The Choice

By Marivok

109K 24.4K 10K

"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Note
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Note
Note 2
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45 (Prologue)
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60

Chapter 49

1.3K 395 198
By Marivok


£££££££££££££££££££££££££££££££
===============================

නහයට දැනුන කාම් සුවද මනස ගොඩක් relax වෙනවා. ඒක වචන වලින් පැහැදිලි කරන්න බෑ. හැම උදේකම දැනෙන පීඩනේ අඩු වෙලා , මනස ගොඩක් සැහැල්ලුයි. ඒ සුවද හින්දා මනස සැහැල්ලු වෙලා ගිහින්. ජන්කුක් තව තවත් ඒ සුවද තදින් ආශ්‍රහනය කරේ , තවත් ඒ ශක්තිමත් පපුව මත නහය තද කරන ගමන්.

ඔහ් ! පොඩ්ඩක් ඉන්න.. ශක්තිමත් පපුවක් ? ජන්කුක්ගේ ඇගිලි තුඩු වලට ඒ පපුව දැනෙනවා. ජන්කුක්ගේ ඇහිබැම ඇකිලුනේ, අවුරුදු 7ක් තිස්සේ එයාට මෙහෙම දෙයක් උදේට දැනුන් නැති හින්දා.

අවුරුදු 7 පුරාවටම උදේ ඇහැරෙනකොට එයාගේ අතට දැනුනේ මාශ්මෙලෝස් වගේ සොෆ්ට් එයාගේ බබාලා. ඒත් අද එයාට ශක්තිමත් පපුවක එයා තුරුල් වෙලා ඉන්නවා වගේ දැනුනා.

ජන්කුක් හෙමින් ඇස් ඇරියා. What the fuck ?  ටේහ්‍යුන්ග් , ජන්කුක්ව බදාගෙන නිදි.. ඒ මදිවට ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ පපුවට තුරුල් වෙලා.

ජන්කුක්ගේ ඇස් ලොකු උනා, නිදිමත ඔක්කොම ගියේ එයා ඉන්න position එක දැක්කම.
මොකද්ද මේ විකාරේ ? ටේහ්‍යුන්ග් කොහොමද මෙහෙම ඉන්නේ ? එයාට කොහොමද මෙච්චර හයියක් ජන්කුක්ව බදාගෙන නිදාගන්න .

ජන්කුක් ටේහ්‍යුන්ග් තල්ලු කරගෙන ඇදෙන් වාඩි උනා .

Jk-" ආර්හ්... කොහොමද මාව අල්ලන්නවත් හිතුවේ ? "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ ඇගට හයියෙන් පාරක් ගැහුවා.

TH-" අව්හ්.."

ටේහ්‍යුන්ග් ඇස් ඇරියා. ටේහ්‍යුන්ග් ඇස් අරිනකොට දැක්කේ කේන්තියෙන් ඇදට වෙලා වාඩි වෙලා ජන්කුක් .

Jk-" ඇහැරුනාද ? "

ජන්කුක් දත්මිටිකාගෙන කතා කරේ ටේහ්‍යුන්ග් දිහා බලාගෙනමයි. ටේහ්‍යුන්ග් ගැස්සිලා ආයෙත් ඇස් පියා ගත්තා.

Jk-" ඒයි... නැගිටින්න මිස්ටර් කිම්...ඔයා ඇහැරුනා ..."

ටේහ්‍යුන්ග් සද්ද නැතුව ඇස් පියාගෙනම හිටියා.

Jk-" නැගිටින්න දැංවත්... "

ජන්කුක් ඇදෙන් නැගිට්ටේ කේන්තියෙන්.මොකද එයාට මේ කපටි ටේහ්‍යුන්ග්ගේ රගපෑම් එපා වෙලා .

Jk-" මගෙ අනුකම්පාවෙන් අනවශ්‍ය ප්‍රයෝජන ගන්න එපා මිස්ටර් කිම්... "

ජන්කුක් , ටේහ්‍යුන්ග් දිහා කේන්තියෙන් බලන ගමන් මිමිණුවා . ටේහ්‍යුන්ග් තවම ඇස් පියාගෙන, ඒත් ජන්කුක් දන්නවා ටේහ්‍යුන්ග් මේ ඉන්නේ දැං ඇහැරිලා කියලා.

ජන්කුක් , කේන්තියෙන් කබඩ් එක ඇරලා අතට අහුවෙන ඇදුමක් අරගත්තේ ටේහ්‍යුන්ග්ට බනින ගමන්. ජන්කුක්ට ඇත්තටම , හොදටම කේන්ති .
ටේහ්‍යුන්ග්ට ලැජ්ජා නැති හැටි දැකලා. මෙච්චර දේවල් වෙලාත් කිසි දෙයක් නොදන්න බබෙක් වගේ ඉන්නේ කොහොමද ?

ඒ දෙන්නා අවුරුදු 7ක් වෙන් වෙලා හිටියේ. අනික ජන්කුක් වැම්පයර් කෙනෙක් ආයේ කවදාවත් ජීවිතේට ලං කර ගන් නෑ, විශේෂයෙන්ම ටේහ්‍යුන්ග් වගේ බොරු කාරයෙක්. ඒ වගේම ටේහ්‍යුන්ග් එයාගේ හොදම යාලුවා මැරුවා කියලා දැන දැනත් එයාට තවත් ටේහ්‍යුන්ග් මේ ගෙදර තියා ගන්න බෑ.

Jk-" ඕකේ.. ඔයාට මුලු දවසම නිදාගෙන ඉන්න බෑනේ. මං මූන හෝදලා එනකොට ඇදෙන් නැගිටලා ඉන්න ඕනේ ..එච්චරයි "

ජන්කුක් , කේන්තියෙන් ටේහ්‍යුන්ග් දිහා බලාගෙන මුමුණලා යන්න ගියේ, අවසන් වතාවට එයාගේ පොඩි බබාලා දෙන්නා දිහා බලාගෙන. ලමයි දෙන්නා තවම නිදි.

බොරු කියන්න ඕනෙ නෑ, අවුරුදු ගානකට පස්සේ ජන්කුක්ට සනීපෙට නින්ද ගියේ අද.

ජන්කුක් ඒ එක්කම ඇතුලෙන් තියන පොඩි bathroom එකට ගියා. ඒක ගොඩක් පොඩි එකක්, එක්කෙනෙකුට විතරයි එක වෙලාවක පාවිච්චි කරන්න පුලුවන් .

ජන්කුක් , රෙදි එතන හැන්ගර් වලින් එල්ලලා, ශවර් එක යටට ගියේ තවමත් කේන්තියෙන් .

Jk-" ඇයි මට මෙහෙම දෛවයක් දුන්නේ "

ජන්කුක් ගොඩක් පසුතැවීමෙන් මිමිණුවා .

Jk-" ඇයි මං එයාට ආදරේ කරේ ? ඇයි මං එයාට මගෙ ඇග පාවිච්චි කරන්න දුන්නේ ? ඇයි...."

ජන්කුක් , එයාගෙම කොන්ඩේ අතින් මිටමොලවන් එයාටම දොස් පවර ගත්තා.

Jk-" මට තියන එකම සැනසීම , එයාගේ කලින් තිබ්බ බලාපොරොත්තු තවත් එයාගේ හිතේ නෑ. දෙවියන්ට ස්තූති වෙන්න එයාට ඕනේ අපිට කරදරයක් නොකරන්න.."

ජන්කුක්ගේ හඩ ටිකක් මෘදු උනා.

Jk-" එයා මට ආදරෙයි .. එතකොට එයා ඇත්තටම මට ආදරේ කරලා "

ජන්කුක් එයාගේ ඇගිලි එකිනෙකට වද්දන ගමන් ටේහ්‍යුන්ග් ඊයේ රෑ දිවුර දිවුර කියපු දේවල්, එයාගේ අවංක ආදරේ ඔප්පු කරන්න උත්සහ කරපු හැටි, ඊයේ එයා මැරෙනවා කිව්වම හැසිරුන හැටි කල්පනා කරා.

Jk-" අර්හ්... මොනාද ඔය හිතන්නේ ජන්කුක් . එයා වැම්පයර් කෙනෙක්.. God ... එයා වැම්පයර් කෙනෙක්...වැ.ම්.ප.ය.ර් කෙනෙක්.. "

ජන්කුක් එයාටම ටේහ්‍යුන්ග්ව තවත් අප්පිරියා වෙන හේතු පැහැදිලි කරා.

Jk-" අනික එයා zimibiගෙ මිනීමරුවා . මට එයා මගෙ zimbi මරපු වැම්පයර් කෙනෙක් විතරයි ."

ජන්කුක් ආයෙත් , ලොකු හුස්මක් අරන් අතීතයේ උන දේවල් කල්පනා කර කර නාන්න්ස් ගත්තා.

ඒ කාලේ එයා කොච්චර විනෝදෙන් හිටියද ? ටේහ්‍යුන්ග් එයාගේ ජීවිතේට එන්න කලින් හැමදේම සාමාන්‍යයි .එයාලා කොච්චර දේවල් කරාද ? එයා ඉස්සර ගොඩක් දගයි, වැම්පයර්ලා ගෙන කතා කිය කිය කොච්චර හොදින් හිටියද

ටේහ්‍යුන්ග් එයාගේ ජීවිතේට ආවට පස්සේ කිසි දෙයක් සාමාන්‍ය උනේ නෑ. ටේහ්‍යුන්ග් එයාට හැමදේම අමාරු කරා. එයා යාලුවන්ට, දෙමවුපියන්ට බොරු කරා. එයා ආදරේට අන්ධ වෙලා හැමදේම අත ඇරලා ටේහ්‍යුන්ග් එක්ක ගියා.

ටේහ්‍යුන්ග් එයාව එක සැරයක් rape කරා. ඒත් එයා ටේහ්‍යුන්ග්ට අවස්තාවක් දුන්නා කිසි දෙයක් තේරුම් ගන්න බැරුව. Zimbi හැමදේම පහදන්න හැදුවත් , ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ පැත්ත අරන් zimbi එක්ක රණ්ඩු උනා. ඒ පොඩිකාලේ ජන්කුක් අතින් උන ලොකුම වරද ටේහ්‍යුන්ග් විශ්වාස කරපු එක.

ඒ වගේම එයා හැමදේම අත ඇරලා යන්න තරම් බය උනා ටේහ්‍යුන්ග්ට . ඒ තත්වෙන් ජන්කුක්ට කිසි දෙයක් තනියෙන් දරා ගන්න බැරි උනා . ඒත් අද, එයා ටේහ්‍යුන්ග්ට බය නෑ. එයාට හැමදේම තේරුම් ගන්න පුලුවන් . එයා ශක්තිමත් . එයා දැං ටේහ්‍යුන්ග්ගේ දුර්වලකම ප්‍රයෝජනේට අරන් ටේහ්‍යුන්ගෙන් ඈත් වෙනවා.

ජන්කුක් තනියම ඒ දේවල් කල්පනා කර කර හෙමින් හෙමින් නෑවා. ජන්කුක්ට අද වෙලාව යනවාවත් තේරුනෙ නෑ. ජන්කුක් නාලා ඇදුම් හෝදලා , අලුත් ඇදුමක් ඇදගෙන එලියට ආවා.

ඇවිත් වෙලාව දැක්කම තේරුනේ, හොදටම පරක්කු වෙලා.

Jk-" දෙයියනේ මං මෙච්චර වෙලා නෑවද ? God ලමයින්ගේ කෑම "

ජන්කුක් , කෙලින්ම කෑම උයන බඩු තියන තැනට දුවන් ගියා . ගිහින් පිහිය බැලුවා, දෙවියනේ ඒත් එක පිහියක්වත් නෑ.කපන දේවල් කිසි දෙයක් නෑ. ඒත් එතන මේස උඩ කෑලි වලට කපපු එලවලු, meats, පැකට් තියනවා.
මේවා කඩෙන්ම ගෙනාපුවා, ඒත් කොහෙන්ද මේවා මෙතනට. ජන්කුක්ට කීයටවත් මේවා ගන්න සල්ලි නෑ.

අනිවාරෙන්ම මේවා ටේහ්‍යුන්ග් ගෙන්නපුවා, ඩේවිඩ්ට කියලා හෝ ඔන්ලයින් ඩිලිවරි හරි කරලා. ඒත් ටේහ්‍යුන්ග් කොයි වෙලේද මේවා ගන්න නැගිටලා ගියේ.

අහ්.  දැං ඒ දේවල් ගෙන හිතන්න දෙයක් නෑ, ලමයින්ට කන්න හදන්න ඕනේ. දැං එලවලු කපන්න පිහි නැත්තන්, මේ මේසෙ උඩ තියන කපපු එලවලු ගන්න තියෙන්නේ.

ශුවර් එකටම ටේහ්‍යුන්ග් පිහි හංහලා උවමනාවෙන්ම. ඊට පස්සේ කෑලි වලට,කපලා වේලපු එලවලු , meats ගෙන්නලා.

ජන්කුක්ට හිත හිත ඉන්න වෙලාවක් නෑ, ජන්කුක් ඉක්මනින් කෑම හදන්න ගත්තා. එයාට ටේහ්‍යුන්ග් කොහෙද ඉන්නේ මොකද කරන්නේ කියලා බලන්න වෙලාවක්වත් නෑ. එයා ඉක්මනින් කෑම හදන්න ගත්තා .

Jk-" ඊයේ රෑ ගෙදර නවත්තන්න දුන්න හින්දා ණයට හිලව් වෙන්න මේ එලවලු දුන්නා කියලා හිතන්න තියෙන්නේ "

ජන්කුක් තනියෙන් මුමුණ මුමුණ බබාලගෙ කෑම හැදුවා.

Jk-" ම්ම්ම්... done ! බබාලගේ කෑම හරි.. දැන්ම ගිහින් අරයව පන්නනවද ..... නැත්තන් මගෙ කෑම එකත් හදලම අරයව ගිහින් පන්නනවද ? "

ජන්කුක් සාමාන්‍යයෙන් එයාටයි බබාලටයි කෑම හදන්නේ දෙපාරකට.බබාලට වෙනම හදලා, එයා වෙනම හදන් කන්නේ.

බබාලා වැම්පයර් දරුවෝ හින්දා, කීයටවත් ගාර්ලික් මිශ්‍ර දේවල් දාන් නෑ. එයාලට ගාර්ලික් ලොකු ප්‍රශ්නයක් නෑ, half vampire හින්දා. එයාලට ඒවා සාමාන්‍ය වැම්පර්ලට වගේ ඇලජික් නෑ.ඒත් ඒවා ගොඩක් කැවුනොත් අසනීප වෙනවා.

ජන්කුක් බබාලට වෙනම හදලා, එයාගෙ කෑම එක වෙනම හදනවා.

Jk-" මගෙ කෑම එකත් හදලම ගිහින් පන්නනවා... "

ජන්කුක් කපපු එලවලු, meats අරගෙන ඒවට තව ලුනු,මිරිස් එහෙම මිශ්‍ර කරලා ගාර්ලික් එකතු කරන්න පැන්ට්‍රිය ඇද්දා. ඒත්..

Jk-" කෝ ඒවා..  මෙතනින්නේ තිබ්බේ මං "

ජන්කුක් , පැන්ට්‍රිය ඇදලා බැලුවා, එතන තිබ්බ කූඩ ඇදලා බැලුවා. ඒත් නෑ.. ඒත් ගාර්ලික් නෑ.

Jk-" ඊයේ ඒවා ගොඩක් තිබ්බා.. ඒත් කෝ ඒවා "

ජන්කුක් , පැන්ට්‍රිය ඇද ඇද ගාර්ලික් හෙව්වා. ඒත් හම්බුන් නෑ. ටේහ්‍යුන්ග් half වැම්පයර් කෙනෙක්, ගෙදර ඒවා තිබ්බා කියලා ප්‍රශ්නයක් නෑ.එහෙනම් ගාර්ලික් වලට මොකද උනේ ?

Jk-" අර්හ්.. දැං මටත් කන්න වෙන්නේ ගාර්ලික් නැතුව වගේ "

ජන්කුක් තොල් උල් කරන් කෑම එක දිහා බලන් හෙමින් කෙදිරුවා. හොයන්න පුලුවන් හැම තැනම හෙව්වත් , තවමත් ඒවා හම්බුනේ නෑ. බැරිමතැන ජන්කුක් ගාර්ලික් නැතුව එයාගේ කෑම හදන්න ගත්තා.

ජන්කුක් කෑම ඔක්කොම හදලා කාමරේට ගියා.
ඇත්තටම , ජන්කුක්ගේ පපුව විනාඩියකට නතර උනා කිව්වොත් හරි. මොකද ජන්කුක් කවදාවත් දකින්න බලාපොරොත්තුවෙන් නොහිටපු දෙයක් වෙලා තියනවා දැක්කම අමුතු දුකක් ආවා.

එයාගේ දරුවෝ දෙන්නා, එයාලගේ dada එක්ක ඇදේ නිදි. ඇත්තටම එයාගේ දරුවෝ dadaගෙ උණුසුමවත් කලින් විදලා තිබ්බේ නෑ . ඒත් අද එයාගේ දරුවෝ dada ලගට වෙලා උනුසුමට නිදි.

ඒත් ජන්කුක්ට මේ දේවල් තවත් දකින්න ඕන නෑ. එයාට බලාපොරොත්තු ඕන නෑ. ටේහ්‍යුන්ග් එයාගෙ ජීවිතේට ඕන නෑ.

ජන්කුක් ලොකු හුස්මක් අරගෙන , ආයෙත් ඇද ලගට ගියේ බබාලා ඇහැරෙන්න කලින් ටේහ්‍යුන්ග්ව නැගිට්ටවලා යවන්න. ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ ලගට ගිහින් ටේහ්‍යුන්ග්ට කතා කරා ඒත් ටේහ්‍යුන්ග් නම් නැගිටින පාටක් නෑ.

Jk-" මිස්ටර් කිම්.... නැගිටින්න "

ජන්කුක් කේන්තියෙන් කෙදිරුවා.

Jk-" මිස්ටර් කිම් ! "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ ඇගට තට්ටුවක් දාන ගමන් නැගිට්ටුවා .

Jk-" මිස්ටර් කි~~~ අහ් . "

ටේහ්‍යුන්ග්ගේ ඇගට අත තියනවත් එක්කම ජන්කුක්ගේ වචන නතර උනේ, ජන්කුක්ගේ අත් වලට දැනුන දේ හින්දා. ටේහ්‍යුන්ග්ගේ ඇග ගිනි ගොඩක් වගේ රස්නෙයි.

Jk-" Oh God "

ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ ඇග උඩින් එයාගේ අත තිබ්බා.ටේහ්‍යුන්ග්ගේ ඇගෙන් දුම් පිටවෙන්න තර්ස්ම් රස්නෙයි.

Jk-" මො-මොකද්ද උනේ ? "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ නලලින් අත තිබ්බා. ටේහ්‍යුන්ග්ට හොදටම උණ වගේ. ඇග ගිනිගොඩක් තරම් රස්නෙයි.

Jk-" ටේ-ටේහ්‍යුන්ග් uncle ? "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ කම්මුලට තට්ටු කරා.

TH-" ම්ම්ම්හ්..."

ටේහ්‍යුන්ග්ගේ ඇස් හෙමින් ඇරුනා. ඇස් හොදටම රතු වෙලා. ඇස් අගින් කදුලු බින්දු වැටෙනවා. ජන්කුක්ගේ මූනෙන් දුම් දානවා වගේ.
මුලු ඇගම රත් වෙලා.

Jk-" මො-මොකද ? "

ටේහ්‍යුන්ග් , මොකුත් නොකියා ජන්කුක් දිහා බලාගෙන හිටියා.

Jk-" ඔයාට මොකද ? ඇයි මෙහෙම ..  ඔයාට.. ඔයාට අමාරුද ? "

ටේහ්‍යුන්ග් අමාරුවෙන් ඔලුව වැනුවා. ඒ කියන්නේ ටේහ්‍යුන්ග්ට ගොඩක් අමාරුයි.  ඇත්තටම ජන්කුක්ට පේනවා ටේහ්‍යුන්ග් අමාරුවෙන් ඉන්නේ. මේක රගපෑමක් නෙමේ. ඇත්තටම ටේහ්‍යුන්ග් දැං අමාරුයි.

Jk-" අර්හ්... ඇයි එකපාරම . බෙහෙත් ගමුද ? "

ජන්කුක් කතා කරේ වද උන ස්වරයෙන්, ටේහ්‍යුන්ග් 'බෑ' කියන්න ඔලුව දෙපැත්තට වැනුවා.

Jk-" ඔයාට මොකද උනේ .. ඊයේ හොදට හිටියනේ. එකපාරම මොකද උනේ ? ඇයි මෙච්චර අමාරු උනේ ... "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ ඔලුව හෙමින් අතගෑවා.ටේහ්‍යුන්ග් වචනයක්වත් කතා නොකර, ජන්කුක් දිහා බලන් හිටියා . ඇත්තටම ටේහ්‍යුන්ග් නෙමේ හතුරෙක් හිටියත් මෙතන ජන්කුක් උදව් කරනවා. මොකද ටේහ්‍යුන්ග් හිටියේ ඒ තරම් අමාරුවෙන් .

Jk-" ඕකේ.. ඔහොම ඉන්න. මං ගිහින් ඉක්මනින් එන්නම් "

ජන්කුක් ඇදෙන් නැගිටලා දුවලා කාමරෙන් එලියට ගියා.කාමරෙන් එලියට කරදරෙන් වගේ දුවන් යන ජන්කුක් දැක්කම ටේහ්‍යුන්ග්ගේ හිතට පොඩි සතුටක් දැනුනා. ටේහ්‍යුන්ග් තොල් අගින් හිනා වෙලා ජන්කුක් යන දිහා බලන් හිටියේ.

TH-" තව දවස් දෙකක් තුනක් මගෙ princess එක්ක ඉන්න චාන්ස් එකක් ආවා... "

ටේහ්‍යුන්ග් කට ඇඹුල් කරලා හදා ගත්තා.

TH-" ඒත්... eeew... මිනිස්සු කොහොමද මේ ගාර්ලික් කන්නේ.. අර්හ්.. අප්පිරියයි "

ගාර්ලික් ? ඔව්... ජන්කුක්ගේ පැන්ට්‍රියේ තිබ්බ ගාර්ලික් ඔක්කොම කෑවේ ටේහ්‍යුන්ග් . ටේහ්‍යුන්ග්ට ගාර්ලික් එහෙම ඇලජික් නොවුනත් , එයාගේ ඇග ඇතුලේ වැම්පයර් කෙනෙක් ඉන්න හින්දා ටේහ්‍යුන්ග් ගාර්ලික් ගොඩක් කෑවොත් ගොඩක් අසනීප වෙනවා.

ටේහ්‍යුන්ග් ඒ හින්දා හිතලමයි මේක කරේ. ජන්කුක් bathroom එකට යනකන් ඉදලා අප්පිරියාවෙන් උනත් ඔක්කොම ගාර්ලික් කෑවේ ලෙඩ වෙන්න ඕන හින්දා. මොකද ටේහ්‍යුන්ග් දන්නවා ජන්කුක් කොච්චර නපුරු උනත් ඉක්මනින් උණු වෙනවා.

ටේහ්‍යුන්ග් මෙච්චර අමාරුවෙන් ඉද්දි කීයටවත් පන්නන් නෑ . ටේහ්‍යුන්ග් ඔය ප්ලෑන් එක ගැහුවේ ඊයේ රෑමයි. ජන්කුක්ගේ ගෙදර නවතින්න පුලුවන් , ටේහ්‍යුන්ග් අසනීපෙන් හිටියොත්. හිතලම අසනීප වෙන්න පුලුවන් ක්‍රමේ එයා පාවිච්චි කරා.

ටේහ්‍යුන්ග් ගාර්ලික් කෑවා.

ජන්කුක්ගේ හිත ඉක්මනින් උණුවෙනවා . ටේහ්‍යුන්ග් මෙච්චර අසනීපෙන් ඉද්දී ඒ ගෙන නොබලා ඉන්න ජන්කුක්ට බෑ.

ටේහ්‍යුන්ග් , දැක්කා ජන්කුක් ආයෙත් කාමරේට bowl එකක් එක්ක රෙද්දක් අරන් එනවා. Bowl එක ඇද ලග බංකුවකින් තියලා, ජන්කුක් ඇද අයිනෙන් වාඩි උනා. වාඩි වෙලා ටේහ්‍යුන්ග්ගේ ඇගේ රස්නේ බැලුවා.

Jk-" ඔයාගේ උණ මේකෙන් ටිකක් අඩු වෙයි "

ජන්කුක් , රෙද්ද bowl එක ඇතුලේ තිබ්බ වතුර වල පොගවලා අරන් මිරිකලා ටේහ්‍යුන්ග්ගේ නලලින් තිබ්බා.

Jk-" mingi ගොඩක් දවස් වලට මේ වගේ අසනීප වෙනවා. එතකොට මෙහෙම කරාම එයාගේ උණ අඩු වෙනවා "

TH-" T-thank you princess ..."

ටේහ්‍යුන්ග් අමාරුවෙන් මිමුණුවා .

Jk-" ඔ-ඔයාට අමාරු නම්... ම්ම්ම්.. ටිකක් අඩු උනාම යන්න. දැම්ම යන්න ඕන් නෑ "

' කොහොමත් මට දැම්ම යන්න ඕන් නෑ princess .... '

TH-" හ-හරි ..."

' මට දිගටම ඔයා ලග ඉන්න අලුත් සැලැස්මක් හදා ගන්න වෙයි '




















# To be continue #
____________________________________


මං මේක ඔයාලට පෙන්නුවද ? 🥺 මට මතක නෑ. ඒත් මට මේ covers දැක්කම හිතා ගන්න බෑ කොහොමද creative උනේ මේ ලමයි කියලා .❤

එතකොට මට ආපහු ඔයාලට මේවා පෙන්නන්න හිතෙනවා.🥺

තැන්ක්‍යූ  love ❤❤❤

===============================

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

8.3K 1K 23
Jungkook Atlas Francis - Taehyung Rowan Elliot
127K 13.1K 51
-من هەڵەم نەکرد بچکۆلەکەم، من تەنیا خۆشم ویستی... -تاک و تەنیا ئاواتی من داهاتووێک بوو لەگەڵ تۆ~ -عەشقی من بۆتۆ ئەو ئۆقیانووسە قوڵەیە کە دەمەوێ تێیدا...
36.7K 4.5K 41
I don't wanna be right .
294K 50.4K 62
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)