The Choice

Von Marivok

109K 24.4K 10K

"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa... Mehr

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Note
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Note
Note 2
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45 (Prologue)
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60

Chapter 36

1.5K 368 98
Von Marivok




££££££££££££££££££££££££££££££££
================================

TH-" මං හිතුවට වඩා තමුන්ට දෙයක් තේරෙනවානේ.... of course , vampires and werewolves ඔක්කොම පාලනේ කරන්නේ උබලා අපහස කරපු half vampire කිම් ටේහ්‍යුන්ග් .. "

*thud*

ටේහ්‍යුන්ග් , හන්සෝ දෙන්නටම ඇහුනා මොකක් හරි බිම වැටෙන සද්දයක් . දෙන්නම හැරිලා ඒ පැත්ත බැලුවා.

ඒත් පිටපස්සේ කිසි දෙයක් පේන්න නෑ. නෑ නෙමේ තියනවා, බිම වැටුන බීම බෝතල් වගයක්. කවුරු හරි එතන ඉන්නවා... හැංගිලා.

TH-" කවුද ඔතන ඉන්නේ ? "

ටේහ්‍යුන්ග් , ඒ පැත්තට ඇවිදන් යන්න හැදුවත් හන්සෝ ටේහ්‍යුන්ග්ගේ අතින් ඇල්ලුවා.

H-" මට උබව මරන්න ඕන උනේ නෑ... මට ඕන උනේ උබ සම්පුර්ණයෙන් වැම්පයර් කෙනෙක් වෙන එක නවත්තන්න . ඒත් දැං උබ මට වෙන එක පාරක්වත් ඉතුරු කරලා නෑ.... "

හන්සෝ අත මිටමොලවන්  කතා කරේ.

H-" මට උබව මරන්න වෙනවා..."

හන්සෝ , ටේහ්‍යුන්ග්ට පාරක් ගහන්න හැදුවත් ටේහ්‍යුන්ග් හන්සොගෙ අතින් ඇල්ලුවා.

TH-" උබට ඒක ගොඩක් අමාරු වෙයි..."

වටේම කලුවරයි. කවුරුත් මේ වෙලාවේ එලියට බහින් නෑ. ඒත්, මේ වටපිටාවේ කැමරා තියනවා මේ හන්සෝ කරන්න යන වැඩෙන් වෙන්නේ ඒ දෙන්නාව අහු වෙන එකයි.

ටේහ්‍යුන්ග්ට ඕනේ නෑ දැම්ම කාටවත් අහු වෙන්න.

TH-" උබට ඕනේ රණ්ඩු වෙන්න නම් .. ok.. අපි ඒක කරමු. ඒත් අද බෑ... "

හන්සෝ හයියෙන් හිනා උනා.

H-" උබේ උපන්දිනේ ලග හින්දා උබ දුර්වල වෙලා ඉන්නේ කියලා දැන දැනත් අද වගේ දවසක් මග අරින්න මට පිස්සු කියලා හිතුවද ? අද තමා හොදම දවස "

හන්සෝ අනිත් අතත් මිටමොලවන් ටේහ්‍යුන්ග්ට ගහන්න හැදුවත් ටේහ්‍යුන්ග් හන්සොගේ අත අල්ල ගත්තා.

TH-" හෙට වරෙන්... අපේ රාජධානිය ඇතුලේ ඕන දෙයක්  . ඒත් මෙහෙ මොකුත් බෑ... "

හන්සෝ ඒත් කියන දේ අහන්න ලෑස්ති නෑ. හන්සෝ ටේහ්‍යුන්ග් එක්ක රණ්ඩු වෙන්න් උත්සහ කරා. ඒත් ටේහ්‍යුන්ග්ට ඕන උනේ මේ රණ්ඩුව නවත්තන්න . ඒ වගේම ටේහ්‍යුන්ග් හොදටම දන්නවා එයාලා ඉන්න තැන පිටපස්සේ බිත්තියට කවර් වෙලා කවුරු හරි ඉන්නවා කියලා.

ඒ වගේම ඒ ඉන්න කෙනාට කතාව ඔක්කොම ඇහිලා, අර බිම වැටුන බීම බෝතල් කවරේ ඒක අහන් හිටපු කෙනාගේ කියලත් දන්නවා. ඒත් කවුද ?

හන්සෝ ටේහ්‍යුන්ග්ට යන්න දෙන් නෑ රණ්ඩු වෙනවා. ටේහ්‍යුන්ග් ආයෙත් හන්සොට පාරක් ගහලා බිත්තිය එහා පැත්තට යන්න හැදුවත් එතන හැංගිලා හිටපු කෙනා දුවනවා දැක්කා.
ටේහ්‍යුන්ග්ගේ අනුමානේ හරි, එතන හිටපු කෙනාට ඔක්කොම ඇහිලා.

ඒත් ඒ දුවන කෙනා දැකලා හුරුයි වගේ. කවුරු වෙන්න පුලුවන්ද ?

TH-" Z-zimbi ? "

ටේහ්‍යුන්ග්ට පලවෙනි වතාවට එයා ගෙන බයක් දැනුනා. ඇයි කියලා දන් නෑ, ජන්කුක් මතක් උනාම එයාගේ පපුව වේගෙන් ගැහෙනවා වගේ දැනුනා.එයාට ජන්කුක් මතක් උනා. Zimbi ජන්කුක්ට කියයිද ? ජන්කුක් ඇත්ත දැන ගනීද? බැරි වෙලාවත් එහෙම උනොත්?

එයා වෙන ලෝකෙකට ගියා, එයාට හන්සෝ හයියෙන් පාරක් ගහනවා කියලාවත් දැනුන් නෑ, එයා ගල් ගැහිලා ඈත දුවන zimbi දිහා බැලුවා.
හන්සොගේ පාරට ටේහ්‍යුන්ග්ගේ තොල පැලිලා ලේ වැක්කෙරනවා . ඒත් ටේහ්‍යුන්ග්ට ඒක දැනෙන්නෙවත් නෑ.

ටේහ්‍යුන්ග් ,හන්සෝ අත ඇරලා ඒ පැත්තට දුවන් යන්න හැදුවත් ඒත් ආයෙත් හන්සෝ ටේහ්‍යුන්ග්ගේ අතින් ඇදලා අරන් ආයෙත් පාරක් ගැහුවා. එවෙලේ තමා ටේහ්‍යුන්ග් හරි සිහියට ආවේ. ටේහ්‍යුන්ග් කේන්තියෙන් මිටමොලවන් ආපිට හන්සොට ගැහුවා.

වැම්පර්ලා දෙන්නා රණ්ඩු වෙන අතරතුර zimbi දුවන් ගියා. එයා දන් නෑ එයාගේ කකුල් කොච්චර වේගවත්ද කියලා, එයා දන් නෑ එයාට කොච්චර දුර යා ගන්න පුලුවන් වෙයිද කියලා,
එයා දන් නෑ එයාට මේ පණිවිඩේ ජන්කුක්ට කියා ගන්න පුලුවන් වෙයිද කියලා.

බැරි වෙලාවත් මේක කියා ගන්න බැරි උනොත් ?

Z-" නෑ.... එහෙම වෙන්න බෑ... luna ඔයා මගෙ හොදම යාලුවා. ඔයාට කරදරයක් වෙන්න බෑ.."

Zimbi නැවතුනා .

Z-" ඔයාට මැරෙන්න දෙන්න බෑ. ඒ කපටි මිනිහට අහුවෙන්න දෙන්න බෑ..... "

Zimbi බෑග් එක ඇදලා පෝන් එක අතට ගත්තා. එයා ඉක්මනින් minjeගේ නම්බර් එක ඩයල් කරලා call කරා.

" hello zim~~~"

" ඉක්මනින් lunaට පෝන් එක දෙන්න... "

Minjeට තේරුනා, zimbi කලබලෙන් කතා කරන්නේ කියලා. Minje ජන්කුක්ට පෝන් එක දුන්නා.

" hell~~~"

ජන්කුක්ගේ කටහඩ ඇහෙනවා එක්කම zimbi කතා කරන්න ගත්තා.

" l-luna.. ඉක්මනින් .. ඉක්මනින් ඔයා mate reject කරන්න..  ඔයා..ඔයා ඉක්මනින් වෙන mate කෙනෙක් හොයා ගන්න "

"Z-zimbi ? "

ජන්කුක්ට මේ වගේ දෙයක් ඇහුනම එකපාරම ශොක් වෙලා ගියා.

"එයා එයා වැම්පයර් කෙනෙක්.. නෑ.. එයා half vampire කෙනෙක් . එයාට ඕනේ සම්පුර්ණයෙන් වැම්පයර් කෙනෙක් වෙන්න. හැම half wolf කෙනෙක්ටම, werewolf mateless කෙනෙක් ඉපදෙනවා. Luna... ඒ ඔයා තමා mateless werewolf . අර කතන්දර බොරු නෙමේ... ඒවා ඇත්ත. එයා ආවේ ඔයා හොයන්. ඔයාව mate කරන් , පස්සේ ඔයා මරන්න..
එයාට සම්පුර්ණයෙන් වැම්පයර් කෙනෙක් වෙන්න ඕනේ...luna~~~"

" zimbi මොනාද මේ.. මේ කියවන්නේ. අමතකද ටේහ්‍යුන්ග් uncle මගෙ mate. ඔයා ඔය වගේ බොරු කතන්දර කියන එක වැරදී . අනික මං දැං එයාගේ දරුවෙක් එක්ක pregnant "

Zimbiගේ ඇස් අගින් කදුලු වැටුනා.

" l-luna .. ඕක වෙන්බ බෑ. ඔයාට.. ඔයාට ඔය දරුවා තියා ගන්න බෑ.. ද-දරුවා නැති කරන්න. නැත්තන් .. නැත්තන් ඔයාට කරදරයක් වෙයි. ඔය දරුව ab~~~~ "

" FUCKING STOP ! මගෙ Mate ගෙනවත්, මගෙ දරුවා ගෙනවත් වචනයක්වත් කියන්න එන්න එපා. කොහොමද මගෙ දරුවා නැති කරන්න කියන්න හයියක් "

" Luna එයා වැම්පයර් කෙනෙක්... ඔය දරුවා ඉපදුනොත් ඔයා මැරෙයි "

" ZIMBIII.......නවත්තනවා. තමුන් ඒ දවස් වල ඉදලා මගෙ mateට කැමැත්තෙන් හිටියේ.. ඔහ් දැං තේරෙන්නේ, මට මේ දරුවා නැති කරන්න කියන්නේ මොකටද කියලා .. ඒ වගේම මට වෙන කෙනෙක්ව mate කර ගන්න කියන්නෙත් මොකටද කියලා දැං තේරෙන්නේ...
තමුන් පහත් යාලුවෙක්.. බොරු කියලා මගෙ mate මගෙන් උදුර ගන්න හදන්නේ ..
මගෙ mate මගෙ විතරයි.. මං හිතුවේ නෑ කවදාවත් තමුන් මෙහෙම කරයි කියලා "

ජන්කුක් කේන්තියෙන් කෑ ගැහුවා. ජන්කුක් හැමදේම වැරදියට තේරුම් අරන්. Zimbiගේ හිතේ හීනෙකින්වත් එහෙම අදහසක් තිබ්බේ නෑ කවදාවත්ම .

" ම-මං දිවුරනවා luna මං දිව්~~~~"

Zimbiට එතනින් එහාට මොකුත් කියන්න උනේ නෑ. එකපාරම zimbiගේ අතේ තිබ්බ පෝන් එකපාරම කවුරු හරි ඇදලා ගත්තා.

Zimbiගේ ඇස් වල කදුලු, නලල දෙපැත්තෙන් දාඩිය වැක්කෙරෙනවා , අත්පය වෙව්ලනවා, වටපිටාවම අදුරුයි, ඒත් පාරේ ලයිට් එලියට ලාවට zimbiට පෙවුනා කවුද ඒ පෝන් එක ඇදලා ගත්ත කෙනා කියලා.

වෙන කවුරුත් නෙමේ ඒ ටේහ්‍යුන්ග් ... ටේහ්‍යුන්ග් එයා ඉස්සරහා හිටගෙන ඉන්නවා. ඇස් රතු පාටට හැරිලා, එයාගේ රත්තරං පාට හම සුදුමැලි පාටක් වෙලා. ඒ වගේම මූනේ ඇදුම් වල ලේ.

" hello ....zimbi .... "

ජන්කුක් තවමත් පෝන් එකෙන් කතා කරනවා . ඒත් zimbiට කතා කරන්නවත් බැරි තරම් එයා බය වෙලා .

" Hello zimbi .. මං දන්නවා ඔයා අහන් ඉන්නේ කියලා . මේක මතක තියා ගන්නවා, අදින් පස්සේ අපේ යාලුකම ඉවරයි. මගෙනුයි, මගෙ mateගෙනුයි ඈත් වෙලා ඉන්නවා. "

ජන්කුක් අවසානෙට ඒක කියලා පෝන් එක කට් කරා.

Zimbiට ඕන උනා , ජන්කුක්ට පෝන් එක තියන්න එපා කියන්න. එයාට ඕන උනා අඩලා මේ යාලුකම නැති කරන්න එපා කියලා ඉල්ලන්න. එයාට හිතුනා Lunaගෙන් ජීවිතේ පරිස්සම් කර ගන්න කියලා ඉල්ලන්න, එයාට හිතුනා අවසන් වතාවට හරි lunaටයි ,minjeටයි ආදරෙයි ' ඔය දෙන්නා තමා මගෙ හොදම යාලුවෝ ' කියලා කියන්න.

ඒත් zimbiට ඒ කිසි දෙයක් කියන්න හයිය තිබ්බේ නෑ. Zimbiගේ උගුරකට වේලිලා තිබ්බේ, zimbi දැං දන්නවා එයාගේ ජීවිතේ මෙතනින් එහාට පැවැත්මක් නෑ කියලා , එයාට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ.

TH-" දුවන්නේ ඇයි ? අපි අදුරන් නැති අය වගේ... ම්ම්ම්ම් ? "

ටේහ්‍යුන්ග් හිනා වෙලා zimbi ලගට ගියා.

Z-" ම-මට යන්න දෙන්න "

TH-" යන්න ? "

ටේහ්‍යුන්ග් හයියෙන් හිනා වෙලා එකපාරම හිනා වෙන එක නවත්තලා එයාගේ තියුනු ඇස් වලින් zimbi දිහා බැලුවා .

TH-" මගෙ ඔක්කොම ඇත්ත දැන ගත්තා කියලා prove උනාට පස්සෙත් මං යන්න දෙන්නේ ඇයි ? "

Z-" ම-මට... මට මගෙ.... මගෙ පාඩුවේ ඉන්න දෙන්න "

ටේහ්‍යුන්ග් , zimbiගේ ලගට ආවා.

TH-" පාඩුවේ ඉන්න දෙන්න තිබ්බා , ඔයා මටයි මගෙ princessටයි පාඩුවේ ඉන්න දුන්නා නම්. ඒත් බලන්න ඔයා කරපු දේ ... ම්ම්ම්ම්... ඔයා මගෙ ඇත්ත දැනගෙන විනාඩි 5ක්වත් යන්න කලින් එයාට call කරලා එයාට විස්තරේ කිව්වා "

Zimbi , වේගෙන් හුස්ම ගන්න ගමන් කතා කරේ තවමත් හිතේ බය පුරවන්.

Z-" ක-කරුණාකරලා lunaට මොකුත් කරන්න එපා ... එයා.. එයා   ඔයාට අවංකවම ආදරෙයි "

TH-" මං දන්නවා.. මං එයාට මොකුත් නොකරත් එයා වයසට ගිගින් හරි මැරෙයි.. ඒත්.. එයා ඇත්ත දැනගත්තොත් මාව දාලා යයි "

Z-" මොකක් ? ඔයා.. ඔයා එයාව pregnant~~~"

TH-" ඔව් මං එහෙම හිතුවා  . ඒත් මං ඒ අදහස අත අරින්න හිතුවා.. මං... මං හිතන්නේ මට බැරි වෙයි එයාට දරුවෙක් දෙන්න "

What the fuck ? දැං ටේහ්‍යුන්ග් කලින් කිව්වේ මොකද්ද ? දැං කියන්නේ මොකද්ද ? ඇත්තටම ටේහ්‍යුන්ග්ට ජන්කුක්ව මරන්න උවමනාවක් නැද්ද ?
Zimbiගේ හිතට පොඩි සහනයක් දැනුනත් විශ්වාසයක් නෑ තවමත්.

Z-" ඒත් දැනටමත් luna pre~~~~"

*horn*

එකපාරම කලු වාහනයක් ඇවිත් එයාලා ලග නතර කරා. ඒ ඩේවිඩ් .... ටේහ්‍යුන්ග් හන්සෝ ඉන්න තැනින් පැන ගත්තේ ඩේවිඩ්ට හන්සොව බාර දීලා . එයා ඩේවිඩ්ට හන්සෝ බලා ගන්න දීලා කෙලින්ම ආවේ zimbi ගාවට.

TH-" ඩේවිඩ්...  chanyeol~~~"

" ඌ පැන ගත්තා මාස්ටර්..  ඒත් මේ ලගම ඇති. ඉක්මනින් වාහනේට නගින්න අපි දැම්ම මෙහෙන් යමු ... "

ටේහ්‍යුන්ග් ලොකු හුස්මක් අරන් zimbi දිහා බැලුවා.

TH-" මේ සැරේත් princessව අරන් යන්නම වෙනවා. මෙහෙ තනි වෙන එක අවදානම්... "

ටේහ්‍යුන්ග් ඒ එක්කම zimbiගේ අතින් මිරිකලා ඇල්ලුවා.

TH-" ඒත් ඊට කලින් මෙයා ගෙන බලා ගන්න වෙයි.... "

.

.

.

.

ජන්කුක් , minje දැං පැය ගානක් තිස්සේ try කරනවා zimbiගේ පෝන් එකට ගන්න. ඒත් වැඩක් නෑ. Zimbiගේ පෝන් එක වැඩ නෑ.දැං ගොඩක් රෑ වෙලා... එයාලා තවම ජිමින් , යුන්ගිට කිව්වෙත් නෑ කලබල වෙයි කියලා.

ජන්කුක් ඇද උඩ වාඩි වෙලා , කලබලෙන්.minjeත් ඒ ලගම වාඩි වෙලා.

Jk-" සමහරවිට මං කියපුවට තරහින් ඇත්තේ "

Mj-" ඒත් එයාගේ පෝන් එකත් වැඩ නෑනේ "

Jk-" එයා එහෙම නොකියන්නයි තිබ්බේ. දරුවාට කරදරයක් කරන්න එයා හිතුවෙවත් කොහොමද ? .... "

ජන්කුක් බඩ හෙමින් පිරිමදින ගමන් මිමිණුවා .

Mj-" ඒත්... ඒත් luna එයා එහෙම කියන්නත් හේතුවක් තියෙන්න පුලුවන් .එකපාරම ..."

Jk-" ඔයා කියන්නෙත් එයා කිව්ව විකාර විශ්වාස කරන්න කියලද ? මගෙ mate vampire කෙනෙක්, මේ දරුවා ඉපදුනොත් මං මැරෙනවා, එයා හදන්නේ සම්පූර්ණ වැම්පයර් කෙනෙක් වෙන්න? හහ් ඔයා කියන්නේ ඕවා ඇත්ත කියලද ? "

Mj-" නෑ මං කියන්නේ ඒක නෙමේ. ඒත් හදිස්සියෙම ඇයි එහෙම කියන්න ඇත්තේ "

Jk-" හදිස්සියේ නෙ~~~"

*thud*

එකපාරම ජන්කුක්ට බැල්කනිය පැත්තෙන් සද්දයක් ආවා. දැං ගොඩක් රෑ වෙලා. ඇත්තටම කිව්වොත් පාන්දර වගේ.

Mj-" මොකද්ද ඒ ? "

Jk-" ඔහොම ඉන්න මං ගිගින් බලන්නම් "

ජන්කුක් ඇදෙන් බැහැලා ඇවිදගෙන , බැල්කනිය පැත්තට ගියා. ජන්කුක්ගේ ඇස් ලොකු උනේ බැල්කනියේ හිටන් ඉන්න ටේහ්‍යුන්ග් දැකලා.

Jk-" දෙ-දෙවියනේ "

වෙනදා ටේහ්‍යුන්ග් කිසිම සද්දයක් නැතුව එන්න තරම් සූක්ශමයි. ඒ විතරක් නෙමේ, වෙනදට ටේහ්‍යුන්ග් බැල්කනියට ආව කියලා දන්නෙත් නෑ. ඒත් අද ටේහ්‍යුන්ග් බොහොම අමාරුවෙන් බැල්කනියේ handrail එක අල්ලන් ඉන්නේ.

ටේහ්‍යුන්ග්ගේ තොල පුපුරලා ලේ, ඒ විතරක් නෙමේ ටේහ්‍යුන්ග්ගේ ඇගේ ලේ. ටේහ්‍යුන්ග් ගොඩක් මහන්සි පාටයි. හරියට එයාගේ ශක්තිය හීන වෙලා වගේ. ටේහ්‍යුන්ග් ජන්කුක් දිහා බැලුවා.

Jk-" h-hubby මොකද උනේ...මොකද්ද උනේ "

ජන්කුක්ගේ කටහඩ වෙව්ලන්න ගත්තා. ජන්කුක්ට හිතා ගන්න බෑ වෙලා තියන දේ.

TH-" දැම්ම.. ලෑස්ති වෙන්න... "

Jk-" අහ් ? "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අතින් ඇදන් කාමරේ ඇතුලට ආවා.

TH-" මගෙ mansion එකට යන්න ලෑස්ති වෙන්න... "

Jk-" ඒත් h-hubby ..."

TH-" ඔයාට තියන වටිනම දේවල් අරන් ලෑස්ති වෙන්න. මේ දැම්ම "

Jk-" mumma , pap~~~"

TH-" කාටවත් කියන්න එපා "

ටේහ්‍යුන්ග් , ජන්කුක් දිහා බැලුවේ කේන්තියෙන් වගේ.

TH-" minje ... අපි ගියාට පස්සේ ඔයාට කැමති එකක් ජිමින්ටයි, යුන්ගිටයි කියන්න.
ඒත් දැං යන්න ඕනේ එයාලට හොරෙන්... "

Jk-" හ-හරි "

ජන්කුක් එතනින් එහාට ප්‍රශ්න කරේ නෑ. එයාගේ කබඩ් ඇරලා එයාට තිබ්බ වටිනම දේවල් ගත්තා. අරගෙන ලොකු බෑග් එකකට දැම්මා. එයා තවමත් ටේහ්‍යුන්ගෙන් ඇහුවේ නෑ කොහොමද තුවාල ඇති උනේ,
මොකද උනේ.. ඇයි අමාරුවෙන් කියලා. එයා ඒ ප්‍රශ්න ඔක්කොම හිතේ තියන් සද්ද නැතුව බඩු ලෑස්ති කරා.

ජන්කුක් බඩු ලෑස්ති කර ගත්තට පස්සේ ටේහ්‍යුන්ග් ජන්කුක්ව අරගෙන ගෙදර දොර හොරෙන් ඇරන් පැනලා ගියා. පහලට යනකොට ඩේවිඩ් වාහනේ ලෑස්ති කරගෙන හිටියේ.

ජන්කුක් ටේහ්‍යුන්ග් එක්ක වාහනේ පිටපස්සට දැම්මා.

Jk-" hubby ......"

ජන්කුක් අවසානේ ටේහ්‍යුන්ග්ට කතා කරා.

Jk-" ඇයි තුවාල.."

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ මූන ඇගිලි තුඩු වලින් පිරිමදින ගමන් ඇහුවේ හුරතල් විදියට. ජන්කුක් pregnant උනාට පස්සේ over cute වෙලා.

TH-" ඒක ... ම්ම්ම්.. පොඩි රණ්ඩුවක්. එච්චර දෙයක් නෙමේ ම්ම්ම්... "

Jk-" h-hubby .. මං තුවාල lick කරන්නද ? "

ටේහ්‍යුන්ග් හිනා වෙලා ජන්කුක් දිහා බැලුවා.

TH-" im all yours. Do whatever you want "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ හුරතලේ පිරුණු මූන අතගාන ගමන් මිමිණුවා .

ජන්කුක් හිනාවෙලා ටේහ්‍යුන්ග් උකුලට නැගලා කම්මුලට kiss එකක් දුන්නා.

Jk-" ඔව්.. ඔයා මගෙ... මගෙ alpa "

ජන්කුක් , එයාගේ උණුසුම් දිව ටේහ්‍යුන්ග්ගේ මූනේ තුවාල කැලැල් දිගේ අරන් ගියා. Mateගේ කෙල වලට පුලුවන් තුවාල ඉක්මනින් හොද කරන්න. ජන්කුක් ඒ උවමනාවෙන් ටේහ්‍යුන්ග්ගේ මූන lick කරන්න ගත්තත් , ටේහ්‍යුන්ග්ගේ ලේ එයාගේ දිවේ ගෑවෙනකොට ජන්කුක්ගේ ඇග ඇතුලෙන් අමුතු දෙයක් දැනුනා.

ජන්කුක්ගේ ඇගට අමුතු ශක්තියක් , pleasure එකක් දැනෙනවා. ඒ එක්කම ජන්කුක්ට උගුර වේලිලා වගේ දැනුනා.

Jk-" H-hubby ...."

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ ඇස් දිහා බැලුවා.

Jk-" ම..මට මොනා හරි බොන්න ඕනේ...... "

TH-" අපි ඉස්සරහින් නවත්තලා බොන්න මොනා හරි ගමු... "

දැං එයාලා ටවුන් එක කිට්ටුවටම ඇවිත් හිටියේ.

TH-" ඩේවිඩ් වාහනේ නවත්තන්න ... ඔතන කඩෙන් බොන්න තියන දේවල් අරන් එන්න "

ඩේවිඩ් වාහනේ නවත්තලා බැහැලා ගියා.

Jk-" H-hubby ... "

TH-" ම්ම්ම්ම්...."

Jk-" මට ඔයා hug කරන්න ඕනෙ... ඒත්.. වාහනේ ඉඩ මදි. අපි... එලියට බහිමු "

TH-" අර්හ්..  princess ... මොකද මේ අද ම්ම්ම්ම් "

' පේන්නේ ඔයාගේ බබාට ඕනේ , එයාගේ dada, mamaව ලගින් තියන් ඉන්නවා වෙන්න ඇති ..'

Jk-" මට හිතෙනවා... "

TH-" ම්ම්ම්... ඕකේ..."

ටේහ්‍යුන්ග් වාහනේ දොර ඇරියා, ඒත් ඒ එක්කම ඩේවිඩ් දුවගෙන ආවා.

" මාස්ටර් එලියට බහින්න එපා.. ඇතුලෙම ඉන්න... "

Jk-" ඇ-ඇයි...."

" N-news ...."

ටේහ්‍යුන්ග් ඇහිබැම අකුලලා, පෝන් එක අරන් news play කරා.

' අද රාත්‍රියේ පාලු , පාරක් අයිනේ වයස අවුරුදු 17ක පමණ තරුණියක් ඝාතනය කර ඇත. එම තරුණියගේ බෙල්ලේ දත් පාරවක් කීපයක් හේතුවෙන් සැක කරන්නේ වැම්පයර් ප්‍රහාරයකට ලක් ඌ තරුණියක් ලෙසයි.
කෙසේ නමුත් CCTV දර්ෂන මගින් , එම තරුණිය තරුණයෙක් සමග අවසන් වතාවට කතා කර කර සිටින ආකාරයත්, එම තරුනයා බලෙන්ම වාහනයට~~~~~~'

ටේහ්‍යුන්ග් ඉක්මනට news off කරා. ජන්කුක් පවා හිටියේ ඒ news එක අහගෙන.

Jk-" දෙ-දෙවියනේ වැම්පයර් කෙනෙක් , කාව හරි මරලද ? H-hubby ... ම.මට බයයි. අපි ඉක්මනින් යමු... ආයේ ගෙදර යමු.... "

ඩේවිඩ් ඉස්සරහින් වාහනේට නැගලා වාහනේ ස්ටාර්ට් කරා. ටේහ්‍යුන්ග් ජන්කුක්ව ඔඩොක්කුවට ගත්තා.

TH-" අපි ගෙදර යන් නෑ princess ... අපි දැං යන්නේ අපේ mansion එකට ...  "

ඩේවිඩ් වාහනේ ස්ටාර්ට් කරන් වේගෙන් drive කරන්න ගත්තා.

Jk-" අපි .. අපි කවද්ද ආයේ එන්නේ ? "

ජන්කුක් , එයාගේ මූන ටේහ්‍යුන්ග්ගේ උරහිස් මත හේත්තු කරන් ඇහුවා.

TH-" කවදාවත් නෑ...."

ටේහ්‍යුන්ග්ගේ හඩේ තිබ්බේ ගැඹුරු ස්තීර බවක්.

කවදාවත් නෑ ?









# To be continue #

______________________________________

A/N ලියන්න මට වෙලාවක් නෑ.  ඒත් මං images ටික දාන්නම්.🙂

🍁Marivok🍁

Weiterlesen

Das wird dir gefallen

236K 23K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
8.3K 1K 23
Jungkook Atlas Francis - Taehyung Rowan Elliot
10.6K 1.9K 20
ජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️
153K 8.2K 17
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။