Black Shadow season 2|| KSJ||

By LUMI_05

2.1K 497 146

🥀✨ හිමිවීම හමුවීම නොවූ ලෝකයක හිමිනොවන්නට හෝ ඔබ හමු වූ ජීවිතයට ආදරය කරමි...🥀✨ __________________ Black Shad... More

01st Shadow
02nd Shadow
03rd Shadow
04th Shadow
05th Shadow
06th Shadow
07th Shadow
08th Episode
09th Episode
10th Episode
11th Episode
12th Episode
13th Episode
14th Episode
15th Episode
16th Episode
17th Episode
19th Episode
20th Episode

18th Episode

103 19 5
By LUMI_05

ගාඩ්න් එකේ තිබුන ගල් බංකුව උඩට වෙලා ඉඳගෙන ටේහියුන් හිටියෙ අහස දිහා බලාගෙන ලොකු කල්පනාවක.. පැය කීපයක ඉඳන් ටේහියුන් මේ විදියට කල්පනා කරන හැටි ජන්ග්කුක් ඈත තියා බලාගෙන හිටියා.. ටේහියුන්ගෙ සැරින් සැරේ මිට මෙලවෙන අත.. පිට වෙන බර හුස්මවල් දිහා ජන්ග්කුක් ඉතා හොඳින් බලාගෙන හිටියා.. තවත් බලාගෙන ඉන්න බැරි ම තැන ජන්ග්කුක් ටේහියුන් ලගට ගිහින් එයාගෙ එහා පැත්තෙන් වාඩි උනත් ටේහියුන්ට ඒ බවක් තේරුනේ නෑ..

"හ්යොන්ග්.."

"ඔහ් කුක්!"

"මොනවද ඔයා මෙච්චර කල්පනා කරන්නේ?"

"අහ් මුකුත් නෑ කුක්.."

"බොරු කියන්න එපා හ්යොන්ග් මං හොඳට ඔයා දිහා බලාගෙන හිටියෙ.. ඔයා මොකක්හරි ප්‍රශ්නෙක නේද ඉන්නේ?"

"අහ් ජන්ග්කුක් මං.."

ටේහියුන් ජන්ග්කුක්ගෙ පැත්තට හැරිලා එයාගෙ මූන දිහා බලනකොට ටේහියුන්ට මතක් උනේ ඊයෙ ජීමින් කියපු දේ..

Flashback

"ජීමිනා මොකද මේ?"

ශනායා ඉන්න තැනින් නැගිටලා ආපු ජීමින්ගෙ පස්සෙන් ටේහියුනුත් ගියේ ජීමින්ගෙ අමුතු හැසිරීමට හේතුව දැනගන්න.. ජීමින් තමන්ගේ කාමරේට යනකොට ඒ පස්සෙන් ම ගිය ටේහියුන් කාමරේ දොරත් වහගෙන ඇතුලට ගියා..

"ජීමිනා කතා කරපන්.. ඇයි උඹ ශනාට එහෙම කිව්වේ? අවුරුදු කීයකට පස්සේ ද ඒ කෙල්ල මෙහෙට ආවෙ? උඹ එකපාරට එහෙම කිව්වා ම ඒ කෙල්ලට පිස්සු-"

"කටවහපන් ටේහියුන්! උඹ මුකුත් නොදැන ඒ ගෑණිව සුද්ද කරන්න හදන්න එපා.."

"ජීමින්?"

"උඹ දන්නවද ශනායා කියන්නෙ කවුද කියලා? උඹ හිතන්නේ ඒකි අවුරුදු ගානක් කොහේ හරි ඉඳලා එක පාරට ම ආවා කියලා ද? නෑ බං නෑ.. අපි අවුරුදු ගානක් පිච්චි පිච්චි ඒකිව හොයනකොට ඒකි අපි එක්කමයි හිටියෙ.. ඒකි අපි ඒකිව හොයන හැටි බලාගෙන හිටියා ටේහියුන්.. අපේ වේදනාව අපේ හ්යොන්ගෙ වේදනාව ඒකිට විහිලුවක් උනා..!"

ටේහියුන්ගෙ උරහිසින් අල්ලගෙන ජීමින් කියවගෙන කියවගෙන යනකොට කිසි දෙයක් හිතාගන්න බැරි ටේහියුන් ඇස් දෙකත් ලොකු කරගෙන ජීමින් දිහා බලාගෙන හිටියා..

"ජීමිනා මොනවද බං මේ කියවන්නේ.. මට හරියට කියපන්.."

"අපේ ජන්ග්කුක් ඔය තත්වෙට එන්න හේතුව උනේ ශනායා!"

"මොහ්?"

ජීමින් කියපු දෙයින් ටේහියුන් අඩියක් පස්සට ගියා..

"මූන් ගායොන් විදියට රඟපාලා අපිව ඇන්දුවෙ වෙන කවුරුවත් නෙවෙයි ඒ කිම් ශනායා ටේහියුන්.."

"ජීමිනා උඹ ඔය ඇත්ත ම ද කියන්නෙ?"

"උඹට විශ්වාස නැත්තං ජින් හ්යොන්ගෙන් අහපන්.."

ජීමින් කියපු දේත් එකක් ටේහියුන්ට දැනුනේ කේන්තියටත් වඩා දුකක්.. ටේහියුන් තමන්ගේ දකුණු අත මිට මොලවලා බිත්තියට පාරක් ගැහුවේ දුක කේන්තිය පාලනය කරගන්න.. බිත්තියට පාරක් ගහපු ටේහියුන් කාමරෙන් ක්ෂණයෙන් එලියට ආවේ ශනායාව හම්බවෙන්න උනත් ඒ වෙනකොටත් ශනායා පිට වෙලා තිබුනා..

Back to present

"හ්යොන්ග්.. හ්යොන්ග්.."

"ඔහ් කුක්.."

"මොනාද මූණ දිහා බලාගෙන කල්පනා කරන්නේ.."

"මු මුකුත් නෑ.."

"ඒ පාර කොහෙද යන්නේ?"

ටේහියුන් බංකුවෙන් නැගිටලා ගරාජ් එක පැත්තට ඇවිදගෙන යනකොට ජන්ග්කුක් ඇහුවත් උත්තරයක් නොදී ටේහියුන් තමන්ගේ කාර් එක ලගට ගියා..

_________________

"හ්යොන්ග් පොඩ්ඩක් සන්සුන් වෙන්නකෝ.."

"මෙච්චර දෙයක් වෙලා තියෙද්දීත් උඹ කොහොමද මට සන්සුන් වෙන්න කියන්නෙ ජූනා..! මෙච්චර කාලෙකට මගේ කන්ටේනර් එකකට අතක් තියන්න එකෙක් ඉඳලා නෑ!"

"හරි හරි හ්යොන්ග්.. අපි කන්ටේනර් දෙක අරන් ගිය උන්ව අල්ල ගත්තනේ.. අපි උන්ගෙන් දැනගමු කවුද මේක කලේ කියලා.."

ජින් තමන්ගේ කැබින් එකේ තියෙන ලොකු ටේබල් එකේ අත් දෙක තියාගෙන වීදුරුවෙන් පේන තමන්ගේ ප්‍රතිබිම්භය දිහා බලාගෙන හිටියෙ රතු වෙච්ච ඇස් දෙකෙන්..

ඒ අතරෙ ජූන්ට කෝල් එකක් ආවේ යුන්ගිගෙන්..

"කියපන් යුන්ගියා.."

"ලොක්කගෙ ෆෝන් එක වැඩ නෑ.. ලොක්කට කියපන් ඒක සැම්සන්ගෙ වැඩක් කියලා.."

"හරි යුන්ගියා.."

කෝල් එක කට් කරපු ජූන් ජින් දිහා බලනකොට ජින් ජූන් දිහා බලාගෙන හිටියා..

"හ්යොන්ග් හරි.. සැම්සන්ගෙ ඕඩර් එකක්.."

ජූන් කියනවත් එක්කම ටේබල් එක උඩ තිබුණ වතුර ග්ලාස් එක ජින්ගෙ අතින් කුඩු වෙලා ගියා..

"හ්යොන්ග්.."

"මං මං ඔය බල්ලව කෑලි කෑලි කරනවා! මට පාඩු උනු බිලියන ගාන ඌට දෙගුණයක් කරලා ගෙවන්න සලස්සනවා.. ඌ දන්නෑ මේ සොක්ජින් කියන්නෙ කවුද කියලා.."

"හ්යොන්ග් මොනවද කරන්න හදන්නේ.."

"බලන් හිටපන් මං ඌව නැත්තට නැති කරනවා.."

"හ්යොන්ග්..?"

"ජුනා මට අද හවස් වෙන්න කලින් සැම්සන්ට ආදායම් ලැබෙන මාර්ග ටික ඕන.."

"හරි හ්යොන්ග්.."

ජූන් ජින්ගෙ කැබින් එකෙන් පිට වෙලා යනකොට ජින් එයාගෙ පුටුවෙන් වාඩි වෙලා ටැබ් එක අතට ගත්තේ කල්පනාවකට මුල පුරන ගමන්..

__________________

"යොබුසෙයෝ.."

"ටේහියුන්?"

"ඔහ් මගේ නම්බරෙ තියෙනව ද?"

"ම්ම් දේ.."

"නූනා වැඩක් ද?"

"අනියෝ ටේහියුන්.."

"ම්ම් මං එන්න ද නූනව බලන්න.."

"මේ දැං?"

"දේ.. එපා ද?"

"අහ් අනී.. අනී.. මං එන්නං ඔයාව බලන්න.."

"අරස්සෝ.. මං ලොකේශන් දාන්නං.."

කෝල් එක කට් කරපු ටේහියුන් ශනායාට ලොකේශන් එක ශෙයා කරලා කාර් එකේ සීට් එකට හේත්තු වෙලා ඇස් දෙක පියා ගත්තේ කට කොනින් හිනා වෙන ගමන්..

After one hour

හරියට ම පැයකට පස්සේ ටේහියුන් හිටියෙ ජින්ගෙ කැසිනෝ හවුස් එකක තිබුණු VIP රූම් එකක.. රතු පාටින් නිමවෙලා තිබුණු සෝෆාවෙ කකුලක් පිට කකුලක් දාගෙන හිටපු ටේහියුන්ගෙ දකුණු අතේ වයින් පුරවපු ග්ලාස් එකක් තිබුනා.. වයින් උගුරක් බීපු ටේහියුන් තමන්ගේ ඉස්සරහ හිටපු ශනායා දිහා බැලුවා..

"ඇයි නූනා බොන්නේ නැත්තේ?"

"ඔයා දන්නවා ටේහියුන් මම බොන්නේ නෑ කියලා.."

"ඔහ් ක'මෝන් නූනා.. මොනාද අනේ.. වයින් එකක් බිව්වා කියලා මැරෙන්නේ නෑ.."

"ඒත් ටේහියුන්.."

"ක'මෝන් නූනා ක'මෝන්.."

ටේහියුන්ගෙ දැඩි පෙරැත්ත මත ශනායා වයින් ග්ලාස් එක හිස් කලා..

"වන් මෝ'ර්?"

"නෝ ටේහියුන් තවත් එපා.."

"අරස්සෝ.."

"ටේහියුන් මට කැසිනෝ එකකට කතා කලේ? අපිට තිබුනනෙ කතා කරන්න වෙන නිදහස් තැනකට යන්න.. අනික මම මේ කැසිනෝ වලට කැමති--"

"වේට් වේට් නූනා.. ඔයා කියන්න හදන්නේ ඔයා කැසිනෝ වලට කැමති නෑ කියලා නම් ඒක කියන්න එපා.. මොකද මං නූනා ගැන හොඳට දන්නවා.."

"මොනාද ටේහියුන් ඔයා මේ කියන්නේ?"

ශනායා අහනකොට ටේහියුන් සෝෆා එකෙන් නැගිටලා ශනායා ලගට ඇවිත් ශනායා හිටපු පුටුවෙන් අත් දෙක තියාගෙන ශනායාගෙ මූණට නැමුනා..

"තව කී දවසක් ඔය බොරුව කරනව ද කිම් ශනායා.."

ටේහියුන් අහනකොට ශනායාගෙ ඇස් දෙක ලොකු උනා..

"ටේහියුන් මං-"

ඒත් එක්ක ම ටේහියුන් ශනායාගෙ බෙල්ලෙන් අල්ල ගත්තෙ ශනායාට හුස්ම ගන්න පවා අමාරු කරලා..

"ටේහියුන් ම මාව අත අරින්න.. මට මට හුස්ම.."

"කටවහපන්! මොකද්ද මේ උඹේ රඟපෑමේ තේරුම? කී දවසක් උඹ අපිව රවට්ටනව ද?"

ටේහියුන්ගෙ අත එන්න එන්න ම  තද වෙනකොට හුස්ම ගන්න අමාරු උනු ශනායා ටිකෙන් ටික පුටුවෙන් නැගිටින්න ගත්තා..

"එදා උඹ නිසා ජන්ග්කුක් මැරුනා නම් මං අද උඹව මෙතන කෑලි කෑලි කරනවා! තවත් උඹ අපේ උන්ට දුක් දෙන්න එන්න ඕන නෑ! උඹ මුන් ගායොන් විදියට ම ජීවත් වෙයන්! ආයෙ මගේ ඇස් දෙකට පේන්න එන්න හිතන්නවත් එපා.. එදාට තමයි උඹ මේ ටේහියුන් කියන්නෙ කවුද කියලා දැනගන්නේ.."

ශනායාගෙ බෙල්ල අත ඇරපු ටේහියුන් රූම් එකෙන් එලියට යනකොට ශනායා කපා හල ගහක් වගේ පුටුව උඩට ඇදගෙන වැටුණා..

________________

To be continue

සුබ අලුත් අවුරුද්දක්!

අවුරුදු සරු ද ලමයි 🌝❤️

Continue Reading

You'll Also Like

489K 66.6K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
16.6K 3.5K 51
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
110K 18.8K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
234K 23K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...