"පලවෙනි හමුවීම! මට පුලුවන් නම් ආයෙත් ඒ අතීතයට යන්න මම කීයටවත් ඔයාට ඒ කොල්ලො ටිකට ගහන්න දෙන්නෙ නෑ.. එහෙම උනේ නැත්තං අද ඔයත් මමත් විඳවීම කියන දේ දන්නෙවත් නෑ ශනායා.."
'ශනායා' කියන නම ඇහෙනකොට හදවත වෛරයකින් පිරුණත් තාමත් ඒ මූණ බලන්න කොච්චර ආසාවක් තියෙනවා ද කියලා ජින්ගෙ හදවත හොඳට ම දන්නවා.. මොකද එදත් අදත් හෙටත් ඒ හදවතට දැනුනු එක ම ගෑණු රූපේ ශනායා විතරක් ම නිසා..
දවසින් දවස ගෙවිලා ගියේ හරි අපූරුවට.. අද තමයි සරත් සෘතුවේ උදාව! සරත් සෘතුව කියන්නෙ හරි ලස්සන කාලයක්.. මුලූ පරිසරය ම තැඹිලි පාටින් ලස්සන කරන්න සරත් සෘතුවට පුලුවන්.. ගිම්හානේ තිබුණු රස්නේ ටිකෙන් ටික අඩු කරලා උදා වෙන සරත් සෘතුව ගොඩ දෙනෙක්ගෙ අවධානය ගත්තු සෘතුවක්.. ඒ අතරට සොක්ජින් කියන තරුණයත් එකතු උනේ මීට අවුරුදු කීපයකට පෙර..
වෙලාව හවස හතරට විතර ඇති.. වීදි පුරා ම ගස් වල කොළ හැලිලා තැඹිලි පාට අරගෙනයි තිබුනේ.. ගස්වලින් හැලුණු කොල වලින් වීදිවල තිබුණු තනිකම පාලුව මකලා තිබුනා.. කොල පිරුණු වීදිය දිගේ ඇවිදගෙන එන එක්තරා කඩවසම් තරුණයෙක් දිහා වීදිය දෙපැත්තේ ඉන්න මිනිස්සු හරි හරියට බලන්න ගත්තෙ ඒ තරුණයාගේ අවධානෙ ගන්න හිතාගෙන.. ඒත් ඒ තරුණයාගේ අවධානෙ තිබුනේ සරත් සෘතුවෙ පිපිලා තිබුන කෑලෑ මලක් ළග!
කැලෑ මලක්!
සරත් සෘතුවේ?
ඔව් ඒ තමයි ඒ තරුණයාගේ ප්‍රශ්නය.. ඉතිං ඒ කෑලෑ මල තමන්ගේ හීන් දිගු ඇඟිලි අතරට ගන්න තරුණයා තවත් පමා උනේ නම් නෑ..
"ඉතිං ඒ කෑලෑ මලේ අයිතිකාරයා ඔයා ද?"
තරුණයගෙ පිටිපස්සෙන් ඇහුණු අහිංසක කටහඬ නිසා එයා පිටිපස්සට හැරුණෙ කටහඬේ අයිතිකාරිය බලාගන්න..
එතන හිටියෙ සුදු පාට ගවුමක් ඇඳගත්තු කොණ්ඩය පැත්තට පීරපු ලස්සන හිනාවක් මූණේ තිබුණු අහිංසක ගෑණු ළමයෙක්.. ඒ කවුද කියලා පෙනුමෙන් ම අඳුනගන්න ඔහුට හැකි උනා..
ඔව් ඒ තමයි ජින් අවුරුදු ගානක් තිස්සේ හොයපු තමන්ට නමක් නොදන්නා බැඳීමක් දීලා අතුරුදහන් උනු අහිංසක කටහඬේ අයිතිකාරිය..
කිම් ශනායා!
ජින්ට ඕන වුණා ශනායාව ගිහිං තදින් වැළඳගන්න.. ආයෙ යන්න එපා කියන්න.. ඒත් තාමත් ඔහු නිහඬයි..
ඒ වගේ ම ශනායාටත් ඕන උනා ජින්ව තදින් වැලඳගෙන ඒ උණුහුම ඒ සුවඳ විඳින්න.. මට සමාවෙන්න කියලා කියන්න.. ඒත් ඇයත් තව ම නිහඬයි..
"ඔයාට පුළුවන් ද අයිතිකාරයෙක් නැති ඒ අහිංසක කෑලෑ මල පරවෙන්න නොදී බලාගන්න..? එයාටත් මහන්සි ඇති තමන්ට අයිතිවාසිකම් කියන්න කෙනෙක් එනකල් බලාගෙන ඉඳලා.."
නිහඬ බවේ අවසානයේ ශනායා හඬ අවදි කරනකොට තමන්ගේ ඇඟිලි අතරට හිර වෙලා තිබුණ කැලෑ මල ජින් තමන්ගේ අත්ල උඩට ගත්තා..
"අයිතිකාරයෙක් නැත්නම් එයා දැනගන්න ඕන තමන්ට ගැලපෙන අයිතිකාරයෙක් හොයාගන්න.. හැබැයි එයා තෝරගත්තෙ වැරදි අයිතිකාරයෙක් නම් කැලෑ මලකට උනත් වෙන්නෙ පොඩි වෙලා මැරිලා යන්න.."
ජින් ඒ දේ කිව්වෙ තමන්ගේ අත්ල උඩ තිබුණු කැලෑ මල පොඩි කරලා දාන ගමන්.. මීට විනාඩි කීපයකට කලින් ආසාවෙන් ආදරෙන් කැලෑ මල දිහා බලාගෙන හිටපු ජින් ම තමන්ගේ ඇගිලි වලින් ඒ මල පොඩි කරලා විසි කරලා දැම්මෙ තමන් මත්තේ යැපෙන කාටවත් හොඳක් වෙන්නේ නැති බව ලෝකයාට අඟවමින්..
"ජින්.."
ඔහු නිහඬයි..
ඉදින් ශනායා අඩියෙන් අඩිය තබමින් ජින්ගෙ ලගට ම ආවේ ජින්ගෙ නිහඬ බව නැති කරන්න උනත් ඒ වෙනුවට ශනායාට ලැබුනේ තොල පැලිලා යන කම්මුල් පාරක්..
"ආයෙත් මගෙ මේ ඇස් දෙක ඉස්සරහට එන්න තමුන්ට ශක්තියක් දුන්නේ කවුද කියන්න මම දන්නේ නෑ! හැබැයි ආයෙ තමුන් මගේ ඇස් පේන මානෙට එන්න හිතන්නවත් එපා..! එහෙම උනොත් මීට කාලෙකට කලින් ලෝකෙට මැරුණු ශනායා ඇත්තට ම මැරෙන්න පුළුවන්!"
ජින්ගෙ වදන් ශනායාට උල් පිහි තුඩක් තරම් උනත් ශනායා දරා ගත්තා.. ජින් එතනින් යන්න හැදුවත් ශනායා ජින්ගෙ අතින් අල්ලලා නතර කලේ තමන්ට අවස්ථාවක් ලබා ගන්න..
"ජින් මම කියන දේ අහන්න.. ඔයා දන්න දේවල් ඇත්ත නෙවේයි!"
"ඒ දේවල් ඇත්ත උනත් බොරු උනත් මට වැඩක් තියේ ද ශනායා! තමුන් ඉස්සරහටත් මූන් ගායොන් විදියට ම ජීවත් වෙනවා! මොකද මගේ ශනායා මැරුනා!"
ඒ ජින්ගෙ අවසන් වදන් පෙල.. ජින් එතැනින් පිට වෙලා ගියේ ශනායාගෙ දෑස්වලට උණුසුම් කඳුලු බිඳු එක් කරලා උනත් වේදනාවේ අන්තයෙ ම ඉඳි ශනායා ඉවසන්න පුරුදු උනා.. අවුරුදු ගානක් තමන්ගේ අනන්‍යතාව හංගගෙන ජීවත් උනු එක ගැන ශනායා පසු තැවුනා..
තමන්ගෙ අත් දෙක දිහා බලපු ශනායා දැක්කෙ තුවාල කැලැල් වලින් තමන්ගේ දෑත් පිරිලා තියෙන හැටි.. ඒ තුවාල කැලැල් තමන්ගේ ඒ අඳුරු අතීතය සිහි කරනකොට ශනායාට දැනුනේ තමන් ගිනි ගොඩක් මැද ඉන්නවා වගේ.. ඒ වෙලාවෙ ඒ දවසේ තමන් ඒ විඳි වේදනාවෙන් අංශු මාත්‍රයක් වත් ජින් නොදැන උන්නු කොට තමන්ට මෙහෙම වෛර කරන එක ගැන ශනායාට තිබුනේ තරහක්..
~ඔයාට තිබුනා මට මොකද උනේ කියලා වත් අහන්න ජින්!
ශනායාට කල්පනා උනා.. ඒත් විඳවීම දෛවය ම කරගත් ශනායාට ජින්ගෙ තාඩන පීඩන තවත් අරුමයක් නොවන නිසා ජින් ලඟට යන්න ශනායා තීරණය කලා.. මරණය හෝ වේවා ජීවිතය හෝ වේවා ජින්ගෙ ඉදිරියේ සිටීම ශනායාට අවශ්‍ය ම උනා..
ඉදින් ඒ නිසා ම ශනායා ජින්ගෙ ගෙදර තියෙන දිශාවට සැහැල්ලු අඩි තියන්න පටන් ගත්තා..
_______________
ජින් හිටියෙ ගෙදර මිනි බාර් එකේ.. මීට සුලු වේලාවකට කලින් ගෙදරට ආපු ජින් කෙලින් ම ගියේ තමන්ගේ මිනි බාර් එකට.. විස්කි බෝලයකුත් ග්ලාස් එකකුත් ගත්තු ජින් සෝෆාවෙන් වාඩි වෙලා ග්ලාස් එකට විස්කි දාන ගමන් කල්පනා කලේ ශනායා ගැන..
පලවෙනි විස්කි උගුර ජින්ගෙ රස අංකුර හරහා යනකොට ජින් තවත් කල්පනා කරන්න ගත්තා.. ශනායාගෙ බෙල්ලෙ ඉඳන් අත් පා වෙනකල් තිබුණු කැලැල් තමන්ගේ උකුසු ඇස්වලට අහු උනොත් ඒ කිසි දෙයක් නොදැක්කා හා සමානව ජින්ට ඉන්න හැකියාව තිබුනා.. ඒ කැලැල් සාමාන්‍ය කැලැල් නොවන බවත් වසර කීපයකට පෙර සිදු උනු තුවාල කැලැල් බවත් ජින් අඳුන ගත්තා.. ඉතිං ඒ කිසි දෙයකට හේතුව තමන් නොදන්නා බව දන්නා ජින් හතර වෙනි විස්කි වීදුරුවත් වත් කර ගත්තා..
හතර වෙනි.. පස් වෙනි.. හය වෙනි.. විදියට එකින් එක විස්කි වීදුරු ටික හිස් වෙනකොට කල්පනා ලෝකෙ අග්‍රයේ හිටපු ජින් සෝෆාවෙන් නැගිට්ටා.. ඒත් සමඟ ම ජින්ගෙ අතේ තිබුණු විස්කි වීදුරුව ටයිල් කැට හරහා ගොස් සීසීකඩ විසිරුනේ ජින්ගෙ කේන්තියේ ප්‍රතිඵලයක් විදිහට..
"මං.. මං උඹට.. කවදාවත් ආයේ කවදාවත් සමාව දෙන්නෙ නෑ ශනායා.. ඊයෙටත් වඩා අද අදටත් වඩා හෙට මම තමුන්ට වෛර කරනවා! මාව රවට්ටපු එකෙක්වත් මං ඉතුරු කරලා නෑ! මං මරනවා! ඔක්කොම මරනවා!"
උන්මන්තකයෙක්.. ඒ අවස්ථාවේ ජින්ව පෙනුනේ උන්මන්තකයෙක් විදියට.. මුලු ගේම දෙවනත් වෙන්න කෑ ගහන ජින් ලගට නම්ජූන් වගේ ම යුන්ගිත් ආවේ ඊයක වේගෙන්..
"හ්යොන්ග් මේ මොකද?"
නම්ජූන් කලබලකාරී විදියට ජින්ට ප්‍රශ්නය යොමු කරනකොට යුන්ගි ජින්ගෙ අත් දෙක අල්ල ගත්තා..
"මාව අත ඇරපන් යුන්ගියා.. මං උඹට හොඳින් කියන්නෙ..!"
"අත අරින්නං ඒත් උඹට මොකක්ද වෙලා තියෙන්නේ කියලා කිව්වට පස්සේ!"
ඒ අතර ම ගෙදර ඩෝ බෙල් එක වැදුනේ ජින්ගෙ නම්ජූන්ගෙ වගේ ම යුන්ගිගෙ අවධානෙ ඒ පැත්තට යොමු වෙනකොට..
"මේ වෙලාවෙ කවුද?"
"මං බලන්නං.."
ජින්ව අත ඇරපු යුන්ගි දොර ලගට යනකොට ජින් ආයෙමත් සෝෆාවට වැටුනා..
විනාඩියක්.. දෙකක්.. ගත වෙලත් යුන්ගිගෙන් කිසි සද්දයක් නැති තැන නම්ජූනුත් දොර ලගට යනකොට ජිනුත් හෙමිහිට ඒ පස්සෙන් ඇදුනා..
"යුන්ගියා කවුද ඇවි-"
නම්ජූනුත් යුන්ගි වගේම පුදුමෙන් දොර ඉදිරියේ හිටගෙන ඉන්න ශනායා දිහා බලාගෙන ඉන්නකොට කේන්තියෙ උපරිමේ හිටපු ජින් දොර හයියෙන් වහලා දැම්මෙ නම්ජූනුත් යුන්ගිත් හරි සිහියට ගෙනත්..
"හ්යොන්ග් ඒ.."
"කටවහපන් ජූන්! අනාතයොන්ට ඉන්න තැනක් නෙවේයි මේක!"
ජින් එතනින් පිට වෙනකොට ඇතුලේ උනු කතා බහ ශනායා අහගෙන හිටියා.. ශනායාගෙ ඇස්වලට කඳුලු පිරුනේ නෑ.. මොකද ශනායා දරා ගත්තා..
~මං මැරුනත් ජීවත් උනත් ඒ ඔයා ඉස්සරහ විතර ම යි ජින්! මොකද මං ඔයාට ආදරෙයි!
ශනායා මිමිණුවා..
__________________