The Choice

By Marivok

116K 24.8K 10K

"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Note
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Note
Note 2
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45 (Prologue)
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60

Chapter 50

1.8K 412 233
By Marivok


££££££££££££££££££££££££££££££££
================================

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ නලල තෙත් කරලා අවසානේ, තෙත රෙදි කෑල්ලෙන් ටේහ්‍යුන්ග්ගේ කිහිල්ල යට තෙත් කරා. ජන්කුක්ගේ ඇස් වල අනුකම්පාව පිරිලා. ටේහ්‍යුන්ග් අමාරුවක් නැත්නම් මෙහෙම ඉන් නෑ කියලා ජන්කුක් හොදටම දන්නවා. ටේහ්‍යුන්ග්ගේ ඇස් බාගෙට පියවිලා.

Jk-" ඔයාට ගොඩක් අමාරුද ? "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අත උඩින් එයාගේ අත තියලා ජන්කුක්ගේ ඇස් දිහා ටික වෙලාවක් බලන් හිටියා.

TH-" ම-ට ස-මාවෙන්-න ..."

Jk-" දැං ඒවා ගෙන කතා කරලා වැඩක් නෑ. මං ඇහුවේ ඔයාගේ අසනීපෙ ගෙන "

TH-" මං ඔ-යාට ඇත්ත කි-ව්වේ නෑ. ඒත් ඔ-යාට මං බොරු කි-ව්වෙත් නෑ. "

ටේහ්‍යුන්ග් අමාරුවෙන් මිමිණුවා . ටේහ්‍යුන්ග්ගේ තොල් හොදටම වේලිලා.

Jk-" මට...මට ඕවා අහන්න ඕන් නෑ "

TH-" ඒ අතීතේ.... මට ස-මාව දෙන්න. මට..මට ඔයාට බො-බොරු ක-රන්න ඕන් නෑ. තව ඉස්ස-රහටත් මට ඔයාට බොරු ක-රන්න ඕන් නෑ.. ආයෙ ක-වදාවත් .. "

ටේහ්‍යුන්ග් කතා කරෙ ගොඩක් අමාරුවෙන් . එයාගේ ශක්තිය අඩු වෙලා. හුස්ම ගන්න වේගෙ පවා අඩු වෙලා.

Jk-" කවදාවත් නොඑන ඉස්සරහක් ගෙන හිතන්න එපා මිස්ටර් කිම්. "

TH-" මං ඔ-යාගේ ගාර්ලික් ඔ-ක්කොම කෑවා. මට අස-නීපයක් නෑ .. මට ඔයාට ත-වත් බොරු කර-න්න බෑ  my love "

ජන්කුක් වචනයක්වත් නොකියා bowl එක දිහා බලාගෙන රෙදි කෑල්ල අතින් මිරිකුවා.

TH-" මට .. මට ඕන උනේ තව එක ද-වසක් හරි ඔයාලා එක්ක ඉන්න. P-princess .. මං ..මං dada කෙනෙක් වෙලා. මට..මට එක දවසක් හරි මගෙ ද-රුවෝ ජීවත් වෙන්නේ කොහොමද .. එයාලා සෙ-ල්ලම් කරන්නේ, හිනා වෙන්නේ, කන්න කැමති මොනාටද කියලා දකින්න ආ-සයි. "

ටේහ්‍යුන්ග් කතා කරේ ගොඩක් අමාරුවෙන්.

TH-" mamaa, dadaa ,එ-ක්ක දරුවෝ ඒක හරි අමුතුයි. මං කවදාවත් ඒ වගේ ජීවිතයක් ගෙ-වලා නෑ princess . මං පොඩි කාලේ eomma කියන්නේ මො-න වගේ කෙනෙක්ද කියලා හෙව්වා. ඒත් මට ක-වදාවත් ඒ දේ හොයා ගන්න බැරි උනා. අවුරුදු සිය ගා-නක් ගියාට ප-ස්සේ මට පුංචි wolf කෙ-නෙක්ගෙන් අමුතු හැගීම් ගොඩක් දැනුනා. මං ගෙන වද වෙනවා, හොයලා බල-නවා මාව ගො-ඩක් ආදරෙන් බලා ග-න්නවා... "

ජන්කුක් දන්නවා ඒ wolf එයා කියලා. ටේහ්‍යුන්ග් කියන්නේ කිසිම ආදරයන් නොලබපු , ඒ වචනේ තේරුමවත් දන් නැති මනුස්සයෙක්.

TH-" ඉ-තින් මට ඒ wolf හැ-මදාම මගෙ ලගින් තියා ග-න්න ඕන උනා. මට නොලැබුන ඒ හැගීම හැමදාම විදින්න ඕන උනා. මට ඇත්ත නො-කියා ඒ wolf මගෙ ල-ගින්ම තියා ග-න්න ඕන උනා "

ටේහ්‍යුන්ග් ආත්මාර්ථකාමී ? ඔව් එයා ආත්මාර්ථකාමී . මිනිස්සු එයාට ඇගිල්ල දික් කරයි එයා ආත්මාර්ථකාමී කියලා. ඒත් මිනිස්සුන්ට අමතකයි , ටේහ්‍යුන්ග්ව ආත්මාර්ථකාමී කරේ මිනිස්සු ජීවත් වෙන ඒ සමාජෙමයි කියලා.

ටේහ්‍යුන්ග් නොවිදපු ඒ ආදරේ , ලබා ගන්න එයා ආත්මාර්ථකාමී උනා. හේතුව එයා ඒ ජීවත් උන සමාජේ.

ටේහ්‍යුන්ග්ගේ අප්පා , werewolf කෙනෙක්ට ආදරේ කරලා ටේහ්‍යුන්ග් ඉපදුනා.ඒත් ටේහ්‍යුන්ග්ව මිනිස්සු දැක්කේ කැලලක් විදියට. පොඩි කාලෙ ඉදන් මිනිස්සු අපහස කරා, ටේහ්‍යුන්ග්ව කොන් කරා. පුංචි දරුවෙක් කාගෙන් හරි ආදරයක් ලබන්න සුදුසුයි. ඒත් ටේහ්‍යුන්ග් කවදාවත් කාගෙන්වත් ආදරයක් ලබලා නෑ.

පුංචි ටේහ්‍යුන්ග් බබාව ඉස්කොලේ යන කාලෙවත් කවුරුත් ලගින්වත් වාඩි කර ගත්තෙ නෑ. ටේහ්‍යුන්ග්ව ලමයි bully කරා. හැමදාම කුණු බිත්තර , තක්කලි, පිටි වලින් නෑවුන ටේහ්‍යුන්ග් mansion එකට යන්නේ.

ටේහ්‍යුන්ග්ගේ අප්පා දෙවෙනියට කර ගත්තු කසාදෙන් එයාගේ ජීවිතේට ආව පුංචි අම්මා එයාට ඊට වඩා කරදර කරා. Half animal කෙනෙක් කියලා අප්පිරියා කරා. පුංචි ටේහ්‍යුන්ග්ගේ පාට පාට චිත්‍ර කලු පාටට හැරෙනකන්ම මිනිස්සු එයාගේ ජීවිතේට කරදර කරා. පාරේ යන මිනිස්සු පුංචි බබාට ගල් ගහලා පන්නන තරම් කෲර උනා.

අවසානේ ටේහ්‍යුන්ග්ගේ අප්පා ටේහ්‍යුන්ග්ව පාලු පැත්තක, අදුරු කැලෑවක් මැද විශාල mansion එකක් හදලා ජීවත් වෙන්න දුන්නා. ටේහ්‍යුන්ග්ට කන්න දුන්නේ නැනී, ටේහ්‍යුන්ග්ගේ ආරක්ශාවට හිටියේ ඩේවිඩ්. ටේහ්‍යුන්ග් කියන්නේ රාජධානියෙන් පන්නලා දාපු කැලැල.

හරි උරුමක්කාරයා ටේහ්‍යුන්ග් උනත් මිනිස්සු එයාව පිලිගන්න කැමති උන් නෑ.

කවදාවත් පුංචි සතෙකුටවත් සීරීමක්වත් නොකරපු පුංචි රෝසමල අවසානේ එයාගේ නටුවෙත් කටු තියන බව ලෝකෙට පෙන්නුවා. අවුරුදු ගානක් අදුරු මන්දිරේක කාමරේට වෙලා අඩ අඩ eomma, අප්පාගෙන් ආදරේ ඉල්ලපු ටේහ්‍යුන්ග් බබා තවත් ආදරේ හෙව්වේ නෑ .

ටේහ්‍යුන්ග් , තනියෙන් හැදුනා. තනියෙන් සමාජෙට මූන දෙන්න පුරුදු උනා. ටේහ්‍යුන්ග්ගේ අප්පගේ දෙවෙනි බිරිද pregnant උනා.හැමෝම එයාව උරුමක්කාරයා විදියට යෝජනා කරේ , ටේහ්‍යුන්ග් භාග ජීවිතේ සතා කියලා අපහස කරලා.

Half vampire ජීවිතේ එයාට ශාපයක් උනා. එයාට eomma නැති උනේ, අප්පා නැති උනෙ, රාජධානිය නැති උනේ වගේම මෙ ඔක්කොම අපහස විදින්නෙ මේ half vampire ජීවිතේ හින්දා. ටේහ්‍යුන්ග් පරණ පොත් පත් හැමදේම කියවලා එයාට මේ ශාපෙන් මිදෙන්න ක්‍රමයක් හොයා ගත්තා. ඒ එයාගේ wolf mate මරණ එක.

අවුරුදු සිය ගානක් බලන් ඉදලා wolf mate ඉපදුනාම එයාට මරන්න හිතුන් නෑ. එයාට ඕන උනා mate ස්භාවික දරු උපතකින් මැරෙනවා දකින්න . ඒත්... ඒත් ඒ mate ටේහ්‍යුන්ග්ගේ ජීවිතේ වෙනස් කරා.

ටේහ්‍යුන්ග් අවුරුදු සිය ගානක් හොයපු දේවල්, ටේහ්‍යුන්ග් මෙච්චර දුක් විදපු දේවල්, පුංචි කාලේ ඉල්ලලා අඩපු ඒ හැමදේම එයාට එයාගේ mateගෙන් ලැබෙන්න ගත්තා. එයා නොහිතපු විදියේ හැගීමක් ඒක. ඒ අවුරුදු 16ක් වයස පුංචි wolf එයාගේ ජීවිතේ සම්පූර්ණ කරා වගේ දැනුනා.

එයාට කවදාවත් නොවිදපු ඒ හැගීම් දැනෙද්දී ඒවා එයාගෙන් ඈතට යයි කියලා බය හිතුනා. එයාට ඒ හැගීම් වලින් ඈත් වෙන්න බෑ. එයාට එයාගෙ mate ගොඩක් ඕන උනා.එයාට වචන වලට කියන්න බැරි තරම්ම ජන්කුක්ව එයාට ඕන උනා.

ඉතින් එයාට ජන්කුක් තියා ගන්න තියන එකම ක්‍රමේ , ඇත්ත හංගන එකනම් ඔව් එයා ඒක කරනවා. ඇත්ත හංගලා හරි එයාගෙ princess තියා ගන්නවා. එයාට ඕන දෙයක් කැපකරන්න පුලුවන් ජන්කුක් ඇරෙන්න.

ඉතින් එයා ජන්කුක්ව කොහොම හරි එයා ලගින් තියා ගන්න උත්සහ කරා.

ටේහ්‍යුන්ග් ආත්මාර්ථකාමී ? ඔව් ටේහ්‍යුන්ග් ආත්මාර්ථකාමී ... ඒත් ඒ ආත්මාර්ථකාමී වෙන්න හේතුව සමාජය. ආදරේ කියන හැගීමක තේරුමක්වත් දන් නැති කෙනෙක්ට ඒක එකපාරම ලැබුනම ඒක එක්ක කොහොමද ගණුදෙනු කරන්නේ කියලා නොදැනීම සාමාන්‍ය දෙයක්. ටේහ්‍යුන්ග් කියන්නෙත් ඒ වගේ සාමාන්‍ය මනුස්සයෙක්.

TH-" මං..මං දන් නෑ අප්පා දරුවෝ එ-ක්ක ඉන්නේ, eomma දරුවෝ එක්ක ඉන්නේ. පවුලක් කො-හොමද එකට ඉන්නේ කියලා. මං.. මං ඒක දැකලා නෑ..  මටත් ඒක දකින්න ආස හි-ත්නා. ඒකයි මං ගාර්ලික් කෑවේ. මට..මට ඔයාට බොරු ක-රන්න තවත් ඕන නෑ . මට ස-මාවෙන්න "

ජන්කුක් ලොකු හුස්මක් අරන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Jk-" මං මුලින් හිතුවේ ඔයා ඇත්තටම අසනීප වෙලා කියලා... ඒත්..."

ජන්කුක් තොල්පෙති එකට press කරන් විනාඩියක් විතර තියන් ඉදලා ආයෙ කතා කරන්න ගත්තා.

Jk-" ඒත් ඔයා කතා කරද්දී මට ඔයාගෙ කටින් ගාර්ලික් සුවද ආවා. මගෙ පැන්ට්‍රියේ  ගාර්ලික් නැති වෙලා ඔයා අසනීප වෙන්න හේතුව මට තේරුනා. ඔයා ගාර්ලික් කෑවා කියන්න කලින් මං දැනගත්තා ඔයා අසනීප උනේ ගාර්ලික් කාලා කියලා ..."

ජන්කුක් ආයෙත් තෙත රෙදිකෑල්ල පොගවලා ටේහ්‍යුන්ග්ගේ ඇග තෙත මාත්තු කරා.

Jk-" ඒත් ඔයාට මෙහෙ ඉන්න බෑ. ඔයා ඉක්මනින් යන්න.මට ඔයාගෙ කතා වැඩක් නෑ මිස්ටර් කිම්. ඒත් මං ඔයාට දැං ආදරේ නෑ. මට ඔයාට අනුකම්පාවක්වත් නෑ. කරුණාකරලා ඉක්මනින් මෙහෙන් යන්න. මට ඒ ඇති "

ජන්කුක් කිසිම කරුණාවක් පෙන්නන්නේ නැතුව කතාකරේ, ඇත්තටම එයාට ටේහ්‍යුන්ග් මෙහෙන් යවා ගන්න ඕන වෙලා තිබ්බේ.

TH-" මං..මං ඔයාට ආදරෙයි princess... "

' මං ඒක දන්නවා '

Jk-" මට ආදරේ නම් පුලුවන් ඉක්මනින් මෙහෙන් යන්න මිස්ටර් කිම් "

TH-" මට..මට ආයෙ කවදාවත් ඔයාගේ කටින් hubby කියලා අහන්න බැරිද ? "

Jk-" ආයෙ කවදාවත් නෑ "

TH-" මැරෙන්න කලින් එ-කපාරක්වත් අ-හන්න බැරි වෙ-යිද ? "

ජන්කුක් , කට කොනින් වගේ හිනා වෙලා ඔලුව දෙපැත්තට වැනුවේ කවදාවත් නෑ කියන්නයි.

ටේහ්‍යුන්ග්ගේ පපුව ගොඩක් රිදෙනවා. එයාට අඩන්න තරම් අමුතු වෙදනාවක් දැනුනේ. මොකද ජන්කුක්ගේ වචන වල තිබ්බේ ස්තීර ගතියක් .

TH-" ස-සමහරවිට ආදරේ කියන දේ මට..මට අයිති දෙයක් නෙමේ "

ටේහ්‍යුන්ග් වේදනාවෙන් හිනා වෙලා මිමිණුවේ ජන්කුක් දිහා බලාගෙනමයි. මේ දේවල් ටේහ්‍යුන්ග්ගේ සැලැස්මේ දේවල් නෙමේ, මේ ටේහ්‍යුන්ග්ගේ හදවතින් එන වචන. මේ ටේහ්‍යුන්ග් කතා කරේ අවංකවම. එයා තවත් ජන්කුක් රවට්ටන් නෑ.

ජන්කුක් එතනින් , නැගිට්ටා නැගිටලා කාමරෙන් එලියට ගියා.

TH-" ඒත් මට ඔයා ඕනේ princess ... මං ඔයා දාලා යන් නෑ ...  "

ටේහ්‍යුන්ග් , ලොකු හුස්මක් අරන් අනිත් පැත්තට හැරුනා  . එයාගේ දරුවන්ගේ පැත්තට. එයාලා ගොඩක් ලස්සන ලමයි. ජන්කුක් එයාගේ දරුවෝ තනියෙන් හදලා.

TH-" ඔ-යා මාව මේ ගෙදරින් එලියට දායි... ඒත් ඔයාට මාව මගෙ දරුවන්ගෙන්වත් , ඔ-යාගෙන්වත් ඈත් ක-රන්න බෑ ... "

ටේහ්‍යුන්ග් එයාගේ පුංචි බෝල දෙක දිහා බලස්ගෙන මිමිණුවා .

TH-" ස-සමාවෙන්න dadaa එන්න පරක්කු උනාට. Dadaaට පො-ඩි කාලේ උනා වගේ දෙයක් ඔයාලට ක-වදාවත් වෙන්න දෙන් නෑ. Dadaaගේ අ-ප්පා කවදාවත් , dadaa ලගින් හිටියේ නෑ. ඒත් ඔ-යාලගෙ dadaa හැමදාම ඔයාලා ලගින් ඉන්නවා . ම-මගෙ පවුල... "

ටේහ්‍යුන්ග් , තොල් වල හිනාවත් එක්කම ඇස් පියා ගත්තා. ටේහ්‍යුන්ග්ට ඇස් ඇරන් ඉන්න අමාරුයි.හරිම මහන්සි ගතියයි, ටේහ්‍යුන්ග් ඇස් පියාගෙන හිටියා.

ජන්කුක් bowl එකේ තිබ්බ වතුර අයින් කරලා , තෙත රෙද්ද , රැක් එකේ වනලා , කෑම හදන තැනට ගිහින් සුප් එකක් හදන්න ගත්තා. ඔව් ඒ සුප් එක ටේහ්‍යුන්ග්ට. ටේහ්‍යුන්ග් කාමරේ නිදි ඇති . ජන්කුක් සුප් එක හදන්න ගත්තා.

කපලා තියන එලවලු භාජනේකට දාලා හේදුවා. ජන්කුක්ට තේරෙන් නෑ මොනවා කරන්නද කියලා. Dadaa කෙනෙක්ට අයතිය තියනවා තමන්ගේ දරුවෝ එක්ක ජීවත් වෙන්න,
මොකද නීතියෙන් ඒ දරුවෝ අයිති dadaaට. ඒත් ජන්කුක් , ටේහ්‍යුන්ග්ට ඒ අයිතිය දෙන්න කැමති නෑ.

ජන්කුක්ගේ ජීවිතේ ටේහ්‍යුන්ග්ට තවත් ඉඩක් නෑ.

ටේහ්‍යුන්ග් ජන්කුක්ව දැක්ක වෙලේ උමතු උනා. ජන්කුක්ව බලෙන් ඇදන් හරි එයා ලග තියා ගන්න හැදුවා. ඒ ටේහ්‍යුන්ග්ගේ අවුරුදු 7ක ඉවසීම, පීඩනය තමා එහෙම කරේ. මොකද ටේහ්‍යුන්ග්ට , ජන්කුක් එයාව අත ඇරලා දාපු එකම ලොකු වැටීමක් උනා.

ටේහ්‍යුන්ග් පිස්සුවෙන් වගෙ ජන්කුක් හෙව්වේ, එදා ජන්කුක්ව යන්න නොදී බලා ගත්තා නම් කියලා හිතින් දහස් වතාවක් පසු තැවුන ගමන්. ටේහ්‍යුන්ග් කලකිරීමෙන් හැම තප්පරේම ගෙව්වේ . හිනාවක්, තොල් මානෙක පේන්නවත් නැති වෙන තරමට ටේහ්‍යුන්ග්ගේ ලෝකේ අදුරට වැටුනා.

ටේහ්‍යුන්ග්ට තේරුනා ජන්කුක් නැතිව ජීවත් වෙන එක කොච්චර අමාරුද කියලා, ඒ වගේම එයා ජන්කුක්ට කොච්චර ආදරේද කියලා.

එයා ජන්කුක් දැකපු ගමන් කලබල උනා  , පිස්සු වැටුනා. එයාට බය හිතුනා ජන්කුක් ආයේ නැති වෙයි කියලා. එයාගෙ බයම එයාව බලෙන්ම ජන්කුක්ව ඇදන් යන තැනට පත් කරා. ඒ වගේම එයා දැනගත්තම එයාගේ දරුවා minhun කියලා එයාව තවත් පිස්සු වැටුනා.

කවදාවත් නොදැකපු ඒ සුන්දර ජීවිතේ ගෙන හීන ගොඩක් මැවුනා. ඒ වෙලාවෙම එයාට ඕන උනා ජන්කුක් ,minhun එක්ක පවුලක් විදියට ඉන්න.
ඉතින් එයා බලෙන්ම ජන්කුක් ඇදන් ගියා.

ඒත් නෑ.... ටේහ්‍යුන්ග්ට තේරුනා මේ ඒ ජන්කුක් නෙමේ. මේ එයාගේ අතීතේ එයාට හම්බුන කෙනා නෙමේ. ගොඩක් වෙනස් වෙලා , ජන්කුක්ගේ හිතේ තවත් ආදරයක් නෑ.

ටේහ්‍යුන්ග්ට තේරුනා , ටේහ්‍යුන්ග්ට බෑ බලෙන් එයාලව ටේහ්‍යුන්ග්ගේ ජීවිතේට අරන් යන්න, එයාලා දැං වෙනම පවුලක්, එයාලා ජීවත් වෙන්නේ වෙන ලෝකෙක. ටේහ්‍යුන්ග්ට ඒක තේරුනා. එයාට තේරුනේ ආයෙත් ජන්කුක්ව එයාගෙ ලෝකෙට ගන්න බෑ.

ඒත් ටේහ්‍යුන්ග්ට තියෙන එකම දේ එයාව ජන්කුක්ගේ ලෝකෙට ගන්න කියලා ඉල්ලන එක විතරයි. එයාව ජන්කුක්ගේ පවුලට ගන්න කියලා ඉල්ලන එක විතරයි.එයාට කරන්න පුලුවන් , ඉවසීමෙන් බලන් ඉන්න එකයි.

ඒත් ජන්කුක් එයාව තියා ගන්න කැමති නෑ. එයාට ඕනෙ බලෙන් හරි රැදෙන්න.

ජන්කුක් එලවලු භාජනේට දාලා , ඒකට අවශ්‍ය ඉතුරු කලමනා දාන්න ගත්තා .

M-" Mamaaaaaa....."

ජන්කුක්ට ඇහුනා පුංචි minhun බබා එයා ඉන්න තැනට නැගිටලා ඇවිත්.

Jk-" baby... නැගිට්ටද ? "

ජන්කුක් , හිනාවෙලා පුංචි බබා දිහා හැරිලා බැලුවා.

M-" ඇයි මිස්ටර් කිම් අපේ ඇදේ ? "

Minhun , පුංචි අඩි එක එක හෙමින් හෙමින් තිය තිය ජන්කුක් ලගට ඇවිදන් ආවා.

Jk-" එයාට සනීප නෑ... හොදටම අමාරුයි "

M-" එයා mamaaට ආයෙ කරදර කරාද ?.. "

Minhun කියන්නේ පුංචි බබෙක්. එයා ඇස් දෙකෙන් දකින දේවල් විශ්වාස කරන්නේ. එයා දැක්කා ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කනට ගැහුවා, ජන්කුක්ව බලෙන් ඇදන් යන්න ගියා .ඉතින් minhun ටේහ්‍යුන්ග්ව දැක්කේ එයාගේ mamaaට කරදර කරන කෙනෙක් විදියට. ටේහ්‍යුන්ග් කොච්චර කිව්වත් , ඒකයි එයා ටේහ්‍යුන්ග්ට dadaa කිව්වේ නැත්තේ.

Jk-" God ... නෑ baby. එයා mamaaට කරදර කරන් නෑ. ම්ම්ම්.. baby හිතන්නේ ඊයේ රෑ උන ඒවා නම්. එයා ඒවා කරේ තරහට නෙමේ. ඒ එයාගේ හැටි. එයා... එයා ටිකක් වෙනස් , එයා mamaaට කරදර කරන් නෑ "

ජන්කුක්, ටේහ්‍යුන්ග්ට අකමැති . ඒක වෙනම දෙයක්. ඒත් එයාට ඕන උනේ නෑ දරුවෝ ටේහ්‍යුන්ග්ට වෛර කරනවා දකින්න. මොකද පොඩිකාලේ දෙයක් හිතේ රැදුනම , ඒක ලොකු වෙනකන් තියනවා කියලා ජන්කුක් දන්නවා. හරියට ටේහ්‍යුන්ග්ට උනා වගේ .

M-" Mamaa....."

Jk-" කියන්න baby   "

M-" එයා ඇත්තටම මගෙ dadaaද ? "

ජන්කුක් ගැස්සිලා ගියා.ජන්කුක්ට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ඕන උනේ නෑ.

M-" මං කියන්නේ.. ම්ම්ම්.. මගෙ යාලුවන්ගේ dadaa එයාලා එක්ක ගෙදරමයි ඉන්නෙ. ඒත් මට.. ම්ම්ම් එහෙම කවුරුත් හිටියේ නෑ .
මගෙ යාලුවෝ කිව්වේ dadaa, mamaaව දාලා ගිහින් කියලා... එයාලා කිව්ව විදියට මිනිස්සු එහෙම ලමයින්ට කියන්නේ අනාතයෝ කියලලු... mamaa අපි අනාතයොද ? "

ජන්කුක්ගේ පපුවට පිහියකින් අයිනවා වගේ දැනුනා . ජන්කුක් හයියෙන් භාජනේ මිරිකලා ඇල්ලුවා .

Jk-" b-baby.. අපි... ම-මං... මං කියන්නේ නෑ  ... අර්හ්... God නෑ... ඔයාලා එහෙම නෑ. ඔ-ඔයාලට d-dadaa ඉන්නවා . ඒත්... ඒත් ඒ dadaa ඈතින් ඉන්න ඕනේ "

M-" ඒකද මිස්ටර් කිම් එකපාරම ආවෙ ?.. "

Jk-" අහ් ..ම්ම්ම්හ්... ඔව්.   එයා ආවේ , බ-බලලා යන්න..  "

' දවසක ඔයාලා තේරුම් ගන්න පුලුවන් වයස එද්දි මාව තේරුම් ගනී... '

තවවත් පුංචි බබා ටේහ්‍යුන්ග්ට dada කියන්න කැමති නෑ. ජන්කුක් බබාව හරි ගස්සවන්න හැදුවෙත් නෑ. මොකද , එයාට ඕන උනේ නෑ  , දරුවෝ ටේහ්‍යුන්ග්ට dadaa කියනවා දකින්නත්. ඒත් එයාලව  අනාතයෝ විදියට සමාජෙට පෙන්නන්නත් ඕන උනේ නෑ.

M-" Mamaa... මං අද school යන්න ඕනෙද ? "

ජන්කුක් ආයෙ සුප් එක හදන ගමන් , කතා කරන්න ගත්තා.

Jk-" ඇයි ? වෙනදටත් school යන්නේ .. ඇයි අද විෂේශයෙන් අහන්නේ ? "

M-" මිස්ටර් කිම් ගෙදර ඉන්නවා "

Jk-" ම්ම්ම්... නෑ. එයා අද හවස යනවා. ඔයා එන්න කලින් යනවා... "

M-" එයාට සනීප නෑනේ "

Jk-" එයාගේ ඩ්‍රයිවර්ට කියනවා තව ටිකෙන්. එයා ඇවිත් මිස්ටර් කිම් ව අරන් යයි ."

M-" එතකොට එයාට ඩ්‍රයිවර් කෙනෙකුත් ඉන්නවද ? ඔහ්... එයා සල්ලි කාරයෙක්. ලොකු වාහනේකුත් තියනවා... මගෙ යාලුවෝ කාටවත් නෑ එච්චර ගොඩක් සල්ලි තියන dadaaලා නෑ "

ජන්කුක් සුප් එක ගෑස් එකෙන් තියලා , minhun දිහාට හැරුනා.

Jk-" ඉතින් ඔයාට ඕනෙත් නෑ.... ම්ම්ම්... අපි මේ විදියටම ඉමු හැමදාම. ඔහ් නෑ.. මගෙ පුංචි minhun බබාට පුලුවන් දවසක ලොකු සල්ලිකාරයෙක් වෙන්න "

M-" හරියට මිස්ටර් කිම් වගේද ? "

ජන්කුක් minhun ලගට ඇවිදන් ගියා.

Jk-" නෑ... ඔයා කවදාවත් එයා වගේ වෙන්න ඕනෙ නෑ. "

ජන්කුක් , එහෙම කියලා minhunගේ නලලට කිස් එකක් දුන්නා.

Jk-" ඔයා.. ඔයාම වෙන්න... ඔයා minhun වෙන්න... "

ජන්කුක් , ගොඩක් ආදරෙන් කතා කරේ.

ජන්කුක් , minhun ගේ ඇතුලේ කතාව. අනිත් අතින් ටේහ්‍යුන්ග්  .

ටේහ්‍යුන්ග් ඇස් පියාගෙන හිටියට ඔක්කොම කතාව අහගෙන හිටියේ. ටේහ්‍යුන්ග් දැන ගත්තා ජන්කුක් තවත් එයාව තියා ගන් නැති වෙයි කියලා . එයාව ඩේවිඩ් අතේ ආපහු යවයි කියලා.
ඒත් එයා තවමත් කිසි දෙයක් අත අරින්න ලෑස්ති නෑ .

ජන්කුක් , කතා කරන දේවල් අහගෙන ඇස් පියාගෙන ටේහ්‍යුන්ග් ඇද උඩ වැතිරිලා හිටියේ.

ඒත් එකපාරම ටේහ්‍යුන්ග්ට දැනුනා, සොෆ්ට් හීනි කූරු වගෙ දෙයක් එයාගේ මූනේ වදිනවා, ඊට පස්සේ ඇස් වල වදිනවා , ඊට පස්සේ තොල් වල වදිනවා . ඇත්තටම කිව්වොත් වදිනවා නෙමේ, ඒවලින් මූනට අනිනවා වගේ. හරියටම කිව්වොත් ඒවා හීනි කූරු කිව්වට නිකන් පුංචි ඇගිලි වගේ.

ටේහ්‍යුන්ග්ට දැනුනා පුංචි ඇගිලි වලින් ටේහ්‍යුන්ග්ගේ මූනට අනිනවා වගේ.

ටේහ්‍යුන්ග් හෙමින් ඇස් ඇරියා .

ටේහ්‍යුන්ග් , ඇත්තටම කිව්වොත් එයා මේ ජීවිත කාලෙමට දැක්ක හුරතල්ම මූන ඒක. ටේහ්‍යුන්ග් දැක්කා බෝල රවුම් ඇස් දෙකක් එයා දිහා බලන් ඉන්නවා.

ඒත් නොවවත්වම ඒ බෝල ඇස් බබා ටේහ්‍යුන්ග්ගේ මූනට එයාගෙ ඇගිලි තුඩු වලින් අනිනවා.

TH-" ඔයා මගෙ මු-ණට කැමතිද sweet heart "

ටේහ්‍යුන්ග් ගොඩක් ආදරෙන් ඇහුවේ තවත් බෝල ඇස් ලොකු වෙද්දී.

TH-" ඔහ්... God මට පේන්නේ ඔයා මගෙ කටහඩටත් කැමතී වගේ "

ටේහ්‍යුන්ග් , පුංචි බබාගේ කම්මුල අත ගෑවා.

TH-" ඔයාට තියෙන්නේ mamaaට වගේම සිනිදු හමක්. "

ටේහ්‍යුන්ග් , ගොඩක් අමාරුවෙන් ඇදෙන් වාඩි උනා. ඒත් පුංචි බබා තවමත් අමුතු සෙල්ලම්බඩුවක් දිහා බලන් ඉන්නවා වගේ ටේහ්‍යුන්ග් දිහා බලන් ඉන්නේ.

TH-" Hii...."

ටේහ්‍යුන්ග් , පුංචි බබාගේ අත ඇල්ලුවා.

Mg-" H-hi ... "

ටේහ්‍යුන්ග් , පුංචි බබාව උකුලට ගත්තා.

TH-" ඔයා මට කැමතිද ? "

පුංචි බබාට තිබ්බේ, ජන්කුක්ට සමාන ගතිගුණ.හැමෝම එක්ක යාලු වෙන් නෑ. ඒත් එයාට කෙනෙක්ට හිත ගියොත් , ගොඩක් ආසාවෙන් ලග තියා ගන්නවා.

TH-"   මගෙ පුංචි angel ... මට කැමතිද ? "

ටේහ්‍යුන්ග්ගේ හිතට ලොකු ආදරයක් දැනෙනවා. ඒක විස්තර කරන්න අමාරුයි . ඔව් එයා minhunටත් ආදරෙයි, ඒත් මේ අසරණ පුලුන් බෝලෙ දැක්කම ටේහ්‍යුන්ග්ගේ හදවත පුපුරන්න තරම්. ආදරේ  , අනුකම්පාව මිශ්‍ර වෙලා

TH-" ඔයාගේ ඇස් Mamaa වගේ... ඔයාගෙ කොන්ඩේ.. ම්ම්ම්.. ඒකත් mamaa වගේ, එතකොට මේ තොල් mamaa වගේ ගොඩක් හුරතල් පාටයි..."

ටේහ්‍යුන්ග් ,බබාගේ mamaa වගේ තිබ්බ හැම ලක්ෂනේකටම හාදුවක් දුන්නා .

TH-" ඒත් මේ නහය, මේ ලපේ, එතකොට මේ තොල අයිනේ ලපේ....එතකොට මේ ඇස් පිහාටු."

ටේහ්‍යුන්ග් පුංචි බබාගේ ඇස් වලට හාදුවක් දුන්නේ බබාගේ තොල් හිනාවෙන් පිරෙද්දී,

TH-" එතකොට ඔය හිනාව... ඒවා ටික ඔයාගෙ dadaa වගේ "

පුංචි බබා ඇස් ලොකු කරලා , ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Mg-" D-daa...."

TH-" ඔ-ඔව් baby... dadaa.. මං ඔයාගේ d-dadaa... ඔයාගේ නහය, මේ ලප, හිනාව, ඇස් පිහාටු මගෙ වගේ... "

ටේහ්‍යුන්ග් එයාගේ පැත්තට ඇගිල්ල දික් කරලා කිව්වේ ගොඩක් නොඉවසිල්ලෙන් . මොකද එයාට දරුවෙක්ගේ කටින් ඒ වචනේ අහන්න ගොඩක් ආසයි.

TH-" ම-මං dadaa baby.. ඔයාගෙ.. ඔයාගේ dadaa "

ටේහ්‍යුන්ග් , බබාගෙර් මූන එයාගේ පැත්තට හැරෙව්වා. පුංචි බබා ඒ වචනේ කියයිද ?

TH-" ම-මං dadaa.. මට කියන්න baby. Dadaa කියන්න "

ටේහ්‍යුන්ග් නොඉවසිල්ලෙන් කතා කරේ. පුංචි බබා මොකුත් නොකියා ටේහ්‍යුන්ග් දිහා බලාගෙන හිටියා.

TH-" කියන්න මගෙ angel.. Dadaa... "

ඒත් බබාට ඒක කියන්න ලොකු උවමාවක් තිබ්බේ නෑ . එයා බලන් හිටියේ ටේහ්‍යුන්ග් දිහාමයි.

TH-" D-dadaa .. මං dadaa . කියන්න baby.."

බබා මොකුත් කිව්වේ නෑ. ටේහ්‍යුන්ග් හිනා වෙලා ලොකු හුස්මක් අරන් බබාගේ රෝස කම්මුල් වලට හාදුවක් දුන්නා .

TH-" ඒකට කමක් නෑ... අපි ප~~~~"

Mg-" D-Dadaa........"





















# To be continue #

______________________________________


🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

තැන්ක්‍යූ , මේ ලස්සන gift එකට.

ගොඩක් ලස්සනයි .

🥺❤

නංගියෙක් choice එකට cover එකක් හදලා .❤❤❤

ගොඩක් ලස්සනයි .❤

================================

🍁Marivok🍁



Continue Reading

You'll Also Like

365K 38.2K 42
လက်ထဲက ဘေ့စ်ဘောရိုက်တံကိုကျစ်ကျစ်ကိုင်လို့ ပစ်မှတ်ကိုသေချာအာရုံစိုက်တယ်..... ဒီတစ်ခေါက် ဝမ်ရိပေါ်ရဲ့ ပစ်မှတ်က ဘောလုံးမဟုတ်တဲ့ နှလုံးသားတစ်ခုဖြစ်တယ်...
84.6K 11K 41
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
29.8K 2.9K 20
Omegaverseဖြစ်ပြီးMarried lifeလေးပါ Start date -2.8.2024 End date -??