේ මට සමාවෙන්න විණාරා දීදී... මට සමාවෙන්න."

ආග්නගේ දෙපා පාමුල වැටී සායිරා කඳුළු පිරුණ දෑතින් විණාරා දෙස බලා අයදින්නට වූයේ අසරණ බැල්මකින්.

"මං ඒ හැමදේම කරේ මං ඔයාට ආදරේ නිසා ආගු භායි...

මං දන්න කාලෙක ඉඳන් මං ඔයාට ආදරේ කරා..."

ඉඳින් ආග්නගේ දෙබැම රැලිවී ගියේ සායිරා හඬමින්ම පවසද්දී.

"ඔයා විණාරා දීදීව මැරි කරාම මට ඒක දරාගන්න බැරි වුණා...

ඒත් මම හැමවෙලේම හැදුවේ ඔයාව අමතක කරන්න. ඔයා දැන් මගෙ නෙමෙයි නිසා.

ඒත්..."

ඉඳින් විණාරාට සායිරා පිළිබඳව අනුකම්පාවක් දැනුනත් ඇය ආග්න ඉදිරියේ තම ප්‍රේමය ප්‍රකාශ කරද්දී දැනුණේ දැඩි ඊර්ෂ්‍යාවක්. ඉඳින් ආග්න... ඔහු තමාගේ! තමන්ගේ විතරම වග හිත කියද්දී විණාරා කළේ ආග්නගේ අතකට මැදිව තිබූ අතැඟිලි වල ග්‍රහණය වැඩි කරමින් අනෙක් අතත් ඔහු බාහුව මත තබා ගැනීම.

"ඒත් එදා ඔයා විණාරා දීදීට එහෙම ළං වෙලා ඉන්නව දකිද්දී මට මොනව වුණාද මං දන්නෑ.

මට ආව තරහට එවෙලෙ එහෙම වුණේ..."

සායිරා තමන්වම සාධාරණීකරණය කරගන්නා වදන් පිළිබඳව ආග්නටනම් දැනුණේ පිළිකුලක්.

"සීරියස්ලි? තමු|සෙට ආදරේ ඉස්සරහ මනුස්සකමුත් අමතක වෙනවනේ.

ඔය කියන විදියට තමු|සෙට ආයෙම තරහ ගිහින් ඊට වඩා දෙයක් කරත් එච්චරනෙ ඕයි. බයිල ගහන්නැතුව මාව අතෑරපන් සායිරා."

"මං ආයෙ එහෙම කරන්නෑ... ප්‍රොමිස්...

මං එහෙම කරන්නෑ ආගු භායි...විණාරා දීදී... පුළුවන්නම් මට සමාව දෙන්න...

මං ආයෙ ඔයාලා ඉස්සරහටවත් එන්නෑ... මට සමාවෙන්න."

ඉඳින් සායිරා හඬමින්, කඳුළු පිසදමමින් නැගිට නැවතත් ඉන්දියානු ක්‍රමයට විණාරාගේත් ආග්නගේත් දෙපා නැමදුවේ හිත අභ්‍යන්තරයේ දැඩි වෛරයකින් දැවෙමින්.

සායිරාව සත පහකට හෝ ගණන් නොගෙන ආග්න විණාරාගේත් අතින් අල්වාන පිටත්ව යද්දී බිම වැටීහුන් සායිරා කඳුළු පිරි දෙනෙතින් බලා හිඳින්නට වූයේ ඔවුන් දෙස.

'හිඟ|න්නි! උ|ඹ නිසා තමයි හැමදේම...

මගෙ ආගු භායි කවදාවත් නැතුව මට මෙහෙම සැලකුවේ කොහෙවත් නැති කලු දෑවක් නිසා! හිඟන බැ&*!'

එක් තප්පරයකට එතරම් වේලාවක් හෙළූ කඳුළැලි වියලී යද්දී සායිරා නිවසේ ප්‍රධාන දොරටුව දෙසට ඇවිදන් යන විණාරා දෙස බලාන උන්නේ ඇතුළත වෛරයෙන් දැවෙද්දී.

"සායිරා... නැගිටින්න."

ඉඳින් මදකට වෙනස්වී තිබූ සායිරාගේ මුහුණට නැවත දුක්බර ඉරියව් ආරෝපණය වූයේ ආද්නව්ගේ හඬට.

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

"ගුඩ් මෝර්නින්ග් සර්...මෑම් ගුඩ් මෝර්නින්ග්..."

ඒ විසල් මන්දිරයෙහි පෝටිකෝව යට නවතා තිබූ rezvani  රථයෙහි දොරටු ආරක්ෂකයෙකු විවර කරද්දී රොවේන් ඔවුනට පවසන්නට වූයේ සිනහවකින් මුව සරසාන. නමුදු ආග්නගේ කෝපය පිරුණු බැල්ම නෙත ගැටෙද්දී රොවේන්ට වැටහී ගියේ ඔහුගෙන්නම් අද දවසටම ගිණිපුපුරු විහිදෙන බවක්.

"ගුඩ් මෝර්නින්ග්..."

ආග්න විණාරාගේ අත අතැර කාරයේ අනෙක් පස පසුපස දොරටුව අසලට යද්දී ආරක්ෂකයා ඒ පසට දිවගියේ කලබලයෙන්. ඒ ඇහිල්ලේ විණාරා රොවේන්ට සුබපතන්නට වූයේ සිහින් හඬින්.

"ගෙට් ඉන් මෑම්..."

ඉඳින් රොවේන්ගේ මුහුණේ හිනාවක් ඇඳෙද්දී රොවේන් විණාරා වාහනයට ගොඩවුණ පසු දොර වසා දමා ඉදිරිපස මගී අසුනට ගොඩවුණේ ඉදිරිපස වාහනයේ ආරක්ෂකයෙකුට වාහනට ගන්නට සන් කරමින්.

"මිස්ටර් නුමාර් එක්ක මීටින්ග් එක තියෙන්නේ කීයටද රොවේන්?"

වාහනය ඉදිරියට ඇදෙද්දී ආග්න විමසන්නට වූයේ වමත ගසමින් කෝට් අතට ආවරණය වී තිබූ ලෝකප්‍රකට වෙළඳ සන්නාමයක ලිමිටඩ් එඩිෂන් එකක් වූ ප්ලැටිනම් ඔරලෝසු මුහුණතට නෙතු යොමමින්.

"නයින් තර්ටි සර්..."

"වෙනූ එක?"

ආග්න විමසන්නට වූයේ දෙබැම රැළි කරමින්.

"ෂ්‍රැංග්‍රිලා එකේ තියෙන්නේ සර්..."

ආග්න හිස වනා දෙනෙත් ගෙන එන්නට වූයේ විණාරා මතට.

"වෙයාර්ස් ඔමෙලි?"

"ගාර්ඩ්ස්ල එක්ක පිටිපස්සෙ වෙහිකල් එකේ එනව සර්..."

"අනෙක් වෙහිකල් එක?"

"ඒකත් පිටිපස්සෙන් එනව සර්..."

"එඩී ඉන්න වෙහිකල් එක මෙයාලගෙ ගාර්ඩ් එකට තියන්න..."

ඉඳින් ආග්නගේ ආරක්ෂකයින් අතර විශ්වාසවන්ත, දක්ෂම ආරක්ෂකයෙකු ඔහු විණාරාගේ ආරක්ෂාවට යෙදවූවේ දෙවරක් නොහිතාම.

"හරි සර්..."

ඉඳින් මිනිත්තු ගෙවෙන්නට වූයේ විණාරාට යම් තිගැස්මක් දැනෙද්දී. සායිරාගේ ගැටළුවටත් වඩා විණාරාගේ මනසෙහි හොල්මන් කරමින් තිබුණේ ආග්න ඔහුටත්, තමාටත් එලැඹෙන විසල් ව්‍යාපාරික හමුව සඳහා තමාට ඇඳුම් තෝරාගන්නට දුන් වගකීම බරට දැනෙද්දී.

මන්ද යත් ආග්න යනු එදා පටන්ම තමන්ගේ භාහිර ස්වරූපය පිළිබඳව දැඩිව තැකූ අයෙක්. ඉඳින් එය පාසල් කාලයේ පටන්ම ඔහුට තිබූ පුරුද්දක්. ඔහු තමා පළඳින සපත්තු කුට්ටම පවා ඇඳුමට ගලපන්නේ කුඩා කල පටන්ම. බොහෝ අවස්ථාවල ඔහු අඳින පළඳින ආකාරය ඔහුගේ බිලියනයර් ව්‍යාපාරිකයා යන චරිතයටත් බලපාන දෙයක්.

එමෙන්ම ඇතැම් අවස්ථා වල ලෝකප්‍රකට නළු නිළියන් පවාත් ගණුදෙනු වලට සම්බන්ධ වන, නිරන්තරයෙන්ම පුවත්පත් වල පැපරාසි ඡායාරූප පළවීම හේතු කොටගෙන ආග්නට තමාගේ ඇපියරන්ස් එක පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වූවා. ඒ සියල්ලටත් වඩා පුරුද්දක් වශයෙන් ඔහු ඒ සියල්ලම ඉතා පිළිවලට කරගෙන එන අයෙක්.

ඉඳින් විණාරාට සිහිවූයේ එක් වරක් ආග්න නියම කළ වර්ණයට මද වෙනස්කමකින් යුත් වර්ණයකින් ඔහුගේ ඇඳුම නිර්මාණය කළ ලෝකප්‍රකට නිර්මාණ ශිල්පියාට ඔහු දොස් නැගූ අයුරුත් එම ඇඳුම විනාශ කර දමා එතනින් නොනැවතී ඔහු සහභාගි වන්නට ගිය සාදයට සහභාගි නොවුණ අයුරුත්. සිතුවිලි අතර අතරමංව සිටි විණාරා තිගැස්සී ගියේ තම ඔඩොක්කුව මතට කුමක් හෝ වැටෙනු දැනෙද්දී.

ඉඳින් ඈ තිගැස්සී ගිය නෙතු වලට හසුවූයේ ඔඩොක්කුව මත තිබෙනා සඟරාවක්. ලෝකප්‍රකට නිරූපන සන්නාමයක් සහිත එම සඟරාව විණාරා අතැඟිලි වලට මැදිකරගත්තේ ආග්න දෙසට හෙමිහිටම නෙතු හරවමින්.

"ලුක්..."
(බලන්න.. )

ආග්න විණාරාගේ ඔඩොක්කුව මත වූ සඟරාවෙහි කවර් පේජ් එක මතට තම දබරැඟිල්ලෙන් තට්ටු කරමින් ආග්න මුව විවර කරේ ඈ උවන දෙසට දෙනෙත් ගෙන එමින්.

"අද තමුන් සිලෙක්ට් කරන ඩ්‍රසස් තමා මේ මැගසින් එකේ නෙක්ස්ට් මන්ත් කවර් එකේ තියෙන්නේ..."

ඉඳින් වගක් නොමැතිවම ආග්න පවසද්දී විණාරාගේ දෙනෙත් විසල්ව ගියේ, පුදුමය නම් හැඟීම ඒ මුහුණ පුරා පැතිරී යද්දී.

"සෝ... කීප් රිමෙම්බර් ටු මේක් අ බෙටර් සිලෙක්ෂන්..."
(ඒ නිසා...හොඳම තේරීමක් කරන්න මතක තියාගන්න...)

ඉඳින් ආග්නගේ මුවින් පිටදුණේ  සාමාන්‍ය මෘදු හඬක් වූවත් විණාරානම් උන්නේ බියපත්ව. ඒ දැනුණු බිය නිසාම වාහනය තුළ වායුසමීකරණය කළ තිබියදීත් විණාරාගේ උඩු තොලත් නාසයත් අතර  දිලිහෙන්නට වූයේ හීන් ඩාබිඳු කිහිපයක්. ආග්නගේ සන්සුන් දෙනෙත ඈ උවන මතම නැවතීගෙන තිබුණද විණාරා කල්පනාවකට වැටුණේ සඟරාව මත වූ අතැඟිලි එකිණෙක පැටලෙද්දී.

ඉඳින් ඈ ඉරියව් නෙත ගැටෙද්දී ආග්නට වැටහී ගියේ තමා ඇයට දුන් වගකීම හමුවේ විණාරා හිඳින්නේ ඕනෑවටත් වඩා තැතිගෙන, බියවීගෙන බව. හුස්මක් ගිලිහෙද්දී ආග්න අත ඉදිරියට දිගු කරේ විණාරා තිගැස්සී යද්දී. නමුදු ඊළඟ මොහොතේ ආග්න විණාරා දෙසට නැඹුරුව මහපටැගිල්ලෙන් විණාරාගේ උඩු තොලට ඉහළ වූ ඩා බිඳු කිහිපය පිස දැම්මේ එක් ඇහිබැමක් ඔසවමින්. ඊළඟට ආග්න නැඹුරු වූයේ විණාරාගේ සවනතට.

"වට්? මෙච්චර බයවෙන්න මං තමු|සෙට වෙපන් එකක් දීලා බැට්ල් ෆීල්ඩ් එකකටද යන්න කීවේ ම්ම්?"

ඉඳින් ඔහු හිතාමතාම ඇයට සමීපවම ඒ වදන් අමුණන්නට වූයේ ඔහු මුවින් ගිලිහෙන වදනක් ගාණේම ගිලිහෙන සුසුම් සරින් දැනෙණ කිතියට විණාරා හැකිළී යද්දී.

"ජස්ට් බී රිලැක්ස් විණාරා. අනවශ්‍ය තැන් වල අනවශ්‍ය විදියට බය වෙන්න එපා. නෙවර් ඩූ දැට්!"

ඊළඟ මොහොතේ ආග්නගේ අතැඟිලි නතරව ගියේ සඟරාව මත වූ විණාරාගේ එක් අතක් මත.

"මේක වැරදුණා කියලා මම ත|මුසෙව කන්නෙ නෑ."

ආග්න පහත් හඬින් පවසද්දී විණාරාට දැනුණේ යම් සැහැල්ලුවක්. ඈ හෙමිහිට ඒ දෑස් කරකවා ආග්නගේ මුහුණ දෙස බලන්නට වූයේ යම් චකිතයක් දැනෙද්දී. ඉඳින් ඇයට සිතුණේ ග්‍රීක සවාරියේ සිටම මේ වන තෙක්ම ආග්නගේ හැසිරීම එන්න එන්නම මෘදු වන වගක්.

"මේක අවුල් ගියොත් මෙතනට වැටෙන ඩ්‍රස් එක වෙනස් වෙන එක විතරයි වෙන්නේ..

සෝ ඩෝන්ට් බී දිස් මච් නර්වස්. ජස්ට් ට්‍රයි ටු මේක් යෝර් බෙස්ට්."
(ඒ නිසා ඔච්චර කලබල වෙන්න එපා. ඔයාගෙ උපරිමෙන් කරන්න ට්‍රයි කරොත් ඇති.)

එසේ පවසා ආග්න ඈ අසලින් මෑත් වූයේ ඒ කොපුලක් මද කෙටි හාදුවක් තවරමින්. අවසන විණාරාව මගින් බස්සවා ඔමෙලිටත්, ආරක්ෂකයින්ටත් ඇගේ වගකීම බාර දුන් ආග්න රැගත් කාරය ඉගිල යද්දී විණාරාට දැනුණේ පාළුවක්. ඉඳින් හදවත ගැහෙන වගක් දැනෙන්නේම ඒ අග්නිය තමා අසලම දැවටෙද්දී.

"දිස් වේ මෑම්..."

🤎🌙__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ආරක්ෂකයින් සමඟ විණාරා ඒ සුවිසල් ගොඩනැගිල්ලේ අදාල මහළ වෙත පියමැන්නේ හුස්මක් ගෙන. අවසන ඔමෙලි හා ආරක්ෂකයින් දෙදෙනකු සමඟින් විණාරා නැවතුණේ ලෝකප්‍රකට මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වූ ඩෙරන්ගේ පෞද්ගලික කාර්යාලය තුළ.

ඉඳින් ආග්න උපදෙස් දුන් පරිදි ඔමෙලි විණාරාව මිස් ඩෙරන්ට හඳුන්වාදීම පමණක් සිදුකර පසෙකට වූයේ විණාරාට අපහසුවෙන් වුවත් සියල්ල කතිකා කිරීමට සිදුවෙද්දී.

"මෑම්... ඔයා කැමති ‍යුරෝපියන් ටයිප් ඩිසයින් එකක්ද ඉන්දියන් ටයිප් ඩිසයින් එකක්ද... එහෙමත් නැත්නම් ‍යුරෝපියන් ඉන්දියන් මික්ස්ඩ් ඩිසයින් එකකටත් යන්න පුළුවන් අපිට..."

"ඇත්තටම මිස් ඩෙරන් මට තාම එහෙම අයිඩියා එකක් නැහැ ම්ම්..."

ඉඳින් කණෙහි වූ බ්ලූටූත් හෙඩ්සෙටය තුලින් විණාරාගේ හඬ ඇසෙද්දී ආග්නගේ මුවට නැගුණේ හීන් සිනහවක්. ආග්නට අවැසි වූයේ විණාරා මිනිසුන් අතරට යනවා දකින්නට. සමාජයට, මිනිස්සුන්ට ඒ හිතේ තියන බය අඩුවනවා දකින්නට.

"ඔමෙලි... අයි තින්ක් අයි නීඩ් ටු සී හර්..."
(ඔමෙලි...මං හිතන්නේ මට එයාව බලන්න ඕනේ...)

ඉඳින් විණාරා අපූරුවට ඩෙරන් හා කුළුපඟව ඇඳුම පිළිබඳව කතා කරන අයුරු ඇසෙද්දී ආග්නට හිතුණේම ඒ මොහොතේ ඇයව දැකගන්නට.

"සර්?"

නමුදු ඔමෙලි කල්පනා කරේ ඔහු පවසන්නේ වීඩියෝ ඇමතුමක් ගැනිමටදෝ කියා. එසේ වුවහොත් එය විණාරාට නොදැනෙන්නට කිරීම අපහසු බව පසක් වූ නිසාවෙන් ඇය නැවතත් ආග්නගෙන් විමසන්නට වූයේ බියෙන් මෙන්.

"ෆොර්ගෙට් ඉට්"
(ඒක අමතක කරන්න.)

ආග්න සීතල ස්වරයකින් පවසා නැවතත් සවන් යොමුකළේ විණාරාගේ හඬට.

"මට හිතෙන්නේ මැගසින් එක ගොඩක් යුරෝප් කන්ට්‍රීස් වල තියන නිසා යුරෝපියන් ඩිසයින් එකකට ගියොත් හොඳයි වගේ..."

ඉඳින් කොපමණ අඩුපාඩු තිබුණද විණාරා යනු බුද්ධිමත් අයෙක් නිසාවෙන් ඇය තීරණ ගන්නේ සමබරව සෑම පැත්තක් ගැනම සිතා.

"ඒක හොඳ තේරීමක් මෑම්. මටත් හිතෙන්නේ යුරෝපියන් ටයිප් ඩ්‍රස් එකකට ගියොත් ගොඩක් හොඳයි..."

එසේ පවසා මිස් ඩෙරන් නැවත විණාරාට ඇරයුම් කළේ ඇය හා තවත් එක් මහළකට පැමිණෙන්නට.

"යුරෝපියන් ජෙන්ට්ස් කොස්ටූම් ඩිසයින්ස්, බේස් තියෙන්නේ මේ සෙක්ෂන් එකේ මෑම්. අපි මුලින්ම සර්ගෙ ඩ්‍රස් එක කස්ටමයිස් කරල ඉමු..."

තවත් මොහොතකින් ඔවුන් ගිය මහළේ වූයේ අඩක් නිමවූ ෆුල් සූය් අනුරූ, සාදා නිම කළ පිරිමි බටහිර පන්නයේ ඇඳුම් මෙන්ම සඟරා, පොත් විශාල ගණනකින්  සමන්විත රාක්කයක්. තවත් මොහොතකින් ඩෙරන් එහි වූ විසල් මේසයේ විණාරා ඉදිරියේ දිගහරින්නට වූයේ සඟරා කිහිපයක්.

"ටූකේ ට්වෙන්ටි ටූ වල ගොඩක් තිබ්බ වෙස්ටර්න්, යුරෝපියන් ට්‍රෙන්ඩ්ස් මේ... මේ ඩිසයින්ස්, කලර්ස්, මැටීරියල්ස් මෑම්ට සිලෙක්ට් කරන්න පුළුවන්."

"බිස්නස්මන් රෝල් එකටත් මැච් වෙන විදියට හෙවී නැතුව සිම්පල් ඇන්ඩ් ඩීසන්ට් ඩිසයින්ස් බලමුද?"

"ශුවර් මෑම්..."

ඉඳින් සියුම් කාරණා ගැන පවා අවධානය යොමු කරමින් විණාරා තමා බාර දුන් වගකීම උපරිමෙන් සිදුකිරීමට උත්සහ කරන වගක් ඇසෙද්දී ආග්නට දැනුණේ සතුටක්. රොවේන් තමාට කතා කළ වගක්වත් නෑසුණ ඔහු උන්නේ විණාරාගේ හඬට සවන් දෙමින්. තම ප්‍රධානියාගේ දෙතොල් මත වූ හීන් හසරැල්ලත්, ඒ දෙනෙත් මත වූ දිස්නයත් දකිද්දී රොවේන්ට දැනුණේ සතුටක්. මන්ද යත් විඳවීම ජීවිතයේ කොටසක් කරගෙන හුන් ආග්න හදවතින්ම සිනාසෙන අයුරු පවා ඔහු දැක නැති තරම්.

"වට් ද ෆ...!"

එක්වරම රථයෙහි තිරිංග තද වූයේ ආග්න ගැස්සී යද්දී.

                   To be continued

Continue Reading

You'll Also Like

10.9K 1.8K 32
හරි ශක්තිමත් ආදරණීය සහෝදර බැම්මක්...❤️ කඳුළු මැද්දෙන් ජීවිතය දිනන පවුලක්...❤️ හීන වලට පාර කපන ලස්සන හදවත් ගොඩක්...❤️ හුස්ම නැවතුනත් පණ ගැහෙන ආදරයක්...
3.6M 287K 96
RANKED #1 CUTE #1 COMEDY-ROMANCE #2 YOUNG ADULT #2 BOLLYWOOD #2 LOVE AT FIRST SIGHT #3 PASSION #7 COMEDY-DRAMA #9 LOVE P.S - Do let me know if you...
7.8K 1.6K 20
පවිත්‍ර ලේ තියන සුදු මකරියක්...... මකර වංශ තුනේම අදි රජු වෙන්න මකර කුමරියව හොයන කලු මකරෙක්...... මේ මුකුත් නොදන්න මොංගල් කෙල්ලෙක්
60.4K 503 13
𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✔︎ ꧁𝑃𝑅𝐸𝑇𝑇𝑌 𝐿𝑂𝑁𝐺 𝐶𝐻𝐴𝑃𝑇𝐸𝑅𝑆꧂ "ʜᴏᴡ ᴀʙᴏᴜᴛ ʙᴏʟᴛ." "ɪ ʟɪᴋᴇ ᴛʜᴇ sᴏᴜɴᴅ ᴏғ ᴛʜᴀᴛ." "ʏᴇᴀʜ, ᴍᴇ ᴛᴏᴏ." 𝐼𝑁 ᴛʜᴇ sᴜᴍᴍᴇʀ ɪ...