The Misplaced Teddy || TK

By AVIBNLeogirl

21.1K 4.1K 2.7K

From the day you disappeared from my life....I lost myself my love More

✨Teaser✨
CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25
CHAPTER 26
CHAPTER 27
CHAPTER 28
CHAPTER 29
CHAPTER 30
CHAPTER 31
CHAPTER 32
CHAPTER 33
CHAPTER 34
CHAPTER 35
CHAPTER 36
CHAPTER 37
CHAPTER 38
CHAPTER 39
CHAPTER 40
CHAPTER 41
CHAPTER 42
CHAPTER 43(Final Chapter)

CHAPTER 16

402 88 25
By AVIBNLeogirl


කවින් උදේ පාන්දරම ජේකේගෙ කීමට ටේහ්‍යුන් ව බලන්න ගියේ මූණ ඇද කරගෙන.....කවින් කියන්නෙ තමන්ගෙ වෛද්‍ය උපාධිය මඟ නතර කරලා මේ දේවල් වලට සම්බන්ධ වුණ කෙනෙක්....කවින් අවුරුදු තුනක් ඇතුළත නොමැරි මැරුණා ජේකේගෙ යටතෙ මේ තරම් ඉහළට එන්න...ඒ හැමදේට ම කවින්ට හොඳ හේතුවක් තිබුණා....ඒත් ටේහ්‍යුන් ව ඇඳ උඩ හුස්ම ගන්න බැරි තරමට විනාස වෙලා තියෙනවා දකින වාරයක් ගානෙ කවින් කාලයක් තිස්සෙ වළදාන්න මහන්සි වුණ අඳුරු මතක කවින්ගෙ ඇස් ඉස්සරහ මැවිලා පෙනුණා....

Kavin
26 years old
JK's personal bodyguard

කවින්ගෙ නූනා....ඇත්තට ම කිව්වොත් කවින් ව හදා ගත්ත ඔම්මා....කවින්ට මතක කාලෙ මේ ලෝකෙ ඉත්රි වෙලා හිටිය කවින්ගෙ එකම ලේ බැඳීම...එක ම පවුල.... එදා  කවින් වැස්සෙ තෙමි තෙමී ම නූනා බේරගන්න කියලා තමන්ට ලැබුණ ලිපිනයට පයින් ම අඬ අඬා දිව්වත් කවින්ගෙ නූනා හිටියෙ ලේ විලක් මැද කවින් එනකල් හුස්ම අල්ලගෙන.....නූනාගෙ ඇඟේ ඉතිරි වෙලා තිබුණ එකම රෙදි කෑල්ල වුණේ අද හවස පාරෙ එද්දි පුංචි ගෑනු ළමයෙක්ට කරදර කරන්න හදනවා දැකලා කවින් අතින් අල්ලලා නතර කරපු රස්තියාදුකාරයගෙ අතේ ගැට ගහලා තිබුණ ලේන්සුව විතරයි....ඒක කවින්ගෙ නූනගෙ අතේ ගැට ගහලා තිබුණා....කවින්ගෙ ඔලුවෙ වැඩ කරපු එකම දේ නූනාව රෝහලකට ගෙනියන එක වුණත් නූනා කවින්ට ඒකට ඉඩ දුන්නෙ නෑ....නූනා එදා මිමිණුව වචන ටික මතක් වෙද්දි අදටත් කවින්ට ඇඬෙනවා....

"මට ආඩම්බරයි මගෙ පුංචි මල්ලි ඒ ගෑනු ළමයව පරිස්සම් කරන්න ඉදිරිපත් වුණ එකට....දන්නවද නූනා ගොඩක් සතුටුයි ඔයා වගේ මහත්තයෙක් උස් මහත් කරන්න ලැබුණ එකට....නූනා තරුවක් වෙලා බලන් ඉන්නවා මැණික....ඩිග්‍රි එක කම්ප්ලීට් කරලා පුළුවන් තරම් මිනිස්සුන්ට උදව් කරන්න.....නූනා ගොඩක් ආදරෙයි... සමාවෙන්න නූනාට ඔයාව දාලා යන්න වෙන එකට....මතක තියා ගන්න නූනා ආඩම්බරයි ඔයා ගැන....නූනා ගොඩක් ආදරෙයි එයාගෙ පුංචි දඟයට...."

ටේහ්‍යුන්ගෙ දොරට අත තියාගෙන හිටිය කවින් දොරට ඔලුව ගහගත්තා.....

එයාට දිගට ම අර මැරයගෙන් කරදර වෙද්දී කවින් හොයාගත්තා ඒ සංග්ජේ නැත්තම්....මාෆියා ලෝකෙ ජේ කියලා....ඒ නිසා කවින්ට සිද්ධ වුණා එයාගෙ හීනෙ අතෑරලා ජේකේ එක්ක සම්බන්ධ වෙන්න..කවින් හැමදේම කළේ එයාගෙ නූනට රිද්දපු එකේ පළිය ගන්න.....ඒත් කවින් දන්නවා මේ අහිංසක දරුවා විඳවන දිහා බලන් ඉන්න එක ගැන එයාගෙ නූනා එයා ගැන කලකිරෙනවා ඇති කියලා....ඒත් කවින්ට ජේකේට ඉහළින් යන්න බෑ....ඒ නිසයි කවින් පුළුවන් තරම් ටේහ්‍යුන්ට උදව් කරන්නෙ....

ලොකු හුස්මක් පාත දාලා දොර ඇරගෙන ගිය කවින් ඇඳේ මුණින් අතට හැරිලා හිටිය කොල්ලව අත් දෙකට අරගෙන වොෂ්රූම් එකට ගියා....මෙතනට අරගෙන එද්දී සුරදූතයෙක් වාගෙ හිටි කොල්ලා ඇදිලා ගිහින් විනාස වෙලා....කවින් දන්නවා අනිවාර්යයෙන්ම තව සතියක් යද්දි ජේකේ මේ කොල්ලව කුණු ගොඩක් වාගෙ විසි කරලා දානවා....කවින්ට හිතා ගන්න බෑ ඇයි ජේකේ මෙහෙම කරන්නෙ කියලා....ජේකේ ජීවීත එක්ක සෙල්ලම් කරන එකට කවින් ටිකක්වත් කැමති වුණේ නෑ.... කැමැත්තට ජේකේ ළඟට එන ගෑනුන්ට ජේකේ මොනවා කළත් කවින් ගණන් ගත්තෙ නෑ....ඒත් මේ දරුවා අහිංසකයි....කවින් මෙච්චර උදව් කරලත් ඒ කොල්ලා කවදාවත් කවින් එක්ක වචනයක්වත් කතා කළේ නෑ....කවින් හැමදේම කොල්ලා ළඟින් තියලා තමන් යන බව කියලා එළියට ගියේ ටේහ්‍යුන් අමාරුවෙන් ඇදිලා අද ලැබුණ පේන් කිලර්ස් දෙකත් එයාගෙ ලාච්චුවේ තිබුණ එකතුවට දැම්ම එක....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"දේ....ජන්කුක් සෝල් එන්නෙ කවදද? කම්පනි එකේ පොඩි ප්‍රශ්න වගයක් ගැනත් කීවා තව අවසරගන්න ඕන ආයුධ ලැයිස්තුවකුත් තියෙනවා...."

"දේ..... අපි කලින් ගෙන්නලා නෑ.... සාම්පල් ගෙන්නුවා...ජන්කුක්ට බලන්න විතරයි තියෙන්නෙ..."

"හ්ම්....අරස්සෝ....අරස්සර ජන්කුක්....ආආආ තව දෙයක් ජිමින් ආවා....මං හිතනවා ඔයා දන්නවා කියලා..."

"මෝ....දැන් මාසයකට වැඩියිනේ.... ඔයා මෙහෙන් බූසාන් ගිය දවසෙමයි ආවෙ...."

"ආආ...අරස්සෝ අරස්සෝ.... මම හෙසෝක්ට කියන්නම්..."

ඇමතුම විසන්ධි කරපු යුංගි ආපහු හැරිලා ඇඳ දිහා බැලුවෙ එයාගෙ ලොකු සුදු පාට කමිසයක් ඇඳලා සුදුපාට කොටට ඇඳ ඇතිරිලි අතරෙ ගිලිලා ඉන්න ජිමින් දිහා...ඒ මූණ නින්දෙදි නම් හරිම සන්සුන්...යුංගිට මොන තරම් බලාගෙන හිටියත් ඇති කියලා නොහිතෙන මායාවක් පාර්ක් ජිමින් කියන්නෙ.....යුංගි කැමති වුණේ නෑ ජිමින් ඇහැරෙනවට....පළවෙනි හේතුව ගත වුණ මාසෙම ඇහැරලා ඉන්න එක තප්පරේකවත් ජිමින්ට හිතේ සැනසීමක් තිබුණෙ නෑ....දෙවනි හේතුව ජිම්න් ඇහැරලා එයා ඉන්නෙ යුංගිගෙ මැන්ශන් එකේ කියලා දැන ගත්ත පළවෙනි තප්පරේ ම ජිමින් මෙතනින් යන්න දඟලනවා....යුංගිට ඕනා වුණේ නෑ ජිමින්ට යන්න දෙන්න....ඒ නිසා යුංගි තව ටිකක් හොඳට ජනෙල් රෙදි වහලා ගිහින් ජිමින් ළඟින් වාඩිවෙලා ජිමින්ගෙ නළලට නළල තියලා ඇස් පියාගෙන විනාඩියක් විතර ඉඳලා අයින් වුණේ ඒ නළලට ජිමින්ට නොදැනෙන්න පුංචි හාදුවක් දීලා...

"දැන් උණ නෑ....."

හෙමින් මිමිණුව යුංගි නැඟිටලා යන්න ගියේ තව ටිකකින් ඇහැරුණාම ජිමින් කන්න හොයන නිසා මොනවා හරි හදන්න.... යුංගි කියන්නේ ජීවිතේ වැඩි කාලයක් තනියම ගෙවපු කෙනෙක්...ඒ නිසා ම යුංගි හොඳ කෝකියෙක්....යුංගි පළවෙනි වතාවට එයාගෙ සෝල්වල තිබුණ මැන්ශන් එකේ කෑම මේසෙ දවල් කෑමකට සූදානම් කළා....
.
.
.
.
.
.
.
.
.
.
.
.

" කවින්....අපි හවස සෝල් යනවා....මගෙ ඩෝල්ව ලෑස්ති කරලා ගන්න...."

ජේකේ පළවෙනි වතාවට එයා සෙල්ලමට ගත්ත කොල්ලෙක් ව එයා එක්ක අරගෙන යනවා කිව්වා ම කවින් පුදුම වුණත් කවින් නිහඬවම ආචාර කරලා පැත්තකට වුණා....

"එයාව ජියෝන් මැන්ශන් එකට අරගෙන යනවා....ඒතං කවුරුත් ම දැන ගන්න බෑ මෙහෙම කෙනෙක් එතන ඉන්නවා කියලා.."

"අරිගෙස්මිදා ජේකේ බොස්!"

"හ්ම්....තව-"
ෆෝන් එකට ආව මැසේජ් එකක් නිසා ජන්කුක්ගෙ නළල රැලි වුණේ ඊළඟ තප්පරේ ජේකේ මේසෙ උඩ තිබුණ මල් පෝච්චිය විසිවෙලා යන්න පයින් ගහගෙන නැඟිටිද්දි.....

"බොස්?"
කවින් ජේකේ දිහා පුදුමෙන් බලාගෙන ඇහුවත් ජේකේ දත්මිටි කනගමන් පඩිපෙළ දිහා බලාගෙන හිටියා....

"අරූගෙ නම මොකක්ද?"

"අපි හොයාගත්ත විස්තර වල හැටියට කිම් ටේහ්‍යුන්....ඒත් ඒ කොල්ලා කතා කළේ නෑ බොස්..."

"හ්ම්...මේක ඇත්ත නම් මම ඕකව මරනවා..."

"බොස්?"

"අප්පව මරපු එකා....කිම් දේහ්‍යුන්....ඒකගෙ බාල පුතා ගැන විස්තරයක් හොයලා කියපන්!ඉක්මනට..."

ජන්කුක් මේසෙ උඩ තිබුණ වීදුරුවෙ වයින් ටික කටට හලාගෙන වීදුරුව අතේම පොඩිකරලා දැම්මා... ටික වෙලාවකින් ජන්කුක් ඉන්න තැනට ආව කවින් ජේකේට ආචාර කරලා තමන්ගෙ අතේ තිබුණ ටැබ් එක දිහා බලාගෙන ම කතා කළා...

"බොස්....කිම් දේහ්‍යුන්ට ළමයි දෙන්නෙක් ඉන්නවා....
එක්කෙනෙක් කිම් ජේයුන්....අනිත් කෙනා කිම් ටේහ්‍යුන්.... කිම්ගෙ වයිෆ් එක්ක පොඩි දරුවා අවුරුදු එකහමරෙන් විතර වගේ අතුරුදහන් වෙලා තියෙනවා දරුවා එක්ක ම....ඊට පස්සෙ විස්තර තියෙන්නෙ ජේයුන් ගැන විතරයි....ජේයුන් ටේහ්‍යුන්ට වඩා අවුරුදු දොළහක් වැඩිමල් බොස්....."

"හාහ්...කිම් දේහ්‍යුන්...මගෙ අප්පගෙ මිනීමරුවා.....උගෙ පුතා ඒ තරම් ලස්සන වෙන්න හේතුව හිතා ගන්න පුළුවන්....කිම් යූනා....ඒකි තමයි ඒ කාළෙ කොලේජ් එකේ සුරංගනාවි වෙලා ඉඳලා තියෙන්නෙ.....අරූව ලොක් කරපු රූම් එකට ගෙනිහින් දාපන්.... බේරගන්න ගනුදෙනුවක් තියෙනවා...."
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ආරක්ෂකයො දෙන්නෙක් ටේහ්‍යුන්ව ඇදගෙන යද්දී කවින් බිම බලාගෙන හිටියෙ තමන්ට කරන්න දෙයක් නැති නිසා....බැලූ බැල්මට ඕන ම කෙනෙක්ට පේනවා ටේහ්‍යුන් ඉන්නෙ ගොඩක් අමාරුවෙන් කියලා....ඒත් වෛරයෙන් අන්ධ වෆලා ඉන්න ජේකේට ඒවා පෙනුණෙ නෑ.... මෙච්චර දවසක් ජේකේ ආස කරපු එයාගෙ සෙල්ලම් බඩුව එයා මේලෝකෙ වැඩියෙන් ම වෛර කරන ලේ දුවන බෝනික්කෙක් බව දැන ගත්තාම ජේකේ පිස්සු වැටුණා....

බන් එකක් දාන්න දිග කොණ්ඩෙ නිදහසේ කඩලා දාලා අත් කපපු බැනියමකට කොට කලිසමක් ඇඳගෙන කාමරේ ඇතුළට ගිය ජන්කුක් දොර ඇතුළෙන් අඟුළු දැම්මා....ඇඳ කෙළවරට වෙලා ගැහි ගැහි ඉන්න කොල්ලව කකුලෙන් ඇදලා ඇඳළඟ බිමට දැම්ම ජන්කුක් එතනම එක දණක් බිමට තියලා පහත් වුණා....

"උඹේ නම කියපන්!"
ටේහ්‍යුන්ගෙ කට දෙපැත්තෙන් මිරිකලා ඇල්ලුව ජන්කුක් දත්කූරු කාගෙන කතා කරද්දී ටේහ්‍යුන් බයට වෙව්ලුවා....

"නම කියපන් බ#ලෝ! උත්තර දියන් වේ#@"

ජන්කුක් ටේහ්‍යුන්ගෙ කට මිරිකගෙන ම ටේහ්‍යුන්ව එහෙ මෙහෙ හොලවද්දි ටේහ්‍යුන් අත් දෙකෙන් ම ජන්කුක්ගෙ අත බදාගෙන අතෑරවගන්න හැදුවත් ජන්කුක්ගෙ හයිය එක්ක මාසෙකට වඩා හරියට කාලාවත් නැති ටේහ්‍යුන්ට හැරෙන්නවත් බෑ....

"ක්-කිම්....ට්-ටේහ-ක්ඇහ් ආහ්...."

යන්තමට මුමුණගෙන ආව ටේහ්‍යුන්ගෙ මූණ අනිත් පැත්තට ම හැරවුණේ ජන්කුක්ගෙන් ලැබුණ කම්මුල් පහරකට....ඇඳ ළඟම බිම වැටිලා ඉන්න ටේහ්‍යුන් ව ඉරිලා ගියපු කම්සෙ කොලර් එකෙන් අල්ලලා කෙලින් කරපු ජන්කුක් කොල්ලව ඇඳට තල්ලු කළේ වටපිටාව පේන්නෙත් නැතිව ජන්කුක් ඊළඟට කරන්න යන දේ ගැනත් කිසිම අවබෝධයක් නැතිව ටේහ්‍යුන් අසරණ වෙද්දි....ඒන්ජල්ට එන්න කියලා කෑ ගහන්න හොඳට ම ඕනෙ වුණත් ටේහ්‍යුන් කෑ ගහන්න බය වුණා මේ අමනුස්සයා එයා ගැන දැනගෙන එයාටත් කරදර කරාවි කියලා....

එකපාර ම තමන්ගෙ බෙල්ල හිර වෙන්න ගනිද්දී ටේහ්‍යුන් තමන්ගෙ බෙල්ල වටේ එන්න එන්න තද වෙන ජන්කුක්ගෙ අත් දෙක තල්ලු කරන ගමන් කකුල් ගස ගසා ගැලවෙන්න දැඟලුවත් ඒවා ජන්කුක්ට දැනුණෙවත් නෑ....

"තමුසෙගෙ අප්පා මොන වගේ මිනිහෙක් ද කියලා දන්නවද? ආආ! පණ දෙන්න වාගෙ ළඟින් ඉඳලා තමන්ගෙ හොඳම යාළුවා ව දේපළ තණ්හාවට මරලා දැම්ම තමුසෙගෙ අප්පව මතක ද? උගෙ වැරදි වලට විඳවපන්!"

ජන්කුක් ටේහ්‍යුන්ගෙ බෙල්ල අත්ඇරලා කෑ ගහද්දී ටේහ්‍යුන් බෙල්ල අතගාන ගමන් හයියෙන් හුස්ම ගත්තෙ තමන් කවදාවත් දැකලා නැති තමන්ගෙ අප්පා ඒ වගේ පහත් මිනිහෙක් ද කියලා කල්පනා කරන ගමන්....

"ආආආආහ්!"
හම් කසයක් ටේහ්‍යුන්ගෙ පපුවෙ වදිද්දි ටේහ්‍යුන් වේදනාවට ඇඹරෙමින් කෑ ගැහුවෙ ජන්කුක් වියරුවෙන් වාගෙ එකපිට එක ටේහ්‍යුන්ට කසයෙන් පහර දෙද්දී.....

ජන්කුක්ගෙ ඇස් කේන්තියට රතු වෙලා....අත පය වල නහර ඉලිප්පිලා....ලෙහලා දාලා හිටිය බෙල්ල ළඟට දිග කළු පාට කොණ්ඩෙ දාඩියට පෙඟිලා....ඇඳගෙන හිටිය අත් කපපු බැනියම එක්ක ඉලිප්පිලා පෙනුණ මස්පිඬු නිසා ජන්කුක්ව පෙනුණෙ රාක්ෂයෙක් වාගෙ....

"තමුසෙ විඳෝපන්! ඔය නහරවල දුවන ලේවල පවට විඳෝපන්..!"

පුංචි කාලෙ අප්පා එයාව හුරතල් කරපු හැටි ඇස් මානෙ මැවිලා පෙනෙද්දි ජන්කුක් තව තවත් වැරෙන් ටේහ්‍යුන්ට පහර දුන්නෙ කාමරේ පුරාම දෝංකාර දෙන ටේහ්‍යුන්ගෙ විලාප කනකට නොගෙන....ජන්කුක් හිටියෙ මේ දැන් ටේහ්‍යුනව මරන්න තරම් කේන්තියෙන්..... අවුරුදු පහේදි ජන්කුක්ගෙ ඇස් ඉස්සරහ ම එයාගෙ ඔම්මව ජන්කුක්ගෙන් උදුර ගත්තෙ කිම් දේහ්‍යුන්ගෙ අයියා..... ඒකාලෙ කිම් මාෆියා ෆැමිලි එක කරගෙන ගියේ ඌ..... ඒකට ජන්කුක්ගෙ අප්පා පළිගත්තත් අප්පා දේහ්‍යුන්ට වත් එයාගෙ පවුලටවත් දොස් කිව්වෙ නෑ කියලා නම්ජුන් කීව එක මතකයි ඇරෙන්න ජන්කුක්ට දේහ්‍යුන් ගැන තිබුණෙ දේහ්‍යුන් හරි ලස්සනට හිනා වෙලා ජන්කුක්ගෙ ඔලුව අතගාන මතකයක් විතරයි..... ඔම්මා නැතිව අවුරුදු පහේ ඉඳලා ජන්කුක් ව හරි ආදරෙන් ලොකු මහත් කරපු ජන්කුක්ගෙ අප්පව රිය අනතුරක මුවාවෙන් දේහ්‍යුන් මැරුවා කියන ආරංචිය එද්දී ජන්කුක්ට විස්සයි....මාෆියා කියන නමටත් වෛර කරපු සෙල්ලක්කාරයෙක් වුණ ජන්කුක් අප්පගෙ මරණෙ එක්ක මාෆියා ලෝකෙට ඇදිලා ආවා....අද ජන්කුක් හැඟිම් දැනීම් නැති රාක්ෂයෙක් වෙන්න තරම් දුර ඇවිල්ලා....ආයෙත් හැරෙන්න බැරි වෙන්නම....

අතේ තිබුණ කසය කැඩෙනකල් ම ටේහ්‍යුන්ට එකකට පස්සෙ එකක් ගැහැව්ව ජන්කුක් කාමරෙන් එළියට ආවෙ ටේහ්‍යුන්ට සිහි නැති වෙලා කියලවත් නොදැන...

"අරූව ඩිෆෙන්ඩර් එකට දාපන් අත පය ගැට ගහලා....අපි දැන් යනවා..."

දවල් දොළහ පහු වෙලා තිබුණ බිත්ති ඔරලෝසුව දිහා බැලුව ජන්කුක් ලිවින්ග් රූම් එකේ තිබුණ මිනි බාර් එකෙන් සැර වැඩිම බ්ලූ ලේබල් බොට්ල් එකක් අරගෙන කාමරේට ගියේ ඇඳුම් මාරු කරගෙන එන්න....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"ආශ්....ඔම්මා...."
කෙඳිරි ගාගෙන එක අතකින් ඔලුව අල්ලගෙන ම ඇඳේ වාඩි වුණ ජිමින් හෙමිහිට ඇස් ඇරලා බැලුවෙ එයා ඉන්නෙ කොහෙද කියලා....

වටපිට බැලුවාම එයා දවසක හදන්න හිතාගෙන හිටිය ගෙදර විදියට ම හැමදේම තියෙනවා දැක්කා ම ජිමින් අත්දෙකෙන් ම ඇස් පොඩි කරලා දෙපාරක් ඇහිපිය ගහලා ආයෙ වටපිට බැලුවා....

රත්තරන් පාටින් ලියවැල් ඇඳපු සුදු පාට සිවිලිම....සුදු පාට ටයිල්.... දෙපැත්තට අරින රත්තරන් පාටින් ලියවැල් ඇඳපු ලොකු සුදුපාට දොර....ඇඳට ඉස්සරහින් තිබුණ ලොකු ග්ලාස් වෝල් එක....

ඔයා කැමති හැම රටක ම ලස්සනම නගරවල මාළිඟා වාගෙ ගෙවල් හැදුවා

ග්ලාස් වෝල් එකෙන් පේන නම්සන් කුළුණ දකිද්දී යුංගිගෙ වචන මතක් වුණ ජිමින් වටපිට බල බලා හෙමින් ඇඳෙන් බැස්සා...වොෂ්රූම් එකට ගිය ජිමින් කණ්ණාඩියෙන් තමන්ව දැකලා බය වුණා...ජිමින් අවුරුදු ගානක් මහන්සි වුණා මේ ෆ්ලෆි ලුක් එක හංගන්න....ඒත් එක රැයකින් ජිමින් ආයෙ අවුරුදු අටකට කලින් හිටිය හුරතල් කොල්ලා වගේ වෙලා... ජිමින් ඇඳගෙන හිටිය තනි සුදු කමිසෙ ජිමින් වාගෙ දෙගුණයක් විතර ලොකුයි වගේ ම ඒක ජිමින්ගෙ දණහිස ළඟට ම දිගට තිබුණා....ලා දුඹුරු පාට තරමක් දිගට වැවුණ කොණ්ඩෙ මූණ පුරාම අකීකරු ව විසිරිලා.....නිදාගෙන වැඩි නිසා ද මන්දා ජිමින්ගෙ කම්මුල් තව ටිකක් බෝල වෙලා ඇස් දෙකත් පුංචි වෙලා....කණ්ණාඩියෙන් පේන හුරතල් ජිමින්ට රැව්ව ජිමින් මූණ නපුරු පාට කරන්න හැදුවත් පිම්බූණ තොල් වලින් හැදුණ පවුට් එක දැක්කාම තරහට ම ජිම්න් කම්මුල් දෙක අත් දෙකෙන් පොඩි කරලා දැම්මා.... ජිමින්ට තවමත් දැනුණෙ ඔලුව කැරකෙනවා වගේ.... ඒත් කොණ්ඩෙ අතින් දෙපැත්තට කරගෙන වොෂ්රූම් එකෙන් එළියට ආව ජිමින් පඩිපෙළ බැහැගෙන පහළට ගියේ යුංගි ව හොයන්න....

සද්දෙ ඇහෙන පැත්තට ගිය ජිමින් මුලින් ම දැක්කෙ කෑම ජාති පුරවලා තියෙන කෑම මේසයක්....ඊට පස්සෙ ජිමින් දැක්කෙ සුදු පාට ඒප්‍රන් එකක් ඇඳගෙන තව මොනවදෝ ලෑස්ති කරන යුංගිව....ජිමින් දොර ළඟට වෙලා ටික වෙලාවක් බලාගෙන ඉද්දී ජිමින්ගෙ බැල්ම දැනිලා වගේ යුංගි ආපස්සට හැරිලා බැලුවා....

" ඔහ්...ඔයා නැඟිටලා...දැන් කොහොමද ජිමින්?"

"ප්‍රශ්නයක් නෑ...මාව එක්කරගෙන ආවට කුමවෝ හ්‍යුන්....ඒත් අහමඩ්ට කතා කළා නම් එයා එයි...ඔයා කරදර වෙන්න ඕන නැහැනේ..."

"ඒකට කමක් නෑ ජිමින්....වාඩි වෙන්න....මම මේ සැලඩ් එක හදාගෙන එන්නම්...."
.
.
.
.
.
.
.
.
.
.

ජිමින් මේසෙට වාඩි වෙලා නිහඬව ම කෑම කෑවත් යුංගි හිටියෙ ජිමින් දිහා බලාගෙන ඊයෙ රෑ සිද්ධ වුණ දේවල් මතක් කරන ගමන්....

Flashback

"ම්ම්හ්...යන්න එපා හ්‍යුන්..."

ජිම්න්ව ඇඳෙන් තියලා පැත්තකට වෙන්න හැදුව යුංගිගෙ කොලර් එක අතට මිරිකගෙන ජිමින් ම්මණුවෙ යුංගි දිහා ඇස් අඩවන් කරලා බලාගෙන....

ජිමින්ගෙ තෙමිලා විනිවිද පේන්න අරගෙන තියෙන සුදු අත් නවපු කම්සෙ...වතුරට කකුල් වලට ම ඇළුණ කළු පාට කලිසම....කම්සෙ බොත්තම් ගැලවිලා නිසා නිරාවරණය වෙලා තියෙන වතුරට දිලිසෙන කිරිපාට පපුව....තෙතට කූරු වෙලා මූණට ඇලිලා තියෙ දුඹුරු පාට අකීකරු කොණ්ඩෙ....වතුර නිසා දිලිසෙන පිම්බුණ රෝස තොල් නිසා යුංගි දැනට ම හිටියෙ ගොඩක් අමාරුවෙන් තමන්ගෙ සීමාවල් මතක තියාගෙන....

ඒත් ජිමින් මේ තරම් ළං වෙලා ඇස් අඩවන් කරලා බලාගෙන කනට රහසින් කොඳුරද්දි යුංගිට උගුර කට වේලිලා යනවා දැනුණා....එයාට ඕනෙ නෑ අසිහියෙන් ඉන්න ජිමින් ව බලෙන් කිසි දේකට ඇදලා ගන්න.... එ්ත් අවුරුදු ගානකින් තමන්ගෙ අත් වලට හිර වුණ තමන්ගෙ ආදරේ මෙහෙම හැසිරෙද්දි ඉවසන්න තරම් යුංගි තැන්පත් චරිතයක් නෙවෙයි....

යුංගි තොල් හපාගෙන ජිමින්ගෙ අත අතෑරවන්න හැදුවත් ජිහින් යුංගිව තල්ලු කළාම යුංගි සමබරතාවය ගිලිහිලා ඇඳ මිට්ටමේ වැදුණෙ ජිමින් යුංගිගෙ කොළර් එක අත් දෙකෙන්ම අල්ලගෙන යුංගිගෙ මූණට එබෙද්දි...

"ම්-මට පා-පාළුයි හ්‍යුන්..."

ජිමින් අඬන්න වාගෙ කියද්දී යුංගි තමන්ගෙ දෙපැත්තෙන් ඇඳට දණහිස් තියාගෙන හිටිය ජිමින්ගෙපිටට අත තියාගත්තත් ජිමින් එක වරම තමන්ගෙ තොල් මත්තෙ සීතල වුණ එයාගෙ තොල් තියද්දී යුංගි හිරිවැටිලා ගියා....ජිමින් අසිහියෙන් වාගෙ ලොකු කලබලේකින් යුංගිගෙ තොල් අතරෙ එහා මෙහා ගියත් ජිමින් වැටෙන එක නතර කරන්න ජිමින්ගෙ ඉණ වටේ අත දාලා අනිත් අත ජිමින්ගෙ පිටට තියාගෙන හිටිය යුංගි හෙලවෙන්නෙ වත් නැතිව ජිමින්ගෙ වැහිලා තියෙන ඇස් දිහා බලාගෙන හිටියෙ තොල් අතෑරලා යුංගිගෙ බෙල්ලෙ තොල් තියාගත්ත ජිමින් ටිකකින් සිහි නැතිවෙලා යුංගිගෙ පපුවට කඩන් වැටෙද්දි.....

"ඔයාට පාළු වෙන්න හේතුව මමද? නැත්තම් ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ද ජිමින්? හරි සිහියෙන් හිටියත් ඔයා මේ කරපු දේ කරනවද ජිමින්?ඔයාට මාව සෙල්ලම් බඩුවක් ද?"

ජිමින්ගෙ මූණට වැටුණ කොණ්ඩෙ අතින් හදන ගමන් ජිමින්ව ඇඳෙන් හාන්සි කරපු යුංගි වොෂ්රූම් එකට ගියේ මෙච්චර වෙලා අමාරුවෙන් තමන්ව නතර කරගෙන හිටියත් ජිමින් කරපු දේවල් නිසා යුංගිගෙ හැඟීම් ඕනෑවටත් වඩා ඇවිස්සිලා තිබුණ නිසා.....

ටිකකින් ටවල් දෙක තුනක් අරගෙන ආව යුංගි ජිමින් ව හොඳට පිහදලා එයාගෙ ඇඳුමක් අන්දලා ජිමින්ගෙ නළල ලාවට රස්නෙ නිසා බෙහෙත් පෙත්තක් පොවලා ජිමින්ව වැහෙන්න ලොකු ඩුවට් එකක් පෙරෙව්වා....රෑ එළි වෙනකල් ම යුංගි ඇඳ ළඟ වාඩි වෙලා සැරින් සැරේ ජිමින්ගෙ නළල ඕඩික්ලෝන් වලින් තෙම තෙම උදේ වෙද්දි උණ බහින විදිහට ජිමින්ට සාත්තු කළා....

Flashback end.

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

හායි බබාලා👀❤️

ම්ම්....ඔන්න තව එකක් දුන්නා.....දැන් ඔයාලා ටේ කා ගෙ කවුද කියලා දැන ගත්තා👀

ජේයුන්ව මතකයි නෙ ඔයාලට....

ජිමින් යුංගිව සෙල්ලමට ගන්නවානෙ👉👈

මොනව හරි කියාගෙන යන්න 👀❣️

Bye🌹
Sunshine 💖

Continue Reading

You'll Also Like

101K 9.2K 22
❝ they say eleven eleven is a special number, hm? ❞ ❝ yes, but who even believe in nonsense like...
5.4K 100 8
You know, usually when people do Konosuba's stories, they either do a ridiculous op MC (which don't worry, this ain't different, Lmao) that somehow g...
119K 3.3K 42
Whenever she got sad, there was 𝐦𝐨𝐧𝐞𝐲. And, on the other hand, whenever he got sad, there was 𝐩𝐨𝐰𝐞𝐫. Until they discovered something that o...