฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ [Completed] ||Tae...

Par moonflower_9597

82.3K 15.7K 10.7K

කළු රෝස.. ගැලපෙන්නෙ නෑ නේද? රෝස මලක් අනිවාර්යයෙන්ම රෝස හෝ රතු පාට වෙන්නම ඕනෙ. වෙන වෙන පාට රෝස තියෙනවා තමයි... Plus

Chapter 1
Chapter 2
Characters
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
2/2/2023 - TK
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Epilogue

Chapter 31

1.7K 383 77
Par moonflower_9597

මින්ජුන්.. ජන්ග්කුක්ගෙ අප්පගෙ මල්ලි.. මල්ලි කිව්වට එක කුස උපන් සහෝදරයෙක් නෙවෙයි. මින්ජුන් කියන්නෙ හ්‍යුන්සුක්ගේ දුරින් නෑකමක් තියෙන ඥාති සහෝදරයෙක්. එයාගෙ අප්පගෙ කතාවෙන් පස්සෙ ජන්ග්කුක්ට තේරුණා මින්ජුන් මුල ඉඳන්ම එයාලගෙ පවුල විනාස කරලා කියලා. ටේහ්‍යොන්ග්ගේ ජීවිතය වගේම මීරාගෙ ජීවිතය ගැන කියලා තර්ජනය කරපු නිසා ජන්ග්කුක්ට සිද්දවුණා අකමැත්තෙන් උනත් එයා මේ හැමදේටම සම්බන්ධයි කියලා ටේහ්‍යොන්ග් ඉස්සරහ පිළිගන්න.
ඔව්, ජන්ග්කුක් හැමදෙයක්ම කරේ මින්ජුන් එයාට තර්ජනය කරපු නිසා. Bulletproof gang එක ෆලෝ කරන්න පටන් ගත්තු දවසෙ ඉඳන් මින්ජුන් ජන්ග්කුක්ව එයාගෙ ගෙදරම හිරකරගෙන හිටියෙ. ජන්ග්කුක්ගෙ ෆෝන් එක පවා තිබුණේ මින්ජුන්ගෙ ගෝලයො අතේ. ජන්ග්කුක්ට එයාගෙ ගෙදරින් පිටවෙන්න කිසිම අවසරයක් තිබුණේ නැහැ. ජන්ග්කුක්ට කාවවත් හම්බවෙන්නවත් මින්ජුන්ගෙ ගෝලයෝ ඉඩදුන්නෙ නැහැ. මීරාව පවා මින්ජුන් වෙනම තැනක හංගලා තිබුණා.
ඒ නිසයි ජන්ග්කුක් එයාගෙ අප්පා කෝල් කරපු වෙලාවෙ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් දේහ්‍යුන්ට එයාගෙ location share කරේ. ඒ වගේම අප්පා ලව්වා මීරාව බේරගන්න කටයුතු කරේ. මොකද ජන්ග්කුක්ට තේරුණා මින්ජුන්ගෙ කතාවෙන් සහ හැසිරීමෙන් හ්‍යුන්සුක් මේ දේවල් වලට සම්බන්ධ නෑ කියලා. අප්පා කතාකරලා මීරාට එන්න කිව්වම මින්ජුන්ට සිද්ද වෙනවා අනිවාර්යයෙන්ම මීරාව ආපහු ජන්ග්කුක්ගෙ ගෙදරට ගිහින් දාන්න. ඒ වගේම ජන්ග්කුක් හ්‍යුන්සුක්ගේ ගෙදර යන්න තීරණය කරෙත් එතකොට එයාට ආයෙමත් එයාගෙ නිදහස ලැබෙන නිසා.

ජන්ග්කුක් බොළඳයි.. ආදරේ ළඟදි ඉක්මනට රැවටෙනවා. හැබැයි එහෙමයි කියලා ජන්ග්කුක් කියන්නෙ මෝඩයෙක් නෙවෙයි. ඉතින් මුලදි මින්ජුන්ට රැවටුනා උනත් මින්ජුන්ගෙන් එයාගෙ ටේහ්‍යොන්ග්ව බේරගන්න ජන්ග්කුක් මේ වෙලාවෙ ලොකු ප්ලෑන් එකක් ගැහුවා.

"පුතා.. මට පොඩි වැඩ වගයක් කරන්න තියෙනවා. ඔයාට පුළුවන් නේද මම එනකම් ගෙදරට වෙලා ඉන්න." හ්‍යුන්සුක් ගෙදරට ආවට පස්සෙ ජන්ග්කුක්ගෙ අත් දෙකෙන් අල්ලගෙන ඇහුවම ජන්ග්කුක් ඔලුව වැනුවා.

"මං අප්පා එනකම් ඉන්නම්." ජන්ග්කුක් එයාගෙ හුරතල් බනී හිනාවෙන් කිව්වම හ්‍යුන්සුක් ටිකවෙලාවක් ජන්ග්කුක් දිහා බලාගෙන ඉඳලා ජන්ග්කුක්ව පරිස්සමට වැළඳ ගත්තා. සෑහෙන කාලෙකට පස්සෙ ලැබෙන ඒ උණුහුමට ගුලිවෙලා ජන්ග්කුක් ඇස් පියාගනිද්දි හ්‍යුන්සුක් ජන්ග්කුක්ගෙ හිස් මුදුන සිපගත්තා.

"මං එනකම් ඔයා බලන් ඉඳියි කියලා මං බලාපොරොත්තු වෙනවා." හ්‍යුන්සුක් කිව්වම වැඩිය ඒ ගැන නොහිතපු ජන්ග්කුක් හිනාවෙලා ඔලුව වැනුවා. ඒ හුරතල් හිනාව දිහා ලෝභකමින් ටිකවෙලාවක් බලාගෙන හිටපු හ්‍යුන්සුක් ආපහු හැරුණෙ ඒ පිරිමි ඇස් වේදනාවෙන් ඇදුම් කනවා දැනෙද්දි.

හ්‍යුන්සුක්ගේ කාර් එක ගේට් එකෙන් පිටවෙන දිහා බලාගෙන හිටපු ජන්ග්කුක් එයාගෙ ෆෝන් එක හ්‍යුන්සුක්ගේ කාමරේ තිබුණු ලාච්චුවකට දාලා ලොක් කරලා ආයෙමත් එළියට ඇවිත් කාටවත් පේන්නෙ නැති විදිහට හ්‍යුන්සුක්ගේ mansion එකෙන් එළියට පැනගත්තා. පාරෙ තිබුණු පොදු දුරකථන කුටියකින් කෙනෙක්ට කෝල් කරපු ජන්ග්කුක් එළියට ඇවිත් නොඉවසිල්ලෙන් පාරදිහා බලාගෙන හිටියා. එයාගෙ ෆෝන් එක පාවිච්චි කරලා මින්ජුන් එයා කරන දේවල් හොයාගනියි කියන බය නිසයි ජන්ග්කුක් එයාගෙ ෆෝන් එක පාවිච්චි නොකරන්න තීරණය කලේ.

පැය බාගෙකට විතර පස්සෙ වේගයෙන් ආපු වාහනයක් ජන්ග්කුක් ළඟ නතරවෙද්දි ජන්ග්කුක් ඉක්මනට ඒ වාහනේට නැග්ගා. ජන්ග්කුක් ගොඩ උනාට පස්සෙ ආයෙමත් ඒ වාහනේ අධික වේගයෙන් ඉදිරියට ඇදෙන්න පටන් ගත්තා.

"මට සමාවෙන්න දේහ්‍යුන් අප්පා.." වාහනේට නැගපු ගමන් ජන්ග්කුක් දේහ්‍යුන් දිහා බලලා කිව්වම දේහ්‍යුන් ජන්ග්කුක්ගෙ අතකින් අල්ලගත්තා.

"මොකද්ද උනේ දරුවො?" දේහ්‍යුන් අහද්දි ජන්ග්කුක් වාහනේ හිටපු යොන්ජන්, ජිමින්, ජින් දිහා වගේම වාහනේ එළවන පොලිස් නිලධාරියා දිහත් බලලා ලොකු හුස්මක් උඩට ගත්තා.

"මේ හැමදෙයක්ම පිටිපස්සෙ ඉන්නෙ අර මින්ජුන් කියන ජරා මිනිහා.. ඒ මිනිහට මම රැවටුණා.." එතන ඉඳන් ජන්ග්කුක් සම්පූර්ණ විස්තරේම කට්ටියට කිව්වා.

"කුකී ඔයාට හොඳටම විශ්වාසයිද අපේ අය ඉන්නෙ ඔයා එවපු location එකේ කියලා?" ජින් ඇහුවම කට්ටියම ආයෙමත් ජන්ග්කුක් දිහා බැලුවා.

"ඔව් හ්‍යොන්ග්.. මොකද මම එතන ඉද්දිමයි ඒක ශෙයා කරේ. හැබැයි අපි ඉක්මන් නොකරොත් අර මිනිහා හ්‍යොන්ග්ලව වෙන තැනකට මාරු කරයි."

"අපි පුළුවන් ඉක්මනට එතනට යන්න බලමු." ජිමින් කිව්වම ජන්ග්කුක් ඔලුව වැනුවා.

"ඒත් මින්ජුන්ගෙ මිනිස්සු එක්ක අපිට විතරක් හැප්පෙන්න පුළුවන්ද? මම.. මම ඇත්තටම කවදාවත් කා එක්කවත් ෆයිට් කරලා නෑ. හැබැයි මට boxing පුළුවන්." ජන්ග්කුක් තොල් උල් කරන් අන්තිම ටික කියද්දි කට්ටියටම හිනාගියා.

"අපේ සෙට් එකක් පොලිසියත් එක්ක අපිට පිටිපස්සෙන් එනවා.. ඒ නිසා බයවෙන්න දෙයක් නෑ ඔයාට." දේහ්‍යුන් හිනාවෙලා ජන්ග්කුක්ගෙ කොණ්ඩෙ ඇවිස්සුවා.

"එයාලට මුකුත් වෙලා නැතුව ඇති නේද?" යොන්ජන් අහද්දි ජන්ග්කුක් බිම බලාගත්තා.

"එයාලා හොඳින්...අනිවාර්යයෙන්ම උන්ට ඕනෙ දේ වෙනකම් අපේ අයගේ ජීවිත වලට කරදරයක් උන් කරන්නෙ නෑ." මේ වගේ දේවල් සම්බන්ධයෙන් ගොඩක් අත්දැකීම් තියෙන කෙනෙක් උනු දේහ්‍යුන් එහෙම කිව්වම යොන්ජන් සැනසුම් සුසුමක් පිටකරා.

පැය දෙකකට අධික කාලයකින් පස්සෙ කට්ටියම ළඟා උනේ සෝල් නුවරින් ටිකක් ඇතුලට වෙන්න පිහිටි කැලේකට. කැලයක් උනත් ලොකු වාහනයක් යන්න පුළුවන් විදිහට පාර හදලා තිබුණු නිසා වාහනේ කෙලින්ම ඉස්සරහට අරගෙන යන්න කට්ටිය තීරණය කරා. බුද්ධි අංශ නිළධාරීන් වගේම පොලිසියත් තීරණය කරේ හදිසි ප්‍රහාරයක් දියත් කරන්න.

කැලයේ මැද්දට වෙන්න පිහිටලා තිබුණු කළු පැහැ විශාල ගොඩනැගිල්ල ඈතින් දකිද්දි කට්ටියම වාහනෙන් බැහැලා ඉතුරු ටික පයින් යන්න තීරණය කලා. ඒ වගේම එකම දිශාවකින් පහර නොදී ගොඩනැගිල්ල වටකරලා පහර දෙන්න දේහ්‍යුන් අණ ලබාදුන්නා.

දේහ්‍යුන් ඇතුලු පිරිසගේ අනපේක්ෂිත ප්‍රහාරයත්, නිළධාරීන්ගේ දක්ෂ බවත්, දේහ්‍යුන්ගෙ පිරිස වැඩිවීමත් කියන කාරණා නිසාවෙන් කෙටි කාලයක් ඇතුකත මින්ජුන්ගෙ මැරයන්ව අඩපණ කරන්න දේහ්‍යුන් ඇතුලු පිරිසට හැකියාව ලැබුණා.

ජිමින් මේ හැමදෙයක්ම එයාගෙ කැමරාවෙ සටහන් කරගත්තෙ මේ දේවල් අනිවාර්යයෙන්ම පසුවට අවශ්‍ය වෙන බව ඔහු දැනසිටි නිසාවෙන්.

දෙපිරිස අතර සිදුවුණු වෙඩි තැබීම් වලින් මින්ජුන්ගෙ පිරිස අඩපණ කරායින් පස්සෙ දේහ්‍යුන් ඇතුළු පිරිසට හැකියාව ලැබුණා ගොඩනැගිල්ලට ඇතුල් වෙන්න. ඒ වගේම ජන්ග්කුක් නිසා ටේහ්‍යොන්ග් ඇතුළු පිරිස හිරකරලා තිබුණු කාමරේ හොයාගන්න ඒ අයට අපහසු උනේ නැහැ.

"අපිත් යනවද?" ජන්ග්කුක් ඇහුවෙ දේහ්‍යුන් අනිත් නිළධාරීන් එක්ක ටේහ්‍යොන්ග්ලව හිරකරලා තිබුණු කාමරේ ඉස්සරහ ආරක්ෂාවට ඉන්න මැරයෝ එක්ක සටන් කරන දිහා බලාගෙන.

"පොඩ්ඩක් ඉන්න.. මම ලීසාට මැසේජ් එකක් දැම්මා මට ලයිව් අරන් දෙන්න කියලා.. මේ සිද්ධිය අපි මුළු රටටම පෙන්නමු." ජිමින් එයාගෙ කැමරාව ෆෝකස් කරන ගමන් කිව්වා.

ඒත් එක්කම ඒ ඉස්සරහා තිබුණු කාමරේ දොර ඇරගෙන ආවෙ මින්ජුන් සහ ජනාධිපති ලේකම්. මින්ජුන් ජන්ග්කුක්ගෙ අතකින් ඇදලා අරන් ජන්ග්කුක්ගෙ ඔලුවට පිස්ටල් එක තියද්දි ජින් බයෙන් ගැස්සිලා ගියත් ජන්ග්කුක්ගෙ අතකින් අල්ලගන්න එයා උත්සාහ කරා.

"STOP IT!" මින්ජුන් ජින්ව ජන්ග්කුක්ගෙන් එහාට තල්ලු කරන ගමන් කෑගැහුවම සටනේ අවසන් අදියරේ හිටපු දේහ්‍යුන් ඇතුලු පිරිස කලබලෙන් මින්ජුන් දිහාට හැරුණා.

"උඹලට මූව පණපිටින් ඕනෙනම් දැන්ම ආයුධ බිම දාලා යටත් වෙයව්!" මින්ජුන් කෑගහද්දි දේහ්‍යුන් නිහඬවම අත්දෙක ඉස්සුවම අනිත් අයත් දේහ්‍යුන්ව අනුගමනය කරලා අතේ තිබුණු තුවක්කු බිමට දාලා අත් ඉස්සුවා.

"මට යන්න දෙනවා.. තමුසෙ මහ ජරා මිනිහෙක්! අප්පවත්‍ රවට්ටලා... තමුසෙ මගෙ පවුල විනාස කරා." ජන්ග්කුක් මින්ජුන්ගෙ ග්‍රහණයෙන් ගැලවෙන්න උත්සාහ කරන ගමන් කෝපයෙන් කෑගැහුවා.

"ඔහ්! අන්තිමට එහෙනම් ඔයා හැමදෙයක්ම තේරුම් ගත්තා. ඒත් ඉතින් දැන් ඒ දේවල් වලින් වැඩක් නෑ. මොකද මම මට ඕනෙ කරන දේවල් දැනටමත් ලබාගෙන ඉවරයි. අනික තමුසෙගෙ මෝඩ අප්පගෙ ගිනුමට තමයි මේ හැමදෙයකම වැරැද්ද පැටවෙන්නෙ. ඒ නිසා උඹලා එකතුවෙලා හ්‍යුන්සුක්ට නඩු දැම්මා කියලා මට කොහොමත් පාඩුවක් වෙන්නෙ නෑ. හහ් හා!" මින්ජුන් මහ හයියෙන් හිනාවෙද්දි ජන්ග්කුක්ගෙ ඇස් කෝපයෙන් රත්පැහැ ගැන්වුණා.

"උඹට වෙනම කියන්න ඕනෙද?? උඹේ බෑනව බේරගන්න ඕනෙ නම් දැන්ම ඔය තුවක්කුව පාතට දාපන්." මින්ජුන් ආයෙමත් කෑගහද්දි  ජන්ග්කුක්ගෙ ඇස් දිහා එක කෙලින් බලාගෙන දේහ්‍යුන් එයාගෙ අත් උස්සගෙන ඉද්දිම තුවක්කුව බිමට අතෑරියා.

දේහ්‍යුන්ගෙ ඇස් වලින් අදහස් කරපු දේ තේරුම් ගන්න ජන්ග්කුක්ට පුළුවන් උනේ සමහරවිට ඒ ඉන්නෙ ටේහ්‍යොන්ග්ගේ අප්පා උනු නිසා වෙන්නැති. ඉතින් දේහ්‍යුන් තුවක්කුව අතාරිනවත් එක්කම ජන්ග්කුක් එයාගෙ වැළමිටෙන් දේහ්‍යුන්ගෙ සයිඩ් එකකට තදින් ගැහුවා. මින්ජුන්ගෙ අවදානය ඒත් එක්ක වෙනස් වෙද්දි දේහ්‍යුන් ඉක්මනට පාත්වෙලා තුවක්කුව බිමට වැටෙන්න කලින් ආයෙමත් අල්ලගෙන ඒ තත්ත්පරේම මින්ජුන්ගෙ කකුලට වෙඩි තිබ්බේ හ්‍යුන්සුක්ගේ ලේඛම් බයෙන් කෑගහගෙන බිමට ඇදගෙන වැටෙද්දි. තත්පර ගානක් ඇතුලත සිද්දවුණු මේ සිදුවීම හරි අපූරුවට මුළු රටටම පේන්න විකාශය වෙමින් තිබුණේ ජිමින් නොදැනුවත්වම ඒ වෙද්දි ලීසා ජිමින්ට එයාලගෙ නාලිකාවට live access එක ලබාදීලා තිබුණු නිසා.

ජින් ඒ තත්පරේම ජන්ග්කුක්ව ඇදලා අරන් එයාට තුරුල් කරගත්තා. මින්ජුන්ගෙ අතින් තුවක්කුව අතෑරෙද්දි මින්ජුන් ඒ ළඟ තිබුණු බිත්තියට වාරු වුණා. දේහ්‍යුන්ගෙ අණත් එක්ක බුද්ධි අංශ නිළධාරීන් කීපදෙනෙක් මින්ජුන්වයි, ජනාධිපති ලේකම්වයි මාංචු දාලා අත්තඩංගුවට ගත්තා.

යොන්ජන් ඒ අතරේ ඉක්මනට ටේහ්‍යොන්ග්ලව හිරකරගෙන හිටපු කාමරේට දුවද්දි අනිත් අයත් යොන්ජන් පිටිපස්සෙන් කාමරේට දුවගෙන ආවා.

"සූබින්!"

"යොනී.." යොන්ජන්ව දකිද්දි සූබින්ගේ ඇස් වලින් කඳුලු වැක්කෙරෙන්න ගත්තා.

"ඔයාට කරදරයක් නෑ නේද මැණික.. මම හොඳටම බයවුණා." යොන්ජන් සූබින්ව තදකරලා බදාගත්තම සූබින් යොන්ජන්ගෙ බෙල්ලෙ මූණ හංගගෙන අඬන්න පටන් ගත්තා.

"නෑ...මට කරදරයක් නෑ. ඒත් මම නිසා හ්‍යොන්ග්ලට වැඩියෙන් ගුටිකන්න උනා." සූබින් කඳුලු නවත්තගන්න උත්සාහ කරන ගමන් කියද්දි යොන්ජන් ඔලුව උස්සලා අනිත් අය දිහා බැලුවා.

ජිමින් හිටියෙ සුගාව තුරුල් කරන්.. ජින් නම්ජුන්ව තුරුල් කරගෙන ඉද්දි ජන්ග්කුක් දුරට වෙලා දේහ්‍යුන්ගෙ තුරුලෙ ඉන්න ටේහ්‍යොන්ග් දිහා බලාගෙන ඉන්නවා. ඒ බෝල ඇස්වල කඳුලු..

යොන්ජන්ට තේරුණා හොබී, සුගා, නම්ජුන් සහ ටේහ්‍යොන්ග් හතරදෙනාගෙම තත්ත්වය ටිකක් නරකයි කියලා. පෙනුනු විදිහට ඒ අයට සිහියක් තිබුණෙත් නැහැ. ඒ වගේම කට්ටියම හිටියෙ සම්පූර්ණයෙන්ම ලේ වලින් නෑවිලා.

"අපි පුළුවන් ඉක්මනට මෙයාලව hospital එකකට අරගෙන යමු." දේහ්‍යුන් කිව්වම පොලිස් නිළධාරීන් කීපදෙනෙක් ඇවිත් හොබී, නම්ජුන්, සුගා සහ ටේහ්‍යොන්ග්ව බැමි වලින් නිදහස් කරලා පරිස්සමට එළියට අරගෙන ගියේ තවත් නිලධාරියෙක් ambulance එකකට කෝල් කරන අතරේ.

සූබින්ට තුවාලයක් වෙලා තිබුනෙ නැති නිසා සූබින්ගෙ ඉල්ලීමට අනුව දේහ්‍යුන් එයාට යොන්ජන් එක්ක යන්න අවසර දුන්නා.

අවසානයෙදි ඒ විදිහට ටේහ්‍යොන්ග් ඇතුළු පිරිස බේරගන්න වගේම මින්ජුන්ව අත්තඩංගුවට ගන්න දේහ්‍යුන් ඇතුලු පිරිස සමත් වුණා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

~To be continued~

කලින් චැප් එක නිකන් කරකවලා අතෑරියා වගේද😜 අනේමන්දා මට එහෙම ලියවුණා.. කොහොමත් මං අතින් අනිවාර්යයෙන්ම දෙමව්පියෝ හොඳ අය වෙනවා අන්තිමට. ඒක කොහොම වෙනවද මන්දා.. ඒත් දෙමව්පියන්ට වෛර කරන විදිහට මට කතාවක් ඉවර කරන්න අමාරුයි.
සහ මට ඉක්මනට මේ චැප්ටර්ස් ටික ඉවර කරන්න ඕනෙ උනා. ඊළඟ චැප්ටර් එකේ ඉඳන් ආයෙමත් ටේකුක් දෙන්නා එකට ඉඳියි දැන්🙈❤️

Award nomination එකට මාව mention කරපු අයට ආයෙමත් තෑන්ක්ස්❤️ මටත් ඉන්නවා ගොඩ දෙනෙක් mention කරන්න. ඒත් මං දන්නවා මං අතින් එක්කෙනෙක් හරි මගෑරුනොත් ඒ අයට දුක හිතෙනවා කියලා. ඒ නිසයි මං කවුරුත් mention නොකරේ☹️ මගෙ reading lists ටික තමයි ඉතින් මම ඒ අයව අගය කරන්න පාවිච්චි කරන්නෙ💜️

අනේ ඊයෙ jin hyung හොබීට happy birthday කිව්වා😭❤️

දන්නවද මං එයාලට ආදරේම ඔන්න ඔය ගති නිසා. එයාලා එයාලට පුදුම තරම් ආදරෙයි. අනික කවදාවත් එයාලා එයාලට ඉරිසියා කරන්නෙ නෑ. හැමවෙලේම අනිත් කෙනාව අගය කරනවා.. උදව් කරනවා. අපිට ඒ අයගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙයි. උදාහරණයක් විදිහට කුකී ගත්තොත්.. එයා හැම පැත්තකින්ම ගොඩක් දක්ශයි.. ඒත් අදටත් එයා එයාගෙ අයියලට කීකරුයි. කටපුරා අයියා කියලා කතාකරන්න තරම් නිහතමානියි. එක අතකට එයා හැදුනේ ගොඩක් හොඳ අයියලා ටිකක් එක්ක. ඉතින් එහෙම වෙන එක පුදුමයක් නෙවෙයි. ඇත්තටම ඒ අය අතර තියෙන්නෙ මහ පුදුම බැඳීමක්. ඒක මට වචනෙන් කියන්න තේරෙන්නෙ නෑ. මං හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ  කවදාවත් ඒ බැඳීම කැඩෙන්න එපා කියලා💜️

19/02/2023

Continuer la Lecture

Vous Aimerez Aussi

1K 158 8
ආදරයෙන් පැරදුණත් ජිවිතය ලස්සනට දිනපු ඒත් පුංචි පැටියෙක් එක්ක තනිවෙලා ජිවත් වෙන තරුණයෙක් ජිවිතේ හොදම කාලේදී ජිවිතය සම්පූර්ණයෙන්ම වරද්දගෙන ඒ වැරදීමම හය...
HYUNG Par Kavi_TK

Roman d'amour

11K 1.6K 28
හුංගි (කුකී) ආ- මොන මගුලක්ද මේක දැන් නම් මට හොදටම එපා වෙලා තියෙන්නේ. Don't call me hyung baby call me daddy Top tae Bottom kook Taekook Sinhala ff ...
701K 21.1K 44
This description is terrible!! Just have a read and see if you like it!! Your popular, she's a nobody! Your bad, she's good! No one would ever expect...
196K 7.3K 36
Started: February 26, 2023